මතක ඇති නේද ඔයාලට අර ස්කෝල වල ලමයින්ට ලොකු මාරි බිස්කට් කන්න දිලා කොල කැද බොන්න දිපු යුගේ...
මේ ඒ මාරි නම් නෙමේ.. ඒවා දැන් දකින්න නැහැනේ |
ඒ කාලේ උන දෙයක් තමා මේක...
මම මුලින්ම ගියපු පාසල ඇත්තටම ඕලෙවල් වෙනකන් විතරක් තිබුන ග්‍රාමිය පරිසරයක ඒත් පලාතේ හොද නමක් තිබුන පාසලක්...
දේවාගේ ටිකක් විතර නෝමල් චරිතයක් ඉතින්... ඒත් දේවාට උන්නා නාහට නාහන හොද යාලුවෝ ටිකක් සුප්පා... මබ්බා.. කුන්නා... පෙද්දා... ඔය කියන්නේ ඒ සෙට් එකෙන් මගේ ලගම උන්නු දෙතුන් දෙනෙක්...
අපේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ එක කාමරයක තමා ඉතින් ඔය ලොකු මාරි බිස්කට් පෙට්ටි ටික පැක් කරලා තිබුනේ.... ,
ඕවා බෙදන්නේ 11 වසරේ අය්යා ටිකක් හැමදාම අපිට දෙක තුනක් දිලා අය්යලා 15 , 20 ඕවා ගිලින අත්දැකිම් අපිට ගොඩාක් ඒ දවස්වල විදින්න වෙලා තිබුනා. මොනවා කරන්නද පැත්තකට වෙලා බලාන ඉන්නවා මිසක්...
මචන් හැමාදාම වෙන්නේ මේකමයි.. අපි දෙමුද ගේමක් සුප්පාගෙන් ආවා මහ පොර අයිඩියා එකක්...
අනේ මේ දැන් උබ හදන්නේ ප්‍රින්සිපල්ගේ රුම් එකට පනින්නද?? මබ්බාත් කථාවට හවුල් වුනා...
දේව් උබත් එනවානේ..උබ ආවහම වැඩේ ගොඩාක් ලේසියිනේ... මොකද ගේමක් නැතුව උබට ඕකට රින්ගන්න පුලුවන්නේ....
අනේ මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉන්නවද???
එහෙම කියලා හරියන්නේ නැ ඔන්න හෙට ගේම දෙනවා.... (අනේ මෙහෙමත් දුෂ්ඨ යාලුවෝ ටිකක්)
මෙහෙමයි වැඩේ වෙන්නේ.. සුප්පා පැලැන ඔක්කොමට කියනවා අපි අහගෙන ඉන්න්නවා..
කොහොමත් උදේට පන්තියේ නාම ලේඛනේ ගෙන්න යනවානේ ඔෆිස් එකට.... එතකොට ඔය කාමරේට යන්න දේව් ට පුලුවන්.. අපි ඉන්නවා ජනෙලේ ලග..
එතනට ගිහින් එක පෙට්ටියක් දෙකක් අපිට පාස් කරන්න.. අපි ශේප් එකේ කොස් ගහ ලගින් ගිහින් එතනින් විලෝ ගස් මැද්දෙන් පිට්ටනියේ කෙලවරේ උදේටම ඒ තරම් සෙට් එකක් නැනේ එතනින් බයිසිකල් මඩුවට පැන ගත්තාට පස්සේ කොහොමත් එතනින් එහා පැත්තේ අපේ පන්තියනේ.... කබඩ් එකේ දාපුවාහම නෝ කේස්නේ ( කබඩ් එක මතකයිනේ... අර කෙසෙල් හන්ගපු තැන)
පසුදා උදැසන....
දේව් වැඩේට සෙට්නේ....
අනේ මන්දා බන් මේකෙන් ගස් යන්නේ මමනේ...
ඒ ඉතින් අහු වුනොත්නේ... කියලා මබ්බා මාව ශේප් කරගෙන යවන්න තමා හදන්නේ...
ආහ් ඔය නායක පට්ටම ගලවලා සක්කුවේ දාගන්න... සුප්පාගෙන් උපදේසක්...
ඒ මොකද බන් මට වගේම අනිත් අයටත් ප්‍රශ්නයක්..
අහුවුනොත් බන් ඒකයි.. ඔය පට්ටම් බැච් එක ඇතටත් පේනවා.. ඉතින් බැරිවෙලාවත් ඕක දැක්කොත් ඔවා තියන අය ස්කොලෙටම ඉන්නේ 11යි එකෙන් 6,7ක්ම පොඩි උන්... එතකොට ඉතිරි කියද???
වැඩේ නිකන්ම මාට්‍ටු...
අනේ මේ මට බැ බන් උබලාම කරගනින්... මට කියවුනා..
අනේ මේ දැන් ඔක්කෝම අවුල් නොකර එතනට ගිහින් අපිට පෙට්ටි දෙක තුනක් පාස් කරනවද?? මැර තර්ජනයක්ද මන්දා....
කොහොමහරි ඔය කියපු විදිහටම වැඩේ අවුලක් නැතුව සිද්ද උනා කියමුකෝ... ඇත ප්‍රින්සිපල් එනවා දැකලා පෙට්ටි දෙකත් උස්සන් දුවපු එක ඇරෙන්න... අපි හිතුවේ නම් එහෙම තමා..
වැඩේ ගොඩ කියලා සතුටෙන්
පැය 3 , 4කට පස්සේ කොල්ලෙක් එනවා පන්ති නායක රැස්විමක් තියනවා ඊලග පිරියඩ් එක පටන් ගන්න බෙල් එක ගහනකොට සංගිත කාමරේට එන්න කියලා (සංගිත කාමරේ තමා පොඩි පොඩි දේවල් වලට සම්බන්ද රැස් විම් තිබ්බේ)
කෝ දේව් පන්ති නායක බැච් එක... ගහගෙන රැස්විමට යන්න දැන් බෙල් එක ගහන්න වෙලාවත් ලගයිනේ...
මලා එතකන් මම ඉදලා තියෙන්නේ ඒක නැතුවනේ.... කොහෙද මේ සුප්පා ඕක ගලවගන්න කිවට ගහ ගන්න කිවේ නැනේ...
මාත් ඉතින් ඕක ගැන ගොඩාක් හිතුවේ නැනේ..
මාරම අප්සෙට් බැච් එක අතුරුදහන්....
රැස්විම අතරතුර
මෙච්චර කාලෙකට වෙලා නැති දෙයක් අද වෙලා තියනවා මගේ ඔෆිස් එකේ... ඒක මොකක්ද කියලා මම දැන් කිය්න්නේ නැ... කරපු අය ගැන දන්නවානම් හරි ඒකට සම්බන්ද අය ඉන්නවානම් පස්සේ ඇවිත් මාව හම්බවෙන්න
මාව ගැහෙන්න ගත්තා.. ඒත් ප්‍රසිද්දියේ නම කියන්න පුලුවන් කම තියනකොටත් නොකිව නිසා හම්බවෙලාම ගුටි කන්න මම හිත හදා ගත්තා...
රැස්විම ඉවර වෙලා ඔෆිස් එකේ..
දේව් මම දන්නවා ඔයා වැරදි කරලා තියනවා ගොඩාක් අඩුයි.. මම දන්න විදිහට මේ වැරද්දකටම අහු වුනාමයි මම හිතන්නේ... මම මේ රැස්විම තිබ්බෙත් කාගේ බැච් එක කාගේද කියලා දැන ගන්න...
කොහොමත් ඉතින් මේකට හේතුවක් තියන්න ඕනානේ.. බලන්න කියමු බලන්න හේතුව..
මේකයි සර් ඇත්තටම වැරද්දක් කියලා මම පිලිගන්නවා.. හැමදාම අපිට එක විස්කොතුවයි දෙකයි... එත් හැමදාම 11 වසරේ අය්යාලා අපිට පෙන්න පෙන්න විස්කොතු 15,20 කනවා.. ඒකයි සර්...
කොහොම උනත් කරලා තියෙන්නේ ලොකු වැරද්දක්.. එත් පලවෙනි වැරද්ද නිසා සමාව දෙනවා... ආයේ එහෙම වෙන්න බැ.. මොකක් හරි ප්‍රශ්නයක් තියනවානම් ඇවිත් මට හරි ගුරුවරයෙකුට හරි කියන්න.....
අන්තිමේ මේක හින්දා 11 වසර විතරක් ස්කොලේ විස්කොතු බෙදපු එක සතියේ දවස් 5 පන්ති 5කට පැවරුනා... .
බදාගෙන කන්න නෙමේ බෙදාගෙන කන්න..
* රස කතාවක් කිවට පොඩි විකාරයක් වගේ ඒත් මේක හින්දා අපි ඒ කාලේ රස කර කර විස්කොතු නම් කැවා
** මේකට මම සම්බන්ද නැ කිවා නම් අනිවා මාව කොහොමහරි මාවත් මේකට ගාවනවනේ.. චරිත වල පොඩි පොඩි එඩිට් ඇතුව කතාව ලිව්වා...
-හින්ට් : ලෝක ගුරු දිනයත් ලග එනවා-
අපිට ඔහොම බිස්කට් දුන්නේ නෑනේ බං.... ඈ...
ReplyDeleteඅපට නම් ඔහොම බිස්කට් ලැබිලා නෑ නේ. මොකද දන්නේ නෑ අපට උනේ. අපි කලින්ම අවුට් උන හන්දද දන්නේ නෑ.
ReplyDeleteඅච්චර හොදට ඉන්න කොල්ලාත් කෝමහරි මේ වැඩේ හින්දා චාටර් වෙන්න උනා. මොනා කරන්නද. ඔය කාලේ ඕවා නොකර කවදා කරන්නද.පට්ට. හික්ස් :)
එළ සීන් එකක් නේ... පරන කථා මතක් වෙනකොට ආයිත් ඒ කාලෙට යන්න හිතෙනවා....
ReplyDeleteපළමුවතාවට අදයි ආවේ. වැඩියෙන් විස්කෝතු කන්න ලැබේවාාාා!!! කියලා පතනවා.
ReplyDeleteපොඩි පහේ විප්ලවයක් ..ජය වේවා!!!
ReplyDeleteඔය බිස්කට් විතර රස බිස්කට් එකක් ඊට පස්සෙම මම නං කාල නෑ. අපි 5ද කොහෙද ඉන්න කාලෙ බිස්කට් වැඩේ නැවතුනා. වැඩේ කියන්නෙ ඒ වෙනකං ඉස්කෝලෙ "එකතු කරගත් බිස්කට් තොග" ගුරුමණ්ඩලය මාස ගනනක් අනුභව කලා.
ReplyDeleteඅපිත් මෙහෙම බිස්කට් හොරෙන් කෑවා බිස්කට් පෙට්ටියක් උස්සලා. මාට්ටු උනේනම් නෑ. අපි ඉතින් හොර වැඩ වලට කොමත් දක්ෂයිනේ.
ReplyDeleteඅපිටත් බිස්කට් ලැබුෙන් නෑ අප්පා... ෙකාෙහාම උනත් ෙද්වා මලයා බැජ් ඒක වට්ටවලා විප්ලෙව් පාවා දීලෙන්...:P
ReplyDeleteMage keyboard eke aulak wage... sry !!!
අනේ...එහෙමත් බිස්කට් බෙදපු කාලයක් තිබ්බද???
ReplyDeleteමට මතකයි කොයි කාලෙද මන්දා බිස්කට් වගයක් ලැබුණා.. ආහ්.. ඒ සුනාමි දවස් වල. අපිට බිස්කට් 6ක් විතර තියන චූටි පැකට් බෙදුවා. ඒවා නම් කිරි රසයි. ලංකාවෙ විකුණන්න ඒවා නෑ මම හිතන්නෙ. ආධාර විදිහට ලැබුණ ඒවා වෙන්න ඇති.
ReplyDeleteමාර නම් තියෙන යාලුවෝ සෙට් එකක් නේ ඉදල තියෙන්නේ.
ReplyDeleteඅපිටත් බිස්කට් ලැබුනේ නෑ... අන්තිමට විප්ලවීය ජයක්....
ReplyDeleteඅනේ අනේ......හොරා කන්නත් පුරුදු වෙලා.............:P
ReplyDeleteඅයියව මාට්ටු කරලා කට්ටිය පැනලා ගිහින්. හික් හික් :)
ReplyDeleteඅයියා අකුරු වල පොඩි පොඩි අඩුපාඩු තියේ. එවා හදලා දාන්න අයියා.
ඔය කාලේ ඔව්වා නොකර කවදා ඔහොම දේවල් කරන්නද මචෝ... :D
ReplyDeleteසම හරක් ගුරුවරු දුප්පත් උන්ට අඩුවෙන් දීලා පොහොසත් උන්ට වැඩියෙන් දෙනවා. අරුම පුදුම රටක් කියල කියන සිංදුවනම් හරියට හරි.
ReplyDeleteඈ බොල ඔය දේවා නායක පට්ටම බිම දාලා ඇවිත් විප්ලවය පාවා දුන්නා නේද?
ReplyDeleteඔව් ඔව් මාත් ලිව්වා නොවෑ හොරු ගැන කතාවක්.
ReplyDeleteඅපිටනම් ඉස්සර දුන්නෙ මයිලෝ.අවුරුද්දකට පාරක් වගේ දුන්නා.හම්මේ..ඒවයෙ රස.
අපිත් බිස්කට් කාලා තියෙනවා හොරෙන් ...පොඩි අයට බෙදන්න ගෙනාපු බිස්කට්....ඒ කාමරයට වෙලා පැය භාගයක් ඉඳලා බිස්කට් උරයකින් භාගයක් විතර කෑම අපි හතර දෙනෙක්...
ReplyDeleteඅඩේ මටත් ඔය බිස්කට් නම් ලැබිල නෑ.. හෙහ් හෙහ්,,, ඇති යන්තම් ගුටි නොකා බේරුනා..
ReplyDeleteජය...
bv
ReplyDeleteප්‍රසන්න 86 : ඒකටත් පින තියන්න ඕනලුනේ.....
ReplyDeleteමධුරංග : සමහරවිට ඉතින් ඒ හින්දාමද දන්නේ නැ තමා... ඒකනේ අය්යා යලුවෝ ඔහොමමයි.. හොදට ඉන්න අයට ඉන්න දෙන්නේම නැනේ
ReplyDeleteඔබ නොදුටු ලොවක් : එහෙම යන්න තිබුනානම් ඇත්තටම ඉතින් කොයි තරම් වටිනවද කියලා තෙරෙන්නේ දැන් තමා..
ReplyDeleteමල්මි: සාදරයෙන් පිලි ගන්නවා යාලු... ආයෙත් ඒවි කියලා හිතනවා.... ඒවාගේ දැන් නම් ඕවට ඒ තරම් ආසාවක් නැ ඉතින්, (බිස්කට් වලට)
ReplyDeleteබින්දි : පොඩි කිවාට පොඩිමත් නැ නේද අක්කා..
ReplyDeleteරාජ් : අපේ ඒ ඉතිරි කරගත්තු ඒවා වෙන්න ඇති බන් ඔය තරම් කාමරයක් පුරවලා තිබුනේ,.. අපේ ගුරුවරු නම් අදහන්න වටිනවා..
ReplyDeleteගිම්හානි : අනිවා අනිවා අපිට මතකයිනේ කෙසෙල් කාපු හැටි.... හිකිස්
ReplyDeleteචතුරංග පෙරේරා : අනේ අය්යේ මම එහෙම කලාම නෙමේ.. වැඩේ හොදටම මාට්‍ටු වෙලා තියනකොටත් ඔය තරම් කරුනාවෙන් කියනකොටත් කොහොමද නොකියා ඉන්නේ අය්යේ
ReplyDeleteතටු සිදින සමනලි : ඒ කාලේ ස්කෝලේ ගියානම් අනිවා හම්බවෙන්න ඕනනේ..
ReplyDeleteහංසි : ආ ඒ බිස්කට් නෙමේ මේවා.. කාලයක් බිස්කට්.... කාලයක් කොළ කැද...
ReplyDeleteමරුම තමා.. දැන් නම් ඒවා නැ මම හිතන්නේ..
සන්ජය සිතුවිලි : හිකිස් ඒහෙම තමා.. ඔය දේව් කිවට මටත් මරු නමක් කිවා..
ReplyDeleteදිනේෂ් : කමක් නැ ඉතින් බිස්කට් නැති උනාට.... ඔයාලටත් ඇති වෙන්න අපි කැවනේ...
ReplyDeleteසිතිවිලි නිහඩයි : කොළු වයසනේ නංගියෝ...
ReplyDeleteදේවාගේ අඩවිය කියවන්නේක් : මොනවා කරන්නද මලයෝ... ඇත්තටමේ මේ මලයා කවුද කියලා මට කියනවද???
ReplyDeleteචම්මා : කාලෙකින් මේ පැත්තේ.. අනිවා අනිවා ඔවා නොකර වැඩක් තියනවද ඉතින්....
ReplyDeleteමාතලන් : ඒ අතින් නම් අපේ ගුරුවරු අදහන්න වටිනවා අය්යේ.. ගොඩාක් දුප්පත් ලමයි හිටපු අපේ ස්කිලොලේ ගොඩාක් අයට ගුරුවරු තමා පොත් ටික අරගෙන දුන්නෙත්
ReplyDeleteවිසිතුරු : ඒකෙනුත් වැඩක් උනානේ ඉතින්... නැතන්ම් හැමදාම එක බිස්කට් එකයි දෙකයි...
ReplyDeleteනිසුපා : මයිලෝ... අපිට දුන්නේ නනේ ඒවා... ශික් අක්කා ගියේ ගර්ල්ස් ඔන්ලි එකකටද??
ReplyDeleteදිල් : බලාගෙන යනකොට බ්ලොග් ලියන ගොඩාක් අය පොඩි පොඩි හොරකම් කරලා තියනවානේ ජයවේවා..
ReplyDeleteගයාන් රුපසිංහ : ආහ්... ඔයාලට හම්බ උනේත් නැද්ද???
ReplyDeleteදැන් නම් ඒවා දෙන්නේම නැ මම හිතන්නේ...
ioooo bn! maattu needa? batch 1 gahagenama wade dunnanam thama nidahasee maari kanawa! hiki hiki!
ReplyDeleteඅපේ කාළ තිබුණෙ නම් “ඇදිහැස“ විස්කෝතු , දවසෙන් , අපි තමයි ඒ දවස් වල බෙදන්නේ. ඉස්කෝලේ ඉන්න ළමයි ගාණ බලල , (එතකොට අපේ ධර්මාරාම කණිෂ්ඨ විදයාලේ හිටියේ 75ක් විතර) දවසකට ලැබෙන බිස්කට් 400 , අර ගානෙන් බෙදල , පන්ති ගානේ බොහොම ආඩම්බරෙන් අරගෙන ගිය අපේ පහේ පන්තිය මතක් වුනා මේ කතාවෙන් ..
ReplyDeleteමීට ඉස්සර වෙලා ආවත් , ටිකක් කළබලේ නිසා ඇවිත් ගියා .
හපොයි.. කාලෙකින් මේ පැත්තේ ආවේ.. අයියලත් මරු වැඩනේ කරන්නේ. අපරාදේ බැජ් එක අහු වුනේ නැත්නම් වැඩේ අහු වෙන්නෙත් නෑ නේ... :D
ReplyDeleteනෑ නෑ අනේ. පොඩි කාලෙ ගියේ මික්‍ස් එකකට.
ReplyDeleteඅපිට බිස්කට් ලැබුනේ නෑ...
ReplyDeleteඔන්න හොර වැඩක් කියපු නිසා මාත් ආවා බලන්න.....බලාගෙන යනකොට හැම තැනම හොරුනේ අප්පා :D
ReplyDelete