බ්ලොග් එකක් කියලා මටත් තිබුනා කියලා මතක් වෙන විදිහට බ්ලොග් ගැන පොඩි පොඩි දේවල් කතා කරන එකෙක් එක්ක ටික දවසක් ඉන්න වුන හින්දා මේ පැත්තට ඔලුව දාන්න පුළුවන් උනා...
බ්ලොග් ලියන වේගේ කොයි තරම් වැඩි වෙලාද කියනවා නම් පහුගිය අවුරුදු දෙකටම පොස්ට් 5 ක් වගේ ලොකු ගානක් ලියවිලා තියනවා...
ඔය එක එක හේතු වැඩ වලට හිර වෙලා ඉන්න අතරේ මේක අමතකම වෙලා ගියානේ ඇවිත් බලනකොට ඉතින් හිත කවුන්ටරේ ඉතින් 300004ක් වෙලා.... මේවා ඉතින් අර මාතලන් වගේ බ්ලොග් ලෝකේ පතාක යෝධයන්ගේ බ්ලොග් හිට් කවුන්ටර එක්ක බලනකොට සැලකිය යුතු ගානක් නම් නෙමේ තමා ඉතින්..
මොනවා උනත් ඉතින් ලංකාවට එන්නත් තව වැඩි කාලයක් නෑ කියලා හිතාන ඉන්න එකේ පොඩ්ඩක් මේකටත් ටික ටික ඔලුව දාගෙන ඉන්න කියලා තමා හදන්නේ ඔන්න ඉතින් අද ඉදන්.
මිට අවුරුද්දකට දෙකකට කලින් උන්නු ඔක්කොම ඉන්නවද කියලා නම් හොයා ගන්න බැරි උනා... සමහර ය මුණු පොතෙන් විතරක් දකිනවා කාලෙකින් වචනයක් දෙකක් කතා කරනවා ඇරෙන්න එකේ ඉන්නවත් නිදහසක් නැති හැටි...
වෙලාවකට හිතෙනවා මේ කරන දේවල් මොනවටද කියලා. නිදහසක් නැතිව වැඩ කරනවා සල්ලි හොයනවා වියදම් කරනවා ඔය ඔක්කොම කරලා මැරිලා යනවනේ... ඉතින් ඊට පස්සේ පින් කරලා තිබුනොත් ඉපදේවි එහෙම නැති උනොත් කොහේ හරි මොන ආත්මයක් හරි ලබයි.. පහුගිය ආත්මේ ගැන දන්නේ නැ වගේම ඉස්සරට ඉන්න ආත්මේ ගැනවත් පොඩි දැනුමක් ගන්න තරම් නම් ඉතින් අපිට බලයකුත් නැහැනේ...
කොහොම හරි ඔහොම ඉතින් ඉපදිලා මැරිලා , මැරිලා ඉපදිලා කවදාහරි කෙලවරකුත් එනවලුනේ... මම නම් හැබැයි ඕක කෙලවර වෙනවට ආස නෑ.. (මම ආස නැත්තේ හොදද?)
එහෙම ඉවර උනොත් ඉතින් මොකද ටෙලි ඩ්‍රාමා එකක් ඉවර උනා වගේ නෙමේනේ.. එක නම් ඉවර උනහම ආයේ වෙන එකක් හොයාගෙන හරි බලන්න පුළුවන්නේ. එත් ඉතින්ඒ වගේද මේක..
ඔය දේවල් ඔහොම තියාගෙන ඕක දැනගෙන මිනිස්සු ජාතියකට ආගමකට මරා ගන්නවා.. ලැබිලා තියන ජිවිතේ සතුටින් හැමෝම එක්ක හැමෝටම පුලුවන්නම් එක කොයි තරම් හොද වෙයිද? ඒවා නම් ඉතින් මේ ශත වර්ශේ වෙන එකකකුත් නැ. ඒ නිසා ඒවා ගැන කතා කරලා වැඩකුත් නෑ
ලියන්න පටන් ගන්න්න ඕනා නිසා පොඩ්ඩක් විකාරයක් එක්ක වචන ටිකක් පටල ගත්තා.... ඉස්සරහට තව එක එක ඒවා ටිකක් පටලාගෙන ඉමුකො...
එන පාරත් ටිකක් වෙනස් කළා
sadaru-world.blogspot.com එකෙන් වගේම දැන් ඉතින් www.devaka.info/ එකෙනුත් මේ පැත්තේ එන්න පුළුවන්
ආයේ එනකන් ඉතින්, ජය හා සතුට
ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..
Showing posts with label හිතට හිතෙන එක එක ඒවා. Show all posts

09 February, 2016
08 July, 2012
ලංකාවේ ඉගැනුම් පරිසරය හා විභාග ක්‍රමය
එක්සැම් එහෙමත් නැත්නම් විභාගේ.. (අපේ නම් අභාගේ)
දැන් මම මේ අර ඒ/ලෙවල් ගැන නම් නෙමේ ලියන්න යන්නේ.. ඒකට යවපු ලියුමට තාම රිප්ලයි ආවේත් නැහැනේ... අයියෝ මුද්දර ගාස්තු
මම නම් මුලින්ම විභාහගයක් ලිවේ පහ වසරේදිනේ.. ඒක අම්මලාගේ විභාහගයලු..
ඊට පස්සේ ඕලෙවල්- ඒක ගුරුවරුන්ගේලු..
ඊටත් පස්සේ ඉතින් එන ඒලෙවල් - ඒක නම් ඉතින් විභාහගේ ලියන අයගේලු..
ඇත්තටම ලංකාවේ තියෙන්නේ සාර්ථක විභාග ක්‍රමයක්ද?
මම නම් හිතන්නේ කොහොත්ම සාධාරන විභාග ක්‍රමයක් ලංකාවේ නම් නැ..
ලංකාවට විතරක් නෙමේ මේක හැම තැනටම අදාල ඇති...
උදාහරනය විදිහට ඉංග්‍රිසි කියන විෂය ගමුකෝ..
ලංකාවේ ප්‍රධාන නගර වල ප්‍රධාන පාසල් වල වගේ ගොඩාක් හොද ඉංග්‍රිසි ගුරුවරු උන්නත් පහසුකම් අඩු ගම්බද පාසල් වල ඇත්තටම ඉංග්‍රිසි ගුරුවරු ගොඩාක් අඩුයි. උන්නත් ඒ අය වැඩි කාලයක් ඒ පාසල් වල රැදෙන්නේ නැ..
ඇත්තටම මම මුලින් ඉගන ගත්ත පාසලේත් ඇත්තටම හොදට ඉංග්‍රිසි උගන්වන්න කෙනෙක් උන්නේ නැ,.. සමහර මාස වලම ඉංග්‍රිසි පිරියඩ් එක නිකම් ගෙවන්න තමයි වෙන්නේ ගුරුවරු නැතුව,
ඒත් අපිට උත්තර ලියන්න වෙන්නේ කඩ්ඩ පොලිශ් ගුරුවරු ඉන්න හොදට ඉගන ගන්න පහසුකම් තියන හොද පහසුකම් වලින් ඉගනගත්තු ඒ ලමයි ලියන විභාගම තමයි..
ඉතින් ඒක සාධාරනද?
කවදාවත් රැකියාවකදි ඔයා ඉගන ගෙන තියෙන්නේ මේ වගේ දුෂ්කර පාසලක ඉගනගෙන මෙහෙම ප්‍රතිපල අරගෙන තියෙන්නේ කියලා කියනවාද?
කවදාවත් එහෙම සැලකිමක් නොකර ප්‍රතිපල සහතිකය සංසන්දනය කරන එක තමයි හැමතැනම දකින්න ලැබෙන්නේ,
උදාහරනය විදිහට ඉංග්‍රිසි ගත්තත් අනිත් විශයන් එක්ක බලනකොටත් ඒ දේම වෙනවා..
හැමෝටම එක විදිහේ ඉගැන්නුම් පරිසරයක් ලබලා දෙන්නේ නැතුව ඇයි එකම මිනුම් ක්‍රමයක් (එකම ප්‍රශ්න පත්‍රයක් ) මගින් හැමෝගෙම අනාගතේ තිරනය කරන්නේ..
පලාතෙන් පලාතට නගරයෙන් නගරයට, පාසලෙන් පාසලට තියන විභාග සදහා වෙනම ප්‍රශ්න පත්‍ර හදලා වෙන වෙනම විභාග තියන එක කොහොමවත් කරන්න පුලුවන් වැඩක් නොවන නිසා මම හිතන විදිහට කරන්න පුලුවන් හොදම දේ එකම ගුරුවරයෙක් යටතේ ඉගනුම් පරිසරයක් බිහි කරන එක.
ඒකට හොදම විසදුම මම දකින ව්දිහට නම් ඊ -ලනින්... එහෙමත් නැතනම් අන්තර්ජාලය භාවිතා කරමින් එකම ගුරුවරයෙක් යටතේ ඉගන ගැනිමට සැලස්ව්ම
ඒ කියන්නේ හැම පන්තිකාමරයකටම අන්තර්ජාල පහසුකම් ලබලා දිලා කාල පරිච්චේද වලට වෙන් කරලා අන්තර්ජාලය හරහා එක ගුරුවරයෙක් යටතේ පාඩම් වැඩ කටයුතු වලට පහසුකම් සලසා දිමයි...
පන්තිකාමරය තුල සිසුන්ට පැන නගින ප්‍රශ්න ඒ අන්තර්ජාල ගුරුවරයාට යොමු කරන ගමන්ම පන්තිකාමරය තුල සිටින ගුරුවරයාටද විසදුම් ලබාදිමට හැකි නිසා හැමෝටම එක දැනුමක් ලැබෙන නිසා මම හිතනවා ඒ ක්‍රමය ගොඩාක් දුරට ගැලපෙනවා කියලා
අඩුපාඩු නොමැති ක්‍රමයක් ගැන හිතනවාට වඩා ක්‍රමයක් ක්‍රියාත්මක කරලා ඒ අඩුපාඩු වලට විසදුම් හොයන එකත් සාර්ථකයිනේ..
ජය වේවා.. - මහන්සි වෙලා එක්සැම් කරනවා... සමහර අයට ඒ පේපර් කලින්ම ලැබිලා.. සමහර අය එහෙම පාඩමක් තියනවද කියලා දන්නේත් නැ. හැමෝටම එකම ඉගැනුම් පරිසරයක් තුල ඉගන ගන්න බැරිද කියලා හිතුන නිසා නිකමට හිතුන දෙයක්. දවසක ප්‍රායෝගිකව වෙන්නත් පුලුවන් දෙයක්
ඇත්තටම මේ ක්‍රමය නිසා ජනප්‍රිය පාසල් හොයාගෙන යාමේ රැල්ල නවතිනවා වගේම බොහෝ වියදම් පාලනය කරගන්නත් පුලුවන් වේවි..
@ඇනෝ : එක පාර දැනගත්තත් ඉතින් ඒ තරම් අවුලක් නැ. කැමත්තක්. කොහෙද WC ද?

Subscribe to:
Posts (Atom)