ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 November, 2011

සංනිවේදන නිසා උන ඇහුන රස කථා

සංනිවේදනය කියන්නේ ජිවත් වෙනකොට අපිට ගොඩාක්ම ඕන කරන වැදගත්ම ක්‍රියාකරකම් වලින් එකක්නේ.... සමහර අය අපි කියන දේ එක පාර තේරුම් ගන්නවා සමහර අයට කියලා ආයේ පැහැදිලි කරාලා දෙන්නත් ඕනා..එතකොට තේරුම් ගන්නවා,... සමහර අයට ඒ කොහොම කිවත් තේරුම් ගන්න බැ.. ඒකට හේතු දෙකක් තියන්න පුලුවන්.. අපිට ඒක කියන කෙනාට තේරුම් ගන්න  පුලුවන් විදිහට කියන්න තේරෙන්නේ නැ.. ඒහෙමත් නැත්නම් අපි කියන දේ තේරුම් ගන්න තරම් ඒ අහන කෙනාට දැනුමක් නැ..

ඊයේ පෙරේදා උන දෙයක් වගේම මීට කලින් ඔයාලා අහලා තියන පුන්චි කතා 2කකුත් මතක් උන නිසායි මේ ගැන පොඩි පොස්ට් එකක් දාන්න හිතුවේ,...


අපේ බැන්ක් එකේ වැඩ කරන කෙනෙක්ගේ අක්කාගේ පුතේක් හද්සියේ නැතිවෙලා.. කට්ටිය ඉතින් වැඩ එහෙම ඉවරවෙලා ඔය මලගෙදර යන්න ලැස්ති උනා... අපි ඉතින් පාර හරියට දන්නේත් නැ.... කොහොම් හරි ෆොන් සංනිවේදන මාධ්‍යක් කරගෙන සැහෙන ගානක් වියදම් කරගෙන (ඇයි ඉතින් පාර හරියට කියන්නෙම නැ ඔතනින් මේ පැත්තටට , නැ නැ අනිත් පැත්තට...ඔහොම හැම වේල්ම එක පාර දෙතුන් පාර ගිහින් ගොඩාක් සංනිවේදනය හොදට කරගෙන අපි පැයකින් යන්න ඕන තැනට පැය දෙක හමාරක් විතර ඇවිදලා (පයින් නෙමේ ගියේ හොදේ) අදාල කරන තැනට ලගා වුනා...

ගත්තා ආයේ කෝල් එකක්... මචන් ./... මේ උබලාගේ මලගෙදර නේද බන් රෙස්ට් ඉන් පිස් කියලා ගහලා තියෙන්නේ....

අය්යෝ උබලා ආයේ පාර වරද්ද ගත්තාද රෙල්සින් පිස් විකුනන්න තියෙන්නේ මල ගෙදර තියන පාරේ නෙම් තව කිලෝමිටරයක් විතර එහානේ බන්... දැන් අපහු වරෙන් කියලා කිවා....

අපෝ එහෙම එකක් නෙමේ බන් අර ආර් අයි පි කියලා ගහලා තියෙන්නේ...

එහෙම කියපන්කෝ./. හරි හරි එතන තමයි.. අම්මේ විදපු දුක සංනිවේදයට පි සිද්ද වෙන්න....

මේ කථා 2 නම් ඔයාලා අහලාත් ඇති..

අත් අඩංගුවට ගත්තු එහෙමත් නැත්නම් පැහර ගත්තු කෙනෙක්ව නිදහස් කරනවද නැත්නම් මරලා දානවද කියලා එවපු පණිවිඩේ තිතක ප්‍රශ්නයක් නිසා මැරෙන්න උන කථාව දන්නවනේ සංනිවේදනය මෙතන ගොඩාක් වැදගත්..

පණිවිඩේ එන්න ඕනේ....

මරන්න එපා. නිදහස් කරන්න කියලා.. ඒත් ඉතින් පණිවිඩේ ඇවිත් තිබුනේ

මරන්න. එපා නිදහස් කරන්න කියලාලු...


මේක දෙවෙනි කතාව ඔන්න කුණුහරපයක් එහෙම නෙමේ හොදේ....

බොම්බ ප්‍රහාරයාක ලක් උන කෙනෙක් ඕපරේෂන් කරන්න ඕන වෙලා... කොහොමහරි ඔපරේශන් කරන්න අදින්නේ සුදු පාට කමිසනේ.. ගෙදර අයට අලුත් කමිස 3ක් ගෙන්න කියලා කලින් කියලා... ඔපරේශන් තියටර් එක ඇතුලට ගිය ඩොක්ටර් ට දැන් මේ කමිස තුන හොයාගන්න බැරි වෙලා චිට් එකක් එවනවලු එලියට

ලියලා එවන්න ඕනේ මේකයි

මැදපු කමිස තුන නැත.
ඒත් ලියලා තියෙන්නේ ඔය අකුරු තුනේ ඒවා දෙකට කඩලා
මෙන්න මෙහෙමලු

මැද පුක මිස තුන නැත   (ඔන්න මේවා කුණුහරප නම් නෙමේ)

ඉතින් කොහොම වෙයිද මේ වගේ සංනිවේදන කටයුතු සිද්ද උනොත්....

ඔයලාටත් එහෙම මොනවා හරි වෙලා තියනවද?????

ප. ලි බලාපොරොත්තුවෙන් තවත් මේ වගේ දේවල්... ‍රැදි සිටින්න අප සමග

22 comments:

  1. "ඔය මරන්න එපා නිදහස් කරන්න "..
    මේදේ සිද්දිය උනේ සරදියෙල්ට කියලයි මම අහල තියෙන්නේ

    ReplyDelete
  2. මැදපු කමිස තුන නැති උනේ. ඇතුලත්මුදලි මහත්තයගේ...

    ReplyDelete
  3. සංනිවේදන අවුල් නම් අනන්තයි සහ කුජීතයි !

    ReplyDelete
  4. හික් හික්...එල එල....ඔයා කියපු තිතේ කතාව මම අහල තියෙන්නේ මෙහෙම.

    මේක වෙලා තියෙන්නේ සිළිඳු හරි සරදියෙල් හරි (කවුද කියල හරියටම මතක නෑ) මරන්න හදපු වෙලාවේ. ආණ්ඩුකාරයාගේ ඉංග්‍රීසියෙන් පණිවිඩේ ආවේ

    kill him, not save him කියලලු. ඒත් අදහස් කරලා තිබුනේ
    kill him not, save him කියල ලු. ඉතින් අසරණයා මැරුම් කෑවා ලු.

    comma can kill a man කියලා කතාවක් හැදුනේ ඒක නිසාලු.

    ReplyDelete
  5. පට්ට ඈ.. රෙස්ලින් පීස් ගෙදර... හික්...

    ReplyDelete
  6. වෙලා තියෙන බවක් මතක් වෙන්නෙ නෑ නෙ අප්පා.වෙලානම් ඇති නැති වෙන්න බෑ.බ්බැයි කතා නම් අහලා තියෙනවා.ඔයාම තව කතා ටිකක් කියන්නකො මල්ලි.

    ReplyDelete
  7. ගිය අගෝස්තු මාසේ යාලුවෙක්ගේ මගුල් ගෙදරක ගියා ටිකක් දුර පලතක.මූ පාර කියන්නෙම නෑ..එක එක පාරවල් වල නං කියන්නේ..මම කුනුහරුපයක් කියලා හොටේල් එකේ නම අහගත්තේ...මූට වෙරි මරගාතේ ඒක කියන්න අමතක වෙලා...හොටේල් එකේ නම කිව්වනං ඉතින් ඒ පලාතේ ඕන කෙනෙක් දන්නවනේ...වැඩේ කියන්නේ මූ වැඩකරන්නේ ඔය සන්නිවේදන කොම්පැනියකමයි....

    ReplyDelete
  8. මම මෙ අන්තිමට කියපු කතාවනම් අහලා තියෙන්නෙ වෙන විදියකට . ඔයාලට මතක ඇතිනෙ පාර්ලිමෙන්තුවෙ බොඅම්බ සිද්දිය ඒක උනවෙලාවෙ ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ඇතුලත්මෞදලි නෝනට යවපු චිට් එක ලියලා තියෙන්නෙ එහෙමලු

    ReplyDelete
  9. හෙහ් හෙහ් !!! පහල කථා දෙක දන්නවා වුනත් ආයෙත් කියවල හිනාවුනා... ඔය වගේ ප්‍රින්ටින් මිස්ටේක් අපේ ෆීල්ඩ් එකේත් අනන්තයි. කොච්චරද කියනවා නම් මතක් වෙන්නෙත් නැති තරම්.

    අපේ ගොඩක් අය පැනඩෝල් වල ඖෂධීය නාමයෙන් ඉල්ලන්නේ පැරසිටමෝල් කියලා නෙවේ... ‘පෙර සිට මෝල්‘ කියලානේ. ඇයි ඉස්සර අපේ ආච්චිලගේ කාලේ නෙස්ටමෝල්ට් වලට ව්‍යවහාර කරලා තියෙන්නේ ‘නැට්ට මෝල්‘ කියලා ලු !!! ඔව්වා කොහොම කඩෙන් ඉල්ලුවාද මන්දා... හික්ස් !!!

    ඇයි අර විදුලි පණිවුඩ කේස් එක. තාත්තා පුතාට එවලා තියෙන්නේ... මට දැන් ස්ටෝරිය මතක නෑ. දන්නා ඇත්තෙක් දැම්මා නම් !!!

    තව මතක් වුනොත් පසුවට දමන්නම්...! මේකේ කොමෙන්ට් ටික පබිලිස් කොලා නම් මලේ... හොඳ හොඳ එව්වා ටිකක් බලා ගන්න තිබ්බා !!!

    ReplyDelete
  10. අර දෙවෙනි කතාව නම් අහලා තියෙනවා.. දොස්තරගේ කතාවනම් මරු...

    ReplyDelete
  11. දේවා, ලිපියේ අක්ෂර වින්‍යාසයේ වැරදි හදාගන්න මේක පාවිච්චි කරන්න.

    http://www.subasa.net/spellerweb.py

    ReplyDelete
  12. කමියුනිකේශන් ප්‍රොබ්ලම් !!!
    මරු කතා සෙට් එක මල්ලි. රෙස්ටින් පීස් කතාව තමා මරු. ඒ කියන්නේ මල්ලි සෑහෙන්න පැට්‍රෝල් පුච්චන්න ඇති මලගේ හොයාගන්න.

    ReplyDelete
  13. [මහර අය අපි කියන දේ එක පාර තේරුම් ගන්නවා සමහර අයට කියලා ආයේ පැහැදිලි කරාලා දෙන්නත් ඕනා..එතකොට තේරුම් ගන්නවා,... සමහර අයට ඒ කොහොම කිවත් තේරුම් ගන්න බැ..]

    තවත් සමහර අය කියන දේ වැරදියට තේරුම් ගන්නවා. ඒක තමයි භයානකම

    අසන්නා කෙසේ ඇසුවත් කියන්නා සිහිබුද්ධියෙන් කියන්න ඕනෙලුනෙ

    ReplyDelete
  14. අර කතා 2 අහලා තියෙනවා. දෙවැනි එක මාත් අහලා තියෙන්නේ ඇතුලත්මුදලි මහත්තයා ගැනම තමයි. නරකම නෑ

    ReplyDelete
  15. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්...මරු කතා ටික..ඔහොම එව්වා මටත් ව්එලා තියන්වා...හික්ස්ස්..

    ReplyDelete
  16. ඈ බොල! මම කලින් දැම්ම කමෙන්ට් එකට මොකෝ වුණේ?

    දේවා, ඔයාගෛ ලිපියෙ අකුරු විනිස පිරික්සන්න මේක පාවිච්චි කරන්න. නිවැරදිව ලස්සනට ලියන්න.
    http://www.subasa.net/spellerweb.py

    ReplyDelete
  17. විසිතුරු & අනිත් ඔක්කොටම : එක එක හැමෝටම කමෙන්ට් වලින් උත්තර දෙන්න නම් මේ දවස් වල බැරි වෙයි මට.. ටිකක් විතර බිසි... ලිපියත් ගොඩාක් හදිසියෙන් ලිවේ... ඔන්න ඉතිරි ලිපි ටිකක් ලේට් නොවි හැබැයි ගොඩාක් හොදින් ලියන්නම්කෝ....

    ReplyDelete
  18. හික්ස්.....සන්නිවේදනයේ දියුණුව...

    ReplyDelete
  19. හික්ස්...ඉතුරු කතා ටිකත් ඉක්මනටම දාන්න....

    ReplyDelete
  20. සන්නිවේදන අවුල්....
    අම්මෝ සන්නිවේදන අවුල්=පවුල් අවුල්....
    ඔය බ්ලොග් වල ඕනෑ තරම් රස කතා තියෙන්නේ...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....