ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

06 October, 2012

හේ ඔහු නමින් මහේල ජයවර්ධන.....

මුලින්ම කියන්න ඕනා මේ කතාව මට හිතන එකක්වත් ඇත්තටම මම හරියටම දන්නා දෙයකුත් නෙමේ.. කියවනකොට ගොඩාක් හිතට දැනුන නිසා නොදන්නා කෙනෙක් දැන ගන්නවානම් එක විතරයි මට ඕනා උනේ.. ලිපියේ සැබෑ හිමි කරුවන්ට පරිවර්තනය කල පුද්ගලයාට.. මුණු පොතේ මේ පිලිබදව පල කල මිතුරාට තුති.....
.......................................................................................................................

මහේලගේ අපි නොදුටු පැත්ත -



වසර 3කට පෙර ,

දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය.

" කට්ටියක් අපිට වෙඩි තියනවා " ....
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.

ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ ද

රන ආකාරය ඔහු දුටුවේය.

ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
--------------------------------------------------------------------------------------
අද ,

වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.
ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.
අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.

යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
-------------------------------------------------------------------------------------
අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
එහෙත් ඔවුන්ගෙ සගයන්වත් ඔහු සමග කතා කිරීමට උත්සහ නොකරයි.
ක්‍රිස්ටිනා පමණක් ලගට වී නිහඩව සිටියි. ඒ මහේල තේ පානයට එතරම් කැමති බැවිනි. සංගා නම් පැමිණ කුමක්දෝ පවසයි.
මහේල අත් ඔරලෝසුව දෙස බලයි. තම සගයින් හා එක්වී පුහුණු වීම්
කටයුතු වලට යායුතුය.

මෙම සිදුවීම් අතර මහේල , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හට වැදගත් දෙයක් පැවසා තිබුණි.

" මට අවුරුදු 35යි. අවුරුදු 6, 7 ඉදන් යුද්ධය කියනදේ ගැන අහ අහ ජීවත් වුනේ. මගෙ රටේ මිනිස්සු හැමෝම එහෙමයි. දැන් තියෙන්නෙ අපි හිනා වෙන කාලය. "

මහේලගෙ පාසල් මිතුරන් කිහිපදෙනෙක්ද බෝම්බ් වලට අසුවී මිය ගොස් ඇත.

--------------------------------------------------------------------------------------
 
 
 


මහේලගෙ මිතුරෙක් වන සංජීව ජයවර්ධන මෙසේ පවසයි.

" මහේල සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මල්ලි කෙනෙක් හිටියා දිශාල් කියලා. දිශාල්ට අවුරුදු 16 දී පිලිකාවකට ගොදුරු වෙන්න සිද්ද වුනා.
මහේලගෙ තාත්තා එයාව බේර ගන්න හැමදේම වික්කා.හැමදේම.
ගෙදර තිබ්බ බඩු පවා. එත් වැඩක් වුනේ නෑ. දිශාල් නැති වුනා. විශ්වාස කරන්න , මහේලගෙ ගෙදරට අන්තිමට ටී.වී. එකක්වත් තිබ්බෙ නෑ.
මහේලට ඉතිරි උනේ එයා හුගක් ආදරේ කරපු බැට් එකයි , සපත්තු දෙකයි විතරයි. ඊට පස්සෙ මහේලට ක්‍රිකට් ගහන්න ආසවක් තිබ්බේ නෑ.
එයා ක්‍රිකට් ගහන අත අරින්න් යද්දි යාලුවො තමයි බල කරලා පුහුණුවීම් වලට ගෙන්න ගත්තෙ."

අද මහේල යනු ලංකාවෙන් බිහිවුණ සුපිරිතම පිතිකරුවා. ලෝක ක්‍රිකට් වලත් එදා මෙදා තුර සිටි , තවමත් සිටින සුපිරිම පිතිකරුවන් කිහිපදෙනා අතර අයෙක්.

මහේල වැඩසටහන්වලට මුහුණ දීමට අකමැති තම මියගිය සොහොයුරා ගැන කතා කිරීම තරම් තවත් කටුක දෙයක් ඔහුගෙ ජිවිතේ නොමැති නිසයි.
ඔහුගෙ අලුත් මිතුරන් දිශාල් ගැන දන්නෙ ඔහු මියගිය බව පමණි.
ඔහු එම මාතෘකාව තුලදී එතරම් නිහඩය. බොහෝදෙනෙක්
නොදන්න තවත් දෙයක් තිබේ.
ඒ ඔහු යන යන තැන තම සොහොයුරාගේ පින්තූරයක් රැගෙන යන බවයි.
ඔහුට දිශාල් පින්තූරක් තුල හෝ ජීවමානව සිටිනු බව සිතමින් ඔහු සතුටු වේ.
මහේල අසරණ රෝගින්ට කරන උදව් ලංකාවෙ ජනතාවත් දන්නවාදැයි සැකයක් උපදියි.
-------------------------------------------------------------------------------------
මහේල පලමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වූ කාලයේ දිනක් සිය මිතුරෙකු සමග මළගෙදරක යමින් සිටියේය.
පොලිස් මුරපොලක් ඔවුන්ගේ වාහනය නැවත්විය. මේ සිදු වුයේ රාත්‍රියේ නිසා පොලිස් නිලධාරියාට මහේල හදුනාගැනීමට නොහැකි විය.

"උඹ කවුද කියලා කියපන් " එ මහේලගෙ මිතුරයි.
" මට බෑ " ඒ මහේලගෙ පිලිතුරයි.
" හැදුනුම්පත දෙන්න " පොලිස් නිලධාරියා පැවසුවේය.
මහේලගෙ හැදුනුම්පතේ නම සදහන් වී ඇත්තෙ දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යනුවෙනි.
එබැවින් පොලිස් නිලධාරියාට පමණක් නොව ඕනෑම අයෙකුට මේ මහේල ජයවර්ධනයයි එක පාරටම හදුනා ගැනීමට් අපහසුය. මහේල නිහඩවම සිටියේය.

" මම ක්‍රිකට් ටීම් එකේ නායකයා වුනාට එයා කරන්නෙ එයාගෙ ඩියුටිය. " මහේල පැවසුවේය.

ශ්‍රි ලාංකිකයනි , ඔබ නොදන්න ඔබේ ක්‍රිකට් නායකයා එවැනි චරිතයකි.

(රයිට් තොම්සන් නම් විදේශිය ලේඛකයා පලකල ලිපියක් ඇසුරෙනි./පරිවර්තනය:Elakiri.com හී සහෝදරයෙකු විසින්.)
 
හෙට  දිනයේත් 20 20 ලෝක කුසලානය මව් බිමේ නමින් ඔසවන්නට අපේ වීරයාට හැකිවේවායි එක සිතින් පතන්නෙමි....

60 comments:

  1. හ්ම්ම්ම් චරිතයක නොදුටු පැත්තක්...

    ReplyDelete
  2. ඕක තිබ්බෙ ක්‍රික්ඉන්ෆෝ එකේ. මම ක්‍රික්ඉන්ෆෝ එකේ කියවපු සිරාම ලිපිය.මම ඕකේ තීන ලිපි 90%ක් කියවලැති.ඒත් මේ ලිපියට අහලින් යන එකක්වත් හොයාගන්න නෑ කියල බය නැතුව කියන්න පුළුවන්.ඕනනම් ක්‍රික්ඉන්ෆෝ එකේ කමෙන්ට්ස් බලන්න,පට්ට ලිපිය.

    මෙන්න සම්පූර්ණ ලිපිය

    http://www.espncricinfo.com/magazine/content/story/585585.html

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි යාලුවා...... අනිවා කියවිය යුතු ලිපියක්....

      Delete
    2. අනිවා, CricInfo එකේ මම කියවපු හොඳම feature ලිපිය !!!

      Delete
  3. මහේල යනු අපි හැමෝම ගරු කළ යුතු පුද්ගලයෙක්!

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත සිතුවිලි සිතු....

      Delete
  4. හ්ම්ම්ම්ම්....
    දැනගෙන හිටියේ නෑනේ මේ ටික...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් අය දන්නේ නැතිව ඇති කියලා හිතුන නිසමයි දැම්මේ....

      Delete
  5. හරිම සංවේදී කතාවක් බන්.. එදා ක්‍රිකට් නැවැත්තුවා නම් මහේල අද කොහෙද?

    මහේලගෙ පෙනුමින් නම් සාමාන්‍ය පවුලක කෙනෙක් කියන්න බෑ නේද? මට නම් හිතෙන්නෙම හොඳ සල්ලිකාර පවුලක කෙනෙක් වගේ..

    මාරයියාගේ ඉස්කෝලෙ ගමන දවස් කීපයකට නැවැත්තුව කෙනාව හරියටම දැනගත්තා..

    ReplyDelete
    Replies
    1. එදා ක්‍රිකට් නැවත්තුවා නම් මහේල අය්යා ජිවිතේ මොනාවා හරි දෙයක් කරගනීවි.. එත් ලංකාවේ ක්‍රිකට් වලට මේ වගේ හොද නායකයෙක් ලැබෙන එක ගැන මට හිතා ගන්න අමාරුයි.. සන්ගාත් හොදයි, එත් මහෙල හොදයි......
      මාරය්යාගේ කතාව මොකක්ද හරි අය්යා

      Delete
    2. http://ctkumara.blogspot.com/2012/09/blog-post_30.html

      Delete
    3. එතකොට මාරය්යාත් මහේලගේ ස්කුල්මෙට් කෙනෙක් මරුනේ

      Delete
    4. නෑ මම දන්න තරමින් මාරයා මහෙලට වඩා අවුරුද්දක් බාලයි මහෙල මගෙ මලයාගෙ පන්තියෙ. මහෙල ගෙ තුනෙ පන්තියෙ පින්තුරයක් මේ පොස්ටුවෙ ඇති

      Delete
    5. සමාවෙන්න ඕන ස්කූල් මේට් කතාව් දැක්කෙ පස්සෙ

      Delete
    6. ලොකුජෝන් අය්යා සමාව ඉල්ලන්නේ මොකද ඉතින් අවුලක් නැනේ...... මාරයා අයගේ වයසත් හරියටම දැන ගන්න පුලුව උනානේ ඉතින්

      Delete
  6. කව්රුවත් කිව්වට විස්වාස කරයිද දන්නේ නැ.මගේ හොඳම යාලුවෙක් ඉන්නවා මහේල වගේමයි. හිනාව කතාකරන විදිහ එකම වගේ.එය කෙල්ලෙක් වුනේ නැත්තන් කවුරු හරිරවටෙනවා මහේල කියලා.අවාසනාවට එයාගේ ෆොටෝ එකක් මට දාන්න බැ.මං කොහොමත් ඉස්සර ඉඳන්ම කැමති මහේලට..

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් ඉන්නවා මහේල වගේ.... අනේ මන්දා..... බලන්න විදිහක් ඇත්තෙම නැද්ද?

      Delete
  7. Some time back he started a project to buy an expensive equippment to cancer hospital.

    ReplyDelete
    Replies
    1. ya.... but it is good thing for srilankan poor cancer people....

      Delete
  8. නොදැන උන් තොරතුරු.. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ආවට මේ ඇත්තේ ස්තුතියි.........

      Delete
  9. මම කැමතිම ක්‍රීඩකයා...

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩාක් ආස කරන ක්‍රීඩකයෙක්.... තමා මහේල

      Delete
  10. මන් ආසම චරිතයක්
    මහේල විතරක් නෙවේ සංගා දිල්ශාන් ලසිත් තුලත් මේ වගේ කතා තියෙනවා වැඩිය කව්රුත් දන්නේ නැති.ලසිත් තරම් දුක්වින්ද කෙනෙක් තවත් නැතුව ඇති වර්තමාන ටීම් එකේ හ්ම්ම්.

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන දැන ගන්න ලැබෙනවා කියන එක මට නම් සතුටක්.... මාලි ගැන දන්නවානම් කියන්නකෝ නිශාන්....

      Delete
    2. ඔව් අපේ මිනිස්සු ඒ කතා දැනගන්න ඕනි.නිශාන් අයියේ ඒ ගැන පෝස්ට් එකක් දාන්න පුළුවන් නම්.

      Delete
  11. හයක් ගහන්න ශක්තියක් නැති වුනත් නියම තැනට ප්ලේස් කිරිල්ල සුපිරි... :)

    ReplyDelete
    Replies
    1. එදා 6 ඒවා ගහනවා සැමා දුටුවේ නැතිද?

      Delete
    2. ක්‍රිකට් කියන්නෙ වල් අඩිම නෙමෙයි

      Delete
    3. මහේල ගේ වල් ආඩි වලට වඩා හොද පහරවල් වදිනවනේ

      Delete
  12. මමත් මේක fb කියෙව්වා! අපූරු චරිතයක්!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.... අනිවා මේක මිස් නොවුන එක ගැන හැපී...

      Delete
  13. මහේල ගැන කියන්න මට නම් වචන නෑ.
    සුපිරි නායකයෙක් හොඳ මනුස්සයෙක්!!

    ReplyDelete
    Replies
    1. අනිවා ප්‍රමුදි........ නියම නායකයෙක්.... අකිල වගේ කෙනෙක්ව හදුනාගැනීමම එකට හොද උදාහරණයක්.....

      Delete
  14. නොදන්නා කරුණු අකුරු කරාට මගේ ස්තුතිය

    ReplyDelete
  15. මල්ලි‍ගේ කථාවයි , රෝගීන්ට උදව් කරන එකයි නම් දැනං හිටියා ..... ඒත් අනිත් ඒවා දැනං හිටියේ නෑ ...... බොහෝම වටිනා කියන ලිපියක් .!

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න මහන්සි උන අයට මගේට් ප්‍රණාමය

      Delete
  16. සැබවින් විශිෂ්ටයෙක්.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සැබෑ දක්ෂයෙක්....

      Delete
  17. අනේ අපේ මහේල.......
    සංගා කියද්දි මතක් වෙන්නෙ මට මහේල. මහේල කියද්දි මතක් වෙන්නෙ සංගා. දෙන්නම සුපිරි

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ලෙඩේ තිබුනනේ,, මහේල නායකයා උනාම හිතෙන්නේ සගා නායකයා වගේ සංගා උනාම එකේ අනිත් පැත්ත

      Delete
  18. ඇත්ත දෙව් ඔය සංජීව ජයවර්දන කියන්නෙ මගේ පන්තියේ උන්න මිතුරෙක් හැබැයි එයාට මහෙලගෙ නෑකමක් නම් නෑ මම දන්න තරමින්. මම දිසාල් ගෙ ඒ කියන්න් මහෙලගෙ මල්ලිගෙ මළ ගෙදරට සහබාගීවූවෙක් ලෙස දන්නවා අඩු තරමින් ඔහුගෙ දෙන තබන්න ඔවුන්ට නිවසක් වත් තිබුනෙ නෑ. ඒක තිබුනෙත් නැදෑවෙන කෙනෙකුගෙ කඩුවෙල ගෙදරක. මහෙලගෙ මල්ලිගෙ අවමගුල තිබුනෙ ඔහු පාසැල් කන්ඩායමෙ නායකත්වය දරපු අවුරුද්දෙ. ඔහු ඒ වසරෙ අවසන් මහ තරඟයට සහබගීවෙන්නත් බෑ කියුවා . ඒත් ඔහුගෙ හිතමිතුරන් ගුරුවරුන් ඔහුගෙ හිත හැදුවා. සමහරවිට ඒ නොවුනානම් අද අපි කතාකරන මහෙල කෙනෙක් නොවෙන්න තිබුනා
    …මම මහෙල ගැන ලියපු සටහනක් මගෙ ""ආතම්මගෙ පෙට්ටගමෙ ඇති කැමතිනම් කියවන්න. …මහේලගෙ දහස

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ යාලුවන්ට ගුරුවරුන්ට රටක් විදිහට අපේ උත්තමාචාරය පිළිගන්වන්න ඕනා.... මහේල වගේ කෙනෙක් රටට එකතු කලාට....

      බලාගෙන යනකොට ලොකු ජෝන් කියන්නෙත් අදහන්න වටින චරිතයක්නේ...

      Delete
  19. මම ක්‍රිකට් ගහන කෙනෙක් විදියට මුල ඉඳලම මහේලට කැමති වුනා. ඒත් මගේ යාලුවේ ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මහේල මහා පඬියෙක් කියන කථාව තමයි කිව්වේ. කෙනෙක්ගේ මුණ බලල එයාව තේරුම් ගන්න බෑ කියන එක තමයි මෙතන වුනේ. මම මගේ යාලුවොත් එක්ක පැය ගණන් තර්ක කරලා තියෙනවා මහේල තමයි අපිට ඉන්න හොඳම සම්පත කියල ඒ මහේල එක දිගට අසාර්ථක වුන කාලෙක. එදා මගේ තේරීම කොයි තරම දුරට හරිද කියල අද මම සතුටු වෙනවා. කවුරුත් නොදන්නා මගේ අත්දැකීම මගේ ඊළඟ පොස්ට් එකෙන්.

    ReplyDelete
    Replies
    1. බලන් ගියාම මම විතරක් නෙමෙයි ඒ අතැකීම විඳලා තියෙන්නේ. ලංකාවට ක්‍රීඩාකරලා දැන් ලෝකයෙම ඉන්න සුපිරිම විනිසුරුවෙකුට වඩා මුල මතක තියන කෙනෙක් මහේල.

      Delete
    2. ඊලග පොස්ට් එක එනකන් බලාගෙන ඉන්නවා.. පුංචි ඉල්ලීමක් ඒ පොස්ට් එකේ ලින්ක් එකත් මෙතන දානවද එකත් ගොඩාක් වටීවි....
      ජය

      Delete
  20. සුපිරි මනුස්සයෙක්. ආඩම්බරකම් උද්දච්චකම් අහලකවත් නැති නිහතමානි පොරක්. ක්‍රිකට් වලින් සමු ගත්තට පස්සේ දේශපාලනේට නෑවිත් හිටියනම් මහේල ලංකාවේ කල්පාන්තරෙකට සුපිරි වීරයෙක් විදිහට ඉතිහාසගත වෙනවා.

    ReplyDelete
    Replies
    1. මහේල දේශපාලනේට නම් එන්නේ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා,.. හැබැයි ආවොත් සනත් ටත් වඩා වැඩි දෙයක් රටේ ජනතාව කරයි

      Delete
  21. හ්ම්ම්..අපූරු ලිපියක්..මෙය කියවන ඔහුගේ රසිකයින් තවත් ඔහුට ආදරේ කරාවි..

    ReplyDelete
    Replies
    1. මේ අය අතර හිරු හිමාවී සහෝදරිත් ඉන්නවා නේද?

      Delete
  22. හ්ම්ම්..අපූරු ලිපියක්..මෙය කියවන ඔහුගේ රසිකයින් තවත් ඔහුට ආදරේ කරාවි..

    ReplyDelete
  23. අැත්තටම ඉතාම සංෙවගය දැෙනන විෙටක සතුටක් දැෙනන කතාවක්
    කී්‍රඩකෙයකුෙග ෙනාදුටු පැත්තක්
    මම මෙහ්ලට හැමදාම අාදෙරයි....

    ජයෙව්වා!!!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලාංකිකයන් හැම දෙනාම ඔහුට ගොඩාක් ආදරේ කරනවා මම හිතන්නේ.....

      ජයෙන් ජයම වේවා

      Delete
  24. මහේලගේ සොහොයුරා මිය ගිය කතාව ගැන ටිකක් අසා තිබුනා . ඔහු පිලිකා රෝගින්ට බොහෝ පිහිට වෙන උපකාර කරන කෙනෙක් බවත් අසා තිබෙනවා .
    …ඔහු ගැන සටහනක් තැබීම අගය කරනවා .

    ReplyDelete
  25. මම අවුරුදු ගාණක් ඉස්කෝලේ ගියේ මහේලගේ ළ්ඟම ඥාති සොහොයුරෙක් එක්ක. එයත් කවදාවත් මගේලගේ මල්ලි ගැන අපි අහන දේවල් වලට උත්තර දුන්නේ නෑ.ඒ මරණය මුළු පවුලටම දැනුණු එකක්.'HOPE' cancer hospital එක ගොඩ නැගෙන්න මූලික හේතුවත් ඒකම තමයි.

    ReplyDelete
  26. මොනව උනත් මහේල අයින් වෙන එක නම් වෙන්න ඔන දෙයක් නෙවී
    මැච් එක පැරදුන එකට මහේල වගකියන්න ඕන කියලා කියන එක සාධාරණ නෑ
    අපි ඉන්දියාවේ නෙවේ ඉන්නේ

    ReplyDelete
  27. මහේල ලංකාව වෙනුවෙන් ගොඩක් දේවල් කරපු ක්‍රීඩකයෙක්... මේ මම ඔහු ගැන නොදැන හිටිය විස්තර ටිකක්..

    ReplyDelete
  28. මහේල කියන්නේ නියම නායකයෙක් !

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....