ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

20 October, 2011

රෙස්ලින් කියන්නේ ක්‍රිඩාවක්ද

ටික දවසකින් පොස්ට් එකක් දානවා තියා බ්ලොග් එක පැත්තේවත් එන්න බැරි උනානේ මොබයිල් එකෙන් කමෙන්ට් ටික පබ්ලිශ් කලා මිසක් ඒවට රිප්ලයි දාගන්න තරම් වත් විවේකයක් තිබුනේ නැ..

ඔය ගොල්ලෝ නෙට් බදාගෙන ඉන්නවා මිසක් ඉතින් පත්තර කියවන්නේ නැනේ ඔන්න ඒ නිසා මම වෙලාවක් නැතුව හිර උනේ ඇයි කියලා දන්නේ නැ..

ඔන්න එක රහසක් (පයිවට් ඇන්  කොන්‍ෆිඩන්සල් කියලාලු ඒවට කියන්නේ) ගනන් ගන්න එපා ඉතින් පොඩ්ඩක් බැන්ක් එකේ වැඩ වගයකට හිර උනා...

අදත් පොස්ට් එකක් දාන්න හිතක් නම් තිබුනේ නැ.. ඒත් දැන් ටිකකට කලින් කන්න කියලා ගිහින් නිකමට ටිවි එක දැම්මා මැච් එකේ රිපිට් වත් යනවද බලන්න...
දැන් ඔක්කෝම ස්පොට් යන්නේ සි එස් එන් එකේලුනේ.... දානකොටම මරා ගැනිල්ලක්... එකෙක් එකෙකුගේ බෙල්ලත් හිරකරගෙන මරා ගන්නවා... මේක රෙස්ලින් ගේම් එකක්මද මං දන්නේ නම් නැ එත් බොක්සින් නම් නේමේ... ක්‍රිඩාවක් කරන්නේ ඉතින් තමන්ගේ ශරිරය යහපත්ව පවත්වගන්න තෘප්තියක් වින්දනයක් ලබා ගන්න කියලා මම අහලා තියෙන්නේ.... එත් ඇත්තටම මට තෙරෙන්නේ නැ මම දන්නේ නැ ඔය කියන ඒ ක්‍රිඩාවෙන් එහෙම එකක් ලැබෙනවද කියලා නම්...

ඇයි ඉතින් පටන් ගත්තු වෙලේ ඉදන් අනිත් කෙනාව මරන්නම වගේනේ ලැස්ති වෙන්නේ... මම දැකලා තියනවා සමහර තරග වලදි කොච්චර ටෆ් ගේම් එක සෙල්ලම් කරනවද කියනවානම් ප්‍රතිවාදියා එක්ක ගේම් එක හොදට සෙල්ලම් කරලා ගේම් එක දිනාගන්නවා වගේම තරග තිරකයාටත් හොදටම නෙලන වෙලාවල්...
ඒ වගේම ඉතින් අර පැරදෙන තරග කාරයා එක්ක ඇවිත් තිබුනත් වෙන්ට බිරිය හරි උනු බිරිද හරි අනේ අවාසනාවන් කන්න පුලුවන් බඩ පිරෙන්න
අතපය විතරක් නෙමේ යකඩ පු‍ටු පොලු පාරවල් උනත් මදි නොකියන්න මේවගෙන් ලැබෙනවානේ...

ඇත්තටම මේවා ගොඩාක් සල්ලි උඩ දුවන සෙල්ලම්...ගොඩාක් අය ඔට්‍ටු අල්ලන්න ඒ වගේම මේ සෙල්ලම කරන අයටත් ගොඩාක් ලොකු ආදායමක් හොයාගන්න පුලුවන් ගුටි කාලා, එහෙමත් නැත්නම් කාටවත් නෙලලා...

ඇත්තටම මගේ හිතට දැනේන විදිහට නම් මේ සෙල්ලම ඒ තරම් හොද සෙල්ලමක් නෙමේ මිනි මරුමක් උනත් වෙන්න පුලුවන්නේ... සල්ලි වෙනුවෙන් කියලා එහෙම දේව ල් කරන ඒක කොයි තරම් සාධාරණද කියන එක ප්‍රශ්නයක්

ඒ වගේම කාටවත් ගහන මරන හැටි බල බලා ඉදලා අපිට හිනාවෙන්න පුලුවන්ද ඒකෙන් වින්දනයක් ගන්න පුලුවන්ද??

මේ තරග තියෙන්නේ ලංකාවෙන් ගොඩාක් දුරක ඒත් තරගයක් පැවත්තුනු ගමන් විඩියෝ සෙන්ටර් වල ඕක බලන්න කොයි තරම් පිරිසක් ඉන්නවාද ඔය සිඩි එක අරගෙන යන්න.. ජොන් සිනලා බැටිස්ටලා ගැන ඒදවස් (මම අර ස්කොලේ ගියේ ) යාලුවෝ හරි ආසාවෙන් කථාකරනවා ඒ විදිහට ඇග හදාගන්න ඒ අය වගේ ගහගන්න පුදුම උනක් ඒ අයට තියෙන්නේ..  ඒත් ඇත්තට්ම කාටවත් සල්ලි හොයලා දෙන මාරක අවදානමක් තියෙන කාගෙවත් ලේ හොල්ලන මේ තරග ගැන මට නම් ඇත්තම කියන්න දෙයක් නැ... මේවාගේ තරග නිති ගැන මම නම් දන්නේ නැ..

කාලයක් මේ නම තියන අය බ්ලොග් ලියන අයටත් කරදරයක් වෙලා තිබුනනේ,, දැන් ඒ අය හොද වෙලා වගේ හිතෙනවා.. එහෙම තමයි වෙන්න ඕනේ තමන්ගේ වැරදි තේරුම් ගන්න ඕනා එක වැරද්දක් වැරද්දක් කියලා දැන දැනම ආයේ අයේ කරන එක මෝඩ කමක් කියලා තේරුම් ගන්න තරම් මොලයකුත් ඕනනේ

නිකමට හිතුන නිසා ලිවා ඇත්තටම රෙස්ලින් කියන්නේ ක්‍රිඩාවක්ද එහෙමත් නැත්නම් ........******* වෙන මොකක්හරි එකක්ද??

46 comments:

  1. මගේ නම් එච්චර ඉන්ට්‍රේස්ට් එකක් නැති ගේම් එකක් තමා ඔය රෙස්ලින් කියන්නෙ ....
    ඒත් ඕකට වහ වැටුන පොරවලුත් ඉන්නවා ......

    ReplyDelete
  2. මොන දෙයක් නිසාද මන්දා මං නම් වරද්දන්නේ නැතුව රෙස්ලින් බලනවාම තමයි...

    ReplyDelete
  3. දේව ...සුදෝ කියනේ රෙක්ලින් කියල අපි කියනේ මල්ලව නේද? ....ඕක කොරන හැටි මෙන්න http://www.youtube.com/watch?v=PaYf6D49VR0&feature=feedlik

    ReplyDelete
  4. ඔයා ඔය බලාපු තරඟෙ මට හිතෙන විදියට නම් Entertainment Wrestling කියන එකක්... ඒවායෙ ගහගන්නෙ ඇත්තට නෙවෙයි... බොරුවට...

    ReplyDelete
  5. Does the word "Entertainment" make any sense to you ? LOL

    ReplyDelete
  6. ඕවයේ ඇත්තටම මරා ගන්නේ නෑ. සම්පූර්ණයෙන්ම කරන්නේ බොරු මවා පෑම !!!
    ඔහොම මරා ගන්නවා නම් ආයේ ක්‍රිඩා කරන්න එන්න බැරි වෙනවා. ගමකට කාලා හිටියත් අන්තිමේදි නැගිටලා යන්න තරම් ශක්තියක් තියෙන්නේ !!!

    මේක කියෙව්වම කාලෙකට කලින් හිටපු රෙස්ලින් කියලා බ්ලොග් ලියන මල්ලිව මතක් උනා !!!

    ReplyDelete
  7. බිස්නස් එකක්
    මිනිහා තුල තිරිසනෙක් ඉන්නා බවට හොඳම සාක්කිය..

    ReplyDelete
  8. රෙස්ලින් කියන්නෙ 100% බොරු හෝ ඇත්ත නෙවේ. ඒක නරඹන්න ඇවිල්ල ඉන්න දහස් ගනනක ඇස් රවට්ටන්නත් ඕනනෙ. ඒවා කලින් ප්‍රැක්ටිස් කරලා කරන දේවල්. ඒවගේම ඉතා සියුම් ආයුධ වලින් තමාගේම ඇග තුවාල කරගෙන රුධිරය පිටතට ගැනීමට ක්‍රිඩකයන් ක්‍රියා කරනවා.

    ReplyDelete
  9. අපොයි මටත් ඔය රෙස්ලින් නම් පේන්නම බේ.කොහොමත් කෙල්ලො ඕවට ආස නෑ නෙ. ඒක මරා ගැනිල්ලක් නෙ අප්පා...

    ReplyDelete
  10. හ්ම්..මගෙනම් කිසිම මනාපයක් නැහැ ඔය රෙස්ලින් වලට

    ReplyDelete
  11. මටනම් හිතෙන්නේ බොරුවට ගහගන්න සීන් එකක් කියලා ඔක,මොකද අර ගහන ගෑහිල්ල සාමාන්ය මිනිහෙකුට ගෑහුවොත් නම් බඩුම තමයි...

    ReplyDelete
  12. හික්ස්....අපේ තාත්තයි මල්ලියි හරි කැමතියි ඕවා බලන්න.....

    ReplyDelete
  13. මටත් පේන්නම බැරි එකක් තමා රෙස්ලින්... අපේ කොල්ලෝ ඔය ජෝන් සීනාටත් බැටිස්ටා ටයි තව අරුන් මුනටයි මැරෙන්න යන හැටි දැක්කම මට හිතෙන්නේ උන්ව උස්සලා පොලොවේ ගහන්න. බොරුවට ගහගත්තත් ඔහොම ගුටිකද්දි බලා ඉන්න පුළුවන්ද අම්මපා. අනික ඕක බැලුවා කියලා ලැබෙන ආතල් එක ??? රෙස්ලින් බලන එකාට හිතෙන්නෙත් ලඟ ඉන්න එකාට දෙකක් නෙළන්නම තමා. ඔන්න මහ ලොකු ක්‍රීඩාව !

    ReplyDelete
  14. ඇත්ත.ඔකේ තියෙන්නේ තනිකරම රංගනයක්.ඔය සිඩි 1ක් පිසි එකේ ස්ලෝ කරලා බැලුවම ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්.හැබැයි මාත් ඒ දවස්වල උඩ දාගෙන බැලුවා.බොරුවක් කරන්නේ කියලා තේරුනාම එපා වුනා.

    ReplyDelete
  15. අපේ ගෙවල්වල පිරිමි හරි ආසයි මේව බලන්න. මමනම් ආසයි සෙල්ලම් කරන ක්‍රීඩකයොන්ගේ පෙම්වතියන් කෑගහන හැටි බලන්න .. ගෑනුත් නිකම් යක්කු වගේ ...
    …අප්පේ මේ ගෑනු මිනිස්සු එකතු උනාම කෝමට ඇද්ද ?

    ReplyDelete
  16. ඕක සෙල්ලමක් නෙවෙයි. ඇත්තටම රෙස්ලින්, ගොන්පොර වගේම රූපසුන්දරී තරඟත් එක එක මිනිස්සුන්ගෙ මානසික අසහනය දුරුකර ගන්න කරන ඒවා තමයි. කාලීන ලිපියක්

    ReplyDelete
  17. දේවා මාත් ඔය සෙල්ලමට කැමති නෑ බං....
    ඔයිට වැඩිය කොච්චර හොඳද අංගම් පොරේ බලාන ඉන්ට හරී පුලුවං

    ReplyDelete
  18. ඕක සෙල්ලමක් නෙවෙයි. ඇත්තටම රෙස්ලින්, ගොන්පොර වගේම රූපසුන්දරී තරඟත් එක එක මිනිස්සුන්ගෙ මානසික අසහනය දුරුකර ගන්න කරන ඒවා තමයි. කාලීන ලිපියක්

    ReplyDelete
  19. This is not original wrestling...

    ReplyDelete
  20. පන්සල් හන්දිය : මමත් අනේ අකමතිම ක්‍රිඩාවක් තමා මේ අය්යේ... අනිවා අනිවා

    ReplyDelete
  21. දිනේෂ් : මට නම් දිරවන්නේම නැ බන්....

    ReplyDelete
  22. රතු මුහුද: අය්යාත් හොයාගන්න දේවල්...

    ReplyDelete
  23. ඔබ නොදු‍ටු ලොවක් : එහෙමද බන්.............

    ReplyDelete
  24. මියුරු : අම්මේ අක්ක දන්න දේවල්.. බොරුව උනත් ඔහොම නෙලනකොට අම්මේ

    ReplyDelete
  25. මධුරංග : ඒකනම් ඇත්ත තමා අය්යා... මැරෙන්න ලන්වෙනකන්ම ගහනවා එත් අන්තිමේ උන් ටික කෙලින්.. ඔය තරම් සෙනග මැද කොහොමද ඒත් බොරුවක් කරන්නේ...

    ReplyDelete
  26. මාතලන් : එකගවෙමි 1000%ක්ම

    ReplyDelete
  27. රාජ්: විශ්වාස කරන්නත් අමරුයි අෆ්ෆා.... සල්ලි වලටද මේ ඔක්කොම එතකොට...

    ReplyDelete
  28. නිසුපා : මම දන්න කියන කෙල්ලෝත් ඉන්නවා අනේ ඕවට පිස්සු වැ‍ටුන...

    ReplyDelete
  29. නිසුපා : මම දන්න කියන කෙල්ලෝත් ඉන්නවා අනේ ඕවට පිස්සු වැ‍ටුන...

    ReplyDelete
  30. ඔ්වෑ අැති රෙස්ලිමක් නෑ! දන්න තරමිං ඔය පෙන්නන රෙස්ලිං සම්මත නීතිරීති හා ක්‍රම වලට පටහැනියි ලු! (මම අැත්ත රෙස්ලිං ඉගෙනගෙනත් නෑ බොරු එ්ව වීඩියෝ බලලත් නෑ! අත්දැකීම් දෙකම තියන කෙනෙක තමා කිව්වෙ!)

    ReplyDelete
  31. සයුරි : මගෙත් ඇත්තෙම නැ නොවැ...

    ReplyDelete
  32. සිතුවිලි නිහඩයි : ඔයා එහෙම ඕවට මැදි වෙන්න එපා කන්න වෙයි හොදටම

    ReplyDelete
  33. චතුරංග පෙරේරා : අනේ අය්යේ ඔයා නම් ඕවා බලන්න එපා ආයේ.. අර අසරන අක්කා පව්.. (හිකිස්) ඇත්තටම මේවගේ ඒවානම් නැති තරමටම හොදයි

    ReplyDelete
  34. Kc : ඒකනම් හොයාගෙනම බලන්න වටිනවා යලුවා... කොහොමත් විකාරයක් නම් තමා ඉතින්

    ReplyDelete
  35. ගිම්හානි : ඔන්න ඔයා කිවා දවසේ කථාව.. ඇත්තම පිස්සු හැදෙයි සද බැබලෙයි වගේ ඇති ඒ ගෙවල් නම්

    ReplyDelete
  36. ලකි වික්‍රමසිංහ : ඇත්තටම ඒවගෙන් ලැබෙන දෙයක් ඇත්තෙම නැ නේද අය්යේ

    ReplyDelete
  37. රාජ් : මම කැමතිම නැ බන්...

    ReplyDelete
  38. @දේවා ගේ අඩවිය :
    අයියෝ සනා සෙනග මැද්දේ බොරු කරන එකනේ මැජික් වල කරන්නේ. අනිත් එක ඔය රෙස්ලින් බලන්න එනවා වගේ පෙන්වන්නේ ඒ රගපෑමට උදවු කරන මිනිස්සු වෙන්ටෑ...

    ReplyDelete
  39. මං අදමයි යාළුවා මේ පැත්තට ආවේ. බ්ලොග් එකනම් සිරා. මේ ලිපියට සහ ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක්‌ මේ වීඩියෝ එකේ ඇති! WWE is a FAKE මේවා ඇවිල්ල තනිකර ෆැන්ටසි. අපි හැමෝම කැමති විරයොන්ටනේ! මමනම් කියන්නේ බැලුවට කමක් නැහැ. හැබැයි ඇත්ත දැනගෙන.
    වීඩියෝ ගොඩක් තියෙන නිසයි කෙලින්ම එකක් නොදා සෙට් එකේම ලින්ක් එක දැම්මේ. ඕවගෙන් කොයි එක බැලුවත් හරි. වීඩියෝ දෙක තුනක් බැලුවනම් හරියටම තේරුම් ගන්න පුළුවන් ඇත්ත බොරුව!! ගිහින් එන්නම්. ඔබට ජය!
    THE MAX

    ReplyDelete
  40. රෙස්ලින් කියන්නේ ඇත්තටම Entertainment ක්‍රීඩාවක්. මං නොකඩවා අවුරුදු 12 Raw එකත් Smackdown එකත් නරබලා තියෙනවා ( WWE ) මුල් කාලයේදී තරමක් ඇත්ත කියලා හිතුවට පස්සේ මං සෑම තරගයක්ම නරබද්දී තේරුම් ගත්තා මවාපෑමක් කියලා ....හරියට කියනවම් අපි කවුරුත් කැමතියි Movies බලන්න.මේකත් ඒ වගේ තමයි.වෙනසකට තියෙන්නේ stedium එක ඇතුලේ ඉන්න නරබන්නන් හට Live බලන්න පුළුවන්.ඒත් ඇත්තටම තියෙන විශේෂත් වේ මේ ක්‍රීඩකයෝ ක්‍රීඩාකරන විදිහ බැලුවොත් රෙස්ලින් ක්‍රීඩාවේ මුල් යුගයේ ක්‍රීඩකයෝ වගේ නෙමෙයි .දැන් සෑම ක්‍රීඩකයෙක්ම තාක්ෂණයෙන් අංග සම්පුර්ණයි.මේ සියලු දෙනාම තමන්ගේ තරගයට පෙර තමන් තරග කිරීමට තිබෙන තරගයේ ඉරියව් සියල්ලම පුහුණු වෙනවා...හරියට අපි කොටස් වශයෙන් නරබන කතාවක් වගේ ...

    ReplyDelete
  41. රෙස්ලින් කියන්නේ ඇත්තටම Entertainment ක්‍රීඩාවක්. මං නොකඩවා අවුරුදු 12 Raw එකත් Smackdown එකත් නරබලා තියෙනවා ( WWE ) මුල් කාලයේදී තරමක් ඇත්ත කියලා හිතුවට පස්සේ මං සෑම තරගයක්ම නරබද්දී තේරුම් ගත්තා මවාපෑමක් කියලා ....හරියට කියනවම් අපි කවුරුත් කැමතියි Movies බලන්න.මේකත් ඒ වගේ තමයි.වෙනසකට තියෙන්නේ stedium එක ඇතුලේ ඉන්න නරබන්නන් හට Live බලන්න පුළුවන්.ඒත් ඇත්තටම තියෙන විශේෂත් වේ මේ ක්‍රීඩකයෝ ක්‍රීඩාකරන විදිහ බැලුවොත් රෙස්ලින් ක්‍රීඩාවේ මුල් යුගයේ ක්‍රීඩකයෝ වගේ නෙමෙයි .දැන් සෑම ක්‍රීඩකයෙක්ම තාක්ෂණයෙන් අංග සම්පුර්ණයි.මේ සියලු දෙනාම තමන්ගේ තරගයට පෙර තමන් තරග කිරීමට තිබෙන තරගයේ ඉරියව් සියල්ලම පුහුණු වෙනවා...හරියට අපි කොටස් වශයෙන් නරබන කතාවක් වගේ ...

    ReplyDelete
  42. රෙස්ලින් කියන්නේ ඇත්තටම Entertainment ක්‍රීඩාවක්. මං නොකඩවා අවුරුදු 12 Raw එකත් Smackdown එකත් නරබලා තියෙනවා ( WWE ) මුල් කාලයේදී තරමක් ඇත්ත කියලා හිතුවට පස්සේ මං සෑම තරගයක්ම නරබද්දී තේරුම් ගත්තා මවාපෑමක් කියලා ....හරියට කියනවම් අපි කවුරුත් කැමතියි Movies බලන්න.මේකත් ඒ වගේ තමයි.වෙනසකට තියෙන්නේ stedium එක ඇතුලේ ඉන්න නරබන්නන් හට Live බලන්න පුළුවන්.ඒත් ඇත්තටම තියෙන විශේෂත් වේ මේ ක්‍රීඩකයෝ ක්‍රීඩාකරන විදිහ බැලුවොත් රෙස්ලින් ක්‍රීඩාවේ මුල් යුගයේ ක්‍රීඩකයෝ වගේ නෙමෙයි .දැන් සෑම ක්‍රීඩකයෙක්ම තාක්ෂණයෙන් අංග සම්පුර්ණයි.මේ සියලු දෙනාම තමන්ගේ තරගයට පෙර තමන් තරග කිරීමට තිබෙන තරගයේ ඉරියව් සියල්ලම පුහුණු වෙනවා...හරියට අපි කොටස් වශයෙන් නරබන කතාවක් වගේ ...

    ReplyDelete
  43. නියම Fighting බලන්න ඕනේ නම් (UFC) - Ultimate Fighting Championship තාමයි...

    ReplyDelete
  44. ufc athama awa yanawa.wwe kiyanne dn boruwak. 2000 ta kalin atha. 2000 passe tama wwe une

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....