ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

27 May, 2012

මොනවා උනත්.. මිතුදම් පවති ලොව සැමදා

ඇත්තටම මොනවද වෙන්නේ කියලා කියන එක සාධාරණයි කියලා හිතුනා....
දවස් ගානකින් බ්ලොග් පොස්ට් එකක් ලියලාත් නැ.. බ්ලොග් එකක් කියවලාත් නැ..

සෝ ඇත්තටම ජිවිතේ මේ දවස් වල ගෙවෙන්නේ හරිම අමුතු විදිහට...

හිතාගෙන උන්නු (පාස් කියලා) විභාගයක එක සබ් එකක් නොහිතුව විදිහට ෆේල් වෙලා..  පාස් උනු සබ්ජෙක්ට් වලට වඩා මට හිතට දුක ඒක ෆේල් උන එක ගැන... කමක් නැ මම පාස් උන ඒවා වැඩියිනේ

මොනවා කරන්නද? කොහොමහරි ඊලග පාර පාස් වෙන්න හිතාගෙන දැන් ගොඩාක් වැඩ කරන්න වෙලා.. ෆේස් බුක් බ්ලොග් වලට දිලා තිබුන තැන් ඇත්තටම දැන් නැතිවෙලා.. මේ දෙයින් මගේ ජිවිතේ පුන්චි  කාලයක් පස්සට ගිහින්..

ඒත් දැන් කරන්න දෙයක් නැ.. පුලුවන් වෙලාවට ඇවිත් හිතට දැනුන දෙයක් ලියලා යන්නම්... ඒත් වෙනදා වගේ හැම වෙලේම නම් බැරි වෙයි....

මොකද අපි මොනවා කලත් ජිව්තේ පරාද වෙලා බැනේ.... ගොඩාක් යාලුවෝ ගාව මගේ මොබයිල් නම් තියන නිසා හදිසියකදි වැදගත් වැඩකදි මට කතා කරයි කියලා හිතනවා...

බ්ලොග් කියවන්න නම් එන එක ගොඩාක් අඩුවෙයි... ඒත් යාලුවනේ ඔයාලා හැමදාම මට ගොඩාක් වටිනවා....

මාසෙකට එක සැරයක දෙසරයක් ඇවිත් යන්න එන්නම්කො....

පරිස්සමින් ඉන්න මගේ යාලුවනේ...

****මිතුදම් පවති ලොව සැමදා ****

(වෙනද මගේ ලග උන්නු බ්ලොග් යලුවෙක් ඇත් උන එක ගන නම් දුකක් හිතේ හිතනවා ගොඩාක්.. )

30 comments:

  1. ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න මල්ලි . ෆේස් බූක් ,
    බ්ලොග් වලට නාවට කමක් නැ. යාලුවෝ නැති වෙන්නේ නැ .තේරුම් ගන්න පුලුවන් අයනේ ඉන්නේ , මේ අපි වගේ :D

    ReplyDelete
  2. :O ගිහං වරෙන් මචං උබේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න ලැබේවා කියලා පතනවා!

    ReplyDelete
  3. ඇත්ත, බ්ලොග් එක ජීවිතේ නෙවෙයි. බ්ලොග් එක ජීවිතේ කරගන්නත් බෑ. ඉතින් ඒ හින්දා පුළුවන් වෙලාවට ලියන්න.

    ReplyDelete
  4. අනාගතය සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. බ්ලොග් කියන්නේ ජීවිතේ නෙවෙයි වගේම විභාගේ කියන්නේත් ජීවිතේ නෙවෙයි....

    ආපහු ලියන්න... ජය වේවා!!!

    ඇන්කර් බොන්න " මං දන්නවා ඔයාට පුළුවං"

    ReplyDelete
  6. ඒ වැඩ ටික හරියට කර ගන්න. එන ගමන පස්‍ට් ක්ලාස් එකකටම යන්න පාඩම් කරන්න.
    හොද යාළුවො ඔහොම දේවල් වලට තාවෙන්නෙ නෑ.මේ අපිවගේ...

    ReplyDelete
  7. සුභපැතුම් බොස්! මේ දවස්වල මගෙත් මයිල් ස්මයිලිං! :D

    ReplyDelete
  8. ඉඳලා, ඉඳලා, මේ බ්ලොග් එක බ්ලොග් රෝලට දාගත්තා විතරයි. විභාගේ වැඩ කරගෙන එන්ට. යාලුවෝ බලන් ඉඳීවි. :)

    ReplyDelete
  9. විභාග කටයුතු සර්වාප්‍රකාර්යෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අයියෝ.....

    ReplyDelete
  10. ඉක්කනට ආපහු වරෙන් අය්යේ ;)
    සුබපැතුම් !!

    ReplyDelete
  11. බ්ලොග් කියවල කමෙන්ට් නොදැම්මට. ෆේස්බුක් ස්ටේටස්, කමෙන්ට් නොදැම්මට යාලුමක් නැති වෙන්නේ නෑලු. යාලුකම ශක්තිමත් නම් කවදාවත් බිඳෙන්නේ නෑ. ළඟ ඉඳල ඈත වුන යාළුවා ඉක්මනට යාලු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  12. මම් මේ මැෂි එක හදාගෙන ආවා විතරමයි. මලයට විභාගයක් සෙට් වෙලා. එහෙනම් මලේ හොදට විභාගේ ගොඩ දාගෙන එන්න !!

    ReplyDelete
  13. මල්ලී , ජීවිතේ අරමුණකට ගමන් කරත්දි සමහර දේ අපට “කැප කරන්නම“ වෙනවා , ඒ ඇත්ත තේරුම් අරගන , මේ වෙලාවේ “ඔයාගේ අනාගතයේ වෘත්තීය ස්ථාවර බව“ තීරණය කරන සාධකය වැදගත් නිසා , හොඳින් අධ්‍යයන වැඩ කටයුතු කරන්න , මේ කිසි දේකට ඇබ්බැහි වෙන්න නම් එපා , ඒ නිසා බ්ලොග් / ෆේස්බුක් වලට නිරන්තර සාමාජිකයෙක් නොවුනාට ඔබ අපේ මිතුරෙක් , අපේ සුබ පැතුම් ,
    ජීවිතේ ජය ගන්න .....

    ReplyDelete
  14. Don't worry about the past Malli. Let the things happend in the past,be in the past. It only matters when it comes to learn from the past. So,learn from it. Surely,you are better than that,thus you can do better. Just pay attension to the errors you made last time,and get them fixed prior to the exam. You'l b alright. Come up with flying colors next time. Chill...!
    Sory abt the english comment,this is my mobile phone. Although,i don't comment via this,couldn't help commenting after reading your post. Surely we are with you. :-)

    ReplyDelete
  15. සුබ පැතුම් විභාගයට. මල්ලි, අර හැමෝම කියලා තියෙනවා වගේ ජීවිතේ කියන්නෙ බ්ලොග් නෙමෙයි. ඒ නිසා ජීවිතයට මුල් තැන දෙන්න. ඒ වගේම ජීවිතේ කියන්නෙ විභාගත් නෙමෙයි. ඒ දෙකට අපිට ජීවිතයට අවශ්‍යයි. සීමාවකට. ඒ නිසා ගිහින් එන්න. ඔයා මාසෙකට සැරයක් ආවත් ඊට පස්සෙ ආවත් අපේ යාළුකම් නැතිවෙන්නෙ නෑ. සුබ අනාගතයකට ශක්තිය ලැබේවා....!

    ReplyDelete
  16. අධ්යාපන කටයුතු වලට මුල්තැන දෙන්න. ජය..!

    ReplyDelete
  17. //(වෙනද මගේ ලග උන්නු බ්ලොග් යලුවෙක් ඇත් උන එක ගන නම් දුකක් හිතේ හිතනවා ගොඩාක්.. )//

    මං ගැන නෙවේ නේද බං කිව්වේ ??? :P

    ක්‍රියාත්මක කරන්න අමාරු වුනත් හොඳ තීරණයක් දේවා මලේ... අපි හැමෝම එක මොහොතක් එනවා කාර්යබහුල වෙන... එතකොට ප්‍රමුඛතා වෙනස් කරන්න වෙනවා... ඒ වගේ වෙලාවට ගොඩක්ම කැපිලා යන්නේ මේ වගේ විනෝදාශ / අතිරේක ක්‍රියාකාරකම් තමයි...

    විභාගෙට 1 දීලා ඉඳිමු... අනෙක්වා පස්සේ කොරගන්න බැරියෑ... උඹ බ්ලොග් ලිව්වත් නැතත් අමතක වෙන්නෑ නෑ... ජය !!!!

    ReplyDelete
  18. ඉස්සෙලා ඉගෙනගෙන ඉමු දේවා.. ඒකයි වැදගත්.. අපි මේ පැත්ත අමතක කරන්නේ නෑ.. උඹට ජය!

    ReplyDelete
  19. වැඩ ටික ඉවර වෙලා ආයෙත් ලියමු අයියේ.. පලවෙනි තැන ඉගෙනීමට!

    ReplyDelete
  20. ඉක්මනට වරෙන්..


    ජය පතමි !

    ReplyDelete
  21. ජය පැරදුම් දෙකම
    සමසිතින් විඳින්නට
    දිරිය ලැබේවා නුඹ සිතට..

    ReplyDelete
  22. මොනවා කරන්නත් මල්ලි වැඩ ටික හරියට කර ගන්න.ඔයා මේ පැත්තෙ ආවෙ නෑ කියලා මං හිතන්නෙ නෑ කවුරුවත් තරහ වෙයි කියලා.ඕනෑ වුනොත් මැසේජ් එකක් දාන්න බැරියෑ.

    එහෙනම් හොදට වැඩ කරගෙන ඉන්න.

    ReplyDelete
  23. අවුලක් නැහැ ඉගනීමට මුල්තැන දීලා ඒක ගොඩදාගන්න. වඩා වැදගත් වෙන්නෙ ඒක. පුලුවන් වෙලාවට පුංචි පුංචි අදහස්වත් ලියන්න. සුබපතනවා. විභාගයට.

    ReplyDelete
  24. කමක් නෑ සහෝ.....මමත් උඹේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
  25. වැඩේ ගොඩ දාගන්න මමත් සුබ පතන්නම් !!

    ReplyDelete
  26. ඔක්කොමටම කලින් තමන්ගේ අධ්‍යාපන වැඩ කරන ඉන්න එපැයි යාලු....මිතුදම් ඉතින් මොනවා උනත් නැති වෙන්නේ නැනේ.........
    බ්ලොග්,බුකියෙට වඩා ජිවිතේ ජය ගන්න කොච්චර නම තියනවද.වැටූන තැනින්ම ආපහු නැගිටින්න.
    අධ්‍යාපන වැඩ කටයුතු හොදට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    ඈත් උන යාලුවා ඉක්මනටම හම්බ වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා......
    ජය..!!!

    ReplyDelete
  27. අනිවා... විභාග වැඩ ඒ වෙලාවටම කරන්න ඕන..
    ජයම ලැබේවා...!

    ReplyDelete
  28. පාඩම් වැඩ ටික හොඳ ට කරගන්න අයියේ. හොඳ අරමුණක් තියෙනවා, අයිය ට වරදින්නේ නෑ...
    දුරස් වුණ යාළුවා ආයේ දුරස් වෙන්නෙත් නෑ......

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....