ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

05 July, 2012

මාකට්............................... වෙන ලෝකේ


ආගමත් දැන් එලිපිටම මාකට් වෙන්න පටන් අරගෙන...

ඇත්තටම ලංකාව කියන පුන්චි රට ඇතුලෙත් එක එක වෙන දේවල් වෙන්න පුලුවන් සමාජ වටපිටාවක් ගොඩ නැගුනේ කොහොමද මොන හේතු නිසාද කියලා හොයන්න ගියොත් ඇත්තටම ඒකට හේතු ගොඩාක් හොයා ගන්න පුලුවන් වෙයි.

මිට අවුරුදු 20කට 30 කට විතර එහාට ගියොත් ඇත්තටම මේ තරම් සංවර්ධනය නොවුනත් මිට වඩා සතුටින් සරලව ජිවත් උනු පිරිසක් හොයාගන්න එක ඒ තරම් අමාරු නැ

ඇත්තටම දැන් මිනිස්සු සංකිර්ණ වෙලා..අවශයතා වැඩි වෙලා... තවත් කෙනෙක්ට වඩා වැඩියෙන් තමන් උසස් කියලා පෙන්න ගන්න හැමෝටම ඕනේ...

ආගම මාකට් විම මේ කාරණා එක්ක බලන කොට ඒ තරම් පුදුම වෙන්න දෙයකුත් නැ..

හැමදෙයක්ම විකුණන විකිනෙන යුගයක කොහොමද ආගමක් මාකට් නොවි තියෙන්නේ....

සමහර අයගේ රස්සාව වෙලා තියෙන්නේ මේ වැදගත් අවස්ථා වෙනුවෙන් කැප වෙලා ජිවත් වෙන එක.. ඒ කියන්නේ අවුරුදු කාලෙට අවුරුදු උත්සවයක්  සංවිධානය කරලා එකෙන් ලැබෙන ආදායමෙන් ටික කාලයක් ජිවත් වෙනවා ඔන්න එතකොටම එනවා වෙසක් , පොසොන් , ඇසල..  තොරනක් එක පොයකට තවත් පොයකට දන්සලක් දිලා ඔන්න ඒකෙන් ලැබෙන ආදායම (හැමෝම නම් නෙමේ සම  හරක්) තව මාස දෙක තුනක් ජිවත් වෙනවා.. ඔහොම යනකොට ජිවත් වෙන්න සල්ලි මදි වගේ නම් තියනවා මියුසිකල් ශෝ එකක්.... ඒකෙන් ඉතිරි කාලේ ශේප් කරගන්නවා..

වෙන ජොබ් එකක් කරන්න ඕනේ නැ.. අවුරුද්දම ශේප්....

මම දන්නේ නැ වෙන කොහෙවත් තියනවද දන්නේ නැ එක තැන ලොකු තොරන් තුනක් තියන තැනක් (සැනකෙලි කලාප නෙමේ)
එක පිට්ටනියක ප්‍රධාන පාරක් ලග... හැබැයි එක තොරනකවත් එකම එක පින්තුරයක් වත් පාරට පෙන්නේ නැ.. තොරන් තුනම බලන්න නම් අනිවාර්යෙන්ම ඇතුලට යන්නම ඕනා ( නිල නොවන ආරංචි වලට අනුව නම් ඇතුලට යන්න ටිකට් ගන්න ඕනාලු) එහෙම ටිකට් ගත්තේ නැතත් එතන සර්කස්, මාරක ළිද, අශ්වයෝ, පොනියෝ, ජිරාෆ්, සෙල්ලම් කොච්චි, කතුරු ඔන්චිල්ලා,. මැරිගෝ රවුම් ආදි එකි නොකි හැම දෙයක්ම නම් පිරිලා

ඉස්සර පාරේ ඉදන් තොරන් වැදලා යන්න තිබුනු නිදහසක් දැන් නැ හැම දේකටම මුල් වෙන්නේ සල්ලි. සල්ලි නැත්නම් වෙසක් කුඩුවක්, තොරනක් බලා ගන්න බැරි තත්වයක් ඇවිත් තියෙන්නේ.. ඇත්තටම කොහොමද මේ තරම් මිනිස්සුන්ගේ හිත් වෙනස් උනේ..

තව වැඩි කාලයක් යන්නේ නැ දන්සල් වලින් කැම ගන්නත් අනිවාර්යෙන්ම මුදල් ගෙවලා ටොකන් ගන්නම වෙයි...

එහෙම නොවුනොත් මේ මාකට් වෙන විදිහට ඒක නම් පිලිගන්න අමාරු වේවි..

ඒත් ඇත්තටම තාමත් ඉන්නවා සමහර අය ගොඩාක් භක්තියෙන් බුදු දහමට අනුව වැඩ කරන එහෙම මුදල් පරමාර්ථයෙන් තොරව එහෙම පිංකම් වල නිරත වෙන උදවිය ගොඩාක් ඒ අයට අපේ උපහාරය


ප/ලි : පුන්චි දෙයක් යාලුවනේ සමහර අලුත් යාලුවෝ කමෙන්ට් කරනවා ෆලෝ කරනවා දකිනවා මම... පුලුවනි නම් ඔයාලාගේ බ්ලොග් වල ඇඩ්‍රස් කමෙන්ට් විදිහට හරි නැත්නම් මේ මගේ ෆේස්බුකියට මැසේජ් එකකින් එවනවද? අලුත් බ්ලොග් මග ඇරෙන නිසා...

55 comments:

  1. කතාව ඇත්ත යාළුවා..දැන් හැම එකම මාකට් තමා :/

    ( www.hiruhimawi.blogspot.com )

    ReplyDelete
    Replies
    1. ඇතත හිරුහිමාවි.... ඔන්න අපි බ්ලොග් එක පැත්තේ ගිහින් කියන්න ඕන දේවල් කියලා අවා.. ජය හා සතුට

      Delete
  2. හැමදේම මාකට් වෙලා තියෙන්නේ.
    මිනිස්සුන්ට දැන් ඕන කොහොමහරි ජීවත් වෙන්න. තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න !!!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අයියා, ඒත් කොහොම හරි අවශතා ඉ‍ටු කරගන්න එක නම් ඒ තරම් හොද නැ නේද?

      Delete
  3. ඇයි දැන් තොරන් බලන්ට සල්ලි දෙන්ට ඕනිද?

    ReplyDelete
    Replies
    1. සමහර තැන් වල එහෙම තමයි පොඩ්ඩියේ... ආහ් දැන් බ්ලොග් ලොකේත් එක එක තොරන් පෙන්නනවානේ.... නොදැක්කා වගේ බලලා නිකන් බලා ඉන්න එක තමා හොද ඕවට උත්තර දෙන්න යන්නේ නැතුව

      Delete
  4. සහතික ඇත්ත මල්ලි.දැන් තොරණ් ගහන්නෙ පේන තැන් වල නෙවෙයි.හැමදේම සල්ලි.අවුරුදු උත්සව වලට සල්ලි එකතු කරනවා තෑගි දෙන්න අරවට මේවට කියලා.අන්තිමට තෑගි ගන්නෙත් සංවිදානය කරපු අයම තමා. :))

    ReplyDelete
    Replies
    1. අක්කාටත් ඔය ලස්සනට පෙනිලා තියෙන්නේ වෙන දේවල් හරියටම.. බලාගෙන යනකොට කොහෙත් එක වගේ නේද අක්කෝ

      Delete
  5. මේ මාකට් වෙන්නෙ ආගම නෙවි දේවා..
    ආගම කියලා මිනිස්සු හිතාගෙන ඉන්න සංකල්පය..

    ආගම (විශේෂයෙන් බුද්ධාගම) මේ වගේ දේවල් වලින් විනාශ කරන්න අමාරුයි මොකද තාමත් ධර්මයට අනුව ජීවත්වෙන මිනිස්සු ඉන්න නිසා..එයාලා නැති වුන දවසට නම් ආගම විනාශ වේවි...

    ReplyDelete
    Replies
    1. අගමානුකුලව ජිවත් වෙන අයටවත් ජිවත් වෙන්න දෙන්නේ නැහැනේ මේ සමාජේ මිනිස්සු.... ඒකත් මාකට් තමයි ඉතින් හැමවෙලේම හැමදේම

      Delete
  6. මේයනවිදියට අම්මතාත්තත් මාකට්වෙයිඉස්සරහට,
    අනිකආගමසිහිවෙන්නත් කරදරඑන්නමඕනෙ ගොඩක්අයට...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. කරදර එනකොට කවදාවත් පන්සලකට ඇවිත් නැති උදවියත් දවස් ගනන් පන්සල් එනවා...

      වයසට යනකොට විතරක් පින් කරන්න ඕනා කියලා හිතන සමාජයක් මේක

      Delete
  7. දැන් හැමදේම මාර්කට් වෙන කාලයක්.
    පුදුම වෙන්න දෙයක් නෑ..
    බුදු හාමුදුරුවෝ දේශනා වගේ
    සියලු දේ අනිත්‍යයයි.නොපමාව කුසල් දම්හි යෙදෙන්න" කියන එක සිහියේ තියාගෙන වැඩ කරන එක තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඔයා කිවා නියම ඇත්ත.. ඒත් ඕක තේරුම් ගන්නේ නැතුව වැඩ කරන නිසා තමා මේ මාකට් විම ඇති වෙලා තියෙන්නේ නේද යාලු

      Delete
  8. දේවා අපි පොඩි කාලෙත් මිනිස්සු කියන්නෙ ඊට ඉස්සර හොඳයි කියලා ඒ දවස්වලට වඩා. ඒ කාලෙත් මිනිස්සු වෙසක් කාඩ් වල නොගැලපෙන පින්තූර තියෙනවාය කියලා, එලිය පෙට්ටි, බකට්, බල්බ් වැල් වලට මිනිස්සු පුරුදු වෙලාය කියලා, ඒවගෙම කාලගුණයත් ඉස්සර වාගෙ නෑ කියලා බනිනවා මට මතකයි. හැම දේම සාපේක්ෂයි. මේ මට හිතෙන හැටි.

    ඕ.. තවත් දෙයක්. මගෙ බ්ලොග් දෙකට යන්න පුලුවන් පහල තියෙන henryblogwalker සහ Dude කියන වචන උඩ කෙ‍ටුවාම වෙන වෙනම. දේවා අහලා තිබ්බනෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ කාලෙත් එහෙමද අයියා.. ඒත් මිට අවුරුදු 15කට විතර කලින් ලස්සනට තොරන් බලපු කාලයක මතකයක් තියනවා මට...

      ඒත් දැන් එහෙම නැ.. තව ටික කාලෙකින් දැන් ගැනත් එදා ගැන කියනවා වගේ කියන්න වෙයි අයියා කියනවා වගේ... අයියාගේ බ්ලොග් එකට කලින් ඇවිත් තිබේ අක්කාගේ උපන්දිනේ දවසේ වගේ ආයෙම මිස් වෙලා ආයේ එහෙම නොවේවි

      Delete
    2. එතකොට ඒ කාලෙත් එහෙමද අයියා.. ඒත් මිට අවුරුදු 15කට විතර කලින් ලස්සනට තොරන් බලපු කාලයක මතකයක් තියනවා මට...

      ඒත් දැන් එහෙම නැ.. තව ටික කාලෙකින් දැන් ගැනත් එදා ගැන කියනවා වගේ කියන්න වෙයි අයියා කියනවා වගේ... අයියාගේ බ්ලොග් එකට කලින් ඇවිත් තිබේ අක්කාගේ උපන්දිනේ දවසේ වගේ ආයෙම මිස් වෙලා ආයේ එහෙම නොවේවි

      Delete
    3. හෙන්රිගේ කතාවට මාත් එකඟයි . හැමදේම සාපේක්ෂයි .

      Delete
  9. ඇත්තටම තොරණ් බලන්න ගියහම බලෙන්ම සල්ලි සම්මාදම් ගන්නවා. (කමක් නෑ කියලත් හිතෙනව ඉස්සර වගේ තොරන් වලට දායකත්වය සපයන මුදලාලිල දැන් නැහැනෙ.)

    http://vpokura.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තේ... තාම සත් ගුණවත් අය ඉන්නවානේ.. ඒ අයගෙන අරගෙන මාස ගානක් ආධාරත් එකතු කරලා තමයි ඔහොම කරන්නේ..

      බ්ලොග් එක බලමින්

      Delete
  10. ඒවට යන වියදමටත් වඩා ලොකු ලාභයක් උපයනව සමහර තැන් වල. ලොකු කූඩු කීපයක්මත් තියෙනවලු මුදල් අය කරන
    මගෙ බ්ලොග් 1 දන්නවද මන්දා.
    http://lokayekonaka.blogspot.com

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ තොරන් තුනක් එක ලගම එක පිට්ටනියේ මුදල් අයකරනවාලු.. (මම නම් ගියේ නැහැ ඉතින්)

      නොදන්න බ්ලොග් ගැන දැන ගන්න ඉතින් අපිත් කැමතියිනේ..

      ඔයාගේ බ්ලොග් එක ෆලෝ කරලා තිබේ මිට කලින්... අනේ දෙවියනේ මෙහෙම නිදාගන්න කෙල්ලක්.... ලෙඩ්ඩුන්ට යන කල දවස කල්පනා කරමින්..... හ්ම්ම් ජයම වේවා සිදු

      Delete
  11. ඔය කියලා තියෙන්නේ අවතාර්ගේ පැත්ත ගැනද මන්දා ගිය පාර තොරන් 3ක් පිට්ටනියක ගැහුවා පාරට පේන්නේ නැති වෙන්න යන්න තිබුනේ ටිකට් අරන් මේ පාර ඇසළ පෝයටත් එතනම තොරන් 3යි ටිකට් ගන්නවද කියලා දන්නේ නෑ තවම යන්න බැරි උනා
    මේ තියෙන්නේ අවතාර් ඒ ගැන කාලෙකට කලින් ලියපු පෝස්ට් එකක් http://nonimiahasa.blogspot.com/2012/05/blog-post_01.html

    ReplyDelete
    Replies
    1. අවථාර් කොහෙද ඉතින්.... මෙදා වෙන කොහෙවත් එහෙම තියනවද කියලා මට නම් ආංරචිචියක් නැහැ.. සෝ බලන්න කියන්නකෝ

      Delete
  12. කාලෙත් එක්ක හැමදේම මාකට් වෙලා දේව්.. ඒ ගැන නම් කියලා වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ දිනේෂ් අයියා.. රට එන්න එන්නම යන තැන ගැන නම් හිතාගන්න බැ

      Delete
  13. අසංවිධිත ආර්ථිකයක් තියෙන අපේ වගේ රටවල්වල මිනිස්සු හැම විටම අනාරක්ෂිතයි. ඒ හින්දා අපි හැමෝටම ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ බයෙන්. එතකොට රැස්කරගතයුතු හැම දේම රැස්කරගන්න වෙනවා, මිලදී ගතයුතු/ගතහැකි හැමදෙම මිලදී ගන්න වෙනවා. විකිණිය හැකි හැම දේම විකුණන්න වෙනවා. මේ සියල්ලම සංකෘතිකවත්- ක්‍රියාවලියක් විදියටත් එකට ජාලගතවෙලයි තියෙන්නෙ. ආගමත්/ ආගමික සංස්කෘතියත් තියෙන්නෙ ඊට බැහැරින් නෙවෙයි, ඒ තුළමයි.

    ReplyDelete
    Replies
    1. එත් අයියා එහෙමයි කියලා හැමදේම මාකට් වෙන්න ගත්තොත් ඒ රටට පැවත්මක් තියෙවිද? හැම දෙයක් මුදල් මතම යැපෙනවා නම් එතන විනාශය වැඩි ඇතක නම් නෙමේ

      Delete
  14. හැමදේම සල්ලි මත්තේ නැහෙන මේ කාලේ ඕවා සාමාන්‍ය දේවල් බං දැන්.

    http://sinhalaya-lokayata.blogspot.com/
    අලුත්ම බ්ලොග් එකක් වෙන මඩිස්ස

    ReplyDelete
    Replies
    1. සල්ලි සල්ලි................ අයියෝ සල්ලි...

      ඔන්න මම 160 හොදේ

      Delete
    2. පුළුවන් නම් අයෙ ඇවිත් ෆලෝවස් ලිස්ට් එක වීව් කරලා බලපන් තිස් ගණන්වලටත් උඹ ඇති :) මට ඒක හිතාගන්න බැහැ.ඔබා මාමත් දෙපාරක් ඉන්නවා.

      Delete
    3. ඕක මට කතාන්දර ගේ බ්ලොග් එකෙත් වෙලා තියනවා නිශාන් ඒකත් මම තුන් හතර පාරක්ම ෆලෝ කරලා තියනවා.. ආයේ කාලෙකට පස්සේ ගියහම ආයේ ෆලෝ කරන්න පුලුවන් ඒ මේල් එකෙන්ම අනේ මන්දා....

      Delete
  15. මාකට් කරන්නෙ ඒවා මිලදී ගන්න මිනිස්සු ඉන්න නිසා. ඒත් තොරනකින් කරන්න පුලුවන් මොනවද අද කාලෙ ?
    ඉස්සර කාලෙ නං මිනිස්සුංට ජාතක කතා පෙන්නුව කියන්න පුලුවං (ඒත් තොරනක් බලල මාර ජොලියක් ගන්න මිනිස්සුන්ට ජාතක කතාවක තියෙන මනස මූලික කරගත් දාර්ශනික අදහස් තේරුම් ගන්න පුලුවංද මන්ද?)
    දැං කාලෙ තොරනක් ගහල කරන්න පුලුවන් ජනප්‍රිය වෙන එකයි සල්ලි ටිකක් හොයාගන්න එකයි විතරයි.
    මේවයිං ලොකුම කරදරේ වෙන්නෙ තොරන් බලන්න ඕන නැති මිනිස්සුන්ට ඒහරියෙ පාරක නිදහසේ යන්නයි කනක් ඇහිල ඉන්නයි බැරිවෙන එක.

    ReplyDelete
    Replies
    1. ඇනෝ විදිහට ආවත් ඇත්තටම ගොඩාක් දුරට නිව‍රැදි කතාවක් කියලා තියෙන්නේ යාලු... මෙහෙම හොද දෙයක් හරියට කියන ඇනෝ ලට උනත් ඉන්න දෙන්නේ නැහැනේ එක එක ඇනෝලා

      Delete
  16. හැමදේම මාකට් වෙලා තමයි දේවා..වෙලාවකට සිද්ධ වෙන දේවල් බැලුවහම මට පුදුමයි මේක බුදුන් වැඩිය රටමද කියලා....

    ReplyDelete
    Replies
    1. බුදුන් උපන් දේශයෙ මිට හපන්ලු බට්ටියේ

      Delete
  17. හිතෙන දේ ලියන්නකෝ.... ඇත්ත කියලා හිතුනොත් පිලිගන්නම්.. මෙතන නම් මට මුකුත්ම හිතුනේ නැ අෆ්ෆා

    ReplyDelete
  18. නොක්ස්ගේ එදා හෙලදිව පොතේ තියෙනවා අතේ බුදු පිළිමයක්, ධර්ම ග්‍රන්ථයක් තියාගෙන ඒකේ නාමයෙන් හාල්, පොල්, ආදිය එක් රැස් කරගෙන ජීවත් වුණු මිනිස්සු ගැන... වෙනසක් නැහැ අදත් ඒ විදිහට බුදු දහමේ නාමයෙන් හුඟක් අය ජිවත් වෙනවා

    ReplyDelete
    Replies
    1. ආගම නාමයෙන් ජිවත් වෙන එකට වඩා එක විකුනගෙන කන්න හදන අය නිසා මෙ ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා.

      Delete
  19. අනේ මන්දා බං.. බුදුහාමුදුරුවන්ව විකුනගෙන කන ස්වාමින් වහන්සේලා ඉන්න රටක්..

    තව ඉතිං පාර්ලිමන්ටි හිමිවරු ගැන කවර කතාද?

    ReplyDelete
    Replies
    1. අනේ කාලේ වනේ වාසේ කිවලු... තවම ඔය අයගෙ වෙලා තියන යහපත්ක් හැන මම දන්නෙ නැ

      Delete
  20. දිල්ලිය දිල්ලිය... දෙව් ලොව පල්ලිය....
    සල්ලිය තිබුනොත් .... දෙව් ලොව දිල්ලිය... - බූරුවා මහත්තයා

    අපේ රටේ සල්ලි තියෙනවනම් දෙව්ලොව නෙමෙයි බඹ ලොවත් ගිහින් නිවන් දකින්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. අනිවා අයියෙ සහතික ඇත්ත

      Delete
  21. සහතික ඇත්ත දේවා අය්යේ...සල්ලි දෙය්යන්ගේ මල්ලි කියන්නේ ඒක වෙන්නැති
    http://ksithijaima.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දැන් නම අ‍යියා වෙලාද මන්දා මල්ලි. බ්ලොග් එක පැත්තෙ එන්නම්කො

      Delete
  22. ඇත්තම ඇත්ත...මම ඒත පුදුම වුණා සමහර කූඩු බලන්න සල්ලි ගන්නවා කියල දැක්කම...සල්ලි බලාගෙන හදන ලොකු වෙසක් කූඩුවකට වැඩිය පොඩි ළමයෙක් හිත සතුටෙන් හදන කූඩුවක වටිනා කමක් තියෙනවා...

    තවත් එකක් තමා දන්සැල් සංවිධානය කරද්දි පාර අවහිර නොවන ආකරයට කරනවානම් තවත් හොඳයි...විශේෂයෙන්ම ප්‍රධාන පාරවල් වලදී...

    ReplyDelete
    Replies
    1. දන්සල් දෙනකොට ගොඩාක් අයට එ පාර ලියලා දෙනවා ඇති. සහතික ඇත්ත

      Delete
  23. හැම තැනම මාකටින්නේ දැන්...

    ReplyDelete
  24. Marketing thama dan koyi deth.......
    pin karanneth laaba balaagena. :(

    oya kiyana thorana???ude hawasa bank 1ta yana ena gaman magadi hambena polak laga thiyena eka wenna ona man hithanne???
    ticket ganna ona kathaawak matath aaranchi una.

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර හරිනෙ. එත් ඇයි ඇනො එන්නෙ මාත් කැමති දැන ගන්න මෙ කවුද කියලා

      Delete
  25. මෙහෙම මාර්කට් වෙන්න හේතුව මිනිස්සු හරියට ආගම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කම.මෙතන කතා කලේ තොරණ් ගැන නේ.අද වෙද්දි තොරණ, පෙරහැරවල්, දන්සැල් ලාභ ලබන ව්‍යාපාර වෙලා.
    ආගමේ ප්‍රදර්ශනාත්මක පැත්තට මිනිස්සු ඇදෙනවා වැඩියි.
    හරියට ධර්මය පිහුටවන්න කෙනෙක් නැති කමින් තොරණ් අනම් මනම් වගේම තව එක එක විදි වලට අහිංසක දුප්පත් මිනිස්සුන්ව අන්දලා තමන්ගේ මඩිය තරකරගන්න හදන අමනයෝත බොහොමයි

    ReplyDelete
    Replies
    1. සමහර අයගෙ රැකියාවම දැන් එක වෙලා, මිනිස්සු මුලා වෙලා දැන්

      Delete
  26. හ්ම්...ඇත්ත කතාව...

    ReplyDelete
  27. අැත්ත සමහර ෙවලාවට අපිවත් මාකට් කරනවද මංදා. ෙමාන ෙද් වුනත් බලන්ෙන කීයක් හරි ෙහායාගන්න පුළුවන්ද කියලා.
    ෙවසකූඩු බලන්නත් ටිකට් ගන්න ඔ්ෙන, ෙතාරණ, ෙමකී ෙනාකී හැමෙද්ටම මිළක් නියම කරපු සමාජයක් ෙම්ක. ෙමානව කරන්නද

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....