ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

03 January, 2013

ජිවිතේ ලස්සනයි... ඔබ ලැබෙනවානම් 1



ජිවිතේ කියන්නේ අමුතුම දෙයක් ගොඩක් ඇතට දුවලා යන්න ඕන දුරක නොතිබුනත් කෙනෙක්ගේ ජිවිතේ ලස්සනම කාලේ ගෙවුණු පාසල් කාලේ කියලා ටවුන් එකේ කටවුට් ගහලා කියන්න ඕනේ නැ කියලා මගේ හිත තාමත් කියනවා

සේනානායක කොලේජ්  එකේ අවුරුදු 13ක් ගෙවපු ඒ අතීතේ අපේ සෙට් එක පුදුම විදිහට ලං කලේ  ඒ ලෙවල් මැත්ස් පන්තියේ ඉදපු අවුරුදු දෙක කියන එක අමුතුවෙන් කියලා දෙන්න දෙයක් තිබුනේ නැ අන්ඩර් 20 ක්‍රිකට් ටීම් එකේ ජනප්‍රියම දගකාරයා උණු සාගර එහෙමත් නැත්නම් ගොඩක් අය බන්ටු කියල කතා කරපු සාගර සම්පත් සේනානායකට නම්
.....................................................................................................

බන්ටු අද කෙමා නිවාඩූද කොහෙද බන්..... අපරාදේ ඉගන ගන්න කියලා තිබුණු පීරියඩ් තුන  කියාගෙන අමිලයා පන්තියට ආවේ හරි ශෝක පාට් එකක් මුනට ඔබාගෙන....ඔබාගෙන කිවේ ඌට ඉතින් වැරදිලාවත් දුක හිතුනොත් ඒ හිතින් සතුට හිතෙන දෙයකදී විතරයි

අනේ ඉගන ගන්න එකා මෙහෙ වරෙන්කෝ මට මේ ගාන කියලා දීපන් කෝ එහෙමනම්, කියාගෙන අමිලයාව ලගට ගත්තේ අපේ සෙට් එකේ වැඩ බැරි ටාසන්.............

ඌට එහෙම කියන්නේ මු 10 වසරේදී පොඩි උන්ට සෙල්ලම් කරන්න තිබුණු සතුටු උයනේ වැලක් දිගේ උඩට නගින්න ගිහින් අත කඩගත්තු හින්දා..

අනේ මේ මට උබ ලගට ඇවිත් නම් මුකුත් කියලා දෙන්න බැ බන්... උබව සුවර් කරන්න කොහෙමද මම මෙච්චර කාලයක් බොහම පරිස්සමින් පරිස්සම් කරගෙන හිටපු පතිවෘතාවද මොකක්ද එක උබ නැති කලොත් එහෙම කියාගෙන අමිලය ටාසන් ලගින් ඇත් උනා
අනේ අනේ අමිලයෝ උබට එක නැති උනේ ඔය නයෝමි ලග දී නේද? කවදත් ඔහොම කතාවකදී කටට බ්රේක් නැති කැළුමත් නයෝමි දිහා බලාගෙනම අහනකොට නයෝමි මෙසේ උඩ තිබුණු වතුර බෝතලේ කැළුමගේ ඔලුව ඉලක්ක කරලා විදලා ඉවරයි..
ජෝන්ටිරෝල්ස් ගේ දක්ෂ පන්දු රැකීම එහෙමත් නැත්නම් මේ බන්ටු ගේ වැඩ නිසා කැළුමා තාම යහතින්......

දැන් ඉතින් මට නහුතෙටම තද වෙලා... දැන් ඉතින් අහන්න එපා ඔය නහුතෙ මොකක්ද කියලා ඕක ඉලක්කමක්ලු.... කොහොමත් 100 ට එහා තියන ගානක් කියලා මම ටක්කෙටම දැනගෙන උන්නා.... ටක්කේ තියෙන්නේ 10 ට එහා

හේ බෝයිස්...... දැන් ඉතින් තව මාසයකින් මල් සතිය අරබෙනවා අපි මොනවද කරන්නේ.....

බන්ටු අපි මුකුත් නොකර  චාටර් වෙන්න බැ අපේ වැඩ පෙන්නන ඕනා නැත්නම් අපි   විද්‍යාවෙන් ලොව දිනමු කියලා විතරක් බැජ් එකක් එල්ලගෙන ඉන්න එකේ තේරුමක් නැනේ......

මොකක්ද ඔය මල් සතිය කිවේ ඉපදුන දා ඉන්නම මේ බන්ටුව අයිති කරගෙන වගේ ඉන්න මල්කි අහනකොට කවදාවත් කතාවක් පටන් ගත්තොත් මයික් එක බිමින් නොතියන ටාසන් උගේ කතාව ස්ටාට් කරලා
මේකනේ මල්කි ඩාලින් ඔයා ඉතින් කොච්චර අපේ හීරෝ බන්ටුව අයිති කරගන්න දත කට මැදගෙන බේබි සබන් ගාගෙන උන්නත් වැඩක් නැනේ ඔයා හැමදාම නාන්නේ ඇල් වතුරනේ...... අපේ බන්ටු කැමති හොට් හොට් එවාටනේ..... ඉතින් එහෙම කෑලි ඉන්නේ  විශාකා  එකේ තමා...

අනේ යනවා ටාසන් යන්න අපිත් හොද හොට් තමයි....... විශාකේ කෙල්ලන්ට  පුලුවන්ද අපිට නිකමටවත් ලං වෙන්න....

අහ්හ් හා හා අපි බලමුකෝ අපේ මල් සතියට ඒ කිවේ සයන්ස් එක්ෂිබිෂන් එකට බහින විශාකේ කෙල්ලෝ ටික දැක්කහම ඔය හොට් කියපුවා අයිස් වගේ දියවෙන හැටි..... අමිලයා අනේ ඒ දවස් වල මතක් කරලා අර උබට කන්න ගෙනත් තියන දහයියා වලින් ගෝනියක් විතර ගෙනත් දාපන් අපේ පන්තියට හොදේ තාමත් ටාසන් මයික් එක බිම තියලා නැනේ...

මම කන්නේ නැ බෝල වලත්ත ටාසනයෝ.... ඒවා අම්මා ගෙනත් තිබ්බේ උබ අපේ ගෙදර එනවා කිවා නිවුස් එකට.... ඕනේ නම් අද යනකොට අරගෙන පලයන්..........
මට ඕනේ නැ බෝල අමිලයෝ ඒවා මේ හොට් කෑලි දියවෙනකොට පරිස්සම් කරගන්න මේවා උඩින් දාන්න පන්තියට අරගෙන වරෙන්න්කෝ
යකුනේ දැන්වත් නවත්තපල්ලකෝ ඔය අඩවැඩියාව..... දැන් ඉතින් කවුරුත් කතා කරලා ඉවරයි බන්ටු මයික් එකේ ස්විච් ඕන් කරගත්තා....
මෙතන තාම මගුල් කතා කරන්න කාගේවත් රෑවුල් ආපු වැඩිහිටියෝ නැනේ..... ඒ නිසා ඔය කතාව නවත්වලා එක්ෂිබිෂන් එකට කරන්න මොනවා හරි දෙයක් හිතපල්ලකෝ.....
මේ බන්ටු උබ දන්නේ නැති උනාට මල්කි ගේ නම් රැවුල තියනවලු..... මෙතන පෙන්නුවට කමක් නැද්ද කියලා අහනවා ආයෙත් ටාසන් මගෙන් මයික් එක ගන්න ලෑස්තිය...

පෙන්නපන් ඉතින් මම උබට කියන්නේ නැ ටාසන්...........

හරි හරි මේ ගැත්තාට අනුකම්පා කරලා දැන් ඉතින් දෙසන්නකෝ...... ටාසන් මටත් කැපිල්ලක් වගේ එකක් දාගෙන මයික් එක ටිකකට ඔෆ් කලා....

බන්ටු  ආයේ කාටවත් මයික් ඕන් කරගන්න නොදීම දෙසන්නයි මේ ලැසතිය, අපරාදේ කියන්න බැ මොන දේට උනත් බොක්ක හරි දෙන්න පුළුවන් එහෙම දෙන කොල්ලෝ ,කෙල්ලෝ සෙට් එකක් මේ මැත්ස් ක්ලාස් එකේ උන්නා..... අනිත් මැත්ස් ක්ලාස් වල උන් එකාට ඒකේක් නැතුව මැරිගෙන පාඩම් කරනකොට අපේ පන්තියේ මේ සෙට් එක කරන්න පුළුවන් හැම පිස්සුවක්ම කෙලලා... පන්තියේ වැඩ ටිකත් ශේප් නියායෙන් ගොඩ දා ගන්නවා...

මේ අහපල්ලකෝ.... මතකනේ ගිය අවුරුද්දේ එක්ෂිබිෂන් එකේ දී අපේ සින්නො කරපු වැ. අපි කොහොමවත් සෙකන්ඩ් වෙලා බැ... කවුරුවත් නොකරපු වැඩක් අපි කරන්න ඕනා......

හබැයි ඔය වැ කරන්න යන්නේ අර විශාකේ ළමයින්ට පෙන්න නම් අපි එන්නේ නැ මොනවටවත්.... මල්කි ආයෙත් අඩන්නයි ලැසතිය....

මල්කියෝ.... උන්ට විතරක් නෙමේ බලන්න එන හැමොටම බලන්න තමා අපි හැම දේම කරන්නේ.... ඕනේ නම් මම ඔයාව පිලි ගැනීමේ නිලධාරිනිය කරලා ගේට් එකට දාන්නම්.. එතකොට පුළුවන්නේ විශාකේ අය ආවහම මේ පැත්ත ඔයාලට තහනම් කලාපයක් කියලා ඒ අයට බලන්න නොදී ඉන්න හොදද මල්කියෝ......

සැම්පු ගාලා ෂවර් එකෙන් එන වතුර ටික ආතල් එකේ නා ගන්න තියනකොට මලකි හදන්නේ හැතම්ම ගානක් පයින් ගිහින් වතුර අඩියටම බැහැල තියන ලිදකින් පනිට්ටුවෙන් වතුර ඇදගෙනම නා ගන්නයි...

...........................................................................................

මේ ආරම්භයක් විතරයි... ඔයාලා කැමති නම් මේක සතියකට වතාවක් මේ බ්ලොග් එකේ ලියවේවි... ඇත්තටම මට කතා ලියන්න බැ.... එත් බැරි වැඩ පොඩ්ඩක් කරලා බලන්න හිතුනා.... අඩු පාඩු විවේචන ගොඩාක් බලාපොරොත්තු වෙනවා....
කතාවේ සමහර වචන මමත් අහුලා ගත්තු ඒවා.....  ඒවා ගැන ඒ තරම් හිතන්න එපා......

කතාව මාතෘකාවට තාම ලං වෙලාවත් නම් නැ.... අදහස් මත ලියවේවි... (අර කියනවා වගේ බ්ලොග් එකේ ලියන්න ඕනේ තමන්ට හිතෙන දේවල්නේ බලන අය කැමති නම් බලාවි.... අඩු පාඩු මට නම් කියන්න ප්ලිස්)

එහෙමනම් උදා වූ නව වසර බ්ලොග් කියවන ලියන හැම දෙනාටම සුභම සුභ වේවා.....


37 comments:

  1. මල් කතාවක් වගේ. දැම්මම මොකවත් කියන්න බෑ. තව කෑලි දෙක තුනක් දාන්නකෝ. ජය...!

    ReplyDelete
    Replies
    1. ලියලාම බලමුකො එහෙමනම් අයියන්ඩි

      Delete
  2. ලියන්න එතකොට දන්නෙම නැතිව හොඳ කථාවක් වෙයි.

    නිරෝගිමත් නව වසරක් වේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. උත්සහ කරනවා එ දෙ කරන්න... ඔබටත් සුභ නව වසරක්...

      Delete
  3. එල ඔහොම ලියාගෙන යමුකෝ

    ReplyDelete
  4. එළ එළ.. මාත් මේ දවස්වල ඒ ලෙවල් කාලේ ලියපු පොතක් අල්ලගෙන දඟළනවා... මේකත් ඒ භාසාවෙන්මයි තියෙන්නේ.. හි හි

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කා හිරු ලිය්න්න පටන් අරගෙන තියනවා. කොහොමත් හිරුගෙ ලිවිල්ල් සුපිරි නිසා අනිවා මෙකට වඩා ගොඩාක් හොදයි

      Delete
  5. මොනාද බං බැරි වැඩ කියන්නේ.. අප්පිරිය විත්තිය දැනෙන දේ උනත් කාලයක් කර ගෙන යද්දි සීසන් වෙලා හරි යනවා.. අනිවා ලියන්න.. සුභ ම සුභ නිව් ඉයරයක් වේවා!!

    ReplyDelete
    Replies
    1. නොකියා කිවෙ මෙකත් එ ටයිප් කියලාද ම්න්දා...

      Delete
  6. බෑ කියලා දෙයක් නෑ මලයා උත්සාහ කරමු.දැනට නම් ලියැවෙනවා හොදයි. කුතුහලය රැක ගන්න උත්සාහ කරන්න. එවිට වඩාත් සාර්ථක වේවි.

    ReplyDelete
  7. සුභම සුභ වේවා.. ඇයව ලැබේවා ;)

    ReplyDelete
    Replies
    1. බලමුකො සැම්. සමහර දෙවල් හිතන විදිහටම වෙන්නෙ නැනෙ...

      Delete
  8. හම්මා.... මලයත් කතා ලියන්ඩ අරං. ලියමු ලියමු.

    ReplyDelete
    Replies
    1. ලියලාම බලමුකො නෙද අයියා

      Delete
  9. ඈ......අඩේ අප්පා...කතාවක්...මරුනේ....

    ReplyDelete
  10. ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දාන්ඩෝ... :D

    ReplyDelete
    Replies
    1. තාම ලියාගෙන යනවා ශම්මි...... දාන්නම්කො ඉක්මනින්ම...

      Delete
  11. ඉතුරු කොටසුත් ඉක්මනට දාමු .... කතාව නැගල යනවා.....

    ReplyDelete
  12. ela ela...
    Ohoma liyaa gena yamuko aiye..

    Jayama wewa !!!

    ReplyDelete
  13. ලියමුකෝ බලන්ඩ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් ලැබේ නම් මොනවා කරන්න බැරිද නේද රජ........

      ජයශ්‍රී.....

      Delete
  14. නියමයි දෙව් දිගටම ලියන්න

    ජය!

    ReplyDelete
  15. යෞවන සමීන්ද්රගේ ස්ටයිල් එක...මම ආසම රයිටර් කෙනෙක් තමයි ඒ. නියමයි දේව් අයියේ..අඩුපාඩු එක්ක ඔහොම තමයි පටන් ගන්න ඕනේ....කාලයක් යනකොට හරියනවා. සමහර වචන රිපීට් කරන එක අඩු කලානම් හොඳයි කියලා හිතුන, (අර මයික් කතාව)..

    ReplyDelete
    Replies
    1. ඒ ස්ටයිල් එකට මමත් ගොඩාක් ආසයි.... ටිකක් එහෙම උනාට එහෙම නොවී වගේ ලියන්න තමා ට්‍රයි එක..... තැන්කු අවවාදයට... ඊලග එවාදී හදාගන්න උත්සහ කරනවා අනිවා....

      Delete
  16. නෝක්කඩු කියලා ෆෝන් එකට මෙසේජ් එකක් ඇවිත් තිබුනා . දුවගෙන ආවෙ මොනාද වෙලා තියෙන්නෙ බලන්න . අනේ ඉතින් ඉස්සර වගේනම් බ්ලොග් බලන්න වෙන්නෙ නෑ මේ අවුරුද්දේ .
    …ඔන්න තරහ වෙන්නනම් එපා හොඳේ ..

    …සුබ නව වසරක් වේවා ! සියලු පැතුම් ඉටු වේවා !

    ReplyDelete
    Replies
    1. අනේ අෆ්ෆා එහෙම කියලා බැ වගේනේ... හ්ම්ම් මොකද හේතුව... කුරුළු කුදුවක්වත් තනනවද මේ අවුරුද්දේ..............

      Delete
  17. හොද උත්සහයක්...දිගටම ලියන්න.හොඳම කතාව ලියවෙන්නේ එතකොටයි..සුබ පැතුම්...

    ReplyDelete
  18. ඇත්තටම ලයින් බං...

    (තමන්ගෙ බ්ලොග් එක - තමන්ගෙ වචන - තමන්ගෙ පැට්ට්‍රෝල්)

    (කියවන උන්ගෙ ප්‍රෝෆයිල් - උන්ගෙ වචන - උන්ගෙ කොමෙන්ට්)

    (නරක කොමෙන්ට් != ඩිලීඩ් )

    ReplyDelete
  19. මගේ අයිඩියා ඒක තව කෑලි දෙක තුනක් ගියාම කියන්නම් මචං..දැන් කලින් වැඩි වගේ :)

    ReplyDelete
  20. හැබෑට ඇය ලැබෙනවානම් ජීවිතේ කොච්චර නම් ලස්සන වෙයිද?:)

    කතාව හොඳයි ...ලියාගෙන යමු.

    ReplyDelete
  21. ඉදිරිය සුභ පාටයි...ඔහොම යමු...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....