ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

08 January, 2013

බලාගෙනයි....... මෙහෙම දේවල් ඔයාලටත් වෙන්න පුළුවන්.....

ලංකාව වේගෙන් රට පෙරෙට යනවා කියලා සමහර රේඩියෝ චැනල් වල සමහර ටීවී චැනල් වල නිවුස් බලනකොට තේරෙනවා....   එත් අද නම් ඒ ගැන නෙමේ මම කතා කරන්න යන්නේ.... සමහර රේඩියෝ චැනල් වලින් කරන සමහර අයට ගොඩාක් ලොකු උපකාරයක් වෙන වැඩ සටහන් අනුකරනය කරලා කරන දේවල් ගැන...

ගොඩාක් රේඩියෝ චැනල්  එයාලගේ චැනල් එක ජනතාව අතර ප්‍රචාරය කරගන්න මුදල් තෑගි දෙන වැඩසටහන් කරනවනේ....

ඒ දේවල්කරන එක නම් මම වරදක් විදිහට හිතන්නේ නැ..

එත් ඔය ගොඩාක් දේවල් අනුකරණය කරන අය ලංකාවේ ඉන්නේ නිසා ගොඩාක් අයව රවට්ටන්න ඕක සෙල්ලමක් කරගන්නවනේ.... විනොදෙට යාලුවෙක් පොඩ්ඩක් අන්දන්න බයිට් එකට

****හෙලෝ..... (නොදන්නා නම්බර් එකකින් )

####  (හිතමින් ) (නොදන්නා නම්බර් එකක් නිසා අර අහවල් චැනල් එකෙන්ද දන්නේ නැනේ ) හෙලෝ...... අහවල් චැනල් එක ගුඩ් මොර්නින්ග්......

**** අහ්හ් හරියටම අදුන ගත්තානේ නේද? එහෙමනම් මෙන්න ඔයාට සල්ලි.....

...................................................................................................................................

ඕක ඔහොම උනත් නොවුනත් යාලුවෙක් යාළුවෙක්ව බයිට් කරන්න ඔහොම කරන එක ඉතින් නතර කරන්න බැරි උනත් දැන් ඒ දේ උදව් කරගෙන සන්විදානාත්මක පිරිස් වංචා කරන්න උත්සහ ගන්නවා වැඩි වෙලාලු......

කෝල් කරලා අපි මේ  සිරසෙන්, සිගර් එකෙන් , සි අයි බි එකෙන් ,හිරු එකෙන් , .................... ඔයා අපේ දිනුම් ඇදිමෙකින් මෝටර් රථයක් , ශීතකරණයක් , මොනවා හරි විශාල තෑග්ගක් ගැන කියලා ඒ සදහා ඒ තෑග්ග ප්‍රවාහනය කිරීමට, වරායෙන් නිදහස් කරගැනීමට රුපියල් >>>> (සාමාන්‍ය මුදලක් ) කියලා ඒ මුදල තැන්පත් කරන්න ගිණුම් අංකයක් දෙනවලු....

ගොඩාක් ය ලැබෙන්නයන තෑග්ග වටිනාකම වැඩි නිසා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔය මුදල තැන්පත් කරන්න පෙලෙබෙන්න ඉඩ වැඩියි.....

................................................................................................................................

ඔන්න ඔයාලටත් මෙහෙම මොනවා හරි දෙයක් ගැන නිකමටවත් දන ගන්න ලැබුනොත් එහෙම ඒ ගැන පොලිසියකට හරි 119 එකට හරි කියන්න.. ඒ වගේම මුදල් තැන්පත් කරන්න කලින් බැංකුවටත් කියන්න....

අවදානමට පෙර විමසිල්ල කෝකටත් හොදයිනේ.....

කතාවක් නම් ලීවා..... එත් ප්‍රතිචාර අඩු ඉතින්  හොද නැති නිසාද මන්දා.....

44 comments:

  1. අනේ මන්දා බං.... මට නම් ඔය රේඩියෝ චැනල් වල වැඩ එච්චර හොඳයි කියලා හිතෙන්නේ නෑ.. ඒවා අහගෙන ඉන්නත් මට ආමරුයි... හි හි

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා නම් ඔහොම තමා (හිකිස් අහන්න එපා එහෙම නොවෙන ඒවා මොනවද කියලා එහෙම ඒවා නැනේ..) නමුත් ඉතින් එකෙන් ඔය කරන දේ හරියට වෙනවා නම් හොදයි... ඔය දුප්පත් කෙනෙක්ට එළවලු මල්ලක් වගේ දෙන එක නම් හොදයි..... එත් එකත් දෙන්නේ තියන මිනිහටම වගේ....

      Delete
    2. ඇත්තම තමා.

      Delete
    3. 27 එනවනේ නේද?................ හිරු අක්කයි අය්යායි.....

      Delete
    4. එන්න වෙන් නෑ සුදා.. එදාටම වෙඩින් එකක් වැටිලා නුවර.... ඔයාලා ගිහින් ෂොපිං බෑග් එකක් පුරෝලා මඩ අරන් එන්නකෝ අපිට බලන්න.. හි හි

      Delete
    5. ඔන්න ඒ කිවේ නම් කෙප්පයක්ද කොහෙද? වෙඩිම බැරිද දවසක් ඉස්සරට හරි පස්සට කල් දා ගන්න අෆ්ෆා............

      Delete
  2. හොඳ දැනුවත් කිරීමක්. රේඩියෝ චැනල් කීපයකින් ඔය වගේ කරනවා. ඒ නිසා පරිස්සම කොයි දේටත් හොඳයිනේ

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..... එහෙම ඉතින් කෝකටත් පරිස්සම් වෙන එක තමා හොදම.....

      Delete
  3. මේ දැනුවත් කිරීමට ස්තූතියි, මෙහෙම සමහර පිරිමි ළමයි ගෑල්ලමයිට කෝල් කරලා නම,ගම විස්තර දැනගන්නවලු,මේ ළගදි මගේ යාළුවෙක් ඒම කිව්වා... මම නම් රේඩියෝ අහන්නෙත් නෑ... ටීඩී බැලුවත් කාර්ටූන් තමයි..

    ReplyDelete
    Replies
    1. ආහ්හ්.... එකත් ඉතින් නරකම නැති ක්‍රමයක් වගේ තමා........ හිකිස්.... අනේ කාටුන් බලන්න කෝ වෙලාවක්.... ඉස්සර හිටියට වඩා බිසී වෙලානේ අෆ්ෆා ලයිෆ් එක.....

      Delete

  4. මන් නම් තනිකර දැන් ෆලෝ කරන්නේ බුඩිස්ට් ...
    පැය 24 පුරා ලොව්තුරු ශ්‍රී සද්ධර්මය ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඒක නම් ටිකක් නෙමේ ගොඩාක් හොද වැඩක්.......

      තෙරුවන් සරණයි......

      Delete
  5. දන්කොටුව පැත්තේ රට ගිහින් කලින් ආපු ගෘහසේවිකාවන්ට (වැඩිය දැනුම තේරුම් නැති)වන්දියක් ලැබෙනවා කියලා ඒක ලබෙන්නනම් මුලින් මෙච්චර ගානක් ගෙවන්න ඕන කියලා සල්ලි ගැරීමක් පහුගිය කාලේ වෙලා තිබුනා.ඒ මිනිස්සු රත්තරන් බඩු පවා කඩේට තියලා සල්ලි දීල තිබුනා.හැම ගෙදරකටම ගිහින් තිබුනේ ඉරිදා දවස්වල.අපි දැනගත්තේ මිනිස්සු වන්දි ඉල්ලගෙන බැංකුවට ආවම.අපි ඒ අය පොලිසියට යොමුකලා.

    මං හිතන්නේ ඒ කේස් එකටනං විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොරක් සම්බන්ද ඇති,නැත්නම් කොහොමද හරියටම විස්තර දැන ගන්නේ.

    ReplyDelete
    Replies
    1. මුලින්ම..... හසරැල් දන්කොටුවේද????

      ඔය දේ ගැන දැනුවත් කිරීම් ගොඩාක් අඩු නිසා තමා මම හිතන විදිහට වෙන්නේ....
      ගොඩාක් වෙලාවට දැනුම මද කම තමා හේතුවක් වෙලා තියෙන්නේ...

      ගොඩාක් වෙලාවට එහෙම නිසා වෙන්න ඕන තමා නේද නැත්නම් ඔය පැත්තේ කෙනෙක් වත් සම්බන්ධ ඇති.....

      Delete
    2. මං වැඩකරන්නේ දන්කොටුවේ මහජන බැංකුවේ

      Delete
    3. තවත් අපේ පැත්තෙ පොරවක්....

      Delete
    4. ලග පාත තවත් බැංකු පොරක්නේ.... පස්සේ දවසක මුණ ගැහෙමුකෝ........

      Delete
    5. අපරාදේ බන් මට ඔය පැත්තේ කෙනෙක්ගෙන් උවමනාවක්
      වෙලා තිබ්බ .පස්සේ කෙනෙක් නැති කමෙන්ම වැඩේ නැති
      උනා . ...........

      Delete
    6. @ ප්‍රදීප් : එකනේ අපි නොදන්න එත් මේ පැති වල අය තවත් ඇතිනේ............. නේද?

      Delete
    7. ඇනො : දැන් ඉතින් ට්‍රයි කරලා බලන්නකෝ..............

      Delete
    8. පස්සේ හමුවෙමුකො

      Delete
  6. බාල ගණයේ රේඩියෝ වැඩසටහන් හින්දා ඇති වෙන නරක ප්‍රතිපල පේනවනේ ,මෙව්වයින් බැට කන්නේ
    අහිංසක ජනතාව් තමයි ,කාලෝචිත ලිපියක් .

    ReplyDelete
    Replies
    1. සිරාවටම......සමහර ප්‍රෝග්‍රෑම් නම් ඉතින් ගන්නම දෙයක් ඇත්තටම නැ...... ගොඩාක් දේවල් ඉතින් වෙන්නෙම අහිංසක ජනතාවට තමා....

      Delete
  7. ඔහොම සීන් නම් දැන් සෑහෙන්න තියෙනවා..

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් ගැන එළිපිට නොකියන නිසා තවත් කෙනෙක්ට එකටම මුණ දෙන්න වෙනවා ගොඩක් වෙලාවට

      Delete
  8. අපෝ සමහරු නම් ඔහොම කතා කලාම හොදට බනිනවා.කාගෙන් හරි ඇන්දිලා වෙන්න ඇති.ඒත් ටිකකින් හිතනවා ඇත්ත එක කියලා.එතකොට ඉතිං බටර් ගොඩයි. මොනවා වුනත් රටටම ඇහෙන්න කතා කලානෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් එක නම් ඇතත....... සමහර අය කාලා තියන කටු නිසා ඇතත දෙයක් උනත් එකත් විහිළුවක් වගේම තමා..... ඔය ලයිව් ප්රෝගර්ම් වල සමහර නිළියන්ටත් හොද හොද කතා අහන්න ලැබුනානේ මේ ටිකේ නම්,,,,

      Delete
  9. මචං දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි... මටත් තියෙනවා පොයින්ට් එකක්... ඒක ගැන ලියන්නම් ඉස්සරහට

    ReplyDelete
  10. ඔහොම දේවල් නම් ඕන කරම් වෙනවා. පරිස්සම් වෙන එක තමයි නුවනට හුරු. ජය...!

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා,........ උනාට පස්සේ හිතලා වැඩක් නැනේ නේද අයියා......

      Delete
  11. එක කාලයක් තිබ්බ මම අහන්නේ අහවල් ගුවන් විදුලි නාලිකාව කියලා බෝඩ් කෑල්ලක ලියලා ගේ ඉසාරහා එල්ලන්නයි කියලා. ඔය නාලිකා වල උන් හිතාගෙන ඉන්නවද දන්නේ නෑ ගුවන්විදුලි අසන්නෝ කියන්නේ තණකොළ කන ජාතියක් ය කියලා. පවු.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ තාම එක ඉවර නැ.... තාමත් මන් අහන්නේ... අහවල් චැනල් එක කියල බෝඩ් ගහපු තැන් ඔය එහෙ මෙහෙ යනකොට දකිනවා......

      Delete
  12. තණ්හාය ජායතී සෝකෝ....

    ReplyDelete
    Replies
    1. තණ්හාව ටත් වඩා මෙතන මම හිතන්නේ නම් නොදැනුවත් කම...... තණ්හාවත් නැතුවම නම් නෙමේ.....

      Delete
  13. "XXXX ඇහුවොත් බඩුම තමයි"...

    ඔය මොක ඇහුවත්, බැලුවත් කොහෙන් හරි අන්තිමට බයිට් වෙන්නේ අපි තමයි දෙව් අයියේ

    ReplyDelete
  14. හලෝ.. මේ දේව්ගෙ අඩවියෙන් , ඔයාගෙ බ්ලොග් එක හොඳම බ්ලොග් එක විදියට තෝරන් තියෙනව.. ඒකට සම්මානයක් දෙන්න රුපියල් 5000ක් ආධාර විදියට ගන්නවා :P

    ReplyDelete
    Replies
    1. ඔන්න වැරැදිලා වත් එහෙම දෙයක් උනොත් අල්ලගන්න වෙන්නේ යසිත් වම තමා...... :පි

      Delete
  15. ඇයි දේවා ඊමේල් වලිනුත් එනවනෙ අහඹු ලෙස ‍තෝරාගත්ත ෆෝන් නොම්මර වලට දිනුම් ඇදිලා තියෙනවා කියලා. ඇති ගෙදර ඉඳන් හම්බකරන්න ඇඩ් ක්ලික් කරන්න හෙම.

    මගෙ ලැප ෆෝර්මැට් කරනකොට ෆයර්ෆොක්ස් බුක්මාක් සේරම ගිහින්. බ්ලොග් රෝල් විතරයි ඉතුරු වුනේ. ඉතින් මේ වැඩේම උනා තව බ්ලොග් සයිට් කීපෙකට. දැන්නම් බ්ලොග් රෝලෙ එල්ලනවා මේක.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනිවා අයියා..... එහෙම ඒවත් ඕන තරම්..... ආහ්හ් එකනේ මාත් බැලුවේ මොකද අය්යා තරහ වෙලාවත්ද කියලා......

      27 ඉතින් එනවනේ නේද?/

      Delete
    2. එහෙම තරහා වෙන්නෙ මොනවා බේරාගන්න බැරිවද?
      27 එන්න බෑ බං. අපි නිවාඩුවට ලංකාවට ඇවිත් ආපහු මෙහෙට ආවෙ ජනවාරි පළවෙනිදා.
      උඹලා එන්ජෝයි කරලා බ්ලොගේ දැම්මම අපි පින්තූර බලලා සතු‍ටු වෙන්නම්.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  16. මචන් එහෙනම් අපේ පැත්තෙත් එන්න dude and dewa..
    FF sync දාන්න ඔතොකොට history
    save වෙනවා මචන්...

    රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)

    ReplyDelete
  17. ස්තූතියි රාජ්! මොකද මං දැන් මේකෙං යාලුවෝ ටික අන්දලා කීයක් හරි හොයාගන්න ඕනි!
    මොනා උණත් එෆ් එම් ගැන නං කලකිරිල ඉන්නේ මං නං!!

    ReplyDelete
  18. අයියෝ වැරදුනා! කලින් කමෙන්ට් එක දේව්ට යන්න ඕකි කමෙන්ට් එකක්නේ! කමක් නෑ! පබ්ලිෂ් කරන්න! සමාවෙන්න නම වැරදුනාට!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....