ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

10 July, 2012

ආයුබොවන් ........ ඈපරල් වෙන්නප්පුව.... සමාවෙන්න , පුත්තලම...

`මේ දවස් වල බස් රේඩියෝ එකෙන් සවිධානය කරන බ්ලොග් සතියක් පෑවත්වෙනවානේ..

ඒ වෙනුවෙන් මම ලියන තුන්වෙනි පොස්ටුව තමයි මේ..

1.ලංකාවේ ඉගැනුම් පරිසරය හා විභාග ක්‍රමය



2. යෝජිත ද? ආදර ද?

ඈත්තටම මේ පොස්ට් එක මට මගේ පරන ඩයරියක තිබිලා තමයි හම්බ උනේ....  ඒ දවස් වල නිකමට කුරුටු ගාපු එකක්

බෑන්කුවේ වෑඩ කරන්න කලින් අර බට්ටිට තියනව වගෙ මටත් එක තෑනක එක දිගට වෑඩ කරන්න බෑරි ලෙඩක් තිබුනනෙ..

ඒ කාලේ මම වෑඩ කාලේ එක්තරා ඈගලුම් කම්හලක එක්තරා පලාතක අපි එහාට වෙන්නප්පුව කියමුකො (හරි තෑන නම් නෙමේ) එතන ප්‍රධාන තනතුරකුත් තිබුනා කියමුකො...
එතන මම කරපු වෑඩ ගෑන පොස්ට් කිහිපයක්ම දාලා තිබුනනේ

දෑන් කතාව

වෙනදා වගේම කාර්ය බහුලත්වයෙන් මොනවට පිරුනු දවසක දහවල් හිරු මුදුන් වෙලා හොරා වක් දෙකක් ගෙවුනු තෑන ප්‍රදේශයේ බොහොඅ තෑන් වලින් එන නොනවතින ඈමතුම් අතරේ තවත් එක ඈමතුමක්..

ආයුබොවන්, ........... `ඈපරල් වෙන්නපුව,
ෆෑක්ස් එකක් එව්වා දේවක..
හෙට උදේ ඉදන් පුත්තලමේ වෑඩ බාර ගන්න වෙයි. පුලුවනි නේද?
දරාගන්න නොහෑකි නිහෑඩියාවකින් දෙපෑත්තම මොහොතක් ගොලුවෙලා..

ජිවිතේට සතුටක් දුකක් දෑනෙන හෑම වෙලාවකම මට මතක් වෙන එක අතිතයක් තියනවා.. 5 පන්තියේ ඉදන් අතිජාත මිතුරොත් එක්ක ගෙවපු පාසල් කාලය..

මොන තරම් ප්‍රශ්න ආවත් හිනවෙලා ඉදපන් දේව කියල පිටට තට්ටුවක් දාල ගෙන බත් එක බෙදා ගෙන කන්න තරම් ෆිට් එකක් බෑදිමක් අපෙ උන් ලග හෑමදාම තිබුනා

මහා ලොකු පොසතුන් නොවුනු අපේ දෙමාපියන් වෙනුවෙන් කරන්න පුලුවන් හෑම දේම කරන්න එදා ඉදන් හිතේ තිබුනු උනන්දුව ඔන දුකක් විදගෙන හිනා වෙලා ඉන්න මට පුරුදු කරලා තිබුනා.. එකට උන්නු උන්ව දාලා නොදන්න තෑනකට.. විශේශයෙන් නොදන්න බාසාවක් වෑඩි පුර කතා කරන තෑනකට යන්න වෙනවා. ඒත් අද මම නොගියොත් මගේ අරමුන උනන්දුව වෙනුවෙන් මම තියපු පියවර පස්සට ගත්තා වගේ වෙනවා..

හරි සර් මම යන්නම්... අපේ බොස් ගේ හිනහව ලග මට කියවුනා... දන්නවා කොල්ල උබ බෑ කියන්නේ නෑ කියල හොදට වෑඩ ටික කරන්න එහෙමනම් ජය

`එක එක එක එක විදිහේ ආයතන ප්‍රධානින් එයාලගේ වෙලද අරමුනු වෙනුවෙන් බෙන්ස් වලින් බහින සල්ලිකාර අය එක්කම බස් එකේ එල්ලිලා ඈවිත් අපිත් එක්ක `වෑඩ  කරන සොමේලා කුසුමලා අපි අතරෙත් වෑඩි වෙනසක් මට දෑනෙන්නේ නෑත්තේ ටයි පටි කරේ තිබුනත් අපිත් ඒ ගොඩේම නිසා වෙන්න ඈති...

ඉතින් එහෙම ඒ පන්තියේ ජිවත් උන අපිට මුන දෙන්න වෙන අනේක විදියේ කෙනෙහිලි රෑවුම් ගෙරවිලි එක්ක බලනකොට මේ වෙන දේවල් අලුත් දේවල් වෙන්නේ කොහොමද මට

`මාත් එක්ක එකට වෑඩ කරපු මගේ සහෝදර සහෝදරියන්ගෙන් වෙන්වෙලා යන්න වෙනවා කියලා හිතනකොට ආයෙමත් මම තනි උනා කියලා දෑනෙන හෑගිම ආයෙමත් හිතට දෑනෙන්න ගත්තා...

මහගම සේකර මහතාගේ මේ ටික ආයෙමත් මට මතක් වෙනවා

" ඔබ හිනෑහෙන විට මුලු ලොව ඔබ සමගින් සිනාසෙයි
 ඔබ වෑලපෙන විට මුලු ලොව ඔබ අතහෑර සිනාසෙයි"

`ජිවිතේ මහ ලොකු බලාපොරොත්තු කන්දක් නොතිබුනත් ජිවිතේ ගොඩාක් දේවල් ගෑන ලොකු අත්දෑකිම් නෑති උනත් මම මෙතනින් යනවාට අකමෑති පිරිසක් ඉන්න තෑනක් කියලා මම හොදින්ම දෑනගෙන උන්නා..

සමහර විට මට පුත්තලමේ මේ සාර්ථකත්වය ලගා කරගන්න අමාරු වෙයි.. ඒත් ප්‍රශ්නයක් නෑතුව වෑඩ ටික කරගන්න පුලුවන් වේවි කියලා විශ්වාසයක් තියනවා...
එක එක ප්‍රශ්න අතරින් ජිවිතේ ගලාගෙන යනවා....

" දුෂ්කරය කියා හෑර යා යුතුද ජිවිතය කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස... "

ආයෙමත් දුරකතනය නාද දෙනවා.. කොහෙදෝ පාවෙලා තිබුනු මගේ හිත ආයෙමත් පියවි ලොකයට ආවා

" ආයුබොවන් ........ ඈපරල් වෙන්නප්පුව....
 සමාවෙන්න , පුත්තලම..."

`හිතුවටත් වඩා ගොඩාක් හොදට මට එතන උන්නු කාලේ වෑඩ ටික හොදට කරගන්න පුලුවන් උනා... මේ රෑකියාවට එනකන් මම වෑඩ කරපු ඒ තෑන ගෑන තවත් කතා ලියවේවි... ඉස්සරහට

වි.කො.ලි : නගර වල නම් නිවෑරදි ඒවාම නම් නෙමේ

ප.ලි :  බ්ලොග් නිසා යාලුවෙක් උන උබට : ජිවිතේ අපි කෑමති තෑන් වලින් අපිට ඈත් වෙන්න වෙනවා.. ඒක අපේ හිතට දුකක් දෑනෙනවා නම් තමයි..ඒත් ජිවිතේ කියන්නේ ඒකට තමයි.ඒත් ඉතින් එතනින් ඈත් වෙලා යන්න වෙන්නේ අපිට වඩා සුන්දර තෑනකට නම්`හිතුවටත් වඩා ගොඩාක් හොදට මට එතන උන්නු කාලේ වෑඩ ටික හොදට කරගන්න පුලුවන් උනා... මේ රෑකියාවට එනකන් මම වෑඩ කරපු ඒ තෑන ගෑන තවත් කතා ලියවේවි... ඉස්සරහට

වි.කො.ලි : නගර වල නම් නිවෑරදි ඒවාම නම් නෙමේ (සමහර විට දුක් තියෙවි ) ඒක සතුටකට හරවගෙන ජිවත් වෙන්න...ට්‍රයි කරන්න

`






42 comments:

  1. ලොක්කන්ගේ ගණන් බල බල වැඩ කරන්න වෙන එකනන් මාර කරුමයක් අවතාර්ටත් ඔහොම අත්දැකීම් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මෙතන නම් ලොක්කා ඒ තරම්ම මාත් එක්ක අවුලක් නෑ. සිරාවටම තවම මම බොස් කෙනෙක් එක්ක එහෙම්ම මලෙන් වෑඩ කරලා නෑ
      අවතාර් ටත් හොද ලොක්කකු වන්නට හෑකිවේවා

      Delete
  2. වෙන්නප්පුව කිවුවාම දුවගෙන දුවගෙන ආවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සිදු වෙන්නප්පුවේ.... ලගයිනේ ඉතින්

      Delete
    2. වෙන්නප්පුව මට සෙට් වෙනවා.. මේ මාසයේ ඉදන්.. :)

      Delete
  3. හ්ම්ම් හ්ම්ම්..ලියන්නකෝ..අපිත් එන්නම් කියවන්න..:)

    ReplyDelete
    Replies
    1. එවා ලියවෙනවා ඉස්සරහට.. හෑමදාම එන්නකො යාලු

      Delete
  4. එල අය්යේ, ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. අනිවා ලියමුකෝ මල්ලෝ ඉස්සරහට (මල්ලි නේද?)

      Delete
  5. මේ සතියේ ඔය වගේ කතා සෙට් එකක් ලියන්න.
    අපි කන ටියුන් කරන් අහන්න එන්නම් මල්ලි !!!

    ReplyDelete
    Replies
    1. මේ සතියේ බලමුකෝ අයියා... පොස්ට් එකක් දවස ගානේ ලියන එක ඉස්සර නම් ඒ තරම් දෙයක් නෙමේ. දෑන් නම් ටිකක් අමාරු වෑඩක්

      Delete
  6. අයියෝ ඇපරල්..........

    ReplyDelete
  7. මේ සතියේ එහෙනම් තව කතා කීපයක් බලන පුළුවනි.. :)

    ReplyDelete
    Replies
    1. කතා ලියවේව් අයියා... මේ ටිකේ නම් එහෙම ලියවේවිද කියලා හරියටම සුවර් නෑ අයියා

      Delete
  8. අද කතාව ලස්සනයි. මේ කතා දිගටම කියන්ට.

    //" ඔබ හිනෑහෙන විට මුලු ලොව ඔබ සමගින් සිනාසෙයි
    ඔබ වෑලපෙන විට මුලු ලොව ඔබ අතහෑර සිනාසෙයි"//

    ඇත්තම ඇත්ත නූනත් ඇත්තයි. :)

    ReplyDelete
    Replies
    1. ඈත්තම නුනත් කිවේ ඈයි කියලා මට නම් තේරුනේ නෑ.. මට නම් මේක ඈත්ත කියලා හිතෙනවා

      Delete
  9. ඔන්න සුපුරුදු විදියට අපිත් ආව මොනාද මේ පැත්තෙ වෙන්නෙ බලන්න . ඉඩ ලද හැම විටම ගොඩ වෙන තැනක් නේ .

    …දිගටම ලියන්න තවත් රසවත් කතා .

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ මම හිතන්නේ බිසි වෙලා වගේ ගොඩක්.. ගොඩක් තෑන් වල දකින්න ලෑබුනේ නෑ නේද?

      Delete
  10. Replies
    1. හ්ම්ම් අනිවා.... ඒ පෑත්තේ යනවා නම් පොඩ්ඩක් මේ පෑත්තේ ඔලුව දෑම්මොත් කියපන් සෑමො

      Delete
  11. //`එක එක එක එක විදිහේ ආයතන ප්‍රධානින් එයාලගේ වෙලද අරමුනු වෙනුවෙන් බෙන්ස් වලින් බහින සල්ලිකාර අය එක්කම බස් එකේ එල්ලිලා ඈවිත් අපිත් එක්ක `වෑඩ කරන සොමේලා කුසුමලා අපි අතරෙත් වෑඩි වෙනසක් මට දෑනෙන්නේ නෑත්තේ ටයි පටි කරේ තිබුනත් අපිත් ඒ ගොඩේම නිසා වෙන්න ඈති...//
    මේ ටික නම් සුපිරි.....:D

    ReplyDelete
    Replies
    1. ගොඩාක් අය තේරුම් නොගත්තත් අපිත් කරපටි එල්ල ගත්තු කම්කරුවොනේ.... නේද අයියා.. ගොඩාක් ලොකු මිනිස්සු ලගට වඩා මනුස්සකම ඒ හදවත් වල තවම ඉතිරි වෙලා තියනවා නේද අයියා

      Delete
  12. ඇත්තම ඇත්ත අයියේ. ලොකු ලොකු කාර් වලින් බහින මිනුස්සුන්ට වඩා බස් එකේ යන මිනිස්සු ළඟ මනුස්සකම් තියෙනවා. බස් එකේ යන්න පටන් ගත්ත දා ඉඳලම ඒ මනුස්සකම් මමට් වින්දා

    ReplyDelete
    Replies
    1. ඈත්ත නන්ගෝ.. ලොකු මිනිස්සු හිතන්නේ හෑම වෙලේම සල්ලි ගෑනම විතරයි.... මේ පොඩි මිනිස්සුන්ගේ හිත් තාම ගොඩාක් හයියයි.. ජිවිතේ ගෑන අත්දෑකිම් වගකිමක් තියනවා ඒ අයට. අනිත් අය ගෑන හිතනවා ගොඩක්

      Delete
  13. අර එක තැනක වැඩ කරන්න බෑ කියන බට්ටි ඉන්වනේද මේ වෙද්දි ජොබ් 9ක් කරලලු. හැබැයි ඕං දැන් ඔයා වගේ එක තැනක නරත වෙලාලූ..

    ReplyDelete
    Replies
    1. එක හොදයි බට්ටියේ.. වෑඩ ටික හොදට කරගෙන ඔතන හොදින් ඉන්නකො හොදේ

      Delete
  14. එහේම තමා බං විවිද පුද්ගලයන් විවිද සමාජ තල ඇසුරු කලහම ලැබෙන අත්දැකීම් ජිවිතේ ඉදිරියට යන්ඩ හොඳ තල්ලුවක් අඩිතාලමක් වැටෙනව ජය

    ReplyDelete
    Replies
    1. අනිවා රාජ් අයියේ, මට වඩා ඔයාට ඒ ගෑන ගොඩක් ලොකු අත්දෑකිම් තියනවානේ ජයෙන් ජයම වේවා

      Delete
  15. කොහේ වැඩ කරත් අලුත් අත්දැකීමක් නේ
    උඹට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම, දෑන් නම් දවසෙන් දවස අලුත් අත්දෑක්ම් ජිවිතේට ගොඩාක් එකතු වෙනවා. සමහර දේවල් ලිවිය හෑකි සිමාවෙන් පෑනලා ගිහින් තියන එක ගෑන නම් දුකයි

      Delete
  16. මට මේක කියෙව්වම ගාමිණීගෙ විජිතය ලියන ගාමිණී මග ප්‍රතිචාරයකට ප්‍රතිචාරයක් හැටියට ලියලා තිබ්බ මෙන්න මේ කොටස මතක් වුනා


    ගාමිණී විජිත් සමරකෝන් May 6, 2012 9:20 PM
    අපේ බොසාලා කවදාවත් තේරුම් නොගන්න එක දෙයක් තියෙනවා. අපි කරන දේවල්වලින් අපේ ලාභය 25% යි උන්ට 75% යි කියන එක උන් තේරුම් ගන්නේ නෑ. උන් හිතාගෙන ඉන්නේ අපිට 100% ම ලැබෙනවා, ඒක උන්ගෙන් කැපෙනවා කියලා.

    මොකද ඒ ගැන හිතන්නෙ?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මිට කලින් කියවලා නෑති බ්ලොගයක් වගේ මුලින්ම ඒකට තෑන්ක්ස්..

      ඈත්තටම සමහර ආයතන පාලකයෝ එහෙම හිතාගෙන ඉන්නවා තමයි සමහර ලෑබිය යුතු දේවල් අත්හිටුවන්නේ ඒ සිමා 100% ඉක්මවා යනවා කියලා හිතලා (මම කිවේ මේ ප්‍රසාද දිමනා වගේ ඒවා)

      අයියා බුකියේ ඉන්නවද?

      Delete
    2. ඉන්නවා දේවා, හැබැයි ගැවසෙන්නෙ නෑ වැඩිය. මෙසේජ් නෝටි‍ෆිකේෂන් ඇවිත් ඊ මේල් එකෙන් ටොකු අනිනකොට ගිහින් බලලා සිං ගාලා මාරු වෙනවා. දේවා බලන්නෙ නැත්ද මගෙ බ්ලොග් දෙක? අන්න නිතර ගැවසෙන තැන් මම.
      henryblogwalker the Dude

      Delete
  17. එක එක තැන කීවට , මාත් තාම දෙකයි . මමනම් හිතන්නේ මෙතනින් යන එකක් නැ කියල .
    මොකද මම මෙතනට කැමති නිසා .

    මේ හැමදෙයක්ම ඔයාගේ ජීවිතේ ඉදිරිට ගෙනියන්න පිටු වහලක් වෙයි . දිගටම ලියන්න . පුළුවන් වෙලාවට එන්නම් බලන්න .

    ReplyDelete
  18. මාත් දැනට තැන් දෙකක වැඩ කරලා තියෙනවා.පළවෙනි එකේ බොසා නම් ඔයාගෙ බොසා වගේ.එයාගෙ වැඩේ විතරයි.ඒත් දැන් ඉන්න තැන බොස් නම් හරිම හොදයි.අයින් වෙන්න හිතෙන්නෙත් නෑ ඒ නිසා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....