ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

03 July, 2012

ඔයාලත් මේ වගේ බුද්ධිමත් ද?

සෝ කොහොමද ඉතින් .. හැමෝම හොදින් නේද?
බ්ලොග් පොස්ට් වලට රිප්ලයි ෆොන් එකෙන් සින්ග්‍රිසි වලින් දුන්නා කියලා හෙන්රි අයියා බැනපු නිසා ඔන්න දැන් කොහොම හරි ෆොන් එකේ සින්හල ටයිපින් වැඩ ධනික සහෝ ට පින් සිද්ද වෙන්න....

පුන්චි කතාවක්... ගොඩාක් අය අහලා ඇති.... ඒත් මේ මාසේ ආරම්භයත් එක්ක ලියනවා....

ආහ් තව දෙයක් මොන වැඩ තිබුනත් ආයේ බ්ලොග් නොලියා ඉන්නේත් නැ නොකියවා ඉන්නේත් නැ...

නොකියවපු හැම පොස්ට් එකක්ම ආයේ කියවනවා කියන්න නම් බැ.. එතකොට අලුත් ඒවා මිස් වෙනවනේ.. ඉදිරියෙදි ලියවෙන ඒවා කියවන්නම්කෝ... අර මැර තර්ජන දාපු ( _ _ _ _ _ _ _ ) තරහ එපා...

පුන්චි කතාවක් නිසා තමා වටේ දිව්වේ....

නගරයක තරමක් ධනවත් පුද්ගලයෙක් ඉන්නවා... ඒ පුද්ගලයා මරනාසන්න මොහොතේ තමන් ලග තිබුනු මුදල් වලින් රු 200000ක ගානේ තමන්ගේ හොදම හිතවතුන් හතර දෙනෙකුට මුදල් ලබා දෙනවා තමන්ගේ මරනයෙන් පස්සේ තමන්ගේ මිනිය තැන්පත් කරන වලට මේ මුදල් දාන්න කියලා...
මේ හිතවතුන් හතර දෙනා එකට ඉන්න වෙලාවක මේ මුදල් ලබා දුන්න නිසා කාටවත් මේකට මුකුත් නොකර ඉන්න බැරි උනා

හිතවතුඉන් හතර දෙනා අතර දොස්තර මහතෙක් , පුජක වරයෙක් , නිති නිළධාරියෙක් , බැංකු නිළධාරියෙක් (මම නෙමේ) ඉන්නවා

කොහොමහරි මේ ධනවත් පුද්ගලයාගේ මරණය සිද්ධ වෙනවා...

අවසන් කටයුතුත් කරලා දේහය වලදාන අවස්තාවේ දැන් මේ මුදල් දාන්න ඕනනේ..

මුලින්ම දොස්තර හිතවතා: මිය ගිය කෙනා අවසානයට ගත්තු මගේ බේත් වලට ගෙවිය යුතු මුදල් ගෙවලා නෙමේනේ මැරුනේ ඒ නිසා ඒවට මම රු 25000ක් තියගෙන ඉතුරු 175000 ඔන්න වලට දැම්මා..

ඊලගට පුජක වරය : මේ හිතවතා වෙනුවෙන් පින්කම් කරන්න මම රු 50000ක් තියාගෙන ඉතිරි 150000ම ඔන්න වලා දැම්මා..

නිති නිළධාරියා ඊලගට ඇවිත් කියනවා මගෙන් ගත්තු නිති උපදෙස් වලට මම මුදල් ගන්නවානම් මේ 200000ත් මදි ඒත් යාලුවනේ ඒ නිසා රු 100000ක් තියාගෙන ඉතිරි රු 100000ම මම වලට දානවා මෙන්න කියලා..

අන්තිමට ඉතින් බැංකු නිළධාරියා ඇවිත් කියනවා හැමෝම කියපු දේ භරියට කලේ නැ. ඒත් මට එහෙම කරන්න බැ.. මේ නැති උනේ මගේ හිතවතෙක් මරන මංචකයේදි දුන්නු පොරොන්දුව කඩ කරන්න බැ.. මම මේ හිතවතාගේ නමටම ලියපු ඔඩර් චෙක් එකක් ක්‍රොස් කරලාම හරියටම රු 200000 ක වලට දානවා..

ඉතින් ඔයාලත් මේ වගේ බුද්ධිමත් ද?

ප.ලි : මේකට කියන්නේ බුද්ධිමත් කමද කපටි කමද?

52 comments:

  1. කපටිකම වුනත් බුද්ධිමත් විදියට කරනවානම් ඉතින් ඒක කපටිකමමයි කියන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. මෙතන නම් මම හිතන්නේ කපටි කම නම් නෙමේ

      Delete
  2. ආ. බැලුවම දේවා මල්ලිලාගේ කට්ටිය තමා සාධාරණම. ;)

    විහිලුවක් තලේ ඈ :D

    ReplyDelete
    Replies
    1. හිකිස්..... අපි බුද්ධිමත් නේද?

      Delete
  3. මේකට කියන්නේ ස්ථානෝචිත මෙව්වා එක කියලා :D

    ReplyDelete
    Replies
    1. අපිටත් ඒක පොඩ්ඩ පොඩ්ඩ තියනවා නේද?

      Delete
  4. බුද්ධිමත්කම, එතකොට මොලේ කල්පනාකිරීමක් වගේ වෙන්න බැරිද.

    බලාගෙන ගියාම පස් දෙනාටම පිස්සු දේව් අයියේ (මැරුණු මිනිහටත් එක්ක)

    ReplyDelete
    Replies
    1. වෙලාවට ඒ පස් දෙනාට විතරක් පිස්සු කිවේ.. මේ ලියපු මටත් පිස්සු නොකියා මල්ලියෝ

      Delete
  5. කන්න ඕන වෙනකොට කබරගොයත් තලගොයා වෙනවා කිව්වලු ඔං......

    ReplyDelete
    Replies
    1. මෙතන වෙලා තියෙන්නෙත් ඒකමද?

      Delete
  6. ඕකට කියන්නෙ ප්‍රායෝගික බුද්ධිය කියලා

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් වලදි නම් මටත් ඕක තියනවා, සමහර දේවල් වලදි නම් ඇත්තෙම නැ

      Delete
  7. ඒකත් නරකම නෑ ඔය කියුවෙ බැංකුවල ඉන්න අයගෙ බුද්ධිමත් කම වෙන්ටැ

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ලොකු ජොන් ට ඒක හරියටම තේරුනා... හිකිස්

      Delete
  8. start-no-චිත පඥ්ඥාව

    ReplyDelete
  9. බලාගෙන ගියහම බැංකු වල ඉන්න අය තමා හොදම අය.
    ආරක්ෂිතව මුදල් ටික දීලා තියෙනවා
    එලකිරි බැංකු නිලධාරීයා !!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියා... හොයලා බලලා බැංකු නෝනා කෙනෙක්වම තොරගන්න

      Delete
  10. ඒක ඇවිල්ල බුද්ධිමත් කපටිකම නේහ්...
    හොහ්..බැංකු නිලධාරියො ඔහොමමයි...හී

    ReplyDelete
    Replies
    1. ඒ මොකද එහෙම කියන්නේ.... ආහ් බුද්ධිමත් නිසා නේද චතුරංග මල්ලි

      Delete
  11. ඔන්න කිව්වා. ඒ බැනිල්ලද? මට හරිම කම්මැලියි සිංග්‍රීසි කියවන්න. ඒකයි එහෙම.කිව්වෙ. හරි කතාවට යමුකො. බැංකු නිලධාරියෙක් නිතිඥයෙක් පරද්දපු එකම අවස්ථාව මේක වෙන්න ඕනෙ!
    අඩේ උඹලා ඔක්කොම බැංකුවොද? අර රාජ්ලා දෙන්න විතරයි කියලා මං හිතුවෙ. දැන් මෙන්න තව එකෙක්! ගුරුවරු තමයි නැත්තෙ, සුමිතුයි, මායි ඇරුනාම.:( :(
    henryblogwalker the Dude
    .

    ReplyDelete
    Replies
    1. මම බැංකු ගියේ නම් 2010 අය්යේ.... මම හිතන්නේ රාජ් ලා දෙන්නාගෙන් එක්කෙනයි බැන්ක් ඉන්නේ... බ්ලොග් එකක් තිබුනා සන්රසිදු කියලා එයත් නම් බැන්ක්... තව බැන්ක් ඉන්න අය ගැන නම් මම වැඩිය දන්නේ නැ.. ගුරුවරු විදිහට මම දන්නෙත් ඔය දෙන්නා විතරයි (ජිවිතේ මල් අක්කා ඇරුනහම)

      Delete
    2. මමත් ලිව්වා බැංකුවක කතාවක්. දැක්කද?
      රැජිණ වීදියේ මහා බලු බෙටි මෙහෙයුම :)

      henryblogwalker the Dude

      Delete
  12. අන්න මොළේ ඇති මිනිස්සූ..

    ReplyDelete
  13. ටිකක් විතර මොලේ කල්පනා කලොක් අත්වෙන වාසි බොහොමයි..

    ReplyDelete
    Replies
    1. ඈත්තටම පොඩ්ඩක් හිතුවා නම් ගොඩ

      Delete
  14. Replies
    1. පුරුද්දටනේ අක්කා..සො සො ඉතින්

      Delete
  15. හෑ අයියේ මටනම් සුවර් නෑ ඇත්ත කියහන් ඔය උබ නේද?

    ReplyDelete
    Replies
    1. හැ ඔන්න ඉතින් කිවා කතාවක්. මට නම් නෙමේ.කටවත් කියන්න එපා හොදේ

      Delete
  16. බැංකු නිලධාරි නම් ඔහොම්මමයි(දේවා ගැන හිතලා නෙමේ කිව්වේ )

    ReplyDelete
    Replies
    1. වෙලාවට මම ගැන හිතලා නෙමෙ කිවේ...

      Delete
  17. තැනට සුදුසු නුවන එලයි ආ...

    ReplyDelete
  18. මෙ කතාව අහලා තිබේ. එත් ඒ චෙක් එක දැම්මෙ එයාගෙ නෝනා කියලා :P

    ReplyDelete
    Replies
    1. මෙක වෙන වර්ශන් එකක් වෙන්න ඇති බනි.

      Delete
  19. ඕකට කියන්නේ කපටිකම. ඒත් බුද්ධිමත් වැඩේ. වලකට සල්ලි දැම්මා කියලා ඇති පලේ මොකක්ද? නේද?

    බැංකු නිලධාරීන් නුවණ තියන කට්ටිය.:D

    ReplyDelete
    Replies
    1. එකනෙ පොඩ්ඩි අක්කා . මොලෙ ඇති වැඩක්. කොහොමත් මොලෙ තිබෙ බැංකු අයට. හික්

      Delete
  20. ඒ කියන්නේ හදිස්සියකටවත් දේවට සතපනහක් වත් දිලා තියන්න හොඳ නෑ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් මම ගැන වැරදියට හිතන්න එපො මම එහෙම නැතො

      Delete
  21. අන්න වැඩේ..ඔක්කොම ශේප් නෙ....

    ReplyDelete
    Replies
    1. එකනේ අක්කා... ලෙඩා මලත් බඩ සුද්දයි කියන්නේ මේවට වෙන්න ඇති

      Delete
  22. අහා...දැන් දේවා මේ කියන්නේ බැංකු නිලධාරියෝ තම්ම නුවන තියන්න අය කියලා නේ...;)
    අපෝ මෙහෙමත් කපටි මිනිස්සු...:)

    ReplyDelete
  23. අපෝ අපේ ගෙදරත් ඉන්නව බැංකු කාරයෙක් . ඒ නිසා දන්නව මේ ගැන හොදට .

    ReplyDelete
  24. ඩැන් උයට් ඒමඩ.........????

    ReplyDelete
  25. බැංකුවේ කෙනාට මොලේ තියෙනවා.පොඩ්ඩි අක්කා කිව්වා වගේ වලකට සල්ලි දාලා මොනා කරන්නද?

    ReplyDelete
  26. බැංකුවේ නිළධාරියා තමයි තමන්ගේ රාජකාරිය නිළ වශයෙන් ඉෂ්ඨ කරලා තියෙන්නේ...

    ඕකට කියන්නේ කළ දුටු කල වල ඉහ ගැනීම !!!

    ReplyDelete
  27. බුද්ධිමත්කම සහ කපටිකම දෙකම
    අනිත් එක බැංකුවල වැඩකරන උදවිය ගනුදෙනු කටයුතු වලට කොහොමත් දස්සයි නේ ;)

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....