ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

09 July, 2012

යෝජිත ද? ආදර ද?

ජිවිතේ වැදගත් තිරණ අතරින් විවාහයට හිමිවන්නේ ඇත්තටම ලොකු තැනක්නේ...

මේ ජිවිතේ වැඩියෙන්ම වැදගත් කියන දේවල් එක්ක කසාදයක් බැදගෙන දෙන්නෙක් එක්කෙනෙක් වෙනවා කියන වැදගත් දෙයක්නේ....

දැන් මේ විවාහ වෙන එක එක එක විදිහට වෙනවානේ

සමහර අය ඉතින් ආදර සබදතා වල ප්‍රතිපලයක් විදිහට විවාහ වෙනවා..

සමහර අය යෝජිත විවාහ වලින් විවාහ වෙනවා..

අද ඉතින් ඔය සමහර යෝජිත විවාහ ගැන අහන්න ලැබෙන එහෙමත් නැත්නම් යෝජිත විවාහ වලදි එක එක අය කරන බොරු ගැන ලියන්න හිතුනා...

යෝජිත විවාහ... ගොඩාක් වෙලාවට මේ දේවල් වල ප්‍රධාන සන්නිවේදන මාර්ගය වෙන්නේ සති අන්ත පුවත් පත්නේ...

කපු මහත්වරු තවමත් අතරින් පතර ඉන්නවා... අපි කපුකම් කරපු දේවලුත් තියනවා වගේ ඔය අතර මැද යොජිත විවාහ වෙන්න පුලුවන්නේ....

ඇත්තටම ඉතින් විවාහය ගොඩාක් සාර්ථක වෙන්නේ ආදර සම්බන්ධතා වලින් ගොඩනැගෙන විවාහ ජිවිත ද? එහෙම නැත්නම් ඔහොම යෝජිත විවාහ වලින් විවාහ වෙන ගොඩනැගෙන පවුල් ජිවිතද?

කසාද බැදලා ඉන්න අය එහෙම නෑත්නම් බදින්න ඉන්න අය උනත් ඉතින් කියන්නකෝ හිතෙන දේ....

යෝජිත විවාහ වලට වඩා මම නම් හිතන්නේ ආදර සබදතා තමයි ගොඩාක් සාර්ථක...

ඔය මංගල දැන්විම් තිරුවක් අරගෙන බලන්නකෝ යෝජිත විවාහ වලදි කියන දේවල්

* සුළු වැරද්දක් නිසා දරුවෙකු සිටින (මේක සුළු වැරද්දක්ද?)

* වයස අවුරුදු 50ක් නමුත් ලාබල පෙනුමැති (අවුරුදු කියෙන්ද ලාබාල අය)

* සුළු පාදයේ ඇදයක් ඇති නමුත් පිටතට නොපෙනෙන

* විවාහය පොතට පමනක් සිමා වු දින දෙකක විවාහයක්

තව ගොඩාක් දේවල් එක පි‍ටුවක උනත් බැලුවොත් හොයාගන්න පුලුවන්...

ඉතින් මම නම් කියන්නේ කසාදයක් බදිනවානම් යාලුවෙලා තේරුම් අරගෙනම බදින්න....
එහෙම බැ යෝජිතම නම් ඔනා නම් ඔය කියපු දේවල් වලින් පරිස්සම් වෙලා කසාද බැද ගන්නකෝ
ජය වේවා


40 comments:

  1. yojitha unath avuruddak wath love karala badinna one.naththam ithin vivahaya virahawak thama.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් නම් අනිවාර්යෙන්ම වෙන්න ඕනේ ගොඩාක් ලොකු අවබෝධයකින්

      Delete
  2. අනේ මන්දා ඔය දෙකේම හොද නරක එහෙමෙහෙ වෙන්නේ පතාගෙන එන විදියට.ඔය කසාදය පොතට පමණක් සීමා වෙලා වෙන්වෙච්ච අය නම් පව්.මොකද මම දැනුවත්ව එහෙම කෙනෙක් ඉන්නවා.එයා පත්තරෙන් හොයලා බැදලා තියෙන්නෙ. ගිවිස ගෙන විතරයි.වෙඩින් එක ගන්න කලින් එයා ලොක හොරෙක් කියලා ආරංචිවෙලා.ඉතිං ඩිවෝස් වෙලා.ඉතිං දැන් එයා දික්කසාද ගෑනියක්.ඒක ලොකෙ ගන්න හරි අසාධාරණ තීරණයක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙම වෙන එක නම් ගොඩාක් අසාධාරනයි තමයි බට්ටියේ.. ජිවිතේ වැදගත්ම තිරනයක් එහෙම වැරදෙනකොට කොහොම දැනෙනවා ඇතිද?

      ඒත් එහෙමවත් බේරුන එක නම් ගොඩාක් වටිනවා

      Delete
  3. චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් පොතක මඟුල් කපු මහත්තයෙක් gAna සුපිරි කතාවක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. අහලා කියවලා නම් නැ. පුලුවනිද ඒ ගැන දැනුවත් කරන්න....

      Delete
    2. මේකෙන් ගිහින් බලන්න

      …http://www.elakiri.com/forum/showthread.php?t=1287326

      Delete
  4. බ්ලොග් සතිය වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කල ඔබට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මෙවන් වැඩ පිලිවලක් සංවිධානය කිරිම ගැන තුති....

      Delete
  5. මට මතක විදිහට මේ මාතෘකාව ගැන මීට කලින් ළඟදී දවසක බ්ලොග් එකක ලියවිලා තිබිලා මම කමෙන්ට් කළා.
    මගේ අදහසනම් යෝජිත විවාහයද හොඳ නැත්තං ආදර සම්බන්ධතාවයකින් වෙන විවාහයට හොඳ කියලා අහන ප්‍රශ්නේ හරියට නිකං කිකිළිද මුලිං ආවේ බිත්තරේද මුලිං ආවේ වගේ ප්‍රශ්නයක්.
    අවුරුදු ගානක් ආදරය කරලා විවාහ වෙච්චි දෙන්නෙක්ගේ විවාහ දෙදරලා යන්නේ නැද්ද? යෝජිත විවාහයකින් විවාහ උන දෙන්නෙක් ආදර සම්බන්ධයකින් විවාහ උන අයටත් වඩා සමඟියෙන් ජීවත් වෙන පවුල් නැද්ද?
    විවෘතව හිතන කෙනෙක්ට විවාහයක් කෙලවර කරලා ළමයෙක් එක්ක හෝ ළමයෙක් නැතුව ඉන්න කාන්තාවක් එක්ක විවාහ වෙන එක මහා ලොකු දෙයක් නෙමෙයි. කෙනෙක් ඔය ලිස්ට් එකේ තියෙන භෞතික දේවල් ගැන පමණක් හිතලා ආදරවන්තියෙක් තෝරාගන්නවාට වඩා ඒ දේවල් වලට වඩා වටින තම අනාගත භාර්යයාවගේ යහපත් ගති පැවතුම් ගැන හිතලා යෝජිත විවාහයකට පෙළබෙන එක මටනම් වඩා හොඳයි! (මගේ අදහසක් පමණි)

    ReplyDelete
    Replies
    1. අදහසට එකග නොවෙමි කියලා කියන්නේ නම් නැ කොහොමවත්.... ඒත් මම දැකලා තියන ගොඩාක් තැන් වල යෝජිත විවාහ වලට වඩා ගොඩාක් සාර්ථක ජිවිත ගත කරන්නේ නම් ආදර සබදතා වලින් ගොඩ නැගුනු ජිවිත කතා කියන එක මට දැනිලා තියනවා....

      කොහොම උනත් අනිවාර්යෙන්ම ගැලපෙන කෙනෙක් ඔය මොන ක්‍රමය උනත් හොයාගන්න එකයි වැදගත්

      Delete
    2. මටත් මතකයි..නංගියෙක් ලියල තිබුනෙ..!

      Delete
  6. \\සුළු පාදයේ ඇදයක් ඇති නමුත්// මල්ලි මේකනම් බරපතල තත්ත්වයක්.... දැන් මොකක්ද මේ සුළු පාදය කියන්නේ...

    ටැබූ සබ්ජෙක්ට් ලියනවද මන්දා උඹ...?

    ReplyDelete
    Replies
    1. ඔහොමත් විහිලු කරනවාද අයියා.... ඔහොම තමයි කියවපු පත්තර කැල්ලේ තිබුනේ... හිකිස්

      Delete
  7. aw me kathawa nam aththa...
    eth adare karanna kalin 2 parak hithanna..
    aththatama jivithakalema laga thiyagannada adare karnne nathnam fun ekatada, akarshanyak nisa athiunu hagimak da kiyala ... mokada adare ekka sellam kaloth jivithe hugak adanna wennwa.. jivitheta mathak kara kara ayemath adawanna puluwan adareta..
    dana giyoth kataragama.. nodana giyoth atharamaga wage adareth..
    kalpanawen...
    yana maga hariyata danagena parissmata adare geniyanna..
    obata jaya..!

    ReplyDelete
  8. ආදරේ කරලා බැන්දත් යෝජිත විවාහයකින් බැන්දත් දෙන්නට දෙන්නා ආදරෙන් ජීවත් වෙනවනම් ඒ ඇති නෙව !
    මල්ලි කිව්වා වගේ අර විදිහේ ප්‍රශ්න නම් යෝජිත විවාහ වල තියෙනවා. ඒක නම් අත්දැකීමෙන් දන්නවා. ඒත් අතරින් පතර ඉටි රූප වගේ ලස්සන අහිංසක ගෑල්ලමයිනුත් මේ විදිහට යෝජනා වලින් එනවා කියලා කියන්න ඕනා !!

    ReplyDelete
  9. මොකෙන් විවාහ උනත් ආදරයයි විශ්වාසයයි කැපවිමයි තේරුම් ගැනිමයි තියෙනවා නම් සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්න පුළුවන් මන් හිතන්නේ....මගේ අදහස..

    ReplyDelete
  10. මගෙ නම් අදහස මොන විදිහකට බැන්දත් ඒක වහක්.... :) තවත් කෙනෙක් එක්ක එකට ජීවත් වෙන්න වගකීම් ගන්න එක, කැපකිරීම් කරන එක මගෙන් නම් මලාට කෙරෙන්නෙ නෑ...

    ReplyDelete
  11. yaluwela bandath proposal 1k unath hoda therum ganeemak nathuwa pawathwagena yanna amaryui...

    ReplyDelete
  12. අනේ මංදා විග්‍රහ කරන්න අමාරුයි..!!!!

    ReplyDelete
  13. ඔය ක්‍රම දෙකටම දෙපාරක් බැදල බලන්න ඕනි,,,

    ReplyDelete
  14. මාත් කැමති ලව් මැරේජ් එහෙකට :)

    ReplyDelete
  15. මම නම් දකින්නේ අයියේ යාළුවෙලා බඳින එක තමයි හොඳම.

    අපි මෙහෙම හිතමු කෙල්ලෙක් මොකෙක් හරි නිසා අනාත වෙලා ඉන්නකොට තව කොල්ලෙක් පිවිතුරු හදවතින් ඒ කෙල්ල එක්ක යාළුවෙන්න එනවා.එතකොට කෙල්ල කියනවා මට මෙහෙම වුනා කියලා.ඒත් කොල්ලා ඒක අවුලක් නෑ කියලා කසාද බඳිනවා.... දෙන්නට දෙන්නා තේරුම් අරගෙන ආදරෙන හිටියොත් ලස්සන විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්...

    මෙහෙම හිතමු එක පාරක් විවාහ වෙලා ඒ මිනිහගෙ වැරැද්දක් නිසා දික්කසාද වෙන තරුණියක් එක්ක කොල්ලෙක් ආදරෙන බැඳෙනවා.ඉතින් ඒ වගේ තැන්වලදි ලමයෙක් හිටියත් නැතත් මම නම් හිතන්නේ ආදරේ නිසා දෙන්නට විවාහ වෙලා සතුටින් ඉන්න පුළුවන් කියලා.

    නමුත් සල්ලි බලාගෙන යෝජිත විවාහ තීරුවේ දැන්වීම් බලලා සුළු වැරදි අබාධ තියෙන අයව විවාහ කරගන්න පිරිමිත් නැතුවා නොවෙයි.එතකොට ඉතින් සෑහෙන්න දුක්බර පවුල් ජීවිතයක් ගත කරන්න වෙයි කියලයි මට හිතෙන්නේ....

    මේ කිසිම දේකට වඩා වැදගත් විශ්වාසයයි එකිනෙකාව තේරුම් ගැනීමේ ශක්තියයි

    ReplyDelete
  16. හී හී.. හ්ම්ම්.. හ්ම්ම්,, තව කල් තියනවා හිතන්න :) :)

    ReplyDelete
  17. ආදර විවාහ හොද නිසානේ මලයා ආදරේ කරන්න පටන් ගත්තේ මම.. :)

    ReplyDelete
  18. හැම දේකම දෙපැත්තක් තියනවා කියලා හිතනවා මම. හැබැයි පෞද්ගලිකව වැඩියෙන් කැමති ආදරේ කරලා බදින එක..

    ReplyDelete
  19. මම අත් දෙකම උස්සගෙන ඉන්නෙ ආදර විවාහයට.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අපි අත් දෙකම උස්සන්නේ Hands up කියලා කවුරුහරි පිටිපස්සෙන් වෙඩි තියන්න යනකොට

      :ඩී

      Delete
  20. මට මතක විදියට හිතූගේ බ්ලොග් එකෙද කොහෙද මේ ගැනම පෝස්ට් එකක් තිබුනා.මගේ වැඩි මනාපයත් ආදර විවාහයකට තමා. හැබැයි ඔය මොන ක්‍රමෙන් විවාහ උනත් දෙන්න අතර තියෙන විශ්වාසය අවබෝධය සහ නම්‍යශීලි බව අනුව තමා විවාහය රදා පවතින්නේනම්.

    ReplyDelete
  21. මටත් හිතුනෙ කිකිලිද බිත්තරේද කතාව තමා..
    මේක සිද්ධ වෙන්නෙ අපි කැමති අකමැති විදිහට කියලයි මට හිතෙන්නෙ...:)

    ReplyDelete
  22. මමත් හිතන්නේ ලව් මැරේජ් තමයි සාර්ථක කියලා...

    ReplyDelete
  23. යෝජිත වුවත් දැන හැදින ආදරේ කර බදින්න..

    කෙලින්ම ආදර එකක් නම් සිරාය !

    ReplyDelete
  24. අහ්හ්හ්..මමත් ලිව්වා තමා ළඟකදි මේ ගැනම.. :) ඒකෙදි මම මගේ අදහස කිව්වා.. මමත් ඉතින් එක පයින් නෙවෙයි දෙපයින්ම කැමති ආදරේ කරලා බඳින්න තමා..:D

    ReplyDelete
  25. ඔක්කොම කමෙන්ට් වලට රිප්ලයි දෙන්නම් ඉක්මනින්ම

    ReplyDelete
  26. අපෝ... මම නම් මොනම හේතුවකටවත් යොජිත කසාද බඳින්නේ නැහැ, ඊට වඩා හොඳයි තනිකඩව ඉන්නව.....ජිවිත කාලයම නොදන්න කෙනෙක් එක්ක ඉන්නේ කොහොමද? මටනම් පිස්සු හැදෙයි....

    ReplyDelete
  27. හ්ම්.... අනේ මන්දා මල්ලි.මොන විවාහයෙදි වුනත් විස්වාසය කැඩුනොත් ලත් තැනම ලොප් තමා.

    ReplyDelete
  28. අම්මේ..මම නම් යෝජනාවකින් බදින්නේ නෑ...ඊට වඩ හොදයි කසාද නොබැද ජීවිතේම තනිකඩව ඉන්නවා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....