ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

11 October, 2011

සල්ලි කාර ආඩම්බර කෙල්ලක්, යාලුවෙක් වෙනුවෙන් I (good morning)

ඔන්න මුලින්ම කියනවා මම මේ කථාවේ මේන් රොල් එක නම් නෙමේ කරන්නේ.. මගේ ගොඩට මේක නම් දාන්න හදන්න එපා කියලා ඉල්ලන ගමන්ම කථාව පටන් ගන්නම්කෝ...

මගේ යාලුවෝ සෙට් එකෙන් ගොඩාක් අය ගැන තාම මේ බ්ලොග් එකේ ලියවෙලා නම් නැනේ... ඉස්සරහටත් ලියවෙයි..

මේ යාලුවා මට හොදම ‍ෆිට් කෙනෙක් වෙන්නේ මැත්ස් කරන්න කියලා උ.පෙ ට ආවට පස්සේ.....

යාලුවාත්  දැන් ඉතින් ටිකක් වැදගත් කියන ජොබ් එකක නිසා බැරි වෙලාවත් මේවා බලනවානම් ඉතින් හොද මදිනේ ඒ නිසා ඔන්න මම කියපු කාඩ් එක විතරක් කියනම්කෝ...

නැ නැ ඒකත් ඔනේ නැ මොකද මුලු ස්කොලේම දන්න ඒ කාඩ් එක කියලා කොල්ලාගේ මුන රතු කරවන්නේ මොකටද අපි ඔන්න නිමල් කියලා කියමුකෝ ලේසියට නිමලා කියමු....

නිමලා (කොල්ලෙක් හොදේ) මට හොදම ‍ෆිට් එකක් උනේ උගේ ලව් එකට හොදම සපොටර් උනේ මම හින්දා...
මේක වෙනකොට මේ ලව් එක කන්ෆොම් වෙලා නැ.. කෙල්ලට අපි රසිකා කියමුකෝ... මේ කෙල්ල ඉතින් ටිකක් විතර අමුතු ලස්සනක් තියන ආඩම්බර කාර කෙල්ලක්.. හැමදාම තාත්තාගේ බෙන්ස් එකේ ගේට් එක ලගටම එන මේ කෙල්ල හවසට අම්මා ඇවිත් ගෙට් එක ලගදිම වාහනේට දාගන්න නිසා මෙහෙම දෙයක් කෙල්ලගෙන අහනවා තියා හිතන්නවත් කොල්ලෙක් කවදාවත් උත්සහ කරලා නැ...
යාලුවෙකුගේ කෙස් එකකට බඩේ බත් ටික වගේ ලග ඉන්න කොල්ලෙක් හින්දා ඒ කාලේ මම නිමලා මාවත් සෙට් කරගත්තා මේ වැඩේට..

කෙල්ල හැමදාම අදින්නේ අලුත් ගවුම් (මාසෙකට වඩා මම හිතන්නේ අදින්නේ නැතුව ඇති එක ඇදුමක්) එහෙම කිවේ ඒවා ඉතින් හැමදාමත් කිරි සුදු පාටින් බබලන හින්දා.. (දන්නේ නැ ඉතින් සෆෙක්සෙල් හින්දාද කියලා)  ආඩම්බර කම කොයි තරම් උනත් ඉගන ගන්න එකත් සුපර් මිටර්.. කොල්ලෙක් යාලුවෙන්න අහනවා තියා රසිකා එක්ක ලග උන්නු යාලුවෝ සෙට් එකෙන්වත් එහෙම දෙයක් නාහන තරමට කෙල්ලට සලෙන්ඩර්..කොල්ලෝ ටික..

නිමලා ගැන කතා කරනවා නම් ඉතින් කියලා වැඩක් නැ... සපත්තු දාන්න ඕනේ නිසාම අමරුවෙන් ගත්තු සපත්තු දෙකත් දාගෙන මේස් කලිසමෙන් වැහෙන නිසා දවසකට හැර දවසක් මේස් නැතුව (එක මේස් ජොඩුවක් විතරක් දාපු) ආපු කැපවෙලා වැඩ කරපු ගොඩාක් අය කැමති කොල්ලෙක්...

දේව් ගැන කථා කරන්න ඕනේ නැනේ කලින් කථාවක විදුහල්පතිගේ රෙකොඩ් එක මතකයිනේ...

කොහොම උනත් අපි මැත්ස් කරපු නිසාම මේක ගොඩදාගන්න ගොඩාක් ෆුල් ට්‍රයි එකක් දෙන ගමන් කරපු පිස්සු ආතල් ආදර කතාවක් තමා අද කියවන යන්නේ සමහර විට කොටස් වලට කැඩේවි එහෙම උනොත් සොරිම තමා..

දේව් මට ලොකු උදව්වක් ඕනා බන්.... ඔහොම කියාගෙන දවසක් මගේ ලගට නිමලා ආපු හැටි මට තාම මතක් වෙනවා...

මොකක්ද බන් උබලට නොකරන උදව් තියනවද බන් අපි ලග මමත් බොක්කෙන්ම කියලා කරට අතත් දා ගත්තා..

මචෝ අර කොමස් එකේ රසිකා ඉන්නවා නේද බන්... මට ඒකිව ඕනා බන්...

මේ නිමලෝ උබ හිතන්නේ එකි සෙල්ලම් බඩුවක් කියලාද මට කඩෙන් අරගෙන දෙන්න පුලුවන් විදිහේ ඔහොම ඕනා කියලා ඉල්ලුවා කියලා...

අනේ එහෙම නෙමේ බන් දේව් මම ඒකිට ආදරෙයි බන්.. මට කොහොමහරි මේ වැඩේ කරගන්න උදව් කරපන් බන්...

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

මෙච්චර කාලෙකට මේකේ කවුරුවත්ම ට්‍රයි නොකරපු කෙල්ලට උබ ට්‍රයි කරලා ස්කොලෙන් යන්න වෙයිද දන්නේ නැ අපි දෙන්නටම... එත් ඔය වගේ දෙයකට එන්ටර් උන උබ ආයේ පස්සට අඩිය තියන්න හොද නැ අපි බලමු ට්‍රයි එකක් දාලා..

අපි මැත්ස් කරපු හින්දා.. රසිකා කොමස් කරපු හින්දා වගේම හරියටම ටයිම් කිපර්ස්ලා වගේ අම්මයි තාත්තයි රසිකාගේ ආරක්ශක දැලක් එලලා තිබුන නිසා ඔය වැඩේ හිතන තරම් වත් කියන තරම්වත් ලේසි නැ කියලා අපි දෙන්නම දැන ගෙන උන්නා...

ඒ කාලේ අර නායක පට්ටමට අමතරව ඉස්සරහට පන්ති කියන කැල්ල අයින් වෙලා ශිෂය කියන කැල්ලකුත් එකතු වෙලා තිබුනනේ... ඒ හින්දාම නිමලාගේ කෙස් එකට පොඩ්ඩක් විතර උදව් කරන්න පුලුවන් කමකුත් නොතිබුනාම නෙමේ..

අඩුම තරමේ නිමලා එහෙම එකකටවත් ට්‍රයි කරනවා කියලා රසිකා තාම දන්නේවත් නැ...

පම්පෝරියක් නෙමේ මේක නම් ගොඩාක් කෙල්ලාන්ගෙන් හිත දිනා ගැනිමේ හැකියාව මට ගොඩාක් හොදින් තිබුනා කියලා දන්න නිසාම වෙන්න ඇති නිමලා මාවම මේකට තොරගන්න ඇත්තේ අනිත් එක කවදාවත් මිත්‍ර දොහිකමක් නොකරනවා කියන විශ්වාසේ..

උසස් පෙල කරන්න අම්මලා තාත්තලාගේ ස්ථාන මාරු නිසා මේ අපේ ස්කෝලේට ආපු රසිකා එක්ක අඩුම තරමේ ගුඩ් මොනින් කියන වචනේවත් හුවමාරු වෙලා තිබුනේ නැ අපේ කවුරුවත් එක්ක.. අඩුම තරමේ පන්තියේ සෙට් එකත් එක්කවත් ඔනාවට වඩා කතා නොකරපු තමන්ගේ තරමේ අයගෙන එකතු උනු කෙල්ලෝ 6,7 එක්ක ඇරෙන්න වැඩි සද්දයකුත් නැ..

හැමදාම උදේට අර නායක පට්ටම නිසා ගෙට්‍ටු ටික මුර කරන්නම වෙනවා අර මගේ එක කථාවක ඔහොම මුරට හිටියේ නැති හින්දා කොල්ලෙක්ගෙන් සර් කෙනෙක් චාටර උන කතාව මතකයිනේ.. ඔලුවට කොකනට් ඔයිල් ගාලා සර් කියපුවහම සර්ට ඒක ජෙල් එකක් වගේ මිටර් වෙලා පොල්තෙල් කියන එක එකපාර මිටර් නොවි කොල්ලට බැනපු කතාව..

 ඒක බ්ලොග් එකේ තියනවානේ now මේ කතාව කියන්නම්කෝ ඉතින්..

දේව් හැමදාම හිටියේ පිටිපස්සේ ගේට් එක ලග ඒ හින්දා රසිකාව මිට් වෙලාම නම් නැ... ඉස්සරහ ගේට් එකේ ඉන්න ප්‍රිෆෙක්ට් එක්ක සුහද මාරුවක් දාගෙන දේව් ඉස්සර ගේට් එකට ගියෙත් මේ නිමලාගේ කේස් එක හින්දාමයි...

පලවෙනි දවස/

කොයි තරම් මේ වැඩේ වැදගත් උනත් මෙතනට අපු පලවෙනි දවසෙම මට ගුඩ්මොනින් කියන අයට මිසක් මම කාටවත් පැනලා දෙන්න ගියේ නැ.. ගොඩාක් අය ඒක නම් කියලාමයි යන්නේ.. එතකොට මුකුත් අඩු පාඩු බලන්නේ නැ කියලානේ හිතන්නේ... ඒක මට දවසක් තේරුනේ 10 වසරේ මල්ලිලා දෙන්නෙකුගේ කථාවකින්.

බලපන්කෝ බන් මම අරුට ගුඩ්මොනින් කියාගෙන ශේප් එකේ මාරු වෙන්න හැදුවේ.. කොහෙද ගුඩ්මොනින් කිවටවත් සලකන්නේ නැතුව හෙට එනකොට මේ නියපොත්ත කපාගෙන එන්න කිවානේ ... අම්මාගෙන් බැනුම් අහ අහ මාසයක් තිස්සේ නිවාඩු කාලේ මේ වවා ගත්තේ.. ඒ විතරක් නම් මදෑ ශර්ට් එකේ ඩබල් ලයින් ටිකත් ලිහාගෙන එන්න කිවානේ... අනේ මන්දා මොනවද මේවගේ වැරදි කියලා... (ඇත්තටම මටත් අදටවට් තෙරෙන්නේ නැ ඩබල් මැශින් ඇයි තහනම් අපේ ස්කොල වල කියලා.. එකෙන් ලස්සනක් වගේම ශක්තියකුත් එනවානේ)

හොව් හොව් කථාව වෙන පැත්තකට යනවානේ... ආයෙත් ලයින් එකට

දවසක් දෙකක් ගෙවිලා ගියා මුනේ හිනාවක් නොතිබුන රසිකා හිනාවෙන්න පටන් අරන් තිබුනා.. ඒත් මම මේ කරන්නේ තව කෙනෙක්ට උදව් කරන්න ඕන වැඩක් නේද කියලා හැම වෙලේම හිතේ තිබුන නිසා ඔනාවට වඩා දුර යන්න දෙන්නත් බැනේ... පලවෙනි දවසේ දෙකේ මම ගුඩ්මොනින් කිවත් හැමදාම උදේට මටත් කලින් ගුඩ් මොර්නින් කියන්න රසිකා පුරුදු උනේ කාලයටත් හොරාමයි...

දවසක් නිමලා ලගට ඇවිත් කොහොමද උබ රසිකාට කිවාද බන්.........

නිමලෝ එකි තාම ගුඩ් මොනින් කියනවා මිසක් වෙන වචනයක් වත් කථා කරලාත් නැ අනිත් එක උබත් පොඩ්ඩක් වචනයක් දෙකක් දාන්න බලපං.. නැත්නම් උබ ගැන මුකුත්ම එකි දන්නේ නැනේ බන්..

මම ට්‍රයි කලා බන්... එත් කොහෙද බන් මට තාම අඩුම තරමේ ගුඩ් මොරින් කියාගන්නවත් පුලුවන් කමක් නැනේ බන්..

උත්සහය අතහරින්න එපා බන් මොනවා උනත් මම ඉන්නවානේ බන් උබත් එක්ක....

ඒක තමයි බන් මට තියන එකම සැනසිම.. අපි බලමුකෝ....

සති කිහිපයකින්...

ගැහැනු ලමයිගේ ඔය අඩු පාඩු බලන්නේ නායිකාවොනේ.. මම උදේ යනකොට අපේ උප හෙඩ් නායිකාව රසිකාව අල්ලගෙන...

අතේ මෙහෙන්දි ගාලා ඇත්තටම ගොඩාක් ලොකුවට නෙමේ අර නායිකාවට තියෙනේ බළල් ඇස් ද කොහෙද??? නැත්නම් ඕක ආයේ කාටවත් පේන විදිහක් නැ අතේ තිබුනට...

එතන ඉදන්ම මකන්න කියලා බුදු ෆාට් එකක්... කෙල්ලගේ ඇස් දෙකෙන් කදුලු පිට වෙන සයිස්... අඩන්න මුන බරවෙලා..

ඇත්තටම දුක හිතුනා මට ....

අක්කෝ හැමදාම අහුවෙන කෙනෙක් නෙමේනේ.. ඊයේ පෙරෙදා නිවාඩු නිසා ගෙදරදි ගා ගන්න ඇති අද මකා ගන්න අමතක වෙලා වගේ.. බලන්නකෝ මුන දිහා.. පව් අක්කෝ යන්න දෙන්න... හෙට මකාගෙන නැවිත් තිබුනොත් මෙතන තියාගෙන මකලා දාමු...

කවදාවත් නැතිව මල්ලිට කරුනාවක් පහල වෙලා...... මොකද ඒ....... හා හා.. ඔන දෙයක් එහෙමනම් අදට යන්න පුලුවන්....

කෙල්ලගේ ඇස් වල ඒ දැකපු හැගිම අදටත් මට දැනෙනවා දැනේනවා වගේ....

යන්නම් අය්යේ... (නම දන්නේ නැති නිසා වෙන්න ඇති.. ගුඩ්මොනින් වලින් තොර වචනයකින් රසිකා කතා කලා)

මෙතන ඉදන් තව ගොඩාක් දේවල් උනා.. ඒත් අද පොස්ට් එක දිග වැඩි වගේ... දේව් ගුඩ් මොනින් නම් කිවා ඉතින් ඊලගට මොකද වෙන්නේ කියලා පුලුවන්නම් අනුමාන කරන්නකෝ....

ඉතිරි කොටස කියවන්න දිගටම ‍රැදි සිටින්න අප සමග

44 comments:

  1. ඔහොම යනකොට ඔය ආඩම්බරකම් නම් බහි. ඉතින් ඊට පස්සේ.............. (මචෝ මට නම් ඉතුරු ටික කියවන්න වෙන්නේ තව මාසෙකට විතර පස්සේ තමා. උබේ බැංකුවට වත් ඇවිත් තමා ඉතුරු ටික අහගන්න වෙන්නේ)

    ReplyDelete
  2. අම්බලම : ඒ මොකද යාලු කොහෙද යන්නේ.. කොහේගියත් මම වගේ මොබයිල් එකෙන් පොස්ට් කියවන්න හදා ගත්තානම් වැඩේ ගොඩ.. සින්හලෙන් කමෙන්ට් බැරි උනත් සින්ග්‍රිසි හරි පුලුවන්නේ... බැංකුවට ආවත් කමක් නැ ඉතින්

    ReplyDelete
  3. දේව් මල්ලිටත් ලෙඩේ බෝ වෙලා වගේ.. වෙන මොකවත් නෙමේ බොලව් කතාව කුට්ටි කරන ලෙඩේ. මම නම් ඔහොම මෙහෙන්දි ගාගෙන ආවොත් පලවෙනි පාර හොදින් කියලා පස්සේ දවසෙත් තිබ්බොත් තමා ගේම දෙන්නේ.

    ඉක්මනටම ඉතුරු කොටසුත් ලියන්න මල්ලි. අපි දැනගන්න ආසයි ඒ කෙල්ල කොල්ලට කැමති උනාද කියලා.

    ReplyDelete
  4. ලස්සන කතාවක පටන්ගැන්මක් වගෙයි....

    ReplyDelete
  5. ලියන්න ලියන්න ඉක්මනට ඉතුරු ටිකත් ;) කෙල්ල මෙයාට කැමති උනාද දන්නා අන්තිමට :D :D

    ReplyDelete
  6. ලියමුකො බලන්න ඉතුරු ටිකත්, කෙල්ල මෙයාට සෙට් උනාද දන්නැ :D

    ReplyDelete
  7. මධුරංග :අය්යා එක පාර ලියන්න ගියොත් කියවන එකත් ඒපා වෙයි කියලා හිතුනා දිග වැඩි වෙලා....

    ඉක්මනටම ඉතුරු එකත් දාන්නම්කෝ

    ReplyDelete
  8. ඇනෝ : අනිවාර්යෙන්ම එහෙමයි කියලා හිතමුකෝ..

    ReplyDelete
  9. හ්ම්...මං නම් හිතන්නෙ නිමලාට කෙසේ වෙතත් මලයාට මේක සෙට් වෙයි වගේ...:D

    ReplyDelete
  10. උඹේ යාලුව හරි උඹ හරි උ/පෙ ඉව‍ර වෙන්න කලින් කෙල්ලට කියන්න ඕන එක කියාගත්තද?... ගිහින් තියෙන ස්පීඩ් එකේ හැටියට මේ වෙනකන් වචන 10ක් - 12ක් වත් කතා කලාද කියල සැකයි....

    ReplyDelete
  11. රතු මුහුද : ඇත්තටම සුන්දරයි. බට් ගොඩාක් ඒවා තාවකාලිකයි

    ReplyDelete
  12. dishanrajapaksha : ඒවා රහස්.. ඉක්මනටම කියවමුකෝ.. කැමති වෙනවයි සෙට් වෙනවායි කියන්න දෙකක් නේද???

    ReplyDelete
  13. මේ ලඟදි ගඩොල් පුරුවා ගොඩ ගිය කතාව ලිව්වා.. දැන් මලයා ගොඩ ගිය කතාව ලියනව වගේ..

    ReplyDelete
  14. නිසුපා : අක්කා මගේ කලින්ම ලියපු ලව් ස්ටොරිය කියවලා නැනේ.... ඒකයි ඔය...

    ReplyDelete
  15. සාතන් : කෙල්ලගේ තාත්තා කවුද කියලා අම්මා කවුද කියලා දන්නවානම් අය්යා ඔහොම කියන්නේ නැ.. දැලි පිහියෙන් කිරි කන්න පුලුවන් මිට වඩා ලේසියෙන්

    ReplyDelete
  16. Banuka : මගේ ඒ කථාවේ එපිසොඩ් ගොඩාක් මම කලින්ම ලිවා අය්යේ... මේකත් රියල් කථාවක් නම් තමා

    ReplyDelete
  17. බලමු බලමු අයියන්ඩිගේ කතාව .. කුට්ටි කරාට අවුලක් නෑ එකපාරසේරම ලියන්ඩැයි නේද ?

    ReplyDelete
  18. නෝටිටත් තියනවා ඔය වගේ සාපේක්ෂ අත්දැකීමක්. ඒක නං ලස්සන බාල්දියක් පෙරලිලා තමයි නතර උනේ... මට නිකං ලාවට වගේ හිතෙනවා ඒ වගේ ලස්සන බකට් එකක් පෙරලිලා ඇතී කියලා....

    ReplyDelete
  19. කෑලි කෑලි කඩලා නිකං ටෙලි නාට්‍යක් කරාම කථාවේ ආතල් එක යනවා......

    ReplyDelete
  20. මට හිතෙන්නේ රසිකට නිමල් ගැන කෙසේ වෙතත් දේවා ගැන හිතක් පහල වෙයි වගේ .ලස්සනයි .ඉක්මනට ලියන්න

    ReplyDelete
  21. හිස් අහස : ඒකනේ මල්ලියෝ.. දිග වැඩි උනාහම රසයත් බාල වෙනවානේ.. තියෙන්නෙත් මේ ඇබින්දන් රසයක්.. ඒකත් නැති උනහම එකපාර දාලා....

    ReplyDelete
  22. Naughty's Impression : බාල්දියක් නම් පෙරලෙයිද මන්දා... බලමුකෝ ඊලග කොටසෙන් හොදේ..

    ReplyDelete
  23. ඔබ නොදු‍ටු ලොවක්..: ඒත් යාලු දිග වැඩි උනහමත් ඒකම වෙන්නේ නැද්ද? කියවන්න එපා වෙන්නේ නැද්ද??

    ReplyDelete
  24. බින්දි: හිකිස්......... ඒවා රහස් ඊලග කොටහ වෙනකන්

    ReplyDelete
  25. නිමලා පවු ඈ... මට ඉතුරු ටික හිතාගන්න පුළුවන්...!

    ReplyDelete
  26. අනේ අනේ.....

    ඉක්මනට ඉතිරිය දාන්න....

    ReplyDelete
  27. ඉතුරු ටික මට හිතා ගන්න පුළුවන්,,,
    ජය,,

    ReplyDelete
  28. ආව්....... කෙල්ල කැමති වුනාද??
    ඉතිරි ටිකත් ඉක්මණටම ලියන්න...

    ReplyDelete
  29. අන්න නිල අල්ලන ක්‍රමය......

    ReplyDelete
  30. "පව් අක්කෝ යන්න දෙන්න"
    ආ....ආ.. දැන් ඉතින් නිමලට අඹ සරණයි.....

    ReplyDelete
  31. කෙල්ලො කවුරුද වරදෙ නොබැඳෙන?

    ReplyDelete
  32. prasanna86k :අනේ ඇයි බන් එහෙම කියන්නේ..... පව්නේ.....

    ReplyDelete
  33. සිතිවිලි නිහඩයි : නාඩා ඉන්න නගෝ.. ඉක්මනටම දානවා.........

    ReplyDelete
  34. ගයාන් රුපසිංහ : අනේ ඉතින් කොහොමෙයි ඔයා එක දන්නේ අපේ නිමලාව අදුනනවයි

    ReplyDelete
  35. හිතුවක්කාරි : අනිවා ගොඩාක් ඉක්මනටම දානවෝ..

    ReplyDelete
  36. widanarala : ඒ මොකක්ද මගේ යාලුවෝ...

    ReplyDelete
  37. ලොකු බබා : අනේ ඔන්න වැරදිලා වගේ හිකිස් ඊලග කොටස් වලින් බලමුකෝ

    ReplyDelete
  38. සිබත් : ඒකනම් ඇත්ත... කොල්ලෝ නම් ඉතින් කොහොමත් හොදයිනේ නේද??

    ReplyDelete
  39. මම හිතන්නෙ මම දන්නවා වෙන්ට යන දේ!
    දෙන දෙයියො ගෙදරටම ගෙනල්ලා දෙනවා කිව්වලු ;)

    ReplyDelete
  40. අපෝ මහ ලොකු ආඩම්බරකාර කෙල්ලෝ. හිතන් ඉන්නේ MATRIX එක නලලේ කොටන් ඉන්නවා කියලා...

    ReplyDelete
  41. හා හා බලාගෙනයි...

    ඔන්න හොඳ වැඩ... අපිත් ආසයි ඔය වගේ කථා දෙක තුනකට...

    ඉතුරු ටිකත් කියමුකෝ බලන්ඩ

    ReplyDelete
  42. මලියා : ඉතුරු කොටහත් කියෙව්වානම්

    ReplyDelete
  43. Dulan Asiri Dalugama : සමහරු නම් ඊටත් උඩින් ඉන්නේ බන්..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....