ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 September, 2012

ආදරියේ හිතට දුක් වැඩි නුබ හින්දා..

වෙලාව 7ත් වෙලා..... අද සෙනසුරාදා පන්ති තියනවා නේද නැගිටින්නේ නැද්ද? එලාම් එකත් වදිනවා ඕක ඔෆ් කරලා නැගිටින්නේ නැද්ද? අම්මා උදේ පාන්දරම කතා කළා.....

අද පන්තිත් නැ..... මොන වදයක්ද? නිවාඩු දවසකවත් නිදා ගන්න ඉඩක් නැද්ද? ම නිදි හොදේ..

එලාම් එක ඔෆ් කරලා ආයෙමත් ඇහැ පියවෙගන එනකොටම ජගමේ දුක කියන්න ගත්තා....

මේ මොන වෙඩිමක්ද......  මොකා උනත් මේ කෝල් කරන එකාගේ අද අම්මටයි තාත්තටයි නම් ඉතින් කිබුහුම් ගිහිල්ලම මැරේවි.......කියලා හිත හිත මම ජගමේ අතට ගත්තා....

වසාලා හමාරයි.............. දැන් ඉතින් මැරෙන්න වෙන්න වෙන්න වයිෆ්ගේ අම්මටයි තාත්තටයි තමා....

මොකද අදකවදාවත් නැතිව වෙන්න වයිෆ කෝල් කරන්නේ කියලා හිතනකොටමයි මීටර් උනේ අද කෙල්ල එක්ක ෂොපින් යන්න එන්න පොරොන්දු උනා කියලා...

ඕන වෙඩිමකට ලග තිබුනේ පන්ති කට් කරලා ඉතිරි කරගත්තු රුපියල් 2500ක් විතරයි....

මොන දේ උනත් මාසෙකට සැරයක් නම් අනිවාර්යෙන්ම මෙහෙම දඩයක් වදින එක සුවර් කියලා දන්න නිසාම මාසේ නොයන පන්ති දෙක තුනකත් නම් කියලා තාත්තා බොහොම අමාරුවෙන් හොයන සල්ලි වලින් වැඩි කොටසක් මගේ සාක්කුවට දාගන්නේ අනාගත ලෙලි වෙනුවෙන් කියලා දන්නවනම් මට මොනවයින් මොනවා වෙයිද කියලා මමවත් දන්නේ නැ...

දැන් ඉතින් ඕවා හිතහිතා ඉන්න එක වැඩක් නැහැනේ....

හෙලෝ..... ඔව් බබා.....

මොකද කරන්නේ තාම නිදි කුම්බරයා වගේ අත් දෙකත් කකුල් දෙක අස්සේ ගහගෙන නිදිද? මම තව විනාඩි 30යි බලන්නේ.....  නොලිමිට් එක ගාවට ආවේ නැත්නම් මම ආපහු යනවා  ආයේ ඉතින් මම ගැන හෙව්වේ නැති උනාට කමක් නැ...

අනේ ඇයි බබා එහෙම කියන්නේ මොකද ඔහොම කතා කරන්නේ..... මම තව ටිකකින් ඔතන....

හරි හරි එහෙමනම් එනවා එතකන් මම කැෆේ එකට ගිහින් මොනවා හරි කන්නම්... ඔයා ඇවිත් බිල සෙට්ල් කරලා අපි ෂොපින් යමු.......

මෙහෙමත්  කෙල්ලෙක්.... මගේම වාසනාවට තමා ඉතින් එහෙම කෙනෙක් ලැබිලා තියෙන්නේ... දැන් ඉතින් මොනවා කරන්නද මේ රුපියල් 2500න්....

අම්මේ අද පන්ති තියනවලු... පේපර් ක්ලාස් එකක්.... විභාහගයටඅනිවාර්යෙන්ම එන ප්‍රශ්න ටිකක් කතා කරනවලු....

ඉතින් එන්නකෝ පුතා අද වෙන වැඩකුත් නැනේ....

කොහේ  යන්නද එකට යන්න රුපියල් 1000ක් ඔනාලු..... මගේ ලග කොහෙද ඉතින් ඕවට සල්ලි...

එකත් එහෙමදටිකක් ඉන්නකෝ බලන්න..... නංගිගේ කරාබු දෙක උකස් කරලා ගත්තු අන්තිම රුපියල් 1000 තිබුනා ලග.... හදිසියකට ගන්න කියලා...

ඉගන ගන්න නැති සල්ලි මොනවටදපුතා.... උබ ඉගන ගෙන නංගි ගැනත් බලපන්කො...

අහ්හ් 1000ක් තියනවද ඉක්මනට දෙන්නකෝ මට යන්න ඕනා තව පය බාගෙන් පටන් ගන්නවා පන්තිය....

අද  මොනවා හරි කරලා කෙල්ලව කැමති කරගෙන යන්න ඕනා ෆිල්ම් එකවත් බලන්න....

මොන මන්ගල්ලෙටත් තියෙන්නේ රුපියල් 3500නෙ.... බලමුකෝ....

කෝ ඔයා කොහෙද ඉන්නේ තව විනාඩි 5යි මම බලන්නේ 10.30ට මට පොඩි වැඩකට යන්නත් තියනවා...

ඒ කොහෙද මම තව විනාඩි5න් ඔතන...

අම්මත් එක්ක රිලේෂන් කෙනෙක්ගේ ගෙදර....  දැනුත් මේ යන්න එපා කියනකොට ආවේ මම....

හරි  හරි ඔන්න මම ආවා....

අනේ එන්න වෙලා ගියානේ මෙතන බිල් එක නම් පොඩි ගානක් තමා රු 400ක් කියලා කිවා... බිල් එක ගෙවන්න කියනකොට කොල්ලට ඇහැක් ගහලා පොඩි ශේප් එකක් දාගෙන උන්නේ... අනේ බිල ගෙවලා එන්නකෝ... ඉක්මනට යන්න ඕනා....

පොඩි කෑම උදේ කන්න විතරක් රු 400ක් ගියහම දහවල් කමටත් ඔහොම කෑවොත් දවසට රු 1200ක් යනවා.. අර එතකොට මාමා කියපු 2000 + 500න් කන්න පුළුවන් වෙන්නේ දවස් 2කට ටිකක් වැඩියෙන් විතරනේ...

හ්ම්ම්ම්  යමුකෝ එහෙමනම්

අනේ  බබා අද නම් ගොඩාක් දේවල් අරන් දෙන්න වෙන්නේ නැතිවෙයි අතේ තියෙන්නේ දැන් රු 3000ක් විතර තමා.....

අනේ ඔයා මහා හිගන්න්නේක්නේ අනේ.. කෙල්ලට ඕන දේවල් අරන් දෙන්න බැරිනම් මොකටද යාලු වුනේ...

ඇයි රත්තරන් ඔයා ඔහොම කියන්නේ.... මට පුළුවන් හැමදේම ඔයා වෙනුවෙන් කරනවනේ...

කරනවා කරනවා ඒ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැ... හරි හරි එකක් දෙකක් හරි අරගෙන දෙනවකො..... හැබැයි ඊලඟ මාසේ මේවටත් එක්ක අරන් දෙන්න ඕනා...

හරි  බබෝ..

..............................................................................................................................................

හ්ම්ම්  වෙලාව 10.20ත් වෙලා දැන් මම යන්න ඕනා.... අම්මා බලාගෙන ඇති...

අනේ.............

අනේ නෙමේ අයේ ඉක්මනටම හම්බවෙනවනේ ඉතින් අපි... මතක් කරලා එදාට අර මම අද බලපු කිට් එක මට අරගෙන දෙන්න ඕනා හොදද?

බායි එහෙමනම් මම යනවා...

පරිස්සමින් රත්තරන්.....

................................................................................................................................................

අතේ ඉතුරු රුපියල් 10යි... එකෙන් කොහොමද බස් එකෙන් යන්නේ... දැන් ඉතින් පලයන්කෝ පයින්ම ගෙදර....

ජගමේ ආයෙත් දුක කියන්න පටන් අරන්... හ්ම්ම්ම් අමිලයා.... මොකද මේ අපතයා මේ වෙලාවේ...

මචං අමිල. ඇයි බන්....

උබ කොහෙද සුරංග ඉන්නේ....

මම මේ ගෙදර යන ගමන් බන් අමිල  ඇයි එහෙම ඇහුවේ....

නැ බන් සුරංග උබ අවුල් වෙන්න එපා මම මේ කියන දේ අහලා...

අපි දන්නවා උබ තුශාරිට බොක්කෙන්ම ලව් කියලා.....

ඔව් බන් මට කන්න නැතත් මම එකී ගැන හිතනවනේ බන්

එක තමා බන් අපිට තියන අවුල... දැන් එකී කවුද මන්දා කාර් කාරයෙක් එක්ක !@#%^^&%* හොටෙල් එකට රිංගනවා අපි සෙට් එකම බලාගෙන.......
..........................................................................................................................................................

ප.ලි  : දැන් ඉතින් ඔන්න මේක මට ආදේශ කරන්න බලාගෙන එහෙම එන්න එපා.. හොදේ.....

කතා ලියලා පුරුද්දක් නැහැනේ මට ඒ නිසා අඩු පාඩු තියනවා සුවර්.... ඒවා කියලා යන්න

ජය  වේවා..

ප.ප.ලි. : සුරංග මොනවා කරන්න ඇතිද?

ආදරේ කරනවා කියලා ගෙදර ප්‍රශ්න වහගෙන ආදරේ කරන්න ඔනාද?

ඔහොම කෙල්ලෝ ජීවිතේටඕනද/







58 comments:

  1. පව් අප්පා අහිංසක කොල්ලගේ දත් සෙට් එක, එකින් එක ෂේප් එකේ ගලවලා මාරු වෙලා නේ

    ReplyDelete
    Replies
    1. තව ගලවන්න තියනකොට කලින්ම වැඩේ ඔහොම වෙලා තියන එක හොදයි කියලා හිත සැනස ගන්න එක තමා හොදම

      Delete
  2. මෙහෙම දේවල් වෙද්දී කොල්ලෝ අපරාධකාරයෝ වෙන එක අහන්නත් දෙයක්ද ? :D

    ReplyDelete
    Replies
    1. සැම සාර්ථක මිනිසෙක් පසු පස කාන්තාවක් ඉන්නවා වගේම සැම අසාර්ථක මිනිසෙක් ඉදිරියේ කාන්තාවක් ඉන්න පුළුවන් නේද හසිත

      Delete
    2. @ දේවා ගේ අඩවිය

      අසාර්ථක මිනිසෙක් පිටුපස එක කාන්තාවක් නෙමේ කාන්තාවෝ කීප දෙනෙක්ම ඇති :P

      Delete
    3. එක නම් ඇත්ත අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනා.... එත් අර ගිනිපෙලේල්ලෙන් බැට කැ මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියන නිසා දෙතුන් පාරක් නම් රැවටෙන්න හොද නැ

      Delete
  3. //ඔහොම කෙල්ලෝ ජීවිතේටඕනද//
    ඕන්නෑ තමා .....කෙල්ලෙක්ද යස්සනියක්නෙ...!

    ReplyDelete
    Replies
    1. එත් එහෙම අයත් එක්ක ජිවත් වෙන කොල්ලොත් ඉන්නවානේ.....

      Delete
  4. ලවු කරනවා කියලා ඔහොම එකක් සෙට් වෙනවට වඩා හොදා
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    බලුකපුටන්ට දානයක් දෙන එක

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත තමා ඉතින්... ඒ වුනාට ඉතින් ඔය වගේ අය එක්ක සෙට් වෙලා එක නොතේරෙන අයත් ඕන තරම් ඉන්නවා නේද?

      Delete
  5. ඔය කොල්ල වගේම කෙල්ලත් වැරදියි.කෙල්ලෙක්ට වියදම් කරන්න නංගිගේ කරාබු දෙක උකස්‌ කරලා ගත්ත සල්ලි අම්මගෙන් ඉල්ලා ගත්ත එකනම් ලජ්ජා නැති වැඩක්.අනික කොල්ලව රවට්ටන කෙල්ලත් වැරදියි.

    ගෑනු ළමයා ඉල්ලනකම් ඉන්නැතුව පොඩි පොඩි ප්‍රස්න්ට්ස් අරන් දෙන්න එයාවත් නොහිතන වෙලාවක එයාව පුදුම කරවන්නත් එක්ක.(ඇත්ත ජිවිතේ දේවක අය්යට කිව්වේ)

    දන්නා කියන නංගි කෙනෙක්

    ReplyDelete
    Replies
    1. දන්න කියන නංගි කවුද කියලා දන්නවනේ... ඒ දේවල් ගැන සමහර දේවල් නම් ඉතින් ඔය දන්නා කියන නගා දන්නා නිසා ඒවා ගැන ඕනේ නැ..

      ඇත්තටම මෙතන කොල්ලත් කෙල්ලත් දෙන්නම වැරදියි... කොල්ලා මෝඩයි කියලා මට නම් හිතුනේ,

      Delete
  6. කතාව නම් ලස්සනයි.... කොල්ලගේ ඒ විදියේ කිසිම වරදක් නැත්නම් ඇත්තටම කොල්ලා හරිම පව්... මම නම් කියන්නේ කොල්ල විතරක් නෙමේ කෙල්ලත් ප්‍රසන්ට් අරන් දෙන්න ඕන... නැත්නම් ඒත් එයා පව්...

    ReplyDelete
    Replies
    1. කොල්ලා ගෙදරට කරන බොරු ගැන හිතනකොට නම් කොල්ලාත් වැරදි නේද? ගෙදර සන්තකටේම තිබුණු රු 1000ත් අරගෙන ගිහින් කොහෙවත් ඉන්න පිස්සු කෙල්ලෙක්ට වියදම් කරන්න තරම් මෝඩ වුනේ ආදරේ නිසා වෙන්න ඇති,..

      එක නම් ඇත්ත මොකද කොල්ලා විතරක් නේද නගෝ කෙල්ලත් අරගෙන දුන්නාහම නරක වනවද?

      Delete
  7. "ආදරේ කරනවා කියලා ගෙදර ප්‍රශ්න වහගෙන ආදරේ කරන්න ඔනාද?"

    නැත


    කොහේවත් ඉන්න කෙල්ලන්ට ආදරය කිරීමට පෙර පවුලේ අයට ආදරය කල යුතුයි. ඒ අය රැවටීම නොකල යුතුයි. මොනවත්ම නෑති උනත් අන්තිමට ඉතූරු වෙන්නෙ පවුලේ අය විතරයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම යාලුවා...... ආදරේ දන්න කියන එක තේරුම් ගත්තු අයත් ඉන්නවා ඒ අයට අනිත් අයගේ දුක තේරෙනවා.... එහෙම නොතේරෙන කෙනෙක් ජීවිතේට දුකක් විතරමයි

      Delete
  8. මේ කොල්ල කොල්ලෙක් නෙමෙයි අරින් එකෙක්.. දන්නවනේ කොයින් එකෙක්ද කියලා...

    ReplyDelete
    Replies
    1. සිරාවටම එහෙම හිතන්න බැරි කමකුත් නම් නැ නේද අය්යා.......

      Delete
  9. කොල්ලා කරපු වැඩේ නම් වැරදියි. නංගිගේ කරාබු දෙක උකස් කරලා ගත්ත සල්ලි වලින් කෙල්ලට එක එක දේවල් අරන් දෙන එක නම් අන්තිම වැරදියි.
    අනිත් එක තමයි කෙල්ල අච්චර දත ගලවනවා කියලා දන්නවනම් ඒක කෙලින්ම අහන්ඩ තිබ්බා ඔයා ආදරේ කරන්නේ මටද මම අරන් දෙන දේවල් වලටද කියලා.
    ඒ දවස්වල කෙල්ලොයි මේ දවස්වල කෙල්ලොයි වෙනස්ද මන්දා. කෙල්ලෙක් එක්ක දවසක් ඇවිදලා එන්ඩ රුපියල් 3000ක් හොඳටම ඇති නෙව. :)

    ReplyDelete
    Replies
    1. කොල්ලා ආදරේ කරනවා වැඩි ඇති අය්යා... එකයි ඕවා නොතේරෙන්න ඇත්තේ,..... 3000ක් නෙමේ අය්යා රුපියල් 300ක් ඇති වෙන හොද කෙල්ලොත් ඉන්නවා..... මෙහෙම ඩයලුත් ඉන්නවා ඔය අතරේ....

      අය්යා පෙලවහක් එහෙම කරගත්තයි ඉතින්

      Delete
  10. මෙතනදි නම් කොල්ලා වගේම කෙල්ලත් වැරදියි නේද? කොල්ලා ගෙදරට සෑහෙන්න බොරු කරලා තියනවනේ මේ කියන විදියට.
    කොහොම වුණත් මේවා දෙගොල්ලන්ටම හොඳ පාඩම්.

    ReplyDelete
    Replies
    1. ආදරේ කරනකොට නම් ඉතින් ගෙදරට පුංචි පුංචි බොරු කරන්න වෙනවා නේද එහෙම නැති උනහමත් එක නිකන් හරි නැ වගේ... මම හිතන්නේ නම් මෙතන ඕනාවට වැඩි බොරු.. මොනවා උනත් මේවා හැමෝටම පාඩම් ඉතින්

      Delete
  11. ඔය වගේ සල්ලි මත්තේ නැහෙන කෙල්ලෝ ආශ්‍රේ කරන්නවත් හොඳ නැහැ.මම හිතන්නේ සුරංග පරක්කු නැහැ තාම.

    ReplyDelete
    Replies
    1. සුරංග වගේ අය නම් තාම පරක්කු නැ තමා... එත් ඉතින් ඉඉට වඩා නරක කෙල්ලෝ කොල්ලේ දෙගොලෝම ඉන්නවා ජිවිතේ විහින් විනාශ කරගත්තු

      Delete
  12. ඔන්න මෙහෙම කීවා කියලා වැරදියට හිතන්න එපා..

    කථාවේ හැටියට කෙල්ල මේ යකා එක්ක ෆිල්ම් එකකටවත් එන්නැතුවනෙ අර එකෙක් එක්ක හෝටලේට යන්නෙ.

    ඔන්න මූටත් ඒ චාන්ස් එකවත් තිබ්බ නම් වියදම් කරපු සල්ලි ටිකවත් අපරාදෙ කියලා නොහිතා ඉන්න තිබ්බා. :-)

    ReplyDelete
    Replies
    1. මම නම් වැරදියට හිතන්නේ නැ. මමත් ඔය කතාව අනිවාර්යෙන්ම අනුමත කරනවා.. හරියටම හරි නැති උනත් එහෙමවත් තියෙන්න ඕනා කොල්ලාගේ පැත්තෙන් බලනකොට

      Delete
  13. එහෙම කෙල්ලෙකුට කියන්න තියෙන්නේ වචන දෙකයි... "තෝ පල"

    ReplyDelete
    Replies
    1. තෝ පල අයේ මගේ ඇස දෙකට නොපෙනී......
      කිවනම් හොදයි නේද/

      Delete
  14. අද සමාජයේ වැඩිපුර ඉන්නේ මේ කොල්ලටයි කෙල්ලටයි සමාන කරන්න පුළුවන් අය කියලයි මට නම් හිතෙන්නේ. ඒක දැන් සාමාන්‍යකරණය වෙලා. කතාව නිර්මාණාත්මකයි මල්ලි. ජය...!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් මේ විදිහමයි කියන එක නම් අයියේ මම නම් පිලි ගන්නේ නැ මොකද ගොඩක් හොද අයට එක කරන අසාධාරණයක්.. මෙහෙම අය ඉන්නවා ටිකක්.. එත් ඒ අය හයිලයිට් වෙනවා වැඩියි මම හිතන්නේ...

      ස්තුතියි අය්යා

      Delete
  15. කෙල්ල කරලා තියෙන්නෙ ආදරයක් නෙවේ. පව් කොල්ලගෙ අම්මලා.ඉගෙන ගන්න කියලා හිතාගෙන වියදම් කලාට කොල්ල පිස්සු නටනවා.

    ReplyDelete
    Replies
    1. එකනේ අක්කා.... මේ කොල්ලාව අර කෙල්ල අල්ලේ නටවනවා.... පව් අහිංසක දෙමාපියන්ගේ ඒ සල්ලි

      Delete
  16. දේවා අපි පුරුදුවෙන්න ඕනේ මේකෙ අනික් පැත්ත. අදරය කරන කාලේ දැරිවියගේ දතක් ගලවන්න. නියම කතාව පුරුදුවෙන්න ලිව්වත් ලස්නට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පුරුදු වෙන එක නම් හොදයි අය්යේ... එත් ප්‍රයෝගිකවනම් කරන්න ගොඩාක් අමාරු වෙයි.. ඔය පති වල කොල්ලන්ට වඩා කෙල්ලෝ තමා දක්ෂ...

      Delete
  17. හපොයි..ප්‍රශ්නවලට හරි උත්තර කවුරුත් දන්නවනේ..අනේ මන්ද..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හැමෝම නම් දන්නවා එත් ප්‍රයෝගිකව යොදන්න ගියහම ගොඩාක් දෙනෙක්ට අමතක වෙනවා

      Delete
  18. අනේ මන්දා මේව ට මොනව කියන්න ද කියලා....

    කෙල්ල නම් සම්පූර්ණයෙන් ම වැරදියි. සුරංගත් වැරදියි,ගෙදර ප්‍රශ්න අමතක කරලා ඔය විදිහ ට වියදම් කරන එක. තව තවත් ‍රැවටෙනව ට වඩා මේ විදිහ ට සිද්ධ වුණු එක හොඳයි......

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්නද නේද නගෝ..... කරුමේ තමා.. විදවන්න තියනවා නම් විදවන්නම වෙනවනේ..... ඔව් ඉතින් තවත් දුර ගියත් අන්තිමේ ඔය උත්තරේ ම නම් දැනම අයින් වෙන එකත් හොදයි නේද?

      Delete
  19. අනේ අම්මෝ දැන් ඔහොමනම් පස්සේ කොහොම වෙයිද. ඊට වැඩ හොඳයි ගලක් බෙල්ලේ බැඳන් මුහුදේ පනිනව.........

    ReplyDelete
    Replies
    1. අහ්හ් එකත් හොදයි නම් තමා ඉතින්.. එත් බය වෙන්න දෙයක් නැ යයට මෙහෙම අවුලක් වෙන එකක් නම් නැ..

      Delete
  20. කෝ මගේ කමෙන්ට් එක ? :((((((((

    ReplyDelete
    Replies
    1. අනේ...................... තිබුනේ නැනේ..... සිහින මදාරා...... එහෙම වෙන මුකුත්ම

      Delete
  21. මෙතනදි කෙල්ල වැරදි නමුත් කොල්ලට ටිකක් හොයලා බලන්න තිබුනා. අනික ගෙදර ප්‍රශ්න කන්දනාවක් තියාගෙන ඇත්ත තත්වය නොපෙන්නලා හිටිය එකත් වැරදි.

    ReplyDelete
    Replies
    1. කෙල්ල ආදරේ ඕනෑවටත් වඩා කරලා කියලා මට නම් හිතුනේ.... එත් ඉතින් මොනවා කරන්නද?
      ජිවිතේ හැටි ඔහොමලුනේ

      Delete
  22. අනේ මන්දා මෙහෙමත් කෙල්ලෝ ඉන්නවද?පොඩි පොඩි තෑගි අරන් දෙන්නත් ඕනි ආදරේ ටිකක් වැඩි වෙන්නත් එහෙමයි කියලා දුප්පත් අම්මට තාත්තට බොරු කරන්න නරකයි..http://anuharshi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආදරේ ඉතින් හොදටම ලැබෙනවා නම් පොඩි පොඩි තෑගි විතරක් ඇයි අනේ....
      මොනවා උනත් බොරු කරන එක නම් වැරදියි තමා... ඔන්න අපි ඒ පැත්තේ ගිහින් ඉඩක් අල්ලගෙන ආවා

      Delete
  23. Replies
    1. කාටද? මේක ලියපු මටද අය්යා.... කාලෙකින් දැක්කේ

      Delete
  24. මල් වගේ අහිංසක කොල්ලෝ කුරිරු වෙන්නෙ මේව නිසා තමා !

    ReplyDelete
    Replies
    1. අනිවා සැම්....... ගොඩාක් කොල්ලෝ ගොඩාක් වෙනස් වෙන්නේ ඔය වගේ කෙල්ලෝ නිසා තමයි

      Delete
  25. ගොඩක් ඔය වගේ කෙල්ලන්ගේ ඇත්ත තත්වේ ඕක තමා... ://

    ReplyDelete
    Replies
    1. සමහර හොද කෙල්ලොත් ඉන්නවා නේද? මල්ලි

      Delete
  26. මම මලයා මේ පෝස්ට් එක දාලා පැයක් යන්නත් කලින් කියෙව්වා. ඒත් මට මේක ගැන හිතුන දේවල් දාම්දෝ නොදාම්දෝ කියලා හිතුන නිසා දැම්මෙ නැහැ. ඕන එකක් කියලා පස්සෙ කල්පනා කලා දානවා කියලා. මේ කතාව ගැන මට හිතෙන හැටි තමා මේ තියෙන්නෙ ....

    “මේ මොන වෙඩිමක්ද...... මොකා උනත් මේ කෝල් කරන එකාගේ අද අම්මටයි තාත්තටයි නම් ඉතින් කිබුහුම් ගිහිල්ලම මැරේවි.......කියලා හිත හිත මම ජගමේ අතට ගත්තා....

    වසාලා හමාරයි.............. දැන් ඉතින් මැරෙන්න වෙන්න වෙන්න වයිෆ්ගේ අම්මටයි තාත්තටයි තමා....

    මොකද අදකවදාවත් නැතිව වෙන්න වයිෆ කෝල් කරන්නේ කියලා හිතනකොටමයි මීටර් උනේ අද කෙල්ල එක්ක ෂොපින් යන්න එන්න පොරොන්දු උනා කියලා...“

    1. කොල්ලෙක් කෙල්ලෙකුට මේකෙ කියලා තියන විදියට මේ තරම්ම වියදම් කරන්න (මේ තරම් අමාරුකං මැද ජීවත් වෙන කොල්ලෙක්) නං පැය විසි හතරෙම ඒ කෙල්ල ගැන හිතන ලව් එකක් තියෙන්න ඕන. ඒත් ඔය උඩ දෙබසෙ හැටියට ඌට කෙල්ල හම්බ වෙන්න තියනවා කියන එකත් මතක නැහැ.

    “මොකද කරන්නේ තාම නිදි කුම්බරයා වගේ අත් දෙකත් කකුල් දෙක අස්සේ ගහගෙන නිදිද? මම තව විනාඩි 30යි බලන්නේ..... නොලිමිට් එක ගාවට ආවේ නැත්නම් මම ආපහු යනවා ආයේ ඉතින් මම ගැන හෙව්වේ නැති උනාට කමක් නැ...

    අනේ ඇයි බබා එහෙම කියන්නේ මොකද ඔහොම කතා කරන්නේ..... මම තව ටිකකින් ඔතන....

    හරි හරි එහෙමනම් එනවා එතකන් මම කැෆේ එකට ගිහින් මොනවා හරි කන්නම්... ඔයා ඇවිත් බිල සෙට්ල් කරලා අපි ෂොපින් යමු.......“

    2. මෙතන තියන විදියට කෙල්ල බලාගෙන ඉන්නෙත් විනාඩි තිහයිලු, ඌ එනකං තනියෙන්ම ගිහිං කැෆේ එකකින් කනවලු ඒ බිලත් සෙට්ල් කරන්නලු. බැලුවාම කොල්ලාව ගොනෙක් නෙමේ ගොන් බඳින කණුවකටත් එහා ගාණට දාලා.

    මට හිතෙන්නෙ මෙයිට වඩා තාත්වික විදියට මේක ලියන්න තිබුනා කියලා. මොකද ඔය තියන දේවල් 99% ක්ම වෙන්න තියන ප්‍රතිශතය අඩුයි. කොහොම උනත් හොඳ උත්සාහයක්, මම මෙහෙම කිව්වා කියලා පස්සට යන්න එපා, මේක මගේ අදහසක් විතරනේ. අනික මට ඕන විදියටම ලියන්න ඕන කියලා නීතියක් නැහැනෙ. දිගටම ලියන්න එතකොට වැරදි අඩු පාඩු හරියයි ......

    ReplyDelete
  27. අවුරුදු 1 1/2කට පස්සේ අයියගේ පොස්ට් එකක් කියවන්නේ නැතුව කොමෙන්ටි කරනවා .... වෙන මොකටවත් නෙවෙයි ස්තූති කරන්න ..... ඇයි කියල තේරෙයි මේක කියෙව්වොත් .... හුගක් වැඩ තියෙන අස්සේ මෙහෙම කරදර කරන එක වැරදිද මන්ද .... එත් කමක් නෑ

    http://wilakuwa.blogspot.com/2012/10/blog-post.html

    ReplyDelete
  28. Epa mehema kello...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....