ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

22 October, 2011

දේවාත් නායකත්ව පුහුණුවක..& බ්ලොග් ලියන ගොඩාක් අයට වැදගත් දෙයක්

මෙච්චර කල් රස්සාවක් කරනවා කිය කියා උන්නු දේව් කැම්පස් යන්නද හදන්නේ කියලා ඔයාලා බලයි.. අනේ ඉතින් දැන් කැම් යන්න තරම් හොද වයසක නෙමේද මන්දා මම නම් ඉන්නේ... නැ නැ මේ කැම්පස් යන නංගිලා මල්ලිලාට එස්. බි ඇමති තුමා දුන්නු නායකත්ව පුහුනුවක් නම් නෙමේ.. ඒක දවස් 21ක්ද කොහෙද තිබුනනේ... ඔන්න ඉතින් මේක නම් මේ සෙනසුරාදා (ඔව් ඔව් අදයි හෙටයි තමා) දවස් දෙකක නායකත්ව පුහුනු වැඩ සටහනක් අද පටන් ගන්නවා...  මේක සංවිධානය කරන්නේ ඉතින් ලංකා බැංකු සේවක සංගමය තමා..

කලින් නායකත්ව පුහුනුවකට ගිය නංගිලා මල්ලිලා වගේ අපිට නම් ලිස්ට් එකක් දුන්නේ නැනේ.. ඒ හින්දා මොනවගේ දේවල් තියනවද කියලා නම් මම දන්නේ නැ.. කොහොම උනත් දවස් 2ක් විතර ආයෙත් මට බ්ලොග් අවකාශයෙන් ඇත් වෙන්න වෙනවා කියලා නම් හිතෙන කොට දුකයි.. කියවන්න බ්ලොග් ගොඩාක් තියනවා..

මේ පොස්ට් එක පුන්චි උනත් මෙහෙම එකක් දාන්නේ කෙනෙක් මාව බ්ලොග් අවකාශයෙන් අතුගාලා දානවා කියලා තර්ජ්නය කරපු නිසා (මම පොස්ට් එකක නොදැම්මොත් මිනිහා හිතයිනේ අෆ්ෆා මම අතු ගැවිලා කියලා හිකිස්)

කල්හාර සහෝ මම ගැනත් ලොකු වර්ණනාවකින් එක්කම කමෙන්ට් කරපු අයත් ඒ අගය කිරිමත් එක්කම අලුතෙන් බ්ලොග් ලියන අයටත් ගොඩාක් වටින විදිහේ පොස්ට් 2ක් ලියලා තිබුනා ඒවා ගිහින් බලන්න.. හැබැයි ඒවා බලනකොට නම් අතුගාලා දාන ඒක ලේසි නැතිවෙයි කියලාත් හිතෙනවා

එලොව ගිහිං මෙලොව ආවෙමි....


එලොව ගිහිං මෙලොව ආවෙමි.. එලොව ගියත් හිතේ බයක් නැතුව මෙලොව එන්න මෙන්න ක්‍රමේ

බ්ලොග් ලියන අය්යලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොටම මේක වැදගත් වේවි..

මේ ගැන කාලෙකට කලින් මම ලියපු ලිපියකුත් මෙතනින් බලාගන්න පුලුවන්

13 comments:

  1. එහෙනම් හොදට නායකත්ව පුහුණුව කරලා එන්න !!!
    ඇයිත් අපටත් කියන්න ඔය පුහුණුවේ මොනවද තිබ්බේ කියලා. මොකද මම් උපන්තේකට ඔය ජාතියේ පුහුණුවකට ගිහින් නෑ.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මලයා මගේ පෝස්ට්වල ලින්ක් දැම්මට, එහෙනං ගිහිං එමුකෝ බලන්න ඔය පුහුණුවට .......

    ReplyDelete
  3. එල එල... ඇවිත් මදුවාටයි මටයි කියල ධීපන් ඔකේ කරපුවා..

    ජය...

    ReplyDelete
  4. මාත් ඔය පුහුණුවට ගිහින් නෑනෙ. හැමෝම නායකත්ව පුහුණුවලට යනකොට මටත් යන්න හිතෙනවා. එහෙනම් අයියා ගිහින් ඇවිත් අපිටත් විස්තර කියන්න.

    ReplyDelete
  5. අතුගාල දානවා කිව්වා නම් බාබයිගා යකින්න හරි බටකොළ ආච්චි හරි වෙන්න ඇති . අර මැජික් කොස්සේ නැගල යන

    ReplyDelete
  6. ලොක්කා උබ කොයි බැංකුවෙද වැඩකරන්නේ...." මහා පහන්ටැඹෙ ද ජනහද හඳුනන එකේද නැත්තං පවුලේ බැංකුව ( දියුනුවේ නියමුවා)...මේ තුනේන් කොකේද....මම නං ඔය කිව්ව ඒවයෙන් අන්තිම එකේ....

    ReplyDelete
  7. මේ ලිපිය නම් මට හරිම වටිනවා....බොහෝම ස්තුතියි ලින්ක්ස් ටික දුන්නට.... ඔයාගෙ නායකත්ව පුහුනු වැඩසටහන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  8. නායකත්ව පුහුනුවට ගිහින් හොඳ පුහුණුවක් අරගෙන එන්න අයියේ.. :)

    ReplyDelete
  9. උස තැන්වලින් එහෙම පනින්න යන්න එපා සහෝ.....පරිස්සමින් කරන දෙයක් !!!!!!

    ReplyDelete
  10. හොදා හොදා පරිස්සමට ගිහින් එන්ටකෝ.....

    ReplyDelete
  11. හොඳ නායකයෙක් වෙලා එන්නකො එහෙනම්.අපි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  12. නායකයෙක් වෙලා එන්නකෝ එහෙනම්. මම බැංකුවට එනවා කිව්වට ඔතනින් යන එන කොට හැමදාම රෑ හත අට වෙනවා ආයෙත් තව සති දෙක තුනකින් බ්ලොග් එකේදිම හමුවෙමු.

    ReplyDelete
  13. නායකයෙක් නොවී මෙහෙමනම් නායකයෙක් උනාම කොහොම තියේවිද නේද?

    දේවා මල්ලී ඔයගෙ අලුත් ලිපි .I am a blog reader Group එකට දාන්න . මට මිස් වෙනව මලේ නැත්නම්..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....