ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

02 November, 2011

තවත් අත්දැකිමක්.. ලගදි බැදපු කපල් එක

කලින් මගේ පොස්ට් එකක ඔයාලා කියවලා තියනවනේ ආදරේ කරපු හම්බවෙන්න විනාඩි 15ක් නොලැබුන කපල් එකකට උදව් කරලා එයාලගේ වැඩේත් මගේ වැඩේත් දෙකම කරගත්තු එකක් ගැන. ඕකට එක  ඇනෝ කෙනෙක් (ඇනෝ ලා කියන වැදගත්ම දෙයක් හැරුනහම කොන්ද පණ නැතුව හොරාට කියන ඒවා මම වැඩිය පබ්ලිශ් කරනවා අඩුයි)

මෙහෙමයි ඒ ඇනො කියන්නේ මම මෙතන ඒ මිනිහාගේ දුර්වල තැනක් අල්ලගෙන ආයතනය හම්බ කරලා දෙනවලු..
හිකිස් හිනා යනවා අෆ්ෆා..

මම එතන කලේ ජොබ් එකක්.. ආයතනයට යහපතක් කරන එක තමා මගේ රස්සාව... එතන මම දරදඩු වෙලා ආයේ මෙහෙම වෙන්න බැ ආයේ එහෙම උනොත් ඒ වෙලාවට පඩි කපනවා කියලා හරි රස්සාවෙන් අස් කරනවා හරි කිවානම් ඉතින් එතකොට කාටද පාඩුව..

ආයතනයත් පාඩුවක් නැතුවමත් නෙමේ එත් බදින්න ඉන්න කෙනෙක්ට ජොබ් එක නැති උනහම ඒක මොන තරම් ආතල්ද?? එහෙම බලනකොට මම ඒ අදරේ වෙනුවෙන් දෙයක් කරලා තියනවා..  ඒ ඇනෝ කොහොම හිතුවත්...

ඒකෙන් මේකෙන් අද කථාව අමතක වෙනවා කියන්න....

මේකත් ආදර පලහිලව්වක් තමා විසදන්න උන ඒවාගෙන් භාගයක්ම එව්වා තමා ඉතින්...අර කලින් කිව කපල් එක නම් නෙමේ ඔන්න

මේ ගාමන්ට් එකේ උන්නා අවුරුදු 28 විතර හොදට වැඩ කරන කොල්ලෙක්.. කොල්ලෙක් කිවට මට අය්යෙක්.. ඒත් ඉතින් මමනේ කට්ටියව බලාගන්න ඕනේ... මිනිහා වැඩ කාරයා.. ටාගට් එක 50ක් දුන්නොත් 75ක් ගහන විදිහේ කෙනෙක්.. මමත් ගොඩාක් කැමති චරිතයක්... හැමෝම එක්ක ශේප් එකේ ඉන්න නිසා (එහෙම උන්නේ නැත්නම් අද මට මේක කියන්න වෙන්නේ අඩි 3,4ක් යට වලක සැතපිලා තමයි)
ගොඩාක් අයගේ පුන්ච් වෙනසක් උනත් මට තේරෙන තරම් මම හැමෝටම ක්ලොස් වෙලා උන්නේ...

මට නම මතක විදිහට මේ කියන කෙනාගේ නම චන්දන...

කොහොමහරි යාලුවෝ තුන් හතර දෙනෙක්ටත් කියලා මිනිහා කසාදයක් බැන්දා ඒ කාලේ... 

බැදපු ගර්ලුත් ඉතින් අපේ ගාමන්ට් එකේම වෙන සෙක්ශන් එකක.. දෙන්නා එකට ගෙදරින් එනවා එකට කැම එක කනවා එත් වැඩ කරන්නේ නොපෙනෙන තැන් දෙකක...

බැන්දට පස්සේ ඉස්සර ගොඩාක් හොදට වැඩ කරපු මේ චන්දන වැඩ ගොඩාක් අවුල් කරගෙන හැම එකේම මොකක් හරි අවුලක්.... හොදට වැඩ කරපු එක්කෙනෙක් වෑඩ නොකරන එක පාඩුවක් නිසා කතා කලා මම චන්දනට....

චන්දන මොනවා හරි ප්‍රශ්නයක් තියනවද  දැන් වෙනදා වගේ වැඩ හරියට කරන්නේ නැනේ...

නැ සර් එහෙම ප්‍රශ්නයක් නැ..

නැ කියන්නේ කොහොමද දැන් ගොඩාක් වැරදි වෙනවා තමුන් අතින් මෙහෙම ගියොත් ඇත්තටම ඉක්මනට ගෙදර යන්න පුලුවන් වෙයි...

නැ සර් අනේ එහෙම කරන්න එපා...

මොකක්ද ලගදි නේද බැන්දේ එතන මුකුත් ප්‍රශ්නයක්ද??

අනේ සර් මේකයි අපි දෙන්නම එක වෙලාවට ගෙදරෛන් එනවා කැම එකනම් දෙන්නම් එකට කනවා එත් වෙන දකින්නවත් නැ සර් දන්නවනේ මේවගේ වැඩ කරන අයගේ හැටි බැන්දා කියලා ගානක් නැ මට බයයි සර්... මට හිත එක තැනක තියන් වැඩ කරන්න අමරුයි..

හ්ම්ම්ම්ම්ම්ම්ම් ප්‍රශ්නයක් නේද?? මට දැන් වයිෆ් ව මෙතන්තමුන් ලගට ගෙනත් දෙන්න බැ... එහෙම උනහම තමුන් විතරක් නෙමේ දෙන්නම වැඩ කරන්නේ නැ එක ලොකු පාඩුවක්. තමුන් ගැන හිතලා මෙහෙම කරන්නම් මම වයිෆ් ව මේ සෙක්ශන් එකට දාලා දෙන්නම් හැබැයි තමුන් ලගට නෙමේ තමුන්ට පෙන දුරින් තැනකට..

එතකොට හිතේ බයක් නැනේ...

අනේ සර් ට ගොඩාක් පින් එහෙම කරලා දෙන්න පුලුවන්නම්....

ඇත්තටම මෙතන මම මිට වෙනස් විදිහකට හිතලා තමුගෙ පවුල් ප්‍රශ්න අපිට වැඩක් නැ.. ඒව්ව්වා ගෙදර ගිහින් දෙන්න විසදගන්න මට ඕනේ වැඩ විතරයි කිවානම් මොනවා වෙයිද????

ප.ලි : බලාපොරොත්තුවෙන් ගොඩාක් අය කථා කරපු බ්ලොග් ගැන මගේ ඇසින්

19 comments:

  1. //ඇනෝ ලා කියන වැදගත්ම දෙයක් හැරුනහම කොන්ද පණ නැතුව හොරාට කියන ඒවා මම වැඩිය පබ්ලිශ් කරනවා අඩුයි //

    ඇනෝ වීම කොන්ද පණ නැති කමක් ය කියල නම් මම හිතන්නෙ නැ , මොකක් හරි බොරු අයිඩී එකක් (අපි හිතමු කතරගම දෙය්යො කියල ) හදාගෙන ඇවිත් උනත් ඕනි දෙයක් කියන්න පුලුවන්නේ , ඒ තියා දැන් "බුවා" කියන මාත් දේවා ගේ පැත්තෙන් බැලුවාම ඇනෝ කෙනෙක්නේ . අන්තර්ජාලයේදී තියන්නේ වර්ටුවන් අනෙන්‍යතා නිසා ලොකු වෙනසක් නැහැ , ඇනෝ එකකයි අයිඩී එකකයි .

    ReplyDelete
  2. අන්තිමට තියන එක කිව්වනං ඉතින්,
    බඩුම තමා... !!!

    ReplyDelete
  3. බුවා ගේ සිතිවිලි : මෙතනදි නම් මම බුවා එක්ක එකග නැ.. බුවා ඇනෝ කෙනෙක් කියලා හිතන්න පුලුවන් කවුරුවත් කවුද කියලා හරියට නොදන්නවා උනාට බුවා කියන චරිතේ ගැන අපි දන්නවා... එහෙම නැතුව ඇනෝ කෙනෙක් විදිහට එනවා කියන්නේ වගකිමක් රහිත පුද්ගලයෙක් කියලායි මම නම් දකින්නේ...

    ඔයා කිව විදිහට මොකක් හරි නමකින් කෙනෙක්ට එන්න හිතුනානම්. දිගටම ඒ නමින්ම එනවානම් මම හිතන්නේ නැ ඒ ඇනෝ කෙනෙක් කියලා.. එයාට එයා ගැන වගකිමක් තියනවා හදා ගත්තු ප්‍රතිරුපයක් තියනවා... ඇග බේරගන්න නෙමේ ඕනේ... බුවා ඔයා ඇනෝ කෙනෙක් කියමුකෝ.. කැමතිද ඔය බ්ලොග් වල අනවශය දේවල් කමෙන්ට් කරන්න ඔයාගේ නම කැත කරගන්න.. මම හිතනවා කවදාවත් එහෙම කැමති වෙන්නේ නැ.. මොකද ඔයට ඔය ගැන හැගිමක් තියනවා.. ඒත් ඇනෝ කෙනෙක්ට එහෙම නැ..

    ReplyDelete
  4. ඇනෝලා ගැන දේවා එක්ක මාත් එකඟයි. බොරු නමක් උනත් ඒ නමට හදා ගත්තු වර්චුවල් ප්‍රතිරූපයක් තියනවනේ...අන්න ඒක තමයි ඇනෝ ලට නැත්තේ..

    ReplyDelete
  5. හ්ම්, තවත් මැනේජ්මන්ට් කථාවක් ! මට පේන්නේ මලයා සැලසුම් සහගතව බැංකුවේ මැනේජර් ගොයියගේ පට්ටහටත් තට්ටු කරයි වගේ. හික්ස් !!! ඒක නෙවේ... අර ළඟදී විචාරයක් ද එනවා කිව්වේ... මමත් ඔයින් එකක් කරන්න ඉන්නේ... ඔයා කරන්නකෝ බලන්න !!!

    ReplyDelete
  6. කල්පනා කරලා හොඳ තීරනයක් අරං තියෙන්නේ...මොනව උනත් එක එක්කෙනාගේ හිත් අනුව ඔය බය,සැකය කියන එක එනවා හිතට..

    ReplyDelete
  7. මම දේවා මල්ලී එක්ක මේ ඇනෝ කතාව සම්බන්ධව 100% එකඟයි ....

    අනිත් කතාව සම්බන්ධව කියනවනම් තවත් මානුශික දැක්මක් ....

    ReplyDelete
  8. ඒවගේ දෙයක් දැක්කම කෙල්ලව ශේප් කර ගන්න හදන බොස්ල ගැනත් අහල තියෙනව

    ReplyDelete
  9. ඔබා මාම කියපු එක ඇත්ත... දේවා කරපු දේට වඩා අහලා තියෙන්නෙ අර වගේ දේවල් කරපු බොස්ලා ගැන... පව් අහිංසක මිනිස්සු...
    උන්ගෙ වෙලාවට දෙයියෙක් වගේ දේවා එතැන වැඩට ගිහින් තියෙන්නෙ.... :)

    ReplyDelete
  10. සමහර ඇනෝලා නම් හොදා..ඒ උනාට ඉතින් සමහර අය කියන්නේ මහා මෝඩකතා..නිකන් කියන්න ඕනවට වගේ...
    කොහොම උනත් උබ හොද කොල්ලෙක් නේ බන්..කරන්න පුළුවන් උදව්ව කරලා තියෙනවනේ

    ReplyDelete
  11. ඒ තරම් ෂුවර් එකක් නැත්තන් ඌ අහවල් එකකටද බන් ඒකිව බැන්දෙ?.. උඹේ තැන මම හිටියනම් අනිව ඔය ප්‍රශ්නෙ අහනව ඇරෙන්න වෙන දෙයක් නම් කරන්නෙ නෑ...

    ReplyDelete
  12. හම්....ඇනෝ කතාවටනම් මාත් එකඟයි.....

    හැම දේම ගැන සාධාරණව අයියට හිතන්න පුළුවන් කියලා හිතෙනවා....ඒක දිගටම තියා ගන්න.....ජිවිතේ ඉදිරියටම යන්න.....

    ReplyDelete
  13. ඇනෝ කතාවෙදි මම දේවා එක්ක එකඟයි.....
    තවත් එක පෙම් පලහිලව්වකට මල් මල් ප්‍රතිචාරයක්.....
    බොහෝම හොඳයි....නැත්නම් ඉතිං අරම කිව්වනං දේවා අයියාගේ අම්මට ඌ දේවා දකින ගානේ හචිං යයි......
    ඒක නෙවෙයි දේවා අයියත් මහන්ට දන්නවද....
    ගොඩක්ම ගාමන්ට් ලොක්කො නං මහන්ටත් දන්නවා....

    ReplyDelete
  14. ය‍කඩෝ මූ කරන දේවල්//තමුන් ගැන හිතලා මෙහෙම කරන්නම් මම වයිෆ් ව මේ සෙක්ශන් එකට දාලා දෙන්නම් හැබැයි තමුන් ලගට නෙමේ තමුන්ට පෙන දුරින් තැනකට..//:D
    මම නං ඇනෝලට ඕන ආතල්එකක් ගන්න දෙනවා. අර කිවුව වගේ මමත් ඇනෝ කෙනෙක් තමයි. හැබැයි මට අනන්‍යතාවයක් තියනවා.බ්ලොග්එකක් තියනවා. බ්ලොග් එකක් තියන අය තමයි ඔය විදියට ඇනෝ කොමෙන්ටු දාන්නෙ.නැත්තං ගිම්හානි වගේ ප්‍රොෆයිල් එකක් හදාගන්න බැරිකමක් නෑනෙ. ඒ වගේම අමුතු ඇනෝලත් ඉන්නව."යහපත් ඇනෝ", "ට්‍රැෆික් ඇනෝ" වගේ...

    ReplyDelete
  15. හොඩක් හොද තීරනයක්..හොද පෝස්ට් එකක්
    හුග කාලෙකින් මේ පැත්තේ ආවේ..මේ පැත්තේ කිව්වට නෙට් පැත්තෙම ආවේ හුග කාලෙකින්.හිමිට වෙලාවක මග ඇරුනු පෝස්ට් කියවන්නම්

    පබලු

    ReplyDelete
  16. චතු : අනිවා ඒකනම් එහෙමම තමා..................

    සයුරි : ඔය තියෙන්නේ ලෙසටම.... ඇනෝ කෙනෙක් නොවි ඉන්න එක ගොඩක් වැදගත්..

    චතුරංග පෙරේරා : අම්මෝ අය්යේ තාම ඒවට කල් තියනවා.. දැන් බ්‍රාන්ච් මැනේජර් ඉතින් අපේ අසල්වැසි කෙනෙක්මයිනේ...
    විචාරයක් කිවේ අය්යේ බ්ලොග් එකින් එක නම් නෙමේ... මේ දවස් වල කියපු කථා ටිකක් ගැන..

    ඔබ නොදු‍ටු ලොවක් : අනිවා අනිවා ඒකනම් ඇත්ත...

    ගිම්හානි : බ්ලොග් එකක් නොකිවත් ඔයා ඉන්න තත්වේ ඒ හැම ඇනෝ කෙනෙක්ටම ආදර්ශයක්..

    ඔබ්සවර් : ඔව් ඔබා මාමේ එහෙම අය තමා අද වැඩි.. පොස්ට් එක ලොකු උනාට මම පොඩි එකානේ... හිකිෂ්

    මියුරු : කාගේ වෙලාවටද මන්දා අක්කෝ... ඒත් ඉතින් එතන මට ගොඩාක් ලකුනු නම් තිබුනා හැමෝගෙන්ම (බොස්ලගෙන්)

    චම්මා : ඇනෝ කෙනෙක් නොවිමම බ්ලොග් කලාවට කරන ලොකුම උදව්වක්..

    සාතන්ම් : බැරි වෙලාවත් එහෙම ඇහුවා නම් ඉතින්..... මට මොනවා වෙයිද මන්දා....

    සිතිවිලි නිහඩයි : අනිවා අනිවා නංගලා ඉන්නවනේ ඉතින්. අපි එහෙමයි....

    ගලයා : අනිවා අනිවා... එත් ගොඩාක් ම නම් නැ මොකද මම එතන ගොඩාක් දවස් උන්නේ නැනේ......

    රාජ් : ඇත්ත ඇනෝ කෙනෙක් නොවි ඔහොම එන එකේ වටිනාකමක් තියනවා.. ඒත් දැන් රාජ් ලා ගොඩයිද මන්දා..

    පබලු : ඇනෝ ආවත් ඔයාටම කියලා නමක් තියන නිසා කමෙන්ට් එකෙත් ලොකු වටිනාකමක් තියනවා අක්කෝ... අනිවා අනිවා එන්නකෝ ඉක්මනටම

    ReplyDelete
  17. දේවා..රාජ්ලව පටල ගන්ඩ එපා..මම Raj අපේ අනිත් සහොදරයා රාජ්...ගිය සැරේ උබේ පොස්ට් එකේ NSB වැඩකරනව කියල මගේ කියල ඊමෙල්ලුව එව්වෙ මම...අවුලක් නැනේ එහෙනම්....

    ReplyDelete
  18. මේ ලිපිය කියවන්න එන්න පරක්කු උනා.
    මල්ලි ගත්ත තීරණය හරි මල්ලි. මොකද බැන්ද ඕනම කෙනෙක් ආසයි තමන්ගේ නෝනව දකින්න. ඒ නිසා එහෙම කරපු එක හොදයි.

    ඇනෝලා ගැන කියන්න තියෙන්නේ සමහර කුණුහරුප දාන එවුන් එක එක මොංගල් දේවල් ලියන එවුන් ඇරෙන්න. ගොඩක් ඇනෝලා හොදයි. ඔය ඇනෝ කමෙන්ට් වලින් ගොඩක් වෙලාවට අපේ වැරදි අපි හැදෙන්න ඕන විදිහ කියලා දෙනවා.

    මොකද ගොඩක් වෙලාවට ප්‍රොෆයිල් වලින් එන එකා මොන වැරැද්දක් දැක්කත් ලස්සනයි කියලා යන එක විතරමයි නේ කරන්නේ.

    ReplyDelete
  19. කපල්ස් ඉන්නවා නම් අයියාගෙන් තමයි හෙල්ප් ගන්න ඕන. :D

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....