ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

24 September, 2012

ප්‍රශ්න කියලා හිතන්නේ අපි ප්‍රශ්න වලටමද?

මුහුණ දෙන්න තිබුණු ගොඩාක් ප්‍රශ්න ඉවර නිසා ආයෙමත් බ්ලොග් පැතත බලන්න පුළුවන් වෙලා.. එ ගැන නම් සතුටුයි...
මොනවද මේ පැත්තේ වෙන්නේ කියන එක ගැන ලොකු අවබෝධයක් නම් නැ ඉතින්.. ටික කාලයක්ම කලේ අවාරෙට පොල් වැටෙනවා වගේ මේ පැත්ත මතක් වෙන වෙලාවට ඇවිත් මොනවා හරි ලියලා දුවපු එකනේ... ආයෙමත් කියවන්න පටන් ගන්න ඕනා කියලා හිතුනා.... ඒවා ඉතින් වැඩකට ඇති කතා නෙමේනේ...

අද කතාව.. ආ.............හා මම පටන් ගත්තානේ ජිවිතේ සතුට සොයන් ලිපි පෙළක් එකක් නම් ලීවා කලින් සල්ලි ගැන....
අද  ඉතින් එකේ දෙවෙනි කොටස......

දැන් ඉතින් සමහර අයට හිතෙන්න පුළුවන්නේ ඉතින් දැන් මේ අපිට පොරටෝක්ස් දෙන්නේ හැම වෙලේම සතුටෙන්ද ඉන්නේ කියලා...

අනේ නැ මමත් ඉතින් සතුට හොයන් යනවා...

මට හිතෙනදැනෙන දේවල් තමා මෙ ලිපි පෙලෙන් ලියවෙන්නේ,

අද ලියන්න යන දෙ නම් ඉතින් නොතිබුණු කෙනෙක් ඉන්නවානම් ඉතින් ඒ කෙනා අද ඉපදුන කෙනෙක් වෙන්න ඕනා...

ප්‍රශ්න...

ජීවිතේට මොනම හරි ප්‍රශ්නයක් ආවේ නැති කෙනෙක් ඉන්නවද..... ඉතින් අපි මොනවද මේ ප්‍රශ්න ආවහම කරන්න ඕනේ... එ ගැන මම කියන්න යන්නෙත් නැ... ගොඩාක්.....

පුංචි ෆොටෝ එකක් හැබැයි ගොඩක් වටිනා අදහසක් තියන මමත් ගොඩාක් බලන අදහස් ටිකක් මෙතනට එකතු කරන්නම්...


ඇත්තටම හිතලා බැලුවොත් අපේ ජිවිත වලට ප්‍රශ්න කියලා අපි හිතන ගොඩාක් අවුල් වෙන සමහර විට ජීවිතෙන් පවා වන්දි ගෙවන දේවල් අපි අපේ කර ගත්තට අපට අදාළ නොවන ප්‍රශ්නයක්...

ලෝකේ තියන හැම ප්‍රශ්නයක්ම අපේ කරගන්න ගියොත් නම් ඇත්තටම අපිට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන එකක් නැ....

ගොඩාක් ප්‍රශ්න වලට හොදම විසදුම කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න එක තමා..... කාලය ඕනෑම ප්‍රශ්නයකට විසදුමක් දෙනවා කියන එකමම නම් අත්දැකීමෙන්ම විශ්වාස කරනවා...

ප්‍රශ්න නැති ජීවිතය හරියට පරිප්පු නැති හෝටලයක් වගෙ කියලාත් කියනවානේ...

ප්‍රශ්නත් ඕනා ජිවිතයට... එත් අපි දන ගන්න  ඕනා කොහොමද අපි ඒ ප්‍රශ්න වලට විසදුම් හොයා ගන්නේ කියලා..

ප්‍රශ්න වලින් පැනලා යන්නෙත් නැතුව මුහුණ දෙනවා කියන්නෙත් ඇත්තටම ගොඩාක් සාර්තක ජයග්‍රහණයක්....

සමහර  ප්‍රශ්න පටන් ගන්නේ අපේම වරදින් කියන එක අපි තේරුම් ගන්නවානම් අපිට පුළුවන් වෙනවා ගොඩාක් ප්‍රශ්න වලට විසදුම් හොයා ගන්න....

ප්‍රශ්න වලට ඔයාලා කොහොමද මුහුණ දෙන්නේ කියලා කියලා යන ගමන් පහල අහලා තියලා දෙයටත් උත්තරයක් දීලාම යන්නකෝ...


අපිට තියන ප්‍රශ්න මොනවද කියලා හිතෙනවා නේද මේවා දකිනකොට.....

දැන් ඉතින් ගොඩාක් දෙනෙක්ට තියන ප්‍රශ්නේ කොල්ලෙක් නැති එක කෙල්ලෙක් නැති එක නේද?

 ඔන්න  මේක ඔයාලට ගැලපෙන විදිහට අදාළ කර ගන්න...

 ඇත්තටම බලනකොට එකත් බලන්න තරම්ලොකු ප්‍රශ්නයක් එහෙම නෙමේ නේද?



ඇත්තම අපි ප්‍රශ්න කියලා හිතාගෙන ඉන්න ඒවා ලොකු ප්‍රශ්නත් නෙමේනේ... ජිවත් වෙන්න තියන පුංචි කාලේ ප්‍රශ්නත් එක්ක විතරක් ඉදලා හරියන්නෙත් නැනේ....

ප්‍රශ්න ගැන කතා කරමු තව ඉස්සරහටත්....

ගිහින් එන්නම් ජය හා සතුට....

අහ්හ්හ්හ්හ්හ් තව ඩින්ගෙන්  අමතක වෙනවා.... ඔන්න වැදගත් දවසක් ලග එනවා... ඔයාලට නෙමේ අනේ මට.. මගේ උපන්දිනේ... ඔන්න ඉතින් මේ වෝල් එක පැත්තෙවත් එන්නකෝ ඔය ලග එන 26 වෙනිදාට...

ඔන්න  පාටි ඕනා කියලා නොකියා කෝල් එකක් එහෙම දීලා මේ පැත්තේ ඇවිත් යනවා නම් මම පාටි දෙන්නම් හොදද?


17 comments:

  1. කේක් කෑල්ලක් කාල ඉමුකෝ .. ප්‍රශ්න විසදගන්න කව්ද බැරිද ? ..

    ReplyDelete
    Replies
    1. කේක් නම් කවදා කන්න බැරිද ඉතින්.... අපි ප්‍රශ්න විසදගෙන ඉමුකො නේද?

      Delete
  2. ඇත්තමයි ප්‍රශ්න කියල අපි හිතන්නේ ගොඩක් වෙලාවට ප්‍රශ්නවලටම නෙවෙයි,,

    ඔන්න ප්‍රාර්ථනා කරනවා සුභම සුභ උපන් දිනයකුත් කලින්ම ඔබට හ්ම්ම් :)
    ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. කලින් පතන සුභ පැතුම් බාර ගන්න නම් අමාරුයිලුනේ......

      හ්ම්ම්

      Delete
  3. ප්‍රශ්න විසදිලා කියලා දැගගන්න ලැබුණු එක නම් සතුටට කාරණයක්. මම විශ්වාස කරන දෙයක් තමයි හැම ප්‍රශ්නයකටම පිළිතුරක් තියෙනවා කියන එක. සුබපැතුම්. ජය...!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අයියා.. ප්‍රශ්නයක් තියනවා නම් අනිවා කොහේ හරි උත්තරයකුත් ලග පාත තියනවාමයි,,,,,,
      ජය හා සතුට

      Delete
  4. නැව ගිලුනත් බැන්චූන් මල්ලි..හේක්..හෙක්...

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් එකනේ අය්යා... අද මැරුණත් හෙට මැරුණත් අපි ඉන්නවා සොමියේ............

      Delete
  5. නියමයි මචං...ජීවිතයේ සෑහෙන්න දෙයක් හිතන්න හිතුනා.!

    ReplyDelete
    Replies
    1. ජිවිතේ සතුට හැමදාම රැදෙන්න කියලා පතනවා මමත්

      Delete
  6. නියමයිනේ.... ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. ඔයාලා නම් සතුටෙන් ඉන්නවනේ....... හැමදාම එහෙම ඉන්න ලැබේවා... ජය හා සතුට

      Delete
  7. හ්ම්ම්ම්ම්ම් සැබවින්ම ප්‍රශ්න යනු ප්‍රශ්නම නොවේ.
    අපි කොච්චර උඩ පැන්නත් ඒක කාලය ගානට මිම්මට විසදනවා.
    අත්දැකීම් ඇති මිනිහා ඒ කාලයට බය නෑ. නැති මිනිහා බයයි..
    ඔච්චරයි වෙනස..

    ReplyDelete
  8. හොඳ ලිපියක් සහ හොඳ අවවාද ටිකක්.උපන්දිනේට සුභ පැතුම් දේවා

    ReplyDelete
  9. කතාව නම් ඇත්ත ...........

    ReplyDelete
  10. කියලා තියෙන්නෙ නියමෙටම.

    ReplyDelete
  11. ප්‍රශ්න.. කාලයා විසින් උත්තර දෙන එක දෙයක් විතරයි බං !

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....