ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

14 March, 2012

ඇත්තටම අපි තිරනයක් ගන්න ඕනේ කොහොමද?

අපි අහන්න ඕනේ හිත  කියන දේද?

එහෙමත් නැත්නම් කවුරු හරි කියන දෙයක්ද?

එහෙමත් නැත්නම් අපිට හරි කියලා හිතෙන දේද?

ජිවිතේ අපිට වැඩියෙන්ම වටින දෙයක් අපි හිත කිවා කියලා එහෙම නැත්නම් වෙන කවුරුහරි කිවා කියලා මිස් කරගන්න ඕනද?

ඒ දේ මිස් කරගත්තොත් ජිවිතේට ඊට වඩා වටින දෙයක් ලැබෙන්නත් පුලුවන් සමහර විට නැත්තටම නැති වෙන්න කියලා අපිට අපේ බුද්ධියෙන් හිතනකොට හිතුනොත් අපි මොනවද කරන්න ඕනේ...

මට නම් වුන දෙයක් ගැන නෙමේ... මගෙන් කෙනෙක් දෙයක් ගැන ඇහුවා,... උත්තරයක් දෙන්න මට හිතන්න ඔනා කියලා හිතුනා..

ප.ලි : බ්ලොග් එකේ හෙඩර් එක වෙනස් කලා කොහොමද?

ප.ප.ලි : අර රේකෝඩ් එකේ ඔරිජිනල් ඕනේ නම් මේල් එකක් එවන්න

ඇත්තටම අපි තිරනයක් ගන්න ඕනේ කොහොමද?

50 comments:

  1. මේල් එකක් එවන්න කිවාට කෝ මේල් ඇඩ්‍රස් එකක් නේද?

    මෙන්න

    sadaru.world@gmail.com

    ReplyDelete
  2. හෙඩර් එකනම් පට්ට ඈ

    මම නම් කියන්නේ තිරනේ ගන්න ඕනේ අපිට හරි කියලා හිතෙන දේ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ හෙඩර් එක වෙනස් කරන්න ඕනේ නැනේ නේද?... අපිට හරි කියලා හිතෙන හැමදේම හරිද අෆ්ෆා..

      Delete
  3. හිතන්න ඕනි මේල් එකක් එවන එක ගැනද

    ReplyDelete
    Replies
    1. අඩේ බන් මේල් එකක් එවන්න හිතන්න ඕනද බන්............ පව් මම

      Delete
  4. අහා අහා දෙයක් ඇහැව්වලු නෙහ් ජය වේවා මචන් :)

    ReplyDelete
    Replies
    1. ඔන්න වයර් පටලවගෙන........... මට අදාල නැ බන් මේක නම්....

      හ්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  5. හෙඩර් එක මට නම් හොඳයි. කවුද ඒ හැන්ඩියා?
    ඇයි මේ වගෙ ප්‍රශ්නයක් අහන්නෙ?
    මම නම් ගන්නෙ මට හරියි කියලා හිතෙන තීරණය. එච්චරයි.වරදින්නෙ කලාතුරකින්.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අහ්... මම වගේ ඩයල් එකක් තමා ඉන්නේ...

      යාලුවෙකුගේ පොඩි කේස් එකක් ඒකයි අයියා... වැරදුනත් එතකොට කාගෙවත් පිටකට දාන්න ඔනේ නම් නැ තමා එතකොට

      Delete
  6. මම ඔය ගැන ස්ටේටස් එකක් දැම්මා මූණු පොතේ.. හෙඩර් එක නම් එල..

    ReplyDelete
    Replies
    1. දැන් මම කොහොමෙයි ඔය ස්ටැට්ස් එක හොයන්නේ..... බලන්න කිවානම් මොනවද කට්ටිය කිවේ කියලා..

      Delete
    2. මම හිතන්නේ නම් තමන් කරන දේ ගැන හොඳ විශ්වාසයක් නැත්නම්, ඒ පිළිබඳව දන්නා කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක හොඳයි. එහෙම නැතුව පණ්ඩිත කමට වැඩ කරන්න ගිහින් දෙල් කර ගන්නේ නැතුව.. ඒත් ඉතින් සමහර යාලුවොන්ගෙන් නම් ඒ විදියේ දෙයකට උපදෙසක් ගන්නවට වඩා හොඳයි නිකම් ඉන්නවා..

      Delete
    3. ඇත්තටම සමහර අය නම් ඉන්නවා තමා උපදෙසක් තියා ප්‍රශ්නෙවත් කියන්න බැරි අය.... බලමුකෝ

      Delete
  7. මොලේ පාවිච්චි කරල තමන්ට වැඩි වාසියක් තියෙන තීරනේ ගනින්... හෙඩර් එක මට නම් ඉතිං අස්පට් අස්පට් වගේ...

    ReplyDelete
    Replies
    1. තමන්ට විතරක් වාසියක් වෙන දෙයක් කරන්න බැරුව තමයි බන් යාලුවා මෙහෙම ඇහුවේ....

      ඒ මොකද අප්සෙට්

      Delete
  8. හරි දේ කරන්ට බය වෙන්ට එපා බොල !

    ReplyDelete
    Replies
    1. අනිවා............. බය නම් නැ අයියන්ඩි

      Delete
  9. මං කියන්ඩද අයියා. හිත කියන දේයි.. තමන්ට හරි කියල හිතෙන දේයි.. අනිත් අය කියන දේයි.. සේරම ගන්න.. අරගෙන වැඩිපුරම සාධාරණයි කියල තමන්ට හිතෙන දේ කරන්න.. මං හිතන්නෙ එහෙම හොඳයි..

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න පුලුවන්න ඇත්තටම හොදයි මල්ලෝ... එත් ඔය තැන් වලින් එන්නේ නොගැලපෙනම උත්තර නම්.... මොකද කරන්නේ

      Delete
  10. ආත්ම විශ්වාසයට මුල්තැන දෙන්න....

    ......හෙඩර් එක ඔයාට හරියන විදියනේ...මගේ ෂර්ට් එක් ඔයාට ගැලපෙන්නෙ නෑ...ඔයාට ගැලපෙන්නෙ ඔයාගේ ෂර්ට් එක

    ReplyDelete
    Replies
    1. ගොඩාක් හොද පිලිතුරක්....

      මොකක්ද මේ ශර්ට් කතාව අයියා....

      Delete
  11. තීරණයක් ගනිද්දී,ඒකෙ ප්‍රතිපල වල සම්පුඋර්ණ වගකීම තමන්ට ගන්න පුළුවන් විදියේ තීරණ විතරක් ගන්නවනං ජීවිතේ සාර්ථකයි කියලයි මට හිතෙන්නේ.... තමන්ගේ තීරණ වල වගකීම,වෙන කෙනෙක්ට පටවන එක තමයි අපි හැමදාමත් කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි හිතලා ගන්න තිරනයක සම්පුර්ණ වගකිම අපේ නිසා වැරදි දෙයක් කලත් ඒකේ පාඩුව තමන්ටමනේ... කතාව ඇත්ත

      Delete
  12. අළුත් පේජ් ඩිසයින් එක ලස්සනයි...අපිට හිතෙන හරි, හරි වැරදි හරි දෙයක් නේ ගොඩක් වෙලාවට කරන්නේ...තීරනේ හොඳ නරක කල්පනා වෙන්නේ පස්සේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා.. මේ යාලුවාට එහෙම කරලා නරකම වෙලා තියන නිසයි මම හිතන්නේ අහන්නේ එහෙම

      Delete
  13. හෙඩර් එකේ ඉන්නෙ ඔයාද? ෂහ්..හෙන හැන්ඩි නෙ.....මම නම් කියන්නෙ කාගෙන්වත් උපදෙස් ගන්න ගිහින් වැඩේ දෙල් කර ගන්න එපා..එයාල උපදෙස් දේවි..ඒත් වැඩේ වැරදුනාම කවුරුවත් බලන්නෙ නෑ.......ඔයා කරන්න ටක් ගාල ඔයාට හිතෙන දේ..එතකොට ඔව්න් රිස්ක් නෙ....

    ReplyDelete
    Replies
    1. දැන් නම් වොන්ඩබාර් විතරක් දිලා හරියන්නේ නැ වගේ කලින් පොස්ට් එකේ කිවා වගේ....

      ඇත්තටම ඉතින් අපිට අපි විතරම තමා නේද කිරිල්ලියේ

      පොඩි දෙයක් ගැන නම් ටිකක් දුකයි

      Delete
  14. මෙහෙමයි ,මට නම් ගොඩක් වෙලාවට පසුතැවෙන්න සිද්ධ වෙලා තියෙනවා හිතල බලලා ගත්ත තීරණ වලදී පවා... ගොඩක් වෙලාවට මට හිතෙනවා මගේ හිත කියපු දේ කළා නම් මෙහෙම වෙන්නේ නෑ කියලා... "අත්දැකීමෙන් කියන්නේ හොර වැඩක් කරන්නේ නැතිනම් හොදට හිතලා බලලා තීරණයක් ගන්න. හොර වැඩක් කරන්න යනවා නම්, වැඩේ වැරදුනොත් ලැබෙන ප්‍රතිපල බරපතලයි නම්, හිත කියන දේට ඇහුම්කන් දෙන්න..." ඔයා දීලා තියෙන ඉඟිය ට අනුව නම් මට හිතෙන්නේ හොදට හිතලා බලලා තීරණයක් ගන්න එක තමා හොඳම දේ.. හෙඩර් එක නම් මරු, හැබැයි ලා පාට ටිකක් පාවිච්චි කළානම් තවත් හොඳයි :)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ යාලුවා මගේ බ්ලොග් එකට ආපු මුල්ම දවසද මන්දා...

      ගොඩාක් වැදගත් වචන ටිකක්... ගොඩාක් ස්තුතියි..... මමත් හිතනවා ටිකක් බරපතලයි.. හැබැයි හොර වැඩක් නම් නෙමේ..

      Delete
  15. ක්ෂණික තීරණ ගන්න එපා. හොඳට කල්පනා කරලා ගන්න තීරනේ ගන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න තමා වෙන්නේ.. නැත්නම් යාලුවා අනාතයිනේ

      Delete
  16. මේ වගේ දෙයක් ඇද්ද එක හොඳයි. ඔතන තියෙන්නේ මම හැම තිස්සෙම අවුස්සන දේ. ලංකාවේ උගත් අය හිටියට බුද්ධිමත් අය නැහැ කියන ප්‍රශ්නේ. මිනිස්සු ක්‍රියේටිව් නෑ. අඩු ගානේ හිතන්නවත්. අනුන්ගේ උපදෙස් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකනේ පට්ට පල් ගොන් හරක් දොරමඩලාව වගේ ඒවලින් අපිව ගල් යුගයට ගෙනියන්නේ. තමන්ට ඇයි බැරි කීප විදියකින් හිතන්න. ඇයි බැරි තමන්ටම තීරණයක් ගන්න.

    ReplyDelete
    Replies
    1. මුලින්ම මම බයේ උන්නේ.. ජිමේල් වහනවා කියපු නිසා ආයේ කමෙන්ට් එකක් වත් නැති වෙයි කියලා... එවා නම් කොරන්න එපා අයියේ,..

      ඇත්තටම කතා කල යුතු දෙයක් නම් තමා...

      ක්‍රියෙටිව් අය උන්නත් ඒ අයගේ හැකියවන් නැති කරනවා නේද අයියේ..

      Delete
  17. හැමෝටම හරි උපදෙස් දෙන්න බෑ නෙ මල්ලි.යාලුවො වුනත් එන් ඉන්න මතේ අනුවනෙ තීරණේ දෙන්නෙ.ඒ දෙන උපදෙසත් කිරලා මැනලා බලලා ගත්තොත් හොදයි.වැරදුනොත් තමුන්ටමනෙ.මොන දේ වුනත් හිත හදා ගන්න දිරිය තියෙනවානම් හුගක් හොදයි.

    පේජ් ඩිසයින් එකනම් හොදයි.ඒත් ප්ලේෆුල් ගතිය වැඩියි වගේ....

    ReplyDelete
    Replies
    1. මම හිතනවා මිනිහට එහෙම හැකියාවක් නම් තියනවා.. මොකද එහෙම අවුල් වුන දේවල් ටිකක් වෙලා තියනවා කියලා මම දන්නවා...
      මොකක්ද අක්කෝ එකට කරන්න ඔනේ ( පේජ් හෙඩර් එකට)

      Delete
  18. අපිට හරි දේ කියලා හිතුනත් ඒක වෙන කෙනෙක්ගේ පැත්තෙන් බලද්දි නිවැරදි නොවෙන්න පුළුවන්.. හිතට වහල් වෙලා තීරණ ගන්නත් නරකයි.. තීරනයක් ගද්දි අපි හොදට කල්පනා කරලා බලන්න ඔන..

    හෙඩර් එක ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කල්පනා කරන්න හදිසි නොවි තිරනයක් ගන්න එක තමා මමත් නම් අනුමත කරනේ අයියා...

      Delete
  19. මොකද දේවට මුකුත් ප්‍රශ්නයක්ද ?
    ලේසි ක්‍රමයක් තියෙනව. ළඟ, ළඟ, දෙකක් නවා ගත්තනං ඕනෙ තරං අයිඩියාස් එනව. එහෙම නැත්තං මලක් ඇද්දත් හරි, කල්පනාව ක්ලියර් වෙනව. අත්දුටුවයි, සත්තයි.

    ReplyDelete
    Replies
    1. වෙලාවට මේක මගේ ප්‍රශ්නයක් නොවුනේ... ඔබා මාමා ශ්‍රි නාමය කියලා දැන් නම් ඇත්තටම අපිට වැරදිම කියනවාද මන්දා :ඩි..

      අපි නම් අහුවෙයි ඕවට... අපි හොද ලමයි ඇ

      Delete
  20. මලයා ඔළුව මාරු කරලා.. දැන් නම් පොෂ් ඈ... (ඉස්සරත් පොෂ් තමා - දැන් පොෂේ පොෂ්... හි හී !!!)

    මලයා ජීවිතේම ස්ක්‍රිප්ට් එකක්. එක් IF එකක් වෙනස් වුනා කියලා මුළූ ජීවිතේම වෙනස් වෙන්නෑ. හැබැයි කලාතුරකින් එහෙම වෙන ඒවාත් තියෙනවා. එහෙම IF වලදී ඔයා False තීරණයක් ගත්තොත් ELSE එකේ තියෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයක් වෙනනත් පුළුවන්.

    හැබැයි මොන තීරණයක් ගත්තත්, අනුන් කියන පලියට ගන්න එපා. තමා ගන්න හැම තීරණයකම අයිතිය සහ වගකීම තමා සතුයි. උඹට හොඳයි කියලා හිතෙන තීරණයක් ගනින්, හැබැයි හිතට එකඟව...!!! කවදාවත් ගත්ත තීරණයක් ගැන පසුතැවෙන්න වුනත් පසුතැවෙන්න එපා. වෙච්ච වැරැද්ද හදාගන්න බලනවා මිසක්...!!!

    මොක වුනත් හොඳ තීරණයක් ගනින්. මේ කාලේ ගන්න තීරණ සැහෙන වැදගත්... ජය !!!

    ReplyDelete
    Replies
    1. ඔලුව................ එක පාර මාත් හොල්මන් උනා මේ මොකක්ද කිවේ කියලා.. ආහ් බ්ලොග් එකේ හෙඩ් එක.... එල එල...

      ඇත්තටම අයියා තිරනයක් ගන්න කොට නම් තමන්ට ස්වාධින වෙන තරමට ගොඩාක් හිතට නිදහස්.... නැතනම් දෙයක් කාගෙන් හරි අහලා කරලා ඒක හරි ගියොත් එකේ කේරේඩිට් එක ගන්න දගලනවා..

      වැරදුනොත් උත් එක්ක අපි තරහ වෙනවා..

      හිතලා අපිම ගත්තොත් එල තමා....

      තැන්ක්ස් අයියා

      Delete
  21. ඔයට හොඳයි කියල හිතෙන දේ කරන්න මම නම් එහෙමයි.ඕනම නම් තව කාගෙන් හරිත් අහන්න අය්යේ.
    හෙඩර් එක ලස්සනයි

    ReplyDelete
    Replies
    1. දැන් නම් මට එහෙම ප්‍රොබ්ලම් එකක් නැ නංගෝ... මේක මේ යාලුවෙක් අහපු දෙයක්... මට එහෙම ඕනා උනොත් එස් එම් එස් එකක් වත් දාන්නම්කෝ අනිවා ඔයාට

      Delete
  22. කවුරු කිව්වත් එක අපි පිළිගන්න ඔනේ අපිට ගැලපෙන දෙයක් නම් තමයි.ඒ වගේම හිතට වහල් වෙලා තිරණ ගන්න එකත් එක විදිහක මෝඩ කමක්..සමාජ සම්මත එක්ක ජිවත් වෙන එකත් මොඩ කමක්.දෙයක් කිරීමෙන් අපට ලැබෙන ප්‍රතිඑලය ගැන ටිකක් හිතලා වැඩ කලොත් හරී.. :)))

    ReplyDelete
  23. මම නම් මේ පැත්තට අලුත් හෙඩර් එක ගැන නම් දැනේ නෑ ඉතින් වෙනස..එත් එක ලස්සනයි යාලු..ඇත්තටම අපි තිරනයක් ගන්න ඕනේ ඔය උද තියන ඔක්කොම එකතු කරලා වැඩි සාදාරන පැත්තටයි.මොනදේ කලත් හිතට එකගව ගන්න තීරණ හුගක් වෙලාවට හරි යනවා..:)

    ReplyDelete
  24. මම නම් කියන්නේ අපි ගන්න ඕන අපිට හරි කියල හිතෙන තීරණය... ඒක හරියන්නත් පුළුවන්, වැරදෙන්නත් පුළුවන්. ඒත් ඒක අපේ ජීවිතේට ලොකු අත්දැකීමක්... තනියම තීරණයක් ගන්න තරම් අපි ශක්තිමත් බව පෙන්නන්න පුළුවන්...

    හෙඩර් එක මට නම් ලස්සනයි..අවුලක් නෑ... :))

    ReplyDelete
  25. මොන තීරණය ගත්තත් ඒ තීරණය වෙනුවට ගන්න පුළුවන් විකල්ප තීරණ පුලුවන් තරම් ගොඩ නගලා ඒවා ඇගයීමකට ලක් කරලා හොඳම තීරනය ගන්න වෙලාව තියේ නම් එහෙම කරන එක සෑහෙන හොඳයි කියලා මන් නම් හිතන්නෙ..

    ReplyDelete
  26. තමගේ තීරණ තමන්ම තීරණය කරනවානම් තම හොඳ?.ඒත් තමන් ගැන හොඳ විශ්වාසයක් තියෙනවනම්.

    ReplyDelete
  27. මම නම් හිතනේ තීරණ ගන්න ඕනි හදවතින් නැත්නම් බුද්ධියෙන් කියල වෙන් කරන්න බෑ..ඒක ගන්න ඕනි හදවතින් බුද්ධිමත්ව නැත්නම් බුද්ධිමත්ව හදවතින්.....

    ReplyDelete
  28. මමනං මට හරියි කියල හිතෙන තීරන ගන්න මිනිහෙක් . . ආයෙ දෙපාරක් හිතන්නෙ නෑ . . . හරිගියාට වඩා වැරදුනා වැඩියි තමා . . ඒත් දුකක් නෑ

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....