ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

21 November, 2011

ලොත‍රැයි... ගත්තොත් දිනුම්

ඔන්න මගේ යාලුවෝ ඔක්කොම මට සමාවෙන්නකෝ.... පොඩ්ඩක් බිසි වෙලා උන්න නිසා වෙලාවක් ලැබුන ගමන් ඇවිත් පොස්ට් එකක් දාලා ගියා මිසක් (ආහ් ඒවාගෙත් ස්පෙලින් මිස්ටෙක් ටිකක් තිබුනා කියලාත් මගේ යාළුවෝ කියලා තිබුනානේ.. ඔන්න ඒවා ටිකක් හදිස්සියට උනු දේවල්... ගොඩාක් උත්සහ කරනවා ඒවා හදාගන්න...

මේ කතාව ටිකක් විතර හොද නැද්ද මම දන්නේ නැ කියන්න.. ඒත් මම කියන්නේ ඔන්න ඔයාලට ගන්න එපා කියලා නම් නෙමේ.. සමහර වෙලාවට මමත් ගන්නවා..

පරණ ගත්තු දිනුම් ඇදපු දිනුමක් තිබුනු ටිකට් වගයකට ඒ මුදල් ගන්න ගමන් තව ටිකට් එකක් ගන්න කියලා ගිය සතියේ දවසක මම ගියා..
වාසනාවට විතරක්ම තමයි මම හිතන්නේ මේවගේ දිනුම් ලබන්න පුලුවන්... මොකද කාටවත් කියන්න බැනේ මොනවගේ ඉලක්කම් මේවගෙන් වැටෙයිද කියලා...

සාස්තර කියන අය මාගෙන් ගොඩාක් අහගාන්න දෙයක් තමා මේ ටිකට් කථාව

ඒ කිවේ ගොඩාක් සාස්තර කියන අය මම ලගට ඇවිත් මට කියනවානම් සාස්තරයක් අහන්න කියලා මම විශ්වාස කරනවා ඒ කෙනා සාස්ත්‍ර කියන්න දාන්නේ නැ කියලා.. මොකද මුන බළලා කියනවානම් ඉතින් ඒ අය මගේ මුණ බලපුවහම පෙන්න ඕනනේ මම සාස්ත්‍ර අහන්නේ නැ කියාලා..

ඉතින් ඔය අයගෙන් මම අහනවා ඉතින් මේ තරම් දුක් විද විද එක සාස්ත්‍රයක් කියන්න 4,5 ලගට යන වෙලාවේ අද ටිකට් එකේ මොන අංකද වැටෙන්නේ කියලා බලාගෙන ඒකෙන් ටිකට් ටිකක් වැඩියෙන් අරන් කරදරයක් නැතුව ජිවත් වෙන්නකෝ කියලා.. ඔන්න ඉතින් ඒ අය මගෙන් ඇතට යනවා..

මේ කතාව උනේ මම ඔය ටිකට් ගන්නකොට...

කෙනෙක් හොයනවා අන්තිමට අංක 5 තියන ටිකට්.. එහෙම ටිකට් 5,6ක් අතෙත් තිබුණා.. අද වැටෙන්නේ අන්තිමට අංක 5 තියෙන ටිකට්ලු..
මම ඇහුවා ඉතින් කවුද කිවේ කියලා,,

කවුරුවත් නෙමේලු පහුගිය ටිකට් වල 5 වැ‍ටුනේ නැහැලු...

අනේ මන්දා ඉතින් මමත් බැලුවා දැන් 5 එවා තියනවද කියලා ගන්න නෙමේ අර මනුස්සයට හොයලා දෙන්න..

වෙන නම් එකක්වත් නොතිබුන නිසා මේ මනුස්සයා අනිත් ටිකට් කවුන්ටර් එකට ගිහින් එතනත් එහෙම ටිකට් හොයනවා මම බලාගෙන

බ්ලොග් ලියන කියවන අය ටිකට් ගන්නවද මම දන්නේ නම් නැ.. ඒ කාලේ ඉදලා පුරුද්දක් නිසාද මන්දා මාසෙකට එකක් දෙකක් නම් මට ගැනෙනවා.. තැගි ඇත්තටම පොඩි පොඩි ගනන් වැටිලා තියන නිසා මට එපා වෙලා නම් නැ කවදාවත්..

මම ප්‍රධාන ජයමල්ල ගැන නම් හිතන්නේම නැ.. මොකද ඒකට ගොඩාක් වාසනව ඕනේ.. ඇත්තටම ඔනේ එක විතරමනේ.. වාසනාව තියනවානම් අනිවර්යෙන්ම ගන්න එක ටිකට් එකටත් දිනුමක් ලැබෙනවා...

ඒත් මට මේක ලියන්න හිතුනේ ඒ මනුස්සයගේ අන්ධ විශ්වාසේ ගැන දුක හිතුන නිසා..

දැන් මේ කියන ලොත‍රැයිය ඉංග්‍රිසි අකුරකින් වගේම අංක 6කින් සමන්විතයිනේ.. ඔය ඔක්කොම ගැලපුනොත්නේ මුල් දිනුමම ලැබෙන්නේ...

මැත්ස් වචන නම් හරියටම මතක නැද්ද කොහෙද.. ඔය ඉංග්‍රිසි අකුරයි අංක 6ටයි වෙන කිසිම බලපැමකට යටත්ව නැති නිසා ඕන එකක් වැටෙන්න පුලුවන්නේ...

සංකරන හා සංයෝජන පිලිබද ඒ කාලේ මම ඉගන ගත්තුවා මට තාම මතකයි නම් දිනුම ලැබෙන්නේ මේ තරම් ටිකට් පත් වලින් එකකට විතරයි

ඉංග්‍රිසි අකුරු 25 (අයි හැරනේ) , ඉලක්කම් 0 ඉදන් 9 වෙනකන් ඉලක්කම්10 යිනේ

25 * 10 *10 * 10 * 10 * 10 * 10 = 25000000 (ටිකට් ලක්ශ 250කින් එකකට)

ඒ වගේම ටිකට් ලක්ශ 250ම මුද්‍රණය නොකරන නිසානේ අද මුලි දිනුම දිනා නැ කියන දවසුත් තියෙන්නේ...

ඉතින් ලක්ශ 250කින් එකකට වැටෙන ටිකට් පතක් වෙනුවෙන් බලපාන්නේ වාසනාව ඇර වෙන මොනවද??

ඇත්තටම ඔයාලාට දිනුමක් නොලැබුනත් රටේ සංවර්ධනයට දායක වෙන්න පුලුවන් නිසා මෙච්චර කාලයකට ගත්තේ නැත්නම් සතියකට එහෙමත් නැත්නම් මාසෙකට එකක් දෙකක් වත් අරගෙන සංවර්ධනයටත් දායක වෙන්න....

ප.ලි : තවත් ටිකට් වර්ගයාක් තියනවානේ අංක 65ක් විතර තියන.. ඒකේ නම් දිනුම් ඇදිමේදි එක පාර වැ‍ටුන අංකයක් අයේ වැටෙන්නේ නැති නිසා

65 * 64 * 63 * 62 * 61 = 991186560 කින් එකකට මුල් දිනුම ලබා ගන්න පුලුවන්.. ඔතන සුපිරි අංකය එහෙම තියනවානම් තව ඒකෙනුත් වැඩි කරන්න ඕනේ හොදේ...

ආයෙමත් කියනවා වාසනාව උරගා බලන ගමන් රටේ සංවර්ධනටත් දායක වෙන්න ... ඔබේ ටිකට් පත අදම වෙන්කරවා ගන්න...

ප.ප.ලි : ඇත්තටම මම කැමති අන්තර්ජාලය හරහා අපි කැමති අංක ලකුනු කරලා ඔය දිනුම් අදින වාරවලටම පාවිච්චි කරන්න පුලුවන් ලොත‍රැයි ක්‍රමයකුත් එනවානම්

17 November, 2011

සංනිවේදන නිසා උන ඇහුන රස කථා

සංනිවේදනය කියන්නේ ජිවත් වෙනකොට අපිට ගොඩාක්ම ඕන කරන වැදගත්ම ක්‍රියාකරකම් වලින් එකක්නේ.... සමහර අය අපි කියන දේ එක පාර තේරුම් ගන්නවා සමහර අයට කියලා ආයේ පැහැදිලි කරාලා දෙන්නත් ඕනා..එතකොට තේරුම් ගන්නවා,... සමහර අයට ඒ කොහොම කිවත් තේරුම් ගන්න බැ.. ඒකට හේතු දෙකක් තියන්න පුලුවන්.. අපිට ඒක කියන කෙනාට තේරුම් ගන්න  පුලුවන් විදිහට කියන්න තේරෙන්නේ නැ.. ඒහෙමත් නැත්නම් අපි කියන දේ තේරුම් ගන්න තරම් ඒ අහන කෙනාට දැනුමක් නැ..

ඊයේ පෙරේදා උන දෙයක් වගේම මීට කලින් ඔයාලා අහලා තියන පුන්චි කතා 2කකුත් මතක් උන නිසායි මේ ගැන පොඩි පොස්ට් එකක් දාන්න හිතුවේ,...


අපේ බැන්ක් එකේ වැඩ කරන කෙනෙක්ගේ අක්කාගේ පුතේක් හද්සියේ නැතිවෙලා.. කට්ටිය ඉතින් වැඩ එහෙම ඉවරවෙලා ඔය මලගෙදර යන්න ලැස්ති උනා... අපි ඉතින් පාර හරියට දන්නේත් නැ.... කොහොම් හරි ෆොන් සංනිවේදන මාධ්‍යක් කරගෙන සැහෙන ගානක් වියදම් කරගෙන (ඇයි ඉතින් පාර හරියට කියන්නෙම නැ ඔතනින් මේ පැත්තටට , නැ නැ අනිත් පැත්තට...ඔහොම හැම වේල්ම එක පාර දෙතුන් පාර ගිහින් ගොඩාක් සංනිවේදනය හොදට කරගෙන අපි පැයකින් යන්න ඕන තැනට පැය දෙක හමාරක් විතර ඇවිදලා (පයින් නෙමේ ගියේ හොදේ) අදාල කරන තැනට ලගා වුනා...

ගත්තා ආයේ කෝල් එකක්... මචන් ./... මේ උබලාගේ මලගෙදර නේද බන් රෙස්ට් ඉන් පිස් කියලා ගහලා තියෙන්නේ....

අය්යෝ උබලා ආයේ පාර වරද්ද ගත්තාද රෙල්සින් පිස් විකුනන්න තියෙන්නේ මල ගෙදර තියන පාරේ නෙම් තව කිලෝමිටරයක් විතර එහානේ බන්... දැන් අපහු වරෙන් කියලා කිවා....

අපෝ එහෙම එකක් නෙමේ බන් අර ආර් අයි පි කියලා ගහලා තියෙන්නේ...

එහෙම කියපන්කෝ./. හරි හරි එතන තමයි.. අම්මේ විදපු දුක සංනිවේදයට පි සිද්ද වෙන්න....

මේ කථා 2 නම් ඔයාලා අහලාත් ඇති..

අත් අඩංගුවට ගත්තු එහෙමත් නැත්නම් පැහර ගත්තු කෙනෙක්ව නිදහස් කරනවද නැත්නම් මරලා දානවද කියලා එවපු පණිවිඩේ තිතක ප්‍රශ්නයක් නිසා මැරෙන්න උන කථාව දන්නවනේ සංනිවේදනය මෙතන ගොඩාක් වැදගත්..

පණිවිඩේ එන්න ඕනේ....

මරන්න එපා. නිදහස් කරන්න කියලා.. ඒත් ඉතින් පණිවිඩේ ඇවිත් තිබුනේ

මරන්න. එපා නිදහස් කරන්න කියලාලු...


මේක දෙවෙනි කතාව ඔන්න කුණුහරපයක් එහෙම නෙමේ හොදේ....

බොම්බ ප්‍රහාරයාක ලක් උන කෙනෙක් ඕපරේෂන් කරන්න ඕන වෙලා... කොහොමහරි ඔපරේශන් කරන්න අදින්නේ සුදු පාට කමිසනේ.. ගෙදර අයට අලුත් කමිස 3ක් ගෙන්න කියලා කලින් කියලා... ඔපරේශන් තියටර් එක ඇතුලට ගිය ඩොක්ටර් ට දැන් මේ කමිස තුන හොයාගන්න බැරි වෙලා චිට් එකක් එවනවලු එලියට

ලියලා එවන්න ඕනේ මේකයි

මැදපු කමිස තුන නැත.
ඒත් ලියලා තියෙන්නේ ඔය අකුරු තුනේ ඒවා දෙකට කඩලා
මෙන්න මෙහෙමලු

මැද පුක මිස තුන නැත   (ඔන්න මේවා කුණුහරප නම් නෙමේ)

ඉතින් කොහොම වෙයිද මේ වගේ සංනිවේදන කටයුතු සිද්ද උනොත්....

ඔයලාටත් එහෙම මොනවා හරි වෙලා තියනවද?????

ප. ලි බලාපොරොත්තුවෙන් තවත් මේ වගේ දේවල්... ‍රැදි සිටින්න අප සමග

15 November, 2011

මගේ ක්‍රිකට් & මගේ ඇසින් අද ක්‍රිකට්

http://www.studentsoftheworld.info/sites/people/img/39159_sri-lanka-cricket-team-119.jpg

ශ්‍රි ලංකා පකිස්ථාන දෙවන එක්දින (මේ දිනවල පැවත්වෙන තරග මාලාවේ) තරගය ලංකාව දිනපු නිසාත් කාලයක් තිස්සේ ආසාවක් තිබුන මේ දේ ගැන ලියන්න ඕන කියලා හිතුන නිසා ලියන්න පටන් ගත්තේ...

ක්‍රිකට් කියන්නේ මම පොඩි කාලේ ඉදන් ආස කරපු එකම ක්‍රිඩාව මොන විදිහට කිවත් මම වොලිබොල් රගර් වලට එහෙම පොඩ්ඩක්වත් කැමති නැ (කලින් පොස්ට් එකේ බුවා කිවා වගේ පොඩි ඩයක් එකක් හින්දා වෙන්න ඇති)

ජිවිතේ ක්‍රිකට් උන කාලයක් මගෙත් තිබුනා... මට මතක විදිහට මම පුන්චි කාලේ ඒ කිවේ අර 5 වසරේ ශිෂ්්‍යත්වය කියලා එකකට ලියන කාලේ.. අමතර පන්තියකට කියලා ගිය මුල්ම දවසේ මම ගියේ ටෙනිස් බෝලයක් අරගෙන... ආහ් ඔය ඇවිත් තියෙන්නේ බෝලයකුත් අරගෙනම.. ශෝක්.. මිස් කිවේ එහෙමයි..

ඉගන ගත්තු වැඩත් ටිකක් හරි හොදට කරපු නිසා ගුරුවරු ටික නම් ස්කොලේ මට ගොඩාක් ආදරේ කලා.. ඒ නිසා හැමදාම පිරියඩ් එකක් විතර කොහොමහරි පිට්ටනියට පනින එකත් අපේ පුරුද්දක්,, වෙන මොනවටවත් නෙමේ ක්‍රිකට් ගහන්න...

දැන් නම් අවුරුදු 2,3කි විතර බැට් එකක් බෝලයක් අතින් අල්ලලා නැ.. ඒත් ඒ කලේ රයිට් හැන්ඩ් ලෙෆ්ට් හැන්ඩ් කියන හැම හැන්ඩ් එකකටම බැට් කරන්න දේවට පුලුවන්.... ඒ කලේ මග හැරපු එක මැච් එකක්වත් නැති තරමට ක්‍රිකට් උනක් තිබුනා... ස්කොලේ යන්න නැතිව ඉන්න බැරි දවස් වලට පොකට් රේඩියෝ එකක් ගෙනිහින් මැච් එක අහපු දවස් ඕන තරම්....

ඔය කිවේ මගේ ක්‍රිකට් පිස්සුව ගැනනේ....

දැන් කියන්න යන්නේ අද ක්‍රිකට් ගැන....

අද ශ්‍රි ලංකා ටිම් එක ගැන මට 100% සතු‍ටු වෙනවා කියන්නත් බැ.. ඒත් සතු‍ටු වෙන්න පුලුවන් විදිහේ කණ්ඩායමක් නැ කියන්නත් බැ..

තිලකරත්න දිල්ෂාන් නායකත්වට සුදුසු උනත් මම හිතන්නේ ඒක දිල්ශාන්ගේ සුපුරුදු රටාවට බාධාවක්... සැහැල්ලුවෙන් සෙල්ලම් කරන්න තිබුන නිදහස නැතිවෙලා කියලා මම හිතනවා...
උප නායකත්වයට මම නම් හිතන්නේ කොහොම උනත් ගැලපෙන්නෙම මහේල තමයි (නායකත්වයටත් උඩින්ම ගැලපෙනවා)

සංගා මහේල තනතුරු වලින් ඉවත් උනත් තාමත් මම නම් කැමතියි ඒ දෙන්නගේ නායකත්වට..

කඩුලු රකින්නෙක් තව කෙනෙක් පුරුදු කරන්න ඕන තමයි.. ඒත් මම හිතන්නේ නම් සංගා තමයි ඒකට ගැලපෙනම කෙනා...

අලුත් අය ඒ කියන්නේ ප්‍රසන්න. චන්දිමාල්, තිසර වගේ අයට ඇත්තටම ලොකු අනාගතයක් තියනවා කියලා මම නම් හිතනවා..

නෝබොල් මේනියාවෙන් දිල්හාර ඇත් වෙලා තියන එක දිල්හාරට වගේම ලංකාවටත් ගොඩක් වටින දෙයක් වෙයි මම හිතන විදිහට....

අජන්ත, රංගන වගේම මම ගොඩාක් කැමති පන්දු යවන්නෙක් තමා කුලසේකර කියන්නෙත්...

ආරම්භක පිතිකරු යුගලය ගැන වෙඩිය කථා කරන්න ඕන කමක් නැ.. ටිම් එකේ ඉන්න අයගෙන් හොදටම ගැලපෙන්නේ ඒ දෙන්න තමයි..

අද මැච් එක දිහා බලනකොටත් තව ටිකෙන් කන්න වෙනවා අෆ්‍රිඩි දුවද්දි දැවි නොගියානම්... මැතිව්ස් වගේ අය ඉන්නවා උනත් ඒ අෆ්‍රිඩි සෙල්ලම් කලා වගේ ශක්තිමත් පිතිකරුවෙක් පසුපෙලට ඉන්නවානම් තවත් ටිකක් හොදවෙයි..

ලබන ලෝක කුසලානයවත් මව් බිමට ගේන්න දැන් ඉදන්ම හොද කණ්ඩායමක් හැදෙනවා නම් ඒ වෙනුවෙන් මහන්සි වෙනවානම් ප්‍රේක්ෂකයෝ විදිහට අපිටත් ගොඩාක් සතු‍ටු හිතෙනවනේ...

සිංහ පැටව් ටිකට ජය වේවා...

ප.ලි : අපේ අම්මා වෙලවකට ඔය ඩ්‍රාම එකක් එහෙම බලන්න නොදි පැය ගානක් මැච් එක බලනකොට අහනවා ඒ අය ගහලා ඒ අයගේ ජොබ් එකත් කරගන්වා.. මෙතනට වෙලා මැච් එක බල බලා වෙලාව කනවා කියලා...
අම්මා ඩ්‍රමා බලනවා වගේ තමා මට මේක කියලා ඒ කාලේ මම ශේප් උනා...

ක්‍රිකට් උන තියන කෙනෙක්ට තමා එහෙම බලන එකේ අගය තේරෙන්නේ... එහෙම අය බ්ලොග් ලියනවද බලනවද නම් මම දන්නේ නැ ඔන්න
ප.ප.ලි : තාමත් මගේ ප්‍රියතම ක්‍රිඩකයෝ වෙන්නේ ලංකාවේ සනත් ජයසුරිය,  වගේම අබ්දුල් රසාක් , සහිර් කාන් , සංගා තමයි

11 November, 2011

රෝද 2කේ ගමන එක්ක හිතට දැනේන ඒවා

මේක හැමදාම මට හිතට දැනෙන දෙයක්.....  හැමෝම දන්නවානේ තාම දේවා ට රෝද 4ක සුව පහසු ගමන් අසිරියක් නම් නැ කියලා... තාම ඉතින් මෙන්න මේ වගේ රෝද 2ක තමා ගමන...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSkMotoNT2kW7gabfNJkZSl9IOQkrlJWBV3yJ2uyk5k20M1Xznfr0qJXM23EDJTeWKS2JPr5RlOaV1aaXl2JudP3c_bvWyvQqfzEMgIjrvGjYFWXWp210-5ddZbbBA9bQFLPo8_T8lfhop/s320/bajaj_platina.jpg


බ්ලොග් ලියන කියවන ගොඩාක් දෙනෙක් නම් ඉතින් දැන් ඔය රෝද 2කේ ගමනට වඩා දියුනුයිනේ තමන්ගේම කියලා එහෙමත් නැත්නම් තමන්ගේ මහත්තයාගේම කියලා.. එහෙමත් නැත්නම් නෝනා ගෙන් දැවද්දට ලැබුනා කියලා (හිකිස් මම නම් ඔය දැවද්ද කියන දේට තදින්ම විරුද්දයි.... කෙල්ල වත් කොල්ලාවත් එහෙම දෙයක් නම් කරන්න ඕනෙම නැ... අවුරුදු ගානක් හදලා වඩලා හැමදාමත් ඕනා කරන දේවල් වලින් පුරවලා හොද කෙල්ලෙක් කොල්ලෙක් ලැබෙනවානම් අයේ මොකටද දැවැදි.. ඒකම මිල කරන්න බැරි දැවැද්දක්නේ...) ඔය කොහොමහරි හම්බ උන ගත්තු රෝද 4කනේ යන්නේ නේද? දේවා ටනම් ඉතින් ඒකට ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා...

ගොඩාක් මම මේ කියන දේ වෙන්නේ නම් ඔය රෝද 4 යනකොට නෙමේ අපි වගේ රෝද 2ක යනකොට තමයි....

හෙල්මට්...

හිතලා බලන්නකෝ මොකටද අපි හෙල්මට් පාවිච්චි කරන්නේ.. සරල ලේසි ඇත්තම පිලිතුර මොකක්ද?? අපි හෙල්මට් දාගෙන ගියේ නැත්නම් අනිවාර්යෙන්ම අපිට අහුවුන තැනකදි පොලොසි මාමලාගෙන් දඩ කන්න වෙනවා... හිතලා බලන්නකෝ අනිවා මේ හරියේ පොලිසි මහත්වරු නැ කියලා අපි දන්නවානම්  අපි ගොඩාක් වෙලාවට යන්නේ හෙල්මට් නැතුව නේද??
ඒත් ඇත්තටම ඒකද වෙන්න ඕනේ.. හෙල්මට් එක තියෙන්නේ අපේ ආරක්ෂාවට.... නිකන් යනකන් ඒක තේරෙන්නේ නැ.. හෙල්මට් එකේ වටිනාකම මම නම් හොදටම දන්නවා එක නොතිබුනා නම් සමහර විට දේවා ගේ අඩවියක් බ්ලොග් අවකාශේ නොලියවෙන්නත් ඉඩ තිබුනා (අනේ එහෙම උනානම් කොච්චර හොදද නේද????) මොකද මට උන ඇක්සිඩන්ට් එකේ හැටියට මම අද හෙල්මට් එක නොතිබුනානම් ජිවතුන් අතරත් නැ.... පොලිසියෙන් බේරෙන්න නෙමේ අනිවා තමන්ගේ ආරක්ෂාවට හෙල්මට් පාවිච්චි කරන්න....
මේවා නම් ගොඩාක් වෙන්නේ නගර බද නෙමේ ඉතින් ගොඩාක්ම නාගරිකත් නොවුන ග්‍රාමියත් නොවුන පරිසර වල තමා ගොඩාක් දකින්න ලැබෙන්නේ...

දුරකතන

මේකත් ඉතින් මොන වාහනයක ගියත් නිතිය රකින අපේ වැරදි වලට දඩුවම් දෙන පොලිස් මාමලා නැත්නම් අනිවා ධාවනය කරන අතරම වෙනවානේ...
හිතනවද එතකොට අවධානයක් තියනවා කියලා වට පිටාව එක්ක.... හැප්පෙන කම් දන්නේ නැ ඉතින්....
ගොඩාක් හෙල්මට් එක අස්සේ දාගෙන කතා කරන එක නිසා තමයි මෙහෙම අවධානය බිදෙන්න්නේ... (එහෙම ගියපු කෙනෙක් තව ටිකෙන් දේවා ව අරිනවා පරලොව.... වාහනේ යනගමන් යන පාරේ නවත්වන්න අවසරත් තියනවානම් ඇමතුමක් ආව වෙලාවට නවත්වලා වාහනය ඇමතුම ගන්න එක හැමෝටම අනතුරක් නොවි සිද්ද වෙන්න හේතු වෙනවානේ....

ගොඩාක් අය හිතන්නේ නම් පාර ඒ අයට ලියලා දිලා කියලා... කොයිතරම් අමරු ලෙඩෙක් උනත් හොස්පිටල් එකකට අරන් යන්න ඉස්සරහින් යන වාහන කියක් එයාලගේ හිතේ හැටියට යන ගමන් ගිහින් ඉවරවෙනකන් බලාගෙන ඉන්න වෙනවද???

සමහර ඔය ලොකු වාහන වල යන අය තමා පොඩි වාහන ගැන හිතන්නේ නැත්තේ...... අපිත් එහෙම ලොකු වාහනයක යනකොට එහෙම වෙයිද????

ප.ලි : දේවාත් රෝද 4කට මාරු වෙන්න හිතාන ඉන්නේ.. ටික දවසක්  නම් යවි.... එතකොට දේවාත් එහෙම වෙයිද???

 නැ නැ එහෙම වෙන්න බෑනේ මම කිරිත් එක්ක සමහන් බොනවානේ

ප.ප.ලි : මගේ ජි ටොක්ස් වලට ලොග් වෙන්න්න බැ පාස් වර්ඩ් වැරදි කියනවා.. ඒත් මගේ පාස් වර්ඩ් එකෙන් මේල් එකට ලොග් වෙන්න පුලුවන් මොකද එහෙම වෙන්නේ හදා ගන්න දන්න කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න

08 November, 2011

සැබැ මිතුරු දම

ජිවිතේ හරිම පුදුමාකාරයි..... ඇත්තටම පුදුමාකාරයි... ඊයේ රාත්‍රිය ගෙවිලා ගියේ හිතේ දරාගන්න බැරි තරම් දුකකින් පුරව පුරවා... ඒත් අද ඒ දුක හිතේ නම් නැ.... මම දන්නවා සමහර දේවල් මගේ හදාගන්න තියන්වා කියලා.... ඇත්ත ජිවත් වෙනවා කියන්නේ ඒකටම වෙන්න ඇති...

කාලෙකට කලින් ඕලෙවල් ඒලෙවල් කරන කාලේ යාලුවෝ පිරිවරන් උන්න කාලයක් මට වගේම ඔයාලා හැමෝටම තියෙන්න ඇති... හිතලා බැලුවොත් අද ඒ යාලුවෝ කියෙන් කි දෙනාද ලග ඉන්නේ... 

අපි හැමෝටම තනිව ජිවත් වෙන්න බැ කියලා ඔයාලා පිලිගන්නවානේ... ඒත් අපේ ජිවිතේට හම්බ වෙන ටික දවසක් ලග ඉන්න හැමෝම අපෙ යාලුවෙක් වෙනවද???
අපේ දුකකදි ඒ අය අපි ලග ඉන්නවද???

සබැ මිතුරෙක් කියන්නේ කාටද???




ගොඩාක් යාලුවෝ අපි ලග ඉන්නවා හැබැයි දුකේදි නම් නෙමේ අපේ සතුටෙදි වාසියකදි.... එහෙම කෙනෙක් කියලා දැන ගත්තහම අපිට පුලුවන්ද එහෙම අයත් එක්ක සම්බන්දයක් පවත්වන්න....
ඇත්තටම මට නම් බැරිවෙයි.. සමහර තැන් වලදි මට යාලුවෝ අඩුවෙන්නේ ඒ නිසාම වෙන්න ඇති....

ඒත් මම විශ්වාස කරන දෙයක් තියනවා ඒ වගේ යාලුවෝ දාහක් එක්ක ඉන්නවට වඩා සැපයි සැබැ මිතුරෙක් එක්ක විතරක් ඉන්න එක...

යාලුවෙක්.... ජිවිත කාලේ පුරාවටම ගොඩාක් දෙනෙක් එක්ක බෙදාගන්න බැරි හැගිම් කාටවත් තේරුම් ගන්න බැරි හැගිම් තෙරුම් ගන්න පුලුවන් කෙනෙක්... ජිවිතේ මිතුරුදම වෙනුවෙන් පන උනත් දෙන අය මම දැකලා තියනවා... එහෙම සුන්දර මිනිස්සු ඉන්නවා අර වගේ තමුන් ගැන විතරක් හිතන සමාජයේ... එහෙම කෙනෙක්ව අපේ හොදම මිතුරා කරගන්න පුලුවන්නම් ඔන්න ඔයාලා ජිවිතේ දිනුම්....

සමහර අයගේ හොදම මිතුරා කරගන්නවා තමන්ගේ අම්මාව (ගොඩාක් ගැහැනු ලමයි) පිරිමි ලමයිනුත් එහෙම අම්මාව මිතුරිය කරගන්න අවස්ථා නැතුවමත් නෙමේ...
තවත් සමහරු  තමන්ගේ පෙම්වතිය තමන්ගේ හොදම යහලුවා කරගන්නවා.. පෙම්වතාවත් එහෙම තමා.. ඒකත් හොද දෙයක්... මම දකින විදිහට... ඕන දෙයක් කියන්න ප්‍රශ්නයකට විසදුමක් වෙන්න ශක්තියක් වෙලා හිත හදන්න එහෙම කෙනෙක්ට පුලුවන්...

පුන්චි දෙයක් තියනවා කවදාවත් හොදම යාලුවාගේ හිත රිද්දන්න නම් එපා...

අපේ ජිවිතේට ඒ මිතුරු දම් ගොඩාක් වැදගත්....

පුලුවන් තරම් හොද මිතුරන් ජිවිතේට එකතු කරගන්න...කවදාවත් ප්‍රශ්නයකදි ඔයාලා තනිවෙන්නේ නැ...
 බ්ලොග් ලෝකය කියන්නේ මට ගොඩාක් වටින තැනක්....එහෙම කියන්නේ එතන ගොඩාක් සුන්දර මිනිස්සු ජිවත් වෙනවා කියලා මම දන්න නිසා....

ඇත්තටම ගොඩාක් හොද යාලුවෝ ගොඩාක් මෙතන මට ඉන්නවා කියලා දැනෙනකොට ඇත්තටම ගොඩාක් සතු‍ටුයි....

ඊයේ දවසේ මම ඇත්තටම අන්තර්ජාලේ භාවිතාකලේ ගොඩාක් අඩුවෙන්... ඒත් ඒ ගෙවපු පැය දෙක තුනට මම දුකෙන් ඉන්න මොහොතක මගේ හිත හදන්න මගේ යාලුවෝ ගොඩාක් මහන්සි උනා... මම මහා ලොකු බ්ලොග් කාරයෙක් නෙමේ.. පොස්ට් එකකට කමෙන්ට් 30,40 වැටෙන ගොඩාක් දෙනා දන්න බ්ලොග් කාරයෙකුත් නෙමේ... මගේ ඒ පුන්චි කවි පද පේලි හතරට හිතේ දුකට දුක වෙනුවෙන් මගේ හිත හදන්න මොකක්ද මේ අවුල කියලා බලල මට සහනයක් වෙන්න කමෙන්ට් කරපු ඒ කමෙන්ට් 10-15 මට ගොඩාක් වටිනවා.. බ්ලොග් ලියන ඒත් මගේ බ්ලොගයට එනවා අඩු කීප දෙනෙක්ම කතාකරලා මේ ගැන අහනකොට ඇත්තටම මට හිතාගන්න බැරි උනා... චැට් කරලා මගේ හිත හදන්න ගොඩාක් උත්සහ කරපු මට සහනයක් උනු මට ශක්තියක් උනු චතුරංග අය්යා, ගිම්හානු අක්කා, නචියා අය්යා  වගේම ෆේස් බුක් එක හරහා මගෙන් මේ ගැන අහපු ඒ යාලුවෝ ඒ වගේම ඒ හැම ක්‍රමයකින්ම මාව සම්බන්ද නොවුන මගේ දුරකථනය හරහා මම ගැන හොයලා බලපු ඒ හැමෝටම ගොඩාක් පින් කියලා කියනවා.. ඒක තමා සැබැ මිතු දම.. මාත් ගොඩාක් වෙලාවට උත්සහ කරනවා හැමෝටම එහෙම වෙන්න.. මම දන්නේ නැ මගෙන් ඒක වෙනවද කියලා නම්....

මනුස්සකම් ඉතිරි කරමු.. දවසක අපිට ඒක විතරයි ඉතිරි වෙන්නේ.. බ්ලොග් ලොකයේ සැබැ මිනිසුන් වෙනුවෙන් මගේ උපහාරය...

ප.ලි: අතිතයෙන් මතකයන් අහුලන දිල් අක්කාගේ බ්ලොග් එකේ දැකපු ලස්සන දෙයක් මමත් මගේ බ්ලොගයට එකතු කලා... අලුතින් හමුවන බ්ලොග් අඩවි... ඔය වම් අත පැත්තේ තියෙන්නේ.. තව ලිස්ට් එකක් තියනවා එකතු කරන්න... නිවාඩු පාඩුව වෙලාවක් තියන්වා නම් ඔයාලත් ගිහින් එන්නකෝ ඒ පැත්තේ

07 November, 2011

දරාගන්න බැරි දුකකි මසිතේ

හැමෝම සතුටින් ඉන්න මේ මොහොතේ...
දරාගන්න බැරි දුකකි මසිතේ
සිත සනහා ගන්න බැ හිතේ
ජිවිතේ දුකමැයි මට නෙතේ....

ඇත්තටම මේ දවස් වල මම ගොඩාක් දුකෙන් ඒ නිසා පොස්ට් එකක් දාගන්නවත් හිතක් නැ....

05 November, 2011

බ්ලොග් ගැන මගේ ‍රැඩිකල් idea

මේ ලිපිය ලියන්න උන්නේ නම් මිට ටික දවසකට කලින් බ්ලොග් ලිපි ගොඩක මේ ගැන කථාවක් ඇති වුනා.. බස් එකේත් එහෙම කථාවක් ගියා කියලා පොඩි ආරංචියකුත් ඇවිත් තිබුනා.... ඉතින් ඒ ගැන මට හිතෙන දේවල් ටිකක් ලියන්න ඕනා කියලා හිතුනා... ඔන්න මේක සංවාදයට  මම ඕපන් කරන්නම්... කුනුහරප කමෙන්ට් හැරුනහම අනිත් ඔක්කොම මම පබ්ලිස් කරනවා මට බැන්නත්.....

බ්ලොග් එකක් කියන්නේ මොකක්ද??

ගුගල් එකේ අයට එහෙමත් නැත්නම් වර්ඩ්ප්‍රෙස් අයගේ උදව් ඇතුව ඒ අයට ගානක් ගෙවන්නේ නැතුව පටන් ගන්න පුලුවන් ලොකු තැනක්... තමන්ගේ හිතේ හිරකගෙන උන්නු අදහස් එලියට දාන්න තමන්ට කැමති දෙයක් කියන්න පුලුවන්... මහන්සිය විඩාව තනිකම පාලුව දැනෙන කෙනෙක්ගේ ඒ දේවල් නැති කරන්න පුලුවන් බේතක්.. තව කෙනෙක්ට ඕනෙම නම් පහර ගහන්න තමන්ගේ මොලේ තරම එහෙමත් නැත්නම් හැකියාවන් චින්තනයක් පෙන්නන්න පුලුවන් අවකාෂයක් කියලා පොඩියට හදුන්වන එක වැරද්දක් නැ මම හිතන්නේ...

බ්ලොග් එකට මොනවද ඕනේ ඔන්න සමහර අය නම් මේවා එපා කියනවා මට හිතෙන දේවල් මොනවද කියලා එකින් එක බලමුකෝ....

ගැජට්...

ගොඩාක්ම දෙනෙක්ට මේවා දිරවන්නේම නැ.... ඒත් මම නම් හිතන්නේ මේ දේවලුත් ඕනා...
බ්ලොග් එක කියන්නේ අපේ සයිබර් අවකාශයේ  නවාතැන් පොල එහෙමත් නැත්නම් නිවහන... අපේ පොළවේ පය ගහලා ජොවත් වෙන ගෙදර අපි ලස්සන කරගන්න අපි එක එක දේවල් පාවිච්චි කරනවා නම් අපි ඇයි අපේ සයිබර් නවාතැනට ගැලපෙන්නේ නැ කියන්නේ...

ඔන්න ඉතින් ගැජට් ඕනේම නැ කියන අය ඉන්නවානම් ගෙදරට ලස්සන කරන මුකුත් (අඩුම තරමේ ෆොටෝ ඒකක්වත්) එහෙම පාවිච්චි කරනවා එහෙම නෙමේ....
ගෙදරට තින්තවත් ගානවා එහෙම නෙමේ හොදේ.. හිකිස් එහෙම කිවේ මම කිවේ ඉතින් ගැජට් ඕනැම නැ කියන එක ටිකක් සාධාරන මදි කියලායි.... ඔන්න ඒ වගේම මම හිතනවා බලන්න බැරි ගොඩාක් ඔය ගැජට් උනත් ගැලපෙන්නේ නැ බ්ලොග් එකකට වගේම ගෙදරකටවත්,,,

තමුන්ගේ මට්ටම් තමුන්ගේ තරමට...................

කමෙන්ට්...

මේ ගැන නම් ගොඩාක් කථා කලානේ බ්ලොග් එකකට.... ඔන්න මුලින්ම කියනවා මට නම් කමෙන්ට් තියනවානම් ගොඩාක් කැමතියි.. ඔය අකමැතියි කියන අය ඉන්නවානම් කමෙන්ට් ඩිසෙබල් කරලා දාන්නකෝ.. ඔයාලා අකමැති උනත් ඔයාලගේ බ්ලොග් වලට දාන්නේ කමෙන්ට් තියන නිසානේ දාන්න තැනක්..
බ්ලොග් එකක් ලියන කෙනෙක්ට කමෙන්ට් වටින්නේ නැ කමෙන්ට් බලාගෙන ලියන්නේ නැ කියනවානම් ඇත්තටම හිතට එකගව හිතලා බැලුවොත් හිතේවි තමුන් කිවේ බොරුවක් කියලා... ගෙදරක ජිවත් වෙන්න ගෙයක් විතරක් තිබුනට බඩු මුට්‍ටු විතරක් තිබුනට බැ ලස්සන හදවත් ටිකක් ඕනා... ඉතින් බ්ලොග් පොස්ට් එකක් කියවලා කමෙන්ට් එකක් නොදාන කෙනෙක් ඉන්නවනම් ඇත්තටම බ්ලොග් එක ලියන කෙනාගේ උත්සාහයට කරන මදි පුන්චිකමක් කියලා මම නම් හිතන්නේ.. පොස්ට් එක හොද තත්වේන් නැත්නම් ඒ ගැන කියන එකත් කියවන අයගේ යුතුකමක්....
ඒ කමෙන්ට් සමහරවිට පබ්ලිශ් නොකරාවි ඒත් ඒකෙන් පාඩමක් ඉගන ගන්නවා බ්ලොග් එක ලියන කෙනා....

ෆලෝ...

බ්ලොග් එකක් ලියන කෙනෙක්ගේ ලොකුම වත්කම... සමහර අය මේකටත් කැමතිම නැ සමහර අය අයින් කරලා... ඒත් සමහර අය ඒක එපා කිය කිය දාගෙන ඉන්නවානේ ඔන්න ඒකත් ගලවමුද??
හැම පොස්ට් එකකම ෆලෝ කරන්න කියලා කියන එක මම අනුමත කරන්නේත් නැ.. ඒත් මම දන්න ලංකාවේ වැඩිම ෆලෝ ඉන්න බ්ලොග් එකේ හැම පොස්ට් එකකම අනිවා ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරලා කියලා යන්න කියනවාමයි.... ඉතින් ඒක වැරදි කියන්න බැ.. බ්ලොග් එක එයාගේ.. මාත් මගේ බ්ලොග් එක ගොඩාක් අය ෆලෝ කරනවාට ගොඩාක් කැමතියි. මොකද කවුරුවත් බ්ලොග් එකක් ලියලා ඒකෙන් හම්බ කරන අය ඇත්තෙම නැ වගෙනේ ඒ අයගේ ලොකුම දනය තමයි ඔය ෆලෝ කියන්නේ..
මගේ බ්ලොග් එක ෆලෝ කරනවට කැමතිය් වගේම මමත් පුලුවන් හැම වෙලාවකම බ්ලොග් ෆලෝ කරනවා.. මම දන්න්වා ඒක ඒ අයට ගොඩාක් වටිනවා කියලා...
ගෙදරකට මිනිස්සු ඕනානේ..

තව ගොඩක් දේවල් මේ ගැන කියන්න තිබුනත් ඔයාලට කැමති දෙයක් කියන්න ඔන්න මම පොස්ට් එක ඉවර කරනවා...

සිංහල බ්ලොග් සදාකල් ‍රැකේවා

02 November, 2011

තවත් අත්දැකිමක්.. ලගදි බැදපු කපල් එක

කලින් මගේ පොස්ට් එකක ඔයාලා කියවලා තියනවනේ ආදරේ කරපු හම්බවෙන්න විනාඩි 15ක් නොලැබුන කපල් එකකට උදව් කරලා එයාලගේ වැඩේත් මගේ වැඩේත් දෙකම කරගත්තු එකක් ගැන. ඕකට එක  ඇනෝ කෙනෙක් (ඇනෝ ලා කියන වැදගත්ම දෙයක් හැරුනහම කොන්ද පණ නැතුව හොරාට කියන ඒවා මම වැඩිය පබ්ලිශ් කරනවා අඩුයි)

මෙහෙමයි ඒ ඇනො කියන්නේ මම මෙතන ඒ මිනිහාගේ දුර්වල තැනක් අල්ලගෙන ආයතනය හම්බ කරලා දෙනවලු..
හිකිස් හිනා යනවා අෆ්ෆා..

මම එතන කලේ ජොබ් එකක්.. ආයතනයට යහපතක් කරන එක තමා මගේ රස්සාව... එතන මම දරදඩු වෙලා ආයේ මෙහෙම වෙන්න බැ ආයේ එහෙම උනොත් ඒ වෙලාවට පඩි කපනවා කියලා හරි රස්සාවෙන් අස් කරනවා හරි කිවානම් ඉතින් එතකොට කාටද පාඩුව..

ආයතනයත් පාඩුවක් නැතුවමත් නෙමේ එත් බදින්න ඉන්න කෙනෙක්ට ජොබ් එක නැති උනහම ඒක මොන තරම් ආතල්ද?? එහෙම බලනකොට මම ඒ අදරේ වෙනුවෙන් දෙයක් කරලා තියනවා..  ඒ ඇනෝ කොහොම හිතුවත්...

ඒකෙන් මේකෙන් අද කථාව අමතක වෙනවා කියන්න....

මේකත් ආදර පලහිලව්වක් තමා විසදන්න උන ඒවාගෙන් භාගයක්ම එව්වා තමා ඉතින්...අර කලින් කිව කපල් එක නම් නෙමේ ඔන්න

මේ ගාමන්ට් එකේ උන්නා අවුරුදු 28 විතර හොදට වැඩ කරන කොල්ලෙක්.. කොල්ලෙක් කිවට මට අය්යෙක්.. ඒත් ඉතින් මමනේ කට්ටියව බලාගන්න ඕනේ... මිනිහා වැඩ කාරයා.. ටාගට් එක 50ක් දුන්නොත් 75ක් ගහන විදිහේ කෙනෙක්.. මමත් ගොඩාක් කැමති චරිතයක්... හැමෝම එක්ක ශේප් එකේ ඉන්න නිසා (එහෙම උන්නේ නැත්නම් අද මට මේක කියන්න වෙන්නේ අඩි 3,4ක් යට වලක සැතපිලා තමයි)
ගොඩාක් අයගේ පුන්ච් වෙනසක් උනත් මට තේරෙන තරම් මම හැමෝටම ක්ලොස් වෙලා උන්නේ...

මට නම මතක විදිහට මේ කියන කෙනාගේ නම චන්දන...

කොහොමහරි යාලුවෝ තුන් හතර දෙනෙක්ටත් කියලා මිනිහා කසාදයක් බැන්දා ඒ කාලේ... 

බැදපු ගර්ලුත් ඉතින් අපේ ගාමන්ට් එකේම වෙන සෙක්ශන් එකක.. දෙන්නා එකට ගෙදරින් එනවා එකට කැම එක කනවා එත් වැඩ කරන්නේ නොපෙනෙන තැන් දෙකක...

බැන්දට පස්සේ ඉස්සර ගොඩාක් හොදට වැඩ කරපු මේ චන්දන වැඩ ගොඩාක් අවුල් කරගෙන හැම එකේම මොකක් හරි අවුලක්.... හොදට වැඩ කරපු එක්කෙනෙක් වෑඩ නොකරන එක පාඩුවක් නිසා කතා කලා මම චන්දනට....

චන්දන මොනවා හරි ප්‍රශ්නයක් තියනවද  දැන් වෙනදා වගේ වැඩ හරියට කරන්නේ නැනේ...

නැ සර් එහෙම ප්‍රශ්නයක් නැ..

නැ කියන්නේ කොහොමද දැන් ගොඩාක් වැරදි වෙනවා තමුන් අතින් මෙහෙම ගියොත් ඇත්තටම ඉක්මනට ගෙදර යන්න පුලුවන් වෙයි...

නැ සර් අනේ එහෙම කරන්න එපා...

මොකක්ද ලගදි නේද බැන්දේ එතන මුකුත් ප්‍රශ්නයක්ද??

අනේ සර් මේකයි අපි දෙන්නම එක වෙලාවට ගෙදරෛන් එනවා කැම එකනම් දෙන්නම් එකට කනවා එත් වෙන දකින්නවත් නැ සර් දන්නවනේ මේවගේ වැඩ කරන අයගේ හැටි බැන්දා කියලා ගානක් නැ මට බයයි සර්... මට හිත එක තැනක තියන් වැඩ කරන්න අමරුයි..

හ්ම්ම්ම්ම්ම්ම්ම් ප්‍රශ්නයක් නේද?? මට දැන් වයිෆ් ව මෙතන්තමුන් ලගට ගෙනත් දෙන්න බැ... එහෙම උනහම තමුන් විතරක් නෙමේ දෙන්නම වැඩ කරන්නේ නැ එක ලොකු පාඩුවක්. තමුන් ගැන හිතලා මෙහෙම කරන්නම් මම වයිෆ් ව මේ සෙක්ශන් එකට දාලා දෙන්නම් හැබැයි තමුන් ලගට නෙමේ තමුන්ට පෙන දුරින් තැනකට..

එතකොට හිතේ බයක් නැනේ...

අනේ සර් ට ගොඩාක් පින් එහෙම කරලා දෙන්න පුලුවන්නම්....

ඇත්තටම මෙතන මම මිට වෙනස් විදිහකට හිතලා තමුගෙ පවුල් ප්‍රශ්න අපිට වැඩක් නැ.. ඒව්ව්වා ගෙදර ගිහින් දෙන්න විසදගන්න මට ඕනේ වැඩ විතරයි කිවානම් මොනවා වෙයිද????

ප.ලි : බලාපොරොත්තුවෙන් ගොඩාක් අය කථා කරපු බ්ලොග් ගැන මගේ ඇසින්

01 November, 2011

කොළබ කාක්කෝ... Colombo Colombo

මේක බ්ලොග් පොස්ට් එකකට හොදද මන්දා එත් මගේ බ්ලොග් එකේ තිම් එක අහන දකින නෙත් මානයේ හැමදෙයක්ම නිසා අද මට විදින්න උන දෙයක් ලියන්න ඕනාමයි කියලා හිතුනා...

සදරු මල්ලිත් ලගකදි කොළබ ගැනත් ලියලා තිබුනානේ...

කොහොමත් කුරුනැගල ඉන්න මටත් ඔය කොළබ කියන්නේ ගොඩාක් දුර තැනක් නොවුනත් ඉතින් ඇත්තටම යන එන ප්‍රමාණ ගොඩාක් අඩුයිනේ...

ඔන්න අද ඉතින් මට මගේ වැඩකට වගේම අපේ බ්‍රාන්ච් එකේ වැඩකට මට අපේ හෙඩ් ඔ‍ෆිස් යන්න උනා... දන්නවනේ ඉතින් ඒ කොහෙටද කියලා ආහ්....මේ තියෙන්නේ...

http://www.boc.lk/bochome/images/contact/bocimg.jpg

මගේ වැඩේ කරගත්තට පස්සේ මම ඉතින් යන නිසාම මට උනා පොඩි උපකරනයක් අරගෙන එන්නත්...

ඕක ඉතින් උස්සගෙන යන්න අමාරු නිසා අද වැස්සත් නිසා ත්‍රිවිල් එකක් අරගෙන (සල්ලි වලට නෙමේ හලෝ හයර් එකට) ආවා.. දන්නවානේ ඉතින් තියන දුර අලුත් බස් ස්ටැන්ඩ් එකට (අලුත් කිවට ඉතින් දැන් නම් මොන අලුත්ද අෆ්ෆා) කොහොමත් ඉතින් ඔතන ඉදන් ඔනම නම් ඇති කිලෝ මිටර් 2,3ක්

පයින් එන්නත් බැනේ ඉතින් කොහොමහරි කොහොමහරි මමත් ඔය රෝද තුනක ආවා බස් එක ලගට ආපු ගමන් මේ මාමා ඉල්ලපි මගෙන් 650ක් .... මම දුන්නා කියලාද හිතන්නේ අනේ මේවට බැන්ක් එකෙන් ගෙව්වත් මම මොකටද එහෙම ගෙවන්නේ... මොකෝ මම ආවේ කොච්චියක් හයර් කරගෙන නෙමේනේ..
අය්යාව ශේප් කරගෙන කොහොමහරි අඩු කර ගත්තා ඒක 250 කට (ඒකත් වැඩිද මන්දා... ඒත් ඉතින් වැස්සේ එනවට වඩා එහෙම හොදයිනේ)..

ඔය අවුල් වෙලා එන අතරේ දැන් වැස්සේ මට ඉතින් ඔය උපකරනෙත් උස්සන් එන්න බැනේ කථා කලා මල්ලි කෙනෙක්ට (නැ නෑ අන්කල් කෙනෙක්ට) ඔතන ඉදන් ඕනේ නම් මගේ බස් නැවතුමට ඇති මිටර් 250ක් ඉතින් ඒ දුර ඒ අය්යා එක්ක ආවා කියමුකෝ.. කොහොමහරි බස් එකේ මාමා එක්ක ශෙප් වෙලා ඕක බස් එකටත් දගත්තා කියමුකෝ... ආයෙත් මට විකාර වෙන දෙයක්මයි උනේ... අයි අෆ්ෆා මිටර් 250 ට මිනිහා මගෙන් ඉල්ලුවේ නැතැ 500ක්.. (මම දන්නේ නැ කොළබ ගනන් එහෙමද කියලා) අනේ ඒත් ඔහොම වියදම් කරන්න මට උවමනාවක් වත් ආසාවක් වත් නැ.. මෙතන නම් ඉතින් පොඩ්ඩක් අන්කල් මමාට මට පාට් එකකුත් දාන්න උනා.. කොහොමහරි ඔය 500 ට මම රු 100ක් දිලා ආවා එන්න.. 

ඇත්තටම කොළබ කියන්නේ ලංකාවේ අපි ජිවත් වෙන ප්‍රදේශ වලින් වෙන් උන තැනක්ද??

මෙහෙම පිට පළාත් වලින් එන කි දාහකින් ඔහොම ගන්න ට්‍රයි කරනවා ඇතිද?? කි දෙනෙක් එහෙම ගෙවලා යනවා ඇතිද??

ජිවිතේ ගෙවලා තියෙන්නේ පොඩි කාළයක් උනත් ඒ දවස් වල ඉදන් කසන සල්ලිත් මම ලග තිබිලා නැති නිසා ඔහොම කියන කියන විදිහට මට නම් ගෙවන්න පුරුද්දක් නැ..

බ්ලොග් ලියන කියවන ගොඩාක් දෙනෙක් ඉන්නේ කොළබ ලග පාත නිසා එහෙම අයට මේක දැනෙනේ නැතිවෙයි.. ඒත් ඇත් ඉදන් (කියන්න ඔයාලා කැමතිනම් ඔව් අපි ඉන්නේ වන්නියක කියලා) ඒත් අපේ මිනිස්සු ලග මනුස්සකම තියනවා.. සල්ලි වලට වැඩක් කලත් මිනිස්සු හුරගෙන කන්නේ නැ.. පොඩ්ඩක් හිතලා මේ ගාන හදලා බලමුකෝ..

ඔය විනාඩි 5 වැඩේට මම වගේ ගෙවන්නේ නැතුව ඉන්නේ නැතුව කවුරු හරි 500 ගෙවනවා කියලා..
පැයකට විනාඩි 5 එවා 12 තියනවානේ ඕකෙන් 3ක විතරක් ඔහොම හම්බවෙනවා කියලා එතකොට පැයකට 500 * 3 = 1500
උදේ 5 ඉදන් හැන්දැවේ 8 වෙනකන් පැය 15ක් තියනවා ඔය පැය 15න් පැය 8ක ඔහොම හම්බ වෙනවා කියලා එතකොට දවසකට 1500 * 8 = 12000 යි කොහොමද  දවසක ආදායම ඔහොම මාසෙකට තියන දවස් 30න් 10ක් වැඩ කලොත් 12000 * 10 = 120000 පිස්සු හැදෙයි නේද??

මොකටද අපි ඉගන ගන්නේ... කියලා මට හිතුනා... ටයි දාගෙන ඒසි එකේ ඉදගෙන අපි වැඩ කරලා හොයනවා වගේ කි ගුනයක් හොයනවද?? මේ අඩුම ගනන් දාලා.. මේක හරියට වෙනවානම් ඉතින් අම්මේ මේ වගේ දෙතුන් ගුනයක් හොයන්න පුලුවන්...

මේක වෙන්න බැයිද ඉතින්.... ඒත් ඉතින් ඇයි එහෙම කරන්නේ.. හැමෝම මිනිස්සු නේද?? මොකටද කොළබ කාක්කෝ මිනිස්සුන්ව හුරගෙන කන්නේ...

ප.ලි : මට විදින්න උන දෙයක් ලිවේ.. මේකට වගකියන්න ඕනේ රටේ රජයවත් කොළබ පාලනය කරන විපක්ශයවත් නෙමේ මම හිතන්නේ... මේක  අපේ රටේ මිනිස්සුන්ගේ හිත් වල වැරදි නේද??

කවුද මේවට වග කියන්නේ

ප.ප.ලි : බලාපොරොත්තුවෙන් තවත් ඇගලුම් කම්හලේ ප්‍රේම පලහිලව්වක්..

30 October, 2011

සර් මම යන්නද.. ( පිරිසක් පාලනය කරනවානම් ඔයාලත් මේ වගේද?)

කලින් පොස්ට් එකේ මම මිස් කෙනෙක්ගෙන් බැදලද කියලා අහලා යාලුවෙක්ට උන චාටරයක් කිවනේ... කියෙව්වේ නැත්නම් මෙන්න පාර...
අදත් ඉතින් ඒ වගේ එකක් කියලා ඔයාලා හිතයි මොකද මේකත් සර් මම යන්නද කියාලානේ උඩ ලේබලේ ගහලා තියෙන්නේ..

ටික දවසකට කලින් අහපු කථාවක් නිසා මට මතක් උන කථාවක් තමා මේ මගේ ජිවිතේ කලින් ගෙවපු...

මේක වෙන්නේ මිට අවුරුදු 2 හමාරකට විතර ඉස්සරවෙලා.. ජොබ් එකක් කරලා ඒක එක මාසෙන් දෙකෙන් ඉවර වෙලා අලුත් ජොබ් එකක් ලැබිලා ගිහින් මාසයක් විතර ඇති.. (ශා කියන්න අමතක උනානේ මේ ජොබ් එකේ අලුතත් මට හොද හොද දේවල් උනා.. ඒවා කවදාහරි මේ බ්ලොග් එකක ලියවේවි)

මගේ මේ ජොබ් එක ගාමන්ට් එකක්.සුපවයිස් කරන්න තමා මට තිබුනේ.. මේක ගොඩාක් ලොකු ගාමන්ට් එකක් නොවුනා උනත් ශිෆ්ට් 2කට වැඩ කරන සේවකයෝ 250ක් 350ක් විතර ඉන්න තැනක්.. මට කොහොමත් තිබුනේ 75ක් විතර හැන්ඩ්ල් කරන්න.. මම පොඩි එකා වගේ තමා..

ඒත් මම ඉතින් පොඩ්ඩක් විතර මේ ජොබ් එකට ඇහැ ගහගෙන උන්න නිසාත් මෙතන වැඩ කරපු ලොකු ලොකු පොස්ට් දරන 2,3ක් අදුනන නිසා අවුලක් නැතුව සෙට් වෙන්න පුලුවන් උනා...

......................................................................................................................

මම නයිට් ශිෆ්ට් එකක වැඩ කරපු දවසක තමා මේක උනේ.. මම ඉතින් පොඩ්ඩක් ඔය හැම කෙනා ලගටම ගිහින් පොඩ්ඩක් ඇවිදලා කරලා බලනවා පැයකට හමාරකට සැරයක්...

එදා මම කැන්ටින් එකට ගියා පොඩ්ඩක් කලා එන්න.. එතකොට මම දැක්කා මගේ ශිෆ්ට් එකේ වැඩ කරන කොල්ලෙක් (මට ඒ වෙලාවේ හරියටම ශුවර් එකකුත් තිබුනේ නැ මොකද ඉතින් තාම අලුත්නේ) කැන්ටිමේ පැත්තක කෙල්ලෙක්ගේ අතත් අල්ලගෙන ප්‍රේම ජවනිකාවක්.. (බලන්න බැරි තත්වෙකින් නෙමේ හොදේ)

මම කොහොම හරි ඕක නොට් කරගෙන ඇවිත් බැලුවා හැමෝම ඉන්නවද කියලා.. මගේ සැකේ ගොඩාක් දුරට හරි ගිහින් වැඩ කර කර ඉදපු මැශින් එකක් වැඩ නවත්වලා..

මේ වෙලාවේ කාටවත් එහෙම වැඩ  නොකර ඉන්න පුලුවන් වෙලාවකුත් නෙමේ....

ටික වෙලාවකින් බලනකොට මිනිහා ආයේ ඇවිත් වැඩ...

මට මේක ප්‍රශ්නයක් උන නිසා මම කතාකලා මිනිහට..

දැන් ටිකකට කලින් කොහෙද උන්නේ

කොහෙවත් නෙමේ සර් වැඩ කර කර උන්නේ...

මම බලනකොට උන්නේ නැනේ කොහෙද ගියේ

ආනේ සර් මම පොඩ්ඩක් වොශ් රුම් ගියා.

කැන්ටින් එකේ බිත්තියක් ලගද මෙහේ ඒවා තියෙන්නේ
අනේ සර් දැක්කද මාව.... ඇත්තමට සර් ඒ මම යාලු වෙලා ඉන්න කෙනා අපි ලබන අවුරුද්දේ බදින්න කියලා හිතාන ඉන්නේ... එයා එක ශිෆ්ට් එකක මම එකක.. අපි දෙන්නට හම්බවෙන්න කියලා අමුතුවෙන් වෙලාවල් නැ මට නිවාඩු වෙලාවක එයාට වැඩ.. එයාට නිවාඩු වෙලාවට මට වැඩ...

කථා කරන්නවත් ලැබෙන්නේ වැඩ ඉවරවෙලා එයා යන වෙලවාට ඔය විනාඩි 15,20 විතරයි.. ඒකත් හැමෝම බස් වලට එනකන් විතරයි... ඒකයි සර් මම ගියේ...

ම්හ්...ආදරේ කරන්නත් ඕනා තමයි ඒත් මේ වැඩ කරන වෙලාව ඒ වෙලාවේ ඕවා ගාගෙන බැ..

මට හැබැයි පුලුවන් මෙහෙම දෙයක් කරන්න... මම හැමදාම ඔය විනාඩි 15 ගිහින් එන්න දෙන්න පුලුවන් හැබැයි වෙනදට ගහන කැලි 100 වෙනුවට මට 125ක් ඕනා...
පුලුවන්ද??

පුලුවන් සර්.. අනිවාර්යෙන්ම

ඔය දවසෙන් පස්සේ හැමදාමත් ඔය කියන වෙලාවට මිනිහා මගේ දිහා බලල යන්නද අහනවා... මමත් ඔලුව වනලා හා කියනවා.. හැබැයි ඉතින් ගිහින් ආවට පස්සේ මිනිහා කඩියා වගේ වැඩ..

ඇත්තටම මම එදා සැරෙන් යන්න එපා කිවානම්  මිනිහා හරියට වැඩක් කරන්නෙත් නැ.. ඒකෙන් මට ඇති ලාභෙකුත් නැ මිනිහට ඇති වැඩකුත් නැ.. ඒ හින්දා ඔයාලත් හිතලා බලන්න වැඩක් කරගන්න ඕන උනහම අපි හැමවෙලේම දරුනු වෙලා වැඩේ හරි යන්නෙත් නැ..එහෙමයි කියලා ඔයාලා කාවවත් පාලනය කරන ජොබ් එකක් කරනවානම් ඕනාවට වඩා හැමෝටම බුරුලක් දෙන එකත් හොද නැ.. හිතලා බලන්න තැනට ගැලපෙන හොදම දේ කරන්න

තවත් මේ වගේ එතන උනු කථා නම් තියනවා ඔයාලා කැමති වෙවිද අහන්න...

28 October, 2011

එතකොට මිස් බැදලද???

සමහර විට මේක වෙන්න ඇති මගේ බ්ලොග් එකේ ලියවෙන පුන්චිම කථාව... යාලුවෝ දෙන්නෙක් ඉන්නවා (මේ ඔයයි මමයි එහෙම නෙමේ) එක යාලුවෙකුට ගොඩාක් යාලුවෝ ඉන්නවා.. යන යන තැනක කථා කරන හැමෝ එක්කම ගොඩාක් හොද හිතවතුන් වෙනවා ඒ කියන්නේ හොද ‍ෆිට් එකේ සෙට් වෙනවා... ඒ යාලුවා විතරක් යාලුවෙක් විදිහට ඉදපු එක යාලුවෙක්ට මේක ගොඩාක් ලොකු ප්‍රශ්නයක්... මොකද යන යන තැන කවුරුවත් මිනිහා ගැන ගනන් ගන්නේවත් නැ.. ඔහේ කියවනවා විතරයි කවුරුවත් කැමති නැ මිනිහාව යාලුවෙක් කරගන්න....

දවසක් මේ යාලුවා අර ගොඩාක් යාලුවෝ ඉන්න යාලුවා ලගට ඇවිත් අහනවා කොහොමද ඔය දකින දකින කෙනාව ඔයාගේ යාලුවෙක් කරගන්නේ.. මට කොයි තරම් උත්සහ කලත් එක කරන්න බැනේ...

මෙහෙමයි මම ඉතින් ඔය හැම කෙනෙක් එක්කම හොදට කථා කරනවා... ඉතින් ඒ හින්දා ගොඩාක් අය මාත් එක්ක යාලු වෙනවා...

ඉතින් මොනවද ඔයා අහන්නේ....

මුකුත් අමුතුවෙන් විස්තරයක් නැ ඉතින් මේ දවස්වල මොකද කරන්නේ. කසාද එහෙම බැදලද. මොනවද කරන ජොබ් එක , ලමයි ඉන්නවද ඔවා තමා ඉතින්...

එකත් එහෙමද කියලා මිනිහා පහුවෙනිදම කට්ටිය එකතු වෙන තැනකට ගියා.. එක තැනක තනියම ඉන්න ලස්සන නොනා කෙනෙක් ලගට ගිහින් මෙහෙම අහනවලු

කොහොමද මිස්... මිස් බැදලද??

අකමැත්තෙන් වගේ කෙල්ල නැ කිවලු..

ඊට පස්සේ ආයේ මිනිහා අහනවලු මිස්ට එතකොට ලමයි ඉන්නවද කියලා..

(තේරෙනවානේ බැදලා නැ කිව කෙල්ලෙකුගෙන් ලමයි ඉන්නවාද කියලා අහපුවහම කොහොමද ප්‍රතිචාරේ කියලා)

ආයෙත් ඉතින් එක වැරදි කියලා අර යාලුවාගෙන් තේරුම් අරගෙන පස්සේ දවසකත් ඔහොම යනවලු.

පලවෙනි දවසේ බැදලාද කියලා අහලානේ ගුටි නොකා ගුටි කැවේ කියලා හිතලා මෙහෙම අහනවලු

මිස්ට ලමයි ඉන්නවද?? ඔව් කියපු නිසා පස්සේ මිනිහා අහනවලු එතකොට මිස් බැදලද කියලා....

තේරෙනවානේ ඉතින් බැදපු කෙනෙක්ගෙන් අහපුවහම ලමයි ඉන්නවද කියලා අහලා පස්සේ බැදලද කියලා අහපුවමත් ඉතින් ගුටි නොහම්බ වෙයිද??

ඉතින් යාලුවනේ කතා කරනකොට පරිස්සමින්.....

කථාව පුන්චි නිසා මම පොඩි ගානකුත් දිලාම මාරු වෙන්නම්කෝ... මේක පොඩි ඉරි කැල්ලකින් විසදලා දෙන්නකෝ.. (පාවිච්චි කරන්න පුලුවන් පොඩි ඉරි කැල්ලක් විතරමයි)

5 + 5 + 5 = 550

ප.ලි : තව පොඩි ගානකුත්  දාන්නම්කෝ.. මේකට උනන්දුව තියන නිසාම... 8 ඉලක්කම් 8කින් එකතු කරපුවාහම 1000 හැදෙන්න කොහොම ලිවොත් හැදෙයිද??

බලාපොරොත්තුවෙන් තවත් සුන්දර කථාවක්... ඉක්මනින්ම