ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

19 March, 2012

අරක්කු , රතිංඤඤා සතුටටද දුකටද?

එක්සෑම් අස්සේ උනත් පොස්ට් එකක් නොදා ඉන්න කොට ඈග කහනවා කහනවා වගේ... අනේ මන්දා මට ලෙඩක්ද කියලා....
පොඩි දෙයක් ගෑන අදත් කතා කරන්න හිතුවා... අලුත් අවුරුද්දත් ලග එනවනේ.. කට්ටියම දෑන් ඉදන්ම රතිංඤඤා (මේ වචනේ ලියගන්න බෑරුව පුදුම දුකක් වින්දේ... කොහොමහරි උගත් සින්හල අති පණ්ඩිත බනි තුමාගේ පිහිටින් ඔය විදිහට ඒ වෑඩේ ගොඩ දාගත්තා... )

ඉතින් දෑන් ඔහොම අමාරුවෙන් ලියා ගත්තේ මොකටද මම...

ඈත්තටම අපි මේ පාවිච්චි කරන්නේ සතුටටද දුකටද?

අපි සතුටට පාවිච්චි කරනවා කියලා හිතුවොත් එක පොඩ්ඩක් සාධාරනයි... මොකද ඕවා පත්තු කරනකොට (පුස් එකක් නොවුනොත්) ලොකු සද්දයක් එනවානේ...
ඒ සද්දේට ආස වෙලා අපි රතිංඤඤා පත්තු කරනවා කියමුකෝ... ඈත්තටම මම නම් වෑඩිය ඒකට කෑමතිත් නෑ...
ඉතින් ඔහොම කරන එකෙන් ඈත්තටම සතුටක් තියෙයිද පරිස්සම් නොවුනොත්...

පරිස්සම් වෙලා කොහොමහරි සතුටු වෙන්න ඒ දේ කලා කියමුකෝ... ඒත් ඈයි අපි අවමගුලකදි ඔවා පත්තු කරන්නේ... එතනත් මෑරුන කෙනා වෙනුවෙන් අපි සතුටු වෙනවද?

එහෙමත් නෑත්නම් වෙලාවකට සතුටු වෙන්න කියලා අපි ගෙනත් තියන ඔය රතිංඤඤා පෙට්ටියෙන් භාගයක් මොනවා හරි සතුටකදි පාවිච්චි කරලා ඉතුරු භාගේ අපි එහෙම දුකකදි පාවිච්චි කරනකොට එක ඈත්තටම හරිද?

අර තව තියෙන්නේ... මොකක් හරි සතුටකදි අරක්කු බිලා ඒකේ ඉතිරි බාගේ මොකක් හරි දුකකදි බොනවා...

එතකොට ඔය අරක්කු කොම්පෑනි ඔවා හදන්නේ බාගයක් සතුට බාගයක් දුක කලවම් කරලද?
මම නම් ඉතින් ඔවා ගෑන ඒ තරම් තියා කොහොමවත් දන්නේ නෑනේ.. ඔය දන්න කියන අය කියලා යන්නකෝ...

මොනවා උනත් ඔය දෙකම ඒතරම් ඕනෙම නෑ...

ඔය දෙවෙනියට කියපු අරක්කු නම් ඈත්තටම ඕනේම නෑ...

83 comments:

  1. සින්හල නෙවේ බොල
    සිංහල සිංහල සංසාරේ මූ මටත් ලැජ්ජා කොරනවා :D :D

    කවුද අර "රතිංඤඤා" කියලා ලීවේ ?
    වැරදීනෙ..
    "රතිඤ්ඤා" "රතිඤ්ඤා"
    :D :D

    ReplyDelete
    Replies
    1. මේකනම් තනිකර කුමන්ත්‍රනයක්... මට කියල දිලා මාව අපහසුතාවයට පත් කරන්නම කරපු වෑඩක්...

      මගේ ලෑප ලග නෑති පාඩුව......

      Delete
    2. මෙන්න බනී කැරට් අලයක්..!! මාත් බැලුවෙ මොකෝ මේ රතිඤ්ඤා වැරදිලා තියෙන්නෙ කියල.......

      Delete
    3. බනී, උඹ සිංහල එක්ස්පර්ට් කිව්ව නිසා මට පොඩි දෙයක් අහගන්න ඕනෙ. කොහොමද බං සිංග්‍රීසි වලින් හහ් කියලා ලියන්නෙ? අර එක යට එක චූටි බින්දු දෙක. අර අං අහ්. විහිලුවට නෙවෙයි, ෆුල් සිරාවටමයි අහන්නෙ.

      henryblogwalker the Dude

      Delete
    4. මේ මුංගෙ බොරුනේ.. මං දන්න සිංහලක් නැ.. මයෙන් රතිඤ්ඤා කියලා ලියලා ඉල්ලව්වා මං ඉතිං අරම ලියලා දුන්නා කලබලේ :D


      @Dude සිංහල ටයිප් කරන්නෙ මොකෙන්ද?

      Delete
    5. බනි හෙන ගනන් ඩුඩේ අයියා... නිකන්ම නම් ටියුශන් ගන්න බෑරිවෙයි... සින්හල නම් බනි... බනි නම් සින්හල කියලා තමයි මට නම් කිවේ

      Delete
    6. Singreesi Unicode.

      henryblogwalker the Dude

      Delete
  2. අරක්කු සිගරට් රතිංඤඤා ඔක්කොම එක ජාතියේ තමා. ඔව්වා මිනිස්සු ගත්තේ නැත්තම් ඔය කොම්පැනි වල රස්සා කරන මිනිස්සු ජිවත් වෙන්නේ කොහොමද? උඹ කැමති නැති උනාට ජාතික නිෂ්පාදනෙට කෙළවෙන මේ වගේ පොස්ට් දාන්න හොදද මං අහන්නේ. මම නම් කියන්නේ කසිප්පු වලටත් ස්ටෑන්ඩ්ඩඩ් එකක් දීලා නීති ගත කරන්න ඕන කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ රෙප් වහ උනත් කමක් නෑ කෑමට හොදයි කියලා විකුනන්න ඕනා වගේ කතාවක් නේද?
      අනේ මට නම් කමක් නෑ මේවා කවුරු පාවිච්චි කලත් ඒ දෙවල් තමන්ටනේ...

      ඒත් ඉතින්.... රෙපා ගේ රස්සාව ගෑන හිතලා අයේ මෙවා නොදා ඉන්නම්කො...
      එතකොට හරිනේ

      Delete
    2. ගිහිල්ල බලපන්කෝ නුවර එලිය පැත්තේ ඔය එළවලු වලට ගහන වස බෙහෙත් ගොඩ දිහා. ඉතිං ඔය එළවලු කියලා කන ගොඩාක් ඒවායේ තියෙන්නෙත් වස තමා. එව්වත් ඔය විකුනන්නේ ඉතිං හොදයි හොදයි කිය කියා. මගේ රස්සාවට නම් දැනටමත් වැඩේ වෙලානේ තියෙන්නේ. උඹ ඒ හින්දා ඒ ගැන නම් කරදර වෙන්න එපා.

      Delete
    3. සිරාවට දෑන් ජොබ් එකට මොකද බන් වෙලා තියෙන්නේ... ඔය සෙට් එකත් බ්ලොග් වලට ඈදලා ගනින්කෝ බන්...

      කතාව නම් ඈත්ත තමා... එත් එවාට වඩා මේවා විසයි නේද?

      Delete
  3. මොකට බැන්නත් කමන් නෑ අරක්කු සිකරට් වලට බයින් නැතුව....

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න අයියා බෑන්නා නෙමේ එහෙම වෙන්න පුලුවන්ද ඈහුවා විතරයි... පුලුවනිද එහෙම

      Delete
  4. උඹ රතිඤ්ඤා කියල ලියල තියෙන විදියෙන්ම මට බනියගෙ සිංහල දැනුම ගැන දුක හිතුන මල්ලි . .

    ප.ලි.
    උඹ අරක්කු නොබිවුවට කමක් නෑ මල්ලි . . ඉස්කාගාරෙ වහන්නෙ නෑ . . .අපි බොනවනෙ

    ReplyDelete
    Replies
    1. කියලා වෑඩක් නෑ බනියා මට ගේමක් දෙන්න තමා හදලා තියෙන්නේ.. වෙලාවට මම මිනිහගේ නම දෑම්මේ..

      ප.ලි: අම්මෝ ඔව් ඔව් අපි නොබිවාට අයියාලා අපිටත් ඈතිවෙන්න බොනවලුනේ... නේද?

      Delete
    2. දේවා,
      මල ගෙවල් වලත් රතිඤ්ඤා පත්තු කරනවා කියලා මම දැනගෙන හිටියෙ නෑ.
      රතිඤ්ඤා නොසැලකිල්ලෙන් පත්තු කලොත් වෙන අනතුරු අමතක කලොත් රතිඤ්ඤා වලින් අපි නම් පොඩි කාලෙ පුදුම ආස්වාදයක් ලැබුවා කියලා කියන්න පුලුවන්. අවුරුද්ද එනකල් බලාගෙන ඉන්න එක දෙයක් ඕක. ඒකෙන් අවුරුද්ද අනෙත් දවස් වලට වඩා විශේෂ දවසක් බව අපි කාටත් හඬ නගා මතක් කර දුන්නා. රතිඤ්ඤා පත්තු කරලා නැගෙන හඬ වගේම වෙඩි බේත් සුවඳ (අපිට ඒක සුවඳක් බං) අවුරුද්ද සංකේතවත් කලා.

      එතකොට අරක්කු ගැනත් කියන්න දෙයක් තියෙනවා, ඕනයා මුල පුරලා තියෙන්නෙ. එක්කො ඕනෙ නෑ. අනිත් පාර උඹ හිතයි මම විරෝධාකල්ප වලින් පිරුනු පොරක් කියලා.

      henryblogwalker the Dude

      Delete
    3. ඩුඩේ අයියා... අවුරුද්ද කියන්නේ ඈත්තටම සතුට පිරුනු දවසක්නේ.. ඉතින් එදාට නෑති ඒවා මොකටද? මමත් අහන්නේ ඈයි අවමගුලට කියලා.. එක සතුටක් නෙමෙනේ අපිට.....

      අහ්හ් කියන්න කියන්න මම හිතන්නේ නෑ එහෙම

      Delete
    4. ඩූඩෙ නෙවෙයි බොල ඩූඩ්. අල් ඩයන්න. හරි. බීම ගැන. මෙහෙමයි මමත් එහෙම බොන්නෙ නෑ. බිව්වත් ඔය බියර් වයින් වගෙ මිසක් හාඩ් ලිකර් බොන්නෙම නැති තරන්. එහෙමයි කියලා මම අනිත් එවුන් බොනවට විරුද්ධ නෑ උන්ගෙ බීම වටේ ඉන්න උන්ගෙ නිදහසට බාදාවක් වෙන තරන් වාත නොවෙන තාක් කල්.
      අර කවුද කියලා තිබ්බෙ 'මම ඔබ සමඟ කොහෙත්ම එකඟ නොවෙමි. නමුත් ඔබට ඔබගේ අදහස ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සඳහා දිවි පුදමි' කියලා. මෙතනදි දිවි පිදුවෙ නැතත්. බොනා එකාට බොන්න අයිතියක් තියෙන්න ඕනෙ අර සීමාවන් ඇතුලත.
      henryblogwalker the Dude

      Delete
  5. රතිංඤඤා ගැන නම් මං දන්නේ නැහැ අරක්කු ගැන නම් ටිකක් දන්නවා.දුකේදී වුනත් සතුටේදී වුනත් පොඩි මත් ගතියක් තියෙද්දී දරාගන්න පුළුවන්.සතුටකදී නම් සතුට වැඩි වෙනවා.දුකකදී නම් දුක අඩු වෙනවා.ඒ කියන්නේ එතකොට සතුට මිශ්‍රණය වැඩියි මයේ හිතේ අරක්කුවල.

    ReplyDelete
    Replies
    1. අත් දෑකිම් නේ.... එහෙමනම් ඈත්ත වෙන්න ඈති.... අලේ..

      Delete
  6. මම දන්න තරමින් ඔය දඹුල්ල වගේ පැති වල මල ගෙවල් වල රතිඤ්ඤා පත්තු කරනවා මිනිය උස්සන්න හදද්දි.ඒ මම දන්න තරමින් ගමේ අනිත් අයට දන්වන්න

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට නෑකතටත් අපි ඕවා පත්තු කරන්නේ ඒකටමයි නේද නන්ගෝ...
      අනේ මන්දා කෝකද හරි කියලා

      Delete
  7. මමනම් ඔය රතිංඤඤා වලට ආසම නැහැ බයයි

    ReplyDelete
    Replies
    1. සයිබර් සෑනකෙලියේ එතකොට ඒවා තහනම්ද? ආහ් අවුලක් නෑ ඔයා එනකොට එවා ඉවරයිනේ.. 8 කියන්නේ ඔයාගේ 11 නේ.... ලොල්..

      Delete
  8. ඈක්කා හූය.. එදා විටමින් කූක් සමග ප්ලේන්ටී කතාව සිහි වෙයි.. ලොල්ය

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මම දන්නේ නෑනේ.... කියමුකෝ බලන්න

      Delete
    2. නාකියාටත් පවනියාටත් මතක ඇතැයි සිතමි.. :P

      Delete
    3. දෑන් ඉතින් අපිටත් දෑන ගන්න කියමුකෝ

      Delete
  9. //මොකක් හරි සතුටකදි අරක්කු බිලා ඒකේ ඉතිරි බාගේ මොකක් හරි දුකකදි බොනවා...//

    පිස්සුවක් ඇතෑ..අපේ අයියලා මල්ලිලා කොට ඉතුරු කරලම බොනවානේ සතුටෙදියි දුකේදියි වෙන වෙනම බොන්න..

    ReplyDelete
    Replies
    1. එහෙම ඉතිරි කරන්නේ නෑද්ද ඉතින්.. මම නම් ඔය ගෑන ඒ තරම් දන්නේ නෑනේ... ඒත් ඉතින් ඔය තරම් බොන්න පුලුවන්ද අනේ...

      Delete
  10. උඹ කිව්වනේ බොගක් දාන්නේ නැත්නම් නිකන් කහනවා කහනවා වගේ කියලා. අන්න ඒ වගේ තමයි අරක්කු බීමත්. ඒකේ ආතල් එක දන්නේ බීපූ එකා විතරයි. නොබීපූ එකා හිතන්නේ වෙන දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් මම පිලිගන්නවා මාතලන් අයියේ.... නොබි උන්නු මම මේ ගෑන කතා කරන්න තරම් දන්නේ නම් නෑතුවා... බොන එකෙත් පොඩි හරි ආතල් එකක් ඈතිනේ.. නෑත්නම් ලන්කාවේ මේ තරම් බොන අය , බාර් එහෙම තියන්න විදිහකුත් නෑනේ

      Delete
    2. ඔහොම තමා මටත් යාළුවෝ කිව්වේ ඉස්සර...ෂිහ් නොදෝකින් ඒකේ ඇති මගුලක් නෑ මම පෝස්ට් එකකුත් දැම්මා

      Delete
    3. මාතලන් අයියලා නම් අපිට බොරු කියන එකක් නම් නෑ මල්ලියෝ.... ඒත් අපිට එපෝ

      Delete
  11. බොන එකා මොන හේතුව හදාගෙන හරි බොනවා මල්ලි !
    ඒක නවත්වන්න බෑ.

    රතිඤ්ඤා ගැන කියපු කතාව නම් ඇත්ත !!!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඈත්ත අයියා... දුකට බිපු එකේම ඉතිරි ටික සතුටත් බොනවා...
      දෑන් ඉතින් ඔන්න අයියාලා එහෙම ඕවාට පුරුදු වෙනවා එහෙම නෙමේ..

      Delete
  12. අරක්කු සිගරට් වලටනම් මමත් නෑ.. ඒත් පොඩි කාලෙනම් රතිඤ්ඤා ( මේක ලියා ගන්න බැරුව කොපි පේස්ට් කලා කියලා කාටවත් කියන්න එපා ) පත්තු කලා.. දැන්නම් ඉතින් ඒවත් නෑ..

    බනියා ගුරුතුමා උගන්නලා තියෙන්නේ වැරදියට වගේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ දිනේශ් අයියා... බනියා මට ලනුවක් දිලනේ... මම මේ එල්ලෙන්න හදන්නේ...

      කමක් නෑ කොපි කලාට අපි අපිනේ... තව ටික දවසකින් වෙඩින් එකටම පත්තු කරන්න පුලුවන්නේ නේද අයියා

      Delete
  13. රතිඤ්ඤා ගැන කියනකොට මතක් වුනේ වෙඩිං එකක පත්තු කරපු අති ප්‍රබල රතිඤ්ඤාවක් නිසා මියගිය පුංචි නංගි කෙනෙක් ගැන....හැබැයි ඉතින් ඕනේම භාණ්ඩයක ගුණ අගුණ රඳා පවතින්නේ ඒ දේ භාවිතා කරන එක්කෙනාගේ අතේනේ ඒ නිසා ඒක නරකයිම කියන්න බෑ...මොකද ආටානාටිය සජ්ජායනා කරනකොටත් රතිඤ්ඤා දානවනේ "මහා සාදුකාරයක් වෙනුවට"

    අරක්කු නම් මගේ බල්ලටවත් එපා නොදකිං විතරක් එව්වා නම් ඕනෙම නෑ....
    ඒ සමාගම් හැඳි ගෑවිලාම පල

    ReplyDelete
    Replies
    1. එහෙම දෙවල් වෙලා තියනවද? මම දෑකලා තියනවා අතේ තියාගෙනත් ඔවා පත්තු කරන අය...
      කොහොම උනත් පරිස්සම තමා වෑදගත්... තව ටික දවසකින් ඕවා කරලියට එනවානේ...

      ඔන්න දෑන් මල්ලි කි දෙනෙකුගෙන් බෑනුම් අහයිද මන්දා..

      Delete
    2. මටත් නම් ඔය රතිඤ්ඤා පත්තු කෙරිල්ල පේන්නම බැහැ.......බොන එකට නම් ඉතින් කියන්න දෙයක් නෑ..මොකෝ අපි කිව්ව කියල එයාල නවත්වන එකක්යැ........

      Delete
    3. අපි කිවට නම් නවත්වන එකක් නෑ තමා... එත් අපි ඒවට අනුබල නොදුන්නොත්... ටිකක් හරි වෙනසක් වේවිනේ..

      Delete
  14. අපේ ගම් ප්‍රදේශයේ දොලක ගැඹුර වලක් තියෙනවා. ඒකෙ ඉන්න මාලු මරන්න එක මැටි මෝලෙක් රතිඤ්ඤා 100 ක් කඩලා බෝතලේකට දාලා පත්තුකරලා, වලට දාන්න කලින්ම පුපුරලා. මිනිහගේ එක අතකුයි ඇහැකුයි කකුලෙ උඩ හරියයි "පරම්පරා කුට්ටමයි" ඉවරයි....වැඩේ කියන්නෙ මල්ලි මේ කාලකන්ණියා මාළු කන්නෙත් නැතිලු.

    අරක්කු ද ...අරක්කුනම් මගේ බල්ලටත් එපා.(මට තිබුනම ඇති)

    ReplyDelete
    Replies
    1. මේ මෑටි මොලා අයියා නෙමේ කියලා නම් මම දන්නවා... ඉතින් ඔහොමත් අය ඉන්නවානේ නේද?

      අයියෝ... මම හිතුවා බල්ලටවත් එපා කියනකොට................. ශික්

      Delete
  15. ඕනේ දෙයක් අහිංසක අරක්කුට නං මොකුත් කියන්න එපා.....

    ReplyDelete
  16. චීනෙදි “යක්කු“ බය කරමින් සුවය ලබා ගෙන “සුතුටු වන්නට“ පටන් ගත්ත උණ බම්බු “පිපිරුම් හඬ“ තමයි , පස්සේ කාළෙක වෙඩි බෙහෙත් සොයාගැනීමත් එක්ක , රතිඤ්ඤාව නිර්මාණයට සාධක වුනා කියන්නේ , අදත් එයින් සමහර දේ මේ මඟින් ඉටු වෙනවා කියල හිතෙනවා ...අද යක්කු නම් මේ හඬට යන්නේ නැතිව ඇති ..කෙසේ වෙතත් මෙහේනම් රතිඤ්ඤා තහනම් ..ඒ නිසා මේ අවුරුද්දට අපෙ අයට නම් සද්ද නැති “නිලා“ විතරයි වගේ ...

    ReplyDelete
    Replies
    1. නොදන්න දෙයක් අයියාගේ කමෙන්ට් එක හරහා ඔන්න මම දෑන ගත්තා.... ඈත්තටම දෑන් නම් එහෙම වෙන්නේ නෑතුව ඈති නේද අයියේ....

      එහෙම සද්ද නෑති නිලා උනත් ලස්සනයිනේ

      Delete
  17. ඉස්සර මායි අයියයි රතිඤ්ඤා පත්තු කරද්දී පොල්කටුවකින් වහලා පත්තු කරන්නේ එතකොට රතිඤ්ඤා පත්තිවෙද්දී පොල් කටුව උඩ යනවා. මරු. නිලාකූරු බඹර වලට ආසම ආසයි. දැනටත් සතියකට දෙකකට සැරයක් ඉන්න ගෙදර මල්ලී නංගී එක්ක පත්තුකරනවා.
    මම මේ ඇහුවමයිනේ දේවා මලගෙවල්වල රතිඤ්ඤා පත්තු කරනවා කියලා. කෝ අපේ පැත්තේ එහෙම කරන්නේනෑ නේ. අඩු තරමේ ගමේ මලගෙදරක් තියෙද්දී වෙන තැනක මගුල් ගෙදරක් තිබුනොත් ඒ මගුල් ගෙදරවත් රතිඤ්ඤා පත්තු කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම මිනිස්සු තමා වටින්නේ... පෙන විදිහට බට්ටි ඉන්නේ ලස්සන මිනිස්සු ඉන්න ලස්සන පලාතක වගේ.... සතුටුයි

      Delete
  18. අපි ඉතින් මොනවා කියන්නද .

    ReplyDelete
    Replies
    1. මොනවාම හරි කියමු බින්දි අක්කා... අම්මෝ ඔයාව දෑකපු කල්

      Delete
  19. අරක්කු සිගරට් කියන්නෙ දුකට වගේම සතුටටත් බොන්න පුළුවන් දේවල්. ඒ නිසා මළගෙදරට ගත්ත භාගෙ පස්සෙ සතුටට බිව්වට අවුලක් නෑ.
    අපේ පැතිවල නං මළගෙදර රතිඤ්ඤා පත්තුකලොත් ගුටිකන්න වෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙත් මළ ගෙවල්වල රතිඤ්ඤා පත්තුකරන්නෙ නෑ. ඒත් අපේම දිස්ත්‍රික්කයේ (රත්නපුර) තවත් තැනක මිනිය උස්සන කොට රතිඤ්ඤා පත්තු කරනවා...ඒ ප්‍රදේශයේම "කොටහළු මගුල්" කියන්නෙත් රතිඤ්ඤා පත්තු කරලා ( මගුල් ගේ දවසෙ උදේ රතිඤ්ඤා පත්තු කළාම, ඒ සද්දෙ ඇහෙන මානයේ එන්න කැමති හැමෝම මගුල් ගෙදර එනවා-ඒ හැර මගුල ගැන පූර්ව දැනුම්දීමක් නෑ)

      රට, ලෝක සිතියමේ නියම හැඩයෙන් ළකුණු කරන්නවත් බැරි වුනාට මිනිස්සුන්ගෙ චර්යාවන්..!!!???

      Delete
    2. රාජ් අයියා : ඈත්තටම මල ගෙදරකටනම් ඕනෙම නෑ තමයි.. මමත් හිතන්නේ.. අරක්කු ගෑන අත්දෑකිමක් ද කිවේ

      Delete
    3. @ sumith: අන්න නියම ක්‍රමයක්... එත් ඉතින් මම දන්න කියන අය ඉන්නේ ගොඩාක් ඈත,. කොහොමද මම ඒ හෑමොටම ඈහෙන්න ඕවා පත්තු කරන්නේ...

      අයියාලා කොහොමද කරන්නේ..

      Delete
  20. මහන්සි වෙලා බොන්නෙ අරක්කු මේ ලෝකෙන් තුරන් කරල දාන්න

    ReplyDelete
    Replies
    1. අනේ.... ඔය කට්ටියම එකතු වෙන්නකෝ..... මේ ඔබා මාමා මිශන් එකක් පටන් අරන්..... කට්ටියම පුලු පුලුවන් විදිහට සපොර්ට් එකක් දෙන්නකො

      Delete
  21. ඔන්න ඔන්න... අරක්කු වලට විරුද්ධව ඔහොම ලියන්න ගත්තතොත් ඉතින් අපිත් දරුණු වෙයි හො‍ඳේ...

    ReplyDelete
    Replies
    1. දෑන් ඉතින් මේ පෑත්තෙත් සුදු වෑන් ඒවිද?

      Delete
  22. මළගෙවල් වල රතිඤ්ඤා පත්තු කරන්නේ මිනිය ගෙනියද්දි පාරේ ඉන්න සත්තු එලවන්න ( කල බද ප්‍රදේශ වල ) කියල තමයි අහල තියෙන්නේ.
    අරක්කු = කදුළු
    දුකට , සතුටට දෙකටම කදුළු පනිනවා නේද මල්ලිලා ...

    ReplyDelete
    Replies
    1. අනේ..... ඉතින් ඒවා එකිනෙකට වෙනස්නේ... සතුටු කදුලු.... දුකට කදුලු....

      සත්තු එලවන්න නම් නෙමේ වගේ මේ පෑත්තේ නම්.. මහ පාරේ මොන සත්තුද? (අපි හෑර )

      Delete
  23. අවුරුද්දත් ළං වෙලා කියල තේරුනේ මේක කියෙව්වමනෙ.........

    ReplyDelete
    Replies
    1. ඒ කිවේ... මම හිතන්නේ හෑමදාම අවුරුදු වගේ..........

      Delete
  24. මොකක්ද ඔය සතුට

    ReplyDelete
  25. විභාග අස්සේ පොස්ට් එකක් දාල විභාගේ ගොඩ ගියාම අපිත් හෝ ගාල රතිඤ්ඤා දාන්නම්කො සන්තෝසෙට

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...... බලමුකො...... ඔන්න ෆේල් උනොත් එහෙම පත්තු කරන්න ඔට්ටු නෑ

      Delete
  26. උඹ මම කමෙන්ට් කරන්නේ නෑ කිය කිය විස්සෝප උනානේ.. මේ තියෙන්නේ පෝස්ට් එකක් ලියන්න හොද සීන් එකක්.. දැන් මෙහෙමයි මල්ලි...

    එක එක කොල්ලො ඉන්නවනේ උන්ගේ චොයිස් වෙනස්... සමහරු හොයන්නෙ මැදිවියේ ගෑණු.. සමහරු හොයන්නේ ඉටිකිරිස් කෑලි.. සමහරු හොයන්නේ පොඩි සූකිරි කෙල්ලෝ... සමහරු හොයන්නේ පොඩි කොල්ලො.. සමහරු හොයන්නේ අංකල් ටයිප් පොරවල්... ඒ මල්ලි මිනිසුන්ගේ අවශ්‍යතා වල විදිහ... තමන් කැමති දේට තමයි තමන් කැමති...

    අරක්කු බොන එකා බොනවා.. නැති එකා නෑ.. රතිඥ්ඥා පත්තු කරන එකා පත්තු කරනවා.. නැති එකා නෑ... ඉතින් උඹ බොන්නෙත් නැත්නම් ඔය කියන ඩෝන් පටෝන් පත්තු කරන්නෙත් නැත්නම් මොන මගුලකටද මේ පෝස්ට් එක දැම්මේ... :D :D :D

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකෙන් ඈත්තටම මම ඈහුවේ අපි සතුටකදි පත්තු කලත් අවමගුලක් වගේ දුකකදි ඈයි අපි එහෙම පාවිච්චි කරන්නේ කියලා... ඒක නිකන් අර සතුටකදි බොන ගල් (මම දෑක්කානේ බොන්නේ ඒවා කියලා) ඉතිරි බාගේ අයේ දුකකදිත් බොනවා වගේමද කියලා නේ.. අරක්කු වලට ඔන්න බෑන්නා නෙමේ.... බොන අය බිපුවාවේ.... මගේ සල්ලිද නෑනේ..

      Delete
  27. සෑහෙන්න බොන්න ඕනේ පෝස්ටුවක්..

    ReplyDelete
    Replies
    1. අඩේ සෑම්...... බොන එක හොදයි ද බන්....

      Delete
  28. අරක්කු, සිගරට් , රතිඤ්ඤා.... තුනම ගැන කිසිම ආසාවක් දැනීමක් නෑ... දැනගන්න ඕනත් නෑ... දැන නොගෙන ඉන්න තරමටම හොඳයි...

    ReplyDelete
    Replies
    1. අහ්.... එහෙම කියලා නම් හරියන්නේ නෑතිවෙයි..... දවසක ශානිගේ ලමයි අහපු දවසටවත් කියලා දෙන්න දෑන ගන්න ඕනනේ.. :D :D :D

      Delete
  29. මම නම් රතිඤ්ඤා පත්තු කරන්ට මාර ආසයි. ලංකාවට අවුරුද්දට ගියොත් වැඩේම රතිඤ්ඤා, පත්තු කරලා , පාරට දාන එක. :D

    ReplyDelete
    Replies
    1. ඈයි පොඩ්ඩියේ... පත්තු කරලා පාරට දාන්නේ.. පොඩ්ඩිගේ ගෙවල් පාර අයිනේ නේද ඒ කියන්නේ....

      Delete
  30. මම කමෙන්ට්ස් දාන්න ඕනෙ නෑ පට්ට කමෙන්ට්ස් ටිකක් මෙ තියෙන්නෙ. මොනව උනත් හොද පොස්ට් එක.

    ReplyDelete
    Replies
    1. අඩේ සොනික් එහෙම කමෙන්ට් නොදා ඉන්න එපා බන්

      Delete
  31. මං නම් කියන්නෙ දෙකම පරිස්සමින් අනික් අයට කරදරයක් නොවෙන විදිහට පාවිච්චි කරනවානම් අවුලක් නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. එකක් නම් පුලුවන් වෙයි අක්කෝ... දෙකම එහෙම කරන්න පුලුවන් වෙයිද අක්කෝ

      Delete
  32. අයියෝ.....ඩෝං නැත්තන් වැඩක් නෑ හලේ....ඒවුනාට පත්තුකරන හැමෝම ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ....:)

    ReplyDelete
    Replies
    1. ඩෝ....................ං ඩෝං................. ඩෝං පටෝව්................ බය උනාද?

      Delete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....