ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

12 March, 2012

Buzz Radio නිසා මා උගත යුතු පාඩමක්

කලින් පොස්ට් එක දාලා අදට දවස් 7ක් එ කියන්නේ සතියක් ගිහින්.... පොස්ට් එකක් දාන්න කියලා අද හිත හිතා ඉන්න කොට ගිම්හානි අක්කාගේ ආරාධනයෙන් ආදරණිය නිශාන්තය බස් රේඩියෝවටත් ගොඩ වදින්න පුලුවන් උනා...

එතන උනු කතා බහෙන් පස්සේ ෆේස් බුකියෙන් ගොඩාක් ‍ෆිට් වුනු බ්ලොග් ලොකේ ටිකක් අලුත් කියන නංගියෙක් එක්ක ගියපු චැට් එකක් නිසායි මේ දේ ලියන්න හිතුනේ....

එයා: හාලෝ දේවා අයියා කොහොමද?

මම : හොදින් නංගෝ

එයා : අයියා මොකක් හරි මැච් එකකට යන්නද?

මම : නැ නංගෝ ඇයි එහෙම ඇහුවේ.. ක්‍රිකට් පිත්තක් ඇල්ලුවෙත් නෑ කාලෙකින්

එයා : එහෙමනම් රේඩියෝ එකේ ඔය තරම් ස්පිඩ් කතා කලේ...

මම : ආ නංගි ඔයාත් ඒක ඇහුවද?

එයා : අනිවා අපි ඉති හැමදාම අහනවානේ...

මම : ඇත්තටම ගොඩාක් අවුල් ද?

එයා : එහෙම ලොකු අවුලක් නැ එත් හරි හදිසියෙන් කතා කලේ.. ඔය ඔයා කතා කරන හැටිමද?

මම : එහෙම ස්පිඩ් නම් නැ නංගෝ අද නම් පොඩ්ඩක් ස්පිඩ් කතා කරන්න ඇති නෙට් කට් උනොත් අවුල් නිසා,,

එයා : හරි හරි 22 වැල්ලවත්තේ කුරේ එකට එනවානේ අවුරුදු උත්සවේට බලමුකෝ එදාට

මම : ආහ් අනිවා බලමුකෝ.... ඔන්න ගේට් එක ලගම මම ඉන්නවා... (මෙදා සැරේ මම කෙලින්ම ඔයා ආරාධිත අමුත්තාද කියලා අහනවා නැත්නම් ගිය සැරේ වැප් අයියා ආරාධිත අමුත්තාට ටිකට් කඩන්න ගියා වගේ වෙන්න පුලුවන්නේ...)

එයා : ගිය පාර එහෙම උනාලුද?

මම: එහෙම වෙන්න ගිහින් නුලෙන් බේරුනා කියලා මම දැක්කා බ්ලොග් වල
ඔන්න අනිවා 22 සයිබර් සිහින බක්මහ උලෙලට එන්නම ඔනා

එයා : අනිවා අයියේ අපි එනවා
..................................................................................................................

ඇත්තටම මම නම් නෙට් අවුල් වෙයි කියන බයට වෙන්න ඇති ස්පිඩ් කතා කලේ.. එත් ඇත්තටම අපි අතරේ ඉන්නවා නේද කියන දෙයක් නොතේරෙන ඒ කියන දේ එයාගෙන් හතරපස් පාරක්ම අහන්න වෙන අය..

ඇත්තටම කථා කරනකොට ස්පිඩ් කතා කරන අය මොකක්ද කරන්න ඔනේ... ටිකක් වචන බේක් කරන්නද ඔනේ එහෙම නැත්නම් හිතලා කතා කරන්නද ඕනේ...

සමහර දෙයක් ගැන කියාගන්න ඕන කම තියනකොට ඉක්මනටම එක කියන්න හදනකොට වෙන්නේ හදිසියට කියන මුකුත් නොතෙරෙන එක කියලා මටත් හිතෙනවා....

එකට කරන්න පුලුවන් ඔයාලා දන්න දේවල් කියලා යන්නකෝ...

මෙන්න ඒ බස් එක්ක ගෙවුනු විනාඩි කිහිපය.. මගේ මල්ලි මටත් හොරා මොබයිල් එකෙන් රෙකොඩ් කරපු

ලින්ක් එක දාන්නම්.. මම දන්නේ නැ ප්ලේයර් එකකින් ප්ලේ වෙන්න බ්ලොග් පොස්ට් එකේම දාන විදිහ.. දන්න කෙනෙක් ඒකත් කියලා මම කලින් අහපු එහෙම ස්පිඩ් කතාව හදා ගන්න දන්න කියන දේවලුත් කියලා යන්නකෝ

වි.කො.ලි : මට මේ අවස්තාවට සම්බන්ධ විමට අවස්තාව සලසා දුන් බස් රේඩියෝ සැමට ස්තුතිය...  ඒ වගේම ගිම් අක්කා නවතම බස් සාමාජිකාවටත් ගොඩාක් ස්තුතියි


72 comments:

  1. ඕක දාන්න බැරි වුනාද ඒ විදිහට... රුචා දාලා තිබුණ එක තමයි මම එව්වේ.. :(((( පොඩ්ඩක් පැහැදිලි මදිද මන්දා.. :) ඔයා කොහොමත් ස්පීඩ් තමයි.. :D :D

    ReplyDelete
    Replies
    1. චතු ඒක මම බැලුවා.. ඒකේ එහෙම දාලා තිබුනට එහෙම දාන විදිහ නැනේ... හ්ම්ම්ම්

      Delete
  2. මටත් ඉතිං මෙතන කාගෙන් හරි තමයි දේවා අයියෙ අයිඩියාව ගන්න වෙන්නේ. මොකෝ මමත් ඒ ටයිප් එකේමයි. :D ප්ලේයර් එක දාන හැටිත් නොදනිමි.

    ReplyDelete
    Replies
    1. බලමුකෝ මෙතන කවුරුම හරි කියලා දේවිද කියලා.....

      Delete
  3. අහලම බලල කමෙන්ට් එකක් දාන්නම්කෝ අය්යේ.

    ReplyDelete
    Replies
    1. අහපුවහම කියන්න දෙයක් නැති වෙයිද දන්නේ නැ

      Delete
  4. අපේ එකෙක් ඉන්නවා කන්න ගියාම හෙන ස්පීඩ් ..ලෝකේ අන්තිම කෑම එක කනවා වගේ....ට්‍රිප් එකක් ගිහිල්ලා ඉඳිආප්ප කෑවේ උදේට..අපි 10 කනකොට මූ 25 කාලා...තව ඉඳිආප්ප ගේන්න කියනකොට කඩේ එකා කියපි ඉවරයි කියලා...අරූ දිනුම් අපි පරාදයි...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මොනවා ලේට් උනත් කන එකනම් ස්පිඩ් කරන්නම වෙනවා.... ඒක ක්ලාස් යන කාලේ තමා ගොඩාක් වැදගත් උනේ ඉක්මන් නොවුනානම් කාලා හමාරයි

      Delete
  5. හදිස්සියෙන් කිව්වත් කියන දේ අහං ඉන්න කෙනාට තේරෙනවා නම් කමක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. සෝ ඉතින් කොහොම දැනුනද දන්නේ නැ නංගෝ

      Delete
  6. ඔය Audio ෆයිල්ස් අප්ලෝඩ් කරන්න දෙන සමහර සයිට් වල අප්ලෝඩ් කලාට පස්සේ URL එකට අමතරව Embed Code කියලා එකක් දෙනවා. ඒ code එක අපි බ්ලොග් පෝස්ට් එක ටයිප් කරන වින්ඩොව් එකේ Edit HTML කියන ටැබ් එකේ (අපි ටයිප් කරන්නේ Compose කියන ටැබ් එකේ) අපිට ඕන තැනට paste කලාම පෝස්ට් එකේ අදාළ තැන ඒ සින්දුව තියන ප්ලේයර් එකක් වැටෙනවා.

    මම එක සයිට් එකක් කියන්නම්. http://www.divshare.com. මේකේ රෙජිස්ටර් වෙලා Audio Clip එක අප්ලෝඩ් කරලා අර Embed Code කියන එක කොපි කරගනින්.

    ReplyDelete
    Replies
    1. තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනවා යාලු.. මම මේ සයිට් එකේ තමා අප්ලොඩ් කලේ එත් මට එම්බොඩ් කොඩ් එකක් දුන්නේ නැනේ...

      තැන්ක්ස්...

      Delete
  7. සමහර අයට වේගයෙන් කතාකරන්න පුලුවන් පැහැදිලිව. බලන්න "Melissa and Joey" සීරීස් එක. චරිත හතරම කතාකරන්නෙ මාර ස්පීඩ්. නමුත් කිසි අවුලක් නෑ.
    මගෙ යාලුවෙක් හිටියා චූ කරන්න පැය බාගයක් වත් ගන්නවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක නම් මම හිතන්නේ මොකක් හරි ලොකු ලෙඩක්..../ නේද අයියේ...

      Delete
    2. ලබ්බ බවුසරයක්ද ???

      Delete
    3. ඔන්න ඒක නම් මම දන්නේ නැ,

      Delete
  8. මට ඊයෙ අහන්න බැරි වුනානෙ.දැන් අහන්න පුලුවන්.හැබැයි ගෙදර ගිහින් තමා අහන්න වෙන්නෙ.

    මට නම් ඔයා ෆෝන් එකෙන් කතා කරනකොට එහෙම ස්පීඩ් ගතියක් දැනිලා නෑ.ඒත් අපේ යාලුවෙක් ඉන්නවා ෆෝන් එකෙන් කතා කරනකොට මුකුත් තේරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න අක්කෝ ගෙදර ගිහින් අහලම මට කියන්න්කෝ..
      කොහොමද එතකොට ඔයාලා යලුවා එක්ක කතා කරන්නේ.............

      Delete
  9. මට නම් එහෙම ස්පීඩ් කතා කල බවක් තේරුනේ නෑ. සමහර විට මං කතා කරනවා මීට වඩා ස්පීඩ්. ..
    මාත් අහන් හිටියේ මල්ලි කතා කරනවා. හොඳට කතා කලේ. මට නම් පැහැදිලිව ඇහුනා.
    මගේ ළඟත් කොපියක් ඇති ඕන්න්ම දෙන්නම්...:P

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් දෙන්නකෝ අයියේ.. මේකේ සවුන්ඩ් ගොඩාක් ස්ලෝ...

      ගොඩාක් ස්තුතියි අය්යාටත්

      Delete
  10. ඔයවගේ ෆාස්ට් කතාකරන එවුන්ට කියන්නෙ වැල් අකුරින් කතා කරනව කියල.

    ReplyDelete
    Replies
    1. එතකොට මමත් එහෙමද රාජ් අය්යා...

      Delete
  11. මටත් එහෙම වේගවත් බවක්නම් දැනුනේ නෑ . මොකද ප්‍රියන්ත අය්ය කතා කරනවානේ ඊට වඩා ස්පීඩ් එකෙන් .

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් බුකියේ හිතවතියක් තමා කිවේ... ඒත් සමහර තැන් වලදි නම් මම ස්පිඩ් වැඩි ඇති..

      Delete
  12. අපේ ඔෆිස් එකෙත් ඉන්නවා සමන් කියලා යාළුවෙක් පුදුම වේගෙකින් කථා කරන්නේ. ඒකට අපි අපූරු යේදුමක් ඒ දවස් වල හොයාගෙන තිබුනා. ඒ කාලේ අපි යුනික්ස් වලට පාවිච්චි කරපු ඩම්බ් ටර්මිනල් එකක් තිබුනා වයිස් කියලා එකේ සෙටින්ග්ස් වල තියෙනව බෝඩ් රේට් කියල එකක්. ඒකෙන් තමයි තීරණය කරන්නේ මොන ස්පීඩ් එකෙන්ද මේ ටර්මිනල් එක නෙට්වර්ක් කාඩ් එකත් එක්ක කමියුනිකේට් කරන්නේ කියලා. ස්පෙෂලික්ස් කියන කාඩ් එක තමයි අපි පාවිච්චි කලේ. ඒවා වැඩ් කරපු උපරිම ස්පීඩ් එක තමයි 19200 මං හිතන්නේ බිට්ස් පර් සෙකන්ඩ්ස්. ඒත් ඩෙල් සර්වර් එක්ක මේවා 38400 ස්පීඩ් එකෙන් වැඩ කරා. කෙටියෙන් කියන්නෙ "තර්ටි එයිට් ෆෝ" කියලා. සාමන්‍ය වේගය වගේ දෙගුණයකින්. ඉතින් අපි ඒ අභාෂයේන් වේගයේන් කථා කරන අයට කියන්නේ "තර්ටි එයිට් ෆෝ" වලින් කතා කරනව කියල. කියන දේ තේරෙන්නේ ඒ ස්පීඩ් එකෙන් කථා කරන කෙනෙකුට විතරයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්.... එතකොට මම ඊයේ ස්පිඩ් නම් ඒක තේරුන හැමෝම ස්පිඩ් එකෙන් කතා කරන අයම තමා නේද?

      හැබැයි ඇත්තටම මේ කියපු දේවල් ගැන නම් මම දන්නේ නැ සහෝ

      Delete
  13. අයියෝ එච්චර අවුලක් නෑ අයියේ....ඔයා කියපුදේ මටනම් හොදට තේරුණා...

    ReplyDelete
    Replies
    1. අග්නි ධාරා... ඔයත් ඇහුවද? හ්ම්ම්ම්ම් අවුලක් නැනේ නේද?

      Delete
  14. කථාව අහලම බලන්න ඕනෙ

    ReplyDelete
  15. මම මේ තාම ඔයාගේ කතාව බාන ගමන්. අහලා බලලා ආයෙම ඇවිත් විස්තර කියන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. ඔන්න බට්ටි එනකන් බලාගෙන ඉන්නවා ඉතින් මම

      Delete
    2. තරහා වෙන්න එපා දේවා. බාගත්තට ඒකේ විනාඩි 3.13 ක් තියෙනවා. ඒත් ඒකෙ මුකුත් මට ඇහෙන්නෑනේ අනේ.

      Delete
    3. ඇහෙන්නෙම නැතිවෙන්න නම් බැ බට්ටියේ.... මමත් අහලා බැලුවා.. ටිකක් විතර නම් ස්ලෝ තමා...

      (ෆේස් බුකිය පැත්තේ ගියේ නැද්ද? රික්වෙස්ට් එකක් දැම්මෝ)

      Delete
  16. එහෙමට ස්පීඩ් නෑ බං

    ReplyDelete
  17. ඕක තමයි ගෑනු ලමයි එක්ක චැට් කරන්ට එපා කියලා තියෙන්නේ. :D

    ඔයා කතා කරන කොට නිකංවත් අපිට කීවා නම් නරකද ඔය කටහඬ අහගන්ට.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි හරි බිසි නේ අල්ල ගන්න කොයි තරම් අමාරුද? ඉතින් කොහොමෙයි ඉතින් මම කියන්නේ...

      ෆේස් බුක් චැට් එපා කියලා නැනේ මට

      Delete
  18. ඔයා ඔය ලස්සනට කතාකරල තියෙන්නේ.. ස්පීඩ් වැඩි නැ .පොඩ්ඩක් විතර සද්දේ ඇහුනා මදි.අමාරුවෙන් ඇහුවේ.ජයවේවා මලේ

    ReplyDelete
    Replies
    1. ආහ්හ්.... ඒ නම් අක්කෝ ඕක මොබයිල් එකකින් රෙකොඩ් එකක් නිසා වෙන්න ඇති...
      තැන්ක්ස් අක්කෝ

      Delete
  19. දේවත් මගේ බෝට්ටුවේ තමයි. වෙලාවකට මං කියන දේවලුත් මට තේරුම් ගන්න බෑ. මටත් කේන්ති යනවා. සමහර වචන කියාගන්නත් බෑ. එහෙව් එකේ අහන උන් කොහොම තේරුම් ගන්නද. කොල්ලෝ නම් බනිනවා. "යකෝ ටිකක් හෙමින් කතා කරපංකෝ" කියල. මම ඉතින් හෙන ගේමක් දෙනවා හෙමින් කතා කරන්න. එතකොට මහා කෘතීම ගතියක් දැනෙනවා. අන්තිමට අතැරලා දැම්ම.

    අහන උන්ට දැන් මං කියන්නේ "මං පට පට ගාල කතාකරන්නේ මගේ ශක්තිය හා කාලය ඉතුරු කරගන්න" කියල. දැන් දැන් දන්නා අඳුනන ගොඩක් දෙනෙක්ට පුළුවන් මං කතා කරන විදිහ තේරුම් ගන්න. අහලා.....ම.

    මොනා කරන්නද. ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ කියල හිත හදා ගන්නමයි තියෙනේ දේවා.

    ReplyDelete
    Replies
    1. සමහර තැන් වලදි මට ඔය ප්‍රශ්නේ උනාට තවත් සමහර තැන් වලදි එහෙම වෙන්නේ.... එත් ඉතින් කිවා වගේ ඕන දෙයක් කියලා ඉන්න හැටියටම ඉන්න එකත් හොදයි කියලා හිතනවානම් තමයි....

      Delete
  20. බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්

    ReplyDelete
    Replies
    1. මොකද නිශාන්ත අයියා මේ...

      Delete
    2. කව්ද බොල නිශාන්ත? අනික අයියාලු :/

      Delete
    3. අලේ.......... සොරි වෙන්න ඕනා.... ත අකුරක් වැටිලානේ...

      අයියා නොකියා බැනේ නේද?

      Delete
  21. ඊයේ කතාව මමත් අහගෙන හිටියේ.. ඔය මොන ස්පීඩ්ද? මම මුලින්ම ඉතාලි ආපු කාලේ ඉතාලි කාරයෝ කතාකරන වේගෙට මම කොර වෙලා ගියා.. කොහොම උනත් හෙමින් විරාම ඇතුව කතා කරන එක අහන් ඉන්න අයට පහසුවක්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයියා ඉතලි වල ඉදගෙන ඔය තරම් වැදගත් වැඩ තියනකොටත් මගේ මේ කතාව ඇහුවද අයියා,...

      ඔය විරාම කොහොම කඩනවද මන්දා..

      Delete
    2. මොන වැදගත් වැඩේ කරන්නෙත් බස් එක අහන ගමන් තමයි... මුංට තේරෙන්නේ නෑනේ...

      Delete
  22. Replies
    1. මොකක්ද බන් සැම් නොතේරුනේ...

      Delete
  23. මාත් ඇහුව ස්පීඩ් එකක් නැහැ...ඔයාට මාර ලස්සන වොයිස් එකක්නෙ තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. කිරිල්ලි ඔය කිවේ ඇත්තමනම් දෙන්න හිතෙනවා........................


      වොන්ඩබාර් එකක්..

      Delete
  24. අඩේ මටත් ජොකියෙක් වෙන්න ආසයියියියියි....

    ReplyDelete
    Replies
    1. ඉතින් කාගෙන් තහංචිද............. බලාගෙන ඉන්න බස් රේඩියෝවෙන් ඔයාටත් කතා කරාවි

      Delete
  25. මමත් ඇහුවා එහෙම වේගයක් දැනුනේ නැහැ...

    ReplyDelete
  26. අයියෝ කලින් කිව්වා නම් අපිටත් අහන්න තිබුනා නේ. කෝ ලින්ක් එකත් නැහැනේ. මට හොයාගන්න බැහැ

    ReplyDelete
    Replies
    1. ඔය පොස්ට් එකේ යටම DOWNLOAD කියලා තියෙන්නේ අක්කෝ

      Delete
    2. ඔන්න පොඩි ඇඩ් එකක් .

      ඉරිදා රාත්‍රී 8.30 ට නිශාන්තයෙන් ප්‍රියන්ත සමග ගිම්හානී ගීත ගොන්නක් සමග ඔබ හමුවට.
      www.buzzradio.lk

      Delete
  27. ඔන්න බස් අහන නොහපු ඔක්කොටම ඔන්න දැන් ආදරණිය නිශාන්තයට එකතු වෙන්න පුලුවන්... හැම ඉරිදාම විස්තර ඕනේ නම් ගිම්හානි අක්කාට මේල් එකක් යවලා වැඩි තොරතුරු දැන ගන්න පුලුවන්...

    මෙන්න මේකෙන්

    gimhanijlth92@gmail.com

    ReplyDelete
  28. මල්ල , මමත් අහගෙන හිටියේ , මට නම් ලොකු වෙනසක් තේරුනේ නැහැ , ඔයා හොඳට කතා කළා. හුඟක් වේගවත්ව කතා කරන එක පුරුද්දක් වෙන්නත් , මානසික ගැටළුවක් වෙන්නත් , හයිපර්තයිරෝයිඩිස්ම් වැනි රෝග තත්ත්වයක් වෙන්නත් පුළුවන් . ඒ වුනාට ඔයාට නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ , ඔයා සංවේදී හිතක් තියෙන තවත් සාමාන්‍ය කොළු ගැටයෙක් විතරයි ...තරහ වෙන්න එපා , කොළු ගැටය කිව්වට ..ආදරේට කිව්වේ ...

    ReplyDelete
    Replies
    1. මම දන්නවා අයියා ඉතින් මට ආදරෙයි කියලා.... ඔයා මට ගොඩාක් උදව් කරලා තියනවද අය්යේ....
      අම්මෝ අයියේ ඔය වගේ ලෙඩක් නම් නැතුව ඇති මට...

      එහෙම අවුලක් නැත්නම් ගොඩාක් හොදයි අයියා

      Delete
  29. දැන් ඉතින් හයියෙන් කිව්වට තේරුම් ගන්න බැරි වෙලා නෑ නේ !!
    එහෙනම් දේවා අවුරුදු උත්සවේදී සෙට් වෙමු (හැබැයි බූඩි ගේට්ටුව ලගනම් බලන් ඉන්නේ නෑ :P ) හරිය !!! :)

    ReplyDelete
    Replies
    1. මම හයියෙන් කියලද ඉතින්... කොහොමත් අවුලක් නැනේ නේද?

      අනිවා සෙට් වෙමුකෝ

      Delete
  30. එහෙනම් අවුරුදු උත්සවේ දා සෙට් වෙමු හරිය !!!
    (බූඩි ඉස්සෙල්ලා දාපු කමෙන්ට් එක ගියේ නෑ නොවෑ)

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.........
      කෝ කලින් එක අවුලක් වෙලා නැනේ...

      Delete
  31. මේ ටිකේම මුකුත් ලිව්වේ නෑ අයියේ විභාගේ එක්ක මඤ්ඤං වෙලා ඉන්නේ මේ පෝස්ට් එකත් මිස් වෙලා දැනුයි දැක්කේ ඔයාගේ කොමෙන්ට් එක නිසා....කොමෙන්ට් එක මේල් එකට ආවට බ්ලොග් එකේ පෙන්නන්නේ නෑ මාර කේස් එක....

    කතා කරද්දි නම් අවුලක් නෑ හිමින් සැරේ කතා කරන්න පුළුවන් හැබැයි ස්ටේජ් එකකට නැග්ගම මේ හයියෙන් කතා කරන ලෙඩේ උපරිමයටම මට හැදෙනවා...කියන වචනේ නැතිව කුණුහරුප කියවෙන්නේ...මගේ ජංජාල වේගේ අන්තිම උපරිම නිසා පස්සේ තමා බාගන්න වෙන්නේ...තාම මම මේ බස් රේඩියෝ එක අහලා නෑනේ :(

    ReplyDelete
  32. අනේ මම දාපු කමෙන්ට් එක නැහැ

    ReplyDelete
  33. අනේ මම දාපු කමෙන්ට් එක නැහැ

    ReplyDelete
  34. මම මේ පොස්ට් එක මීට කලින් දැක්කා, ඒත් අද තමා ඕඩියෝ ඇහලා කමෙන්ට් එකක් දාන්නෙ ....
    ටිකක් පැහැදිලි මදි ගතියක් තියනවා, ස්පීඩ් ගතියක් තියනවා උනත් ඒකේ අවුලක් මට නං පේන්නෙ නැහැ .....

    මම ඇත්තටම දන්නවා නං ඕක තිබුන දවසෙම කොහොම හරි අහනවා, පෝස්ට් එක දැක්කාම තමා මම දන්නෙ මලයා බස් රේඩියෝවට ඇවිත් කියලා ......

    ReplyDelete
  35. Haffoi dan kastiyata Buzzradio eken Mithuru Hamuwak damma nam hali wage

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....