ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

08 August, 2012

දුබලයි කිවාට දුබල ම නැ....

ඇත්තටම ගොඩාක් දවසකින්...

සමහර පුද්ගලයෝ හිතාන ඉන්නවා තමන් ගොඩාක් ලොකු බලයක් තියන මිනිස්සු තමන්ට කරන්න බැරි වැඩක් නැ තමන්ට වඩා වැදගත් මිනිස්සු මේ ලොකේ නැ කියලා...

එහෙම මිනිස්සු මටත් ඕන තරම් මුන ගැහිලා තියනවා.. ඒ වගේ අයත් එක්ක වැඩ කරලා තියනවා...

සමහර අය ඉතින් ඔය කියවන තරම් වැඩකුත් නැ කියල අත්දැකිමෙන්ම දන්නවා....

`සමහර දේවල් අපි හිතන තරම් සුන්දරත් නැ ඒ වගේම නරකත් නැ...

තමන් ගැන ඕනාවට වඩා ආඩම්බර වෙන කෙනාට පැවත්ම ගොඩාක් තාවකාලිකයි..

හුග දවසකින් මුකුත් නොලිව නිසා කියවන්න ලැබුනු චින උපමා කතාවක් ගැන පොඩි සටහනක් ලියන්න තමයි ඔය දැගලුවේ...

ගොඩාක් අය නම් දන්නවා ඇති..

රජ ගෙදර මුළුතැන්ගෙයි මැටි බදුනක් හා යකඩ බදුනක් (තව ඒවා තියෙන්න ඇති මේ කතාවට අදාල ඒ දෙක විතරයි ) තිබිලා තියනවා...

මේ යකඩ බදුන ගොඩාක් තමන් ගැන ආඩම්බරේන් හිටපු ඩයල් එකක් ලු..
හැම වෙලේම මැටි බදුන දිහා බැලුවේ අපහාසාත්මක විදිහටමයි....

දවසක් මැටි බදුනට යකඩ බදුන කියනවාලු... ඔට්ටුයි උබට බැ මාත් එක්ක හැප්පෙන්න....

ඒක අත්ත මැටි බදුන ගොඩාක් නිහතමනිව පවසලා තියනවා.

උබ මහා බය ගුල්ලෙක් යකඩ බදුන තවත් ඒ අභියෝගය එක්කම එල්බගෙන ඉදලා කියනවා...

මැටි බදුන කියනවා එතකොට මම බය නිසා නෙමෙයි නොහැප්පෙන්නේ... ඔබෙයි මගෙයි දෙන්නගෙම කාරිය ඒක නෙවෙයි යමක් අඩ0ගු කර ගැනිමයි කියලා..

මැටි බදුනට වැඩි කල් ඉන්න නොදෙන බව පවසා ඉක්මනින්ම කැලි බවට පත් කරන බවට වහසි බස් තෙපල මහත් අරගලයක් කරන්න යකඩ බදුන හැමවෙලෙම උත්සහ කලා..

නමුත් මැටි බදුන නිහඩව කලය ගත කලා

කාලය ගෙවිලා ගිහින් ලොකය වෙනස් උනා.. රජ මාලිගය නටබුන් උනා..

පසු කාලයක කැනිම් කරන්න පටන් ගත්තු සමයක රජ මැදුර කෑනිම් කරලා ගත්තු භාණ්ඩ අතර අර මැටි බදුනත් තිබුනා... ඒක පිරිසිදු කරලා ගත්තහම පරණ විදිහටම තිබුන නිසා ඒක ආරක්ශා කරන්න නියොග කලා..

එවිට මැටි බදුන මෙහෙම කිවලු. ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. මේ සමිපයෙම සහොදර යකඩ බදුනක් ඇති ඒකත් හොයලා බලන්න කියලා

`නමුත් යකඩ බදුනක් වෙනුවට එතන මල කා කලුව ගිය පස් ටිකක් පමනක් තිබුනලු

ඉතින් ඇත්තටම අපි දුබල කියලා හිතන අය ඇත්තටම ගොඩාක් ශක්තිමත් වෙන්නත් බැරි නැහැ කියලා හිතලා අනිත් අයටත් ගරු කරන එක නම් ගොඩාක් වටිනවා..

කතාව මට කියවන්න ලැබුනේ සි බැන්ක් නිව්ස් 2012 අප්‍රියල්- ජුනි කලාපයෙන්

27 comments:

  1. "මැටි බදුන කියනවා එතකොට මම බය නිසා නෙමෙයි නොහැප්පෙන්නේ... ඔබෙයි මගෙයි දෙන්නගෙම කාරිය ඒක නෙවෙයි යමක් අඩ0ගු කර ගැනිමයි කියලා."

    මගේ හිතට වැදුනේ මෙන්න මේ ටික. අපි අපිට නියමිත කාර්යය ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ...

    ReplyDelete
  2. චීන උපමා කතාව කොයි කාලෙටත් ගැලපෙනවා. හැම විටම අන් අය පහත් කොට නොසැලකිය යුතුය යන්න මෙයින් කියවෙනවා.

    ReplyDelete
  3. අපි අතර ඉන්න බහුතරයක් දෙනා ඒ යකඩ බඳුන වගේ මචං

    ReplyDelete
  4. නෝටිගේ කමෙන්ට්ස් වලට බඩු බනිස් වෙලාද...?

    ReplyDelete
  5. ලස්සන උපමා කතාවක්...
    මාත් ආසයි මේ වගේ කතා කියවන්ඩ... මේ වගේ කතා තියෙනවා නම් ලියන්ඩ මල්ලි !

    ReplyDelete
  6. හොඳ උපමාවක්‌ අපිටත් අදාල කරගන්න පුළුවන්

    ReplyDelete
  7. චීන උපමා කතා නම් නියමයි.

    ReplyDelete
  8. Ane gono uba tamath blog liyanawada..iyoo ban wadak nati nam nida ganinko..melo rahak nati ewaa liyanne natiwa

    ReplyDelete
  9. YAKADA BANDUNA WAGEI KATHANDARA KARAYA. N G R

    ReplyDelete
  10. හ්ම්...තේරුම් ගන්නවනම් ගොඩක් ලොකු ඇත්තක් තියනවා...

    ReplyDelete
  11. ඇත්තටම හොද ආදර්ශයක් ගන්න පුලුවන් කථාවක්... මේ කථාව පළමුවෙනි වතාවට ඇහුවෙ...

    ReplyDelete
  12. උපමා කතාවේ අගය තාමත් තියෙනවා මගේ අදහස නම්...

    ReplyDelete
  13. හිතන්න දෙයක් තියන අපූරු පෝස්ට් එකක්..

    ReplyDelete
  14. දැංනම් බ්ලොග් අවකසේ සෝක් අප්පා මට පොඩි කාලේ මතක් වෙනවා හැමෝම කතා ලියන්නේ මධුරංග අයියත් මම දැක්කා ග්‍රීක කතාවක් ලියලා තිබුනා...

    ReplyDelete
  15. අද කතාව හරිම ලස්සනයි දේවා .

    ReplyDelete
  16. මැටි බදුන් පරිස්සම් වුනාට රත්තරන් කඩු එහෙම හොරු උස්සනව බං... :ඩී

    වැදගත් කතාවක් මචං.

    කවුරු හරි මැට්ටා කියල බැන්නොත් මේ කතාව එතනට ඇප්ලයි කරපං :පී

    ReplyDelete
  17. කාලයට ගැලපෙන මරු කථාවක්!

    ReplyDelete
  18. තුන් පාරක් බඩ එළිය ගියාම ඕන වීරයෙක්ගේ වීරකං ඉවරයි කියලා කව්දෝ කියලා තිබුනා....

    ReplyDelete
  19. චීන උපමා කතා වලට කාල රාමුවක් නෑ. හැමදාටම ගැලපෙනවා.

    ReplyDelete
  20. මරු ඈ....

    ReplyDelete
  21. හික් හික් සැමා කිව්වත් වගේ මැටි නිසා ඉතුරු උනා...

    ReplyDelete
  22. ප්‍රතිචාර වලට වෙන වෙනම නම් අද දාන්න වෙන එකක් නම් නැ. ඒත් ඉතින් මගේ යාලුවෝ තරහ වෙන්නේ නැහැනේ... ඉතින් සමහර දේවල් ගැන යාලුවන්ගෙන් හොදින්ම ලැබුන නිසා ඉක්මනටම වැදගත් ඒවත් එක්කම මුන ගැහැමුකෝ.....

    ReplyDelete
  23. උස ගහයි පඳුරයි හුළඟ එක්ක හැප්පුන කතාවත් ඔයවගේ නේද? හැමෝම තමන්ට නියමිත වැඩේ කරගෙන ඉන්නවනම් කොයිතරම් හොඳද!

    ReplyDelete
  24. උඹ ඉඳලා හිටලා වැදගත් දෙවලුත් ලියනව නේ...හොඳ උපමා කතාවක් මල්ලි

    ReplyDelete
  25. හුග කාල්කින් මේ පැත්තට ආවේ. නියම ආදර්ශයක් දෙන ලිපියක්. තව ලියමු. මමත් දිගටම කියවනවා.

    ReplyDelete
  26. //තමන් ගැන ඕනාවට වඩා ආඩම්බර වෙන කෙනාට පැවත්ම ගොඩාක් තාවකාලිකයි..//

    ඇත්තම ඇත්ත අයියේ. ඒදේ මම නරකම අත්දැකීම් ගොඩාක් ඇසුරෙන් ඉගෙනගත්තෙ

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....