ඔන්න හැමදේකටම කලින් බලල ඉන්නකෝ අපේ පුහුනුවට සහභාගි උනු සෙට් එක ඔන්න පුලුවන් නේද කොහේද මම ඉන්නේ කියලා කියන්න
දිනය 2011 - 10 -22 ,23
ස්ථානය : බතලගොඩ පර්යේෂණ හා පුහුණු මධය්ස්ථානය.. ඉබ්බාගමුව
සංවිධානය : ලංකා බැංකු සේවක සංගමය
තරුණ නායකත්ව පුහුනු වැඩ සටහනක් ලෙස සංවිධානය කරලා තිබුනු මේ වැඩ සටහන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොඩාක් හොද වැඩ සටහනක් කියලා නිරායාසයෙන්ම නම් කරන්න පුලුවන්..
වැඩ සටහනේ අන්තර්ගතයේ මට හිත ගිය මම දැනගත්තා කියලා හිතෙන හැම දේම මේ පොස්ට් එකට කැටි කරන්න නම් බැරි වෙයි ඒ තරමට ගොඩාක් දේවල් මම මේ වැඩසටහන හරහා ඉගන ගත්තා කිව්වොත් මම නිවැරැදියි..
මුල ඉදන්ම යමුකෝ : (ආහ්.. කිව යුතු කතා ටිකක් මඩ ටිකක් පොස්ට් එකේ අන්තිමට)
නායකත්වය එහෙමත් නැත්නම් LEASERSHIP කියන්නේ
L - Long Term Vision
E - Expertise
A - Attractive
D - Determination
E - Effective Communication
R - Risk Takers
S - Self Confidence
H - Helicopter View
I - Inspiring
P - Pursuit of Excellence
ඒක කියවනකොටම තේරෙනවානේ කොයි තරම් බැරැරුම් දෙයක් ගැනද අද මම මේ කියන්න යන්නේ කියලා
ඇත්තටම නායකයා කියන්නේ කවුද... ඕනැම මොහොතක ඕනැම අවස්ථාවකදි කන්ඩායමක් හසුරුවා ගැනිමේ හැකියාව පවතින නිවරැදි දේ කරන පුද්ගලයෙක් නායකයෙක් කියලා හදුන්වන්න පුලුවන්
මෙතන ඉදන් මම කියන්නේ මේ වැඩ සටහනෙන් මම ඉගන ගත්තු.. මට වටිනා කියන පාඩම් ටිකක් ගැන..
හිතකර මානව සම්බන්ධතා ගොඩ නගා ගැනිමට උපදෙස්...
1 . මිනිසුන් සමග කථා කරන්න - ඔවුනට වචනයෙන් ආචාර කරන්න
2. මිනිසුන් සමග සිනාසෙන්න - රැවිම් ගෙරවිම් සදහා මාංශ පේශි 72ක් වැය වන අතර සිනා සිමට වැය වන්නේ 14ක් පමනි
3. මිනිසුන්ට ඔවුන්ගේ නමින්ම අමතන්න - ඕනම කෙනෙකුට තමන්ගේ නම ඉමිහිරි සංගිතයක් බදුය.
4.මිත්‍රශිලි සහ උපකාරි වන්න - ඔබට මිතුරන් අවශයනම් අනෙකුන්ට ඔබ මිතුරකු වන්න
5.ප්‍රශංසා කලයුතු හැමවිටම ප්‍රශංසා කරන්න - විවේචන කිරිමේදි ප්‍රවේශම් වන්න
6. අනුන්ගේ හැගිම් ගැන සිතන්න - සැම අවුලකටම පැති 3කි
1. ඔබේ මතය
2. අන් අයගේ මතය
3. හරි මතය
7. අනුන්ට සේවය කිරිමට උත්සුක වන්න - ජිවිතයේ වඩා වැදගත් වන්නේ අප අපටම කරගන්නා දෙය නොව අප අනුන් වෙනුවෙන් කරනා සේවයන්ය
කියවනකොට ගොඩාක් මහන්සි දැනෙනවානම් බලන්න්කෝ මේ පින්තුර දිහා අපිට නවාතැන් ලැබුනු බතලගොඩ පුහුනු කිරිමේ ආයතනයේ අසිරිය
වෙලාව ඉතිරි කරගැනිමේ හොදම විධි
1. දිනපතා වැඩ කාල සටහනකට කරන්න - යොදා ගන්නා වැඩ නිතරම වෙනස්කම් වලට ලක්වුවාට කම් නැත දළ සටහනකින් වුවද කාර්යක්ශම දවසක් ගත කල හැක..
2. ඔරලෝසුවේ එලාමය වෙලාවට කලින් තබන්න - යමක් ගැන අවදිකිරිමක් කල් ඇතිව සිදු කිරිම වඩා වාසිදායකය
3. රුපවාහිනි / විඩියෝ කාලය කපා දමන්න - නොදැනුවත්වම කාලය කා දමන දේ වලින් ඉවත් විම වඩා හොදය
4. නිකරුනේ කථාබහට නොයන්න - කථාබහක් සිදුකල යුත්තේ නිසි තැන නිසි පිලිවලටය
5. ආහාර වෙලාවත් ප්‍රයෝජනයට ගන්න - ඉතිරිවන හැම මොහොතකම වැඩක යෙදෙන්න
6. දුරකථන ඇමතුම් කළමනාකරනය කරන්න - අනවශය ලෙස කාලය කා දමන අවස්ථා මග හරින්න
7. අමාරුම දේ මුලිනුත් ලේසිම දේ පසුවත් කරන්න - එවිට අමාරුම දේ වෙනුවෙන් වැඩි කාලයක් යෙදවිය හැකිය
8. දවල් සිහින වලින් මිදෙන්න - මනස එක අරමුනක පැවතිම වඩා වැදගත්වේ...
9. නින්ද , ආහාර ප්‍රමාණාවත්ව ලබා ගන්න - තම ශරිරය හිතකරව පවත්වාගෙන යාම වඩා වැදගත් වේ..
10. කරන වැඩ බෙදාගන්න - තනිව කල නොහැකි වැඩ බෙදාගෙන සිදු කිරිමෙන් වැයවන කාලය අඩුවේ..
11. අරමුණ නිශ්චිතව හදුනාගෙන එයට යොමු වන්න - වැඩේ අවුල් විම පමනක් නොව කාල නාස්තියද අවම කරගත් හැක
තව ගොඩාක් දේවල් කියන්න තිබුනත් පොස්ට් එක ගොඩාක් දිග වැඩි වෙන නිසා නිසා ඒ කතා අතරේ අහපු තවත් කථා කිපයකින් කථාව නතර කරන්නම්.. (තව කථා ගොඩකට එතනින් කරුනු එකතු උන නිසා ඒවා ඉස්සරහට)
මේවා නම් ඔයාලා අහලත් ඇති...
හරියට අවශථාවයන් තේරුම් ගැනිම ගැන මේ කථාව දවසක ඔයාටත් වැදගත් වේවි..
එක පවුලක අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා..
දවසක් මේ දෙන්නම දොඩම් ගෙඩියක් දෙන්නටම ඕනා කියලා කියනවා හෙට පාසලේ වැඩකට.. මේ අක්කාගෙයි නංගිගෙයි දෙමාපියන්ට ඒ වෙලාවේ දෙන්න තියෙන්නේ එකම එක දොඩම් ගෙඩියක් විතරයි.. දරුවෝ දෙන්නටම ඕන නිසා දෙන්නටම මේක කැලි දෙකකට කපලා දෙනවා...
පසුදා දෙන්නම දොස් පවරන්න පටන් ගන්නවා.. ලොකු දුව කියනවා මට දොඩම් ගෙඩියකම පොතු ඕන කරලා තිබුනේ ඒත් ඉතින් මගේ ලග තිබුනේ භාගයක විතරනේ ඉතින් මම අද බැනුම් ඇහුවා කියලා.. ඒ අතරේ පොඩි දුව කියනවා මමත් අද බැනුම් ඇහුවා මටත් අද දොඩාම් ගෙඩියකම යුශ ඕනා වෙලා තිබුනත් මම ලග භාගයක් විතරක් තිබුන නිසා මටත් හරියට කරගන්න බැරි උනා කියලා./.
හිතලා බලන්න්කෝ මොකක්ද හරියටම උවමනාව කියලා අහලා තිබුනනාම් ලොකු දුවට පොතු ටික දිලා පොඩි දුවට යුශ ටික දෙන්න තිබුනා... නේද???
ගොඩාක් දිග වෙන නිසා ඉතිරි කතා පොස්ට් වලින්.....
මේ වැඩසටහන කරා මාව සම්බන්ද කරගත්තු මේ වැඩ සටහන මෙහෙයවපු හැමෝටම ගොඩාක් තුති...
ගොඩාක් වැදගත් වගේම මනසට සුවයක් ගෙනෙන එලිමහන් අවස්ථාවන් කිහිපයකිනුත් සැරසිලා තිබුන මේ අවස්ථාව සදා මතකයේ රැදේවි...
ප.ලි : ආතල් කතා ගැන කියන්න බැරි උනානේ...
අපි මේකට යනකොටම ඉතින් ගියේ අපේ මෙහේ යුනියන් ලිඩර් රසික අය්යා එක්කනේ.. අපිත් එක්ක ගිය කෙල්ලෝ ටික දැකලා රසික අය්යාලාගේ ගෙදරින් අහනවා.. ඇයි ලමයිනේ ඔයාලට මොලයක් නැද්ද මේ වගේඅයත් එක්ක මේ වගේ ගමනක් යන්න කියලා රසික අය්යාව පෙන්නලා...
වැඩේ ගොඩාක් හොදටම කෙරුනලු.. එත් ඉතින් ලෙක්චර්ස්ලාට වතුර එක පලවෙනි ලෙක් එකේම තියන්න බැරි වෙලා ඒ ගැන ඔන්න කවුරුවත් ලෙක්චර්ස්ලා ආයේ ශානක අය්යාගෙන් ඇහුවෙ නැලු..
අහ්හ්... තව ගොඩාක් දේවල් නම් උනා ඒවා ඕනේ නැනේ නේද



