ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

23 July, 2012

කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්න දේවල්...

 මේක නම් මම කියන දෙයක් නෙමේ ෆේස් බුක් පේජ් එකක තිබුන එකක්.....
ඉතින් මේ කියන්නේ ඇත්තද කියලා කොල්ලෝ කෙල්ලෝ දන්නවා ඇතිනේ..

පොස්ට් නොලියවුනු ටයිම් කඩා ගන්න ඔන්න ලියලා දැම්මා... පොඩි වැඩක් කරගෙන යනවා මේ දවස් වල ඉක්මනට ඒකත් එක්ක මුන ගැහෙමුකෝ......


 1 කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.

2. කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.

3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.

4. කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා.


5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.

6. "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.

7. කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.

8. කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.

9. අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.

10. කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන.

11. කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.

12. මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.

13. කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.

14. කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.

15. තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි

16. කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.

17. කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ.

18. කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.

19. කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වනවා




ඇත්ත නේද ඉතින් මේවා...............



මේ කතාව නම් කෙල්ලෝ ගැන ගොඩාක් දුරට හරි නේද?

ගිහින් ඉක්මනින්ම එන්නම්කෝ

63 comments:

  1. අලේ මල් දල්ලෑ අෆ්ෆා... මූටත් හිතෙන දේවල්... ඇත්ත වගේ විස්තර ටික... එල එල...

    ReplyDelete
    Replies
    1. ප්‍රදිප් අයියාත් ඉතින් මේ වගේනේ නේද?.... අලේ මම දන්නේත් නැ අෆ්ෆ්ෆා

      Delete
  2. මෙවුව ටික ඇත්ත තමයි.ඒත් සමහර ඒවා ගැන පොඩි ? ක් තියනවා.මාරු ඈ...

    ReplyDelete
    Replies
    1. මොනවා ගැනද නුවන් දැන් ප්‍රශ්න

      Delete
  3. මාරු මෙවුව ටික.හැම එකම වගේ ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ආහ් හරි හරි ප්‍රශ්ණ ටික ඉවරයි වගේ,... ජය

      Delete
  4. සිරාම කතාව ගොඩක් ඒවා මටත් ගැලපෙනවා.
    මේ ලයිෆ්බෝයි කැටේ දහයට තිබ්බ ෆොටෝ එක කොයි කාලේ එකක්ද බං?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙමනම් ඉතින් බිරින්දැට කියලා දුන්නා නම් හොදායි... අහ්හ් ඇයි අර පොඩි ලයිෆ්බොයි එකක් තියෙන්නේ රු 10 ට

      Delete
    2. බිරින්දැට? :/
      යකෝ මම තාම චූටි එකා උඹ මඟුලක් කතා කරනවා

      Delete
    3. චුටි එකා උනේ මිට ටික කාලයකට කලින් එහෙම නෙමේ නේද ?

      Delete
  5. Replies
    1. හ්ම්ම් දැන් ඉතින් පෙරලපන්කෝ මම ඩික්සනරි.....................

      Delete
    2. ඔය කියන්නෙ "තවටිකක් ඉවසපන් මලේ" කියලා.. හොඳට කියවපන්..

      Delete
    3. // Your comment will be visible after approval. //

      i hate this..

      Delete
    4. සෙන්නා : තැන්කු තැන්කු අයියා එහෙමද මේ තියෙන්නේ අපරාදේ මම පොත් පෙරලගෙන දැගලුවේ

      ප/ලි : මමත් ඕකට නම් හේට් කරනවා තමයි.. බට් ඉතින් පොඩි අවුලක් තියනවානේ දන්න කියන ඇනෝ ලගෙන්

      Delete
    5. මගේ තියරි එකනම් අසභ්‍ය වචන හෝ මගේ බ්ලොග් එක කියවන්ඩ එන වෙන කෙනෙකුට අපහාස කළොත් හෝ කඩුව පාවිච්චි කිරීමයි..ඒ ඇරෙන්ඩ ඕන දෙයක් කියන්ඩ පුලුවන්..

      මට නම් අද වෙනකම් ඇනෝලා පාට් දාලා නෑ..

      Delete
  6. ශෙහ් මරු අදහස් ටික..!

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ ගැනනේ මල්ලි.... හැමෝම කෙල්ලෝ ගැනම ලියන එකේ කොල්ලෝ ගැනත් ලියන්නම ඕනනේ

      Delete
  7. දේවා ඔයා කියපු ගොඩක් දේවල් ඇත්ත ඒත් වෙනස් දේවලුත් තියනවා. සමහර විට කොල්ලෝ කෙල්ලන්ට වඩා සංවේදි වෙන අවස්ථා තියනවා... තවත් 9 වැරදි අවුරැදු ගාණක් ලව් කරලා දාලා යන කොල්ලෝ ඕන තරම් ඉන්නවා.. ඇයි අවුරැදු ගණන් ලව් කරලා බැදලා වෙන අය ගාවට යන කොල්ලෝ...

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ සමහර විට කෙල්ලන්ට වඩා සංවේදි වෙන තැන් තියනවා කියන එක අනිවා මම පිලිගන්නවා ඩොටි...

      ඒත් ඉතින් ගොඩාක් තැන් වල ඒක වෙනවා අඩුයි.. සමහර අයට නම් අවුරුදු ගාන වැඩක් නැ තමයි බට් ඉතින් ගොඩාක් වෙන්නේ නම් ඔය දේ තමයි නේද?

      Delete
    2. 9 නම් හැමවෙලේම හරි නැ යාලු....ඩොටි කිව්වා හරි....

      Delete
  8. ඒ හින්දනේ දේවා කොල්ලෝයි කෙල්ලොයි අතර තියෙන වෙනස......

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් කොල්ලන්ගේ මේ දේවල් ගැන කෙල්ලෝ හිතනවා අඩුයි..... නෝමලි හිතුවොත් ඔය ඉමේජ් එකේ තියන දේ ගොඩාක් තැන් වල වෙනවා නේද ඩොටි

      Delete
  9. දැන් මේවා ඔක්කොම ඇත්තද??

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ඒවා නම් ඇත්ත.... මම හිතනවා ගොඩක් දුරට හරි කියලා...

      Delete
  10. අර 9වෙනි කරුණ නම් සිරාවටම ඇත්ත කියලා දන්නවා. අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අයියාට ශුවර්නේ නේද උඩ ඩොටි එක වෙන්න අමාරුයි කියලා කියලා තිබුනනේ.. සෝ සමහර අය නම් ඇති එහෙම නේද?

      Delete
  11. වයි දිස් කොලවරි කොලවරි ඩි ???

    ReplyDelete
    Replies
    1. මේ මොකද? අර ඩ්‍රාමා එකක නම් කියන විදිහට කොලවරියක් කියන්නේ මරනයක් කියන එකලුනේ...

      Delete
  12. "3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි."

    මේ ගැන මුකුත් නොකියමි...

    ReplyDelete
    Replies
    1. ඔන්න දිනේෂ් අයියා අපි මුකුත් කියන්න කලින්ම හේතු අහලා තියනවා දැන් ඉතින් උත්තර දෙන්නම වෙයි

      Delete
    2. ආහ්... සිහින මදාරා කොහොම හරි අහ ගන්නකෝ එහෙමනම්..... ඔය ප්‍රොෆයිල් එකෙන් මේ පැත්තේ ආවමද කොහෙද නේද?

      Delete
    3. කියලා වැඩක් නෑ දේවා.. දැන් ඉතින් කොමෙන්ටු දාන්න ඕන පරිස්සමෙන්.. :)

      Delete
  13. හි හි..ඇත්තටම ඇත්තද සහෝ මේවා..මම නම් දන්නේ නැතෝ.......................... :)

    ReplyDelete
    Replies
    1. හිරු හිමාවි..... ඇයි ඇයි අර අරයා එහෙම නැද්ද? අර අරයා.... පොඩ්ඩක් බලන්නකෝ හිතලා

      Delete
  14. බොහොම වටිනා ලිපියක්.:)

    කොල්ලන් ගැන මෙහෙම හරි දැනගන්න එක හරියට වටිනවා. අනෙක කොල්ලෙක්ගෙනම.

    //තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි//
    දැන් දේවකට කරන්ට තියෙන්නේ ඔයාගේ අම්මගේ හැඩ රුව ගැනත් පොඩ්ඩක් විස්තර කරලා දෙන්ට. :D

    ReplyDelete
    Replies
    1. මුලින්ම තැන්ක්ස්...... හොදේ පොඩ්ඩියේ..

      ආහ් තව ඉස්සරහට හොද හොද ඒවා...

      හ්ම්ම් ඒකත් ඉතින් කරන්න වෙනවා නේද? ඒක එහෙමනම් ඉක්මනට දවසක කියන්නම්කෝ.....

      Delete
  15. සහතික ඇත්ත.. මේවා ඔක්කොම එක්කාසු කරපු එක නම් සුපිරි.. :)

    ReplyDelete
    Replies
    1. අම්මෝ දැකපු කල්.. මම හිතන්නේ අර එදායින් පස්සේ දැක්කාමයිද කොහෙද?
      හිකිස්/

      තැන්ක්ස් හොදේ

      Delete
  16. මේවායින් කීයක් වගේ ඇත්තද?? අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. ආහ්හ් අක්කෝ මේවා ඔක්කෝම ඇත්ත මම හිතන්නේ......

      Delete
  17. ඔය ෆේස් බුකියේම කොහේ හරි තිබුනා කොල්ලෝ කියන්නේ රූස්ස ගස් වගේ කෙල්ලෝ තුත්තිරි ගස් වගේ කියලා. මහා සුළගක් ආවොත් රූස්ස ගහ පෙරලේනවලු. මොන සුළගක් ආවත් තුත්තිරි ගස් පෙරලෙන්නේ නැතිලු.

    ReplyDelete
    Replies
    1. සමහර කෙල්ලෝ නම් ඉන්නවා තමයි ඔහොම සමහර කොල්ලෝත් ඉන්නවා.. උණ ගහක් වගේ උනා නම් ඇත්තටම හොදයි එහෙම බලනකොට බට් ඉතින් හැම වෙලේම එහෙම ඉන්න එකත් වැඩක් නැහැනේ

      Delete
    2. සුවර් එකටම කෙල්ලෙක් තමා කියන්න ඇත්තේ ..
      මොන බොරුද..!

      Delete
  18. ඇත්තද සහෝ මේවා.. වටිනවා.. වටිනවා...

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඉතින් ඔන්න මතක තියාගන්නකෝ.... දවසක අනිවාර්යෙන්ම ඕන වෙයි නේද?

      Delete
  19. මේවගෙන් සෑහෙන ගානක් අවතාර්ටත් පොදුයි
    අර අවසානෙට දාලා තියෙන පින්තූරේ නම් 500%ක් ඇත්ත

    ReplyDelete
    Replies
    1. සමහර කෙල්ලෝ නම් ඉන්නවා ඉතින් ඔය පින්තුරේ තරම්ම නොවෙන අයත්.. බට් ඉතින් ඔය ගොඩාක් දේවල් කොල්ලන්ට නම් පොදුයි ගොඩාක්

      Delete
  20. මේක මන් බුකිදීද කොහෙද දැක්ක කලින් සමහර ඒවා එහෙම නැනේ...:(
    කොහොමත් සුළුතරයක් ඉන්නවනේ වෙනස් බහුතරය මෙහෙම වෙන්න ඇති නේ..? එහෙමවත් මන් හිතා ගන්නම් යාලු....:)

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු එහෙම හිතාගන්න එක තමයි මම හිතන්නේත් හොදම... ඒක (#$%^#$%%) එහෙම උනාට හැමෝම එහෙම නැහැනේ...

      Delete
  21. ශ..
    ඇත්ත නේන්නම්..!

    ReplyDelete
  22. ආහ්.. මෙන්න වටින අදහස් ටිකක් එකඟයි. සම්පුර්ණ ඇත්ත

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අයියා වගේ පරිණත අයෙක් මේ කතාව පිලිගත්ත එක ගැන සතු‍ටුයි

      Delete
  23. අම්මෝ අපි මුකුත් කියන්නෙ නැහැ !

    ReplyDelete
  24. මන් හිතන්නේ සාපේක්ෂයි . 100 % ක් හරිම කියන්න අමාරුයි. සමහර ඒවා ඇත්ත . රුපියල් 10 ලයිෆ් බෝයි විතරක් ගැන කොල්ලෝ හිඟයි . ඇයි අනේ රැවුල කපන ශේවින් ක්‍රීම් ආෆ්ටර් ෂේව් ..කෝ එව්වා . කොල්ලෝ අපි හිතනවට වඩා සංවේදියි කියන එකනම් ඇත්ත .

    ReplyDelete
  25. මචන් 15 සහ 17 ගැන මට නම් එකග වෙන්න බෑ... අම්මගෙ වගේම ගතිගුණ තියෙන කෙල්ලෙක්වම කොල්ලො බදිනවා නම් දෙන්න අතරෙ වලි යන්න විදියක් නෑනෙ...

    සමහර වෙලාවල්වලට කොල්ලො කෙල්ලන්ටත් වඩා සංවේදී... කෙල්ලො අපි හිතන තරම් සංවේදී නම් බඩට බත් නැතුව පණ වගේ ආදරය කරන කොල්ලව දාලා... කාර් එකක යන එන පොෂ් කොල්ලෙක් එක්ක සෙට් වෙයිද ?

    ReplyDelete
  26. දැන් ඉතින් උඹ ගැන බොගේ නගා දැනගන්නව නේව උබත් කොරගන්න වැඩ

    ReplyDelete
  27. හෙන කාලෙකින් නේ මේ පැත්තේ ආවේ!! සහතික ඇත්ත දේවා අයියේ!!

    ජය වේවා!!

    ReplyDelete
  28. "කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ " කියන දේට නම් ‍එකග වෙන්න බැහැ.

    ReplyDelete
  29. කෙල්ලෝ කැමති අකමැති දේවල් දාලා තියෙන පෝස්ට් වලට මං ඕනතරම් ගිහිල්ලා ඇති. ඒත් කොල්ලො ගැන තියෙන පෝස්ට් එකක් දැක්කෙත් අද. නියමයි

    ReplyDelete
  30. දේවා සමහර දේවල් නම් ඇත්ත වගෙ දැනෙනවා.සමහර ඒවනම් අත්ත මටත් ගැලපෙනවා.සමහර ඒවා නම් ටිකක් අමරුයි.සමහර ඒවනම් අත්ත මටත් ගැලපෙනවා.සමහර ඒවා නම් ටිකක් අමරුයි.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....