හිනයක පෑතුමක් විලස
අවුත් මගේ සිත් අද්දරට
යදින සෙනෙහස් මල් දම්
පුද දෙන්නේ කෙලෙසකද මා
කෙලි කවට වදන්
හෑඩකාර කොල කම්
මතින් බිහිවුනු
අපේ ඒ සොදුරු මිතු දම
අවුත් මගේ සිත් අද්දරට
යදින සෙනෙහස් මල් දම්
පුද දෙන්නේ කෙලෙසකද මා
කෙලි කවට වදන්
හෑඩකාර කොල කම්
මතින් බිහිවුනු
අපේ ඒ සොදුරු මිතු දම
හිත් සනහාලු සොයුරු පෙම
වදන් ගෙන ආ සිනා මල්
කෙලෙස ඔබ දුටුවාද
පෙම්වත් නෙත් කෑල්මෙන්
වදන් ගෙන ආ සිනා මල්
කෙලෙස ඔබ දුටුවාද
පෙම්වත් නෙත් කෑල්මෙන්
මන් තෙපලු වදන්
සොයුරු නෙත් කෑල්මන්
ඔබේ සිත් බෑදුනේ නම්
අනේ මට සමා වුව මෑනව
සොයුරු නෙත් කෑල්මන්
ඔබේ සිත් බෑදුනේ නම්
අනේ මට සමා වුව මෑනව
කිසිදිනක කිසිවිටක`
නොපෑතුවෙමි මා ඔබෙන්
පෙම් වදන් කොලයන්
පෙම්වතෙක් විලස
හෑම දිනක මා
ඔබ දුටුවේ
මා සිතුවේ
සොහොයුරියක් විලසමය
නොපෑතුවෙමි මා ඔබෙන්
පෙම් වදන් කොලයන්
පෙම්වතෙක් විලස
හෑම දිනක මා
ඔබ දුටුවේ
මා සිතුවේ
සොහොයුරියක් විලසමය
ප.ලි : සිරාවටම සිතුවිල්ලක් විතරමයි.... ඒ වගේම මට ඉතින් මේවා ලියන්න බෑ කියලා දන්නව කමක් නෑ අඩු පාඩු කියලා යන්නකෝ
ලස්සනයි අඩුපාඩුවක් නම් දැක්කේ නෑ
ReplyDeleteඑහෙම හිතන එකම එක කෙනෙක්වත් ඉන්න එක ගෑන සතුටුයි
Deleteලස්සනයි පොස්ටුව!
ReplyDelete'සිරාවටම සිතුවිල්ලක් විතරමයි..' නම් හොඳයි සහෝ..හි හී..
සිතුවිල්ලක් විතරමනම් හොදායි ............ ඈයි දන්නේ නෑ එහෙම කිවේ....
Deleteස්තුතියි සහොදරි
පියෙක් මෙන් හැම විටෙක
ReplyDeleteමෙමා ගැන විමසද්දි
මගේ සිත කිව්වා මට
නුඹ හුගක් වටින බව
සොයුරියක් විලසින්
බැරිය හැමදා ඉන්න
ආවොතින් කුමාරයෙක්
යන්න වෙයි එවිට මට
කුමාරයෙක් අවුදින්
Deleteරෑගෙන ගියොත් මතුදිනක
සොහොයුරෙක් විලෙස
රෑදෙනවා හෑම මොහොත
හිතේ දුකක් නෑද්ද
පවසන්න මේ විලස
අහනවා ඔබ මගෙන්
දන්නවා මම ඈත්ත
හැමට වැඩියෙන් මගේ
Deleteසතුට ගැන සිතන ඔබ
මෙලෙස කිව්වේ ඇයි ද?
අහන්නෑ ඔන්න මම
රන් මාල රන් තොඩු
නැතත් අරගෙන යන්න
සිටින මේ සොයුරාව
වටී හැමටත් වැඩිය
රන් මාල රන් තොඩු
Deleteතාවකාලිකය ජිවිතයට
නමුදු මේ කල්පයේ
නුබ හිදිවි තුටින් ගෙවෙන හෑම මොහොතෙම
වාරුවක් වන්නට ඈවසි විට
හිදිනවා ඔබ ලගම
සොහොයුරෙක් මෙන් ඉන් ඔබ්බටත්
නිරතුරුව සවියක් විලස
මොන අඩුපාඩුද බොලවු. මේ ලියලා තියෙන්නේ ලෙසටම !!!!
ReplyDeleteඅම්බෝ මේ බ්ලොග් සතියක් නිසා කට්ටිය හිටු කියලා පෝස්ට් දානවා. හික්ස් :)
පිස්ස්සු හෑදෙයි.. මට කොහෙද අයියා එහෙම පුලුවන්.. හිත හදන්න ඔඅනේ නෑ අයියා මම දන්නවා අවුල් කියලා
ReplyDeleteබස් රේඩියොඅ වෑඩක්නේ අපිට පුලුවන් මෙහෙම කරන්න විතරනේ..
වරදක් නම් නෑ...සාමාන්‍ය සිද්ධියකින් නොපිට වගේ පේනවා නේ
ReplyDeleteසාමන්‍ය් සිද්දියකින් නොපිට...ආ හ් හරිනේ සිතුවිල්ලක් විතරමයිනෙ. ස්තුතියි
Deleteමොනවද බොලව් මේ වෙන්න යන්නෙ?
ReplyDeleteකවියත් හොඳයි. ඩිස්ක්ලේමර් එක ඊටත් හොඳයි... ඒ වුනාට...
ඒ වුනාට කියලා නැවැත්තුවෙ?
ප්‍රතිචාර බලද්දි හිතුනා ඩිස්ක්ලේමර් එකට දැනටම කෙලවෙලාද කියලා.
මේ කාලෙ බ්ලොග්ලන්තෙට සිකුරා ලබලා තියෙන්නෙ.. හැක් හැක්
henryblogwalker the Dude
100%ක් ශුවර් අයියා එහෙම මුකුත්ම වෙලා නැ කියලා නම්. බස් බ්ලොග් සතිය නිසා පොස්ට් දාන්න තොයන නිසා මටත් හිතෙන දෙවල්... සිරියලි කාටවත්ම මෙක අදාල නැ අයියා
Deleteමමනම් දැක්ක අඩුපාඩුව //සිරාවටම සිතුවිල්ලක් විතරමයි// කියලා දාලා තිබුන එක
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
බලපු තව කෙනෙකුත් කිවා . එත් ඉතින් හිතුව්ල්ලක් විතරයිනෙ
Deleteමට මස්සිනා වෙන්න වැඩේ සෙට් කරල දෙන්න බැරිද ?
ReplyDeleteඑතකොට පොඩ්ඩො අර නංගිට පව්නෙ
Deleteමොකද්ද කියන්නෙ.
ReplyDeleteඅනෙ මන්දා මොනව කියනද කියලා
Deleteසිතුවිල්ලක් පමනක් නම් ලස්සන සිතුවිල්ලක්!!!
ReplyDeleteවෙලාවට එහෙමනම් සිතුවිල්ලක් විතරක් උනෙ නැත්නම් කැතයිනෙ
Deleteමේ තියෙන්නෙ මල්ලි ලස්සනට ලියලා.කවුද ඔයාට කවි ලියන්න බෑ කිව්වෙ.??
ReplyDeleteඑක නම් හිතුනෙ මටයි අක්කො
Deleteහිටහං මං නගාට කියඥාං ඒ..නංගීයේ මෙන්න මූ.........!@#$$% මොනා උනත් නිර්මාණේ පට්ට ඈ
ReplyDeleteඔන්න රාජ් සහෝ කෙස්සි පිලින්න හදනෝ..... අපි දුවනවා හොදේ.... ඈයි බන් දෑක්කේ නෑද්ද සිතුවිල්ලක් විතරමයි කියලා දාලා තියනවා...
Deleteහිකිස්
සිතුවිල්ලක් විතරයිලු නේද...;)
ReplyDeleteලස්සන නිසදැස අයියේ..
තෑන්කු තරුවා... මෙහෙම ඒවා ලස්සනයි කියලා කිව්වට
Deleteසොයුරියක සේ යෙහෙලිකසේ
ReplyDeleteඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නනද
පෙම් කදුලු දෑසින්
අනේ ඔන්න මම නම් නෑ ඕවට... ඉතින් ඒ නිසා වග උත්තර බදින්න බෑරිය මට
Deleteමොනවා උනත් සිතුවිල්ලක් විතරනේ
කවි සිතිවිලිවල දැනුම අඩුයි..! ඒත් අසාවෙන් හියෙව්වා...
ReplyDeleteමේ ටික ගැන බලන්න..//හෑඩකාර කොල කම්//
කොල්ලා ගෑන නේ කියන්නේ ඔය ඉතින් ඒ කොල්ලාගේ හෑඩනේ.. මවා ගත්තු
Deleteසුපිරියට ලියලා තියෙනවා සහෝ
ReplyDeleteඅඩුපාඩුවක්නම් පේන්නේ නැ මල්ලි. දිගටම ලියනකොට තවත් ලස්සනට ලියන්න පුළුවන් වෙයි .
ReplyDeleteගොඩා............. ක් ලස්ස්නයි දේවා. කිසිම අඩුවක් මටනම් පේන්න නැ.. ඇත්තමයි.
ReplyDeleteදිගටම ලියන්න