පොස්‍ටුවක් දාන්න තරම් වත් විවේකයක් නැති තරම්..
මේ මාසේ... සැප්තැම්බර් මාසේ කියන්නේ ඉතින් අපේ විභාග මාසනේ..
මේ ගැන බ්ලොග් වලින් (ලියන්න යන දේ ගැන ) ඔයාලා කියවන්න ඇති.. මම මේ ජංජාලෙට ගොඩ උනේ දවස් කිහිපයකට පස්සේ....
එක එක දේවල් ගැන කරන්න කිව වැඩ කෝටියයි..
කෝ අර මම කරන්න කිව එක කරලා නැනේ උබට කොල් එකකුත් දිලා... අනිවා මේ පොස්ට් එක බලලාත් මට බනිවි....
ඇත්තටම මේ දවස් මට ෆුල් කචල්... ප්‍රශ්න කෙලවරක් නැ...
මොනවා කරන්නද?
කොහොම හරි අපි අත ගහපු වැඩක් ගොඩාක් හොදට කරන්න ලැබුනු සතුට මගේ හිතේ පිරිලා...
මචං වැඩේ ගොඩ..
ඔව් අපි මාසයක් තිස්සේ මහන්සි උන වැඩේ පොතේ හැටියට අද වෙන්න ඕනා...
ඔව් ඒ මධුශානි නංගිගේ කථාව..
මාසෙකට විතර කලින් මහේශ් අයියා... ඔන්ලයින් ඇවිත් පුලුවන් උදව්වක් කරන්න මල්ලි කියලා කියනකොට ඇත්තටම මම මේ තරම් දුර ගමනක් යන්න වෙන වැඩක් කියලා මම හිතුවේ වත් නැ...
පුද්ගලික මගේ ජිවිතේදිත් මගේ ප්‍රශ්න වලට උදව් කරපු කෙනෙක් විදිහට මහෙශ් අය්යාව මම දන්නේ බ්ලොග් ලොකෙන් අදුන ගත්තු හොද අයියා කෙනෙක් විදිහට....
අයියා කියපු ඒ දේ ගැන මම ගොඩාක් කල්පනා කලා.. මගේ නංගිත් ඒ වගේම වයසක ඉන්නේ...
ජිවිතේ අපිට මොනවා වෙයිද කියලා කාටද හරියටම කියන්න පුලුවන්......
මේ ගැන කියලා පොස්ට් එකක් දාන්න හිතුවා.... මම මහ ලොකු බ්ලොග් කරුවෙකුත් නෙමේනේ..
සයිබරේ යාලුවන්ට ඕපන් ආරාධනාවකුත් එක්ක මම පොස්ට් එකක් ගොඩාක් විස්තරත් එක්කම මේක බෙදා ගන්න කියලා...
ඇත්තටම හිතටට ශක්තියක් වෙලා ගොඩාක් දෙනෙක් මේ පොස්ට් එක තමන්ගේ බ්ලොග් වල පල කලා.. හැමෝටම නම් වශයෙන් කියන්න අමාරු තරමට..
ඇත්තටම පොඩි මැන්... උබට ගොඩාක් ස්තුතියි...
මොකද ගාල්ලේ හැම තැනම ඇවිදලා (කල්හාර අයියා එක්ක) මේ මධුශානි ඉන්න තෑන හොයාගෙන ඒ විස්තර වල සත්‍යය තාවය තහවුරු කරලා තමන්ගේ සහෝදර පාසලේ නංගියෙකුට උදව් කරන්න පුදුම උනන්දුවක් තිබුනා...
ඒ වැඩේ අද ගොඩ...
විවිධ සාධාර්ණ හේතු කිහිපයක් මත කොටසක් මේ මෙහෙයුමේ බර 100%ක්ම ගන්න විදිහක් නැ කියන කොට ඇත්තටම මහේෂ් අයියාටත් මටත් ටිකක් මේ ගැන බය හිතුනා... මොකද ඒ වෙනකොට අපි මේ කෙල්ලගේ හිතට නැවත ජිවත් වෙන්න පුලුවන් කියන බලාපොරොත්තුව දිලා ඉවරයි...
නැ බන් කවුරු කොහොම කිවත් අපිට මේක කරන්න පුලුවන් කියලා පොඩි මැන් වගේම තවත් අය කියනකොට බර කරට නොගත්තත් මේ වෙනුවෙන් මුදලින් ආධාර කල අය අතරට ඒ පිරිස එකතු විමත් එක්ක අපිට මේ දේ කරන්න පුලුවන් කියන හැගිම ආයෙමත් ඇති උනා..
ඕනයා අයියාව අමතක කරන්නම බැ..
මිට කලින් මම ගොඩාක් කථා නොකරලා තිබුනු ඒත් මම කැමතිම කෙනෙක් (ඇත්තටම ඒ අභිත අයියලා වගේම ගොඩාක් දෙනෙක් ඕනයා ගැන කියලා තිබුනු කථා නිසා)
ඇත්තටම මම ඉමැජින් කරපු විදිහෙම චරිතයක්..
මම දැක්කා මහේෂ් අයියාගේ බ්ලොග් එකෙත් මේක කමෙන්ට් එකක් විදිහටත් දලා තියනවා..
අරක්කුවලට දියකරන සල්ලි මේවගේ දේකට යෙදවීම පවක් නෙමේනෙ . .
මාත් එක්ක කතා කරපු මුල්ම දවසේ මේ ගැන මට කිවේත් ඔහොම කථාවක්මයි.. එදා එකතු වුන මේ කටයුත්ත වෙනුවෙන් ගොඩාක් මහන්සි උන කෙනෙක් ඕනයා අයියා..
ඉතින් ගොඩාක් පින් අය්යේ නුබටත් නුබේ පවුලේ ලබැදියන්ටත්...
බිග් මැච් අස්සේ එක එක කෙලි අස්සේ.. අසනිප මැද්දේ මේ වෙනුවෙන් දුව පැනපු මහන්සි උනු පොඩි මැන්.. බ්ලොග් එකෙන් මම නොදකින උබේ ජිවිතේ තියන මනුස්සකම මම කොල් කරපු හැම වෙලාවකම ෆේස් බුක්, ජි ටොක් හැම චැටකම මම දැක්කා..
යාලුවා ගොඩාක් පින්....
මේ දේවල් වලට මම පින් දෙන්න ඕනේ නැ.. එතන ඉදන් මදුෂාණිත් ඇයගේ පවුලේ අයත් ඒ දේ අනිවර්යෙන්ම කරන්න ඇති..
සයිබර් අවකාශයේ මිතුරනි ඔබලා සැමටම ගොඩාක් පින්.. මන්ද නුබලා නිසා අද අකාලයේ මිලින වන්නට තිබු ජිවිතයක් යලි වැර විරිය යොදා පිපි දිදුලන්නට වරම් ලබයි...
හැමට පුද්ගලිකව කිව නොහැකි තරමේ ගොන්නකගේ දායකත්වය මේ වෙනුවෙන් ලැබුනු නිසාවෙන් අපේ ඉලක්කය අභිබවා දැරියගේ ඉදිරි ප්‍රතිකාර සදහාද වැය කල හැකි තරමේ විශාල මුදලක් ඔබගේ දායකත්වයෙන් ලැබුනු වග සදහන් කරන්නට කැමත්තෙමු..
සැමට බොහොම පින්.......
ප.ලි : මේ පිළිබද වැඩි විස්තර, ඡායාරුප සමගින් පොඩි මැන් ගේ ලිපියක් බලාපොරොත්තුවෙන්....
ප.ප.ලි : සයිබරයේ සිහින උලෙලට තව දින 51 යි..............
කට්ටිය රෙඩිනේ...............
ඇත්තටම මේ කටයුත්ත සාර්ථක වුනා නම් එහි වැඩි ගෞරවය ඔබත් , ඔබ නම් කළ සහ නොකළ මිතුරු කැළත් සතුයි .
ReplyDeleteවිශේෂයෙන්ම වැඩි පිරිසක් ගොඩ නොවදින මගේ බ්ලොග් සටහනේ මෙය පළ කළ පමණින් මෙතරම් සරු ප්‍රතිකාරයක් නොලැබෙන බව මගේ විශ්වාසයයි .එතැනදි ඔබේ බ්ලොග් සටහන , පොඩි මෑන් මල්ලිගේ බ්ලොග් සටහන ප්‍රධාන ප්‍රචාරක මාධ්‍ය වුනු බව කියන්නටම ඕනෑ .
දින 14ක් ඇතුලත රුපියල් ලක්ෂ තුනකටත් වඩා එක් රැස් කරගන්නට , ඔබ සැමගෙන් ලැබණු කාරුණීක පරිත්‍යාග මෙන්ම , මේ තොරතුරු බෙදා දෙන්නට , තොරතුරු සොයාගන්න කැපවූ දේවා මල්ලී , පොඩි මැන් මල්ලි සහ ඕනයා මල්ලි ඇතුළු සයිබරයේ සියළු හිතවන්තයන්ට මගේ ගෞරවය පිරිනමනවා ...ඔව් ඔබේ සහෘදත්වයේ උණුසුම් උපකාරයෙන් , “මධුෂාණී“ ...ආයෙත් සිනාසෙනවා ...ඔබේ සහයෝගය නොවන්නට මේ තවත් එක් තරුණ දරුවෙක්ගේ ජීවිතය ගැන අමිහිරි කතාවක් අසන්නට වන “අවාසනාවත්ත කතාවක්“ වන්නට තිබූ ඉඩ බොහෝමයි ...දැන් සයිබර් සිහින උළෙලට ළඟයි ...ඒත් දැනටමත් ඔබ එක් ජීවිතයක් සිහිනයක් වන්නට නොදී “සොඳුරු උළෙලක්“ කර හමාරයි ...ප්‍රතිකාර සියල අවසන ඇය ඉක්මණින් ඇගේ සුපුරුදු පුහුණූ කටයුතු සඳහා පැමිණේවි ..ලොවට සේවය කළ හැකි පුරවැසියෙක් ලෙසින් ඔබේ සමාජයේම රැඳේවි ....කෙසේ වෙතත් ඇය “සයිබර් අවකාශයේ සෙනෙහසේ සිහින කුමරියයි “ ....බොහොම පිං මල්ලියේ ඔබට ...ඒ දින කිහිපය පුරාම මා කරදර කළා නම් ඒ වෙන්වෙන් සමාව ඉල්ලා සිටිනවා ...
ඔන්න අයියා කිවා කතාවක්... කොහෙද අය්යේ ඔයා කරදර කලේ.... අපි හැමෝටම ඕන උනේ මේ නංගාගේ ජිවිතේ වෙනුවෙන් වැඩ කරන එකනේ,............... ඔයාට ගොඩාක් පින් මේ වෙනුවෙන් මාවත් සම්බන්ධ කරගත්තට..
Deleteසමාජයෙන් හොයා ගන්න බැරි වුණු හිත හොඳ මිනිස්සු බ්ලොග් අවකාශය විසින් මට සමීප කරා. ඒ වටිනා මිතුරු මිතුරියන් දැක ගන්න අප්‍රියෙල් වල කොහොම හරි එන්නයි බලාපොරොත්තුව.
ReplyDeleteමුන ගැහෙන ඒ දවසට තව දින 50කටත් අඩුවෙන්.........
Deleteඅහන්නත් සතුටුයි
ReplyDeletehmmmmmmmmmmm
Deleteමට හිතුන දේ බට්ටා කියල.කමක් නෑ .මටත් දැන් බ්ලොග් ලියන සිත් ඇත්තන් දකිනකන් ඉවසිල්ලක් නෑ.මම හිතන්නේ මේ කලා කාර මල්ලියා ගොඩක් වසනා වන්තයි.මේ වගේ හොද පුරවැසියන් අතරේ සැරිසරන්න ලැබීම ගැන.මොන වැඩේ තිබුනත් 22 ඔයාල බලන්න එනවා එනවාමයි අයියේ
ReplyDeleteඑහෙමනම් කලාකාරයා මල්ලි 22 අපි මුන ගැහැනවානේ................
Deleteහදවතින්ම සතුටුයි .....
ReplyDeleteමේ සයිබර් අවකාසෙ මනුස්සකම කියන එක තියන බව තව පාරක් ඔප්පු උනා .....
"සයිබර් අවකාශයේ සෙනෙහසේ සිහින කුමරියයි"
ReplyDeleteසෙනහසේ කුමරියගේ මුවඟ සදා සිනහව රැඳේවා...
නියමයි බං!
ReplyDeleteඅහන්නත් සතුටුයි මල්ලි.සල්ලි එකතු කරන වැඩේ කොච්චර අමාරුද කියලා මං දන්නවා.. :((
ReplyDeletegodaak sathutuyi :)
ReplyDeleteතවමත් රත්තරන් මිනිස්සු මේ රටේ ඉන්නවා
ReplyDeleteපොඩි මෑන් ඒවෙනුවන් ලොකු බරක් කරට ගත්තු එකෙක් මධුෂාණිගේ හැම හිනාවක් ගානෙම උඹෙ එකවුන්ටි එකට පින් ලොරි ගනන් බැර වේවි මචෝ
ReplyDeleteඇයට ඉක්මන් සුවපතමි
අඩේ අයියේ කොමෙන්ටි මාරු උනා කලින් එක නොසලකා අරින්න ඇ
ReplyDeleteහොඳ මිනිසුන්ට කවදාවත් වරදින්නෙ නෑ.....මධුෂාණි නංගිට දීර්ඝායුෂ ලැබේවා.....!!!!
ReplyDeleteගොඩක් සතුටුයි !!!
ReplyDeleteසතුටුයි වැඩේ ගොඩ කියලා දැනගත්තම....
ReplyDeleteකෙනෙකුගෙ සතුට වෙනුවෙන් සතුටුවෙන අය අඩු ලෝකයක එහෙම සතුටු වෙන්න පුලුවන් සමාජයකට ගොඩවෙන්න ලැබුන එක සතුටක්
ReplyDeleteහදවතින්ම සතුටුයි අයියේ සුළුවෙන් වුනත් දායක වෙන්න ලැබුණු එකටත් අක්කා සනීපෙන් ඉන්න එකටත්....බොහෝම පිං අයියේ...
ReplyDeleteWell done...!!!
ReplyDeleteඅම්මෝ ඇති යන්තම්....
ReplyDeleteඑල !
ReplyDeleteපට්ට සතුටක් තියෙන්නේ.. එල..
ReplyDeleteඅවංකවම හුඟක් සතුටුයි..
ReplyDelete