ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

25 June, 2012

උකස් අධ්‍යාපන.....

හැමෝම ලියනවා ලියුම්....... ඒත් මම ඉස්කොලේ යන කාලේවත් ටිචර් සර් දෙන ගුරුදෙගුරු සම්බන්ධතා පොතේවත් ලියන්න කියන ලියුම් ලියලා නැ ඒකත් කාට හරි කියලා ලියා ගන්නවා....

ඒත් අද මේ බ්ලොග් ලියන කෙලි පොඩිඩියක් නිසා ලියන්න වෙනවා ලියුමක්....

ලියුම් ලියන්න අපේ හපනා පොඩි සැමානේ.. මේක නම් ඒවා තරම් හොද නැ ඔන්න....

දයාබර උකස් අධ්‍යාපන ලේකම් තුමා වෙතටයි...

 මේ ලියන්නේ නොට් බුකියේ ලගට වෙලාය...

ඉතින් කෙසේද ?  කොහොම උනත් සැප විතරක් තියන නිසා සැප දුක් නොහසා සැප කොහොමද කියලා අහන්නම්....

අපි නම් සුපුරුදු විදිහටම ඉන්නවා හොදේ...

ආයේ සත්තු වත්ත කියලා ලියන්න යන අකුරේ ක්‍රමේ වෙනස් කරන්න යනවා කියන නිවුස් එකක් ඊමේලයක වේගෙයෙන් පැතිර ගිහින් තිබුනා..

දත කට මැදගෙන වහලා තියන කැම්- පස් එකට යන්න බලාගෙන ඉන්න අපේ කස්ටිය දැන් රත් වෙලා.... මොනවා වෙයිද කියලා...

මාමේ මොනවා උනත් මෙදා පොටේ නම් අර හැම ‍ෆිලුම් වලම තියනවා වගේ ඇපල් ලැපකින්ම වැඩේ පත්තු කරන්න එතකොට කොහෙට කෙලියත් වැඩේ ගොඩ... බලන්නකො ඔය ඇපල් කොම්ප්ටර් වලින් ‍ෆිලුම් වල දෙන වැඩ...

(හැබැයි ඉතින් වෙන වර්ගයක මැසිමක් අරගෙන රෙදි මහන එකක් හරි කමක් නැ  ඇපල් ගෙඩියක් අරගෙන අලවා ගත්තොත් ගොඩය)

දැන් ඔය වැඩේට ඔය කොප්පිටර් අරගෙන එනකොට තව අවුරුදු භාගයක් වත් යාවි....  එත්කොට මේ අවුරුද්දේ කැම්- පස් බලා යන්න උන්නු අයට යනකොට  යන්න වෙන්නේ නාකි වෙලාය.. මේ අයට ජොබක් ගැන හිතන කොට නෙමේ රත් වෙන්නේ... පවුලක් පන්සලක් වෙන්න පරක්කු වෙන එක ගැනය..

අනේ මාමේ ඒකට අර පුහුනු වැඩ පිලිවල වගේම කැම් - පස් එකේ දෙක, තුන අවුරුද්දේදි වගේ කසාදේ අනිවාර්ය කරලා ජොබ් එකකට මුලික සුදුසුකමක් කරන්න ලමයෙක් ඉන්න එක... එතකොට ඒ වැඩේත් ගොඩය...

කොහොම උනත් මාමේ මේ පාර නම් අර පරන උන්නු අයව ඔය ජාරාමිතිය හදන්න දාන්න ඒපා... එතකොට ආයේ පාරක් ඕක හදන්න උනොත් වසලා හමාරයි...

මොනවා උනත් අනේ අර මම කිව එක ගැන සලකලා බලන්න....

අනේ ලියුම කෙටි කොරන්න.... අපිට වගේ නෙමේ වැඩ ගොඩක ඉන්න ඔබතුමාලා මේ වගේ ලියු කරදහියක් කියවා කියවා ඉන්න බැහැනේ ගොඩාක් වෙලා..

එහෙමනම් ඔය හැමෝටම සරණයි...

ප.ලි : කල් ගිහින් හරි හරි විදිහට වැඩේ වෙනවනම් ගොඩාක් හොදයි....

39 comments:

  1. අයියාවත් ලියපු එක ලොකු දෙයක් ඈ...

    ReplyDelete
    Replies
    1. මල්ලිලා වෙනුවෙන් තමයි හොදේ...

      Delete
  2. අපොයි..... එක ලියුමක් ඇති වෙයිද දන්නෙ නෑ මලේ ඒ අයට ඕවා තේරෙන්න.ලමයි ගෙදරටම නාකි වෙනවා මෙහෙම ගියොත්. :(((

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කෝ.... කට්ටිය එකතු වෙලා ලියුමක් ලියලා මාර්ක් මාමට කියලවත් ශෙයා කරන වැඩ පිලිවලක් හදන්න වෙනවා... නැත්නම් අපරාදේ

      Delete
  3. ඒක නෙවෙයි දේවා කවුද මේ ‘‘බ්ලොග් ලියන කෙලි පොඩිඩිය‘‘????????????????????????????????

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා ??

      Delete
    2. printing mistake hodeee... poddiyek kiwata poddek hodee...

      Delete
    3. maduranga ayyalatath thiyana prashnaa ahhhh...

      Delete
    4. ඔය පුරස්නෙට අඩ අඩ හිටපු එක පොඩ්ඩියෙක් ගැන නම් මම දන්නවා. එයාද දන්නෙත් නෑ :P

      Delete
  4. මාත් මේ ලියුමක් ලියන්නයි හිටියේ උන්දැට :ඩ්
    ලියුම එළ

    ReplyDelete
    Replies
    1. pubudu oyath ekak liyanna.. mage eka misplace unoth ehema.. meka loku prob ekakne

      Delete
  5. කතාව සහතික ඇත්ත. !!!
    අන්තිමේදි අසරණ වෙන්නේ උසස් පෙළ ලියපු ආදරනීය නංගිලා මල්ලිලා !!

    ReplyDelete
    Replies
    1. kiyalaaa wadak na.... adaraniya nangila.... methana nam horayak thiyanawada mandaa

      Delete
  6. මාමාගේ දෙමාපියන්ට නීරෝගී සුව අත්වේවා කියලා එකතු කළා නම් තවත් හොඳයි :D

    ReplyDelete
    Replies
    1. eth eka hari na kiyala hithunaa... lamayi karana waradi walata demaw piyo pawne..

      Delete
  7. Replies
    1. sam ta kittu wennawath baaa kiyala danawaa mama

      Delete
    2. පොඩි සෑමා තාම විභාගේ නොකල නිසා ඌට ලියුමක් ලියන්න ඕන නැතුව ඇති මේ වගේ නේ

      Delete
  8. උකස් තියල අද්‍යාපනේ ලඟදිම සින්න වෙනවා... ඔන්න බලපල්ලකො..

    ReplyDelete
  9. Mathak karanda epa ookunwa...
    Exam 1k liwwa result ada denawa heta denawa kiya kiya masayak witara kal damma...

    Result apuwahama okkoma iwarai.. Z score eka witarak nemei godak denekge subject marks ehemat waradi wage...

    Ita satiyakata witara passe aith ranks wenas una...

    Lamainge manasika mattama,lankawe adyapanaya gana tibichcha aakalpaya e hamadema me minissu winasha kala...

    Duk mahansiyen hamba karana demawupiyange salli wiyadam karala,amaruwen igena gaththu hama kollek,kellekma ane apita me mokada une,apita mokak weida kiyala hama mohotakama hithuwa...

    Ada oya Z score eka gana news eka ahapuwama nam tikak witara hitata sathutak danuna...
    Balamuko mokada wenne kiyala...

    Aiya liwwa wage liwum kotiyak yawuwat oya minissu,ahinsaka duppath demawupiyange daru dariyo gana hitana ekak naa..Recorrection ewannet na me para...

    Kohoma hari lankawe adyapanayat itama kanagatu dayakam mattamakata watuna..Tawa idiriyata monawa weida danne naa...

    ReplyDelete
  10. your ideas so nice. don't forget give comment to my blog.
    www.mywaylanka.blogspot.com

    ReplyDelete
  11. මාත් ඊයෙ දැක්ක මේ ගැන රූප පෙට්ටියේ පෙන්වනවා . අසරණ ලමයි ගැන දුකයි .

    ReplyDelete
  12. ලියුම නම් තේරුනේ නෑ අනේ. ඒත් මේ දවස්වල උසස් පෙල ප්‍රථිපලවල අවුලක් කියලා නම් දන්නවා. ඔයා ඔය කොයි මාමටද ලියුම ලීවේ?

    ReplyDelete
    Replies
    1. ahhh lankawata awahama thereyi.... but ena ekakk nahane... katada liwe kiyala oya kiwane mama ukas mamata

      Delete
  13. ඒ පාර මෙන්නෙ මේකත් ලියුම් ලියනවා... එවුන් දෙන්නෙක් අරහේ ප්‍රශ්න අහනවා මුන් මෙහෙ ලියුම් ලියනවා හයියූ සල්ලි

    ReplyDelete
  14. හරක්ට අකුරු කියවන්න බැරි නිසා ඔය ලියුම වැඩක වෙන එකක් නැහැ මට හිතෙන්නේ ..

    ReplyDelete
  15. ලිවුමට නම් ඔහෙ ලකුනු දීලා දාන්න බැරියෑ. ගෙදර ආවම වත් අර කමෙන්ට් වලට ෆෝන් එකෙන් කොටලා තියෙන සිංග්‍රීසි උත්තර ගලවලා සිංහලෙං නොලිව්වොත් ලකුණු කපන්න වෙනවා, හොඳේ!

    (වයිෆ් කිව්වා මූණකුත් දාන්න කියලා නැත්නං උඹ තරහා වෙයි කියලා. ඔන්න තිත් දෙකයි ඩී)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ayyatawath barida ayya ph eken sinhala kotanna puluwan kramayak hoyalaa denna... akkata thanku kiwaa kiyanna..

      Delete
    2. දේවා, ඕක ඇන්ඩ්‍රොයිඩ් තියෙන ෆෝන් එකක් නම් අන්න ක්සැන්ඩරයා දාලා තිබ්බ එහෙම එකක්. http://xandaraya.blogspot.com/2012/06/blog-post_23.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2Fxander+%28%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B6%B8%29


      henryblogwalker the Dude

      Delete
  16. මාත් මේ උන්දැට හොද ලියුමක් කියන්න කියලා ඊයේ හිතුව..
    ඊයේ ගෙදර ආපු ගමන්ම තමා මල්ලි මේ සිද්දිය කිව්වේ.
    මගේ අගේ ලේ රත් වෙනවා විතරයි නිකන්.
    ළමයි මෙහෙ ගෙවල් වලට වෙලා කාලේ කනවා
    මම සුදු වැන් වලට බය නැත.කියන්න ඕන ටික කෙලින් කියම්."අපේ මල්ලිගේ අහිංසක පුංචි බලාපොරොත්තුවේ සිට ළමයින්ගේ අනාගතය සමග මේ කරන සෙල්ලමට කවදා හෝ ඔබලාට ඉබේම දඩුවම් ලැබෙනු ඇත" :/

    ReplyDelete
  17. තොටිල් මහත්තයා කියපු දේ ඇහුවනං ඉවරනේ.....

    ReplyDelete
  18. ඕවට ලේඛම් මහත්තුරුන්ට ලියුම් ලිය ලියා ඉදලා හරියන්නේ නෑ බං. ඒ මහත්තුරු කොරන්නෙත් ඒ මහත්තුරුන්ගේ රස්සාව නොවැ. අනික ඔය මහත්තුරු බ්ලොග් කියෝනවද කියලවත් කවුද දන්නේ. අපේ මහා රජතුමා ගාවට ගිහින් මේ නඩුව උන්නාන්සේටවත් කිව්වා නම් හිත හැදෙන්න උත්තරයක්‌ වත් හම්බ වෙයි :P

    ReplyDelete
  19. "ආයේ සත්තු වත්ත කියලා ලියන්න යන අකුරේ ක්‍රමේ වෙනස් කරන්න යනවා කියන නිවුස් එකක් ඊමේලයක වේගෙයෙන් පැතිර ගිහින් තිබුනා.." මේ ටිකට තමා මම ආසම!! :)

    ReplyDelete
  20. ලියුම නියමයි මල්ලි. මටත් නම් ඔය දෙන්නගේ උකස් අද්යාපන මාමගෙයි, අද්යාපන මාමගෙයි හත්මුතු පරම්පරාවම මතක් වුනා ඔය සිද්ධිය මතක් වෙද්දි. පොඩ්ඩා කිව්වා වගේ ළගදිම ඕක සින්න වෙලාම යයි. මොනවා කරන්නද ඔක්කොටම කලින් හොද ජනතාවක් බිහි වෙන දවසක් වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. මොකද රෑට ඇවිත් මරලා ගියත් කමක් නෑනෙ අපේ ජනතාවට...

    ReplyDelete
  21. හම්මෝ ඕවාට මුකුත් කියන්න ගිහින් සුදු වෑන් වලින් යන්න වෙන්නේ.

    ReplyDelete
  22. එකක් නං මදි අෆ්ෆා..හතර බීරි පොරකටනෙ ලියන්නෙත්

    ReplyDelete
  23. එකක් නං මදි අෆ්ෆා..හතර බීරි පොරකටනෙ ලියන්නෙත්

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....