ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

29 January, 2012

හැටට හැටේ යන්න එපා... (Face book දුකක් මට)

අද මම දාන්න උන්නු පොස්ට් එකක් නම් නෙමේ මේක..

ඒත් මගේ හිතට ගොඩාක් දුක හිතුන දවසක්....

ෆේස් බුකිය මට සමහර දේවල් ගොඩාක් දෙනවා මගේ ජිවිතේට... මේ මට ෆේස් බුකිය දුන්නු දුකක්..

සාමානයෙන් මට ගොඩාක් ස්පිඩ් චැට් කරන්න බැ මගේ නෙට් කනෙක්ශන් එකත් එක්ක...
ඒ හින්දා ගොඩාක් වෙලාවට චැට් කලත් සමහර අයට මම ඉන්නකොට මාව පෙන්නේ ඕෆ් ලයින් විදිහට.. ඉතින් මම ගොඩක් යාලුවෝ එක්ක ඉන්නේ ෆේස් බුකියේ නම් මැසේජ් වලින් තමයි..

එහෙම අදුන ගත්තු ගොඩාක් යාලුවෝ මගේත් එක්ක දුකේදි සැපේදි ඉන්න එක ගැන මට ගොඩාක් සතු‍ටුයි..

මේ කියන යාලුවාත් එහෙම කෙනෙක්...

සමාජයේ වැදගත් කියන ආයතනයක ‍රැකියාවක් කරන මේ පුද්ගලායාගේ ‍රැකියා ස්ථානය කොළබ උනාට ගෙවල් තියෙන්නේ ටිකක් දුර පලාතක...

මිට සතියකට විතර කලින් දවසක් ‍රැ 7ට විතර ෆේස් බුක් එකට ආපු යාලුවා.. මචන් මම දැන් ,.......... මගේ ගමට යන්න යනවා බයික් එකේ

මම: උබට පිස්සුද බන් මේ මහ ‍රැ ඔය තරම් දුරක් බයික් එකේ යන්න..

යාලුවා : සති ගානකින් ගෙදර ගියේ නැ බන් ඒකයි..

මම : උබට ගමට යන්නම ඕනේ නම් මචන් බස් එකේ පලයන්.. ඔහොම හිතුවක්කාර වෙන්නේ නැතුව

යාලුවා : බැ බන්.. බයික් එකේ ගමන මට ශුවර්.. අනික බස් ගාටනවා බන්.. අනිතිම කිලෝමිටර් තුන් නැත්නම් මට පයින් යන්න වෙන්නේ..

මම : එහෙමනම් පරිස්සමින් ගිහින් වරෙන්.................................

ඔය සිදුවිම වෙලා සතියක් වුනා.. ගෙදරට ඉන්ටනෙට් නැති නිසා කොහොමත් දවස් තුන හතරකින් මුකුත් දැන ගන්න ලැබුනේ නැ මට..

මගේ හිතට දුක දැනෙන ඒ සිද්දිය උනේ ඊයේ ‍රැ... යාලුවා එක පාරම ඊයේ ඔන් ලයින් ආවා..

මචන් මට පොඩි කරදරයක් උනා.. එදා මාව ඇක්සිඩන්ට් උනා බන්.. මගේ එක කකුලක් කපන්න උනා................

මාව සිතල උනා...... ඇත්තටම මොනවා උනාද කියලා මට තෙරුනේ නැ...

මම මොකක්............. කියලා අහනකොටම මම පස්සේ එන්නම් බන් ඇවිත් කියන්නම් කියලා යන්න ගියා...

පව් එදා බස් එකේ ගියානම් ඔහොම වෙන්නේ නැනේ.. කොහොම උනත් එදා ගොඩාක් වේගයෙන් ගියා කියලා මම දන්නවා. ඉක්මනටම යන්න තමයි උවමනව.. ඒත් ඒ හින්දා අද ජිවිත කාලෙටම කකුලක් නැතුව ඉන්න වෙනවා

ඇත්තටම ඔයාලත් මේ දේ කරනවා නේද බයික් පදින වාහන වල යන හැමෝම

‍රැකියාවට යනකොට පරක්කු වෙයි කියලා බයේ ගොඩාක් වේගයෙන් යන අවස්ථා ගොඩයි නේද? ඇත්තටම පරක්කු වෙලා ගියා කියලා ඔයාට මොකද වෙන්නේ හැමදාම ඔයා පරක්කු නොවෙන නිසා ආයතනයෙන් ඔබව ‍රැකියාවෙන් ඉවත් කරයිද නැනේ.. ඔන්ක ඕඅ නම් ආයතන ප්‍රධානියා වචනයක් දෙකක් කියයි.. ඒක ඕබේ අත පයක් නැතිවෙනවාට වඩා ඔබට වේදනාවක්ද?? නැ නේ.. පොඩ්ඩක් හිතන්න ඔබේ රථයේ මිටරය ඉහල වෙග සිමාවකට දාගන්න කලින්...

ඔබේ ජිවිතය වටින්නේ ඔබට විතරක්මද?? ඔබේ මව්පියන්. සහෝදර සහෝදරියන්. බිරිද පෙම්වතිය දු දරුවන්. නැදැයන් යහලුවන් වැඩ පරිසරය.. ඔය ඔක්කොටම ඔබව වටිනවා.. ඉතින් පොඩ්ඩක් හිතන්න (මගේ ෆේස් බුක් යාලුවාගේ ආදරයට මම දන්න විදිහට අවුරුදු 7ක් විතර ලබන අවුරුද්දේ බදින්න උන්නේ, කෙල්ල කොල්ලව දාලා යන එකක් නම් නැ.. එත් පරිස්සම් උනා නම් අද දෙන්නා ගොඩාක් සතුටින්)

වේගයට එලබෙන්න කලින්... වෙගයෙන් නොගිහින් නැතිවෙන්න පුලුවන් මොනවද කියලා.. ඔබට හිතෙවි වේගයෙන් ගිහින් ඔබ නැති කරගන්න දේවල් වලට වඩා ගොඩාක් වටින වැදගත් දේවල් ඔබේ පරිස්සම තුලින් ජිවිතයට එකතු කරගන්න පුලුවන් කියලා...

ප.ලි : මම මේ ටිකේ ගොඩාක් බ්ලොග් කියවන්න උනේ නම් නැ.. පුලු පුලුවන් වෙලාවට ඒවට එන්නම්..

52 comments:

  1. හෙමින් ගියත් වෙන්න තියෙන දේ වෙනවා.. අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ. සියළු දෙනාම ඒ විදියට යන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. මෙහෙම දෙයක් තියනවා අයියා එතන.. අපි වේගෙන් ගිහින් එන අනතුරට වඩා අඩු අනතුරක් තමා අපිට භෙමින් යනකොට වෙන්නේ. මොකද අපිට පාලනය කරගැනිමේ හැකියවා වැඩියි.. එතකොට... අපිට අනිත් අයව හදාගන්න බැරි උනත් අපි පුලුවන් විදිහට පරිස්සම් වෙන්නම ඕනා

      Delete
  2. වෙලාව තමා බං...

    ReplyDelete
    Replies
    1. එක නම් එහෙමයි කියලා හිතෙනවා.. මට දුක මට යනවා කියලාත් කොහොමවත් එක නවත්වගන්න බැරි උන එකයි බන්

      Delete
  3. වෙලාව තමා බං

    ReplyDelete
  4. Hmmmm................

    ReplyDelete
  5. දැන්නං මට ස්පීඩ් වැඩිවෙනකොටම ඔයවගේ එකක් හිතිලා ඉබේම අඩුවෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම මේක දැම්මෙත් එහෙම හැගිමක් මට වගේම අනිත් අයටත් දැනෙන්න කියලා...

      Delete
  6. මම ආසම වාහනය මෝටෝ බයිසිකලය . එත් ලංකාවේ ඒක අනතුරු දායක වෙලා තියන හැටි දැක්කාම ඒ වැඩේ අත්හැරල දැම්මා , විශේෂයෙන් ගොඩක් ඉන්දියානු බයිසිකල් නිෂ්පාදනය කරල තියෙන්නේ ජනඝහන පාලනයටද කියල හිතෙන තරම් අනාරක්ෂිතයි . වැලි ගොඩක් , බ්‍රේක් පාරක් ඇති ජීවිතෙන්ම සමු ගන්න . අනික ගොඩක් මෝට බයිසකල් පාරේ යන විදිහට බයිසිකල් -බයිසිකල් ගැටුමක් වෙන්න තිය ඉඩ කඩ සැහෙන්න වැඩියි (එහෙම ඒවාත් ඇති ප්දම් දැකල තියෙයි )
    ත්‍රිවිල් ප්‍රයිවෙට් බස් සහ වැලි ලොරිත් බයිසිකල් කරුවන්ගෙ මාරයෝ. මම නම් කියන්නෙ හිමින් වත් හයියෙන්වත් මොටො බයිසකලයේ ගමන අවධානම . යනව නම් අඩුම තරමේ නියමිත බර තියන ප්‍රමිතියකට හදපු ජපන් බයිසිකලයක් (යමහා , හිරෝ හොන්ඩත් නරකම නැහැ ) නම් තව ටිකක් හරි ආරක්ෂිතයි

    ReplyDelete
    Replies
    1. අනේ බන් බයත් හිතෙනවා, මාත් යන්නේ ප්ලැනා එකක... මමත් බර නැ.. එක පාරකුත් උනනේ අනතුරක්.. එත් කොහොම උනත් හැම මොහොතකම අවධානය ඕනමයි...

      Delete
  7. '' කෙල්ල කොල්ලව දාලා යන එකක් නම් නෑ ''
    ඒක නම් ෂුවර් නෑ පුතෝ...
    කොහොම වුනත් කණගාටුදායක සිද්දියක්. මෝටබයික් නම් ඉතා හානිකර දෙයක් [මමත් සමහර වෙලාවට භාවිතා කළත්]
    ඔය වගෙම අනතුරකදි [බයික් නෙවේ] මගෙ යාලුවෙකුගෙ කකුල් දෙකම කපන්න වුනා. එදා මට ඇතිවුන හැඟීම් ලියල ඉවරකරන්න බෑ. මලයගෙ වේදනාව මට හොඳට වැටහෙනවා.
    මිනිස්සු පරෙස්සම් වෙන්නෙ නැති හැටි.

    ReplyDelete
    Replies
    1. මම අද ඒ ගැන නම් පොඩ්ඩක් හොයලා බැලුවා.. කෙල්ල නම් තාම එහෙම අවුලක් නැ.. ගෙවල් වලිනුත් දැන ගෙන තිබුනු සම්බන්දයක්... කෙල්ල වෙනස් නොවෙන්න කියලා පැතුවත් කෙල්ලට තමා එක තිරනය කරන්න දෙන්න වෙන්නේ... කොල්ලත් කියන්නේ එහෙමයි.. දුකයි බන් ගොඩාක්

      Delete
  8. '' කෙල්ල කොල්ලව දාලා යන එකක් නම් නෑ ''
    ඒක නම් ෂුවර් නෑ පුතෝ...
    කොහොම වුනත් කණගාටුදායක සිද්දියක්. මෝටබයික් නම් ඉතා හානිකර දෙයක් [මමත් සමහර වෙලාවට භාවිතා කළත්]
    ඔය වගෙම අනතුරකදි [බයික් නෙවේ] මගෙ යාලුවෙකුගෙ කකුල් දෙකම කපන්න වුනා. එදා මට ඇතිවුන හැඟීම් ලියල ඉවරකරන්න බෑ. මලයගෙ වේදනාව මට හොඳට වැටහෙනවා.
    මිනිස්සු පරෙස්සම් වෙන්නෙ නැති හැටි.

    ReplyDelete
    Replies
    1. සිරාවටම එහෙම වෙන්නේ අපේම වැරද්දකින් කියලා කියන්නත් බැ බන්.. මොකද මට උන අනතුර තනිකරම අනිත් කෙනගේ වැරද්දක්... මම දත් දෙකක් විතරක් කඩාගෙන බේරුනා.. ඒත් යාලුවා...........

      Delete
  9. කතාව ඇත්ත...අපේ අය්යා කෙනෙකුත් ඇක්සිඩන්ට් වෙලා කකුලේ මස් තැලිලා, දියවෙන්න අරගෙන හෙන කේස් එකක් උණා...

    ReplyDelete
    Replies
    1. දැන් කොහොමද නංගෝ ඒ අයියාට..........

      Delete
    2. මාස 2 ක් විතරම කොළඹ හොස්පිටල් එකේ උන්නේ..දැන් ටිකක් විතර හොඳයි.. එයත් වෙඩින් එක ගන්න හිටියෙ.. කල් ගියා :(

      Delete
  10. වෙලාව තමයි මචං..වෙන්න තියෙනවා ඒක වෙනවමයි කියන එක මම නම් එච්චරම පිළිගන්නේ නැහැ..මොකද අපි පොඩ්ඩක් කල්පනා කරොත් අපිට ඒවා වලක්වගන්න පුළුවන් කියල මම හිතන නිසා

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත යාලුවා... අපි අපේ පරිස්සමක් නැති නිසා ගොඩාක් දේවල් වරද්දගන්නවා....

      Delete
  11. වේගය මරුවා කැඳවයි....
    ඒ නිසා පිඹලා යන්න කලින් ඒ ගැනත් හිතුවොත් හොඳයි. අනික මැරෙනවා නම් එකක්, ඒත් ජීවිතේ සදාකාලිකව ම විඳවන්න ලැබෙන එක ඊට වඩා දරුණුයි.....

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... ඒත් ඉතින් ජිවිතයක්නේ.... අනේ මන්දා...

      Delete
  12. පව් ඒ අහිංසකයා, හිතුවක්කාර කම නිසාත් බොහොම අනතුරු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත කිරිල්ලියේ.. ඒත් පව් නේ..

      Delete
  13. "ඔබට හිතෙවි වේගයෙන් ගිහින් ඔබ නැති කරගන්න දේවල් වලට වඩා ගොඩාක් වටින වැදගත් දේවල් ඔබේ පරිස්සම තුලින් ජිවිතයට එකතු කරගන්න පුලුවන් කියලා..."

    ලෙක්චර්ස් යන්න පරක්කුවෙලා යන කෝච්චියෙන් පැන්න දා ගෙදරින් මටත් කිව්වෙ ඔය කතාව..

    අපේ ගමේ මනුස්සයෙක් ඉන්නවා වැඩට යන්න පරක්කුවෙලා කෝච්චියේ ජනේලෙන් පැනලා අත නැතිවුණ

    ReplyDelete
    Replies
    1. ඇ බන් උබට පිස්සුද? එහෙම කරන්න.... ලෙක්චර් එක දවසම කට් කරලා කරන වැඩ කරන එක හොදයි. ඔය විනාඩි ගානට එහෙම කරලා ආයේ ජිවිත කාලෙම අඩන්න වැඩ එහෙම කරගන්නවා නෙමේ...

      Delete
  14. මමත් ඉස්සර බයික් එකේ ගොඩක් වේගෙන් යනවා, ඒ දැන් නම් ගොඩක් අඩුයි ඇක්සිඩන්ට් දැකලා ම!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම හිතලා හරි පරිස්සම් වෙන එක තමා වටින්නේ...

      Delete
  15. ගොඩක් වෙලාවට මමත් ස්පීඩ් කරලා යනවා පරක්කු උනාමනම්..

    ReplyDelete
    Replies
    1. එත් අය්යා ඔය මොහොතක් නිසා ජිවිතේටම මොනවා හරි වෙන්න තියන ඉඩ වැඩියි නේද? පරිස්සමින්

      Delete
  16. වෙලාව තමයි මට නම් බයික් පෙන්නන්න බෑ මම මුලින් හැප්පුනේ බයිසිකලේක දෙවෙනියට හැප්පුනේ බයික් එකක ඒ මදිවට ඇස් පනාපිට හැප්පුනු බයික් එකක හිටිය අංකල් කෙනෙක්ව උස්සද්දි එයාගේ කකුල වෙන්වෙලා වැටුනු හැටි තාමත් මතකයි එදා ඉඳන් බයික් ඕනෙම නෑ...යාළුවට වෙච්චි දේ ගැනනම් දුකයි කෙල්ල හැමදාම හිටියොත් ඒකවත් යාළුවට සහනයක් වෙයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් වෙලාවට යාලුවාට අදරය නම් ඉතිරි වේවි... මමත් බයික් නිසා අනතුරකට පත් උනා යාලුවා.. ඒත් තාම බයික් නම් පදිනවා

      Delete
  17. තමුන්ටම දෙයක් වෙනකම් කවුරුවත් ඕක තේරුම් ගන්නෙ නෑ මලේ... හැමෝම හිතන්නෙ අනුන්ට කරදර උනාට තමුන්ට වෙන්නෙ නෑ කියලනෙ.....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අක්කෝ..... පරිස්සම තමා ගොඩාක් වැදගත්

      Delete
  18. වෙන්ඩ තියෙන දේවල් අපට නවත්තන්න බෑ මල්ලි. ඒ දේවල් ඒ විදිහටම සිද්ද වෙනවා.
    මල්ලිගේ යාලුවා ගැන දුකයි !

    ReplyDelete
  19. මොනවා උනත් පවු....
    වටින ජීවිතේ අපරාදේ....

    ReplyDelete
  20. හෆෝයි මට නම කියන්න දෙයක්වත් මතක වෙන්නේ නැහැ. :(

    ReplyDelete
  21. උඹ දන්නවත් ඇති.ලංකාවෙ දවසක් තුලදි උන වැඩිම මාර්ග අනතුරු වාර්ථා වුනේ ඊයෙ උදේ 6 ඉදලා අද උදේ 6 වෙනකම් කියන දවස ඇතුලත.ගනනින් 17ක්.ඒකෙනුත් අනුරාධපුරෙන් විතරක් නමයක්..... ඒ අතරිනුත් එකක් ඇස් දෙකෙන් දකින්න තරම් අවාසනාවන්ත උනා මායි මගේ යාළුවෝ කීප දෙනෙකුයි. ඒකත් බයික් අනතුරක්. දෙන්නෙක් ආවට ගෙදර ගියෙ එක්කෙනයි යහතින්.. ජීවිතේ හැටි එහෙම තමා බං....
    මමත් අධික වේගෙන් බයික් පදින කෙනෙක්. ඒක දැන් පුරුද්දකට ගිහින්.. හැමෝම බනිනවා. ඒත් හුගක් වෙලාවට මට හිමින් යන්න ඕනෙ කියන දේ නොදැනිම අමතක වෙනවා. ඒක මහා ලොකු වැඩක් නෙමේ කියන්න මන් දන්නවා.. මේවා අහද්දි දකිද්දි එහෙම ගමන් වල තියෙන අවදානම නොතේරෙනවත් නෙමේ.. ඒත් පයින් පාරෙ ඇවිදගෙන යන මිනිස්සු වාහන වලට යට වෙලා මැරෙනවත් දැකලා තියෙන නිසාද මන්දා හිමින් ගිහින් එහෙම වෙනවට වඩා හයියෙන් ගිහින් එහෙම වෙන එක හොදයි කියලා මට හිතෙනවා. ( මම වැරදියි තමා කියලා මම පිළිගන්නවා)

    කොහොමත් කරපු අකුසල පඩිසන් දෙනවා කියන එක මම 100%ක් විශ්වාස කරනවා. ඉතින් සුදු ඇදන් හිටියා කියලා ඒක නවත්තන්න බෑ කියන එකත් මම විශ්වාස කරනවා.

    යාළුවාට වුන දේ ගැන ඇත්තටම කණගාටුයි බං..
    ඒත් .... (අලේ මන්දා...)
    උගේ ඉදිරි ජීවිතේට උගෙ කකුළ නැති එක ප්‍රශ්නයක් නොවේවා කියලා විතරක් මම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම්...

    ReplyDelete
  22. මගේ බ්ලොග් එක promote කරනවා කියලා හිතනවානම් මේ කොමෙන්ට් එක ඩිලීට් කරන්න, මේ මම දාපු මේ වගේම ලිපියක්

    http://latapatalk.blogspot.com/2012/01/bike-accident-sanwedi-aya-balanna-epa.html

    ReplyDelete
  23. අපේ ජීවිත වල සිද්ධවෙන සමහර දේවල් කර්මානුරූපව සිද්ධවෙන දේවල් කියලයි මං නං විශ්වාස කරන්නේ..... අපි පරිස්සම් වෙනවා නම් ගොඩක් කණගාටුදායක සිදුවීම් වළක්වාගන්න පුළුවන් බව ඇත්තයි.... ඒත් සමහර වෙලාවට ජීවිතේදි අපි ගන්න සමහර හිතුවක්කාර තීරණ ඒ ඒ අවස්ථාව විසින් අපට ගන්න සලස්වන තීරණ කියලයි මට හිතෙන්නෙ.... මොකද කර්මානුරූපව වෙන්න තියෙන දේවල් වළක්වන්න අමාරුයි... අපි මොන දේ කළත් ඒක වෙන්නම තියෙනවා නම් ඒක වෙනවා... ඒ වෙලාවට අනික් අය කියන දේවල් අහන්න අපි නොපෙළඹෙන්නේ ඔය හින්දා වෙන්නැති....

    ඇත්තටම ගොඩක් කණගාටුදායක සිදූවීමක් මල්ලි...

    ReplyDelete
  24. ප්‍රවේසම පළමුවෙන් කියලා තමා මම නම් කියන්නේ...හැබැයි බයිසිකල් පැදලා ඇති තරම් කකුල් ලෙලි ගහගත්ත පොරක් විදියට දන්නවා බයිසික‍ළයක් පදිද්දී ප්‍රවේසම තමා ජීවිතේ....අපි කොච්චර පරිස්සම් වුනත් වැඩක් නෑ මූණට එන කාලකණ්නියා පරිස්සම් නැත්තම්.....හැබැයි බයිසිකලේ හමර් කියලා හිතාගෙන පදිනව නම් බයිසිකල්කාරයටත් සොරි ඩොට් කොම්....
    මෝටර් රථයක් පදිනව නම් හරියට පදින්න ඉගන ගන්න ඕනේ...සාමාන්‍යයෙන් මම ස්පීඩ් යන පොරක්.(සා/වේ 50-60km/h අතර මීටර් 100ක් ගියත් 100km ගියත්)..හැබැයි මම මගේ වටේ ඉන්න උන් ගැන ඔළුවේ තියාගෙන තමා වාහනේ එළවන්නේ...විශේෂයෙන්ම බයිසිකල් හා ත්‍රී වීලර්....හැම රියදුරාගෙම වගකීමක් වෙන්න ඕනේ ඒක.


    යාළුවා ගැන නම් කණගාටුයි මචං.....

    ReplyDelete
  25. බයික් එක අනාරක්ෂිත වාහනයක් වෙලා තියෙන්නෙ වේගයෙන් යා යුතු සහ නොයා යුතු හැමවිටම සමහරු වෙගයෙන් යන නිසයි. බලන්න කොයි තරම් මෝටර් බයික් වම් පැත්තෙන් ඉස්සර කරනවද කියලා. සමහරු වැස්සෙ යන්නෙත්ව් දවාලක වියලි පාරක යන වේගයෙන්මයි.

    henryblogwalker the Dude

    ReplyDelete
  26. වේගය මරුවා කැඳවයි! මරුවා වේගය කැදවයි!

    ReplyDelete
  27. මම ආසම වාහනය තමා බයික් එක . අපිට ඉතින් උපරිමේට ගන්න හැකි වේගේ ඉතින් 80 තමයි මේ පාරවල් වල හැටියට ඕක තමා අපි දන්න උපරිම වේගේ

    ReplyDelete
  28. ඉක්මන් කොටයි කියනවනේ....යාළුවගේ වෙලාව ඌ හයියෙන් යන්න ඇති....අපරාදේ වෙච්ච දේ.....

    ReplyDelete
  29. මටත් උනා ඔහොම එකක්.. අනේ මංදා.. වැඩි පරිස්සම ඇගට ගුණයි!

    ReplyDelete
  30. දැක්කනේ ඇමති පුතෙක් ඊයේ කොරල තියෙන වැඩක්. ඉතිං අපි කොහොම ගියත් වැඩක් නැහැ මචං, පව් යාළුව !

    ReplyDelete
  31. බයිසිකල් වල යනකොට වෙන වැඩේ තමා ඔය. අනතුරක් වෙනකල් හිතන්නෙ කොච්චර හයියෙන් ගියත් තමුන් යන්නෙ ආරක්ෂාකාරීව කියලා.ඒත් මොකක් හරි වුන දවසට තමා තේරෙන්නෙ. බයිසිකල් වල ආවරණය වෙලා තියෙන ප්‍රමාණය අඩුයි නේ.

    ReplyDelete
  32. ඉක්මන් කොටයිනේ.. අපරාදේ දේව්ගේ යාලුවත් දේව්ගේ අවවාදේ ඇහුවනම් කිසි ප්‍රශ්නයක් නැනේ.

    ReplyDelete
  33. 'Speed kills, do not drive faster than your gaurdian angel can fly'

    මම ලඟදි දැක්ක බම්පර් ස්ටිකර් එකක්

    ReplyDelete
  34. @observer 'Speed kills, do not drive faster than your gaurdian angel can fly' නියම කතාව


    මොනවා කරන්නද අයියේ ඕවා ඔහොම තමයි. මේ පැත්තේ කාටවත් වරදක් නැති අයියා කෙනෙකුත් බයිසි‍කලේ ස්ටැන්ඩ් එක හන්දා වැටිලා නැතිවුනා. බයිසිකල් පදින අය පරිස්සම් වෙන්න ඕනේ වාහනත් වැඩිනේ දැන්

    ReplyDelete
  35. වෙන්න තියෙන දේ වෙනවා මලයා... ඒක නවත්තන්න බෑ... එහෙමයි කියලා නොවෙන්න තියෙන ඒවත් වෙන්න තරම් වේගෙන් යන එක කොහොමත් අනතුරුදායකයි. අපි කොච්චර හොඳට සීරුවට ගියත්, එක අරක්කු වීදුරුවකට, නැත්නම් නිදිමතට යට වෙලා එන රියදුරෙක් ඇති අපිට මාරයා වෙන්න.

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා... නිව්ටනුත් කිව්වනේ සෑම ක්‍රියාවකටම ප්‍රතිචිරුද්ධ ක්‍රියාවකුත් ඇත කියලා... බුද්ධ ධර්මයේ හැටියට ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලබයි... ඒ කියන්නේ අපි කාටවත් කරදරයක් නොවෙන්න පාරේ යනවා නම් අපිටත් කරදරයක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි කියලයි මම හිතන්නේ... !!!

    යාළුවගේ මඟුල නොකැඩේවා කියලා තමා ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. කොල්ලනේ ඔන්න හොඳ පාඩම් !!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....