ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

08 July, 2012

ලංකාවේ ඉගැනුම් පරිසරය හා විභාග ක්‍රමය

එක්සැම් එහෙමත් නැත්නම් විභාගේ.. (අපේ නම් අභාගේ)

දැන් මම මේ අර ඒ/ලෙවල් ගැන නම් නෙමේ ලියන්න යන්නේ.. ඒකට යවපු ලියුමට තාම රිප්ලයි ආවේත් නැහැනේ... අයියෝ මුද්දර ගාස්තු

මම නම් මුලින්ම විභාහගයක් ලිවේ පහ වසරේදිනේ.. ඒක අම්මලාගේ විභාහගයලු..

ඊට පස්සේ ඕලෙවල්- ඒක ගුරුවරුන්ගේලු..

ඊටත් පස්සේ ඉතින් එන ඒලෙවල් - ඒක නම් ඉතින් විභාහගේ ලියන අයගේලු..

ඇත්තටම ලංකාවේ තියෙන්නේ සාර්ථක විභාග ක්‍රමයක්ද?

මම නම් හිතන්නේ කොහොත්ම සාධාරන විභාග ක්‍රමයක් ලංකාවේ නම් නැ..

ලංකාවට විතරක් නෙමේ මේක හැම තැනටම අදාල ඇති...

උදාහරනය විදිහට ඉංග්‍රිසි කියන විෂය ගමුකෝ..

ලංකාවේ ප්‍රධාන නගර වල ප්‍රධාන පාසල් වල වගේ ගොඩාක් හොද ඉංග්‍රිසි ගුරුවරු උන්නත් පහසුකම් අඩු ගම්බද පාසල් වල ඇත්තටම ඉංග්‍රිසි ගුරුවරු ගොඩාක් අඩුයි. උන්නත් ඒ  අය වැඩි කාලයක් ඒ පාසල් වල ‍රැදෙන්නේ නැ..

ඇත්තටම මම මුලින් ඉගන ගත්ත පාසලේත් ඇත්තටම හොදට ඉංග්‍රිසි උගන්වන්න කෙනෙක් උන්නේ නැ,.. සමහර මාස වලම ඉංග්‍රිසි පිරියඩ් එක නිකම් ගෙවන්න තමයි වෙන්නේ ගුරුවරු නැතුව,

ඒත් අපිට උත්තර ලියන්න වෙන්නේ කඩ්ඩ පොලිශ් ගුරුවරු ඉන්න හොදට ඉගන ගන්න පහසුකම් තියන හොද පහසුකම් වලින් ඉගනගත්තු ඒ ලමයි ලියන විභාගම තමයි..

ඉතින් ඒක සාධාරනද?

කවදාවත් ‍රැකියාවකදි ඔයා ඉගන ගෙන තියෙන්නේ මේ වගේ දුෂ්කර පාසලක ඉගනගෙන මෙහෙම ප්‍රතිපල අරගෙන තියෙන්නේ කියලා කියනවාද?

කවදාවත් එහෙම සැලකිමක් නොකර ප්‍රතිපල සහතිකය සංසන්දනය කරන එක තමයි හැමතැනම දකින්න ලැබෙන්නේ,

උදාහරනය විදිහට ඉංග්‍රිසි ගත්තත් අනිත් විශයන් එක්ක බලනකොටත් ඒ දේම වෙනවා..
හැමෝටම එක විදිහේ ඉගැන්නුම් පරිසරයක් ලබලා දෙන්නේ නැතුව ඇයි එකම මිනුම් ක්‍රමයක් (එකම ප්‍රශ්න පත්‍රයක් ) මගින් හැමෝගෙම අනාගතේ තිරනය කරන්නේ..

පලාතෙන් පලාතට නගරයෙන් නගරයට, පාසලෙන් පාසලට තියන විභාග සදහා වෙනම ප්‍රශ්න පත්‍ර හදලා වෙන වෙනම විභාග තියන එක කොහොමවත් කරන්න පුලුවන් වැඩක් නොවන නිසා මම හිතන විදිහට කරන්න පුලුවන් හොදම දේ එකම ගුරුවරයෙක් යටතේ ඉගනුම් පරිසරයක් බිහි කරන එක.

ඒකට හොදම විසදුම මම දකින ව්දිහට නම් ඊ -ලනින්... එහෙමත් නැතනම් අන්තර්ජාලය භාවිතා කරමින් එකම ගුරුවරයෙක් යටතේ ඉගන ගැනිමට සැලස්ව්ම

ඒ කියන්නේ හැම පන්තිකාමරයකටම අන්තර්ජාල පහසුකම් ලබලා දිලා කාල පරිච්චේද වලට වෙන් කරලා අන්තර්ජාලය හරහා එක ගුරුවරයෙක් යටතේ පාඩම් වැඩ කටයුතු වලට පහසුකම් සලසා දිමයි...

පන්තිකාමරය තුල සිසුන්ට පැන නගින ප්‍රශ්න ඒ අන්තර්ජාල ගුරුවරයාට යොමු කරන ගමන්ම පන්තිකාමරය තුල සිටින ගුරුවරයාටද විසදුම් ලබාදිමට හැකි නිසා හැමෝටම එක දැනුමක් ලැබෙන නිසා මම හිතනවා ඒ ක්‍රමය ගොඩාක් දුරට ගැලපෙනවා කියලා

අඩුපාඩු නොමැති ක්‍රමයක් ගැන හිතනවාට වඩා ක්‍රමයක් ක්‍රියාත්මක කරලා ඒ අඩුපාඩු වලට විසදුම් හොයන එකත් සාර්ථකයිනේ..

ජය වේවා..  - මහන්සි වෙලා එක්සැම් කරනවා... සමහර අයට ඒ පේපර් කලින්ම ලැබිලා.. සමහර අය එහෙම පාඩමක් තියනවද කියලා දන්නේත් නැ. හැමෝටම එකම ඉගැනුම් පරිසරයක් තුල ඉගන ගන්න බැරිද කියලා හිතුන නිසා නිකමට හිතුන දෙයක්. දවසක ප්‍රායෝගිකව වෙන්නත් පුලුවන් දෙයක්

ඇත්තටම මේ ක්‍රමය නිසා ජනප්‍රිය පාසල් හොයාගෙන යාමේ ‍රැල්ල නවතිනවා වගේම බොහෝ වියදම් පාලනය කරගන්නත් පුලුවන් වේවි..

@ඇනෝ : එක පාර දැනගත්තත් ඉතින් ඒ තරම් අවුලක් නැ. කැමත්තක්. කොහෙද WC ද?



39 comments:

  1. ඒක නම් ඇත්ත. ගිය අවුරුද්දේ ඒ ලෙවල් කරලා විඳින වද මතක් වෙද්දි .... කියලා වැඩක් නෑ.... :@

    ReplyDelete
    Replies
    1. ඒ ලෙවල් ගැටලුව ඉතින් ඉක්මනටම විසදේවි නේද? දැන් ඒක ගොඩාක් දුර ගියානේ...

      Delete
    2. ow ගැටලුව ඉක්මනටම විසදේවි.......

      Delete
    3. එහෙම වෙනවානම් හොදයි ඉක්මනටම

      Delete
  2. ලංකාව ඇතුලේත් ඔය කියන විදියට හැම පාසලේම නැතත් ඊ ලර්නින් යම් මට්ටමකින් කරන්න පුළුවන් වාතාවරණයක් දැනටත් තියෙනවා. මම නම් ඉස්කෝලෙන් එලියට බහින කොට පරිගණකයක් නිකම් ආසාවට අතගාලා තිබුනා විතරයි. ඒත් අද දුෂ්කරම පලාතක ඇරෙන්න ගොඩාක් පාසල් වල එක පරිගණකයක් වත් තියෙනවා.

    ඒත් කාටමහරි ලොකු තැනක ඉන්න කෙනෙකුට මේ සංකල්පය ප්‍රායෝගිකව පාසල්වල කරන්න හිතුනොත් මේ යන විදියට සිද්ද වෙන්නේ ඒකෙනුත් කොමිස් පාරක් එන විදියට මොකක් හරි වැඩක් කරලා තමන්ට ගානක් හොයා ගන්න එක. දැනුත් ඔය අද්‍යාපන අමාත්‍යංශයේ නම විකුනලා ... පාඨශාලා කියලා එකක් විකුනන්නේ. එහෙම නොවී මේ දේ සිද්ද වෙනවා නම් ගොඩාක් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මමත් හිතනවා කරගන්න අමාරු වෙන එකක් නැ.. නෝමලි ඉ ලර්නින් වලට පන්ති කාමරයක සිසුන් 25 කියලා ලිමිට් ඕනේ නැති නිසා වියදම් අවම වන නිසා හැම පාසලකටම පහසුකම් දෙන්න පුලුවන් වේවි... දැන් තියන විදිහටම...

      හැබැයි හැමදේටම දේශපාලනේ ගැවෙනවා වගේ උනොත් නම් ටිකක් අමාරු වැඩක් වේවි

      Delete
  3. මට හිතෙන විදිහට ලංකාවේ විභාග ක්‍රමයේ අවුලක් නෑ. කොටින්ම ලන්ඩන් ඒ ලෙවල් එක්ක සංසන්දනය කරනකොට අපේ විභාග මට්ටම සෑහෙන්ඩ ඉහලින් තියන්ඩ පුලුවන්. ලන්සන් ඒ ලෙවල් වල අහන සොච්චම් ප්‍රශ්න වලට අපේ ලංකාවේ කට්ටියට ඉතාමත් පහසුවෙන් උත්තර ලියන්ඩ පුලුවන් !!!

    එහෙනම් ප්‍රශ්නේ කොතනද ?

    ප්‍රශ්නේ තියෙන්නේ සම්පත් බේදී යාමේ විශමතාවය මත. නගර වල තියෙන ප්‍රධාන පහසුකම් වලින් ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් විතරයි ග්‍රාමීය දරුවෝ ලබන්නේ. නගරයේ දරුවෙක් ස්විමින් පූල් එකක් ඉල්ලලා කෑ ගහනකොට ගම්බද දරුවෙක් ඉල්ලන්නේ තමන්ට අහවල් විශය උගන්වන ගුරුවරයෙක් වෙන්ඩ පුලුවන් එහෙමත් නැත්නම් තමන්ට හරියාකාරව පෙලපොත් ටික වෙලාවට දෙන්ඩ කියලා වෙන්න පුලුවන් !!!

    මේ දේවල් ටික සම්පූර්ණ කරලා දුන්නොත් නගරයේ දරුවෝ එක්ක කරට කර සටන් කරන්න ගම්බද දරුවන්ට පුලුවන් !!

    පොඩ්ඩක් හොයලා බැලුවොත් ලංකාවේ පලවෙනි දෙවෙනි තැන් වල ඉන්නේ ගම්බද ඉස්කෝලෙක ඉගෙන ගත්ත දරුවෙක් !! හැකියාවන් තිබ්බට ඒ අයට ඉගෙන ගන්න සම්පත් නෑ.

    මම නම් කියන්නේ ග්‍රාමීය පාසල්වල ළමයින්ට ඉගෙන ගන්න අවම පහසුකම් ටිකවත් දෙනවනම් හොදයි කියලා.

    අපි කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ මල්ලි මේවා පාලකයෝ කියනෑකාලට ඇහෙන්නේ නෑ. උන්ට මඩිය තර වෙන මොනාහරි ව්‍යාපෘතියක් තියෙනවා නම් ඒකට උදවු කරනවා මිසක් මේ දේවල් හොයලා බලලා කටයුතු කරන්න එවුන්ට ඕන කමක් නෑ. !!!!

    හිතෙන දේවල් ටික අමුවෙන්ම කොටලා දැම්මා. සහ්‍රි වැරැද්ද සාකච්ඡා කරලා විසදගමු !!

    ReplyDelete
    Replies
    1. අයියාගේ කමෙන්ට් එක ස්පැම් වෙලානේ... ඔන්න ආයේ ගොඩට ගත්තා..... ඇත්ත අයියේ අයියා කියන කතාවෙත් ඇත්තක් තියනවා.. සමහර පේපර් දිහා බලනකොට ඔය කතාව ඇත්ත කියලා හිතෙනවා සමහර ඒවා ගොඩාක් ලේසි කියලා දැනෙනකොට..

      ඒත් අයියා එක ඉංගිසි අකුරක් ගෙවුනු 11 අවුරුද්දටම ඉගන ගන්න නැතිව එහෙම පේපර් වලටත් ලකුනු 0 ගන්න ලමයි ගොඩාක් අපෙ රටේ ඉන්නවා අයියේ... හැමෝටම එක විදිහට සලකන කම් මේ වෙනසට පිලියම් නැ අයියේ මම දකින විදිහට

      Delete
    2. ඒක හරි මල්ලි !
      මුලින්ම කෙරෙන්න ඕන අදාල විෂයයන් උගන්වන ගුරුවරු ලබා දෙන එක. ඊට පස්සේ ඉගැන්වුම් ආධාරක ටික ලබා දෙන්න ඕන (හුනුකූරේ ඉදන් පෙල පොත් ටික වෙනකන්)
      පාසලට අවශ්‍ය ඩෙක්ස් පුටු වගේ බාහිර සම්පත් ටිකත් ලබා දෙන්ඩ ඕන !
      ඔය වගේ දේවල් හරි ගස්සලා දුන්නම නගරයේ ඉන්න ළමයි ටිකත් එක්ක සටන් කරන්න ගමේ අයට පුලුවන් !!!

      ගම් වල ඉන්නේ නගරයේ ඉන්නවා වගේ පියරු බබ්බු නෙමේ ! කට්ට කාලා හැදිච්ච දරුවෝ ටිකක් !
      කොටින්ම අපේ සීයා කියනවා ඇහලා තියෙනවා ඒ දවස්වල යාපනේ ළමයි මිරිස් වගා කරන ගමන් විභාග වලට පාඩම් කරනවා කියලා. ඒ වගේ කපවීම් කරන්ඩ පුලුවන් කට්ටියක් තමා ගම්වල ඉන්නේ !!!

      මුලින්ම ඉගෙන ගන්න අවශ්‍ය මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරලා දෙන එක නම් අනිවාර්යයයි !!! ඊට පස්සේ තමා අර විදිහේ ක්‍රියාමාර්ග වලට යන්ඩ ඕන !!

      මේ කමෙන්ට් කරන මාත් ඉංග්‍රීසි ඉගෙන ගත්ත එකෙක් නෙමේ මලේ. සාමාන්‍ය පෙළට විතරයි යන්තන් C එකක් තියෙන්නේ. උසස් පෙළ ඉංග්‍රීසි වලට එහෙම් පිටින්ම කණුවක් තියෙන්නේ !!! :)

      Delete
    3. වෙලාවට අයියේ අයියාට ඕලෙවල් වලට ක්‍රෙඩිට් පාස් එකක් තියෙන්නේ.. ගොඩාක් තැන්වල ඒලෙවල් ඉංග්‍රිසි ගැන ඇහුවේ නැතිවට ඕලෙවල් ඉංග්‍රිසි ගැන නම් අහනවා..

      පහසුකම් සපයන්න පුලුවන්නම් ගුරුවරු ටික ලමයින් ගැන හිතන විදිහට වෙනස් කරන්න (ගොඩාක් හොද ගුරුවරුත් ඉන්නවා) පුලුවන් වෙනවා නම් ඇත්තටම මීටත් වඩා අපේ ලංකාව ලස්සන වේවි අය්යා

      Delete
  4. ඉංග්‍රීසි කිව්වම මතක් උනේ 8 වසරෙ මුලදි අපේ මිස් ට්‍රාන්සර් ගියා. ඊට පස්සෙ ඒ අවුරුද්දටම ඉංග්‍රීසි නෑ. :)
    ඉ-ලර්නින් හොඳ ක්‍රමයක්. ඕක කරන්න ගියාමත් ආයෙ එන්නෙ මුලට. ගමේ ඉස්කෝල වලට පරිගණක නෑ කියයි.

    ReplyDelete
    Replies
    1. හැමදේටම ඔහොම කතා නම් කියන්න පුලුවන් අයියා... ඒත් අද ගම් වල පාසල් වලත් කොම්පියුටර් තියනවා... සමහර පාසල් වල ඒවාගෙන් වැඩ කරන්න දන්න ගුරුවරු නැ.. එහෙම නිකරුනේ මුදල් නාස්තිය මෙහෙම වැඩකට යොදවනවානම් ඇත්තටම වටිනවා..

      අපිටත් ඔහොම කාලයක් තිබුනන්නේ..

      Delete
  5. කතාව ඇත්ත,ක්‍රමෙත් හොඳයි
    හැබැයි ක්‍රියාවට නගන්න හොඳ අනුග්‍රහයක් ලැබෙන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම රජය මේ සදහා මැදිහත් වෙන්නම ඕනා. මේ ක්‍රමය පුද්ගලික අංශ වලට බාර දෙනවට වඩා රජයම එකතු වෙලා කරන එක තමා හොදම

      Delete
  6. හෆ්ෆා.. කොච්චර කතා කලත්.. මොනතරම් කිව්වත් වැඩක් තියේද?? අර එක්තරා පුද්ගලයෙකුත් කියලා තිබ්බෙ.. "ගම් වල ඉන්න ළමයි කුබූරු කොටන්න ඉගනගත්තාම විතරක් ඇති" කියලා..

    තව මොන කතාද??

    ReplyDelete
    Replies
    1. කොච්චර කතා කලත් වැඩක් වෙන්නේ නැ කියලා අතහැරලා දාන්නත් බැහැනේ හිතු..
      මොනවා උනත් එහෙම කතා කියන එක කොයි තරම් අසාධාරනද අපිට පුලුවන්ද අපි කැමති තැනක ඉපදෙන්න. ඔය කියපු කෙනාත් එහෙම තැනක ඉපදුනා නම් එහෙම

      Delete
  7. මගේ කමෙන්ට් එක නෑ... කෝ කමෙන්ට් එක ??

    ReplyDelete
    Replies
    1. SPAM වෙලා අයියා ඔන්න ගොඩ දැම්මා

      Delete
  8. බට්ටිත් ගමක හැදුන වැඩුන කෙනෙක්.අපේ පන්තියේ 50ක් හිටියා සාමාන්‍ය පෙල කරන්න. ඒ 50 ඉංග්‍රීසි පේල්.මට අනිත් හුග දෙනෙකුට ප්‍රධාන විෂය වල උසස්ම විදියට පාස් වුනත් වටිනාකමක් නැතුව ගියා.එක W අකුරෙන්.ඒ අකුර මගේ ජීවිතේ හුගක් වෙනස් කරනන්ත් හේතු වුනා.සමහර විට අද කඩේක වැඩ කරන කෙනෙක් වෙන්න වුනෙත් ඒ අකුරෙ සාපයෙන්ද කියලා මම මගෙන් අහන වාර අනන්තයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බට්ටියේ අනිත් විශයන් වලට වඩා වැඩියෙන්ම ඉංග්‍රිසි , ගණිතය විශයන් වල ප්‍රතිපල බලනවා හැම තැනකදිම.... දැන් උනත් ඔයා පරක්කු නැ බට්ටියේ ඒ දේවල් ඉගන ගන්න...

      ඇත්තටම 100% මටත් නම් බැහැ තමයි, මමත් නිතරම උත්සහ කරනවා ඒ දේ වෙනුවෙන්

      Delete
  9. e-learning hoda wadak..
    ara kiwwa wage eth anthimata mulata enawa.game iskoleta computers na.ethakota internet connection 1???a seramath hari,oya wage wenasakata huru wena eka.(lamayi imanin huru unath guruwaru??? :D)

    ReplyDelete
    Replies
    1. ඒ වෙනසට හුරුකරන එක නම් ඇත්තටම අමාරු වෙයි තමයි.. වයස ප්‍රශ්නයත් එක්ක ඉන්න සමහර ගුරුවරුන්ට ඒ දේවල් වලට හුරුවෙන්න අමාරුවෙයි.. ඒත් කාලයත් එක්ක ඒ වෙනසට හුරුවේවි.. සමහර තැන් වලට පරිගනක පද්දති එනකොට ඒවට අනුගත වෙන්න බැරි අය ඒ තැන් වලින් ඉවත් වෙලා ගියා කියන දේ වෙලා තියනවා..


      @ano :ඔයා එහෙද කියලා කියන්නකෝ

      Delete
  10. අපිට 10 ඉංග්‍රිසි සාහිත්‍ය කරපු ටීචර් 11 වසරෙදි ආවෙත් නැහැ. පිට පිට බබාලා දෙන්නෙක් හැදුවා.

    අපිට සොරි . කොම් වුනා.

    ReplyDelete
    Replies
    1. එහෙම මිස් එන්නේ නැතුව සැම් මෙහෙම නම් , මිස් ආවනම් කොහොම වෙයිද් කියල කල්පන කර මම්.ඇත්තටම අයියේ සිරියස්

      Delete
    2. අනේ වාසනාවයි !!!
      බබාලා දෙන්නා සනීපෙන් ද ? හික්ස් :)

      Delete
  11. z ලකුණු ක්‍රමයත් එක්ක විශ්වවිද්‍යාලයට සිසුන් තෝරද්දී දිස්ත්‍රික් මට්ටමින් තේරීමක් කරනවා නේද ?? එතකොට දුෂ්කර දිස්ත්‍රික්කවල ළමයින්ට වෙන අසාධරණ බොහෝ දුරට අවම වෙනවා නේද ??

    ReplyDelete
    Replies
    1. ඉසෙඩ් ගැන නම් මේ දවස්වල ලොකු කතා යනවානේ... ඒක කොහොමහරි හරි කියමුකෝ... ඒ ඒ ලෙවල් නේ.. ඒත් ඕන දෙයක මුලින්ම අහන්නේ ඕලෙවල් ඉංග්‍රිසි ක්‍රෙඩිට් පාස් එකක්.. ඔය උඩ බට්ටිම කියලා තියනවා.. ගොඩාක් ‍රැකියා..(ඒ/ලෙවල් පාස් උනත්) ඔය හේතුව නිසා විශාල පිරිසකට අහිමි වෙනවා... ඒකට විසදුම් දෙන්න බැ ඉසෙඩ් අගයෙන් මම හිතන්නේ මම හරි

      Delete
    2. ඒක ඇත්ත. කොළඹ විශ්වවිද්‍යාලයේ මගේ යාළුවෙක්ට හමුවුණු යාලුවෙක් ඉන්නවා එයා මොණරාගල [මට මතක විදිහට] දිස්ත්‍රික්කයෙන් කලා අංශයෙන් පළවෙනියා. ඒත් සාපෙ ඉංග්‍රීසී අසමත් නිසා කොළඹ නීතී පීඨයට ඇතුලත් වෙන්න බැහැ

      Delete
    3. ඒකනේ යාලුවා.. එහෙම බලනකොට ඉතින් ඕ/ලෙවල් වල ගොඩාක් ලොකු බලපැමක් තියනවා නේද යාලු..... දිස්ත්‍රික් පලවෙනියා වෙලත් එහෙම වෙනකොට වෙන මොන කතාද?

      Delete
  12. ඒක හොඳ අදහසක්! නමුත් දේවා කිව්වට ඕක පිළිගන්න බෑ, මොකද දේවාගෙ හම සුදු මදි. ඕක යුරෝපීය සම්භවයක් තියෙන පොරක් ඇවිත් කිව්වොත් විතරයි ක්‍රියාහ්මක කරන්න පුලුවන්.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කාටවත් අහැයි බන් හෙන්රි අයියේ.,.. සුදු වෙන්න නම් අර සාරුක් මාමා කියන ඒවා ටිකක්වත් උලන්න බැරියැ.. මිනිහාත් ඒවානේ ගානවා කියන්නේ මේකප් නෙමේලු...

      ඇත්ත ඉතින් මොනවා කරන්නද අයියා

      Delete
  13. ඇත්ත ගමේ පාසල් වලට ඔය කියන විදියේ ගුරුවරු නැහැ උගන්වන්න ඒකට තමා පෞද්ගලික පන්ති තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. එතකොට ගමේ විතරද ටියුශන් තියෙන්නේ.. අනික දුප්පත් දෙමාපියන්ගේ ලමයිද සල්ලි දිලා ටියුශන් යන්න ඕනේ.. ඒක හරි අසාධාරන කතාවක්නේ සහෝ

      Delete
  14. 'ලංකාවේ ප්‍රධාන නගර වල ප්‍රධාන පාසල් වල වගේ ගොඩාක් හොද ඉංග්‍රිසි ගුරුවරු උන්නත් පහසුකම් අඩු ගම්බද පාසල් වල ඇත්තටම ඉංග්‍රිසි ගුරුවරු ගොඩාක් අඩුයි. උන්නත් ඒ අය වැඩි කාලයක් ඒ පාසල් වල ‍රැදෙන්නේ නැ..'

    හ්ම්ම් .. කතාව ඇත්ත! අනේ මන්ද කවදා හරියන ඒවාද කියල මේ..

    ReplyDelete
  15. ලංකාවෙ විභාග ක්‍රමයේ අවුලක් නෑ. ඒත් ඉඳහිටලා බලධාරීන් පිස්සු කෙලිනවා. එතකොට අවුල් වෙනවා. ඒවා සැළකිය යුතු දේවල් නෙවෙයි.
    ඒත් ප්‍රධානම ගැටලුව සම්පත් බෙදී යාම "ඉංග්‍රිසි " විෂය ගත්තොත් ලංකාවෙ දුෂ්කර පළාත් වලට ලැබෙන්නෙ අඩු අවධානයක්. හරියට කොළඹට කිරි අපිට කැකිරි වගේ. මේතත්වය වෙනස් විය යතු කාලය එළඹ තියෙනවා.
    ඔබේ සියළු අදහස් වලට එකඟයි.

    ReplyDelete
  16. ගමටත් සම්පත් බෙදලා දෙන එක තමා හොඳම දේ. ලමයින්ට කම්පියුටර් භාවිතා කරන්ට දුන්නොත් ඉතින් ඉගෙනගනීද නැත්නම් මේ අපි වගේ බ්ලොග් වලට ඇබ්බැහි වෙලා ඒවා කියව, කියවා ඉඳීද දන්නෙත් නෑ. ඇයි තව මූනු පොතකුත් තියනවනේ. :)

    ReplyDelete
  17. ඉතාලියේ මම දකින අධ්‍යාපනේ එක්ක නම් ලංකාවේ අපි ඉගෙන ගත්ත විදිහනම් ගොඩක් හොදයි..

    ReplyDelete
  18. මුලින්ම කියන්න ඕනෙ දේවා...මේ වගේ සංවේදී මාතෘකාවක් ලිවීම පිලිබඳ ස්තුතියි..!
    අපිට පාසල් ජීවිතය එපාකලේ ඉංග්‍රීසි කිව්වොත් නිවැරදියි..අපි යනකාලෙ ඉංග්‍රීසි ඉගැන්වුවෙ එක්තරා පෙලැන්තියකට අයිති ගුරුවරියන් ..ඔවුන් අපි දිහා බැලුවෙ මුන්ට මොන ඉංග්‍රීසිද..? කියන ආකල්පයෙන්..සමහර ඔවුන්ට හරියන ගැහැනු ලමයි පිරිසක් එක්ක පමනක් ඉංග්‍රීසිය ඉගැන්වීම නිසා අපිට ඔවුන් අරහන් උනා.ඒ එක්කම ඉන්ග්‍රීසි අරහන් උනා.
    දැන් මම කරන ‍රැකියාවත් එක්ක ඉංග්‍රීසි අත්‍යවශ්‍ය දෙයක් වෙලා ..එත් අපේ දක්ෂතාවය කොච්චර තිබුනත් එතනදි හිරවෙනවා.!

    ReplyDelete
  19. ඔන්න මමත් මේ පැත්තට ආවා... දේවා ගේ අදහස් වලට මමත් එකග වෙනවා... කොළඹට කිරි ගමට කැකිරි කියලා කාලයකට ඉස්සෙල්ලා කිව්වෙත් ඔය ගැනම තමා..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....