ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

07 September, 2012

රැවුලක් ඕනමද? කොහොමද මෙහෙම තිබුනොත්



ඉතින්.... ආයෙමත් පරණ තාලෙට...... හැබැයි ඉතින් ඊටත් වඩා ටිකක් වෙනස් වෙයිද කියලාත් කියන්න බැ.

ඒවා  ඕනේ නැ ඉතින්.... කාලෙකට කලින් බ්ලොග් අවකාශේ  ටිකක් ගැහැනු ළමයි  ගැන ඒ අය කැමති දේවල් කරන දේවල් ගැන එහෙම පොස්ට් ලියවුනානේ.... වෙනදා වගේ බ්ලොග් ගෙන කිසි අප්ඩේට් එකක් නැති නිසා තාමත් ලියවෙනවද කියලා මම දන්නෙත් නැ... ඉක්මනටම පරණ බ්ලොග් තිබුන තත්වෙටම එනවා නම් ගොඩාක් හොදයිනේ...

ඔය අතරේ පිරිමි අය ගැන ලියවුනු ගොඩාක් පොස්ට් වල ලියවුනේ කොල්ලන්ගේ වැරැදී වගේ ඒවා විතරයි... අඩුම තරමේ කොහොමද කොල්ලෝ කියන එක ගෙන පුංචි සටහනක් වත් මම නම් දෑකලා නැ...

ඉතින් මම හිතුවාටිකක් ඒ ගෙන කතා කරන්න....

කොල්ලෙක් උනහම රැවුලක් ඕනමද?
ගොඩක් දෙනෙක් නම් දැන් ඉතින් ඔය රැවුල වවාගෙන ඉන්නේ නැනේ..
දැන් රැවුල වවාගෙන උන්නොත් අහන්නේ මොකද ඔය ජුතක බමුණා වගේ කියලා...
 එයාට කොයි තරම් රැවුල තිබුනද කියලා බලාගන්න මම එ කාලේ උන්නේ නැනේ. සමහර අයට රැවුල නතුවහම මුනට හරි නැ.. සමහර අයට රැවුල මුනට තිබුනහම හරි නැ.. මොනවා උනත් ඉතින් එක තීරණය කරන්න පුළුවන් තමන්ටම...
රැවුල එහෙම කපලා පිලිවලකට ඉන්න එකත් හොදයිනේ... එ කොහොම උනත් ඉතින් සමහර අය ඉන්නවා කොන්ඩේට වගේම රවුලටත් එක එක මෝස්‌තර දාන අය...
රැවුල වවාගෙන ඉන්න අය... තාම රැවුල නැ කියලා එනකන් බලාගෙන ඉන්න අය , එහෙමත් නැත්නම් මහත්තයාගේ , වෙන්න මහත්තයාගේ , හිතේ ඉන්න කෙනාගේ හරි මේ තියන මෝස්‌තර වලින් රැවුලක් මැච් කරගත්තනම් හොදයි නේද?
හරිද මන්දා  අහලා තියන විදිහට ඒබ්‍රහිම් ලින්කන් ජනාධිපති  තුමා උනත් ජන්දේ දිනලා තියෙන්නේ රැවුල වවාගෙන පෙනුමට හිටපු කාලේ කියලා මම අහලා තියනවා.... එක හැම රටටම අදාලද මන්දා...








29 comments:

  1. පොස්ට් එක ලියන්න උන්නු ඒවා ටිකක් ලියන්න උනෙම නැ... ඉදිරියේදී ඒවා ලියන්න උත්සහ කරනවා

    ReplyDelete
  2. මම නම් ආස පිරිමි ළමයි රැවුල කපලා ඉන්නවා නම් තමයි...

    ReplyDelete
    Replies
    1. පිරිමි ළමයි රැවුල කපලා ඉන්නවට ආසයි..... මේ කා ගැන හිතේ තියාගෙන කියපු කතාවක්ද මන්දා

      Delete
  3. ලස්සන රවුල් ටික,6 වෙනි එන නම් කලින් දැකලා තියෙනවා.

    ලින්කන් රවුල වැව්වෙ කුඩා දැරියකගේ ඉල්ලීමකට ලු.

    ReplyDelete
    Replies
    1. මමත් නම් මේවා හොයා ගත්තේ මේල් එකකින් තමයි අය්යා... සෝ මමත් අහලා තියෙන්නේ නම් එහෙම තමා

      Delete
  4. පිළිවෙලකට වැවෙන්නේ නැත්තමි මොක කරන්නද බන්....
    දෙව්ත් එල කට් එකක් ගහන්න වගේ හදන්නේ

    ReplyDelete
    Replies
    1. පිළිවෙලකට වෙවෙන්න නම් තෙල් පොර ගහන්න වෙයි නේද?...... අපෝ නැ මම කොහොමත් එහෙම වවන්නෙම නැ

      Delete
  5. හයවෙනි රැවුලනං පට්ට...

    ReplyDelete
  6. නියම පින්තුර ටික..
    පලවෙනි රූපෙට කැමතියි මං :) හී හී..

    ReplyDelete
  7. අර තුන් වෙනි එක නම් මරු.. මේක මදාරට පෙන්නලා බලන්න ඕන.. :)

    ReplyDelete
  8. "හරිද මන්දා අහලා තියන විදිහට ඒබ්‍රහිම් ලින්කන් ජනාධිපති තුමා උනත් ජන්දේ දිනලා තියෙන්නේ රැවුල වවාගෙන පෙනුමට හිටපු කාලේ කියලා මම අහලා තියනවා...."

    හකු බැහැලා එච්චර ප්‍රියමනාප පෙනුමක් ලින්කන්ට තිබුණේ නැහැනේ. දවසක් පොඩි ගෑණු ළමයෙක් ලියුමක් එව්වාලු රැවුල වැව්වා නම් හොඳයි එතකොට ලස්සනයි. එහෙම කරනවා නම් එයාගේ තාත්තගේ වගේම සහෝදරයන්ගේ ඡන්දයත් ලින්කන්ට අරන් දෙන්න එයාට පුලුවන් කියලා. කිව්ව වගේම ලින්කන් රැවුල වැව්වා. ඡන්දෙත් දින්නා. පස්සේ ඒ ගෑණු ළමයාව හම්බුණා කියලත් කියනවා. ඒ ගෑණු ළමයගේ පරම්පරාගේ අය ගාව ලින්කන් ආපහු එව්ව ලියුමත් තියෙනවාලු

    ReplyDelete
  9. මම නම් මේ දවස්වල යටි තොලට යටින් කොටුවක ප්‍රමාණයේ රැවුලක් නඩත්තු කරගෙන යනවා !

    ReplyDelete
  10. හ්ම්..රැවුල් මෝස්‌තර දාන අයටනම් කියාපු Post1.ඒත් ඉතින් ලස්සනට තියන මූණට මළ විකාර රැවුල් නැට්ටක් දාගත්තම බලන්න ආසාවේ "බෑ".hikz..

    ReplyDelete
  11. නියම රැවුල් සට්යිල් ටික.... :))))

    ReplyDelete
  12. මට නම් ලස්සන මහින්ද මහත්තයගේ රැවුල. අපේ අය ඒකට මාර ආදරෙයි. රනිලුයි, සජිතුයි ඒ වගේ රැවුල වවනකම් දිනනවා බොරු. ටැමිල් සෝ වල රැවුල නැති නළුවන්ට තැනක් ඇත්තෙම නෑ...

    ReplyDelete
  13. අනේ කරල තියෙන දෙයක් රැවුලට .

    ReplyDelete
  14. අපි කොහේ රැවුල වවන්නද? ටිකක් වැවීගෙන එනකොටම ස්වෙච්ඡා සේවාවෙන් කපලා දෙනවනේ...

    ReplyDelete
  15. අපෝ මම නම් ආසා නෑ මේ එකකට වත්.

    ReplyDelete
  16. මේ වගේ කට් කැපුවොත් මිනිස්සු ගල් ගහයි.

    ReplyDelete
  17. මෙහෙම රැවුලත් ඔය ලස්සන හිටින්න තියගන්න එකනෙ වැඩේ.

    ReplyDelete
  18. ko mage comment 1? spam?

    ReplyDelete
  19. මමත් ඔය රැවුලට ටිකක් මුල් තැන දෙනවා .නිකන් වැවෙන එකනේ තෙල් පෝර ගහනවා කියලයෑ

    ReplyDelete
  20. හතරවෙනි එකනං පට්ටයි ඈ.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. 4 සෝක්.....
    මමත් දැන් ඔන්න නිකටේ රැවුල වවනවා.. ගෙදරින් දැඩි ලෙඩ..

    ReplyDelete
  22. ඔය විදිහට රැවුල තිබ්බොත් වෙන එකම ප්‍රශ්ණෙ තමා ඕකට වෙනම වෙලාවක් වෙන් කරන්න ඕනෙ එක. අපි ඉතිං ඔෆිස් එකේදි කාලෙ කෑවත් ඒ වෙලාවෙදි රැවුලට සාත්තුවක් දෙන්න බෑනෙ. ඒක නිසා මම පුරුදු ලෙසටම රැවුල කපලම අයින් කරනවා :))

    ReplyDelete
  23. // සමහර අයට රැවුල නතුවහම මුනට හරි නැ.. සමහර අයට රැවුල මුනට තිබුනහම හරි නැ.. //
    //දැන් රැවුල වවාගෙන උන්නොත් අහන්නේ මොකද ඔය ජුතක බමුණා වගේ කියලා...//
    මෙ කථා දෙක නම් සහතික අැත්ත හරි ද
    මට නම් ඒපා වෙලා ගෙදරින් කැම්පස් ඒකෙදී යාළුවො අහනවා ඒපා ෙවනවා

    ReplyDelete
  24. ඔවු ඉතින් අපිට රැවුල නෑනේ...

    ReplyDelete
  25. මේ මට අරලියා එවපු රැවුල් වගයක්

    http://i47.tinypic.com/el2nfl.jpg

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....