ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

28 December, 2012

රියදුරු බලපත්...... ලංකාවේ

කොහොමෙන් කොහොමහරි දේවා ත් බයික් වලට විතරක් තිබුණු ලයිසන් එක වෙනුවට සැහැල්ලු වාහන , ත්‍රි විල් කියන වාහන පන්ති වලටත් රියදුරු බලපත් ගත්තනේ... ඔන්න ඒ කාලේ උණු දේවල් එක්ක ලංකාවේ රියදුරු බලපත්‍ර ගැනීමේ ක්‍රමය ගැන මම දකින හැටියට කතා කරන්න හිතුවා......

රියදුරු බලපත්‍ර මුකුත්ම අරගෙන නැති කෙනෙක්ට නම් ඉතින් මුලින්ම රියදුරු පුහුණු පාසලක ලියාපදිංචි වෙලාම ලයිසන් එක ගන්න යනවා නම් හොදයි කියලා මට නම් හිතෙනවා... (එක හිතෙන්නේ මටනේ )

මොනවා කලත් මුලින්ම මෙඩිකල් එකක් එහෙම අරගෙන මොනවා හරි අසනීප එහෙම තියනවද බලාගෙන බ්ලඩ් ගෘප් එක එහෙම හොයාගෙන වැඩේට රෙඩි වෙන්න වෙනවනේ..... එහෙම රෙඩි වෙලා ඉතින් තමන්ගේ ප්‍රදේශයේ රියදුරු බලපත් නිකුත් කරන තැනට ගිහින් එක්සැම් ලියන්න එහෙම වෙනවනේ ඒවාටත් ලෑස්ති පිට ඉන්න ඕනා.....

දැන් නම් ඉතින් ෆොටෝ එහෙම එතනින් ගන්න නිසා (එත් මෙහෙ අය නම් ෆොටෝ ගන්නේ නිකන් මහා ලොකු වැඩක් කරනවා වගේ.... ඔහේ ගන්නවා... මොනවා කරන්නද ජීවිතේටම ගන්න ලයිසන් එකේ ෆොටෝ එක නම් ගොඩක් අප්සට් ඒ ගන්න ගනිල්ලටනම්....)

ෆින්ගර්පින්ට් එහෙම තියලා එක්සැම් එක ලියන්න වෙනවා ඊට පස්සේ..... ප්‍රශ්න 40ක බහුවරණ පේපර් එකක් (එකේ හිනා මුණු නම් දාලා නැ ... එත් සමහර ඒවාගේ උත්තර ලකුණු කරලා වගේ තමා තියෙන්නේ.... එහෙම නැතත් ඉතින් තියෙන්නේ පේපර් දෙක තුනක් විතරයිලු ඒවා එක එක අයට මාරු කර කර දෙනවාලු....

ඕක ඉතින් කලින්ම ලැබෙනවලු...... එහෙම ලැබුනත් නොලැබුනත් ඉතින් එකට ලියන එක නම් ඉසි ගේමක්.... මට නම් එක ලියන්න පැයක් තිබුනත් ගියේ විනාඩි 5ක් විතරයි.....

ගාස්තු..

මේක නම් අනිවාර්යෙන්ම ශාන්ශෝධනය වෙන්න ඕනා මම හිතන්නේ නියමිත ගාස්තු ක්‍රමයක් එක්ක.....

දැනට මේක රියදුරු පාසල් වල අබිමතය පරිදි වෙන නිසා එකට නියමිත මිල ගණනක් නම් නැ...... රියදුරු පාසල් වල පැවිමට ගාස්තු වෙරියබල් වෙන්න ඕනා උනත් ඕනාවට වඩා ඒවා අතර ගැප් එකක් තිබුනොත් නම් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්....

මේ මම දැකපු එක තැනක මිල ගණන් කීපයක්.....                              තවත්තැනක

සැහැල්ලු වාහන , යතුරු පැදී ,ත්‍රි විල්  = 19000.00                                           15500.00
සැහැල්ලු වාහන , ත්‍රි විල්                   =  15500.00                                           14500.00
සැහැල්ලු වාහන ,යතුරු පැදී              =  14500.00                                           12500.00
යතුරු පැදී                                         = 10500.00                                             9000.00


එත් ඇත්තටම ගන්න ගාස්තු මෙහෙමයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සයිට් එකේ නම් තියෙන්නේ....


සමහර තැන වල මිල ගණන් මීටත් වඩා වැඩි ඉහල මට්ටම් වල පැවතීම නිසා මේවා හැම එකකටම මිල පරාසයක්වත් තිබුණ නම් ගොඩක් හොදයි කියලා මම නම් හිතනවා... කොහොමද එක්කෙනෙක්ගෙන් ගන්න ගැන පුහුණු පාසල...

මේ ගාස්තු හැම එකටම (ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවද දන්නේ නම් නැ) මෙඩිකල් රිපෝට් චාර්ජස් (අදාළ ඩොක්ටර් ට . ඒවාත් එක එක ලර්නස් එකෙන් කියන ඩොක්ටර් ම තාමා ) රු 700.00

විභාගේ ලියලා මාස තුනක් ඉන්න වෙනවනේ ට්‍රයල් වලට ඒ වෙනකන් එල් ප්‍රමිට් එකකින් එල් බෝඩ් ගහගෙන යන්න පුළුවන්... එකට එල් බෝඩ් එකට රු 500.00 (ලනrස්  එකට )

මිට අමතරව ට්‍රයල් දවසේදී ඒ කියන්නේ වාහන පදවන්න පුළුවන් කියලා පරීක්ෂක ඉදිරියේපදවන දවසෙත් විශේෂ ගාස්තුවක් රියදුරු පාසල මගින් ලබා ගන්නවා.. එය කලින් පරීක්ෂක ගාස්තු උවත් දැන් වාහන ගාස්තු විදිහට වෙනස් වෙලාලු... දවසකට එක පරික්ස්කයෙකු හට 60 දෙනෙකුගේ උපරිමයට යටත්ව පරික්ෂා කර බැලිය හැකි වන අතර වාහන පන්ති තුනටම (බයික් , සැහැල්ලු , ත්‍රිවිල් ) ඉදිරිපත් වන්නේ නම් බයික් සදහා - 1000.00 , ත්‍රිවිල් - 1300.00 සැහැල්ලු - 1500.00  මේ තුනටම ඉදිරිපත් වන නම් එක පරික්ෂකයකුට 60ක් දිනකට පරික්ෂා කල හැකි බැවින් = 60 * (1000 + 1300 + 1500 ) , = 60 * 3800 , = 228000.00

මේ හැමදාම මේ තුනටම එක පාර ගන්න 60ක්නැති වෙන්න පුළුවන් එහෙම උන්නොත් දවසකට 228000ක මුදලක් වාහන ගාස්තු විදිහට එකතු වෙනවා.. මම දන්නා විදිහට (වැරදි වෙන්න පුළුවන් ) ඒවා රජයට යන මුදල් නෙමේ... ඒ රියදුරු පාසල පරීක්ෂක අතරේ බෙදී යන මුදලක්.... ඇත්ත කොහොමද කියලා හරියටම දන්නේ ඉතින් ඒ අය තමා සමහර විට ඒවා රජයට යනවා ඈති...එත් මේ මම කිවේ දවසකගාස්තුව....මාසෙකට එහෙම නෙමේ.

මොනවා උනත් මම නම් කැමති ඔය ලයිසන් ගන්න ගන්න ගැන 50000ක් විතර වෙනවට.... එතකොට රටේ වෙන තරමක්  වෙන අනතුරු වලින්  80%කම නැත්තටම නැති කරගන්න පුළුවන් එහෙම උනොත්... මොකද ඔය හදිසි කාරයෝ ගොඩාක් එතකොට ලයිසන් ගන්න එක අඩු වෙයිනෙ.... ( ඊලග අය වැයෙන් මේකත් වේවා )


ලබන  අවුරුදෙදේ ඉදන් ලයිසන් ගන්න සාමාන්‍ය පෙළ ප්‍රතිපලත් බලනවලු  (එක වැඩක් වෙන්නෙත් නැ ඉතින් සම්පත් සර්ලා ඉතින් පිනට ලකුණු 19-20 දීලා හැමෝම පාස් කරවන්නේ.....

මම හිතන විදිහට නම් සාමාන්‍ය පෙළ ප්‍රතිපල බලල එක්සැම් එකෙන් පාස් අයට රියදුරු බලපත්‍ර ලබා දෙන එකේ හොද වගේම නරකත් තියනවා....

ඉගන ගන්න විදිහක් නැතුව ඉන්න කෙනෙක්ට කවදාවත් එතකොට රියදුරු රැකියාවක්වත් කරන්න වෙන්නේ නැ..... සාමාන්‍ය පෙළ සමත් අය රියදුරු අංශයේ රැකියා වලට ගන්න වෙනවා...

නීති ගරුක රියදුරු පිරිසක් බිහිවෙන්නත් ඉඩ තියනවා.. මොකද හැමෝම ඉතින් අද්යපනේ ලබපු අයනේ....

ලංකාවේ රියදුරු බලපත් ලබා ගැනීමේ ක්‍රමයගැනමොකද හිතන්නේ.... 

39 comments:

  1. ලර්නර්ස් වල නම් තියෙන්නේ අමුතුම මාෆියාවක්. හරියට ඇස් පෙන්නේ නැති කෙනෙකුට උනත් ඔය මෙඩිකල් එක නම් පාස් වෙලා ලයිෂන් ගන්න පුළුවන් කොහොමටත් මොනවා තිබුනත් ලර්නර්ස් එකේ සිල් එක නැත්තම් ට්‍රයල් එක පාස් වෙන්න ටිකක් අමාරුයි.
    ලයිෂන් එක ගන්න සාමාන්‍ය පෙළ ප්‍රතිපල බලනවා කියන්නේ නම් මහා බොරු වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. මොකද ඉගනගත්ත හැම එකාටම විනය කියලා එකක් තියෙනවා කියලා හිතන එක මහා විහිළුවක්.

    ReplyDelete
    Replies
    1. විනයක් හැම කෙනෙක්ටම ඉගන ගත්තා කියලා තියනවා කියලා මම විශ්වාස කරන්නෙත් නැ.. මොකද වෙන තරමක් අනතුරු වෙලා තියෙන්නේ ඕලෙවල් ෆේල් උණු අයගෙන් නෙමේනේ.. ලොකු ලොකු ඩිග්රි ගත්තු අයත් මත් වතුරෙන්, නොසැලකිල්ලෙන් අනතුරු කරගන්නවනේ...

      Delete
  2. වැදගත් පෝස්ට් එකක්. :)

    ReplyDelete
  3. ලර්නර්ස් කාරයෝ බලන්නේ කගේ හරි මාළු කන්න , ට්‍රයල් දවසට උගන්නන එකාට කිඉයක් හරි දුන්නම ට්‍රයල් ගොඩ නැත්නම් දෙතුන්පාරක් රස්තියාදු කරලා තමයි දෙන්නේ

    ඇත්ත ගණන් දාපු එක හොදයි දැනගන්න

    ReplyDelete
    Replies
    1. ඇතත ගණන් මම ල්රනස් යන කාලේ නොබලපු එක ගැන නම් දුක් වෙනවා... මොනවා උනත් ඉතින් මේ ගැන දැනුවත් වෙන එක හොදයි... එත් ඉතින් දැන් මම මෙහෙම කිවා කියලා ගණන් කියන්න ගිහින් රියදුරු බලපත්‍රය ගන්න අමාරු උනොත් මට බනින්න එපා

      Delete
  4. කතා කරලා වැඩක් නෑ බං..
    මාත් පෝලිමේ කට්ට කාලා විබාගේ ලියන්න දින ගත්තා..
    විභාගේ දවසේ විනාඩි පහක් පරක්කු උනා කියලා ලියන්න දුන්නෑනේ...
    ආයේ විභාගේ විතරක් ලියන්න විදිහක් දන්නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. එහෙම ලියන්න නොදී ඉන්න කිසිම හේතුවක් නැනේ... හැබැයි විභාගෙට කලින් ෆින්ගර් ප්‍රින්ට් ගන්න වැඩ එහෙම කරනවනේ... ඒවා 12 විතර වෙනකන් විතරද මන්දා කරන්නේ..එත් ඒ ඔන්ලයින් කරන තැන වලනේ (වෙරහැර . කුරුනෙගල ) මේක උනේ කොහොමද? මොකද ඒ ලෙවල් වලටත් ඉතින් 15 විතර සහන කාලයක් දෙනවනේ...

      ආයේ එක්සෙම් වලට දිනයක් දාගන්න තමා වෙන්නේ... ෆේල් උන අයටත් ආයේ ලියන්න දෙනවනේ.... රියදුරු පාසලක් හරහා නෙමේද ගියේ.. එහෙම නෙමේනම් මම කියන්නේ එහෙම යන්න.....

      Delete
  5. ප්‍රශ්න පත්තර වල තියෙන්නෙ එකම දේ, ඒව කලින් බලන්න හම්බ වෙනව කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි... කොහොමත් තර්ක කරල ලියන විබාගයක් නෙවෙයි නෙ... වෙන එකක් තියා කැන්ගරුලන්තෙත් ටෙස්ට් එකට එන්නෙ ඔන්ලයින් ට්‍රයල් ටෙස්ට් එකේ තියෙන ප්‍රශ්නම තමයි, කිසි වෙනසක් නැහැ... එකක් දෙකක් තමයි වෙනස් වෙන්නෙ... වඩා වැදගත් මොන විදිහකින් හරි ඒ ප්‍රශ්න වලට උත්තර රියදුරා මතක තබා ගැනීම... මොනව හරි තැනකදි ඒක ඕන වෙන්න පුලුවන්... හිතා මතා ඒ දේවල් අමතක කරල ඩ්‍රයිව් කරන අයට නම් ඒක අදාල නැහැ...

    මං ලංකාවෙ ලයිසන් ගත්තෙ අවුරුදු 10ට විතර කලින්... ට්‍රයල් දවසෙ මගෙ එග්සැමින' මං රිවස් කරන විදිහ ගැන කතා කලා, ටෙස්ට් එක ඉවර වෙලා ටෙම්පරිය අතට දීල "පරිස්සමින්, වගකීමෙන් ඩ්‍රයිව් කරන්න" කියල කිව්ව... ඊට මාසෙකට විතර පස්සෙ මං වාහනේ හප්ප ගත්ත (වැරැද්දෙන් බාගයක් මගේ), හැබැයි එච්චර තමයි ... :)

    ReplyDelete
    Replies
    1. පේපර් එක කලින් දීලා උත්තරත් දෙනවා නම් ඉතින් එක නොතියා ඉන්න එක හොද නැද්ද..... අපරාදෙනේ එකට මුදල් වියදම් කරන්නේ.... ඒ වෙනුවට ට්‍රයල් එක වෙලාවේම මාර්ග සලකුණු ගැන වාචික පර්ක්ෂණයක් එක්කම ට්‍රයල් එක ගත්තනම් හොදයි මම හිතන්නේ....

      ගොඩාක් දුරට හෙව්වේ නැති උනත් නොමළි අනතුරක් රියදුරු බලපත් ගත්තු අලුතම වෙනවනම් එකට පරික්ෂකගේත් වගකීමක් තියනවා නේද?

      Delete
  6. වැදගත්
    ඕ/එල් පාස් ඈයින්ට විතරක් දෙන එකනම් මෝඩයි නේ?
    ලගඳි ලසිසන් ගන්න ඕනෙ.බොරු මොකටද, කෙලින් පාරක් ඩ්‍රයිවිං පුලුවන්
    මචෝ..බ්ලොග් පෝස්ට්වල් කළු සුදු බේදය ඇස්වලට අමාරුයි..මට විතරක් වෙන දෙයක්ද දන්නේ නෑ හැබැයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ ගැන නම් මිට කලින් කවුරුවත් කියලා නැ.... කෙලින් විතරක් ගිහින් වැඩක් නැ හැබැයි... මොකද රිවස් කරන්න වංගු පාරවල් වල යන්නත් වෙනවනේ...

      ඕලෙවල් එකේ හොද වගේම නරකත් තියනවා මම නම් හිතන්නේ...

      Delete
  7. ලර්නර්ස් වලින් නම් මම දන්නා හැටියටත් හෙන මංකොල්ලයක් වෙනවා මචන්..
    සමහර පරීක්ෂකයෝ බයික් එකෙන් 8 ගහන එක බලන් ඉන්නෙත් නැහැ..
    හැබැයි බං ලයිෂන් එක 50000ක් කරනවා නම් ආසයි කියපු එකට නම් මගේ දැඩි විරෝධය !! :D

    ReplyDelete
    Replies
    1. කවදාවත් අපිට පාරක 8 ගහන්න වෙන්නේ නැති නිසා එකෙන් බලන්නේ බැලන්ස් එකේ යන්න පුලුවන්ද කියන එක නිසා ඒ දිහාම බලාගෙන ඉන්න ඕනා කියලා හිතන්නෙත් නම් නැ මම...

      500000ක් කරපුවහම වාගකිමෙන් වැඩ කරනවා වගේම අර පොයින්ට් කපන වැඩෙත් ඉක්මනට එනවනම් ගොඩක් වැරදි අඩු වෙයි..

      Delete
  8. මාත් ඉක්මනට ලයිසන් එක ගන්න ඕන එත් වාහනයක් නැහැනේ තාම.

    ReplyDelete
    Replies
    1. අලියට කලින් හෙන්ඩුව අරගෙන තියාගෙන ඉන්න එක හොදයි... නැත්නම් අලියා ගත්තු කාලෙක එකා එහෙ මෙහෙ යනකොට පාලනය කරගන්න විදිහක් නැති වෙනවනේ.... අනික ඔන්න එකත් ආයේ ගණන් වැඩි වෙනවලු..... ඒ නිසා කලින් ගන්න එක හොදයිනේ

      Delete
  9. හොද වෙලාවට මම ඕක ගත්තෙ 2003 දි... (සැහැල්ලු වාහන/තුන් රෝද/බයිසිකල්) ඒ කාලෙ සම්පූර්ණ වියදම 7200/-

    අපි ඉස්සර 8 ගැහුවෙ චැලියකින්...දැන් ඒකටත් සෑහෙන්න නීති රීති තියෙනවලු නේද... 100cc වලින් 8 ගැහුවොත් 150 cc පදින්න බෑ කියන්නෙ ඇත්තද ?

    රියදුරු පාසලකින් ඉදිරිපත් වුනාම ලැබෙන සැළකිල්ල ඒ කිව්වෙ ප්‍ර‍මුඛතාවය වැඩියි. අත්දැකීමෙන් කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. සිරා ඒ කියන්නේ සැහෙන වයසක පොරක්නේ අෆ්ෆා..... ඒ කාලේ වියදම වගේ දෙතුන් ගුණයක් දැන් වියදම යනවා.....

      ඔව් එක ඇත්ත.... 100 සිසි වලින් 8 ගැහුවොත් පදින්න පුළුවන් වෙන්නේ 100 සිසි බයික් හා ඊට පහල ඒවා තමයි..

      අනිවා එකග වෙමි...

      Delete
  10. හෆ්ෆුච්චියේ වෙලාවට මම අවුරුදු තුන හතරකට කලින් ලයිසොම ගත්තේ.. ඒ කාලෙනම් හෑල්ලුවාහන වල ගාන 10,000යිද කොහෙදෝ....

    ReplyDelete
    Replies
    1. දැන් එහෙමනම් බර බාගයක් ගෙදරට ගෙන්න කාලේ හරි නේද මචෝ.....

      Delete
  11. අනාගතේට වැදගත් දෙයක්

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙන්න එපා ඕවා ගණන් උස්සනවා.....

      Delete
  12. මට නම් බයික්, ත්‍රීවීල්, සැහැල්ලු වාහන 3ටම ගියෙ 14800 යි... වෙන කිසිම ගාස්තුවක් අයකලේ නෑ (ලයිසන් අරන් මාස දෙක තුනකින් ලර්නර්ස් එක වැහුනෙ ඒ හින්දද දන්නෙ නෑ..)

    ReplyDelete
    Replies
    1. අනිවා කතා දෙකක් නැ එක තමා හේතුව.... මොනවා උනත් ඒ තුනම ගන්න කෙනෙක් නම් ආයේ සැරෙන් සැරේ ගන්නේ නැතුව එක පාර ගන්නවානම් වියදම් අඩුයි....

      Delete
  13. ගත්තු අවුරුද්දවත් මට මතක නැ බං දැං

    ReplyDelete
    Replies
    1. ලයිසන් එකේ ISSUE date කියලා එකක් තියේ.... හිකිස්.... සමහර අපේ කස්ටමර්ස්ලාගේ නම් මට ඒවා කට පාඩම්....

      Delete
  14. කතා ගොඩක් කියන්න තියනව. පෝස්ටුවකින්ම උත්තර දෙන්නං.

    ReplyDelete
    Replies
    1. එල එල අයියා.... ඔන්න එහෙමනම් වැඩිය කල් ගන්න එපා හොදේ.....

      Delete
  15. ලර්නර්ස් කාරයෝ වවාගෙන කන ජාතියක්. මිටර් දෙතුන් සීයක් වාහනය ගෙනයන්න දිලා ඊළග දවසට කල් දානවා..

    ReplyDelete
  16. මාත් ලයිසන් එක ගන්ඩ ඕනා.

    ReplyDelete
  17. අම්මෝ මම ගන්න කාලෙ 2009, 10ක්ද කොහෙද ගියෙ

    ReplyDelete
  18. මමත් ගන්න කියල ඉන්නේ මේ සැරේ ලංකාවට ආවම. ට්‍රයි එකක් දෙන්න ඕනේ. මේ පාර. වැඩේ වෙලා තියෙන්නේ මීහරක් වගේ අයත් ලයිසන් ගන්න එකනේ. වාහනයක් හම්බ උනා කියන්නේ එහෙම යට අන් ආවා වගේ තමයි.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  19. ලංකාවෙ මම දැකල තියන විදිහට වැඩියෙන්ම අල්ලස් ගන්න තැන තමයි ඕක. රිවර්ස් එක නොගහ ලයිසන් ගන්න ඕනනම් ඒවටත් ගාස්තු තියනව ඔය කට්ටිය ලග.

    ReplyDelete
  20. අනේ දැන් o/L ප්‍රතිඵලත් බලනවාද, ඒක ක්‍රියාත්මක ද?

    ReplyDelete
    Replies
    1. තාම නම් ක්‍රියාත්මක නැ එත් මේ වසරේ වීමට ඉඩ තියනවාලු

      Delete
  21. අයියෝයෝ මට ලයිසන් එපෝ.................

    ReplyDelete
  22. අයියෝ මට ලයිසන් ‍එපෝ

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....