ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

05 March, 2012

වයර්ලෙස් කමියුනිකේශන් අපි ඒ කාලේත් දැන ගෙන උන්න....

සමාජයේ ඉන්නවානේ එක එක විදිහේ මිනිස්සු.....

ඇත්තටම අපිට ඒ හැමෝමම ආස්‍රය කරන්න වෙනවානේ අපි කැමති උනත් නැතත්.....

සමහර අය කතා කරනකොට අපිට කතා කරන්න ආසයි.. වෙලාව යනවා තේරෙන්නේ නැ.. බ්ලොග් ලොකෙත් මම එහෙම කැමති අය ඉන්නවා..

ඒත් සමහර අය කියවන්න ගියහම කියන්නේ මහ ලොකු කතා.. තමන්ට එහෙම දේවල් ඇත්තෙත් නැ.. ඒත් කියවනවා ගොඩාක් ...

ඇත්තටම ඔයාලා කැමතිද එහෙම කතා අහන්න.... එහෙම අයට අපි කතා කරන්න ඕනේ කොහොමද?

ඇත්තටම අපිට පුලුවන්නම් එහෙම කතා කරන අයට කියන්නේ පම්පොරි කාරයෝ කියලා නේද?

ඔය තමන්ගේ පම්පොරිය ගැන කියවන අයට ගොඩාක් දේවල් ඇත්තටම නැ.. සමහර අය කතා කරන්නේ තමන් කිසි වැඩක් කරන්නේ නැ ඔක්කොම කරලා දෙන්නේ සර්වර්න්ට්ස් ලා.. තමන්ට තියෙන්නේ කාලා බිලා නිදාගන්න විතරයි වගේ කතා කරන අය තමා ඔක්කෝම වැඩ කරන්නේ....

ඇදුමක් ගත්තත් තියන කෙනා ඒවා පෙන්නනේ නැ... නෝමල් අය කියවන අය තමා එක එක ලොකු ශෝ දාන්න යන්නේ.. එත් තෙරෙන්නෙස් නැ ඒ කෙනාට ඒ කරන කියන දේවල් නිසා නැතිවෙන්නේ තමන්ගේ තත්වයම කියලා..

පුලුවන්නම් ඔයාලාත් එහෙම අය මුනු ගැහෙනවා නම් එහෙම කියන අය ඉන්නවා නම් කතා කරනවා නම් ඒ අයටත් එහෙමම කතා කරන්න.. මම නම් කරන්නේ එහෙමයි..

ඔයාලා ඇත්තටම මොකද කරන්නේ එහෙම අයට..


මේ කතාව අහලා තියනවද?

ඇමරිකාව කියන්නේ ලොකු අතිතයක් තියන ජාතියක් නෙමේනේ... ඒත් ඕනා කරා ඇමරිකාවේ ජනාධිපති කෙනෙකුට ඕනා උනා තමන් හරි උසස් අතිතයක් තිබුන කියලා පෙන්නන්න ....

ඉන්දියාවේ ජනාධිපති කෙනෙක් ආපු වෙලාවේ මේ විදියේ නැති දෙයක් තමන්ට තියනවා කියලා පෙන්නන්න ඕනා කියලා හිතපු ඇමරිකාවේ ජනාධිපති තුමා සේවකයෝ ගෙනත් අඩි 20ක් යටට වලක් හැරුවාලු.. හරලා ඉන්දියාවේ ජනාධිපති තුමාට කිවලු බලන්න කියලා.. බලපුවහම වයර් කැල්ලක් තිබුනාලු,.

ඒක බලලා ඇමරිකාවේ ජනධිපති කියනවාලු අපිට ලොකු දියුනු අතිතයක් තියනවා ඔය තියෙන්නේ  ඒ කාලේත් අපේ සන්නිවේදනයේ තිබුනු දියුනුව තමයි කියලා...

ඉන්දියාවේ ජනාදිපතිත් මේක අහගෙන උන්නා, කැමති දෙයක් කියවපන්කෝ අපේ රටටත් එනවානේ කියලා...

ඔහොම කාලයක් ගෙවිලා ඇමරිකාවේ ජනධිපති ආවා ඉන්දියාවට..

අර වගේම අඩි 20ක් හරලා බලන්න කිවා ඇමරිකාවේ ජනාධිපතිට..

බලලා කියනවා කෝ මුකුත් නැනේ අපේ නම් වයර් කැල්ලක් තිබුනා ඒ කාලේ තිබුන සන්නිවේදනය දියුනුව නිසා කියලා

එතකොට ඉන්දියාවේ ජනාධිපති කියනවා ඔයාලා දැන් කතා කරන වයර්ලෙස් කමියුනිකේශන් අපි ඒ කාලේත් දැන ගෙන උන්න කියලා...

සෝ මොන කතාද ඉතින් තවත්.................................

67 comments:

  1. හික් හික් අපි නොදන්න වයර්ලැස්.......බොරු ටෝක් දීලා ඇනගන්න එවුන් අනන්තයි....

    ReplyDelete
    Replies
    1. සමහරු ඉන්නවා ඇන ගන්නේ නැ වගේ කථාවට දක්ෂ.... අයත්

      Delete
  2. අතේ ඇඟිලි 5ම් එක වගේ නෑනේ. හොඳම දේ තමයි කාවවත් තරහ කර ගන්නේ නැතුව. හිත රිදවන්නේ නැතුව. ඒ ඒ පුද්ගලයන් ඇසුරු කිරිම.

    ReplyDelete
    Replies
    1. කාවවත් තරහ කරගන්න නම් ඕනේ නෑ මාතලන් අයියේ.. ඒත් කියවනවා අහගෙන ඉන්නත් බැනේ

      Delete
  3. මේ කතාව කියෙව්වාම මට මතක්වුනේ ප්‍රේමදාස ජනාධිපතිතුමාව මගේ මතකේ හැටියට එතුමාට තමයි ඔහොම කතා බහුතරයක් හැදිලා තියෙන්නේ....නැති දෙයක් තියෙනවා කියලා පෙන්නන්න ගියාම සෑහෙන්න කරදරයි ඊට වඩා ඇඟටයි පොකට්ටුවටයි සනීපයි පොළවේ පය ගහලා සාමාන්‍ය විදියකට ජීවත් වෙන එක කාටවත්ම කරදරයක් නෑනේ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා.. සමහර අය ඉන්නේ නිකන් අහසේ මාලිගා වලනේ... ඒත් ඉතින් ඇති දෙයකුත් නැ.... එකගයි 100%

      Delete
  4. ඇමරිකාවෙ ජනාධිපතිට මොනා හිතුනද දන්නෙ නෑ... හිකිස්‌ හිකිස්‌....

    ReplyDelete
    Replies
    1. ඉන්නකෝ නංගි බබා මම කෝල් එකක් දිලා අහලා බලන්නම්...

      Delete
    2. අම්ම ගහයි . . මුගෙ හුරතලේ . . නංගි බබා !

      Delete
    3. අප්පා බැට් එකක් අල්ලපු කාලයක් මතක නැ අෆ්ෆා.. අපේ අලුත් කොල්ලෝ ගහන ලස්සනට බැට් අතට ගන්න කාලේ ආයේ හරි... ක්‍රිකට් උන්මාදේ..

      අඩේ බන් අයියේ.. ඔහොම කියන්න එපා අෆ්ෆා

      Delete
  5. හොද පාඩම් හොද පාඩම් බොරු සෝබනවලට හොද පාඩම්.

    ReplyDelete
    Replies
    1. බට්ටිටත් සෙට් වෙලා වගේ එහෙම අය

      Delete
  6. රෝමයට ගියාම රෝමානුවෙක් වෙන්න ඕන....ඒක තමයි තියෙන එකම

    විසඳුම.....

    city කියන අර්ථයෙන් ගොඩනැගුනු නගර ලංකාවෙ නෑ. හරියට

    බැලුවොත් metropolis එකක්වත් නෑ...කොළඹ වීදිවලත්

    එළිවෙනයාමෙට පෙරේත තටු හම්බවෙනවා...මුළු ලංකාවම ගමක්...
    ඉතින් පොර ටෝක්, නයි ඇරිලි, ගොන්පාට් වලින් අඩුවක් නෑ.
    ගමේ මිනිස්සු එක්ක කොහොමද ජීවත්වෙන්නෙ...? ඒ විදියට වැඩ

    කළාම හරි.

    ReplyDelete
    Replies
    1. සිරා කතාව යාලුවා... ඕක නොතේරෙන එකනේ අවුල

      Delete
  7. රෝමයට ගියාම රෝමානුවෙක් වෙන්න ඕන....ඒක තමයි තියෙන එකම

    විසඳුම.....

    city කියන අර්ථයෙන් ගොඩනැගුනු නගර ලංකාවෙ නෑ. හරියට

    බැලුවොත් metropolis එකක්වත් නෑ...කොළඹ වීදිවලත්

    එළිවෙනයාමෙට පෙරේත තටු හම්බවෙනවා...මුළු ලංකාවම ගමක්...
    ඉතින් පොර ටෝක්, නයි ඇරිලි, ගොන්පාට් වලින් අඩුවක් නෑ.
    ගමේ මිනිස්සු එක්ක කොහොමද ජීවත්වෙන්නෙ...? ඒ විදියට වැඩ

    කළාම හරි.

    ReplyDelete
  8. හිකිස් මරු කතාව......කයි දෙයියො නම් ඕන තරම් ඉන්නව වැඩක් කරන්න ගියාම ඉතින් හත් පොලේ ගාගන්නව.

    ReplyDelete
  9. ඔය කථා ඇමෙරිකාවට හදල තිබ්බට අපේ රටේ තරං පම්පෝරි කාරයො ලෝකෙ කොහෙවත් නැතුව ඇති කියල හිතෙනව. 'රෙන්ඩ පුකේ ගූ නැතත් ගහන්නෙ ගෝල්ඩ් ලීෆ් ' කියල පුරාණ පඬිවරු කිව්වෙ කට කහනවටද ?

    ReplyDelete
    Replies
    1. ආහ්.... ඔබා මාමා ඕක හොයා ගත්තේ පුස්කොල පොතකින් වෙන්න ඕනා..

      පුරාණ පඩිවරුත් කොහොමහරි ඇත්ත දන්නවා නේද?

      Delete
  10. ඕනැවට වඩා පම්පෝරි ගහන්න ගියාම පජාත වෙලා තමයි නවතින්නෙ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි කිරි පුතා.....

      ඒක නෙමේ කිරි පුතා බ්ලොග් එකක් ලියනවද?

      Delete
  11. ලොකු ටෝක් දෙන අය ගොඩක් ඉන්නවා.. ඒවා අහගෙන සද්ද නැතුව ඉන්නවට වඩා අඉට ඒ බොරුව තේරුනා කියලා ඇගෙවුවම ආයේ ලොකු ටෝක් දෙන්න එන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. කරලා බලන්න ඕනා දිනේශ් අය්යා

      Delete
  12. මම ඔය කතාව ටිකක් දිගට අහලා තියනවා. මොනවා උනත් මොලෙන් වැඩෙ දීලා දිනන්න පුලුවන්නම් ඒක තමයි හොඳ

    ReplyDelete
    Replies
    1. දිගට කිවේ ලොකු ජෝන් අයියා,.... ඉන්දියන් කාරයාට වඩා ඇමරිකන් කාරයාගේ මොලේ වැඩි කියනවා නේද?

      Delete
  13. හ්ම්..... හැමෝම එක වගේ නෑ නේන්නම් මල්ලි...මාතලන්ගෙ අදහසට එකගයි...

    ReplyDelete
    Replies
    1. අනිවා අක්කෝ... එක වගේ දෙන්නෙක් නම් හොයා ගන්නම බැරිවෙයි...

      Delete
  14. නිසුපා කියන දේට මාත් එකගයි...පොර ටෝක් දෙන නිකම්මු අතරේ නිහඩව ඉන්න වැඩ්ඩෝ වගේම පොර ටෝක් දිදී වැඩ කරන අයත් ඉන්නවනේ.බොහෝ දුරට ඔය පොර ටෝක් දෙන්නේ තමන්ට කියල වටිනා කමක් නැති අය තමා..කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ඩියෙන් ඇසිය යුතුයිනෙ. දෙන පොර ටෝක් එකක් දී ගන්න කියල අපි ඉවසීමෙන් හිටියම හරිනේ.

    ReplyDelete
    Replies
    1. සමහරු අතේ පැලවෙන බොරු කියනකොටනේ ඉතින් ඉවසන්න බැරි දමිත්...

      Delete
    2. එක නම් ඇත්ත තමයි අයියේ...ඔය වෙලාවට කරන්ඩම දෙයක් නැත්නම් ශේප් එකේ එතනින් මාරු වෙන එක තමයි කොරන්ඩ වෙන්නෙ..පොර ටෝක් දෙන එකාට ඕන මගුලක් කියා ගන්ඩ කියල.

      Delete
  15. අනේ පොර ටෝක් දෙන උනුත් ඉන්න එපැයි. නැත්නං වැඩක් නෑ. සංසන්දනය කරන්න කෙනෙකුත් නැතුව යනවනෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හිකිස්................ එහෙමවත් හිතමු එහෙමනම්...

      Delete
  16. දමිත් සහෝ ගෙ කතාව මමත් හිස මුඩුනින් පිලිගන්නවා.මොකද වැඩ නොදන්න කියවන අය අතරෙ තවම වටිනාකමක් නොලැබුන වැඩකාරයොත් වගේම.නිහඩ වැඩ කාරයො අතරෙ ඇත්තටම නිකම්මුත් ඉන්නව

    ReplyDelete
  17. ඔයවගේ තව කතාවක් මතක් උනා.
    රුසියන් ජනපති ඉංදියාවට ආවම එයා දැක්කෙ ප්‍රසිද්ධ ස්තානවල මළපහ කරන ඉන්දියන් කාරයන්. මේ ගැන එයා ඉංදියාවෙ අගමැතිට කින්ඩියක් දැම්ම. පස්සෙ කාලෙක ඉංදියාවෙ අගමැතිතුමා රුසියවට ගිහිල්ල සංචාරය කරන ගමන් බැලුවෙ අරවගේ කෙනෙක් පෙන්නල රුසියන් ජනපතිට රිටන්එක දෙන්න. ඔහොම යන අතරෙදි එක්කෙනෙක් පාරක් අයිනෙ මළපහ කරන හැටි රුසියන් ජනපතිට පෙන්නල කිව්ව මෙහෙත් ඉන්නවනේ ඒවගේ අය කියල. ඒ සැරේ රුසියන් ජනාධිපති තුමා වාහනේ කිට්ටුකරල කියනව "කලබල වෙන්න එපා, ඒ ඔබතුමාගෙ තානාපති තුමා" කියල.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ ජනාධිපති තුමාට එතනම මැරෙන්න හිතෙන්න ඇති අෆ්ෆා....

      රාජ් අය්යාලා දෙන්නම අතුරුදහන් කියලා මම හිතාන උන්නේ...

      Delete
  18. අනන්තවත් ඔය වගේ අය හම්බෙනවා.කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසුවා නම් අවුලක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් ඔනාවට වඩා ඔනේම නැනේ නේද නිශාන්

      Delete
  19. වෑර්ලස් තිබ්බ හින්දා තමා අඩුම තරමේ වයර් කෑල්ලක්වත් ලැබිලා නැත්තේ. හික්ස් පට්ටයි :)

    ReplyDelete
  20. මටත් ඔය බොරු පම්පෝරි කාරයෝ පේන්න බෑ. උන්ට ඔහේ කියවන්න දිලා මම අහගෙන ඉන්නවා. මම අකමැතිම දෙයක් තමයි මට මෙච්චර පුළුවන්, අච්චර පුළුවන් කියලා කියවන එක.

    පොඩි කථාවක් කියන්නම්, මටම වෙච්චි ඇත්ත කථාවක් ! Age of empire - AOE ගේම් එක දන්නවානේ. මේ කියන කාලේ වගේම අදටත් මම හොඳ AOE පිස්සෙක්. ඉතින් ඉස්සර දවසක මම යාළුවෙක්ටත් ඕක ඇබ්බැහි කලා. අපි ඌට නිලා කියමු. නිලා ගිහින් උගේ යාළුවෝ සෙට් එකටත් ඕක පුරුදු කරලා. දවසක් නයිටක් ගහද්දී නිලාගේ යාළුවෝ ටිකත් සෙට් වුනා. දැන් එතන ඉන්න පොඩි එකෙක් නිලාගෙන් ගේම අහගෙන මට පොරටෝක් දෙන්න එනවා. මමත් සද්ද වහලා බලන් හිටියා ඌ පම්පෝරිය දදා ගේම ගහන හැටි. කිසිත් නොදන්න එකා වගේ මමත් දැන් බලන් ඉන්නවා. ඔන්න ඉතින් පැයක් විතර ගහලා ඉවර කරලා අර පොඩි එකා මට දෙනවා ගේම ගහන්න. අනේ ඉතින් මමත් ගහගෙන යනවා. දැන් ඉතින් කට්ටිය සද්ද නෑ. රටේ නැති පොර ටෝක් දීපු පොඩි එකා දැන් සද්ද වහගෙන බලන් ඉන්නවා. ඔහොමයි වුනේ...

    දැන් මම ඔය කථාව කියලා මමත් පොර ටෝක් දුන්නා වගේ නේද ? හැබැයි ඔය වගේ පොර ටෝක් දෙන ගොඩක් අය පුස්සෝ... වැඩ්ඩෝත් නැත්තෙම නෑ. හැබැයි මම දන්න ගොඩක් වැඩ්ඩෝ ඉන්නේ අමු ගොබ්බයෝ වගේ. වැඩට බැස්සම නම් , ජීනියස් !!!

    පම්පෝරි කාරයන්ට රිටර්න් දෙන්න තියෙන හොඳම විදිය තමයි සද්ද නැතුව ඉඳලා නොදන්නා තාලෙට තමන්ගේ වැඩ පෙන්නන එක. මේක මගේ අදහස... වෙන අයට වෙන වෙන අදහස් ඇති !!!

    ReplyDelete
    Replies
    1. හිකිස්.......... අයියාත් ඒ කියන්නේ කටින් බතලද හිටවන්නේ... බට් මම දන්නවානේ එහෙම නැ කියලා... ඒ වගේ අයට අපි රිටන් එක දෙන්න ඕනේ ඇත්තටම එහෙම කරලා තමා..
      එදාට කැ ගැහුවත් ආයේ කවදාවත් කියවන්න නම් එන්නේම නැනේ... අයියාගේ ක්‍රමේ එක්ක මම එකගයි...

      ආයේ පොඩි එකා නම් කියවන්නම නැතුව ඇති...

      Delete
    2. //අයියාත් ඒ කියන්නේ කටින් බතලද හිටවන්නේ.//
      අඩේ ! ඔන්න මලයත් ඉතින් වයර් මාරුකරගෙනනේ. මං කොහොද බං කිව්වේ මමත් කටින් බතල හිටවනවා කියලා ???

      Delete
    3. අනේ.......... නෑ අයියා.. ඔය මම කියලා තියෙන්නේ මම දන්නවානේ අයියා එහෙම නැ කියලා.... හිකිස්..... එහෙම අවුලක් නම් නැ හොදේ

      Delete
  21. ලංකාව එයිට හපන් බොල.. !

    ReplyDelete
    Replies
    1. නැ................... වෙන්න බැ බන් සැමෝ........

      Delete
  22. නයි එවද්දි පුලුවන් තරං උඩ දාල සපෝට් එක දෙන්න ඕනෙ . . . වැඩි දුර යන්න කලිංම නයා ගස්

    ReplyDelete
    Replies
    1. හිකිස්...... නයා ගස් අපේ කන් වලට අබ සරණයි තමා ඉතින්

      Delete
  23. මම නම් සමහර වෙලාවට ආසයි ඔය වගේ නයි අරිලි අහගෙන ඉන්න...හි හි

    ReplyDelete
    Replies
    1. ටයිම් පාස් කරන්න නම් ශොයි තමා... හැම වෙලාවකටම ඕක අදාල නොවෙන එකයි වැඩේ...

      Delete
  24. මල්ලී , මේ ලෝකේ කිසිම කෙනෙක් තව කෙනෙක්ට සමාන වෙන්නේ නැහැ ..ඒ බව තේරුම් ගැනීමයි වැදගත්ම ..සිතන , කතා කරන , ක්‍රියා කරන සහ බාහිර සිදුවීම් වලට ප්‍රතිචාර දක්වන විදියත් එකිනෙකාට වෙනස් ..“එයා මං වගේමයි “ කියල හිතුනට හඳුනගන්නට බැරි වූ හෝ වෙනසක් තිබෙනවා .(ඒකට ජීව විද්‍යාත්මක හේතුවක් තියෙනවා ) , අනෙක මේ වගේ “නයි ඇරීම“ වගේම ලස්සන හොඳ නරක හැම දෙයක්ම අපිට දැනෙන්නේ හිතෙන්නේ ..තව දේකට සාපේකෂව නේ ...උදාහරණයක් “පුරසාරම් වුනත් එහෙමයි ...එහෙම අඩුයි කියල හිතෙන කෙනෙක්ට සාපේෂව තව කෙනෙක් වැඩි පුරසාරම් “ හලනව වුනත් ..එයින් කියන්නට පුළුවන්ද අදාල අනෙක් පුද්ගලයා “හොඳ“ කෙනෙක් කියන එක ...
    සමාජ ජීවියෙක් විදියට අපි කරන්න ඕනම දේ මේ වෙනස් කම හඳුනාගෙන ..එය තමන්ට ගැටුමක් කරනොගෙන ජීවිතේ ගත කරන එක ...(හැබැයි හුඟාක් අභව්‍ය පුරසාරම් ගහන්නේ නම් මානසික රෝග තත්ත්වකින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන් , එහෙම වුනොත් හොඳම දේ ඒ පුද්ගලයා ගැන මිත්‍රත්වයෙන්ම සෙවිල්ලෙන් ඉඳල අවශ්‍ය ප්‍රතිකාරයකට යොමු කරවන එක) ...අනේ මන්ද අර මැක්කගේ කතාව වගේ කොතනින් ආවත් ලෙඩකින් ඉවර කරාද මන්ද .....හොඳ සමාජ කතිකාවක් විය යුතු මාතෘකාවක් ...ස්තුතියි මල්ලි..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක ගොඩාක් වටිනවා වගේම වැදගත් ලොකු පණිවිඩයක් අයියගේ කමෙන්ට් එක පුරාම තියනවා

      ඇත්තටම එහෙම පුරසාරම් ඕනාවට වඩා ගහන අය ඒක ලෙඩක් වෙන්න පුලුවන් කියලා නම් මම කොහොමවත් හිතුවේ නැ.. එත් බලනකොට ඒක ඇත්ත තමා...

      ගොඩාක් ස්තුතියි අයියා.. මේ වගේ වටිනා අදහසක් බෙදා ගත්තට,

      Delete
    2. කමෙන්ට් එක ගොඩාක් වටිනවා වගේම වැදගත් ලොකු පණිවිඩයක් අයියගේ කමෙන්ට් එක පුරාම තියනවා

      ඇත්තටම එහෙම පුරසාරම් ඕනාවට වඩා ගහන අය ඒක ලෙඩක් වෙන්න පුලුවන් කියලා නම් මම කොහොමවත් හිතුවේ නැ.. එත් බලනකොට ඒක ඇත්ත තමා...

      ගොඩාක් ස්තුතියි අයියා.. මේ වගේ වටිනා අදහසක් බෙදා ගත්තට,

      Delete
  25. මම මේ දැන් ඔබාමට ෆෝන් කලා. එයා කීවා ඔය දේවකගේ බොරු කියලා.
    පුදුමයි එයා ඔයාගේ නම දැනගෙන හිටපු එක. මම හිතාගෙන හිටියේ එයා දන්නේ මගේ නම විතරයි කියලනේ. :D:D:D

    ReplyDelete
    Replies
    1. මේකනේ පොඩ්ඩියේ.... ඔබා මමා මාව නමින් විතරක් නෙමේ රුපෙනුත් දන්නවා අනේ.... අහලා බලන්න්කෝ... අර එයාලග වොන්ටඩ් කියලා ගහලා තියන ලිස්ට් එකේ උඩම වගේ ඉන්නවා මම

      Delete
  26. කවුරු හරි පම්පෝරියක් ගහනවා නං, උඩ දාලා හුරේ පාර දෙන්න ඕන එතකොට තමා අහන උන්ට උපරිම ආතල් එක ගන්න පුලුවන් වෙන්නෙ ....

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට මට නම් ඕක වදයක් අයියේ.. ඉවරයක් නැනේ කථාව....

      Delete
  27. ඒක නම් සහතික ඇත්ත කතාව..මේ බ්ලොග් ලියන අය අත්රෙත් පම්පෝරි ගහන අය හරියට...:D....කොහොම උනත් වැඩිපුර කියවන්නේ..අඩුවෙන් තියෙන අය තමා.හොද කතාව..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අක්කෝ... එහෙම කිහිපයකට නම් මම යනවා අඩුයි.... ඒවා ඉතින් එයාලගේ බ්ලොග් නේ.. ඒවට මුකුත් කියන්නත් බැනේ... අපිට කරන්න පුලුවන් ඒ පම්පොරි එහෙමම තියගන්න කියලා අපි එවා ගනන් නොගෙන ඉන්න එක තමා...

      එකගයි 100%

      Delete
  28. සිරාවටම පොර ටෝක් දෙන උන්ට එහෙමම පොර ටෝක් දීගෙන ඉන්න කියල අපි පාඩුවේ හිටියාම වැඩේ ඉවරයි. අන්තිමට පච වෙන්නේ ඌමයි. අන්තිමට පොර ටෝක් දීපු එකාට කෙලවෙනකොට වැඩේ අනා ගත්තම හොට බිම ඇනෙනකොට පොරගේ පොර ටෝක් ටික මතක් වෙයි.

    ReplyDelete
  29. දේවාටත් කවුරුහරි කණේ ඇඟිලි ගහගන්නම පොර ටෝක් එකක් දීල වගේ.... මම නම් එහෙම වෙලාවට කරන්නෙ, ඇත්තද... ආනේ....ස්zzz.... කිය කිය, කිසිම දෙයක් නොදන්න විදියට අහන් ඉන්න එක... :D

    ReplyDelete
  30. අපෝ අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ඔහොම නයි කාරයෙක්. අපිත් පොඩි ෆන් එකක් ගන්න ඕන උනාම කරන්නෙ කට්ටිය සෙට් වෙලා එයාව අවුස්සන එක තමා . පුදුම වැඩේ කියන්නෙ සමහර වෙලාවට කියන බොරු අහු උනත් ලැජ්ජාවක් නෑනෙ .එක එක්කෙනාගේ විදිය තමයි ඉතින් .

    ReplyDelete
  31. හොඳම වැඩේ හැක හැක හැක

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....