ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

25 February, 2013

පොඩි පොඩි රස කතා...............

Girl : සුදූ ඔයා මට ගොඩක් ආදරේද?

Boy : ගොඩක් ආදරේයි පැටියො

Girl : මගෙ කොතනටද ඔයා ගොඩාක් කැමති?

Boy : හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

Girl : අනෙ කියන්නකො......

Boy : මම කැමති ඔයාගෙ අර සුදු බොල දෙක මැද්දෙ තියන කලු තිත් දෙකට...

Girl : මොකක්? තමුසෙ මහ ජරා කොල්ලෙක් හලො.....

Boy : අයියො ඒකවත් තෙරෙන්නෙ නැද්ද.... මම කිව්වෙ ඔයාගෙ ඇස් දෙක ගැන නෙ.


.........................................................................................................................................

තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් නිමල්  කමල්ට පහර දුන්නේය.

බරපතල ලෙස තුවාල ලැබූ කමල් නිමල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.


"තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා නිමල්ගෙන් විමසුවේය.


ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..


තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?


දැනට අවුරුද්දකට විතර ඉස්‌සර


"ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?


"ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" නිමල් කියාගෙන ගියේය


....................................................................................................................................

බාලාංශ පන්තියේ සිටි කමලා සහ නිමලා පාසල් ගොස් එන අතරේ කතාබහක නියැලිනි.

කමලා: අපේ බාප්පා මැරුණේ ප්ලේන් එකේ ගිහින්.....
 

නිමලා: අනේ පව් මෙයා... මොකද ප්ලේන් එක කඩන් වැටිලද එයා මැරුණේ......
 

කමලා:පිස්සුද අනේ ප්ලේන් එකට මොකවත් වෙලා නැ...
 

නිමලා:එහෙනම් ඒකේ යන ගමන් ලෙඩ වෙලාද..?
 

කමලා නැ නැ...චූ බරක් හැදිලා දොර ඇරගෙන එලියට බැහලා.

................................................................................................................................

මේ එක්තරා දිනයකදි අඹුසැමියන් දෙදෙනෙකුගේ දින පොත් වල ඔවුන් විසින් සටහන් කර තිබු කොටසකි


ඈයගෙ දිනපොත.

මම ඈහුවා එයාගෙන් මොකද වෙලා තියෙන්නෙ?- එයා කිව්වා මුකුත් නෑ කියලා. ඔය ඔය අප්සෙට් එකේ ඉන්නෙ මගෙ අතින් උන වරදකටද? එයා කිව්වා මට කිසිම ප්‍රාශ්නයක් නෑ.
අපි දෑන් ගෙදර යන ගමන් ඉන්නෙ,මන් කිව්වා මන් ඔයට ගොඩක් ආදරෙයි කියලා. එත් එය හිනා වෙල වාහනය එලවගෙන යනවා. මට හිතා ගන්න බෑ එයාගෙ අමුතු හෑසිරිම. මම දන්නෙ නෑ ඈයි එය කිව්වෙ නෑත්තෙ මාත් ඔයට අදරේයි කියල.
අපි ගෙදර ගියාට පස්සෙ, මට හිතුනෙ මට එයාව නෑති උන කියල. එයා ඉදගෙන ටිව් බලනවා විතරයි එයාට මාත් එක්ක කිසිම දෙයක් කතා කරන්නවත් ඔනෙ නෑ.එයා හරියට පිටස්තර පුද්ගලයෙක් වගෙ ඉන්නෙ. මම තිරනය කලා ඈන්දට ගිහින් නිදා ගන්න.විනඩි 10 කට පස්සෙ එයත් අවා ඈන්දට.ඉතින් මන් හිතුවා මෙක තව දුරටත් හිතෙ තදකරගෙන ඉන්නෙ නෑතුව අහන්න.නමුත් එතකොට එයට නින්ද ගිහින්.මට ඉබෙටම ඈඩුනා, මට නින්ද යනකම්ම මට ඈඩුනා. මට හිතා ගන්න බෑ මොනද කරන්නෙ කියලා. මට හොන්දටම විශ්වාසයි එයා දෑන් හිතන්නෙ වෙන කෙනක් ගෑන. මගෙ මුලු ජිවිතයම විනාස උනා



.
.
.
.
.

ඔහුගෙ දිනපොත

අද දවස :- ශ්‍රි ලංකාව අදත් මෑච් එක පරදයි නෙ.අම්මපා මුන්ගෙ @#$% 

.......................................................................................................................................

ඔන් එක චණ්ඩියෙක් වගේ ඩයල් එකක් නැග්ගලු බස් එකකට. නැගලා පොර කියනවලු "සිංහයෙක් බස් එකට නැග්ගෙ ඈ ..........." කියලා. ඉතිං දැන් පොරට ඉස්සරහට යන්න විදියක් නැහැලු සෙනගලු මිනිහා ඒ ගමන කියනවලු. "දැන් සිංහයට ඉස්සරහට යන්න මේ බස් එකේ ඉඩ නෑ එතකොට ......."ඉතින් මිනිහ පච්චයක් එහෙම ගහලා සුදු යකඩ චේන් දෙක තුනක් එහෙම දාලා හෙන මැර ටයිප් එකකට හිටිය නිසා මිනිස්සුත් බය වෙලා ඉඩ දුන්නලු .............

ඊ ලඟට පොර ඉස්සරහට ගියාලු වාඩි වෙන්න සීට් නෑලු. ඉතිං පොර සීට් එකක් ලඟට ගිහිං කියනවලු "එතකොට සිංහයට වාඩි වෙන්න සීට් නෑ එහෙනම් ............" කියලා. අනේ ඉතිං ඒ සීට් එකේ මෙහා පැත්තෙ හිටියෙ වයසක අන්කල් කෙනෙක්ලු. පොර ඉතිං මොකටද ඉතිං නැති ප්‍රශ්න හදා ගන්නෙ කියලා දුන්නලු සීට් එක. වීදුරුව අයිනෙ හිටියෙ හත අට වසරෙ විතර පොඩි දරුවෙක්ලු. දැන් ඉතිං පොඩි එකත් බය වෙලා අයිනට ගුලි වුනාලු ..........

ටික දුරක් යනකොට පොරට ඕන උනාලු වීදුරුව අයින ඒ ගමන පොර කියනවලු "එතකොට සිංහයට වීදුරුව ලඟ යන්න ඉඩ නෑ එහෙනම් ......" කියලා. ඔන්න ඉතිං අර පොඩි කොල්ලා බය වෙලා අයිනත් දුන්නලු. දැන් පොඩි එකාට ඉන්න බැරිලු ප්‍රශ්නයක් එනවලු අහන්නම අර හාදයගෙන්. "අන්කල් මම ප්‍රශ්නයක් අහන්නද" කියලා ඇහුවලු. පොර කියනවලු "සිංහයන්ට මොන ප්‍රශ්නද බොල අහපං බලන්න කියලා ......" කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා. ආයිත් ටික වෙලාවකින් කොල්ලට ඉන්නම බැරුව අහනවලු "අන්කල් ප්‍රශ්නයක් තියනවා අහන්නද කියලා" ආයිත් පොර කියනවලු "අහපං කොල්ලො සිංහයන්ට මොන ප්‍රශ්නද කියලා ....." ආයිත් කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා ............

දැන් ඉතිං අර මැර හාදයත් වට පිට බල බල යනවලු කොල්ලත් බයෙන් වගේ ගුලි වෙලා යනවලු. ඉතිං කොල්ල බහින හෝල්ට් එකට කිට්ටු වෙලා නැගිටින්න හදන කොට අර මැර හාදයට මතක් වුනාලු මූ ප්‍රශ්නයක් අහනවා කිව්වට ඇහුවෙ නෑනෙ කියලා. පොර කියනවලු "මොකක්ද කොල්ලො උඹ අර සිංහයගෙන් අහන්න තිබුනයි කිව්වෙ .... දැන් අහපං දැන් අහපං ....." කියලා. ඉතිං කොල්ලත් ආයිත් අහනවලු "කමක් නැද්ද අන්කල් ඇහුවට" කියලා. "අහපං අහපං සිංහයන්ට විසඳන්න බැරි ප්‍රශ්න නැහැ ....." කියලා පොර කිව්වලු.

කොල්ලා ටිකක් ඉස්සරහට එහෙම ගිහිං අහනවලු "අන්කල්ගෙ අම්මා කැලේට ගියාද නැත්නම් සිංහයෙක් ගෙදරට ආවද කියලා ......." පොරට තරු වීසි වුනාලු ........


.........................................................................................................................................

දුප්පත් නමුත් උගත් පවුලක් හිටියා. ඒ අය තමන්ගෙ එදිනෙදා ගෙදරට අවශ්ය බඩු ගත්තෙ ගේ ලඟ කඩෙන්. මාසෙ අන්තිමට රුපියල් පන්දහස් ගනනක බිලක් ගෙවන්න එකතුවෙල තිබුනා. නමුත් ඔවුන්ට එම මුදල එම මාසෙදි ගෙවීමට අපහසු වුනා. කඩෙ මුදලාලි පනිවිඩ පිට පනිවිඩ එවනවා ණය බේරන්න කියල. පසුව ගෙදරට ඇවිත් අදම මෙ මුදල ගෙවන ලෙස තර්ජනය කලා. නමුත් දුප්පත් පවුලට එම මාසයේ මුදල් තිබුනෙ නැහැ. ඔවුන් ලඟ සන්තකෙටම තිබුනෙ රුපියල් දහයක් විතරයි. මෙකත් අතේ තියගෙන ඒ රුපියල් දහයෙ නෝට්ටුව දිහා බලාගෙන කල්පනා කරමින් සිටි ගෙදර ඇට්ටර කොල්ලා යමක් එම නෝට්ටුවෙ සඳහන්ව තියෙනවා දැක්ක. වහාම එම රුපියල් දහයෙ නෝට්ටුව ගෙදර පොඩි එකාට දීල ගිහිල්ල කඩේ ණය ගෙවල එන්න ඔහු පිටත් කලා. දැන් ගෙදර අයටත් හොල්මන්....
මෙන්න ක්ෂනයකින් මුදලාලි එනවා අම්මා, මුත්තා ඇතුව කෑගහගෙන.
ගෙදර
ඇට්ටර කොල්ලා අත හැරියෙ නැහැ. අර රුපියල් දහය අරගෙන මුදලාලිට කිව්ව

" නිකන් මෝඩයෙක් වගේ කෑගහන්නෙ නැතුව බලපන් ඕකෙ මොකක්ද ලියල තියෙන්නෙ කියල "

මුදලාලි ඒක කියවල උඩ ගියා.... ඇත්ත නෙන්නම්..... මේ බලපල්ලකෝ......

"ශ්‍රි ලංකාන්ඩුව වෙනුවෙන් නිකුත්කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රි ලංකාව අතුලත ඕනෑම මුදල් ගනණක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය".

මුදලාලිට කට උත්තර නැති උනා...


........................................................................................................................................

නවීන පන්නයේ කාරයක් දරුණු රිය අනතුරකට ලක් විය.

එම ස්ථානයට පැමිණි ප්‍රථමාධාර කණ්ඩායමට දැක ගැනීමට ලැබුනේ රියදුරු අසුනේ සිටි තැනැත්තා මහා හඬින් බෙරිහන් දෙන ආකාරයයි.
 

ඔහු වෙත ළංවූ කණ්ඩායමේ සාමාජිකයෙක් ඔහු සන්සුන් කිරීමට උත්සාහ දැරීය.
 

"මහත්තයා කලබල වෙන්න එපා, පේන විදිහට මහත්තයටනම් ලොකු කරදරයක් නෑ වගේ. නෝනනම් වීදුරුවත් කඩා ගෙන එලියට විසි වෙච්ච හින්දා ගොඩක් අමාරුයි වගේ!"
 

"මොනවද **** ඔය කියවන්නේ? තමුසෙලා දැක්කේ නැද්ද ඒකිගේ කටේ තිබුනේ මොකක්ද කියලා?" පැවසූ ඔහු පෙරටත් වඩා උස් හඬින් කෑගැසීමට විය

.................................................................................................................................................

එහෙන් මෙහෙන් අහන්න ලැබුන රස කතා ටිකක්.........


19 February, 2013

ජිවිතයක් වෙනුවෙන්.. පුංචි දෙයක් කරමුද?

ජිවිතේ අපි හැමෝටම ලස්සන හින තියනවා....  තාවකාලික ජිවිතේ අපි කරන කියන දේවල් වලින් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ අපි අනිත් ය වෙනුවෙන් කරන දේවල් විතරමයි...

ලැබිලා තියන ජිවිතේ අපි යහපත් දෙයක් වෙනුවෙන් එක රුපියලක් වත් වෙන් කරනවා නම් මොනවා නැතත් අපිට හිතේ සතුටින් ඒ දවසවත් ගත කරන්න පුළුවන් වෙයි..

මතකනම් බ්ලොග් ලියන කියවන ඔබට  මිට අවුරුද්දකුත් දවස් හතකට කලින් මම දැම්මා පොස්ට් එකක් ජිවිතයක් බෙරගන්න පුංචි උදව්වක්කරන්න පුලුවනිද කියලා...

අදත් ඒ වගේම කතාවක් තමා.... එත්  මේක  අපිට  ගොඩාක් සමීප  කෙනෙක් ගැන.....

අන්තර්ජාලය කියනකොට අපිට  ඉස්සර වෙලාම මතක් වෙන තැනක් වෙන්නේ මුණු පොත.... සයිබරයේ යාළුවො ගොඩක් බ්ලොග් වලින් හදන ගැන තවත් ඒ බැදීම්  තහවුරු කරන්නේ  මුණු පොත හරහා... එහෙම ඇති කරගත් ගොඩාක් මම  නතර වෙන තැනක්  තමා  මුණු  පොතේ  වයි ගෘපිය...  අහන හැම  දෙයකම  අවසානයේ ඇයි කියන  වචනේ තියෙන්න ඕන කියන එක  නීතියක් නොවුණු රීතියක් උණු මේ  ගෘපිය  ගොඩක් ප්‍රශ්න වලට විසදුමක් උනත්

අද මේ ගෘපියේ හැමෝගෙම  ප්‍රශ්නේ හසන්ගි ට මෙහෙම උනේ ඇයි  කියන එක....


කොළඹ කැම්පස් එකේ පරිගණක අංශයේ තෙවන වසරේ අද්‍යාපනය හදාරමින් සිටින විටක පුංචිම පුංචි කෙල්ලක් වගේ දගකාරකම් කරන වයි ගෘපියේ අහිංසකාවිය හසංගි




ඒත් අද එයා අසනීපෙන්. පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ....

ලක්ෂ දහයක් කියන්නේ  තරමක් විශාල ගානක් නම් තමා... සාමාන්‍යන් බ්ලොග් කියවන බලන පිරිස කොහොමත් 4000ක් 5000ක් විතර ඉන්නවා කියන කතාව බ්ලොග් ප්‍රවීණයෝ කියනවා මට ඇහිලා තියනවා දැන් ඊටත් වැඩි ඇති... 

කෙනෙක් රුපියල් 200ක් දෙන්න පුළුවන් උනොත්

5000 * 100 =  1000000 කියන ගාන හොයා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් වෙන්නේ නැ....
අපිටත් යමක් ඒ ජිවිතේ වෙනුවෙන් කලා කියලා අහිංසක සතුටක් විදගන්න පුලුවන් වේවි.... පොදි බැදගෙන හොයන සල්ලි අපිට නැ තමා... අපේ මහන්සියෙන් අපි හොයන කිය උනත් අපිට වටිනවා...

ඒත් අපි නිකරුනේ වැය කරන රුපියල් 100කින් 200කින් මේ නංගියාගේ ජිවිතේ බේරගන්න පුලුවන්..

මොහොතක් හිතන්න... පුලුවන්න්නම් මේ වෙනුවෙන් පහත ක්‍රමයකට දායක වෙන්න....

 තව දෙයක් ගිය අවුරුද්දේ මෙහෙම දෙයක්  ගැන කියනකොට  මම  තව  පුංචි දෙයක් ඉල්ලුවා.. මේක ගැන  පුලුවනිනම් ඔයාලගේ පොස්ට් එකක් විදිහට දාන්න...

පැ.ලි  : ලංකාවේ  වෙන හැම මේ වගේ දෙයකටම අපිට උදව් කරන්න අමාරුයි තමා... එත් මේ සොහොයුරිය  අපේ  බ්ලොග් හිතවතුන් ටත් සමීප කෙනෙක්...

බ්ලොග් ලියන කියවන අය  ගේට් වලට සහබාගි උන ය මේ හිතවතාව අදුනනවා ඇති,... නමින් නිමේෂ් ගමගේ...  බ්ලොගය සිතුවිල්ලකට ඉඩක්...

මේ තරම් කතාවක්  කියපු ඒ හසංගි ඔහුගේ නැදැ සොහොයුරියක්.... වැඩි විස්තර ඔහුගේ මේ දුරකත අංක මගින් ලබා ගැනීමට හැක...

නිමේෂ් ගමගේ - 0773444819 / 0725226516

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි..

නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage?ref=ts&fref=ts

අසන්ත මෙන්ඩිස් https://www.facebook.com/asanthachristina
අසංක හෙන්දහේවා  https://www.facebook.com/asankahendahewa 
සම්බන්ධ කරගත හැක.

මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..

ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
  


ජීවිතයක් වෙනුවෙන් පුංචි ආයාචනාවක්....... වේලක් නොකා උන්නත් බඩේ පනුවෝ අපිත් එක්ක තරහ වෙන්නේ නැ... කරන්න පුලුවන්නම් ඇගේ ජීවිතය වෙනුවෙන් යමක්..

ඔබේ පුංචි රුපියල් 100 හෙට ඇගේ ජීවිතය ආලෝකමත් කරාවි...

ප.ප.ලි : මේක ගැන  පුලුවනිනම් ඔයාලගේ පොස්ට් එකක් විදිහට දාන්න...

අමතකව යන්න මත්තෙන් ගේට්ටුවේ සැමා ගේ හොර නොවන හොර සමගින් අටං පහුර කතාව.

අමතකව යන්න මත්තෙන් ගේට්ටුවේ සැමා ගේ හොර නොවන හොර සමගින් අටං පහුර කතාව.

බ්ලොග් ගේට්ටුව තිබිලා මාසයක් ගත වෙන්නත් ලගයි.... එත්  අද හදිසියේම මොබයිල් එකේ වීඩියෝ බලනකොට එදා ගත්තු වීඩියෝ එකක් නිසා ආයෙමත් කතා කරන්න හිතුනා...

මම පොස්ට් එක ලියන්න කලින්අහලා  බලපු විදිහට එදා ලක්මාල්  අය්යා එහෙමත් නැත්නම්  අටං පහුර බ්ලොග් එක ලියන අයියා කරපු කතාව  කළා කියලා විතරක් තිබුනා මිසක ඒ කතාව  එදා ආවේ නැති අයට බලන්න .

හදවතින්ම කියපු ඒ  කතාව  බ්ලොග් කරණයේ නිරත වෙන අයගේ හැගීම් බ්ලොග් ගැන හිතෙන දැනෙන  දේවල් ඒ විදියටම කියපු හරිම අව්‍යාජ කතාවක් කියලා තමයි මට නම් හිතුනේ...

බ්ලොග් කරණයේදී අපිට ගොඩක් දේවල් සිද්ද වෙන්නේ අපේ දේවල් කපා කරගෙන කරන්න. ඒ දේවල් වලට සමහර වෙලා වල් වලදී හරි වටිනා කමක් ලබනවද කියන එකේ සැකයක් තිබුනත් බ්ලොග් කියන්නේ මගේ ජීවිතේට ගොඩක් දේවල් ලබා දුන්නු දෙයක්....

සමහර විට මම බ්ලොග් ගේට් වලින් හමුවෙන අන්තිම අවස්තාව වෙන්නත් ඉඩ තියන නිසා මේ වීඩියෝ මෙහෙම අප්ලෝඩ් කරනවා.....



මේ වීඩියෝ එක ගැන කියන්න යනකොට තවත් වීඩියෝවක් සෙට් උනා... එදා සැමා වින් කලේ  හොර කරලද ? වීඩියෝ එකේ 1.10  - 1.30  අතර කොටස බලලා තීරණයක් ගන්න පුලුවන්ද මන්දා.... එත් නැ නැ එදා සැමා එක නම් දිනුවේ සහජ හැකියවෙන්මයි.... පේනවනේ සින්දුවක් කියන්න බොක්කෙන්ම එන ෆිලින්ග්ස්..






12 February, 2013

ලියන කියවන බ්ලොග් යාලුවනේ ලොකු උදව්වක් ඕනේ....

ඉතින් අද නම් බ්ලොග් ලියන , කියවන යාළුවො... මාළුවෝ යාළුවො නෙමේ උනත් ඔය හැමෝගෙන්ම පුංචි උදව්වක් ඕනා....

හැමොටම වගේ ඉතින් ඒ ලෙවල් කරලා නම් ඉන්නේ ඉතින් ඔය කාලෙට කරන ව්‍යාපෘති එහෙම මතක ඇතිනේ.... දැන් ඉතින් හිතන්න එපා මේ මමත් ආයේ උසස් පෙළ කරනවා කියලා එහෙමනම්...

මේක මගේ නඟා ගේ ප්‍රොජෙක්ට් එකට, අයිඩියා එකක් දෙන්න කීවහම ඉතින් මට මතක් උනේ මේ බ්ලොග් ගැන...

ඉතින් මේ ගැන මම කරන්න කිවාහම කරුණු වගේම මේ බ්ලොග් කරුවන් කාරිනියන් ගැන දැන ගන්න ඕනනේ...

එකට ෆිල් ඉන් ද  බ්ලෑන්ක් ෆෝම් එකක් දානවට වඩා ඔපන්ලි ප්‍රශ්න ටික අහලා කමෙන්ට් වලින් උත්තර ගන්නඑක හොදයි කියලාහිතුනා.. එතකොට ඕන කෙනෙක්ට බ්ලොග් කරන අය ගැන නොදන්නා දෙයක් උනත් දැන ගන්න පුලුවනේ....

ඕපන් දානවට අකමැති අය එහෙම දන්න එපා කිවොත් කමෙන්ට් එක පබ්ලිෂ් නොකර ඉන්නම්කො.....

මෙන්න ප්‍රශ්න ( හික්ස් කරුණාකර ප්‍රශ්නය නැවත නොලියා ප්‍රශ්න අංකය යොදා පිළිතුරු සපයන්න )

1. බ්ලොගයේ නම  (තිබේනම් පමණක් )
2. ඔබේ නම (බ්ලොග් අවකාශය තුල භාවිතා කරන )
3. ඔබේ නම ( උප්පැන්නේ තියන විදිහටම ඕනේ නැ )
4 බ්ලොගය පටන් ගත්තේ කොයි කාලේද ? (හරියටම ඕනේ නැ මාසේ අවුරුද්ද විතරක් ඇති)
5 රැකියාවක් කරනවද (එහෙමනම් මොනවගේ එකක්ද ?) 
6 බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද?
7 බ්ලොග් ලිපිනය
8. බ්ලොග් වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද ? (ලියන්නේ ඇයි )

ඔය ටිකට ඉතින් උත්තර දෙනවා නේද යාලුවනේ... අලුත් යාළුවො ගොඩාක් මේ දවස් වල බ්ලොග් ලියන නිසා මේකට උත්තර දෙනවනම් ගොඩක් කැමති අලුත් පරණ හැමෝම...





08 February, 2013

ජිවිතේ හැම දෙයක්ම වෙන්නේ ලබා උපන් හැටියටද?

ජිවිතේ ගැන මට හිතෙන හැටි මම කලින් පොස්ට් එකකත් කතා කළා..... එත් මේ පොස්ට් එක ඒ ගැන නම් නෙමේ....

ලබා උපන් හැටි කියලා දෙයක් තියනවද? හැම දෙයක්ම වෙන්නේ ඒ විදිහටද? ලෝකේ හැමෝටම කියලා වෙන් උණු විදිහේ දෙයක් ජීවිතය මෙහෙමයි වෙන්න ඕනේ කියලා දෙයක්කොහේ හරි තියනවද? එකටද මේ ලබා උපන් හැටි කියන්නේ.. එහෙම දෙයක් තියනවා නම් එහෙම වෙන්න ඕනේ කියලා අපේ ජිවිතේ කොහේ හරි තියනවා නම් අපි ජිවත් වෙන්නේ මොකටද? එක ඒ විදිහට වෙනවනම් මේ ජීවිතෙන් වැඩක් තියනවද?

ජිවිතේ අපි ලග බලාපොරොත්ත්තු ගොඩාක් තියනවා... අහස උසට හින මාලිගා හදලා ඒවා කොහොම හරි අපේම කරගන්න හින මවනවා... ඉතින් ඔය දේවල් අතරට අපි හිතුවොත් හරි යාවිද ලබා උපන් හැටි කියලා දෙයක් තියනවා... මට මේ හින එකකවත් අයිතියක් නැ.. මට මේවා හීනයක් විතරයි කියලා....
එහෙම හිතුවොත් අපි ජිවිතේ දිනලද? නැ අපිට ලබා උපන් හැටි යට කියලා කියන හැමදේම වෙනස් කරන්න පුළුවන් වෙන්නම ඕනා.... එහෙම නැති උනොත් අපි ලබා ගත්තු මේ ජිවිතේ වටිනාකමක් නැත්තටම නැති වෙලා යනවා...

පුංචිලංකාවේ  අපි  උත්සහ කලොත්  අපිට  අපි  කැමති අපේ  ලෝකේ හදාගන්න එක ඒ තරම් අමාරු වෙන එකක් නම් නැ....
ලංකාවේ විතරක් නෙමේ ලෝකේ කොහේ උනත් දියුණු වෙලා හොද තැනක ඉන්න හැමෝම ලබා උපන් හැටියට හැමදේම වෙයි කියලා බලාගෙන උන්න නම් මේ හැමෝම මේ වගේ තැන වල ඉදීවිද?
ඇත්තේනම නැ... ඒ අය උත්සාහයෙන් හැමදෙයක්ම තමන්ට ඕන විදිහට කරගත්තු නිසා ලබා උපන් හැටියට හැමදේම වෙනවා කියන මතය වෙනස් කරපු පිරිසක් විදිහට ඒ අයව හදුන්වන්න පුළුවන්...

ලබා උපන් හැටියට කියලා හිතලා අපි අපේ ජිවිත වෙනුවෙන් මුකුත් නොකර බලාගෙන ඉන්න තාක් කල් , හැමදෙයක්ම වෙන්නේ ලබා උපන් හැටියට කියන එක වෙනස් කරන්න නම් ලැබෙන එකක් නැ...
අපි දුප්පත්., අපි ඉගන ගෙන නැ, අපිට සල්ලි නැ, අපි ලස්සන නැ, ...... ඔහොම මොනවා හරි හේතුවක් නිසා අපි මානසිකව හරි කොහොම හරි වැටෙනවානම් අපේ පරාජයේ ආරම්භය එතන....

ගොඩක් දෙනා ඔහොම දෙයක් උනහම , ප්‍රශ්න ජිවිතයට එනකොට කරන්නේ මේක මගේ ලබා උපන් හැටි , මම ජිවත් වෙලා වැඩක් නැ කියලා ජීවිතය නැති කරගන්න උත්සහ කරන එක... එකෙන් ඒ පුද්ගලයාට යහපතක් වෙන්නෙත් නැ... සමාජයට යහපතක් වෙන්නත් නැ...

ලියන්න හදපු දේ ඒ විදිහටම නම් ලිය වුනාද කියලා කියන්න බැ... එත් මේ දේලිය උනේ මෙහෙම ජිවිතේ හැමදේම වෙන්නේ ලබා උපන් හැටියට කියලා හිතාගෙන වැඩ කරපු  පෙර පාසල් සමයේ ඉදන් මිතුරෙක් උණු (පසු කාලයේ වෙනත් ප්‍රදේශයක ජිවත් උණු ) පුද්ගලයෙක් ආදරය සම්බන්ධ ප්‍රශ්නයකදී ඒ දේවල් තමන්ට උරුම නැ කියලා හිතාන වස පානය කරලා දැනට රෝහල් ඇදක  ප්‍රතිකාර ලබන නිසා...

ඇත්තටම එතන ප්‍රශ්නයක් තිබිලා නැති බව දැන් බලනකොට පේනවා.... එත් ඉක්මන් වෙලා ඒ දේවල් කරලා ජීවිතය අහිමි උනා නම්......................................

28 January, 2013

ගම්පහ ගේට්ටුව විත් මඩ

කාලෙකට පස්සේ ඉතින් ඔන්න බ්ලොග් ලිය ලිය උන්නු දෙන්නෙක් තුන්දෙනෙකට හිතුනලු කට්ටිය එකතුකරගෙන  ඒ අයට කැම වේලක් එහෙම දීලා දානමය  පින්  කමක් එහෙම කරගන්න....

සාමන්යෙන් ඉතින් දානයක් දෙන්න කලින් බණක් කියනවනේ....  සැමා ඉතින් ඒක ඊයේ කරලා කියලා දන ගන්න ලැබුනේ දැන් ආයේ ෆේස් බුකියේ මැසේජ් බලනකොට,....

බන අහලා ඒ පින් ටිකත් එකතු කරන් අද (27)  කට්ටිය්වම දානමය පින්කමට සහබාගි කරගෙන ( රු 200 ගානේ එකතු  කරන් ) ඔන්න ඉතින් ඒ  පින් කමත්  කළා......

....................................................................................................................................

2013 - 01 - 27

වෙනදා හිරු උදාවෙන විදිහටම හිරු උදාවුනත් මේ දිනේ  ඊට දවසකට කලින් කිතුල් ගල ගිහින් පට්ට ආතල් ගොඩක් අරගෙන අතේ පයේ අමාරු තිබුනත් උදේ 5.30 ට විතර ඇහැරිලා ඉතින්  6 ට විතර බස් එකක එන්න පිටත් උනේ බ්ලොග් කරුවන්ගේ ගේට්ටුව තියනවා කියපු ගම්පහ  හෙනරත් ගොඩ මල් වත්තට 

කොහොම හරි 8 විතර වෙනකොට ගම්පහ ට එන්න පුළුවන් උනත් ඉතින් කලින් සැමා ගන්න එන්නම් කිවත් ඉතින් එක නොවුන නිසා මන්තුමා සුපියල් 100 ක් දීලා විල් එකක් අරගෙන එතනට ආවේ පරක්කු වෙලා ඇති කියලා හිතලමයි....

අනේ ඉතින් මම යනකොට ලස්සන ලස්සන නංගිලා අයියලා එක්ක ගේට්ටුව ලගට වෙලා ඉන්නවා පාක් එකේ ගේට්ටුව අරිනකන්...... (ඒ නංගිලා ගැන කිවේ මම ගේට්ටුව අරින්නත් කලින් එතන කියන්න හොදේ ) 

ඔන්න ඉතින් වට පිට බලනකොටඑක පුරුදු ඩයල් එකක්වත් නැති නිසා මමත් පැත්තකට වෙලා ඉන්න ගමන්  සැමා ටත් සිරා ටත් කතා කලහම තව විනාඩි 15න් ඔතන කියලා කිව නිසා මමත් බලාගෙන ඉන්නකොට එක මල්ලි කෙනෙක් ඇවිත් අය්යා ගේට්ටුවටද කියලා අහපු නිසා පොඩි චැටක් දාගෙන උන්නා ..(මට ඒ මල්ලිගේ බ්ලොග් එකේ නම මතක නැනේ.. මේක බැලුවොත් ලින්ක් එක කමෙන්ට් එකකින් දාන්න හොදේ )

ඔහොම ඉන්න කොට ආවාහුරු පුරුදු නංගී කෙනෙක්.... ආපු ගමන් ඉතින් වැඩි කතා බහක් නැ.. ඇතුලට යනවා එතන ගේට් එකේ අය එක්ක කතා කරනවා ආයේ එනවා යනවා මටත් ඉතින් ඉන්න බැනේ.. මොනවද බන් කරන්නේ කියලා ඇහුවා ෆිට් එකටම... මම මේ ගයිඩ් කෙනෙක් හොයනවා බන් කියලා කිවා මාත් ඉතින් ඒ නංගිට ඒ වැඩේ කරගන්න දීලා ඉන්නකොට ආවා අපේ සංවිදායක සත් ගුණවත් සිරා කොලුවා....

කෝ කවුද වෙන ඇවිත් ඉන්නේ කියාගෙන ඇවිත්... අර ගරල් කෙනෙක් ඉන්නේ පවනි තරංගා කියලා තාම ඇවිත් නැද්ද එයා තමා ගයිඩ් කෙනෙක් හොයලා දෙනවා කිවේ කෝල් කලහම තාත්තා කතා කරලා කිවනේ වැඩේ හරි කියලා සිරා කීවහම ඉතින් මට හොදටම තේරුනා සිරා හොදටම නාලා ඇද ගෙනම කියලා

පවනි තරංගා ත් එතනම උන්නු නිසා ඉතින් ඒ ගැන මුකුත් නොකියා ඉන්න උනා

ඇත්තටම  වෙලා  තියෙන්නේ  මෙකලු.....

ගාඩ්න් එක අවටින් දන්නා කියන කෙනෙක් සිරා හොයනකොට ගයිඩ් කෙනෙක් සෙට් කරගන්න මුණ ගැහිලා තියෙන්නේ පවින් තරංගා විතරයි....
පවනි තරංගා කියන්නේ කොල්ලෙක් කියලා සිරා අද වෙනකන් දැනගෙන ඉදලා නැති නිසා පවනි හොදටම සීරාව අන්දලා පවනි ගේ ම නම්බර් එක දීලා තාත්තා ගේ එක කියලා.. සිරා කෝල් කරලා

සි : හෙලෝ...
ප : හෙලෝ (පිරිමි කටහඩක් )
සි  අන්කල් පවනි තරංගා ඉන්නවද?
ප : දුව නම් ගෙදර නැ කවුද කතා කරන්නේ...
සි : මම මේ සිරා කියලා කෙනෙක් නංගී සමහර විට කීවද දන්නේ නැ අපි 27 ගම්පහ ගාඩ්න් එකේ ලංකාවේ  හැම පැත්තේම ඉන්න බ්ලොග් ලියන කට්ටිය එකතු වෙන්න බ්ලොග් ගේට්ටුවක් තියනවා
ප : අහ්හ් ඔව් ඔව් දුව කිවා ඉතින් ඒ වැඩේ කරලා දෙන්නම් ඒ ගැන බය වෙන්න එපා දුවත් ඒවිනෙ එදාට...

ඔන්න ඔහොමලු පවනිගේ තාත්තා එක්ක කතා කරනවා වගේ පවනිත්  එක්ක කතා කරලා නාගෙන තිබුනේ...

ගේට්ටුව ඇතුලට යන්න කලින් දන්නා කියනා බ්ලොග් කරුවන් ගොඩක් එක්ක කතා කරන්න ලැබුනානේ....

සත් ගුණවත් සිරා , සැමා  ප්‍රවේශ පත්‍ර අලවිය කම්මල ට බාර දෙමින්...

6 වෙනකොට ගම්පහ ට ආවලු චතු මිතු හැබැයිගේට්ටුවට අවේ නම් මම අවට පස්සේ







කතා නැතුව බලමු ෆොටෝ.......................................

බ්ලොග් ගේට්ටුවේ මුල්ම ටිකට් පත චතු මිතු මිලට ගනිමින්...
 ඔන්න මේ අයත් ආවලු..........



මෙයා මේ කියවන්නේ කා ගැනද ඉතින් කියමු බලන්න දන්නා අය

වෙන ගේට්ටුවලදී  මම මේක දැකලා නැ ඉතින්...... එන අය දන්නා කියන අය එක්ක  කතා බහ කරලා ඉන්නවා වගේම හැමෝම ඉස්සරා තමන්කවුද කියලා හදුන්වලා දෙන්න අවස්තාවක් දුන්නඑකගොඩාක් වටිනවා

ඔහොම තමන් ගැන හදුන්වලා දුන්නට පස්සේ  ඉතින්  අර පවනි නංගි  හොයලා දුන්න ගයිඩ් නැති උනත් සිරා කොලුවා  ලංකාවේ ප්‍රථම  රබර්  ගහ  හිටවපු  තැන. (දැන් එතන  ලංකාවේ දෙවෙනි  රබර් ගහේ  මුල විතරක් දකින්න ලැබෙන වලු )  දැනට ලංකාවේ තියන ලොකුම කද  මහත රබර් ගහ පෙන්නන වත්ත වටේ එක්කගෙන ගියාලු.....

මේ තියෙන්නේ ඒ මුල  ලු....

සත් ගුණවත් සිරා ගයිඩ් වැඩේ කරමින්....
ගයිඩ් වැඩේ ගැන සැහෙන උනන්දුවෙන් බ්ලොග් පිරිස (ෆොටෝව තරියා ගෙන් හොරෙන් )


මෙතන  සිරා රබර් ගහේ උපතේ සිට විපත දක්කවාම ඒ කාලේ උන්නා වගේ එතන තිබුන බෝඩ් එක බලාගෙන කිවේ නැ කියලා තමා මම ලග උන්නු අය කිවේ....

ඔය අතරේ අපේ ලිමෝල් හිමි බනි තුමා ඔක්කොම කද  මහත ගස් වල ෆොටෝ අරගෙන ගියේ ඒවා තාත්තා ට පෙන්නලා ඉරන්න හොද ගස් තියනවා නම් ඒවා කපන්න කියලා තමා තතු දන්න අය කිවා කිවේ....
ඔන්න ඉතින් හෙට අනිද්දා ඔය ලංකාවේ ලොකුම කද  මහත රබර් ගහ එහෙම නැද්ද කියලා ගම්පහ පැත්තේ ඉන්න අය හොයලා බලනවා නම් හොදයි....

ඔහොම ඇවිදලා  ආවට පස්සේ බස් රේඩියෝ ටීම් එකෙන් පිරිමි  අපචාරයකුත් උනාලු.... මේ තියෙන්නේ එකට ශාක්ෂි.....

බලහත් කාරකමට සුදානමින්...


බලහත් කාරකම අතර තුර

බලහත් කාරකමින් අනතුරුව...
මම හිතන විදිහට ශ්‍රීලාකික  බ්ලොග් ඉතිහාසයේ ප්‍රථම වරට  (කලින් වතාවක පවත්වන්න උත්සහ කරලා කරගන්න බැරි උන ) ක්‍රිකට් තරගාවලියක් මෙවර ගම්පහ  ගේට්ටුවේදී පවත්වන්න යෙදුනා...
මේක ඉතින් අපි ඔය බලන කණ්ඩායමකට 11 ගානේ ඉන්න පන්දු ඕවර 50,20 තරගයක් නෙමේ කණ්ඩායමකට 2 බැගින් කණ්ඩායම් 12ක් තරග වැදුන එක පිලක් පහර දෙනකොට අනිත් ටීම් එකොළහම ඒ කියන්නේ 22ක් පිට්ටනියේ පන්දු රකින පන්දු ඕවර දෙකකට සිමා උණු පිති කරුවන් ඊට පෙර දැවී ගියොත් ඉනිම අවසන් වෙන විදිහේ කාටත් විනෝද වෙන්න පුළුවන් තරමක් අසීරු තරගයක්... (ටීම් එකක 11ක් රකිනකොට බැට් කරන්න බැරි අය 22ක් රකිනකොට ලේසි නැනේ )

ඔන්න ඒ තරගෙට මන්තුමා සමග සිංහයා ( නිරෝෂන් ) කණ්ඩායම් ගත වෙලා ක්‍රිකට් ගහන්න කියලා පිට්ටනියට ගියා..... (එකේ වැඩිය ෆොටෝ නම් නැ... ගේමට එන්ටර් වෙලානේ )

වලත්ත රජා එක පන්දුවකට පමණක් මුහුණ දී දැවී ගිය මොහොත

විනිසුරු සු  දී  ක  අවදියෙන්,...

ලොකු ෂෝ දමමින් පිටිය සකසා පහර දී ලකුණු නොලැබූ කිකට් තරුව

කඩුල්ල පිටුපස ස්කුබි...

වේගවත් පහරකට සුදානමින්...
තරගය කණ්ඩායම් දෙලහම පහර දීමෙන් අනතුරුව දිවා අහාරයට තරගය නතර කලේ අවසන් මහා ක්‍රිකට් ගැටුමට  මම තුමා නායකත්වය දරපු  වයබ ටීම් එකත් සැමාගේ බල ප්‍රදේශය කැලණිය නියෝජනය කරපු කස්සා ගේ අය්යා මලෝ ටීම් එකත් සුදුස්සන් බවට පත් කරමින්...

සැමා ගේ දානමය පුන්‍ය කර්මය ගැන ඊලගට ලියන්න ඉඩ තියලා බ්ලොග් අවකාශයේ ක්‍රිකට් සුරයන් ගැන කතා කරලා ඉමුකො...

දෙදහසක අධික බ්ලොග් කරුවන් අතරෙන් තෝරාගත් තරගකරුවන් 24 අතරේ පැවතුන මේ ක්‍රිකට් ගැටුමේ  අවසාන මහා තරගයේදී  කස්සා ගේ පිල ලකුණු 9කින් තියුණු ලෙස පරාජය කිරීමට නිරෝෂන් ගේ දක්ෂ පන්දු යැවීමත්  දේවා නොහොත් මෙතුමා ගේ  වමත් දකුණත් පන්දු පහර දීමත් හේතුවෙන් මේ වසරේ ක්‍රිකට් කිරුල වයබ පුරවරයට රැගෙන ඒමට පුළුවන් උනා.....

ලන්ච් එක දෙන්න කලින් සැමා ගේ සපත්තු දෙකහංගලා නිසා කැම ගේන්න යන්නේ නැතුව සැමා පිට්ටනියේ වර්ජනයකුත් කළා.. ඒ තරහටමද කොහෙද කැම ගෙන්න පැයක් විතර ගත්තේ බ්ලොග් කරුවන්ගේ ඉවසීමේ ගුණය කොයි තරම් තියනවද කියලා බලන්නලු..

ඔහොම කාලය ගෙවිලා ගිහින් අන්තිමේ කැම ගෙනාවත්.. කැම එක්ක දෙන්න ගෙනාපු පපඩම් පාර්සලේන කාටවත් පපඩම් නොදී එක සම්පුර්ණයෙන් ගෙදර අරගෙන යන්න සැමා සමත් උනා කියලා කිවොත් මම හරි නේද?

ආපු අයගෙන් අහන්නේ කාටවත් පපඩම් එහෙම ලැබුනද?


කැම  වලදන බොල්ග් කරුවන්.
අත් සේදීමේ යහපත් ගුණය ඇති පිරිස කැමෙන් පසු

බ්ලොග් කාන්තාවන් වෙනුවෙන් පමණක් පවත්වන්නට යෙදුනු තොප්පි හුවමාරුව


ජයග්රාහිකව චාතු මිතු

2013 බ්ලොග් සිහින බක්මහ උළෙල අප්‍රියල් 21 බව නිවේදනය කරමින්

ගියෙන් ගිය



සුපිරි ඩාන්ස් සමගින්

කවුද මෙයාව ඔතාගෙන ආවලු

සුපිරි වීරයා ගියෙන් ගිය ජයගත්

ආව අයගෙන් කොටසක්

හවලිවීමට බොහෝ දේ තිබුනත් පොස්ට් එක ටිකක් දිගයි වගේ ඒ නිසා බ්ලොග් ඉතිහාසයේ තවත් අමතක නොවෙන දවසක් අපිඅ ලබා දුන්නු සැම් සිරා  අටම්  ඇතුලු සැමට ගොඩාක් ස්තුතියි කියලා අදට නවතිනවා..

ප.ලි. : මඩ ලිවේ උපහාසයට මිස අපහාසයකට නම් නෙමේ... මද නොතිබුනා නම් ආතල් එකකුත් නැනේ...





23 January, 2013

ඇත්තටම වැරදි ළමයින්ද ? දෙමාපියන්ද?

මිට කලින් පොස්ට් එකෙන් මම රුපවාහිනේයේ විකාශය වෙන සුජාත දියණි රුපවාහිනි කතා මාලාව කොයි තරම් මාකටින් වෙනවද කියලා හිතෙන දේ කීවානේ...

මේ කතා බහත් ලංකාවේ මාධ්‍ය ගැන නම් තමා.... හැබැයි ඉතින් මෙතන කෙලින්ම වැරැද්ද ගුවන් විදුලි නාලිකාව ට යොමු කරන්නත් බැ.

අර කොහෙත් කියනවා වගේ වෙල් එළියේ සරුංගල් යවපු  ,පොල්කොළ රුපෙති වලින් සෙල්ලම් කරපු අන්තිම පරම්පරාව අපි වෙනවා වගේම මුලින්ම පරිගණක  ක්‍රීඩා කරපු  මොබයිල් එක්ක මල් කඩපු පිරිසත් 80දශකයේ ඉපදුනු අපිම තමා...

අර සෑමා  ලගදී  දාපු  පොස්ට් එකක  කියලා තිබුනා  වගේම දැන්  ඉන්න පරම් පරාව  අපිට වඩා  ඒ අතින් ගොඩාක් ඉදිරියෙන්  ඉන්නේ,... ඉපදෙන කොට මොබයිල්  ෆෝන් අතේ තියාගෙන ඉපදෙන්නේ....



වෑල් වටාරම් ඕනේ නැ ඉතින්...

මේ සිදුවීම වෙන්නේ ලංකාවේ ගොඩාක් ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාවකසෙනසුරාදා උදැසන  ළමයින් වෙනුවෙනුත් වෙන් වෙන වගේ වැඩසටහන් යන වෙලාවක...

මම සාමානයෙන් ඉතින් රේඩියෝ අහන්නේ බස් එකක යනකොට විතරයි....  බස් රේඩියෝ එකේ නම් ඉතින් පුළුවන් වෙලාවට ආදරණිය  නිශාන්තය ත් අහනවා...

කොහොම හරි ඉතින්  වෙන කරන්න දෙයකුත් නොතිබුන නිසා මමත් ඔය චැනල් එක අහ අහ අවා.....

රේඩියෝ එකට කතා කරනවා ඉතින්.

(රේ)  හෙලෝ...... ගුඩ් මොනින්ග් ******
(අ)  ගුඩ් මොනින්ග් අක්කා....
(රේ) ඉතින් කොහොමද මොනවද කරන්නේ..
(අ) ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා අක්කා , මම තාම ඉකොලේ යනවා 7 වසරේ ඉන්නේ..
(රේ )  හ්ම්ම්ම්.... සෝ මොනවද දැන් ඉතින් නඟා ඉල්ලන සින්දුව කවුද එකතු කරගන්නේ....
(අ) මට අක්කා දෙන්නකෝ... " මට ඔයා මගෙ පන වගේ.. " සින්දුව දෙන්නකෝ....

මට ඔයා මගෙ පන වගේ...
ළග නැතත් මගෙ ළග වගේ...
හිත පුරා රැදි සෙනෙහසින්...
ඔබ මවෙත පිදූ දේ... ආදරේ...

ඔයා මගේ පන වාගේලු...
මට දරාගන්න බැරි ඒකලු...
හිනාවෙන්නෙ සද වාගෙලු...
මට බලා ඉන්න බැරි ඒකලු...
සද හොරා ගත්තෙ එක රෑකලු...
මට හිතාගන්න බැරි වෙන්නලු... 
මට නිදාගන්න බැරි ඒකලු.

 හ්ම්ම්  මේ කෙල්ල 7 වසරේ ඉදන් ඉල්ලපු සින්දුව මේකනේ කියලා හිත හිත මමත් ඉතින් ඔහොම එනකොට කතා කළා තව කෙනෙක්.....

(රේ) හායි  ගුඩ් මොර්නින්ග්  &**** නඟා....
(අ)  ගුඩ් මොනින්ග් අක්කා...
(රේ) හ්ම් ඉතින් නගා තාම ස්කොලේ යනවා නේද ? කිය වසරේද ඉන්නේ..
(අ) මම හතර වසරේ ...******** ස්කොලේ අක්කා... මගේ  ප්‍රින්සිපල් ******** , පන්තිබාර ටීච *******
(රේ ) හ්ම්ම්  එහෙමනම් නඟා ඉතින්  මොනවද ඉල්ලන සින්දුව...
(අ) මට  දෙන්නකෝ අක්කා  " නොදැක  ඉන්න බැ මට නම් " සින්දුව..

නොදැක ඉන්න බැ මටනම් මගේ ආදරි
නොලැබ ඉන්න බැ තවනම් ඔබේ ආදරේ
නොසිත ඉන්න බැ මටනම් කිසි දා ළදේ
නොවිද ඉන්න බැ ඔබේ ආදරේ
නොදැක ඉන්න බැ මටනම් මගේ ආදරි

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පැ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවෙනවා ඔබ කී කතා මුළු රැ පුරා
මතකේ දරා හිදිමි සදා //


අර ගැහනු ළමයා 7 වසරේ මේ ගැහණු ළමයා 4 වසරේ එත් ඉල්ලපු සින්දු නිකන් ජීවිතේට සම්බන්ද දේවල් වගේ ඉල්ලුවේ කියලා මට හිතුනේ..... 
අනිත් අයට නම් කොහොමද දන්නේ නැ එත් මට නම් ඔය වයසේදී ඔහොම රේඩියෝ එකකට හරි කොහෙට හරි කතා කරනවා නම් ගෙදර අයට නම් කියලා තමා කරන්න වෙන්නේ...

මේ කතා කරපු අයගේ දෙමාපියන්ට හොරෙන් ගෙදර දුරකතනයෙන් කෝල් කලාද දන්නෙත් නැ.. එත් දෙමාපියන් මේ ගැන නොදැන ඉන්න විදිහක් නැහනේ....

වයසට ගැලපෙන වැඩක්ද ඉතින් මේ කරන්නේ කියලා හිතන්න තරම්වත්  ඒ දෙමව්පියන්ට හිතුනේ නැත්තේ ඇයි...

ගුවන් විදුලි නාලිකාවටත් ඉතින් මේකෙන් නිදහස් වෙන්න විදිහක් නැ මම හිතන්නේ... ලයිව් උනත් ඉතින් සෝන්ග් එක දෙන්න ඕනා නිසා ඉල්ලු ගමන්.. කෝල් එක කනෙක්ට් කරන්න කලින් අහනවානේ මොකක්ද සෝන්ග් එක කියලා...
එකනේ ගොඩක් අය එකතු කරගන්න ලිස්ට් එක කියනකොට කියන්නේ මට මේ ලයින් එක කනෙක්ට් කරලා දුන්නු අය්ය්යාවත් එකතු කරගන්නවා කියලා....

ඒ අයටත්  පුළුවන් ඉතින් ළමා වැඩසටහනක් නම් ඒවාට ගැලපේන්න ඉතින් ගීත තෝරාගන්න අවස්ථාව දෙන්න....


ප .ලි  : මමත් ඉතින් ඔය සින්දු දෙකටම ගොඩාක් ආසයි.... ඒ හින්දා එක ඒ  වෙලේ ඉල්ලපු නංගිලා දෙන්නට තැන්ක්ස්.....

ප.ලි.ලි. : අර මොකක්ද බොලොග් ගේට්ටුවක්ද මොකක්ද තියනවලු නේද 27 දැන් කට්ටිය එන්න ලැසති එහෙම වෙලාද ඉන්නේ....

17 January, 2013

ලංකාවේ සුජාත දියණි මාකට් වීම.

කාලෙන් කාලෙට ලංකාවේටීවී බලන ප්‍රේක්ෂක ජනයා ආකර්ෂණය කරගන්න විවිද වැඩ සටහන් එලියට එනවනේ..... කාලයක් හැමෝම බැන බැන එත් හැමෝම වගේ බලපු වැඩසටහන් කිහිපයක් විදිහට ශාන්තිගෙන් පටන් අරන් මහගෙදර ප්‍රවීනා...වගේ රන් දෙ පැය  වගේ ඒවාට මිනිස්සු එකතු වෙලා උන්නානේ.....

ගොඩාක් දෙනා දැන් එකට එක එක කතා කියන්න ගත්තානේ.... ගෙවල් වල කැමක් බිමක් හදන්නේ නැ.. ගෙදර ළමයි එක්ක කතාවක් නැ... ගොඩාක් ගැනු අයගේ ලොකුම වැඩේ මේ -ගොන් රන් දෙ පැය බලන එක කියලා.....

දැන් ඉතින් ඒවා ඉවරනෙ........ දැන් ඒ හැමදෙනාම එකතු වෙලා ඉන්නේ සුජාත දියණි වටානේ.... මේක එහෙම එකක් නෙමේද? මේකෙන් වයිරය ගැන කියවෙන්නෙම නැද්ද? අර ඒ පවුලේ කතාවල ඒ කාලේ ඒවා ගැනමයි කියලා කිවනේ...

සුජාත දියණි ඇත්තටම ඉතින් මොනවගේ කතාවක්ද කියලා මට නම් ඒ හැටි වැටහීමක් නැ... මොකද මම ඉතින් එක හැමදාම බලලා නැති නිසා වෙන්න ඇති...

මෙහෙම තමා මම දකින්නේ නම් හැමදාම ..

හැබැයි ඉතින් මම බලපු දවස් වල නම් ඉතින් හැමදාම දකින්නේ මොනවා හරි කැමක් හදනවා.... එක කනවා.... ඊට පස්සේ... ඉතින්  අත් දෙක බදාගෙන එහෙට මෙහෙට දුවනවා.....



JEWEL IN THE PALACE කොරියන් කතා මාලාවේ සිංහල අනුවධනයක් වන සුජාත දියණි කොටස් 54ක් එහෙ විකාශනය උනත් දැනට ලංකාවේ නම් මම හිතන්නේ කොටස් 60ක විතර විකාශය වෙලා තියනවා....

මොනවා උනත් ඉතින් දැන් මේක වටා ගොඩාක් දෙනා එකතු වෙලා ඉන්නවනේ... සමහරඅය ගෙදර ඔක්කොම වැඩ පැත්තකට දාලා මේක බලනවනේ.. එත් ඉතින් මේකේ මම දකින ලොකුම හොදේ ඉතින් එකෙන් ලැබෙන ආදායම් වලින් 40%ක් සමාජ සුබ සාධනයට වෙන කරන එක...

LEE YOUNG AE එහෙමත් නැත්නම් කතා නායිකාව 2003 විතර ඔය නාටකයේ රගපානකොටත් වයස 32ක් විතරනේ... බලනකොට තිස් ගානක් කියලා හිතන්නවත් බැ මම හිතන්නේ.... දැන් නම් 41 ලු



දැන් ඉතින් ඔය ඔක්කොමත් නෙමේ ප්‍රශ්නේ දැන් හැම දෙකටම ඔය සුජාත දියනිය ම ඉස්සරහට එන එකනේ....

ක්ලාස්  එකේ සර් ගේ ටියුට් එකේ මුල් පිටුව සුජාත දියණිය,.... පන්තියේ කාඩ් එක සුජාත දියණිය,  බැග් එකේ ඉන්නේ සුජාත දියණිය, ගොසිප් සයිට් වල ෆෙමස් ම කැරැක්ටර් එක සුජාත දියණිය , ෆේස් බුක් එකේ වැඩියෙන්ම ශෙයා වෙන්නේ දැන් සුජාත දියණිය , ෆෙක් සුජාත් දියණි එකවුන්ට් වැහි වහලා.....

ඒ ඔක්කොමත් හරි මේ පැත්තේ නම් පෙරහැරක ආධාර එකතු කරගන්න ගහලා තියන නොට් බුක් එකේ ඉන්නෙත් සුජාත දියණියනේ....

ලංකාවේ ඕන දෙයක් ඉතින් තාවකාලිකයි තමා... අරතැලෙන යකඩේ තැලෙන වෙලාවට හොදටම තලා ගන්න ලංකාවේ තරම් දක්ෂ අය වෙන කොහෙවත් නම් නැතිව ඇති....

ඇත්තටම ඉතින් මේ ජුවෙල් ඔෆ් පලස් එක හදපු කෙනාවත් ලංකාවේ මිනිස්සු හොයන තරම් ආදායමක් ඔය ඩ්‍රාමා එකෙන් හොයලා නැතිව ඇති....


16 January, 2013

පින් කැමැත්තෝ කියවා පින් ලැබ ගනිත්වා......

අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි.
උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ කීහ.


 බළංගොඩ මහා නාහිමියෝ ස්වකීය පෙර භවය පිළිබඳ ප්‍රකාශ කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත.

මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය.

"වසවර්ති මාරයාය කියන්නේ කෙළෙස්වලටය කියා සමහරු කියනවා. ඒ මතය වැරදියි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා පුද්ගලයෙක්. දෙවියන් අතර සිටින, කාමයට අධිපති හිතුවක්කාර, තක්කඩි දෙවියෙක්. එයාගේ පිරිවරත් ඒ වගේම අය. චණ්ඩි ගති ඇති අය. මිනිසුන් අතර වගෙම තමයි. ඒ වගෙ අය එනවිට සාමකාමී යහපත් මිනිස්සු මගහැර යනවා. ඒ වගේම අනෙකුත් දෙවිවරුත් මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා හෝ ඔහුගේ පිරිස සමග ගැටෙන්නට කැමති නැහැ.

වසවර්ති මාරයා සමථ භාවනාව දියුණු කරන සෘර්ධි බල වඩන අයට බොහෝම විරුද්ධයි. ඒ කටයුතුවලට බාධා පමුණුවනවා. කඩාකප්පල් කරනවා. මේ ලෝකය කාමයෙන් තණ්හාවෙන් පැතිර යනවාටයි ඔහු කැමති. විපස්සනා භාවනාවට ඔහුගෙන් බාධාවක් නෑ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු පදවි ලබන විට වළක්වන්නත් ඔහු උත්සාහ කළා. පසුව පැරද පළා ගියා.

ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරී යනවිට එය වළක්වන්නටත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට වුවමනා වුණා. බුද්ධාගම කිළිටු කරන්න, හානි කරන්න ඔහුගෙ පිරිසෙන් කණ්ඩායමක් මේ ලෝකෙට එව්වා. නිර්මල බුද්ධ ධර්මය පැතිරයෑම වළක්වන්න බුද්ධාගමේ වේශයෙන්ම කටයුතු කරන පිරිසක් ඔවුන්. බුද්ධාගමේ ආකාරයෙන් මිත්‍යා අදහස් පැතිරවීමයි ඔවුන්ගේ පරමාර්ථය වුණේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාගේ මේ වැරදි වැඩපිළිවෙල දෙව් ලොව සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන ගත්තා.

මේ වැඩ පිළිවෙල වළක්වා බුද්ධ සාසනය ආරක්ෂා කර ගැනීමට මෛත්‍රී බෝධි සත්ත්ව දෙවියන්ට වුවමනා වුණා. එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා. ඒ සාකච්ජාවට එන්න කියා මටත් දැනුම් දුන්නා. ඒ වනවිට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක. මම ආවෙ නෑ. දෙවැනි වරටත් දැනුම් දුන්නා. මම ඒත් ආවෙ නෑ. තුන්වැනි වරටත් දැනුම් දුන්නාම මම ආවා. කැඳවීමට එක්වරම ආවේ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මට තරවටු කළා.


"වසවර්ති මාරයා එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය කර තියෙනවා. බුද්ධාගමේ හැටියටම ඒ ස්වරූපයෙන් වෙනත් එකක් පතුරුවන්න. අන්න ඒක මර්දනය කරන්න අපත් කණ්ඩායමක් යවන්න ඕනෑ කියා ඒ දේව සභාවේදී තීන්දු කළා. දිව්‍ය ලෝකයේ සිටින බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය වුණා. මේ කණ්ඩායම එක්ක මටත් එන්න කීවා. මම "බැහැ" කීවා.

"ඒ ඇයි?" කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මගෙන් ඇහුවා.
"මම ප්‍රබල නෑ. මට වඩා බලවත් කෙනෙක් යවන්න" කියා මම කීවා.

"මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?" කියා එවර එතුමා මගෙන් ඇහුවා.

"මට බුදු වෙන්න ඕනෑ" කියා මම කීවා.

"ඇයි? මම මනුස්ස ලෝකයට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න කියා එතුමා මගෙන් ඇහුවා.

"මට බැහැ. මටත් උවමනා ලොව්තුරා බුදු බවට පත්වෙන්න. ඔබත් කවදා හරි ලොව්තුරා බුදු බවට පත්වෙනවා." කියා මම කීවා.
"ලෝක සත්ත්වයාට පිහිට වෙන්න මටත් ඕනෑ" යි මම නැවතත් කීවා.

"ආ.... නුඹට ඔච්චර ධෛර්යයක් තියෙනවා නම් ඇයි නුඹ මේ කටයුත්තට නොයන්නේ?" කියා මගෙන් ඇහුවා. මට උත්තර නැති වුණා.

"එහෙනම් මම යන්නම්. හැබැයි ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන්න ඕනෑ" ය මම කීවා.

"ඕනෑ වෙලාවක මා සිහිපත් කරන්න. මම උදව් කරනවා" කියා එතුමා කීවා.

ඒ ලෝකෙ මිනිත්තුවක් මනුස්ස ලෝකෙ අවුරුදු සියයක් හමාරක් පමණ වෙනවා. මම තීරණය කරන කොටත් කලින් කණ්ඩායමක් පිටත් වෙලා. මම ඒ පිරිස අතරින් හුඟක්ම බාලයි.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, ඕල්කොට් තුමා වගේ අය මට කලින් මනුස්ස ලෝකෙට එන්න අධිෂ්ඨාන කළ ඇත්තෝ. ඒ අය මට කලින් එහෙන් පිටත් වී සිටියා. මට වඩා බාල අයත් හිටියා. ඔය නාරද ස්ථවිරයෝ ආදී අය කීප දෙනෙක්.

"ඉතින් නායක හාමුදුරුවනේ! අන්තිමටම ආපු එක්කෙනා කව්දැ"යි මීතිරිගල නාහිමියෝ හරස් ප්‍රශ්නයක් ඇසූහ.

"අන්තිමට ආපු එක්කෙනා පියදස්සි." මේ එව් පිරිස නිසා බුද්ධාගමට සිදුවෙන්න ගිය හානිය වැළකුණා. එංගලන්තය, ඇමෙරිකාව ආදී රටවලත් බුද්ධ ධර්මය පැතිරෙව්වා. එළඹෙන්න තිබූ බාධා වැළැක්වූවා. ඒ අයව එව්වේ ඒ ඒ අංශ පවරලා. සමහරු භාවනා අංශයට. තවත් සමහරු ආශිර්වාද අංශයට. සමහරුන් ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම දූත සේවයට. ඒ ඒ අය බාරගත් වැඩ කොටස් ඒ ඒ අයුරින්ම ඉටු කළා.

ඉතින්, මම බාරගත් වැඩ කොටස දැන් ඉටුකර හමාරයි. ආයෙත් දිව්‍ය ලෝකෙ යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ලෝකෙ ලංකාවෙම උපදින්නයි මට වුවමනා. මගෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න නම් වුවමනාව තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්‍. ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස් ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිණෙනවා.

ඉන්දියාවේ හිමාලයේ "ගෞරි බාබා" නමැති යෝගියෙක් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරයේත් අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝග භාවනා කළ කෙනෙක්. පසුව ගෞතම බුදු හාමුදුරුවන් දැක බෞද්ධ වෙලා. එයත් සමථ භාවනාව දියුණු කළ කෙනෙක්‍. විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළවෙනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිතෙන් ශරීරය පාලනය කරන්න, ඉන්ද්‍රියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීමේ ආශාව තියෙන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්වෙන්න පුළුවන්.

මටත් මැරෙන්න නියමිතව තිබුණේ 1983. භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප වෙන්න.
බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්නේ ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහියෙන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ එළැඹ සිටි සිහියෙන් සිටියා නම් ඒක සිදුවෙන්නේ නෑ. මාරයා බාධා කළා. වේලාව මගහැරුණා. බුදු හාමුදුරුවොත් ඒ ගැන ක්‍රියාකළේ නෑ.
බුදුවන වෙලාවේ වසවත් මරු ආරාධනා කළ විට "සාසනය පිහිටුවනතුරු" කියා මාරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළානෙ. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා.

ඉතින් අපට මාරයා කරදර කරන එක පුදුමයක්ද? මාරයාගේ ගෝලයොත් ඒ වගේමයි.


මමත් පහුගිය කාලෙ යෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිවෙන ගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න වෙනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවටම පොළොන් තෙලිස්සෙක් ඇවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතැනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයෙක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇඳේ දුක් වින්දා. මාස තුනක් එහෙම ඉන්නකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එහෙම වෙන්නෙ නෑ. මම සංඛාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියා නම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරිවුණේ මගේ ප්‍රාර්ථනයක්, අධිෂ්ඨානයක් තියෙන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්නේ. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්සේ පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් වෙලයි මම හිටියේ. බුදුහාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු දෙසීයකට පසු අසන්ධිමිත්‍රා ඒ බෝධිය කැපූ වෙලාවේ මමත් මැරුණා. මැරී අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී උපන්නා.
ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කළා. ඒ කාලේ සිටම මම බුදු බව පතමිනුයි හිටියේ යැයිද ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.

(බළංගොඩ හාමුදුරුවෝ ග්‍රන්ථයෙන් උපුටා ගැනුණි.)



මම ගත්තේ නම් මුණු පොතේ මුදුන පිටුවෙන්....

පින් කැමැත්තෝ කියවා සැනසෙත්වා...

08 January, 2013

බලාගෙනයි....... මෙහෙම දේවල් ඔයාලටත් වෙන්න පුළුවන්.....

ලංකාව වේගෙන් රට පෙරෙට යනවා කියලා සමහර රේඩියෝ චැනල් වල සමහර ටීවී චැනල් වල නිවුස් බලනකොට තේරෙනවා....   එත් අද නම් ඒ ගැන නෙමේ මම කතා කරන්න යන්නේ.... සමහර රේඩියෝ චැනල් වලින් කරන සමහර අයට ගොඩාක් ලොකු උපකාරයක් වෙන වැඩ සටහන් අනුකරනය කරලා කරන දේවල් ගැන...

ගොඩාක් රේඩියෝ චැනල්  එයාලගේ චැනල් එක ජනතාව අතර ප්‍රචාරය කරගන්න මුදල් තෑගි දෙන වැඩසටහන් කරනවනේ....

ඒ දේවල්කරන එක නම් මම වරදක් විදිහට හිතන්නේ නැ..

එත් ඔය ගොඩාක් දේවල් අනුකරණය කරන අය ලංකාවේ ඉන්නේ නිසා ගොඩාක් අයව රවට්ටන්න ඕක සෙල්ලමක් කරගන්නවනේ.... විනොදෙට යාලුවෙක් පොඩ්ඩක් අන්දන්න බයිට් එකට

****හෙලෝ..... (නොදන්නා නම්බර් එකකින් )

####  (හිතමින් ) (නොදන්නා නම්බර් එකක් නිසා අර අහවල් චැනල් එකෙන්ද දන්නේ නැනේ ) හෙලෝ...... අහවල් චැනල් එක ගුඩ් මොර්නින්ග්......

**** අහ්හ් හරියටම අදුන ගත්තානේ නේද? එහෙමනම් මෙන්න ඔයාට සල්ලි.....

...................................................................................................................................

ඕක ඔහොම උනත් නොවුනත් යාලුවෙක් යාළුවෙක්ව බයිට් කරන්න ඔහොම කරන එක ඉතින් නතර කරන්න බැරි උනත් දැන් ඒ දේ උදව් කරගෙන සන්විදානාත්මක පිරිස් වංචා කරන්න උත්සහ ගන්නවා වැඩි වෙලාලු......

කෝල් කරලා අපි මේ  සිරසෙන්, සිගර් එකෙන් , සි අයි බි එකෙන් ,හිරු එකෙන් , .................... ඔයා අපේ දිනුම් ඇදිමෙකින් මෝටර් රථයක් , ශීතකරණයක් , මොනවා හරි විශාල තෑග්ගක් ගැන කියලා ඒ සදහා ඒ තෑග්ග ප්‍රවාහනය කිරීමට, වරායෙන් නිදහස් කරගැනීමට රුපියල් >>>> (සාමාන්‍ය මුදලක් ) කියලා ඒ මුදල තැන්පත් කරන්න ගිණුම් අංකයක් දෙනවලු....

ගොඩාක් ය ලැබෙන්නයන තෑග්ග වටිනාකම වැඩි නිසා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔය මුදල තැන්පත් කරන්න පෙලෙබෙන්න ඉඩ වැඩියි.....

................................................................................................................................

ඔන්න ඔයාලටත් මෙහෙම මොනවා හරි දෙයක් ගැන නිකමටවත් දන ගන්න ලැබුනොත් එහෙම ඒ ගැන පොලිසියකට හරි 119 එකට හරි කියන්න.. ඒ වගේම මුදල් තැන්පත් කරන්න කලින් බැංකුවටත් කියන්න....

අවදානමට පෙර විමසිල්ල කෝකටත් හොදයිනේ.....

කතාවක් නම් ලීවා..... එත් ප්‍රතිචාර අඩු ඉතින්  හොද නැති නිසාද මන්දා.....

03 January, 2013

ජිවිතේ ලස්සනයි... ඔබ ලැබෙනවානම් 1



ජිවිතේ කියන්නේ අමුතුම දෙයක් ගොඩක් ඇතට දුවලා යන්න ඕන දුරක නොතිබුනත් කෙනෙක්ගේ ජිවිතේ ලස්සනම කාලේ ගෙවුණු පාසල් කාලේ කියලා ටවුන් එකේ කටවුට් ගහලා කියන්න ඕනේ නැ කියලා මගේ හිත තාමත් කියනවා

සේනානායක කොලේජ්  එකේ අවුරුදු 13ක් ගෙවපු ඒ අතීතේ අපේ සෙට් එක පුදුම විදිහට ලං කලේ  ඒ ලෙවල් මැත්ස් පන්තියේ ඉදපු අවුරුදු දෙක කියන එක අමුතුවෙන් කියලා දෙන්න දෙයක් තිබුනේ නැ අන්ඩර් 20 ක්‍රිකට් ටීම් එකේ ජනප්‍රියම දගකාරයා උණු සාගර එහෙමත් නැත්නම් ගොඩක් අය බන්ටු කියල කතා කරපු සාගර සම්පත් සේනානායකට නම්
.....................................................................................................

බන්ටු අද කෙමා නිවාඩූද කොහෙද බන්..... අපරාදේ ඉගන ගන්න කියලා තිබුණු පීරියඩ් තුන  කියාගෙන අමිලයා පන්තියට ආවේ හරි ශෝක පාට් එකක් මුනට ඔබාගෙන....ඔබාගෙන කිවේ ඌට ඉතින් වැරදිලාවත් දුක හිතුනොත් ඒ හිතින් සතුට හිතෙන දෙයකදී විතරයි

අනේ ඉගන ගන්න එකා මෙහෙ වරෙන්කෝ මට මේ ගාන කියලා දීපන් කෝ එහෙමනම්, කියාගෙන අමිලයාව ලගට ගත්තේ අපේ සෙට් එකේ වැඩ බැරි ටාසන්.............

ඌට එහෙම කියන්නේ මු 10 වසරේදී පොඩි උන්ට සෙල්ලම් කරන්න තිබුණු සතුටු උයනේ වැලක් දිගේ උඩට නගින්න ගිහින් අත කඩගත්තු හින්දා..

අනේ මේ මට උබ ලගට ඇවිත් නම් මුකුත් කියලා දෙන්න බැ බන්... උබව සුවර් කරන්න කොහෙමද මම මෙච්චර කාලයක් බොහම පරිස්සමින් පරිස්සම් කරගෙන හිටපු පතිවෘතාවද මොකක්ද එක උබ නැති කලොත් එහෙම කියාගෙන අමිලය ටාසන් ලගින් ඇත් උනා
අනේ අනේ අමිලයෝ උබට එක නැති උනේ ඔය නයෝමි ලග දී නේද? කවදත් ඔහොම කතාවකදී කටට බ්රේක් නැති කැළුමත් නයෝමි දිහා බලාගෙනම අහනකොට නයෝමි මෙසේ උඩ තිබුණු වතුර බෝතලේ කැළුමගේ ඔලුව ඉලක්ක කරලා විදලා ඉවරයි..
ජෝන්ටිරෝල්ස් ගේ දක්ෂ පන්දු රැකීම එහෙමත් නැත්නම් මේ බන්ටු ගේ වැඩ නිසා කැළුමා තාම යහතින්......

දැන් ඉතින් මට නහුතෙටම තද වෙලා... දැන් ඉතින් අහන්න එපා ඔය නහුතෙ මොකක්ද කියලා ඕක ඉලක්කමක්ලු.... කොහොමත් 100 ට එහා තියන ගානක් කියලා මම ටක්කෙටම දැනගෙන උන්නා.... ටක්කේ තියෙන්නේ 10 ට එහා

හේ බෝයිස්...... දැන් ඉතින් තව මාසයකින් මල් සතිය අරබෙනවා අපි මොනවද කරන්නේ.....

බන්ටු අපි මුකුත් නොකර  චාටර් වෙන්න බැ අපේ වැඩ පෙන්නන ඕනා නැත්නම් අපි   විද්‍යාවෙන් ලොව දිනමු කියලා විතරක් බැජ් එකක් එල්ලගෙන ඉන්න එකේ තේරුමක් නැනේ......

මොකක්ද ඔය මල් සතිය කිවේ ඉපදුන දා ඉන්නම මේ බන්ටුව අයිති කරගෙන වගේ ඉන්න මල්කි අහනකොට කවදාවත් කතාවක් පටන් ගත්තොත් මයික් එක බිමින් නොතියන ටාසන් උගේ කතාව ස්ටාට් කරලා
මේකනේ මල්කි ඩාලින් ඔයා ඉතින් කොච්චර අපේ හීරෝ බන්ටුව අයිති කරගන්න දත කට මැදගෙන බේබි සබන් ගාගෙන උන්නත් වැඩක් නැනේ ඔයා හැමදාම නාන්නේ ඇල් වතුරනේ...... අපේ බන්ටු කැමති හොට් හොට් එවාටනේ..... ඉතින් එහෙම කෑලි ඉන්නේ  විශාකා  එකේ තමා...

අනේ යනවා ටාසන් යන්න අපිත් හොද හොට් තමයි....... විශාකේ කෙල්ලන්ට  පුලුවන්ද අපිට නිකමටවත් ලං වෙන්න....

අහ්හ් හා හා අපි බලමුකෝ අපේ මල් සතියට ඒ කිවේ සයන්ස් එක්ෂිබිෂන් එකට බහින විශාකේ කෙල්ලෝ ටික දැක්කහම ඔය හොට් කියපුවා අයිස් වගේ දියවෙන හැටි..... අමිලයා අනේ ඒ දවස් වල මතක් කරලා අර උබට කන්න ගෙනත් තියන දහයියා වලින් ගෝනියක් විතර ගෙනත් දාපන් අපේ පන්තියට හොදේ තාමත් ටාසන් මයික් එක බිම තියලා නැනේ...

මම කන්නේ නැ බෝල වලත්ත ටාසනයෝ.... ඒවා අම්මා ගෙනත් තිබ්බේ උබ අපේ ගෙදර එනවා කිවා නිවුස් එකට.... ඕනේ නම් අද යනකොට අරගෙන පලයන්..........
මට ඕනේ නැ බෝල අමිලයෝ ඒවා මේ හොට් කෑලි දියවෙනකොට පරිස්සම් කරගන්න මේවා උඩින් දාන්න පන්තියට අරගෙන වරෙන්න්කෝ
යකුනේ දැන්වත් නවත්තපල්ලකෝ ඔය අඩවැඩියාව..... දැන් ඉතින් කවුරුත් කතා කරලා ඉවරයි බන්ටු මයික් එකේ ස්විච් ඕන් කරගත්තා....
මෙතන තාම මගුල් කතා කරන්න කාගේවත් රෑවුල් ආපු වැඩිහිටියෝ නැනේ..... ඒ නිසා ඔය කතාව නවත්වලා එක්ෂිබිෂන් එකට කරන්න මොනවා හරි දෙයක් හිතපල්ලකෝ.....
මේ බන්ටු උබ දන්නේ නැති උනාට මල්කි ගේ නම් රැවුල තියනවලු..... මෙතන පෙන්නුවට කමක් නැද්ද කියලා අහනවා ආයෙත් ටාසන් මගෙන් මයික් එක ගන්න ලෑස්තිය...

පෙන්නපන් ඉතින් මම උබට කියන්නේ නැ ටාසන්...........

හරි හරි මේ ගැත්තාට අනුකම්පා කරලා දැන් ඉතින් දෙසන්නකෝ...... ටාසන් මටත් කැපිල්ලක් වගේ එකක් දාගෙන මයික් එක ටිකකට ඔෆ් කලා....

බන්ටු  ආයේ කාටවත් මයික් ඕන් කරගන්න නොදීම දෙසන්නයි මේ ලැසතිය, අපරාදේ කියන්න බැ මොන දේට උනත් බොක්ක හරි දෙන්න පුළුවන් එහෙම දෙන කොල්ලෝ ,කෙල්ලෝ සෙට් එකක් මේ මැත්ස් ක්ලාස් එකේ උන්නා..... අනිත් මැත්ස් ක්ලාස් වල උන් එකාට ඒකේක් නැතුව මැරිගෙන පාඩම් කරනකොට අපේ පන්තියේ මේ සෙට් එක කරන්න පුළුවන් හැම පිස්සුවක්ම කෙලලා... පන්තියේ වැඩ ටිකත් ශේප් නියායෙන් ගොඩ දා ගන්නවා...

මේ අහපල්ලකෝ.... මතකනේ ගිය අවුරුද්දේ එක්ෂිබිෂන් එකේ දී අපේ සින්නො කරපු වැ. අපි කොහොමවත් සෙකන්ඩ් වෙලා බැ... කවුරුවත් නොකරපු වැඩක් අපි කරන්න ඕනා......

හබැයි ඔය වැ කරන්න යන්නේ අර විශාකේ ළමයින්ට පෙන්න නම් අපි එන්නේ නැ මොනවටවත්.... මල්කි ආයෙත් අඩන්නයි ලැසතිය....

මල්කියෝ.... උන්ට විතරක් නෙමේ බලන්න එන හැමොටම බලන්න තමා අපි හැම දේම කරන්නේ.... ඕනේ නම් මම ඔයාව පිලි ගැනීමේ නිලධාරිනිය කරලා ගේට් එකට දාන්නම්.. එතකොට පුළුවන්නේ විශාකේ අය ආවහම මේ පැත්ත ඔයාලට තහනම් කලාපයක් කියලා ඒ අයට බලන්න නොදී ඉන්න හොදද මල්කියෝ......

සැම්පු ගාලා ෂවර් එකෙන් එන වතුර ටික ආතල් එකේ නා ගන්න තියනකොට මලකි හදන්නේ හැතම්ම ගානක් පයින් ගිහින් වතුර අඩියටම බැහැල තියන ලිදකින් පනිට්ටුවෙන් වතුර ඇදගෙනම නා ගන්නයි...

...........................................................................................

මේ ආරම්භයක් විතරයි... ඔයාලා කැමති නම් මේක සතියකට වතාවක් මේ බ්ලොග් එකේ ලියවේවි... ඇත්තටම මට කතා ලියන්න බැ.... එත් බැරි වැඩ පොඩ්ඩක් කරලා බලන්න හිතුනා.... අඩු පාඩු විවේචන ගොඩාක් බලාපොරොත්තු වෙනවා....
කතාවේ සමහර වචන මමත් අහුලා ගත්තු ඒවා.....  ඒවා ගැන ඒ තරම් හිතන්න එපා......

කතාව මාතෘකාවට තාම ලං වෙලාවත් නම් නැ.... අදහස් මත ලියවේවි... (අර කියනවා වගේ බ්ලොග් එකේ ලියන්න ඕනේ තමන්ට හිතෙන දේවල්නේ බලන අය කැමති නම් බලාවි.... අඩු පාඩු මට නම් කියන්න ප්ලිස්)

එහෙමනම් උදා වූ නව වසර බ්ලොග් කියවන ලියන හැම දෙනාටම සුභම සුභ වේවා.....