ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 March, 2012

කෙල්ලෙක් කොල්ලෙක් ආදරෙන් බැදෙන්න වයස බලපානවාද?

ටික කාලෙකට එක්සැම් ටෙන්ශන් එකෙන් මිදිලා පොස්ට් එකක් ලියලා... ‍ෆිල්ම් එකක් බලලා පොඩ්ඩක් ඉන්න පුලුවන් කාලයක් උදා වෙලා...

ඇත්තටම මේ අන්තර් ජාලේ ගැන අපි මොනවද දන්නේ.. අන්තර්ජාලෙට පිවිසිලා දන්න කියන ඔය එක එක සයිට් දෙක තුනක් පෙරලලා.. වැඩි හරියක්ම අපි ගෙවන්නේ මේ බ්ලොග් ටික , මාක් අයියාගේ මුනු පොත ‍ටුවිටරේ.. ගුගල් අයියාගේ + එකේ ඇරෙන්න අපි වෙන පි‍ටු පෙරලනවා අඩුද මන්දා... තව කොච්චර නම් දේවල් තියනවද මේ ජංජාලේ....

අද ඉතින් ඔහොම කතාවක් කියලා යන්න නෙමේ මේ හැදුවේ...  ටිකක් විතර ලගින් යන කථාවක්...

මම ඉතින් ඇත්තටම වැඩි හරියක් රස්සාවත් එක්ක ගත කරනකොට (පැය 13ක් විතර) ඉතිරි වෙන්නේ පැය 11යි නිදා ගන්නත් එක්ක.. ඔන්න ඔය නිදාගන්න පැය 11ත් එක්ක බලනකොට මම මේ මුනු පොතේ කොච්චර ඉන්නවද කියලා ඔය පහල පින්තුරෙන්ම බලාගන්නකෝ..

හොදයි නේද මම

ඉතින් ඔය මුනු පොතෙන් මට හොද හොද වාසි එහෙම ඇත්තටම ලැබෙනවා.. තව යාලුවෝ 100ක් විතර එක්ක්කතු උනොත් ඒක 4000ත් පැනලා යනවා..

ඔය යාලුවොත් එක්ක චැට් කරන එක ඉතින් මගේ හොබි එකක්නේ...

මේක මේ ලගකදි උන දෙයක්...

ටිකක් විතර ලස්සන කෙල්ලෙක් එක්ක පොඩි චැටක් දාගෙන උන්නා මම .. අනේ මන්දා සමහර අය මාත් එක්ක ගොඩාක් ඉක්මනට ‍ෆිට් වෙනවා. තවත් සමහරු මම කොච්චර කතා කලත් කතා කරන්නේම නැනේ.. අනේ මන්දා ඉතින්...

කොහොමහරි මේ චැට් කරපු ගර්ල් එක්කත් මම ගොඩාක් ‍ෆිට් උනා (තාමත් එහෙමයි)

කියපු වචන එහෙමම ඕනේ නැනේ... කියපු දේ කෙටියෙන් මෙහෙමයි..

ඒ ගර්ල් ඇත්තටම මගේ වයසේ වගේ තමා... ඒ ගර්ල් ට වඩා වයසින් බාල මල්ලි කෙනෙක් ආදරේ කරනවාලු..... හැමවෙලේම කෝල් කරනවලු.. මැසේජ් කරනවාලු...

ඉතින් දැන් මේ ගර්ල්ට මේක වදයක් වෙලා.. දැන් මේ ගර්ල් මැරි කරන්න උන්නත් මේ බෝයි මේක නවත්වන්නේ නැහැලු.....

මේක නවත්වගන්න බැරිම තැන ගර්ල් ගේ අම්මාට කියලා කිව්වත් අහන්නේ නැහැලු.. මේ ගර්ල්ට වඩා අවුරුදු 5ක්ම බාලයිලු,...

මම ඉතින් ඇහුවා එහෙම එයා හැසිරෙන්න මොකක් හරි අනුබලයක් වත් ඔයා දුන්නද කියලා.. එහෙමත් නැහැලු... දවස් 5,6කට වඩා දැකලාත් නැහැලු.... 

කියනවාලු මම ඔයාට ගොඩාක් ආදරෙයි.... කිය කියා විකාර කතා ගොඩාක්...

ඇත්තටම මේ ආදරේද?

කෙල්ලෙක් කොල්ලෙක් ආදරෙන් බැදෙන්න වයස බලපානවාද?

කොල්ලෙක් තමන්ට වඩා වැඩිමල් කෙල්ලෙක්ට ආදරේ කරන්න බැරිද?

කෙල්ලෙක්ට තමන්ට වඩා බාල කොල්ලෙකුට ආදරේ කරන්න බැරිද?

මොනවද මම මේ කෙල්ලට කියන්න ඕනේ මට තෙරෙන්නේ නැ..... (මිට ටිකක් ලගින් යන පොස්ට් එකකුත් කාලෙකට කලින් නම් දැම්මද කොහෙද? කාලේ වෙනස් වෙලානේ, )

89 comments:

  1. ආදරේ කියන්නේ හිතේ ඇති වෙන හැගීමක් නේ. ඉතිං ආදරේට මොන වයසකද බං. ඒත් කසාද බදින කොට නම් ඔය වයස ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. බදින උන්ට නැතත් අනිත් උන්ට

    ReplyDelete
    Replies
    1. අපිට මොක්ද කවුරු මොනවා කිවත් කියලා හිතුවොත් ඉතින් ඔය ප්‍රශ්නේ විසද ගන්න පුලුවන් වෙයි දෙන්නට නේද?....

      ආදරේ තියෙන්නේ හිත ගිය තැනලුනේ...

      Delete
  2. දේවා, මේකට කමෙන්ට් කරන්න කලින් ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න...

    1. බඳින්න ඉන්න කෙල්ලො එක්ක ඇයි උඹ චැට් කරන්නේ.... ඕවා එහෙන් මෙහෙන් ලීක් වෙලා ඒ කසාදෙ කැඩුනොත්?

    2. ආදරයට වයස ප්‍රශ්නයක් නෑ... අවුරුදු 80 විතර අන්කල්ලා ඇන්ටිලා පුන්චි කොල්ලො කෙල්ලො අතේ එල්ලිලා යන හටි දැකලා තියෙනවා නේද?

    3. පැය 13ක් ඔෆිස් එකේ ඉඳලා පැය 6කටත් වැඩි කාලයක් බුකියේ ඉදලා තව පැය දෙකක්වත් වෙන කරලා පය තුනක් නිදාගෙන උඹ ලෙඩ උනොත් ඔය චට් කරන කෙල්ලො එනවද උඹට බේත් කරන්න?

    4. යාළුවෝ 4000න් කීයක් ෆේක් ප්‍රොෆයිල්ද? උඹටත් දවසක අර පිස්සගේ යාලුවෙකුට වෙච්ච වැඩේ වෙයිද...?

    ReplyDelete
    Replies
    1. අභිත අයියේ මෙන්න උත්තර :

      1. එකට ඉතින් මම මොනව කරන්නද? මම බලෙන් කරනවා නෙමේනේ....
      2. දැකලා තිබේ නමුත් කසාද බැදලද කියලා දන්නේ නැනේ
      3. එන්නේ නම් නැති වෙයි අය්යේ.. ඕක ගැන හිතලම මම පොඩ්ඩක් අඩු කරගෙන යනවා මේ දවස් වල
      4. බ්ලොග් ෆේක් හැර අනිත් එවා නම් දැනගත් මොහොතෙම අයින් කරන නිසා පොඩ්ඩක් විතර අඩුයි... බට් නැත්තෙමත් නැ ඉතින්
      (මොකක්ද ඒ පිස්සාගේ යාලුවට උනේ)

      Delete
    2. මේ තියෙන්නේ වෙච්ච දේ

      http://palaamalla.blogspot.com/2012/03/blog-post_19.html

      Delete
    3. තවම නම් ඉතින් මම ඔය වගේ ඇදලා නැ.එත් ඉස්සරහර එහෙම වෙයි වගේ ටිකක් පරිස්සම් වෙන්න වෙනවා දැන් නම්...

      අහ්හ්.... කෝ දැන් අර දානවා කිව කමෙන්ට්..

      (දේවා, මේකට කමෙන්ට් කරන්න කලින් ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න...)

      Delete
  3. පිස්සු එකයි අවුරුද්දක් දෙකක්නම් අව්ලක් නෑ අවුරුදු 5ක් නේ බං.. මූ අමුතුම ලැම්බෙක්

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් 2ක් අවුලක් නැද්ද? මමත් මේ බයේ උන්නේ බන් මල්ලියෝ... හිකිස්

      Delete
  4. මම නම් හිතන්නේම වයස කිසිම බාධාවක් නෑ කියලා.ආදරේට විතරක් නෙමෙයි කසාද බඳින්නවත් වයස බලපෑමක් විය යුතු නෑ මොකද දෙන්නත් එක්ක සමගියෙන් සමාදානෙන් බෙදා හදාගෙන ආදරෙන් ඉන්නනේ ඕනේ... දෙන්නට දෙන්නා තේරුම් අරගෙන ඉන්නවනම් එච්චරයිනේ...

    හැබැයි අයියා කියලා තියෙන සිද්ධියෙදි අර කොල්ලා ආදරයක් නෙමෙයි කරදරයක් කරන්නේ..හැබැයි මගේ යාළුවෙක් ඉන්නවා අවුරුදු 6ක් වැඩිමල් අක්කා කෙනෙක්ට ආදරේ කරන.. ඒ දෙන්නා හරිම සතුටින් ඉන්නවා වයස කිසිම ප්‍රස්නයක් නෑ...

    අනික මටත් වයස ප්‍රස්නයක් නෑ... මාත් මේ කාණ්ඩෙට අයිතියි...

    ReplyDelete
    Replies
    1. මගෙත් ලගම හිතවතියක් ඔය කාණ්ඩයට අයිති වෙලා ගෙදරින් ගොඩාක් කේස් ආවත් දෙන්න එකට උන්න නිසා මේ ඔක්තොම්බරයේ අපිට වෙඩින් කේක් කන්නත් පුලුවන් වෙලා...
      ඇත්තටම තේරුම් ගන්න පුලුවන් නම් ඕක ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකකුත් නැ තමා..

      මල්ලිත් ඒ කාණ්ඩේද?

      Delete
    2. ඔව් අයියේ හැබැයි චූටිම චූටි කාලේ ඉඳන් එකට හිටිය හොඳම යෙහෙළියක් නිසා වෙන්නැති දෙන්නටම එහෙම හැඟිමක් ඇති වුනේ...

      Delete
    3. සතුටින් ඉන්න මල්ලි..... පොඩි කාලේ ලගින් උන්නු අය දැන් දුර පලාත් දෙකක වුනේ කොහොමද?

      Delete
    4. ඒක දිග කතාවක් අයියේ... එයා කොල්ලෙක්ව මුලින්ම කතා බහ කරලා අඳුරගත්තනම් ඒත් ඒ මං තමා,බ්ලොග් එකේ නොලියවෙයි හැබැයි... අපිට මේක අවුලක් නොවුනට කාට කාට අවුලක් වෙයිද දන්නෑනේ

      Delete
    5. කාට අවුලක් උනත් මොකද මල්ලෝ.. ඔයාලා සතුටින් නම්.... ඉතින් ඉතින්.... දවසක මුන ගැහුනොත් එදාට කියන්නකෝ ඔය කතාව...

      ජය වේවා...

      Delete
  5. සමහරුන්ට නම් ඒක ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ. හැබැයි මටනම් ඉතින් කොල්ලෙක් මට වඩා අවුරුද්දක් වත් බාලයි කියලා දැන ගත්තොත් මට එයාව පේන්නේ පොඩි ම පොඩි මල්ලි කෙනෙක් වගේ..හි හි

    ReplyDelete
    Replies
    1. වෙලාවට අක්කා බැදලා උන්නේ.. නැත්නම් අපි පොඩි පොඩි.............. මල්ලි කියලානේ කතා කරන්නේ...

      සමහර අයට නෝ ප්‍රොබ්ලම් සමහර අයට බිග් ප්‍රොබ්ලම්

      Delete
    2. මටනං කෙල්ලෙක් "පොඩි මල්ලි" කිවුවොත් බිග් ප්‍රොබ්ලම් . . . විලිලැජ්ජාවෙ බෑ

      Delete
    3. අයියාට ඉතින් මල්ලි කියලා කියන්නේ වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න ආච්චි අම්මලානේ... අයියාටත් ඉතින් දැන් 60කට කිට්‍ටුයිනේ නේද?

      Delete
    4. හැට දෙකක් මල්ලියේ . . .

      ප.ලි.
      මල්ලිටනං කොමන් සෙන්ස් කියල එකක් ගෑවිලාවත් නෑ නේද ???

      Delete
    5. බුරියෙන් පල්ලෙහා වයස ගහලා තියෙනවද..??

      Delete
    6. ඕනයා : ඒ මොකද අයියා එහෙම කියන්නේ.............. :'(

      Delete
    7. නරකයා : ඒක නම් ඉතින් කියපු අයගෙන් තමා අහන්න වෙන්නේ

      Delete
  6. අවුරුදු 1ක් 2ක් කොල්ල බාල උනා කියලනම් එච්චර අවුලක් නෑ මම හිතන්නෙ....ඒත් ඉතින් අවුරුදු 5ක් බාලයිනම් තනි අවුල...කොල්ලට 25ක් විතර වෙද්දි කෙල්ල ඇන්ටි කෙනෙක් වගේ ඉදීවි :D

    ReplyDelete
    Replies
    1. යාලුවාව මිට කලින් දැකලා නැද්ද මන්දා? අලුතෙන් නම් මේ පලාතේ සාදරයෙන් පිලි ගන්නවා..
      අවුරුදු 5ක් කියන එක ලොකු ප්‍රශ්නයක් තමා නේද යාලුවා..

      Delete
  7. පිස්සු හෝන්තුවක් නේ චැට් කරන එක නවත්තන්න කියපන්කෝ. ආදරේ කරන්න වයස බලපාන්නේ නෑ. මට මතකයි මම 3 පංතියේ ඉන්න කොටත් ලව් එෆයාර් එකක් තුබුනා. පංතියේ උන් මට කතා කරන්නේ කෙල්ලගේ නම කියලා. කෙල්ලට කතා කරන්නේ මගේ නම කියලා. ඒ කියන්නේ ඉතින් ක්‍රෂ් එකක්

    ReplyDelete
    Replies
    1. අම්මෝ........... මාතලන් අයියා....... ඉන්නකෝ නැන්දාට කියන්න..... (අහන්න එපා දැන් මම අයියා... වයිෆ් කොහොමද නැන්දා උනේ කියලා

      අයියාට කියන්නේ මගෙත් තිබුනනේ 5 වසරේදි එකක්.. ඒවා ඉතින් දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා...

      Delete
  8. අපෝ පුළුවන්....කිසි ප්‍රශ්ණයක් නෑ....හැබැයි දෙන්නටම ලොකු ආත්ම ශක්තියක් වගේම දෙන්නගෙම කැමැත්තත් තියෙන්නෝනෙ......නැත්තන් හරියන්නෑ...:)

    ReplyDelete
    Replies
    1. අග්නි ධාරා ගේ අත් දැක්ම් ද?

      විහිලු හොදේ (මොකද මම දන්නවා ඔයා කියන්නේ මම තාම චුටියි කියලානේ)

      ඇත්ත හොදේ

      Delete
  9. මාත් කියන්නේ ආදරේට වයස බල නොපැවට විවාහයට එය බලපාන බවයි .

    ReplyDelete
    Replies
    1. අක්කාව දැකපු කල්...............

      විවාහයට බාධාවක් නොවන වග ඇස් දෙකෙන්ම දැකලා තියන නිසා මම නම් ඒක හරි කියන්නේ නැ අක්කෝ

      Delete
    2. ඕවයේ හරි වැරැද්ද මුලින් තේරෙන්නේ නෑ. බැඳලම බලන්නකෝ අවුරුදු විස්සක් වගේ වැඩිමල් කෙනෙක් ඔයා. එතකොට තේරේවි.

      Delete
    3. නැත නැත අක්කා මගේ මිතුරියකගේ අම්මා වැඩිමල් තාත්තට වඩා අවුරුදු 11ක්.... කිසි ප්‍රශ්නයක් නෑ මිතුරියට 19 ඒ කියන්නේ කසාදේ අවුරුදු 20කට කිට්ටු වෙන්න හොඳින් ගෙවෙනවා කියන එකනේ... හලේ මට නම් ඕක ප්‍රස්නයක් නෙමෙයි

      Delete
    4. Gimhani : අක්කා මොනවද අනේ මේ කියන්නේ.. මට වඩා අවුරුදු 20 වැඩිමල් කෙනෙක් බදින්න කියන්නේ...... අලේ............. බැ

      Delete
    5. ගැමියාගේ පත් ඉරුව : මෙන්න සාක්ෂි...... ඇත්තටම ඒ අය සතුටින් ගෙවන එකම ගොඩාක් වටිනවා

      11 කෙසේ වෙතත් තුන ක් හතරක් නම් අවුලක් නැ

      Delete
  10. අවුරුදු 5නම් මොකද්ද මම දන්න කෙනෙක් ඉන්නවා මිනිහට වඩා අවුරුදු 12ක් වැඩිමහල් ගෑනියක් එක්ක.(living together)
    තව යාළුවෙක් ඉන්නවා මිනිහව පුංචි කාලේ බලාගත්තු කෙනාව බැන්දේ ළමයිනුත් 2ක් ඉන්නවා. වයස් පරතරය අවු.6යි.
    තව කොටු පනින්න නම් දරාපු මල්ලි කෙනෙක් ඉන්නවා අපේ ගම පැත්තෙ මිනිහට "අක්කලා" හරි ආදරෙයි. එක අක්ක කෙනෙක් කසාදෙ ලි.ප. කරන්න කලින් දවසෙත් අර මල්ලි එක්ක (XXX)

    ඔන්න ඔහොමයි අක්කලා- මල්ලිලාගේ උරුතාන්ත....

    හැබැයි කසාද කෙරුවාවට නම් පුරුස පරානෙ ගෑණු පරානෙට වඩා අවු. 6 ක් 7ක් වත් වැඩිමහල්නම් තමා වැඩිය හොඳ. නැත්නම් මහත්තයා තවමත් කාම සූත්‍රය කියවද්දි නෝනා මහා පරිනිබ්බාන සූත්‍රය කියව්වොත්.....වෙන අවුල හිතාගන්න පුළුවන්නෙ..

    ReplyDelete
    Replies
    1. අයියා ගේ කමෙන්ට් වල හැමදාම සාක්ෂිත් එක්කම තියනවානේ... මල්ලිලා අක්කාලා අතරත් හොද හොද කෙලි වෙනවා නේද?

      ඒත් අවුරුදු 6ක පරතරයක් නම් මම හිතන්නේ නෑ ඔන වෙයි කියලා.... ඔක්කොටම වටින්නේ දෙන්නා අතර අවබෝදයනේ..

      Delete
  11. ආදරේ කරන්න වයසක් නැහැ නොවැ...

    කොල්ලෝ 28-30 අතර බදින එකත්
    කෙල්ලෝ 28ට පෙර බදින එකත් හොදය

    ReplyDelete
    Replies
    1. අයියා කියන විදිහට මේ කොල්ලාට තව අවුරුදු 4,5ක් පාඩුවේ ඉන්න පුලුවන් වෙයි වගේ

      Delete
  12. ලියෝටෝල්ස්ටෝයි, ඒබ්‍රහම් ලින්කන් ඇතුළු තවත් අපහසුවෙන් ජීවිතය අය ගොඩක් දෙනෙක් බැදල තියෙන්නෙ තමන්ට වඩා වැඩිමහල් කාන්තාවන්. ටෝල්ස්ටෝයිගේ නෝනා අව්රුදු පහළොවක් වැඩිමල් නම් අව්රුදු පහ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා..... ඒ වගේ උත්තම පුරුශයන්ට විතරක් කැප දෙයක් නෙමේනේ නේද මේක....

      Delete
  13. මල්ලි,
    ඩොනමෝර් සාමිගෙ කාලෙ ලංකාවට ආපු සුද්දෙක් කියල තියනව "බිලෝ ද බුරිය, ඒජ් ඉස් නොට් අ බැරියර්" කියල. හිතට ගනිං

    ReplyDelete
    Replies
    1. ඕනයා කියනා පරිද්දෙන්ම සුද්දා ශුවර් එකට ඔය වචන ටිකම කියපු බව මම සනාථ කරමි.

      henryblogwalker the Dude the historian

      Delete
    2. ඕනයා : මොකක්ද අයියා මේ කියන්නේ............ මම තාම පොඩි එකානේ තෙරුනේ නැ...

      Delete
    3. Dude : අයියා ඒ කාලේ උන්නැයි....

      Delete
  14. ආදරේට ඔය කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙමෙයි කියල තමයි කියන්නේනම්.. ඒ උනත් ලංකාවේ සංස්කෘතිය එක්ක ඔය වයස ගොඩක් බලපානවා.. ඒත් ඉතින් ඔය සම්මතයන්ට පයින් හගපු අයත් නැතුවම නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. ඒත් සම්මතයට පයින් ගහලා සතුටින් ඉන්න අයත් ඉන්නවා මම දන්න කියන...

      Delete
  15. මට නම් බැහැ මට වඩා බාලයෙකුට ලව් කරන්න....එයාලව මට පේන්නෙ මල්ලි ලා වගේ...

    ReplyDelete
    Replies
    1. කිරිල්ලි............ මට නංගි කෙනෙක් නේද (හොරෙන් අහන්නේ)

      Delete
  16. ඒක නෙවෙයි කොහොමද බං උඹ ඉක්මනින් කෙල්ලෙක්ව ෆිට් කරගන්නේ.රහස කියපන් කෝ.

    ReplyDelete
    Replies
    1. එහෙම මුකුත් නැ බන්.. වෙලාවකට එකෙක්වත් නැ චැට් එකට

      Delete
  17. ආදරේට කවදාවත් වයස ප්‍රශ්නයක් එන්නේ නෑ..ආදරය කරන්නේ එයාලගේ හිත් වලින් නිසා. ඒත් මේ ඉලක්කම් වල වෙනස ලෝකයට ප්‍රශ්නයක් වෙනවා.අනික දෙන්නාගේ පෙනුමේ වෙනසක් ආවොත් මිනිස්සු පිරිමි කෙනාගේ ඔලුව අවුල් කරලා පවුල කඩලා දානවා. එහෙම නොවී ඉන්න නම් පිරිමි කෙනාට නොවෙනස් හිතක් තියෙන්න ඕන.
    හැබැයි ඔය හැම ප්‍රශ්නෙම තියෙන්නේ ලංකාව ඇතුලු ආසියාතික රටවල..

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් ඇත්තටම අක්කෝ වයස ගැටලුවක් කරගන්න එක හොද නැ කියලා හිතෙනවා අක්කෝ ජිව්තේ වැඩියෙන්ම වටින දෙයක් ගැන තිරනය කරනකොට

      Delete
  18. ආදරේට වයස ප්‍රශ්ණයක් නැහැ. හැබැයි.... දෙන්නට දෙන්න ආදරේනම් විතරයි.....

    ReplyDelete
  19. ආදරේට වයස ප්‍රශ්ණයක් නැහැ. හැබැයි දෙන්නට දෙන්න ආදරේනම්.....

    ReplyDelete
  20. හ්ම්.... මගෙ හොදම යාලුවෙක්ගෙ අම්මගෙයි තාත්තගෙයි වයස අතර පරඅ අවුරුදු 5යි.අම්මා වැඩිමල්.හැබැයි ඒ පරතරය වැඩිය පේන්නෙ නෑ.මොකද අම්මගෙ කොන්ඩෙ කලුම කලුයි,තාත්තගෙ සුදුයි.

    ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ එක එක්කෙනාගෙ හිත්වල. තමුන්ට හොදනම් මොකද.
    හැබැයි මටත් ඔය සයුරි අක්කට තියෙන ප්‍රශ්නෙම තියෙනවා. :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වයස ප්‍රොබ් එකක් කරගන්න හොද නැ මම හිතන විදිහටත්., එත් දෙන්නා අතර ගොඩාක් ලොකු අවබෝධයක් තියන්න ඕනා.. ඒ වගේම ඉතින් පස්සේ කාලෙක ලමයි ඒ ප්‍රශ්න වලට මුහුන දෙන විදිහ ගැනත් හිතන්න ඕනා..

      Delete
  21. ආදරේට මොන වයසද, හැබැයි ඉතිං සමාජෙන් නං එව්වා මෙව්වා අහන්න වෙනවා ....
    ඒවා ඉතිං ගනං ගන්න දේවල් නෙමේනේ ......

    ReplyDelete
    Replies
    1. අය්යාව බුකියෙවත් දැක්කේ නැ නැනේ.... ආදරේ ගැන ගොඩාක් දේවල් අය්යාගේ බ්ලොග් එකෙත් තියනවානේ.....

      වයස නෝ ප්‍රොබ් වෙනවට මමත් ගොඩාක් කැමතියි

      Delete
    2. මේ දවස්වල මලයා කිසිම දේකට ඉවරයක් නැහැ, කොටින්ම කියනවා නං බ්ලොග් ටික කියවන්නවත් වෙලාවක් නෑ .....

      Delete
    3. මොන වැඩ තිබුනත් අයියා 22 දවස වැල්ලවත්තේ එනවා නේද?

      Delete
  22. මගේනම් අදහස බදිනවානම් පිරිමි කෙනා පොඩ්ඩක් හරි වයස වැඩි වෙන්න ඕනෙ ගැහැණු කෙනාට වඩා.. ආදරය කරද්දීනම් ඕවා ප්‍රශ්න නෙවෙයි.. මොකද වයස ගැප් එකක් තිබුණට දෙන්නගෙම තරුණ අවදිය නිසා ගැටලුවක් නෑ.
    සාමාන්යයෙන් ගැහැණු අය පිරිමින්ට සාපෙක්ශව මනසිනුත්, පෙනුමෙනුත් ඉක්මණට වයසට යනවා.. වයසත් එක්ක ජීවිතේ ළමයි පමණක් වෙනවා. ස්වාමියාට ඒ වයසට අවශ්ය සමහර දේවල් ගැහැණියගෙන් නොලැබෙන්න පුලුවන්. හිතාමතා නොවෙයි. ගැහැනියගේ සාමාන්යය එයයි වයසත් එක්ක. ගැහැනු කෙනා පිරිමියාට වඩා ඇත්තටම වයසිනුත් වැඩිනම් අම්මයි පුතයි වගේ පෙනේවි සමාජයට. ඔය් වගේ දේවල් නිසා පවුල් ප්‍රශ්න ඇරඹෙන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. සම්මානි.... ඇත්ත ටම ඔයා කියන දේ එක්ක මම 100%ක් ම එකග වෙනවා....
      මම මෙතන ඇත්තටම කථා කලේ අවුරුදු 2,3ක් අතර වයස පරතරයක් ගැන.. ඊට වඩා වැඩි වුනොත් නම් ඇත්තටම ගොඩාක් අවුල්.... එහෙම වෙනවට නම් මම කැමති නැ... එත් අවුරුදු 2,3ක් අතර ඔය කියන ප්‍රශ්න දැනෙන එකක් නැ නේද?

      Delete
  23. කෝකටත් 'පිස්සා පළාමල්ල' ටික දවසකට ඉස්සෙල්ල දාපු පොස්ට් එකක් ඇති ෆේස් බුක් කෙල්ලො ගැන, ඒක පොඩ්ඩක් කියෝල බැලුව නං, මෙතන යන්නෙ දේව් ව ඇන්දීමක්ද දන්නෙත් නා :-)

    ReplyDelete
    Replies
    1. නැ ඔබා මාමේ... දවසකට එස් එම් එස් බර ගානක්... කොල් විනාඩි ගානක් හුවමාරු වෙන නිසා ඒක මාව නම් අන්දනවා නෙමේ.... කොහොමත් චැට් එකක කොහොමත් මම මොබයිල් නම් එක ඕනාම වෙනවා. එතකොට ඇන්දෙන්න තියන ඉඩ පොඩ්ඩක් අඩුයිනේ

      Delete
  24. හරියන වැඩක් නෙවෙයි. පඅඩි පඅඩි ජීවවිද්‍යාත්මක කරස් සෙට් වෙලා පවුල් අවුල් අැතිවෙන්න පුලුවන්. (විශේෂයෙන් අවුරුදු 40න් විතර [අාර්ථවහරණයන්] පස්සෙ)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට මේක නම් තේරුනේ නැ .. එත් ප්‍රශ්න ඇති වෙනවා කියන එක නම් වයස ප්‍රශ්නයක් නොවුනත් ඇති වෙනවා නේද?
      අවබෝධය කියන දේ තමා වටින්නේ..

      Delete
  25. http://lankapriyagesithivili.blogspot.com/2011/07/blog-post_28.html මෙන්න මේකත් බැලුවනං. දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙක් කියන දෙයක්නේ...

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්නම ඕනා..... තැන්කු තැන්කු ලින්කුවට

      Delete
  26. මං නම් හිතන්නේ නැහැ ආදරේ කරද්දී වයස අවුලක් නැහැ කියලා.කෙල්ල අවුරුදු උපරිම 5,6ක් වගේ වැඩිමල් වුනාට අවුලක් නැහැ

    මට වඩා වැඩිමල් උන් මට වෙලාවකට අයියා කියනවා.ඒත් මං කෙල්ලෙක් එක්ක කතා කරොත් ඒ කෙල්ල මට මල්ලි කියනවා :(

    ReplyDelete
    Replies
    1. මේකනේ බන් ඔය කෙල්ලෝ ටිකේ සමහර විට ඇස් පෙන්නේ නැතුව ඇති.... එහෙම උනහම තමා ඔහොම වෙන්නේ

      Delete
  27. මම ආදරය කරන්නේ මට වඩා අවුරුදු හතරක් වයස කෙල්ලේක්ට මම ඒයාව අදුරන්නේ දැනට අවුරුදු 16 කට කලින් ඉදලා අපි ආදරය කරන්න ගත්තේ නම් දැනට අවුරුදු දෙකකට කලින් අපි දෙන්න අතර කවදාවත් වයස නිසා ප්‍රශ්ණයක් වෙලා නැ එත් ගෙවල් වලින්නම් වැඩෙට කැමති නැ 

    ReplyDelete
  28. ඔය ඇහැට දැකල නැති අක්කල නංගිලාගේ ප්‍රශ්න ෆේස් බුක් එකේ මල්ලිලා එක්ක කතාකරන එක එච්චර සාර්ථක නැහැ . මලයා ඔන්න ඔය උලව්ව වහල දාල උන් දෙන්නට බම්බු ගහගන්න කියලා නිදාගන්න . වයස ගැන නම් ඉතින් මටත් ඔය බාල වයස් කාරයින්ට නම් හිතෙන්නෙම මල්ලි කියල තමයි . මටත් මල්ලියෙක් ඉන්න හන්ද වෙන්න ඇති . හැබැයි ඉතින් අවුරුද්දක විතර වෙනස තියල බැඳලා ඉන්න මගේ යාලුවෝ ඉන්නවා යසට . තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලු .

    ReplyDelete
  29. අවුරදු දෙක.තුන, පහ ,දහය වගේ පරතරය ඇතිව සමහර අය විවාහවෙලා ඉන්නවා. දෙන්නට හැමදාම සතුටින් ඉන්න පුළුවන් නම් අවුලක් නෑ. කොහොමත් මුලින්ම ඒ දෙන්නා කැමති වෙන්න ඕනැනේ

    ReplyDelete
  30. අපේ අම්මට වඩා තාත්තා අවුරුදු 8ක් බාලයි නීරෝගී දරුවො දෙන්නෙක්මත් හදලා තාමත් සාර්ථක ජීවිතයක් එයාලට තියෙනවා..

    ReplyDelete
  31. මට වඩා දවසකට හරි බාල කෙනෙක් වුනත් සයුරිට වගේම මට පේන්නෙත් පොඩි එකෙක් විදියට..මම නම් කියන්නෙ කෙල්ලෙක්ට වඩා කොල්ලෙක් වයසින් වැඩි වෙන එක හොඳයි..සම වයසටත් වඩා අවුරුද්දක් දෙකක් වගේනම් ගොඩාක් හොඳයි..ඒ ආදරේ ඇතුලෙ කෙල්ලෙකුට දැනෙනවා ලොකූ ආරක්ෂිත බවක්..එකිනෙකා කෙරෙහි ගෞරවයක්..ඒ වගේම කෙල්ලෙක්ට අම්ම තාත්ත ලඟ ඉන්නව වගේම සතුටින් හුරතලෙන් ඉන්න පුලුවන් බවක්..දන්නැහැ ඒ මට හිතෙන හැටි සහ මම කැමති විදිය..

    මෙතන මේ කේස් එකනම් ඒ කොල්ල මේ කරන්නෙ ආදරයක් නෙමේ..ඇයි අනේ බඳින්න ඉන්නව කියල දැන දැන අම්මට කියල කියවලත් තවත් පස්සෙන් එන්නෙ ආදරේ නිසාද..ආදරේ කියන්නෙ කෙනෙක් සතුටින් ඉන්නව දැකල තමන්ට සතුටු වෙන්න පුලුවන් හැඟීමක්..එහෙම නැතුව කෙනෙක්ගෙ ජීවිතේට වදයක් වෙන එක නෙමෙයි..

    ReplyDelete
  32. ආදරේට වයස නම් බලපානවා කියල හිතන්නේ නෑ. හැබැයි වයසට යද්දී නම් ඒ වයස ගොඩක් අයගේ හිතටනම් බලපායි කියල හිතෙනවා,

    ReplyDelete
  33. http://kavisandalla.blogspot.com/2012/03/blog-post.html

    මගේ බ්ලොග් එකෙ මේ උඩින් දාලා තියෙන පොස්ට් එකෙ තියෙන්නෙත් ඔය හා සමාන කතාවක් මම මේක නිර්මනයක් වගේ ඉදිරිපත් කලත් මේක මගේම නෑදෑ වෙන සහෝදරියකට උන දෙයක්.

    ReplyDelete
  34. හ්ම්ම් අදත් මහ රෑ ඇහැරගෙන චැට් කරනවා වගේ :-\

    ReplyDelete
    Replies
    1. කෝ චැට් කරන්න කවුරුවත් නැනේ,,.. අක්කලාවත් නැනේ චැට් කරන්නේ අපිත් එක්ක

      Delete
  35. ආදරයට වයස නෙමේ මොන දෙයක්වත් බලපාන්නේ නෑ. ආදරේ කියන්නේ හිතේ ඇතිවෙන උතුම් දෙයක් කියලයි පොඩ්ඩි නම් හිතන්නේ. ඒකට කෙනක් දකින්ටවත් අවශ්‍ය නෑ. හිතේ මැවෙන රූපෙකටත් ආදරේ කරන්ට පුලුවනි. මම මේ කතා කරන්නේ විවාහය ගැන එහෙම නෙමේ හොඳේ.

    මොන එහෙකට අර බඳින්ට ඉන්න ගෑනු ලමයි එක්ක චැට් කරන්ට යන්නේ. මම කලිනුත් කීවා නේද?:D:D:D

    ReplyDelete
  36. කතාව නං සහතික ඇත්ත..

    ReplyDelete
  37. Wayasa parataraya bandinnath prashnayak wenne na denna atare awabhodayak tiyanawanam. Mage husband mata wada awurudu 3k baalai aeka api dennata mechchara kaalekata (awurudu 5k witara danata api bandala) prashnayak wela na..samajayatai oka prashnayak unoth wenne bandinna dennata neme :)

    ReplyDelete
  38. වයස පරතරය නම් බලපාන්නෙම නෑ. මම කායලය් යාළුවෙලා හිටියේ එහෙම වැඩිමහල් කෙල්ලෙක් එක්ක. ආදරෙන් ඉන්න පුලුවන් නම් එච්චරයි ඕනේ.

    ReplyDelete
  39. මමත් ආදරය කරන්නේ මට වඩා අවුරුදු 02 ක් වඩිමහල් gril කෙනෙකුටග

    ReplyDelete
  40. Masa 5k wage kella wadimal unata awlak nane

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....