ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

23 June, 2011

අම්මෝ ඒ ගේමෙනුත් මම පාස් (මට ඔනේ මහත් වෙන්න - 2)

ඔයාලට මතක ඇතිනේ මම කිව වතුරවත් බොන්න එපා මට ඕනේ මහත් වෙන්න කියලා දාපු පොස්ට් එක... ඔන්න මතක නැත්නම් මෙතනින් ගිහින් ඒක බලන්නත් පුලුවන් ඔයාලට.... දේවාට ඕන උනේ ඉතින් මහත් වෙන්නනේ... මාස 2,3 ක් ඇතුලත බර කිලෝ 5,6 කින් අඩු උන එක ගැන ගැන ඉතින් දේවා ව පරික්ශා කරපු ඩොක්ටර් ටත් ප්‍රශ්නයක් වෙලා නේ.. කරකවලා අත අරින විදිහේ ප්‍රශ්න පත්තරයක්ම එදා ඇහුවනේ.... ඔය හැමදේම නෝමල්... ඉතින් ඩොක්ටර් මේකට හේතු හොයන්න කරන්න කිවනේ ටෙස්ට් ගොඩාක්

ගොඩාක් කිවට ඉතින් 3යි තමා


අමාරුම දේ පැය 10ක් නොකා ඉන්න එක තමා.. හැබැයි ඉතින් පැය 12කට වඩා ඉන්නත් එපා කිවනේ

ඕක කොහොමහරි කරන්න ඕන නිසා දේවා පැය 10ක් විතර නොකා ඉදලා බ්ල්ඩ් ටෙස්ට් එකට ගියා.

බැංකුව ලගම තියන මෙඩිකල් ලැබ් එකට....  යනකොට 7.50 ට විතර තමා... 8 ට කලින් ඉතින් වැඩට යන්නත් ඕනනේ

මෙඩිකල් ලැබ් එකේ බ්ලඩ් ගන්න ඩොක් කෙනෙක් නම් නෙමේ හිටියේ, එතන වැඩ කරන අක්කා කෙනෙක්.... නිතර බැංකු යන එන කෙනෙක් නිසා එතන තව 8,9 ක් උන්නත් ගිය ගමන් අහ්... එන්න සර් කියලා වැඩේ කරලා දෙන්න ඉදිරිපත් උනා...

ඉතින් ඔන්න ඉදගන්න කියලා වැල මිට ලගින් තද කරලා ටෙස්ට් තුනක් නිසා ගොඩාක්  ලේ ඕනා වෙනවා.. කියලා තඩි සිලින්ජරයක් අරගෙන ආවේ නැතේ...

මොනවා කරන්නද ඒ තරම් ලේ ඇගේ නැ කියලා හිතුනත් ගන්න ඉඩ දිලා බලන් උන්නා මම

ඔන්න ලේත් ගත්තා...

රිපොර්ට් ටික හවසට දෙන්නම් සර් කිය්ලා කිව නිසා ඔන්න ඉතින් මමත් ඉවසලා බලන් උන්නා,

හවස එනවා මෙන්න බොලේ  හිනහ වෙවි.. මම හිතුවා වැඩේ ඉවර තමා... මෙකි මට හිනහ වෙනවා මගේ රිපොට් අවුල් හින්දා කියලා

ලගට ඇවිත් කියනවා.... සර්ගේ බ්ල්ඩ් හොදට තියනවා, කිසි අවුලක් නැ... හැමදේම හොදටම හොදයි... කිසිම ලෙඩක් නැ කියලා..

නයි කයිද රොස් පාන් කිවලු.... ඔන්න ඉතින් ගේමක් දිලා මමත් නොකා ඉදලා දැන ගත්තා ඉතින් මට අවුලක් නැ කියලා

එත් එහෙමනම් ඇයි ම්මම කෙට්‍ටු උනේ... ( බර අඩු උනේ එක පාරටම ) ඔයාලටවත් හිතා ගන්න පුලුවන්ද ???? මට නම් හිතා ගන්නම බැ... ආයේ ඉතින් ඩොක් ලගට යන්නම් නේද මම????????

කියලා යන්නකෝ..................

16 comments:

  1. මටත් ඔය ලෙඩේ තියනවා ... දැන්නම් මම කෙට්ටු එක ගැන වැඩිය ගනන් ගන් නෑ.සාමාන්‍ය විදියට කාලා බීලා ඉන්නවා

    ReplyDelete
  2. හික්ස්......එකනම් හොද නැ අයියා....ඉක්මනට ආයේ චෙක් කරගන්න

    ReplyDelete
  3. එහෙනම් ෂුවර් එකටම තියෙන්නෙ හිතේ ලෙඩක්. හිතේ ලෙඩක් හැදුනමත් කෙට්ටු වෙනවා ලු..

    ReplyDelete
  4. @Confisued ප්‍රෝග්‍රැමර් : එත් මට මේක ගැන නොහිතා ඉන්නමත් බැනේ.... ඇදුමක් ගන්න ගියහමත් ලොකු ලොකු ප්‍රශ්න වෙනවානේ... (අනේ තාම ඔයා මාව ෆලෝ කරලා නැනේ ඉතින්.. )

    ReplyDelete
  5. @ සිතුවිලි නිහඩයි : ඒක තමා නංගෝ කරන්න වෙන්නේ (නංගෝ කිවට අක්කද දන්නේ නැ ඉතින් ) මේක නම් චෙක් කරලාම බලන්න ඕනා තාමා............

    ReplyDelete
  6. @roshan herath : හිතේ ලෙඩ කියලා නම් එහෙම ලොකු ප්‍රශ්න නැ යලුවා... එත් වැඩ නම් තියනවා හැමදාම ඒ හින්දා ටිකක් මහන්සිනම් වෙනවා................

    ReplyDelete
  7. හිකි හිකි....දැන් ඉතින් මක්කෙය් කොරන්නේ????????

    ReplyDelete
  8. @ : ත‍ටු සිදුන සමනලි : අනේ එකට කරන්න දෙයක් ඔයාලගෙන් තමා මාත් ඇහුවේ ඉතින්... කියලා යන්නකෝ

    ReplyDelete
  9. හපොය්.....මුකුත් කරන්න ඕන නැහැ අය්ය...හොඳට කාල බීල විනෝදෙන් ඉන්න...
    ආ...තව..හොඳට හිනා වෙන්න...

    ReplyDelete
  10. @ ත‍ටු සිදුන සමනලි : අනේ මේකට මුකුත් නොකර උන්නොත් දවසක මම කෙට්‍ටුම වෙලා ගන්න දෙයක් නැතුවම යයිනේ.. අනේ එහෙම උනොත් ඉතින්............

    ReplyDelete
  11. :D එහෙම වෙන්නෙ නෑ අනේ.......
    ඔය ගැන හිතනකොටනම් තවත් කෙට්ටු වෙය්....

    ReplyDelete
  12. බයවෙන්න එපා බං කසාදක් බැන්දම උඹ මහත් වෙයි !

    ReplyDelete
  13. මන් ඉස්සර ඉරට්ට වගේ . දැන් නම් සාමාන්‍ය ගානයි. අපෝ තව ටික කාලෙකින් ඔයා ලියයි මහත් වෙන එක අඩු කර ගන්නේ කොහොමද කියල. ඔය වයසට ගල් ගිල්ලත් බර වැඩි වෙන්නේ නැහැ. හැබැයි එක පාරටම බර අඩු වෙන එක ටිකක් ප්‍රශ්නයක් . මහා වෙදනාගෙන් හරි මහේෂ් අයගෙන් හරි නැත්නම් නලිනිගෙන් හරි අහල බලන්න

    ReplyDelete
  14. හිස් අහස : අනේ මලයෝ තවම නම් ඉතින් එහෙම එකක් වෙන්නේ නැනේ එතකන් ඉන්න ගියොත් මම නැතිම වෙලා තියෙයිනේ.............

    ReplyDelete
  15. @ bindi : අනේ ඔයා මගේ හිත කඩනවනේ අක්කේ මම කොහොමහරි මහත් වෙන්නනේ මේ උත්සහ කරන්නේ...........

    උපදේශේ නම් මට ගොඩාක් වටිනවා.. මම ඒක කරලා බලන්නම්කෝ

    ReplyDelete
  16. ඔව්වා ගනන් ගන්න එපා. මාත් මාරම කාලයක් කෙට්ටුවට හිටියා.
    මල්ලි ලෑ ගෙදර ඈයෝ කෙට්ටුයි නම් ඔයත් කෙට්ටු වෙන්න තිබ්බා.
    ඒ උනාට මහත් වෙන්න නම් බේතුත් තියෙනවා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....