ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

03 December, 2012

සෙන්සිටිව් වෙන එක හොදද ? නරකද?

පොස්ට් 200ක් ලියලා ඉවරත් උන එකේ ලියන වේගේ ගොඩාක් අඩුත් වෙලා..... මේ දවස්වල ලියන්න දේවල් මතක් වෙන්නෙත් නැ....

මුලින්ම මගේ දයාබර මෑණියන්ට අද සමරන 47 වන ජන්ම දිනය සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ගොඩාක් ආදරයෙන් සුභ පතනවා.....

......................................................................................................................

මේ දවස් වල ඉතින් රාජ කාරියේ ටිකක් හිර වෙලා ඒ අතරේ අලුතෙන් වැඩට ආපු සහෝදර සහෝදරියෝ නිසා මෙහෙම දෙයක් හිතුනා... (ට්‍රේනින් එන අය මාස 6කට )

සාමානයෙන් නුහුරු පරිසරයක වැඩට එක පාර යන්න උනහම ඉතින් ටෙන්ෂන් එකක් එන එක නෝමල් දෙයක්නේ....

සමහර අය එන්නේ මාස ගානක් වැඩ කරලා පල පුරුද්ද තියනවා වගේ...

තවත් සමහර අය එන්නේ නිකන් පහට ගනින්න බැ වගේ ( හැබැයි යනකොට 5000000000 ටම ගැනලා තමා යන්නේ )

තවත් සමහර අය එන්නේ නෝමල් චරිත විදිහට....

තවත් සමහර අය ඉතින් ගොඩාක් සෙන්සිටිව් අය විදිහට එනවා....

දැන් ඉතින් ඔය එක එක ආකාරයේ චරිත ඉන්න එක මේ සමාජයේ සාමාන්‍ය දෙයක්නේ.....

අද මම කතා කරන්න හිතුවේ ඕනාවට වඩා ඕනෙත් නැති පොඩ්ඩක් වත් නැතුව වැඩකුත් නැති ඔය සෙන්සිටිව් එහෙමත් නැත්නම් සංවේදීතාවය ගැන....

( මේක ලෙඩක් වෙන්නත් පුළුවන් මම දන්නා විදිහට ඒ ගැන ඉතින් ප්‍රදීප් ගේ පිටුවෙන් හෝ සොදුරු සුව අසපුවෙන් කතා කරවිනේ.... )

ඇත්තටම ජිවත් වෙන්න සංවේදී වෙන්නම ඕනද?

රාජකාරී පරිසරයක් තුල වැඩ කරනකොටනම් ඉතින් සෙන්සිටිව් වෙන එක ඕනවට වඩා තිබුනොත් ඒ රැකියාව එපා වෙන එක ගොඩක් සාමාන්‍ය දෙයක් මොකද අලුතෙන් ආව ගමන් හැම වැඩක්ම හරියට කරන්න අපි දන්නේ නැ වගේම එහෙම මොනවා හරි අතපසුවීමක් සිදු උනොත් අහන්න දේවල් නිසා ඕනවට වඩා සෙන්සිටිව් වෙන්න ගියොත් නම් අඩන්න වෙනවා ගොඩක්....

අපේ ජිවිත එක්ක ගෙවෙනකොට සංවේදී නොවෙන අය එක්ක ගොඩාක් වැඩ කරන්න වෙන නිසා අපි ඕනාවට වඩා සංවේදී නොවෙන එක තමා මම හිතන විදිහට හොදම.....

ඔයාලත් ගොඩාක් සංවේදී කෙනෙක්ද? සංවේදී උනහම ඔයාලට ලැබුනේ වාසියක්ද? එහෙමත් නැත්නම් දුකක් විතරක්මද?

.............................................................................................................................

මටත් නොතේරෙන දෙයක් නිසා හිතට දැනෙන නිසා ප්‍රශ්නයක් විදිහට පොඩිම පොඩි පොස්ට් එකක් දැම්මේ....

.............................................................................................................................

ප.ලි  : කතා ලියන්න දන්නේ නැති මම පොඩි කතාවක් ලියන්න ට්‍රයි කරනවා හරි ගියොත් අනිවා දාන්නම්කො.....  එපාද?

42 comments:

  1. මම නම් ටිකක් සංවේදී කෙනෙක්.ඒකෙන් දුක වැඩියෙන් දැනෙනවා මොනවා හරි වුනාම.

    ReplyDelete
    Replies
    1. ඕනාවට වඩා සෙන්සිටිව් උනහහම දුක වැඩි පුර දැනෙනවා කියලා මමත් හිතනවා.....

      Delete
  2. ප.ලි // අයේ මොනා ට්‍රයිද? ලියන්න පොස්ට් කරන්න. හොද නරක කියවන කෙනා අනුව තමයි.

    ReplyDelete
    Replies
    1. try කරන්නේ නම් ලියන්න තමා බලමුකෝ මදාරා.....

      Delete
  3. මුලින්ම අම්මට සුභ උපන් දිනයක්!

    200න් හති වැටිලද? පිස්සු කෙලින්නතිව ඉස්සරහට යමන්. අමාරුමනම් මාරයාගෙනුත් උපදෙසක් ගනින්. හැට පැන්නත් උඩින් යන්නේ කොහොමද කියලා. (මට දැන්ම මාරයා ලඟට යන්න බැරියෝ.. ඒ හින්දා මේක නොදකීවා.)

    කතාවේ හොඳ නරක තීරණය කරන්නේ අපි මිසක් උඹ නෙවෙයි හරිද?

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට මුලින්ම තුති......

      හ්ම්ම්ම් මාරයාගේ පැත්තේ යන්න බයය් මේ දවස් වල.... මාරයා මේ දවස් වල බධු පැක් කරනවා ලෝක විනාශේට එ නිසා බය වෙන්න හේතුවක් නැ... ලියලම බලමුකෝ එහෙමනම් ඉතින්.....

      Delete
  4. මම නම් ගොඩක් සංවේදි කෙනෙක් හැබැයි නිතරම නෙමෙයි. ජිවිතේ සමහර අවස්ථා වලදි අපි හැමොම නොදැනුවත්වම හෝ සංවේදි වෙන වෙලාවල් තියෙනවා. සංවේදි නැත්නම් සෙන්සිටිවු නැතිව කෙනෙක්ට ජිවත් වෙන්න අපහසුයි මම හිතන්නෙ.

    අර අන්තිමට කිවුව දේ නම් ඉතින් කතාව ලියන්න කොහොම හරි අපි ඉන්නවානේ කියවන්න.

    ReplyDelete
    Replies
    1. ජිවිතේ සමහර තැන වලදී නම් අපිට සංවේදී නොවී පවතින්න අමාරු අවස්ථා නම් ගොඩක් එන්න පුළුවන්,... එත් හැමවෙලේම සෙන්සිටිව් වෙනවා නම් එතන ප්‍රශ්න දුක් ඇති වෙන ඉඩ වැඩියි.... එත් සමහර අයට එක හදා ගන්න ටිකක් අමාරුයි.....

      හ්ම්ම්ම් එල

      Delete
  5. සෙන්සිටිව් උනාට කමක් නෑ, හැබැයි එලියට පෙන්නන්නෙ නැතිව ඉන්න ඉගන ගන්න ඕන. නැත්නම් අනිත් අය ඒකෙන් ප්‍රයෝජන ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. සමහර අයට බැරි ඕකම තමා ඉතින්... එත් එකට ඒ අයට මුකුත් කියලා වැඩකුත් නැ ඒ අය පුරුදු වෙලා ඉන්නේ එහෙමනම්.. එත් ටිකක් අවබෝධයෙන් ඉන්න එක වැදගත්...

      Delete
    2. සම්පූර්ණයෙන් එකඟයි ඒ කථාවට.

      Delete
  6. සුභ උපන්දිනයක් වේවා.

    අපි ඊයෙ උපන්දිනයක් සැමරුවා. බලපං මගෙ පෝස්ටුව

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අගය කල යුතු වැඩක්..... බ්ලොග් ලියන සෙට් එක එකතු වෙලා කරමුද තවත් මෙහෙම වැඩක්.... දවසක් මෙහෙම අයත් එක්ක ඉන්න එක ඒ අයට සතුටක් වගේම අපේ හිත වලටත් සතුටක් ගෙනේවි.... කරනවා නම් පුළුවන් උපරිමයෙන් සහයෝගය...

      Delete
    2. ඔව් දේවා. අලුත් අදහස් එක්කම කට්ටිය පෙල ගැහෙයි වගේ...

      බලමු වෙනසක් කරන්න. කට්ටියට කතා කරමු..

      Delete
    3. මේක කරන්න අමාරු වැඩක් නෙමේ... කල් ගන්නේ නැතුව කරන්න පුලුවන්නම් වටිනවා..... සෑමා මේකේ වැඩේ එහෙමනම් පටන් ගනිමුද එකතු වෙලා

      Delete
  7. ammata happy birth day ...!
    kiyala mama kiwwa kiyanna...

    blog eke comment karanne 1 wathawata...
    hoda blog ekak...

    jaya...!

    www.katumatige.blogspot.com

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මුලින්ම.... මම අනිවා කියන්නම්කො..... ජේන් ජයම වේවා....

      Delete
  8. අම්මට සුභ උපන් දිනයක්! කියන්න.
    ජීවත් වෙන්න සංවේදීකම ඕනම නෑ. ඒ උනාට ජීවිතේ විඳින්න/ විඳවන්න සංවේදීකම ඕනමයි. ඕනවට වඩා සංවේදී උනාම දුක /වේදනාව දැනෙනව වැඩියි. ඒ වගේම සතුටත් දැනෙනව වැඩියි.. ඒක හොඳයි/නරකයි..

    ReplyDelete
    Replies
    1. හොද පැහැදිලි කිරීමක්... එත් ඕනාවට වඩා සංවේදී වෙන්න ගියහම මම නම් හිතන්නේ ගොඩාක් වෙලාවට දුක වැඩියි.... එත් සවෙදී නොවීමත් හරි යන්නේ නම් න මම හිතන්නේ.... එත් ඕනාවට වඩා ඕනෙම නෑ

      Delete
  9. සංවේදී කියන එකෙන් මම අදහස් කරන්නෙ නම් මේ කියල තියෙන එක නම් නෙවෙයි... සංවේදී වෙනව කියන්නෙ දුක් වෙනව කියන එක නම් ඒ සංවේදී කම නැති තරමට හොඳයි... :)

    ReplyDelete
    Replies
    1. මමත් මෙතන නම් සංවේදී වෙනවා කියන්නේ දුක් වෙනවා කියන එක කියන්න නම් අදහස් කලේ නැ... මම කිවේ ඕනාවට වඩා සංවේදී වෙන්න ගියහම පුංචි දේටත් ගොඩක් හිත රිදිලා දුක් විදින්න වෙන්න ඉඩ තියනවා කියන එකයි....

      Delete
  10. මල්ලිලෑ අම්මට සුබ උපන්දිනයක් වේවා !
    සංවේදි වීම ගැන නම් කතා කරන්න දෙයක් නෑ. මාත් සෑහෙන සංවේදියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා ගොඩාක්...... අහ්හ් එක නම් ටිකක් භයානකයි මම හිතන්නේ නම්

      Delete
  11. අම්මට සුභ උපන්දිනයක් වේවා.
    මමත් ගොඩක් සංවේදී මනුස්සයෙක් බං .. සංවේදී වීම එක වෙලාවකට භයානකයි...

    ReplyDelete
    Replies
    1. අනිවා බන්.... පොඩ්ඩක් ඒ ගැන හිතලා වැඩ කරන එක හොද වෙයි මම හිතන්නේ නැත්නම් ඉතින් ටිකක් දුක වැඩියෙන් විදින්න වෙනවනේ..

      Delete
  12. මනුස්සයෙක් සංවේදී උනාට අවුලක් නෑ. නමුත් ඒ දේ පෙනවන එක වැරදියි. එමගින් ඔබ පෞර්ශත්වයක් නොමැති කෙනෙකු වශයෙන්, සමාජය සලකනවා...

    ReplyDelete
    Replies
    1. පිරිමි කෙනෙක් එහෙම සංවේදී උනොත් පෞර්ශත්වයක් ගැන කතාවක් ගොඩක් වෙලාවට එලියට එනවා කියන එක සමහර තැන වලදී දකින්න ලැබෙනවා... එත් ගැහැණු කෙනෙක් ඕනාවට වඩා සංවේදී උනොත් එක සමහර වෙලාවට හරියට තේරුම් ගන්නත් අමාරුයි මම හිතන්නේ නම්

      Delete
  13. මාතලන්ගේ කතාව හරි.
    ඒ වගේම ඔෆිස් එකේ ඉන්නේ කව්රු කොහොම
    කිව්වත් පැය 8 යාලුවෝ විතරයි..හනේ පනේ
    කියන කතා සැබෑ ජීවිතේ නැහැ ..
    ඒත් අපිත් නැහැ වගේ රැවටිලි කාරයන්ව
    රවටගෙන ඉන්න ඕන..හොරුන්ගෙත් හොරු
    කම්බ හොරු වෙන්න ඕන...
    මම ඇත්ත කිව්වේ ඕන කෙනෙක් ඕන දෙයක්
    මන් ගැන හිතුවට කමක් නැහැ ..
    මන් නම් පාඩන් ඉගෙනගෙන ඉන්නේ ඇති
    පදන් ...

    ReplyDelete
    Replies
    1. අත් දැකීමක් නිසා විරුද්ද වෙන්න යන්නේ නම් නැ එත් මම හිතන්නේ හැම තැනටම නම් හරි යන්නේ නැ... සමහර තැන වල ඉන්නවා පැය 8 යාලුවන්ට වඩා ගොඩාක් සමීප හිතවතුන් වගේ අය.... අපිත් අනිත් අයගේ ගොඩටම වැටෙන එක හැම වෙලාවේදීම හොද නැ නේද?

      Delete
  14. කොච්චර සංවේදී උනත් උන හොදක්නම් නෑ ,,... දුක විතරයි

    ReplyDelete
  15. සංවේදි වෙනවා නෙමේ බං ඉබේම වෙනවා ඒ වගේ අවස්ථාවක. ඒකත් අර යුද්දෙට නැති කඩුව වගේ. සංවේදි වෙන්න ඕන තැන සංවේදි නොවී මොන මගුලක් කරන්නද???

    ReplyDelete
    Replies
    1. සන්වෙදී වෙන්න ඕනා එහෙම තැන වලදී..... නමුත් ඒ තැන වලදීත් ඕනාවට වඩා වෙන්න ඕනේ නැ මම හිතන්නේ

      Delete
  16. සංවේදි කමත් කාසියක දෙපැත්ත වගෙයි...වාසී අවාසී..
    මම දකින්නේ ඒකෙ වාසි විතරයි

    ReplyDelete
    Replies
    1. එහෙම ඉන්න පුළුවන් කියන්නේ ගොඩාක් ලොකු දෙයක්......

      Delete
  17. මමත් බොහොම සංවේදී චරිතයක්...විශේෂයෙන් තවත් කෙනෙකුගේ වේදනාවෙදි...

    සංවේදී කමට වටිනාකමක් තියෙන්නෙ තවත් සංවේදී අය ඉන්න තැනකදි විතරයි... සංවේදී නොවන අය ඉදිරියේ සංවේදීතාව විහිලුවක් වෙන්න පුලුවන්...ඒ නිසාම සංවේදී විය යුතු සහ නැති තැන් පිළිබදව හොද අවබෝධයක් ජීවන අත්දැකීම් ඇසුරෙන්ම උකහා ගැනීම වැදගත්...

    ReplyDelete
    Replies
    1. සිරාගේ සංවේදී කම ඒ ජිවත් වෙන විදිහ ගැන ගොඩක් මම සිරාගේ කාමරේදී අත් විදිනවා.... ඇත්තටම එකගයි ඔබ සමග

      Delete
  18. ගුණයහපත් මිනිස්සු තනන්න පුරුදු කරගතයුතු/ කළයුතු එක මෙයයි! හැබැයි බරපතල sideeffect සහිතයි!

    ReplyDelete
    Replies
    1. නමුත් ඕනාවට වඩා සංවේදී වීම ගොඩාක් වෙලාවට ප්‍රශ්නයක මුලක් වෙන්න පුළුවන් අද කාලේ සමාජයේ...

      Delete
  19. ඉස්සෙල්ලාම කියන්න ඕනේ අයියගේ ආදරණිය අම්මට සුභම සුභ උපන් දිනයක් වේවා කියල.නිදුක් නිරෝගී සම්පත් ලැබී යෙහෙන් බෙලෙන් වැජබේවා කියල ඉතා සිතින්ම පතනවා....

    මනුස්සයෝ හැටියට අපි හැමෝම තුල සංවේදීතාව යම්තාක් දුරකට හෝ තියෙනවා.මගේ අදහස නම් ඕනවට වඩා සංවේදී උනාම සමහර දේවල් වලදී අපි අන්ධ වෙනවා කියන එකයි.ඕනෑම දෙයක් ඕනවට වඩා හොද නෑ කියනවනෙ.අපේ සංවේදීතාවෙන් යුතු ප්‍රයෝජන ගන්න මිනිස්සුත් අද කලේ ඉන්නවා.සංවේදිතාවත් හැගිමක්නේ.හැගීම් වලට වහල් නොවී හැම දේකදිම බුද්ධිමත්ව හිතල වැඩ කලොත් අපිට වරදින්න දුක් වෙන්න වෙන අවස්ථා අඩු වේවි...

    ReplyDelete
  20. අම්මට සුභ උපන් දිනයක්!
    (පරක්කු වෙලා වුනත්)
    මනුස්සයෙක් උනහම සංවේදී කම තියෙන්න ඕන ,එහෙම නෑ කියන්නේ ඒ දරදඩු හිතක් !

    ReplyDelete
  21. අම්මාට සුභම සුභ උපන් දිනයක්....(වැඩිය පරක්කු නැතුව ඇති කියල හිතනවා :) )
    හැම මනුස්සයෙක්ම සංවේදි විය යුතුයි...ටිකක් හරි.නැත්නම් ජිවත් වෙන්න හරිම අමාරුයි.
    ඒ වගෙම තමයි වැඩිය සංවේදි වෙන්නත් හොඳ නෑ.ඒකෙන් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.
    මධ්‍යස්ථව හිටියා නම් කරදර අඩුයි.හැබැයි ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා :)

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....