ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

15 October, 2011

ආදරේ ගැන සුභවාදිව කථා කරපු දේවාගෙන් ආදරේ තවත් පැත්තක් (රියල් කතාවකින්) about 3 lax

මගේ බ්ලොග් එකේ ලියවුනේ ආදරේ ගැන සුන්දර කථා විතරමයි... ඒ වගේ අවසානය කොහොම වෙතත් හිතින් හරි සතු‍ටු වෙන්න පුලුවන් වෙන කථා විතරමයි ලියවුනේ... ඒත් ආදරේ කියන්නේ ඒකම විතරද හැමදාම හැමෝටම සතුට විතරද කවදාවත් කවුරුවත් දුක් විදින්නේ නැද්ද ආදරේ වෙනුවෙන්... මේ කතාව එහෙම දෙයක් ගැන... විශ්වාස කරන්න මේක ඇත්තම කථාවක්...

ගොඩාක් අය මේක මගේ එකවුන්ට් එකට දාන නිසාම මම මේක මගේ එකවුන්ට් එකට දාගෙනම ලියන්නම්....

ආදරේ කියන දේ මුලින්ම අකුරු කලේ මේ සිදුවිම නිසා... ජිවිතේට ආදරේ කියන දේ එපා කලේත් මේ නිසා....

දවස මිට අවුරුදු 4කට විතර කලින්...

පාසල් ඉගනුම අවසන් කරන්න එහෙමාත් නැත්නම් උසස් පෙල ලියන්න තව අවුරුද්දක් විතර.. දේව් ආදරේ කරලා තිබුනේ නැ කාටවත්.. අවුරුද්දකට පස්සෙනේ අනිත් බැච් එක එන්නේ.. (නැවක් එනකන් ගොඩාක් අය බලන් ඉන්නවනේ)

හැබැයි දේව් එහෙමම නම් නැ.. මොකද ගොඩාක් අමරුවෙන් ඉගන ගත්තු දේව්ට ඕනා උනේ කොහොමහරි ජිවිතේ ගොඩ දාගන්න කැම්පස් යන්න... ඒත් ඔය අලුත් බැච් එකේ කෙල්ලෙක් නම අපි නම මාලි කියමුකෝ...

දේව් ගොඩාක් අහින්සකයි මාලි අහිංසකයි කියලා නොදැනුනත් ගොඩක් හොද කෙනෙක් වගේ බලන ඕන කෙනෙක්ට පෙනවා.. දේව් ඔය අහින්සක නොවුන ඒත් හොදයි කියලා පෙන කෙල්ලට ‍රැව‍ටුනා කියලා කියමුකෝ...

ආදරේ කියන දේ අයන්න කියවපු තැන නිසා දේව් ගොඩාක් ආදරේ කලා.. ගොඩාක්.. ජිවිතේ හැමදේකටම වඩා... කවදාවත් දුකක් දෙන්න හිතුවේ නැ, උත්සහ කලෙත් නැ... සමහර වෙලාවට ගොඩාක් දේවල් කැප කලා... මේ ආදරේ වෙනුවෙන්..

සත් ගනන් ගෙවෙනකොට මේක දැනගත්තු දේව්ගේ ගුරුවරු නොසැහෙන්න අවවාද කලා..එත් කොහෙද ඒවා පිලිගන්නේ ආදරේ අන්දයිලුනේ...

කොහොම උනත් මේ ආදර කථාව ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා කියමුකෝ... කොහොමහරි ගුරුවරු කිවාඅ වගේම දේව් විභාග ප්‍රතිපලත් එක්ක හොදටම අනථ වෙලා හිටියත් කවදාවත් මාලිට වෑරද්දක් වෙන්න තිබ්බේ නැ ඉඩක්..

දැන් ඇත්තමටම මේ මොනතරම් කැපවිම් කලත් ලොකු ආදරයක් මාලිගෙන් ලැබිලා නැ නේද ඒ කලැත් කියලා අදටත් හිතෙනවා...

කොහොමෙන් කොහොම හරි මාලි ට ඕනා උනා තව ඉගන ගන්න ඒකට ලංකාවේ පිටට යන්න තමා එයා ප්ලැන් කලේ .. ආදරේ කරන කෙනට කියලා ගන්න ඕන තිරනයක් උනත් ඇත්තටම එහෙම දෙයක් එතන උනෙත් නැ මාලි කියන්නෙත් ගොඩක් ලොකු පොසත් පවුලක කෙල්ලෙක් නෙමේ... කොයි තරම් ආදරේ කලත් (සමහරවිට මොඩ නිසා) එහෙම නොකිය ගත්තු තිරනයටත් නයට හොයා ගත්තු රුපියල් ලක්ශ 3ක් දෙන්න තරම් දේවා ආදරණිය උනා...

ආදරේ වෙනුවෙන් එයාගේ අනාගතේ වෙනුවෙන් එයා ඊස්‍රයලට ගියත් ඒ වෙනුවෙන් හොයාගත්තු ලක්ෂ 3 ගැන නොහිතා ආදරේන් සුබ පතන්න්න දේවා එකතු උනා

මාසයක් දෙකක් ආදරෙන් කථාකරපු මාලිගේ පොන් එකෙන් මාස 2,3කට පස්සේ පිරිමි කෙනෙක් කතා කරන්න පටන් ගත්තා මලිගේ අයිතිකාරයා කියලා කියන....

මාසේකට 2කට කෙල්ලෙක් වෙනස් වුන විදිහ හිතාගන්න බැරිව දේව් හොදටම අවුල් උනා.. දරාගන්න බැරි විදිහට හොදටම වැ‍ටුනා.. කථා කරපු වෙලවට කථා කරන්නේ අදුනනෙ නැති රොන් නම්බර් එකකට කථා කරනවා වගේ...

අහස උසට බලාපොරොත්තු හිතේ තිබුනත් ජිවිතේ හැමදේම නැති උනහම මොනවා තවත් කථා කරන්නද???

ප.ලි : ආදරේ නැති උනත් නයට ගත්තු ඒ රු 300000 තාමත් දේව් ගෙවනවා..

ප.ප.ලි: ආදරේ කරන කෙනා තමන්ට ආදරේ නැ කියනවාටත් වඩා කාලයක් ලගින් ඉදපු කෙනා අදුනන්නේවත් නැති කෙනෙක් වගේ කතා කරනකොට ආදරේ කරපු කෙනා කියනකොට දරා ගන්න පුලුවන් කියල හිතනවද ඔයලා... ඇත්තටම බැ.. එත් මොකටද අපිට ආදරේ නොකරන කෙනෙක් වෙනුවෙන් අපි අපේ ජිව්තේ කැප කරන්නේ..

ප.ප.ප.ලි: ආදරේ කරන්න අපිට යක්කු වගේ අය හම්බවෙනා කොයි තරම් ආදරේ උනත් අපි ඒ අයගෙන් ඇත් වෙලා දේවතාවුන් හොයගෙන යන්න වෙනවා නැත්නම් කවදා හරි විදවන්න වෙනවා...

දේව් අද එහෙම දේව්තාවියකගේ ආදරේ විදිනවා.. මේ සිදුවිම උන කෙනා අදටත් පසු තැවෙනවා ඇති... .  
ආදරේ වෙනුවෙන් කැපවෙන්න දේව් එදා මොඩ උනා වගේ ඔයාලට ආදරේ නොකරන කෙනෙක් වෙනුවෙන් දශමයක්වත් කැප වෙන්න එපා...ආදරේ කරන කෙනා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න

44 comments:

  1. හප්පා... මං හිතුවා මලයා මල් මල් කථා ලියනකොට සුන්දර ආදර කථාවක හිමිකිාරයෙක් කියලා... බලන් ගියාම මලයගේ මැණික හම්බුවෙන්න කලින් හොඳ කළුගලකුත් කරගහගෙන තියෙන්නේ...

    ඔයා කාපු බූට් එක ගැන නම් දුකක් නෑ. ඒත්... අයියෝ සල්ලි !!!

    ඔච්චර දරුණුවට චාටර් වෙලා නැතත් මමත් ඔය රීලෝඩ් එහෙම දාලා ගෑනු ලමයින්ට පච වෙලා තියෙනවා... මතක් වෙනකොටත් ඔළුව බිත්තියේ ගහගන්න හිතෙනවා අප්පා... විලිලැජ්ජයි සන්තෝෂයි...!!!

    ඕවා ගණන් ගන්න එපා මලේ... අවංක ආදරේට කවදා හරි හොඳ එකක් හම්බවෙනවා... (දැන් හම්බවෙලානේ) ජය !!!

    ReplyDelete
  2. ඇත්ත අයියේ.. ආදරේ කරන්න ඕනේ දෙවි කෙනෙක් වගේ කෙනෙක්ට මිසක් යකෙක් වගේ කෙනෙක්ට නෙවෙයි.. කොයිතරම් කැපකිරීම් කරත් ඒවා වටින්නේ නැත්නම් ඒ ආදරෙන් වැඩක් නෑ. ඔයා කරපු දේ හරි, ලක්ශ 3ක් දුන්නා වුනත් ඒක ඔයා දුන්නේ හිත හොඳින්නේ, ඒත් එයා ඇත්තටම පසුතැවෙනවා ඇති හැමදාමත්..
    ඒත් යක්ශයොන්ට දේවතාවුන්ට වගේ සලකගෙන ආදරේ කරන අයත් ඉන්නවා නේද අයියේ.. :)

    ReplyDelete
  3. වෙන්ඩ තියෙන දේවල් වලක්වන්න බෑ මල්ලි. ඒ දේ සිද්ධ වෙනවමයි. ආයෙ කියන්න තියෙන්නේ කාව උනත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා. එහෙම ගියාම අන්තිමේදි තමුන් අමාරුවේ වැටෙනකන් දන්නේ නෑ.

    උඩ දෙවි කෙනෙක් කියලා ඉන්නවා. අනිවාර්යෙන් ඔය කරපු දේවල් වලට එයාට මැරෙන්න මොහොතකට කලින් හරි මතක් වෙයි.

    ඒ පවු අනිවාර්යෙන්ම එයාට ගෙවන්න වෙයි. ආදරේ නාමෙන් වැරදි කරන එවුන්ට කවදාවත් සැනසීමක් දීලා නෑ.

    ReplyDelete
  4. “ආදරේ වෙනුවෙන් කැපවෙන්න දේව් එදා මොඩ උනා වගේ ඔයාලට ආදරේ නොකරන කෙනෙක් වෙනුවෙන් දශමයක්වත් කැප වෙන්න එපා...ආදරේ කරන කෙනා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න “

    කොහොමද අපිට අපිවවත් විශ්වාස නැති කාලේ වෙන කෙනෙක් අපිට අවංකවම ආදරේ කරනවා කියල හිතන්නෙ, ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ....

    ඒක නිසා හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන එක තමා හොඳ මට හිතෙන විදියට, අනිත් එක ආදරේ වෙනුවෙන් දෙයක් දුන්නනං ඒක ගැන තැවෙන්න ඕන නැහැ. ඒක දුන්නෙ තමන්ගේ ආදරේ වෙනුවෙන්නෙ ....

    ReplyDelete
  5. ලක්ශ 3, හොදටම වැඩියි, මම ඔය වගෙ මගුලකට රු 100ක් ගියා කියල අදටත් දුක් වෙනවා.

    ReplyDelete
  6. ලක්ශ 3!!! අය්යෝ සල්ලි...
    කමක් නෑ මචන්...
    අවංක ආදරේට කවදාවත් වරදින්නෙ නෑ. උඹට ඔය දෙ කරපු කෙනා පසුතැවෙයි කවදා හරි.

    ReplyDelete
  7. දෙයියනේ කියලා ඔහොම වැඩක් මටනම් වෙලාම නෑ.මොනාඋනත් ඒ යාලුවා පව්

    ReplyDelete
  8. චතුරංග පෙරේරා : දවසක් මම දැක්කා මලියගේ බ්ලොග් එකේ තිබුනා බුට් නොකාපු ජිවිතේකින් වැඩක් නැ කියලා.. මොනවා කරන්නද අය්යා ඒ ඔක්කෝම ජිවිතේ වෙන දේවල්නේ ....

    ආදරේ කියන්නේ පරිතයාගයක්නේ...

    අනිවා අනිවා දැන් මගේ මැනික මගේ ලග

    ReplyDelete
  9. ප්‍රාර්ථනා : ඇත්තටම එහෙම වෙනවා ඇති.... ඔයා අහපු දේට මගේ කථාවත් උදාහරනයක් නෙමේද නංගෝ..

    ReplyDelete
  10. මධුරංග : අනිවාර්යෙන්ම දවසක ආදරේ නාමෙන් කරන වැරදි වලට නම් විදවන්නම වෙනවාමයි... ජිවිතේ ආදරයක් ලබන්න අපිත් ආදරේ වෙනුවෙන් කැප වෙන්න ඕනා තමයි අය්යේ...

    ReplyDelete
  11. යකෝ උබ මාර පොරක් නේ... ලක්ෂ 3ක් කියන්නේ,,, මල හත්තිලව්වයි... කමක් නෑ මචන්... අපිට මිනිස්සුන්ව කාලා බලල අදුන ගන්න බෑ නේ... හොද අත්දැකීමක් ජීවිතේට...

    ජය,,

    ReplyDelete
  12. දෙයියෝ සාක්කි! ඔහොම පොලු තියන්නෙ මොන හිතකින්ද හැබෑටම....... අවංකව ආදරේ කරපු කෙනෙක්ට කවදාවත් වරදින්නෙ නම් නෑ. අන්තිමට නියම ආදරේ ලැබුණනෙ....

    ReplyDelete
  13. ඔහොම අයත් ඉන්නව.ඔය වගේම බූතයෙක් මටත් හිටියා දේවා.හැබැයි මගේ අලාබෙ රු.10000යි.දැන් මට දෙවියෙක් වගෙ කෙනෙක් ලැබිලා ඉන්නවා.මටත් හිතෙනවා අර මනුස්සයා අද විදවනව අැති කියලා. කෙනෙකුට දුකක් දීලා කවදාවත් තව කෙනෙකුට සැනසෙන්න බෑ

    ReplyDelete
  14. ඔයාගේ වේදනාව හොඳින් තේරෙනව දේවා මල්ලි.කොහොම උනත් මේවගේ දේවල් කවදාවත් අමතක කරන්න බෑ. යටපත් කරන්න හැදුවත් උඩට එනවා. ඒකනේ ඔයා දැන් මේක ලීවෙ නේද? කවද හරි එයාට තේරෙයි කල වරද. බලාපොරොතුවක සිත රඳවල ගිහින්..මේ වේදනාව මාත් විඳල තියනව. තාමත් විඳිනව තනියම...

    අපි යම්කිසි විශ්වාසයක් මතයි ආදරය කරන්නෙ.නැවත කලත් ඒකමයිනෙ අපි කරන්නෙ නේද? සිත් මෙතරම් ඉක්මනට වෙනස් වෙන්නෙ කොහොමද කියල මටත් හිතාගන්න බෑ. තීරණයක් අරගෙන දෙන්න වෙන් වෙන එක වෙනම දෙයක්. නමුත් බලාපොරොත්තුවක සිත රඳවල යෑම?

    ReplyDelete
  15. සජිත් : කොහොමද එතකොට 100 * 3000

    ReplyDelete
  16. භානුක : කියලා වැඩක් නැ බන් මට ඉතින් ඔය ගිය දේවල් වැඩක් නැ යාලු.. එකෙන් බේරුන එකමත් ලොකු දෙයක්නේ

    ReplyDelete
  17. තොන්සා : ගොඩාක් පරිස්සමින් යාලු

    ReplyDelete
  18. ගයාන් රුපසිංහ : ඒක ඇත්ත යාලුවා.. කාලා අදුනගන්නවා කොහොම වෙතත් මේවාගෙන් මාරම අත්දැකිම් තමා ජිවිතේට ලැබෙන්නේ

    ReplyDelete
  19. විසිතුරු : අවංකව ආදරේ කරන කෙනාට වරදින්නේ නැ කවදාවත් ආදරේ කරන කෙනාත් අවංකවම ආදරේ කරනවානම්

    ReplyDelete
  20. සුද්දි : ඔයාගේ අලාබේ වගේ 30 ගුනයක්... ඒත් ඊට වඩා දේවල් වෙන්න්න තිබිලා බේරුනා කියලා හිත හදාගන්න වුනා මට...

    ReplyDelete
  21. ගිම්හානි : අක්කෝ... ජිවිතේ අපිට ආදරේ කරන කෙනෙක්ටයි අපි ආදරේ කරන්න ඕනේ එහෙම නැතුව අපි ආදරේ කරන කෙනෙක් විතරක් උනොත් එයා අපිට ආදරේ කරන්නේ නැති උනොත් අපිට පසු තැවෙන්න විදවන්න වෙන අවස්ථා ගොඩාක් වැඩියි... ඉතින් අපි අපිට ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් කැපවෙමු.. අතිතය වලදාලා

    ReplyDelete
  22. කෙල්ලෝ කපටියි.කොල්ලෝ ළපටියි.

    ReplyDelete
  23. දයාබර දේවා,

    මම මෙන්න මෙහෙම එකක් අහල තියෙනව. අපි ජීවත් වෙන්නෙ සිහින ලෝකෙක. අපි බලාපොරොත්තු වෙන දේවල් කවදාවත් සිදු වෙන්නෙ නැහැ. මම මේක ලියන්නෙ ඔබ සමග චැට් එකක් දැන් මිනිත්තු ස්වල්පයකට පෙර දැම්මට පස්සෙ.

    Lake of tears
    Ocean of sorrows
    Valley of death
    End of life

    ඔබට තෙරුවන් සරණයි

    ReplyDelete
  24. මෙහෙමත් වැඩ කරනවද අප්පා...බූට් එක තිව්වත් කමක් නැහැ ගත්ත ගාන වත් දුන්නනම්...

    ReplyDelete
  25. ලක්ෂ 3ක්.. අපොයි දෙයියනේ.. දැන් ඉතින් මොනවා කරන්නද???
    හැමදේම වෙන්නේ හොදටයි කියනවනේ...

    ReplyDelete
  26. අම්බෝ කජු ඇටද කොස් ඇටද ..ලක්ෂ තුනක් නේද..අනේ මන්දා ඉතින් සමහර අයගේ හැටි තමා ඔය

    ReplyDelete
  27. දේව....ඔයාට ඔය මුදල පොලියත් එක්කම එය දෙන්න බලාපොරොතු වෙනවා වෙන්න බැරිද.........?

    ReplyDelete
  28. කෙල්ලො කියන ජාතිය ඔහොම්මමයි.... ඒකි මොනවට තැවෙන්නද දැන් ඇති ජොලියේ.... "සබ්බේ නදී වංකගථා"....

    ReplyDelete
  29. "ඔයාලට ආදරේ නොකරන කෙනෙක් වෙනුවෙන් දශමයක්වත් කැප වෙන්න එපා...ආදරේ කරන කෙනා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න"

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ඇත්ත සහෝ..ඒකනම් හරි....

    ReplyDelete
  30. කෙල්ලො විතරක් නෙමෙයි ඔය වගේ යාළුවොත් ඉන්නවා බලාගෙන.

    ReplyDelete
  31. මටත් හිතුනේ සයුරිට හිතුන දේමයි.

    ඒකට පොලියත් එක්කම තමයි...දැන් ඔයාට රත්තරං වටින කෙල්ලක් ලැබිලා තියෙන්නේ.

    ReplyDelete
  32. බලද්දි දේවාත් මාර වැඩ නෙ කරලා තියෙන්නෙ...

    ReplyDelete
  33. KC : අනේ මන්දා බන් එහෙමම කිවොත් හොද අයට පව් බන්

    ReplyDelete
  34. සරත් ගුණරත්න : සමහර වෙලාවට නේද අය්යේ...

    ReplyDelete
  35. සයුරි : ලක්ශ 3ක් කියන්නේ පොඩි ගානක් නෙමේනේ.. මොනවා කරන්නද මගේ යාලු....

    ReplyDelete
  36. දිනේශ් : අනිවාර්යෙන්ම යාලුවා.. හැමදේම වෙන්නේ හොදට තමයි යාලු

    ReplyDelete
  37. චම්මා: මොනවා කරන්නද බන්.. ජිවිතේ ඔහොමම තමයි

    ReplyDelete
  38. රතු මුහුද : දෙයි දෙයි පොලියත් එක්කම.....

    ReplyDelete
  39. ඔබ නොදු‍ටු ලොවක් : හිතක් තියනවානම් අමාරුයි නේද යාලු...

    ReplyDelete
  40. හිතුවක්කාරි : ඔන්න ඒක මතක තියාගන්නකෝ හැමදාටම හිතු

    ReplyDelete
  41. මාතලන් : ඇත්තටම... එහෙම උනුත් ඉන්න පුලුවන්... මාත් ඔය වගේ යාලුවෝ නිසා අනු නමයෙන් බේරුනේ...

    ReplyDelete
  42. නිල් අහස : අම්මෝ අය්යාව දැකපු කල්.. එහෙම දෙයක් උන එක ගැන මුදල ලොකු උනත් මම අද නම් ගොඩාක් සතුටින් අය්යේ.. ඔයා දන්නවානේ ඒ ඇයි කියලා නේද??

    ReplyDelete
  43. රොශාන් හේරත් : මම නෙමේ යාලු.. මට කරලා තියන දේවල් තමා මාර නේද

    ReplyDelete
  44. හොද වෙලාවට යාලු ලක්ෂ 3 නෙන් බේරැනේ....බැරිවෙලා හරි ඕකිව බැන්දනන් මුලු ජීවිතේම ඉවරයි...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....