ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

18 December, 2012

face book ඉන්නේ වැරදි කරන අය විතරමද?

ලංකාවේ වගේම ගොඩාක් තැන් වල අන්තර්ජාලය කිවොත් මුලින්ම වැඩිපුර භාවිතයක් තියෙන්නේ සමාජ ජාලා එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් එකට එකතු කරවන වෙබ් අඩවි වැඩිපුරම පරිශීලනය කරන වෙබ් අඩවි අතරේ තියනවා.....

මොන ක්‍රමය දාලා උනත් නවත්වගන්න බැරි xxx අඩවි වලටත් ඔය ගොඩක් දෙනෙක් යනවා කියන එකත් නොරහසක්නේ.....

එත් ලංකාවේ වැඩි පුරම  ඉන්ටනෙට් භාවිතා කරන අය ගෙන් 99.99% ක් විතරම මුණු පොත එහෙමත් නැත්නම් ෆේස් බුක් සාමාජිකයන්...

මුණු පොත එහෙමත් නැත්නම් මේ ෆේස් බුක්ගොඩ නගනකොට මාක් අය්යාටත් හිතෙන්න  නැතුව ඇති මේ තරම් මුණු පොත ජනප්‍රිය  වේවි කියලා......

මුණු පොත අද ලංකාවෙ බාවිතා කරන ගොඩාක් දෙනා එක පාවිච්චි කරන්නේ වැරදි දේවල් වලට විතරමද?
පහුගිය සතියක ලක්බිම පුවත් පතෙත් එක අතිරේකයක පිටුවක්ම වෙන් කරලා තිබුනනේ ෆෙක් ප්‍රොෆයිල් ගැන කියන්න.... ඒ අය කියන විදිහට ෆේස් බුක් එකෙන් කරන්නේ නරක වැඩ විතරමයි......

කවදාවත් කොහෙදිවත් හොද වැඩක් වෙන්නෙම නැ...

ඉන්ටනෙට් පාවිච්චි කරන අයගෙන් 30%ක් 40ක් විතර පුවත් පත් බලනවා ඇති.....

එත් ඉතින් තාමත් ලංකාවේ වැඩියෙන් ඉන්ටනෙට් පාවිච්චි කරන යට වඩා පුවත් පත් කියවන පිරිස වැඩි නිසා එහෙම පුවතක් පල වුන ගමන්ම ෆේස් බුක් ගැන නොදන්නා කෙනෙක් උනත් එක පාරම චිත්‍රයක් ඇදගන්නවා ෆේස් බුක් කියන්නේ වැරදි කරන වැරදි වලට අනුබල දෙන වැරදි කරන අය විතරක් ඉන්න තැනක් කිඅලා..

ඊට පස්සේ ඉතින් දන්නා කියන කෙනෙක්ටවත් ෆේස් බුක් තහනම් කලාපයක් වෙනවා..... එත් ඇත්ත ඔකමද?

ලංකාවේ හොද දෙයක් මාකට් කරනවට වඩා වැරදි දෙයක් මාකට් කරන්න  පුළුවන් නිසාමද මන්දා හොද දේවල් ගැන කිය'වෙනවා අඩු....

ෆේස් බුක් සමාජ අඩවිය නිසා ඒ මගින් ගොඩ නැගුනු විවිද ගෘප් නිසා කොයි තරම් සමාජයට වැඩ දායක දේවල් කරනවද? එත් ඒ දේවල් ඔය තරමට ප්‍රසිද්ද නොවෙන්නේ ඒ කටයුතු වල නිරත වෙන අයට වටින්නේ ප්‍රසිද්දිය නොවේ කරන කටයුත්ත විතරක් වටිනා නිසා වෙන්නත් පුළුවන්... ඒ වගේම හොද දෙයකට මාකට් අඩු නිසා ඒවාගේ ප්‍රවුතිමය වටිනා කම අඩු නිසා වෙන්නත් පුළුවන්.......

මොනවා උනත් මගේ ජිවිතෙටනම් ෆේස් බුක් කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්....

ෆේස් බුක් වල නරක නැත්තේම නැ ගොඩාක් හොදම හොද තැනක් කියලා කියන්නෙත් නෑ මම......

අපි භාවිතා කරන කොට අවබෝධෙන් කරනවානම් ඕනෑම නරක දෙයක් හොද දෙයක් කරගන්න පුළුවන් අපිටමයි...

ප.ලි  : ඔන්න මම මැරුනේ නම්  නැ......

33 comments:

  1. මම නම් ෆේස් බුක් ඉස්සර ඉඳලම පරිස්සමෙන් පාවිච්චි කලා.. පස්සේ අතෑරලා දැම්මා.. කොහොමත් මට අතෑරුනාට පස්සේ ආයිත් පටං ගන්න කම්මැලියි ඔය වගේ වැඩක්...

    නරක දේ තිබුනත් තමන් හරියට තෝර බේර ගන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.. හැබැයි අවුරුදු 15ට අඩු අයට නම් ෆේස් බුක් වැඩක් නැ.. කොල්ලන්ට කෙල්ලන්ට දෙගොල්ලටම... මොකද එයාලට තෝර බේර ගන්න බෑ වගේම අම්මලා තත්තලා එක්ක වලි දාගන්න වයස නිසා ටිකක් හොර කරන්න උත්සාහ කරනවා.. 15දි ඕකට ඉඩ දුන්නම රටක් රාජ්ජයක් ලැබුනා වගේ තමා... ඉතිං අම්මලට ටිකක් මොනිටර් කරන්න උනත් පුළුවන්..

    මගේ ඔක්කොම නංගිලා මල්ලිලා ෆේස් බුක් එකේම තමයි ඕනේ වෙලාවක... මම තමයි උන් කරන කියන වැඩ අල්ලගන්නේ.. හැබැයි අම්මලට තරම් මට බය නැති නිසත්, ඕනේ එකක් මාත් එක්ක කියන්න පුළුවන් නිසාත් උන් ටිකට අවුලක් වෙන්න නොදී මම තියාගෙන ඉන්නවා... කොහොමත් මගේ එකවුන්ට් එකත් දැනට පාවිච්චි වෙන්නේ එයාලා වෙනුවෙන් විතරයි...

    ReplyDelete
    Replies
    1. අවුරුදු 15දි නෙමේ දැන් ඉපදෙනකොටම මුණු පොතේ එකවුන්ට් එකක් අම්මල හදලා දෙන යුගයකට ඇවිත් තියෙන්නේ....

      එහෙමවත් කරලා බාල පරම්පරාව රක ගන්න එක නම් වටිනවා....

      Delete
  2. අඩේ තවම පණ පිටින්!!!!!!!!!!!!! ............. කථාව ගැන කියනව නම් ..... හැදෙන එකා කොහේ හිටියත් හැදෙනවා නැ‍හැදෙන එකා උපන්දා ඉදන් පන්සලේ හිටියත් විනාස වෙනවා ......... කොහොම හරි වේවා හැම දේම තීරණය වෙන්නේ මිනිස්සු ඒ දේ දිහා බලන්න පුරුදුවුන ‍කෝනෙන් .............

    ReplyDelete
  3. පිහියෙන් පාන් කපන්ඩත් පුළුවන්, මිනී මරන්නත් පුලුවන්..

    මම නම් ෆේස් බුක් පාවිච්චියක් නෑ..අර කවුද කිවා මූණට හම්බුනාම ඔරවගන ගිහින් ෆේස් බුක් එකේ හායි එකක් දානවලු.. හෙහ් හෙහ් අබුද්ධස්ස කාලෙ..

    ReplyDelete
    Replies
    1. හි හි ඇත්ත තමයි බං...

      Delete
    2. අපි වෙනුවෙන්වත් එකවුන්ට් එකක් හදමු සෙන්නා.....

      Delete
  4. මටත් දැං මූණු පොත එපා වෙලා.. ඉස්සර නම් කෙල්ලෙක් හායි හූයි ගානවට මාර ආසයි :P
    දැං හිතෙනව මොන බොරු වැඩද කියල

    ReplyDelete
    Replies
    1. වෙලාවකට එහෙම උනාට වෙලාවකට නම් මට ගොඩාක් වටිනවා.... හැබැයි ඔය කෙල්ලෝ නිසා නම් නෙමේ..

      Delete
  5. ලක්බිමේ නම් තිබුනේ ‍ෆේක් ‍ප්‍රොෆයිල් මුහුණු පොතේ උප සංස්කෘතියක් වෙච්ච එක ගැන. මවුබිමේ නම් දෙනවා සතිපතා එෆ් බි එපා වෙලා යන්නම.
    එත් ඉතින් අපි වැඩිපුර කරන්නේ එපා කියන දේ නිසා අපි තවමත් ‍එෆ් බි එනවා :)

    ReplyDelete
    Replies
    1. හරියට ඉන්නවනම් ඔය මොන දේ උනත් මහලොකු ප්‍රශ්න නම් නෙමේ තමයි...

      Delete
  6. කතා කල යුතු මාතෘකාවක්..!
    යහපත් පැතිකඩයන්, මෙහෙවර පත්තරයෙ පල වෙන්න ඇයි මෙච්චර ප්‍රමාද..
    ස්තූතියි ලිපියට..

    ReplyDelete
    Replies
    1. ඒ දේවල් මාකට් කරන්න අමාරු ඇති... මොකද මිනිස්සු ගොඩාක් කැමති කුණු රසට නිසා වෙන්න ඇති........

      ස්තුතියි.....

      Delete
  7. සෙන්නා කිව්ව වගේ පිහියෙන් පාන් කපන්න වගේම මිනී මරන්නත් පුළුවන්. ඒක භාවිතා කරන විදිය අනුව

    ReplyDelete
    Replies
    1. එක නම් ඉතින් සහතික ඇත්ත.....

      Delete
  8. ඇමරිකාවයි කැනඩාවයි එකම විදියට තියෙන රටවල් දෙකක්..නමුත් මිනිස්සු වෙනස්...කැනඩාවෙ මිනිස්සු ගේම් ගැහුවාට...චිත්‍රපටි බැලුවාට ඇමරකිාවෙ වගේ ප්‍රචන්ඩ වෙලා නැහැ...ඒ අය බොහොම සාමකාමියි...කෙනෙක් කියනවානං ඇමරිකාවෙ දරුවො නාස්ති වෙලා තියෙන්නෙ ඉන්ටනෙට් සහ ෆිල්ම් නිසා කියලා එතකොට ජපානෙ, කොරියාව, කැනඩාව ගැන මොනවාද ඔබලා කියන්නෙ...

    ඉන්ටෙනෙට් කඳුලක් වත් නැති ඉන්දියාවෙ නොදුටු පැතිවල ළමා අපචාර, මානසික අපචාර විවිධ අපරාද කොයිතරම් වෙනවා ඇත්ද? ඒවා ගැන කතා නැහැ...
    කොහොමත් වර්ථමාන රජයට සම්මාන කාර් දීලා නම්මගන්න බැරි එකම තැනක් තමයි සයිබර් එක...සයිබර් තහනමක් ගේන්න හෝ සයිබර් සීමා කිරීමකට යන්න පුවත්පත් විසින් අවශ්‍ය රජතුමාගේ පස්ස සේදීමේ කටයුත්ත සාර්ථකව මේ දිනවල කරගනෙ යනවා...

    ReplyDelete
    Replies
    1. කතාව සහතික ඇතත.... එත් ඔය කියන දේ කරගන්න පුළුවන් වෙයිද?

      Delete
  9. හැමදේම දෙපැත්තක් තියෙනවා. මූනු පොත විතරක් නෙමේ අන්තර්ජාලය උනත් හොද දේවල් වලට යොදවන්න පුලුවන් වගේම නරකටත් යොදවන්න පුලුවන්. සෙන්නා කියපු උපමාව මාත් පිලිගන්නවා.

    ReplyDelete
    Replies
    1. අනිවා........ ගොඩක් තැන වල වගේ නරක විතරයි කියලා හිතන එක නම් වැරද්යි මම නම් හිතන්නේ...

      Delete
  10. හැම එකටම වගේ ෆේස් බුක් රැල්ලත් නවතින කාලයක් එයි බං.

    ඉස්සර බුකිය අපිට පට්ට ආතල් චැට් කරන්න. දැන් චැටට එකෙක් එද්දි මල පනිනවා නේද?

    දැන් අපි බුකිය පාවිච්චි කරන්නේ මාකටින් වලට කියල තේරෙන්නෙ නැද්ද උබට ;)

    ජය !

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් තව අවුරුදු දෙක තුනක් මේක පාවිච්චි කරාවිනේ...... අහ්හ් කිවත් වගේ එහෙම දේවල් විතරනේ අපි කරන්නේ දැන්....

      Delete
  11. මේක හරියට භාවිතා කරත් කාගේ හරි ඔත්තුවකින් නිරපරාදේ මුණු පොතෙන් ගැලවෙන්න උනත් පුළුවන්. සකර්බරග අයියා ඒ මුක්තිය තියාගෙන ඉන්න හින්දා. මම අහිංසකයා මොනවත් නොකරත් මාව දවස් 30 කට එළවල නෙව..

    ReplyDelete
  12. මේක නම් කාලීනව කතා කලයුතු ගොඩක් වැදගත් මාතෘකාවක්...
    බොහෝ දෙනෙක් හිතන්නේ ෆේස්බුක් කියන්නේ නරකම නරක මුඩුක්කුවක් වගේ තැනක් කියල.ෆේස් බුක් වල තියන හොද පැත්ත ගැන කතා කරන්න පෙලබෙන්නේ බොහොම අල්පයයි,අයිය කිව්වා වගේ ඒ දේවල් ප්‍රචාරය වෙන්නෙත් බොහොම අඩුවෙන්.ඒක ඉතින් මේ සමාජයේ හැටිනේ.හොද දේට වැඩිය ප්‍රචාරයක් තියෙන්නේ නරක දේටනේ.කොහොම උනත් පුද්ගලිකව මගේ පැත්තෙන් ගත්තොත් මම නම් නිතරම වගේ ෆේස් බුක් ඉන්නවා ජංගම දුරකතනය හරහා.හැබැයි චැට් කරන්නවත් විකාර ශෙයා කර කර ඉන්නවත් නෙමෙයි.අලුත් දේවල් ගැන දන ගන්න,ෆේස් බුක් ගෘප් හරහා ඒවල තියෙන දැනුම ලබා ගන්න උදවු කරන්න සහ දුර බැහැර ඉන්න යාළුවොත් එක්ක සම්බන්දකම් පවත්වා ගන්න.පණිවිඩ හුවමාරුවට වගේ ආර්ථික අතිනුත් සමාජීය අතිනුත් වටිනා,වැදගත්දේවල් වලටයි.ඕක ඉතින් කොච්චර කිව්වත් අපේ දෙමවුපියන්ටත් වෙලාවකට තේරෙන්නේ නෑ.මොකද බාහිරින් පෙනෙන දේ තුල නිතරම දකින්නෙ විකාර,විනාශයන් ගොඩක් නිසා බොහෝ දෙනෙක් හිතන්නේ ෆේස්බුක් කියන්නෙ බොහොම නරක තැනක් කියල...

    මෙවැනි ලිපියක් ලිවිම ගැන අයියට ගොඩක් ස්තුතියි !!!
    ජයම වේවා !!!

    ReplyDelete
  13. මොනා කියන්නද? හොද නරක දෙකම තියේ.

    ReplyDelete
  14. කොයි දේත් සීමාවක් ඇතුව සිහි බුද්ධියෙන් පාවිච්චි කලාම හරි. :) ජය වේවා..

    ReplyDelete
  15. මම නම් ඉතින් ඕනවට වඩා ඇබ්බැහි වෙලා ඉන්නේ ඕකට..
    කමක් නෑ ඉතින් වෙනව් වැඩ නැති නිසා...:D

    ReplyDelete
  16. මම දැනුවත්ව කිසිම වැරදි දෙයක් බුකියේ වෙන්නේ නැහැ බන් ෆේක් උන් අතින් වුනත්.

    ReplyDelete
  17. හ්ම්ම්... ෆේස්බුක් කියන්නෙ මටත් ගොඩක් වටිනා දෙයක්.. මම ආස දෙයක්... හොඳ නරක දෙකම නම් තියෙනවා.. හැබයි අම්මලට නම් පේන්නෙ නරක විතරමයි...

    ReplyDelete
  18. කාමරේ දොර ඇරියට පස්සෙ මම නම් මූණුපොතේ ඉන්නෙ බොහොම සුළු වෙලාවයි...මූණු පොතට ඇබ්බැහි වෙච්ච අය මමත් දැකලා තියෙනවා...පව් ඉතිං කාගෙ හරි දරුවෙක්නෙ...

    ReplyDelete
  19. අලේ මංදා... මංනං ඔය පේස් බුකියේ නැත්තෙ ඕකෙ වැඩගැන වැඩිය දන්නැති නිසා.. ඒම කියන්නත් නිකං ලැජ්ජයි වගේ...:)
    මං අදමයි මේ පැත්තෙ ආවේ..
    ඔන්න මං ඔයාගෙ ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න ගැජට් එක දාගත්තා..

    ReplyDelete
  20. මටත් තාමනම් කියන්න තරම් අවැඩක් වෙලා නෑ ඕකෙන්....

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....