ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

12 September, 2012

ජිවිතේ සතුට සොයන්....... සල්ලි

ජිවිතේ  සතුට සොයන්..................... ආරම්භය....

ජිවිතේ අපිට අපි හිතන විදිහටම ගෙවන්න පුලුවන් නම් කොයි තරම් අපුරුද කියලා නොහිතුන කෙනෙක් ඉන්නවානම් ඒ මේ මොහෙතේ ඉපදුන කෙනෙක් විතරක්ම වෙන්න ඕනා.. අපි හිතන විදිහට අපි කැමති විදිහකට ජිවත් වෙන්න අපි කොයි තරම් ආසයිද?

අපි හිතනවා අපිට යාන වාහන සල්ලි පොදි බැදන් ඉන්න තිබුනනම් කොයි තරම් හොදද කියලා.. ඒත් අපි කියෙන් කි දෙනාටද එහෙම සැපක් ලැබෙන්නේ....... සල්ලි තියනවානම් මොනවද කරන්න බැරි කියලා හිතන අය  කොයි තරම්ද කියලා බැලුවොත් ජිවත් වන ප්‍රමානයෙන් 90%කටත් එහා ප්‍රමාණයක් ඉන්නවානේ......

ඉතින් ඔය සල්ලි වලට ඔය තරම් දෙයක් කරන්න පුලුවනිද?

මගේ රාජකාරි ජිවිතේ නිතරම මට මුන ගැහෙන අය අතරේ ගොඩාක්ම ඉන්නේ ඔය අපි පතන සල්ලි කාර මිනිස්සු වගේ ඉන්න පුලුවන්නම් කියන වගේ ජිවිත.....

ඒත් අපි හිතන සල්ලි තිබුනානම් මරුම තමා කියන ආකල්පයෙන් එයාලා ජිවත් වෙනවා කියලා හිතනවද?

දවසකට  තමන්ගේ ගිනුමට රුපියල් 100000ක් දාන කෙනෙක්ගේ හිතේ සතුටට වඩා සතියකට සැරයක් තමන්ගේ ගිනුමට රුපියල් 1000ක් දාන ගනුදෙනු කරුගේ හිතේ සතුට වැඩි කියල හිතෙන වෙලාවල් වගේම ගොඩාක් අය එක්ක කතා බහ කරන නිසා මම දන්නවා ඒ මම හිතන දේ ඇත්තක් තියනවා කියලාත්....



මෙතන උනත් ඇති  දවසකට රුපියල් ලක්ෂ 7,8ක්  එක්ක ගනුදෙනු කරන අය...  සල්ලි වලින් විතරක් ඔයාලාගේ ජිවිත වලට ඕන කරන සැනසීම ලැබිලා තියනවද? 100%කමවිශ්වාසයෙන් කියන්න පුළුවන් සල්ලි වලින් විතරක් අපේ ජිවිත වලට ඕනැ කරන සතුට සැනසීම.... වගේ කිසි දෙයක් හැමදාම තියාගන්න බැ...

සල්ලි කාර අය හිතේ හැමවෙලේම ගොඩාක් බයකින් ජිවත් වෙන්න තමයි ජිවිත හැදිලා තියෙන්නේ.... අපි මේ තැනින් පහලට වැටුනොත් මොකද කරන්නේ... මේ සල්ලි කොහොමද පරිස්සම් කරගන්නේ.... මොනවද අපි මේවට කරන්නේ..... කොහොමද අපි ආරක්සා  වෙන්නේ.... කාවද විශ්වාස කරන්නේ.. කාවද අපි ආශ්‍රය කරන්නේ... ඔය වගේ දාහක් ප්‍රශ්න

තමන්ගේ ආර්ථීක තත්වේ ගොඩාක් හොද තැනක තියන එක පුද්ගල වශයෙන් වගේම රටේ  ආර්ථික තත්වය සලකන කොටත් ගොඩාක් හොද දෙයක්.

එත් මම මෙතන කිවේ නම් සල්ලි වලින් හැම දෙයක්ම නම් කරන්න බැ.. අපි හිතන පතන හැම දේම කරන්න බැ කියලා තමයි..

ජිවිතේ අපි කවුරුත් ආසයි ලස්සනට ජිවත් වෙන්න  හැබැයි  සල්ලි වලට විතරක් මුල් තැන දෙන්න ගියොත් අපිට ජිවිතේ විදින්න නම් නෙමේ විදවන්න වෙන්න පුළුවන් ඉඩ වැඩියි...

සල්ලි  නිසා යාළුකම් නැති වෙන තැන් උනත් අපි මේ බ්ලොග් අවකාශයෙන්ම දෑකලා තියනවානේ..

ජිවිතේ සතුට සොයන්..... ලේබල් එක යටතේ ලිපි ටිකක් (මාසෙකට එකක් විතර වගේ) ලියන්න හිතුනා....

එ වගේම කීප දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුනා කරන රැකියාවේ (බැංකු ) රහස්‍ය නොවන එත් බැංකුවකටම ගිහින් තොරතුරු හොයා ගන්න වෙන (ලෝන් වගේ ) දේවල් ගැනත් ටිකක් ලියන්න කියලා.... එ ගැනත් පොඩ්ඩක් ලියන්න කියලා ..... එහෙම ලියනවට කැමැත්තක් ඒ ගැන තොරතුරු  ඕන අයත් ඉන්නවා නම් කියන්නකෝ.....

ජිවිතේ  කියන්නේ සල්ලිම නෙමෙ නම් මොනවද ජීවිතේට වැඩියෙන් වටින්නේ.................ඊලඟ ලිපි වලින්....
ලිපි පෙළක් ලියන මුල්ම වතාව... එකත් බ්ලොග් අවකාශයෙන් ටිකක් ඇත වෙලා ඉදලා  ආයෙත් ලියන්න පටන් අරගෙන....


31 comments:

  1. නියමයි නියමයි...
    ඉක්මනට පටං ගනියි නේද??????

    ReplyDelete
    Replies
    1. ඉක්මනට පටන් ගනීවි කියලා ඇහුවේ ජිවිතේ සතුට සොයන් කියලා කිව ලේබල් එකද?
      වහ කන්න තමා වෙන්නෙ මට .. එක යටතේ ලියපු පලවෙනි එක මේක

      Delete
  2. මොකක් ලියන්නද කියලා හිතාගන්න බෑ. හැබැයි මමත් දේවාගෙ කතාවට 100%ක්ම එකගයි. ජය..!

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය හිතන්නේ සල්ලි තමා ජිවිතේ කියලානේ අයියේ... එකයි අවුල..

      Delete
  3. නියමයි බන් ..ඉක්මනට ඔන්න මම බලන් ඉන්නවා ඈ කොමෙන්ට්ස් නැතත් මම අනිවා ගොඩ වෙනවා හරිද

    ReplyDelete
    Replies
    1. ගොඩ වෙලා යන එක ගොඩාක් වටිනවා පුලුවන්නම් කොමෙන්ට් එකකුත් දාලා යන එකත් ගොඩාක් වටිනවා මට

      Delete
  4. බ්ලොග් වලටත් සුළු වෙලාවක් හරි වෙන් කර ගන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න තමා අයියා හිතාන ඉන්නේ ජය

      Delete
  5. සල්ලි තමයි මුළු ජීවිතේම කියලා හිතන අය නිසා තමයි ලෝකේ මෙච්චර ප්‍රශ්න තියෙන තැනක් වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සමහර අය හැසිරෙන විදිහ දැක්කාහම හිතෙනවා මැරෙනකොට ගෙනියනවද මේවා කියලා

      Delete
  6. වෙනසක් කරන එක හොදයි

    ජය

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම sAm (සෑම්).. බලමුකෝ ඉදිරියට...

      Delete
  7. හ්ම්ම්ම්ම්ම් ජිවිතේ සතුට සොයන්න හැමෝම මහන්සි වෙනවා. දිගටම කියවන්න බලන් ඉන්නවා හොදේ එහෙනම්

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ කසුන් අයියා මේ පැත්තට ආවේ මේ මුල්ම වතාව වෙන්න ඕනා,, සාදරයෙන් පිලි ගන්නවා... දිගටම ඉන්න කියලා ඉල්ලනවා

      Delete
  8. සතියකට 1000ක් දාන මිනිහත් ටික දවසකින් ලක්ෂයක් දාන මිනිහගේ තත්වයටම එනවා.සල්ලි නැති වුනාම ප්‍රශ්න ගොඩයි නය බරයි පීඩාවයි.සල්ලි තියෙද්දී මිනිස්සු විහින් දාගන්න ප්‍රශ්න විතරයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සමහර වෙලවාදී ඇත්ත උනත් දැන් දකින විධිහට පොඩ්ඩක් විතර එක වෙනස් වෙලා වගේ හිට්නාවා..... සල්ලි කියන්නේ කොහොමත් ප්‍රශ්න පත්තරයක්ම තමා....

      Delete
  9. සතුට සැනසීම තියෙන මිනිහට සල්ලි නෑ සල්ලි තියෙන මිනිහට සතුට සැනසීම නෑ.. ඔය දෙකම තියන මිනිහට මොලේ නෑ....

    ReplyDelete
    Replies
    1. සතුට සැනසීම තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් සල්ලි තියන තැන,. ඕනාවට වඩා වැඩියෙනුත් නැති ඕනාවට වඩා අඩුවෙනුත් නැති තැනක තමා.... සමහර අය ඉන්නවා ඒ වුනාට හොදින් මැනේජ් කරගෙන යන අය ජීවිතය සතුට සොයන්

      Delete
  10. නියමෙට ලියල තියනවා

    ReplyDelete
  11. ජීවත් වෙන්න සල්ලි ඕනේ..සල්ලි හම්බකරන්න ජීවත් නොවී..ජීවත් වෙන්න සල්ලි හම්බකරනවානම් ප්‍රශ්නේ ඉවරයි..අද තමයි මුල්ම වතාවට මෙහෙට ආවේ.. දිගටම ලියන්න..ජය!

    ReplyDelete
  12. සතුටක් ජීවිතේ නැත්නම් වැඩක් තියේද ? ලිපි පෙළම කියවලා බල්ල අපිත් එනවා ඕන්

    ReplyDelete
  13. හැමදාම එකම දේ කරලා හරි යන්නෙත් නෑ.. වෙනසක් ඕනමයි !

    ReplyDelete
  14. ඔයාගේ කතාවට මාත් එකඟයි 100%. හොඳ ලිපි පෙලක් බලාපොරොත්තු වෙනවා .

    ReplyDelete
  15. ජීවිතේ කියන්නෙ මුදල්ම නෙමේ උනත් මිනිස් අවශ්‍යතා වැඩි වෙන්න වැඩි වෙන්න මුදල්වල අවශ්‍යතාවයත් වැඩියෙන් දැනෙනවා..
    සතුට කියන දේ මිනිස්සුන්ගේ ජීවිතයට හරියට වටිනවා..සතුට නැත්තම් ජීවිතයක් හරියට මළ ගෙයක් වගේ
    හොද අදහස් ටිකක් :)

    ReplyDelete
  16. ඇතුවත් බැරි,නැතුවත් බැරි සල්ලි.......
    හ්ම්ම්..
    හොඳ ලිපියක් සහෝ!
    ජය!

    ReplyDelete
  17. වෙනසක් එක්ක හොද ලිපි පෙලක් බලාපොරොත්තු වෙනවා දේවා..

    ReplyDelete
  18. අළුත් ලිපි පෙලට සුභ පතනවා දේවා..
    දැන් නම් විවේකයට විරාමය තියන්න කල් හරි වගේ..

    ReplyDelete
  19. සල්ලි සල්ලි සල්ලි ...

    ReplyDelete
  20. අනේ මන්ද... ඒත් සල්ලි ඇතුවත් බෑ නැතුවත් බෑ නේද අද කාලේ හැටියට?
    අනිවාර්යෙන්ම සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි.. ඒත්... මන්ද..
    :)

    ReplyDelete
  21. ඇත්ත ඇත්ත... සල්ලිම නෙවෙයි මිනිස්සුන්ගේ ජීවිතේ කියන්නේ...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....