ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

21 November, 2011

ලොත‍රැයි... ගත්තොත් දිනුම්

ඔන්න මගේ යාලුවෝ ඔක්කොම මට සමාවෙන්නකෝ.... පොඩ්ඩක් බිසි වෙලා උන්න නිසා වෙලාවක් ලැබුන ගමන් ඇවිත් පොස්ට් එකක් දාලා ගියා මිසක් (ආහ් ඒවාගෙත් ස්පෙලින් මිස්ටෙක් ටිකක් තිබුනා කියලාත් මගේ යාළුවෝ කියලා තිබුනානේ.. ඔන්න ඒවා ටිකක් හදිස්සියට උනු දේවල්... ගොඩාක් උත්සහ කරනවා ඒවා හදාගන්න...

මේ කතාව ටිකක් විතර හොද නැද්ද මම දන්නේ නැ කියන්න.. ඒත් මම කියන්නේ ඔන්න ඔයාලට ගන්න එපා කියලා නම් නෙමේ.. සමහර වෙලාවට මමත් ගන්නවා..

පරණ ගත්තු දිනුම් ඇදපු දිනුමක් තිබුනු ටිකට් වගයකට ඒ මුදල් ගන්න ගමන් තව ටිකට් එකක් ගන්න කියලා ගිය සතියේ දවසක මම ගියා..
වාසනාවට විතරක්ම තමයි මම හිතන්නේ මේවගේ දිනුම් ලබන්න පුලුවන්... මොකද කාටවත් කියන්න බැනේ මොනවගේ ඉලක්කම් මේවගෙන් වැටෙයිද කියලා...

සාස්තර කියන අය මාගෙන් ගොඩාක් අහගාන්න දෙයක් තමා මේ ටිකට් කථාව

ඒ කිවේ ගොඩාක් සාස්තර කියන අය මම ලගට ඇවිත් මට කියනවානම් සාස්තරයක් අහන්න කියලා මම විශ්වාස කරනවා ඒ කෙනා සාස්ත්‍ර කියන්න දාන්නේ නැ කියලා.. මොකද මුන බළලා කියනවානම් ඉතින් ඒ අය මගේ මුණ බලපුවහම පෙන්න ඕනනේ මම සාස්ත්‍ර අහන්නේ නැ කියාලා..

ඉතින් ඔය අයගෙන් මම අහනවා ඉතින් මේ තරම් දුක් විද විද එක සාස්ත්‍රයක් කියන්න 4,5 ලගට යන වෙලාවේ අද ටිකට් එකේ මොන අංකද වැටෙන්නේ කියලා බලාගෙන ඒකෙන් ටිකට් ටිකක් වැඩියෙන් අරන් කරදරයක් නැතුව ජිවත් වෙන්නකෝ කියලා.. ඔන්න ඉතින් ඒ අය මගෙන් ඇතට යනවා..

මේ කතාව උනේ මම ඔය ටිකට් ගන්නකොට...

කෙනෙක් හොයනවා අන්තිමට අංක 5 තියන ටිකට්.. එහෙම ටිකට් 5,6ක් අතෙත් තිබුණා.. අද වැටෙන්නේ අන්තිමට අංක 5 තියෙන ටිකට්ලු..
මම ඇහුවා ඉතින් කවුද කිවේ කියලා,,

කවුරුවත් නෙමේලු පහුගිය ටිකට් වල 5 වැ‍ටුනේ නැහැලු...

අනේ මන්දා ඉතින් මමත් බැලුවා දැන් 5 එවා තියනවද කියලා ගන්න නෙමේ අර මනුස්සයට හොයලා දෙන්න..

වෙන නම් එකක්වත් නොතිබුන නිසා මේ මනුස්සයා අනිත් ටිකට් කවුන්ටර් එකට ගිහින් එතනත් එහෙම ටිකට් හොයනවා මම බලාගෙන

බ්ලොග් ලියන කියවන අය ටිකට් ගන්නවද මම දන්නේ නම් නැ.. ඒ කාලේ ඉදලා පුරුද්දක් නිසාද මන්දා මාසෙකට එකක් දෙකක් නම් මට ගැනෙනවා.. තැගි ඇත්තටම පොඩි පොඩි ගනන් වැටිලා තියන නිසා මට එපා වෙලා නම් නැ කවදාවත්..

මම ප්‍රධාන ජයමල්ල ගැන නම් හිතන්නේම නැ.. මොකද ඒකට ගොඩාක් වාසනව ඕනේ.. ඇත්තටම ඔනේ එක විතරමනේ.. වාසනාව තියනවානම් අනිවර්යෙන්ම ගන්න එක ටිකට් එකටත් දිනුමක් ලැබෙනවා...

ඒත් මට මේක ලියන්න හිතුනේ ඒ මනුස්සයගේ අන්ධ විශ්වාසේ ගැන දුක හිතුන නිසා..

දැන් මේ කියන ලොත‍රැයිය ඉංග්‍රිසි අකුරකින් වගේම අංක 6කින් සමන්විතයිනේ.. ඔය ඔක්කොම ගැලපුනොත්නේ මුල් දිනුමම ලැබෙන්නේ...

මැත්ස් වචන නම් හරියටම මතක නැද්ද කොහෙද.. ඔය ඉංග්‍රිසි අකුරයි අංක 6ටයි වෙන කිසිම බලපැමකට යටත්ව නැති නිසා ඕන එකක් වැටෙන්න පුලුවන්නේ...

සංකරන හා සංයෝජන පිලිබද ඒ කාලේ මම ඉගන ගත්තුවා මට තාම මතකයි නම් දිනුම ලැබෙන්නේ මේ තරම් ටිකට් පත් වලින් එකකට විතරයි

ඉංග්‍රිසි අකුරු 25 (අයි හැරනේ) , ඉලක්කම් 0 ඉදන් 9 වෙනකන් ඉලක්කම්10 යිනේ

25 * 10 *10 * 10 * 10 * 10 * 10 = 25000000 (ටිකට් ලක්ශ 250කින් එකකට)

ඒ වගේම ටිකට් ලක්ශ 250ම මුද්‍රණය නොකරන නිසානේ අද මුලි දිනුම දිනා නැ කියන දවසුත් තියෙන්නේ...

ඉතින් ලක්ශ 250කින් එකකට වැටෙන ටිකට් පතක් වෙනුවෙන් බලපාන්නේ වාසනාව ඇර වෙන මොනවද??

ඇත්තටම ඔයාලාට දිනුමක් නොලැබුනත් රටේ සංවර්ධනයට දායක වෙන්න පුලුවන් නිසා මෙච්චර කාලයකට ගත්තේ නැත්නම් සතියකට එහෙමත් නැත්නම් මාසෙකට එකක් දෙකක් වත් අරගෙන සංවර්ධනයටත් දායක වෙන්න....

ප.ලි : තවත් ටිකට් වර්ගයාක් තියනවානේ අංක 65ක් විතර තියන.. ඒකේ නම් දිනුම් ඇදිමේදි එක පාර වැ‍ටුන අංකයක් අයේ වැටෙන්නේ නැති නිසා

65 * 64 * 63 * 62 * 61 = 991186560 කින් එකකට මුල් දිනුම ලබා ගන්න පුලුවන්.. ඔතන සුපිරි අංකය එහෙම තියනවානම් තව ඒකෙනුත් වැඩි කරන්න ඕනේ හොදේ...

ආයෙමත් කියනවා වාසනාව උරගා බලන ගමන් රටේ සංවර්ධනටත් දායක වෙන්න ... ඔබේ ටිකට් පත අදම වෙන්කරවා ගන්න...

ප.ප.ලි : ඇත්තටම මම කැමති අන්තර්ජාලය හරහා අපි කැමති අංක ලකුනු කරලා ඔය දිනුම් අදින වාරවලටම පාවිච්චි කරන්න පුලුවන් ලොත‍රැයි ක්‍රමයකුත් එනවානම්

19 comments:

  1. http://www.lotteryuniverse.com/

    ඔන්න ඕකෙන් ගන්න ඔන්ලයින් ටිකට් එකක් .....

    ReplyDelete
  2. වැඩිම ඇදිලා තියෙන්නේ රු.60ක් තමයි !

    ReplyDelete
  3. මමත් ඉඳල හිටල ටිකට් එකක් ගන්නව පොඩි පොඩි දිනුම් ලැබිල තියනව . ටිකට් එකක් ගන්නේ නැතුව කෝමද ඇදෙන්නෙ නේද ?

    ReplyDelete
  4. //ඒ වගේම ටිකට් ලක්ශ 250ම මුද්‍රණය නොකරන නිසානේ අද මුලි දිනුම දිනා නැ කියන දවසුත් තියෙන්නේ..//

    ඇයි මුද්‍රණය කරල නොවිකුණන ඒවා අයිති වෙන්නෙ නැද්ද , අද දිනුම් කවුරුත් නැ කියන කොට

    ReplyDelete
  5. අපොයි ඒ ටිකට් වලින් නම් වැඩක් නෑ...:D

    ReplyDelete
  6. මටනම් කියපුවා තේරුනේ නැත......ඇදෙන්නේ නැති නිසා ඕවා නොගනී

    ReplyDelete
  7. මම නම් ප්‍රතිපත්තියක් විදියට ස්වීප් ගන්නේ නැහැ..අනික ඉතින් ඕක ඇදෙන්න තියෙන සම්භාවිතාවය 100000000 න් එකක් විතරනේ ..

    ReplyDelete
  8. මමත් ඉස්සර ලංකාවෙ ඉන්දැද්දි ගන්නවා... හැමදාම වගේ වියදම් කරපු ගාණ නම් කවර් වෙනවා...

    ReplyDelete
  9. හ්ම්.... අපේ තාත්තනම් ඉදලා හිටලා ගන්නවා.මංනම් ඕවට නෑ.

    ReplyDelete
  10. මමත් හැමදාම ටිකට නම් ගන්නවා 20-500 අතර හැමදාම ඇදෙනවා එ හන්දා මෙ ටිකට් ගන්න පුරුද්ද අතහරින්නත් බෑ

    ReplyDelete
  11. මං නං ඔය ලොතරයි ගන්නේ ඉදලා හිටලා දවසක තමයි..

    ReplyDelete
  12. මට නම් කවදාක්වත් සුවිප් ටිකට් දිනුමක් ඇඳිලා නෑ. මම් ඉතින් සුවිප් ගන්නේ නෑනේ. මට මතකයි අපේ අම්මා දවසක් මට සපත්තු දෙකක් අරන් දෙන්න සල්ලි නැතුව ඉන්නකොට අපේ අප්පච්චි ගත්ත ටිකට් එකකට රුපියල් 500ක් ඇඳුනා. ඒකෙන් මට සපත්තු දෙකක් ගත්තා. ඉස්සර සපත්තු ගොඩක් අඩුයි. දැන් වගේ නෙමේ.

    ReplyDelete
  13. //ආයෙමත් කියනවා වාසනාව උරගා බලන ගමන් රටේ සංවර්ධනටත් දායක වෙන්න ... ඔබේ ටිකට් පත අදම වෙන්කරවා ගන්න...//
    මේ ගැන නම් එච්චර හිතල තිබුනෙ නෑ දේවා..ඒ ගැන හිතලා ටිකට් ගන්න ඕනි..ඒ දවස්වල ලොතරැයි මණ්ඩලය නිසා කැම්පස් යන අයට ලැබුනු මහපොළ එයාලට කොච්චර උදව්වක් වුනාද කියල මතක්වෙනකොට මෙච්චර කල් ටිකට් ගත්තෙ නැත්තෙ අපරාධෙ කියල හිතෙනවා..

    ReplyDelete
  14. මට නම් මචං උපරිමේට ඇදිලා තියෙන්නේ රුපියල් 70 ඒකත් හූරන ටිකට් එකකින් . එක්දාස් නවසිය අනූ නවයේ මම පොඩි එකා කාලේ තමා ඒකත් වුණේ

    ReplyDelete
  15. මටනම් කවදාවත් දිනුමක් ඇදිලා නැහැ නේ..ඉතින් මම ඒවා ගන්න එක නවත්තලා තියෙන්නේ...

    ආ...අර මැත්ස් වචනේ "ස්වායත්ත" ද?

    ReplyDelete
  16. ටිකට් නොගත්තට අපි කන පරිප්පු ඇටයක් ගානේ රටේ කෙසේ වෙතත් ලොක්කොන්ගේ සංවර්දනයට දායක වෙනවා...
    ඒ නිසා ටිකට් ගැනීමේ උවමනාවක් නම් නෑ!
    ඕක සූදුවක්...මම නම් ඒ සල්ලි වලින් එක දවසක බස් එකේ යනවා!

    ReplyDelete
  17. ම්ම්ම්ම්.. මමත් ස්වීප් ටිකට් ගන්නෙම නැති තරම්.අර ChammA අයියා කිව්ව ව්ගේ ඕක ඇදෙන්න තියන සම්භාවිතාව හරිම අඩුයිනෙ..හැබැයි අපේ අම්මා,ආච්චිඅම්මා එහෙම හරිම අඅසයි ඔය වැඩේට..

    ReplyDelete
  18. මමත් නෑ ලොතරැයි සූදුවට

    ReplyDelete
  19. හලේ මම ටිකට් අරගෙන නැ... ඒ උනාට අරගෙන බලන්න හිතුනා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....