ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

13 October, 2011

සල්ලි කාර ආඩම්බර කෙල්ලක් II ,අවසානයේ ඔක්කෝම කනපිට

ගොඩාක් කල් ගන්නේ නැතුව කථාවේ ඉතුරු ටිකත් ඉක්මනට දාන්න හිතුවා... කථාවේ මුල් ටික කියවලා නැත්නම් මෙතනට ගිහින් කියවලා එන්නකෝ...

කොහොම හරි ගුඩ් මෝනින් නම් කිවානේ කෙල්ල... අනිත් එක මේක මහලොකු දෙයක් විදිහට නොදැනුනාට ඒ දවස් වල නම් මහ ලොකු දෙයක් තමා මොකද හිටපු රෙස්පෙක්ටබල් ලයිෆ් එකත් එක්ක එහෙම දෙයක් රසිකාගෙන් බලාපොරොත්තු වෙන්න බැ....

ටික දවසකට පස්සේ නිවාසාන්තර ක්‍රිඩා උත්සව කාලේ (ශා.... ලියන්න බැරි උන කථා ගොඩාක් මේ මිට් එක්ක බැදිලා තියනවා ඒවා ඉස්සරහට ලියවෙයි දවසක) පටන් ගත්ත නිසා ගොඩාක් අපේ වැඩේට වෙලාව වෙනදට වඩා තිබුනා...

මචං දේව් ඔන්න දවස් ටිකනම් මෙන්න දවස් ටික... අනේ කොල්ලෝ මට කොහොමහරි මේක ගොඩ දාගන්න උදව් කරපන්කෝ.. මේ උදේ වරුවට නිමලා මට ඕක විසි තිස් වතාවකට වඩා කිවා....

අනිවා බලපන්කෝ කොහෙද කියලා... රසිකා....

අනේ දේවා අද ක්‍රිකට් ඉතින් මාත් සෙල්ලම් කරනවා කොහොමහරි මගේ වැඩ ටික පෙන්නන්න ඕනා බන්

ඔය තියෙන්නේ අද හොදට පරිස්සමට බැට් කරපන් ගේමෙන් බාගයක් ගොඩ අද මෙතන උබ හිරෝ උනොත්..... මම ඉතින් අතිරේකනේ ඉන්න වෙන්නේ ක්ලාස් නිසා මට ප්‍රැක්ටිස් එන්න උනේ නැනේ..

උබ මගේ වැඩේ අද පොඩ්ඩක් බලපන් දේව් ...

අතරතුර//

දේව් අද සනා ඇබ්සන්ට් ටිම් එකට එකෙක් අඩුයි එනවා නේද සෙල්ලම් කරන්න..

මටමයි වෙන්නේ මොනවා කරන්නද බන් එහෙමනම් සෙල්ලම් කරමු.. නිමලා කිව නිසා මාත්ග් වැඩේට සෙට් උනා..

ගැමුනු කන්ඩායම දැන් අසිරු අවථාවක තව පන්දු 34ක් තුල කඩුලු 2ක් ‍රැක ගනිමින් ලකුනු 78ක් ‍රැස් කිරිමයි දැන් අභියෝගය යකඩ කටින් කැ ගහනවා..(මාත් ගැමුනු ටිම් තමා)

පිටියේ ‍රැදි සිටින්නේ නිමල් සමග අලුතෙන් පිටියට පැමිනි දේවායි.. පරික්ශාකාරි ඉනිමක් ක්‍රිඩා කරන නිමල් මේ වනවිට පන්දු 45කට මුහුන දෙමින් ලකුනු 18ක් ‍රැස් කරගෙන පිටියේ තම අන්තය ‍රැක ගැනිමට දැඩි සටනක..බලමු නව පිතිකරුගෙන් ඔහුට ලැබෙන සහයොගය ....

තිසර කණ්ඩායමේ වේග පන්දු යවන චානක දිව එනවා ඔව් අති දැකුම් කලු පහරක් පන්දුව ඉහලින්ම ඇදියනවා... කුමා දිව යනවා පන්දුව උඩ පන්දුවක් බවට පත් කරගැනිමේ අරමුනින් (ඔල්වරසන් නවති දැස් දල්වා බලා සිටි) දේව් ගේ පිත්තෙන් නික්මන පන්දුව ඔව් ඔව් මේ අවස්ථාවේ කුමා ‍රැක ගන්නවා.... අවාසනාවක මහත ඔහු පිටියෙන් එපිට... ගැමුනු කණ්ඩායම තරගයේ පලමු 6 පහර දේවාගේ පිත්තෙන්...

තවත් හතරේ පහරක් දේව් පිටිය වර්නවත් කරනා මොහොතක...
මේ අතරම නිමල්ගේ පිත්තෙන් 4 පාරවල් 2,3ක්ද එල්ල වු අතර
අවසන් පන්දු වාරයේ අවසන් පන්දු 3 තුල ලකුනු 9ක් ලබා ගැනිමේ අවස්ථාවක් දැන් ගැමුනු පිල වෙත///

තරගේ බර කරට ගෙන පිටිය මැද අනසක පතුරනා දේව් ට පුලුවන් වේයිද මේ ඉලක්කය සපුරා ගන්න... එනවුන්ස් කරපු සර් කියනකොට මෙච්චර වෙලා කුල් එකේ උන්නු මගේ හිතත් ගැහෙන්න පටන් ගත්තා.

ඔව් තවත් හතරේ පහරක් මේ සමගින් පන්දු 22ක් තුල ලකුනු 53ක් ‍රැස් කරගනිමින් නව පාසල් වාර්ථාවක්..

ඔව් ඉදිරියට පැන 6 පහරකින් ගැමුනු කන්ඩායම තරගය ජයග්‍රහනය කරනවා.... (කතාව තව දිග වැඩි වෙන හින්දා එදා කියපු දේවල් ඒ හැටි මතක නැති නිසා කැතට දැම්මා හොදේ)

නිමලාටත් මටත් මාර හැපි ඔය අතරේ අපි හවුස් එකට යන අතරෙත් නිමලගේ ඇස් රසිකාව හොයනවා මම බලාගෙන

නොසිතු මොහොතක රසිකා අපි ඉදිරියේ.. වාව් අය්යේ ඔය නියමෙට ප්ලේ කලා.. ඔයා නොවුන්නා නම් අපි අද පරාදයි.... කොන්ගැට්.... කියලා අතත් දික් කලා...
 අනේ රසිකා මම ප්ලේ කලාට සම්පුර්ණ ක්‍රෙඩිට් එක නිමලාට තමා... මට මාර සපොට් එකක් දුන්නේ නිමලා.. නිමලා නැත්නම් අපි පරාදයි... විශ් කරන්නකෝ එයාට... සම්පුර්න ලකුනු මගෙන් නිමලාට....

ඔන්නම් මගෙන් සුබ පැතුම්.. අතත් දික් කරන් රසිකා නිමලා ලග..

මු ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නවා... පයින් පොඩි පාරක් රසිකාට නොපෙනෙන්න නොගැහුවා නම් ඇදගෙන නාන්න තමා වෙන්නේ

අනේ තැන්ක්ස් රසිකා නිමලා කථා කරපු පලවෙනි වචනයද කොහෙද මේ රසිකා එක්ක...

අය්යාලා එන්නකෝ අපි දොඩං හැදුවා අය්යලාත් ඇවිත් බොන්න ( අනේ මන්දා රසිකා ගොඩාක් වෙනස් වෙලා මම ගැන ගොඩාක් උනන්දුයි කියන එක මටත් නොදැනුනාම නම් නෙමේ)

යන්න්කෝ යන්කෝ බලන්න මේ කෙල්ලෝ ටිකට දොඩං ටිකක් වත් හදාගන්න පුලුවන්ද කියලා නැද්ද නිමල්...

වාව්... මම මේ තරම් රස දොඩං එකක් කවදාවත් බිලා නම් නැ මගේ ජිවිතේට ඇත්තමයි.... නිමලා නයෙක් අරිනවා මල් පුරෝලා....

මට නම් ඒ තරම් රසක් නොතිබුන නිසා මුකුත් නොකියා උන්නා...

මම හිතන්නේ අත් ගුනේ වෙන්න ඇති නේද දේව් රසිකාගේ....

රස නොවි කොහොමද රස නැත්නම් ඉතින් ගෘහ විදයා මිස්ව එලවන්න තමා වෙන්නේ.... මිස් තමා ඕක හැදුවේ.....

අනාථයි... ගියා ගාලු කෑවා මාලු... හැන්ගෙන්න පදුරක්වත් එල්ලෙන්න වැලක් වත් තිබුනේ නැත්තේ වෙලාවට....

කොහොමෙන් කොහොමහරි රසිකා අපිතෙක්ක කතා කරන්න පටන් ගත්තා මේ මිට් එක නිසා...
ඇත්තටම අපිත් පුදුම උනේ මේ ආඩම්බර කෙල්ල බැහැලා වැඩ කරනකොට...කිවනේ කලින් මම සල්ලි කාරයි කියලා මිස්ලා ඔක දන්න නිසා නිවාසේ භණ්ඩාගාරික කමට මේකිව දාලා.. අතින් හරි වියදම් කරයි කියලා හිතලා

තින්ත බකට්....

හැම නිවාසයකම මිට් එක අන්තිම දාට හවුස් එකක් හදනවානේ ගොඩාක් අය ගැමි ගෙදරක්.. බලකො‍ටුවක්.. නැවක් .. ඔය වගේ දේවල් තමා හදන්නේ.. මෙදා අපි හැදුවේ මොකක්ද කියලා ඒ හැටි ලොකු මතකයක් නැතත් ඒ වෙනුවෙන් අපි වගේම රසිකාත් ගොඩාක් මහන්සි වෙලා වැඩ කලා..

ඔය හදන නිවාසේ කනු වගයක් පාට කරන්න තිබුනා කලු තින්ත වලින් කොල්ලෝ ටික ඒවා කරනකොට රසිකාගේ සෙට් එකත් ඔතනට බැස්සා ඒ අයටත් කරන්න ඕනා කියලා...

තින්ත ගැවා නෙමේ හැවා.... පැත්තක ඉදන් බලාගෙන උන්නා අපිත්...
තින්ත බකට් එකට පින්සල දලා තින්ත වැඩි කමට එකපාරම රසිකා ගැසුවේ නැතේ පින්සල

චටාස්.........................#######@#$%@

පලාතම ඉවරයි නිමලා හොදටම තින්ත නාලා පැත්තක උන්නු මාත් එහෙමයි....

බලන්න රසිකා කරපු වැඩේ නිමලා ඉවරයිනේ.... දැන් ඉතින් ලිද ගාවට අරන් ගිහින් හොදවන එකයි තියෙන්නේ.....

අනේ සොරි අය්යේ.... දවසක කරන්න වෙන වැඩනේ කවදා කලහම මොකද ඉතින් එක්කගෙන යන්න ලිද ගාවට...  කියාගන්න ඕන දේ මටත් හොරෙන්ම එලියට පැන්නා.....
ටික වෙලාවක් බලාගෙන උන්නු එකපාරම අඩාගෙන කෙල්ල දිවේ නැතේ පන්තියට

අපිට මාරම අප්සෙට්... ඇයි දෙය්යනේ මොකක්ද මේ උනේ එක පාරටම....

මායි නිමලයි ගියා පාන්තියට....

කෙල්ල ඩෙස්ක් එකේ ඔලුව තියන් අඩනවා හොදටම...

කදුලු පිරිලා මුන රතු වෙලා...

ඇයි රසිකා ඇය් අඩන්නේ සිරා ලව් ටොක් එකකින් නිමලා කථා කරන විදිහට මටත් මොනවදෝ වෙගන ගියා මට හොදට මතකයි... එතනින් පස්සේ නිමලා කියපු දේවල් අමතක උනත්...

රසිකා දුන්නු උත්තරේන් අපිට ඉන්න හිටින්න තැනක් නැතිඋනා විතරක් නෙමේ මෙච්චර කල් කරපුවා ඔක්කෝම වතුරේ ගියා..

අය්යේ මම දන්නවා මට හොදටම තේරුනා ඔයලා මාත් එක්ක යාලු වෙන්න ගොඩාක් උත්සහ කරනවා කියලා... මම දන්නවා ඔයාලා ගොඩාක් හොද අය කියලා...එට අය්යේ මට ආදරේ තහනම්... මේ අවුරුද්ද දෙක ඉවර උනහම අම්මලා මාව තාත්තගේ යාලුවෙක්ගේ පුතෙක්ට බන්දලා දෙන්න තින්දු කරලා ඉවරයි... ඒ අය්යා නරක නැ..ආදරේ කියන දේ ඔයාලට වගේ නිදහසේ විදින්න මට අවසර නැ... අනිත් එක කවදාවත් මම අම්මලාගේ තාත්තලගේ හිත රිදෙන වැඩක් කරලා නැ.. ඒ අය මට ආදරෙයි.. ඒ අය්යත් මට එහෙම ආදරේ කරයි කියලා හිත හදාගෙන ඉන්නවා... ඔයාලා හැමදාම මගේ යාලුවෝ වගේ විතරක් ඉන්න... ඒක නැතිඋ කරන්න එපා... ඇත්තටම මම ඉස්සරවෙලාම කොල්ලෙක් එක්ක මෙහෙම යාලුවෝ වගේ කිට්‍ටු උනේ අය්යේ ඔයාට.. මම දන්නවා ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා.. ඔයා නිසා මේ නිමල් අය්යවත් අදුනගන්න ලැබුනා.. අය්යා වගේම හොදයි කියලා මට තේරූනා මේ ටික දවසට.... ඒත් සමාවෙන්න මට... කොහොමත් මම තව අවුරුද්දකට දෙකකට වඩා ලංකාවේ ඉන්නෙත් නැ... එංගලන්තේ අය්යා ඉන්නේ මටත් එහේ යන්න වෙනවා..
පුලුවන්නම් මාව යාලුවෙක් විදිහට ඔයාලා ලග තියාගන්න හැමදාමත් හිතේ..

මට මේක ගොඩාක් ලොකුවට දැනුනේ නැතුවත් නෙමේ.. ගොඩාක්ම අවුල් වෙන්න ඕනේ නිමලානේ

රසිකා මම දන්නේ නැ ඔය අය්යා ඔයාට කොයි තරම් ආදරේද කියලා.. ඒත් ඔයාට විශ්වාසයි නම් එයා ඔයාව ආදරෙන් බලාගනි කියලා මම හිත හදා ගන්නම්.. මහ ලොකු සල්ලි බාගේ නොතිබුනාට මේ හිතෙන් ඔයාට ගොඩාක් ආදරේ කෙරුවා ඔයා දැක්ක මුල්ම දවසේ ඉදන්... එත් මට වටින්නේ ඔයාගේ සතුට.. දවසක ඔයා අය්යගේ මනමාලි වෙන දාට මටත් කියන්න කේක් කැල්ලක් කාලා යන්න එන්න කියලා

මේ කතවේ තව ගොඩාක් දේවල් තිබුනත් ලියන්න පුලුවන් තරම් කෙටි කලා... මම හිත්න්නේ නිමල් හරි ඒක තමා ආදරේ කියන්නේ... ආදරේ කරන කෙනව ලබාගන්න බැරි වුනත් හදවතින්ම සතුටට සුබ පතන්න පුලුවන්නම් ඇත්තටම ඒ හිත ගොඩාක් ආදරනියයි...

ප.ලි : ඇත්තටම නිමලායි මායි දෙන්නම ඒ වෙඩින් එකට ගියා... අද නිමලාත් ලංකාවේ නැ... ලගකදි නම් එනවාලු...

ප.ප.ලි : මේ කථාව මතක් උනේ රසිකා ගේ පුන්චි කෙලි පැටික්කියගේ පින්තුරයක් මේල් කරලා තිබුන නිසා... මතක් උනා ඒ අතිතේ..

ප.ප.ප.ලි : කලින් පොස්ට් එකේ කිවානේ දේවාට කෙල්ලව සෙට් වෙයි කියලා ගොඩාක් අය.. ඔව් සමහරවිට එක වෙන්නත් තිබුනා ඒ අය්ය නොහිටියානම් දවසක් රසිකාම කිවා ඒ කථාව... ඒත් මගේ වාසනාවට ඒ අය්යා උන්නා.... මගේ සුදු මැනික මට මැනිකක්

34 comments:

  1. කතාවේ අවසානය නම් මාරයි !!!!
    මෙහෙම අවසානයක් මම නම් බලාපොරොත්තු උනේ නෑ. මේක සුඛාන්තයක්ත ඛේදාන්තයක්ෆ්හ කියලා හිතාගන්න බෑ. කොහොම උනත් කතාව නම් මරු.

    ඒක නෙමෙයි කොහොමද අර විදිහට හයේ පාරවල් ගැහුවේ? වීවා පවර් බූස්ටර් එකක් කාලා ගියාද ??? :)

    ReplyDelete
  2. හපොයි... පව් අහිංසක නිමල්... හැබැයි ඉතින් ආදරේ දුන්නෑ කියලා කෙල්ලගේ බෙල්ලට දැලිපිහිය තියලා අදින රටේ නිමල් එළ කොල්ලෙක්...

    අපේ OL විද්‍යාව කරපු ටියුෂන් කරපු සර් කියපු කථාවක් මතක් වුනා... බූට් එකක් කාපු නැති කොල්ලෙක්ගේ ජීවිතේ සම්පූර්ණ නෑලු...!!!

    නිමල්ගේ වර්තමානෙත් දාලා පෝස්ට් එක ඉවර කලානම් හොඳයි නේද දේවා මල්ලි...ජය!!!

    ReplyDelete
  3. පිස්සු හැදෙන සඳ... ඉර බදාගෙන බුදි කිව්වලු...

    සාමාන්‍යයෙන් සාතන් කෙල්ලෙක්ට හොඳයි කියන්නෙ නම් නෑ... ඒත් රසික හොඳ කෙල්ලෙක් කියල හිතන්න දේවල් උඹ ලියල තියෙනව... බෑඩ් ලක් සනා...

    ReplyDelete
  4. හම්.....ආදරේ කියන්නේ එක්තරා විදියක පරිත්‍යාගයක් නේද? ඇත්තටම හරිම සංවේදියි අන්තිම හරිය....

    ආ මේ....බොරු කියනවා නේ 6,4 ඒවා ගැහුවා කියලා.....දෙසැම්බර් මැච් එකට එනවනේ....එදාට බලාගන්න බැරියැ මෙයාගේ වැඩ....

    ReplyDelete
  5. Hope everyone is doing well. Nice story.

    ReplyDelete
  6. අෆ්ෆා!
    මටත් මේ දවස් වල උනේ නැතෑ, කෙල්ල කැමතී, බදින්න ආසාවක් නෑලු, වහ කන්නද බං.
    චතුරංග කිව්වා වගේ බූට් කාපු නැති කොල්ලෙක්ගෙ ජීවිතේ සම්පූර්ණ නෑ නෙ :D

    ලංකාවට ගිය කල, දැන් 3න් ගොල්ලොම සතුටින්නෙ,

    මම කැපුනා ආයි ටික කාලෙකට, ජය වේවා මචාං!

    ReplyDelete
  7. හ්ම්ම්... ආදරය ගැන කතන්දර කීයක් නම් ඇතිද..

    ReplyDelete
  8. ඉහි...ඉහි... මට ඇඩේනවා ඔයි.
    ඒත් ඉතින් මෙහෙම ඉවර වෙච්ච එකත් හොදා.උබ ද්‍රෝහීයෙක් නොවී.නිකන් හරි උබ ද්‍රෝහීයෙක් වුනත් මං නම් දොස් කියන්නේ නැ.

    ReplyDelete
  9. එල එල ... කතාවේ අන්තිම ටික යනකොට පොඩි දුකකුයි සතුටකුයි දෙකම හිතට ආවා

    ජය...

    ReplyDelete
  10. හ්ම්...කමක් නෑ සුඛාන්තයක්ම නොවුනත් හොද විදිහට ඉවර වෙලා නෙ මල්ලි.

    රසිකාත් හොද කෙල්ලෙක් වගේ. ඒක නිසානෙ බනින්නෙ නැතුව කියන්න තියෙන ටික මූනටම කිව්වෙ.

    ReplyDelete
  11. මොනා කරන්නද බං.... ජීවිතේ ඔහොම තමා...

    ReplyDelete
  12. අයියේ මේක කියවද්දී මගේ කථාවත් මතක් උනා මට......ලස්සනට ලියල තියනව පට්ට.....

    ReplyDelete
  13. දුක හිතුනත් හොඳ අවසානයක්....හැබැයි මට අන්තිමට ලියල තියන ටික තේරුනේ නෑනේ. ඔයාගේ වාසනාවට ඒ අයියා හිටියා කියන එක. ටියුබ් ලයිට් ද මන්දා මම :-/...

    ReplyDelete
  14. මධුරංග : අම්මේ අය්යේ ඒ දවස් වල අපිටත් ඒක කොයි තරම් තදින් දැනුනාද කියලා අපිටත් තාම තෙරෙන්නේ නැ අෆ්ෆා.... ඒත් එක අතකින් සතුටකින් ඉවර වෙන්න වුනා කියලා අපිට හිතන්න පුලුවන් අය්යේ...

    ReplyDelete
  15. චතුරංග පෙරේරා : අය්යේ ඇත්තටම ඒක ඇත්තටම ආදරේ නිසා වෙන්න ඇති අය්යේ... දැන් නිමල් ලංකාවේ නැ කිවනේ අය්යේ.. මිනිහාට දැන් ගොඩාක් හොදයි.. මේ සැරේ නම් ඇවිත් කෙනෙක්ව හොයාගන්න කියලා කියන්න ඕනා මිනිහට..

    ReplyDelete
  16. සාතන් : ඇත්තටම සාතන් අය්යේ රසිකා අඩම්බර කම් පෙන්නුවට ඇත්තටම හොද කෙල්ලෙක් අය්යේ... එහෙම නොවුනා නම් තාමත් අපිත් එක්ක යාලුකම් තියෙවිද අය්යේ

    ReplyDelete
  17. සිතිවිලි නිහඩයි : අනේ නංගෝ දැන් නම් බැට් එකක් අල්ලපු කාලයක්වත් මතක නැ නංගෝ එදාට ඇවිත් තමා අල්ලන්න හිතාන ඉන්නේ

    ReplyDelete
  18. බින්දි : තැන්ක්ස් අක්කෝ....

    ReplyDelete
  19. මලියා : අෆ්ෆට සිරි.... ඇතතටම එහෙම දේවලුත් ජිවිතේට ඕනාද?? මට නම් ඒවා ඔන තරම්...
    ඇයි කාලෙකට කිවේ.. කොහේ යන්නේ

    ReplyDelete
  20. වජිරදේවි : තව ගොඩාක්,.... දිගටම ඉන්නකෝ... කියවන්න පුලුවන්...

    ReplyDelete
  21. KC :
    අනේ යාලු අඩන්න එපා බන්.. ඔච්චර දෙයක් වෙලාත් නිමලාත් ඇඩුවේ නැතිකොට

    ReplyDelete
  22. ගයාන් රුපසිංහ : සිරාවටම..... ස්තුතියි අය්යේ

    ReplyDelete
  23. නිසුපා : ඇත්තටම මොන විදිහද කියලා නම් කියන්න බැ තමා අක්කෝ එත් ඉතින් රසිකා එහෙම හොද කෙනෙක් වගේම කෙලින්ම මුනටම කිවේ මේ කොල්ලෝ දෙන්නහි හොදම නිසානේ

    ReplyDelete
  24. දේව...කතාව ලස්සනයි.......දැන් කියන්න බලන්න ඔයාට කොහෙන්ද සුදු මැණිකක් හම්බ උනේ කියලත්...

    ReplyDelete
  25. ප්‍රසන්න : ඒක නම් එහෙම තමා යාලු

    ReplyDelete
  26. diga : ඒ මොකක්ද අනේ ඔයාගේ කථාව අපිටත් කියන්න්කෝ

    ReplyDelete
  27. හිතාගන්න බැරි විදියටනේ කථාව ඉවර උනේ....කොහොමහරි අහිංසක කෙල්ල බේරුනා !!!!! හික් හික් හික් ......

    ReplyDelete
  28. සයුරි : මේකනේ ඒ අය්යා හිටපු නිසා නිකමටවත් මට එහෙම දෙයක් රසිකා ගැන හිතන්න උනෙත් නැ... ඒ හින්දාම මට ගොඩාක් වටින මගේ සුදු මැණික හම්බවෙලා තියනවානේ...

    ReplyDelete
  29. රතු මුහුද : යාලු ඒ කථාව ගොඩාක් මම බ්ලොග් එකේ කියලා තියනවානේ... පරන ගොඩ අවුස්සන්න වෙනවා හොයාගන්න නම්

    ReplyDelete
  30. තුසිත : අනේ අෆ්ෆේ... නාඩා ඉන්න යාලු..

    ReplyDelete
  31. ඔබ නොදු‍ටු ලොවක්... : ස්ස්ස්ස්ස්ස් කැ ගහලා අපේ කාඩ් කුඩු කරන්න එපා යාලු

    ReplyDelete
  32. ලස්සන ආදර කතාවක්. මේවා තමයි නියම ආදර කතා කියන්නෙ. එකිනෙකාට වෛර කරන්නෙ නැතුව සතු‍ටු වෙන්න පුළුවන් නම් ඒ තමයි සබෑ ආදරය....

    ReplyDelete
  33. ඇඩේනවා, මදැයි සතියකට පස්සේ කැෆේ එකකට රිංගලා ඉතුරු ටික කියවන්න ආවා. බුට් කාපු නැති කොල්ලෙක්ගේ ජිවිතේ නම් සම්පුර්ණ න තමා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....