ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

16 May, 2012

නිල් අහසට ගොඩාක් ආදරේ කරන නිසා..

නිල් අහස ගොඩාක් ලස්සනයි.... - සුදු වලාකුළු වලට තවත් ලස්සනයි
වහින්න එනකොට අහසම අදුරුයි - ගොරවන්නේ තරහෙන් වගෙයි

ඒත්.... වහින්නේ නැති වෙලාවට පුදුම නිස්කලංකයි...
‍රැට තරු පිරිච්ච අහස දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැ...

ඒත්.. ඒ අහස දකින්නේ අමාවක දවසට අහසේ කොනකවත් නැති සද මිසක්.
හැමදාමත් අහසේ ඉන්න පුංචි තරුව අහස ලස්සන කරන හැටි නම් නෙවෙයි

රෑට සද තරම් නැති උනත් අහස ලස්සන කරන්න පුංචි තරුව වෙහෙසන තරම්...
ඒක අහසට නොතේරෙනවත් නෙවෙයි...

ඒත් අහසට සද තියනකොට අහිසක පුංචි තරුව මතක් වෙන්නේවත් නැ..

ඒත් කවදාවත් ඒ පුංචි තරුව අහස එක්ක තරහ වෙන්නේ නැ- අහස තනි කරන්නෙවත් නැ

අමාවක දවසටත් එයාගේ පුන්චි එලියෙන් අහස ගොඩාක් ලස්සන කරනවා..

ඒ පුංචි තරුව නිල් අහසට ගොඩාක් ආදරේ කරන නිසා..

ප.ලි : ජිවිතේ අපි සමහර වෙලාවට අපිට වැදගත් කියලා නොහිතෙන පුංචි දෙවල් අපි ගනන් නොගෙන අමතක කරලා දානවා.. ගනන් නොගෙන ඉන්නවා.. ඒත් ඒකේ වටිනාකම අමාවක වගේ ජිවිතේ හිස් උනහම අපිට ගොඩාක් තදින් දැනෙනවා.. ඒත් අපි ඒ දේවල් තේරුම් ගන්න කොට සමහර දේවල් වලට අපි ලොකු අසාධාරනයක් කරලා... ජිවිතේ සමහර පුංචි දේවලුත් ලොකු වැදගත් කමක් තියනවා කියලා හිතලා ජිවත් වෙනකොට ඇත්තටම ජිවිතේ ලස්සන වේවි..


ප.ප.ලි :  කලින් මංගල දැන්විම් පොස්ට් එක සිරියස් කියලා හිතපු ඒකත් අයට ආයෙමත් කියනවා ඒක නිකමට දාපු එකක් විතරමයි.. පබ්ලිශ් නොකරපු ඇනෝ එය තාමත් එහෙමයි

ප.ප.ලි : අපෙන් සමු අරන් ගිය ඔබා මාමේ ඔයාට නිවන් සුව.. කොහොම විශ්වාස කරන්නද එදා පාන්දරත් බ්ලොග් එකට කමෙන්ට් කරලා තියනකොට මෙහෙම දෙයක් වෙලා කියලා

50 comments:

  1. ප.ලි කෑල්ල එක්ක එකගයි.. පුංචි දෙයක් උනත් ඒක ගොඩක්ම වැදගත් වෙන්න පුළුවන්..

    ReplyDelete
  2. එකග වෙමි.

    ReplyDelete
  3. ඔව් දදේවා අයියා. හැම දෙයක් ගැනම අපි අවධානයෙන් ඉන්න ඒක වටිනවා.. අදහස ගොනු කරලා තියෙන විදිය ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත මල්ලියෝ.. අවධානය ගැටලු අවම කරයි....

      Delete
  4. සිරා බං ඒත් මෙහෙම දෙයක් තියෙනවා හැම පුංචි දෙයක් ගැනම හිතන්න ගියොත් සමහර විට ජීවිතේ ලොකු ලොකු දේවල් මඟ ඇරෙන්න පුලුවන්.. ඒක නිසා පොඩි දේවල් ගැනත් පොඩ්ඩක් හොයලා බලලා හිතලා සැලකිලිමත් උනොත් හොදයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත තමයි නේද මල්ලියෝ.. එත් පුලුවන් විදිහට ඒවා ගනත් හිතන්න පුලුවන්නම් හොදයි වගේ

      Delete
  5. මේ වගේ රොමෑන්ටික්ස් දිරවගන්න පුළුවන් වයසක නෙවෙයි මම ඉන්නෙ....ඒ වුනත් මේක ඇත්ත

    ReplyDelete
    Replies
    1. අය්යාට ඒ තරම් වයස නැනේ.... තැන්ක්ස් හොදේ

      Delete
  6. කතාව ඇත්ත... වටින දේවල් වලට අපි සමහර විට ඒ අදාල වටිනාකම දෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. එහෙම උනහම ගොඩාක් වෙලාවට දුක විතරමයි නේද අයියා

      Delete
  7. සිරස එකේ යන රේඩියේ නාට්‍ය මතක් වුනා මේක කියෙව්වම..
    ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. සිරසේත් මෙහෙම ඒවා යනවද ඉතින්.... හොදයිනේ

      Delete
  8. නොවැදගත් කියලා ජිවිතේ අයින් කරන හුගක් දේවල් වල වැදගත්කම මිනිස්සුන්ට තේරෙන්නේ කාලයත් එක්කම අපහු ඒවා අපිට ආපිට ඕන වෙනකොට එක ආපහු ලබා ගන්න පුළුවන් තැනක අපි නෑ එතකොට ජිවිතේ ඇතිවෙන්නේ හුගක් ලොකු පසුතැවිල්ලක් විතරයි.ජිවිතේ අපි අයින් කරන පුංචි දෙයින් උනත් අපිට කවදා හරි හුගක් ලොකු ප්‍රයෝජනයක් වේවි කියලා එවෙලේ නොහිතන එකයි අපේ තියන වැරැද්ද..:(
    කොහොම උනත් කියලා තියන දේ නම් ඇත්ත..
    ප.ප.ලි කෑල්ල දැකලා ජිවිතේ අතීතය කියල හිතන් ඉන්න දෙයක් මතක් උනා...:)

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිරු. සමහර දේවල් ගැන ඇතිවෙන පසු තෑවිල්ලට පසු තැවිලි වෙන්නවත් අපිට අයිතියක් නැ.. මොකද ඒ දේවල් නැති කරගෙන තියෙන්නේත් අපිම නිසා....

      Delete
  9. සහතික ඇත්ත මල්ලි.ඒත් ඉතිං සමහර අයට ඕවා තේරෙන්නෙ නෑ.මොනවා කරන්නද දුක තමයි...:((

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කෝ.... සමහර අය ඕවා තේරුම් ගන්නේම වැරදියටනේ,...

      Delete
  10. ඔව් ඇත්ත... අපිට වටින ගොඩක් දේවල් වල අගේ තේරෙන්නෙ ඒව අපිට නැති උනාම...

    ReplyDelete
    Replies
    1. ඒකනේ... අපි ටිකක් තව හිතුවා නම් කියලා හිතෙනවා ටිකක් වෙලා ගියහම.. ඒත් අපි පරක්කු වැඩියි එතකොට

      Delete
  11. Replies
    1. මම මේ බයේ උන්නේ අර කාටද බැන්නා වගේ මටත් බනිවි කියලා... :D

      Delete
  12. නිල් අහසට පෙම් බදින
    සොඳුරු සඳවතිය මම...

    ඔව් , ඔබ කියන මේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. නිල් අහසට පෙම් බැන්දත් ඒ නිල් වලාව වහගන්න එන කලු වලාවට නම් මම පොඩ්ඩක් වත් කැමති නැ....

      Delete
  13. අනේ මන්දා කවියක් වගේ තියෙන ටික කියවන් එද්දී පොඩි අවුලක් හිතුනා
    ඒත් පස්සේ හිතුනා ඇත්ත තමයි කියලා.

    ReplyDelete
    Replies
    1. ලොකු අවුලක් නැ නේද මචන්.....

      Delete
  14. ඇත්ත ගණඳුරු රැයකදි පවා පංචිම පුංචි තරුවත් පාර කියනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම... ඒක ඇත්තම ඇත්ත අයියා.....

      Delete
  15. ආදරය ගැනනම් කියන්න දන්නෙම නැහැ. මට ඕවා තේරෙන්නේ නෑ......

    ReplyDelete
    Replies
    1. ආදරය ගැන තවම කවුරුවත් හරියට නිර්වචනයක් දිලා නැති නිසා මමත් හරියටම ඒ ගැන නම් දන්නේ නැ ඉතින්....

      Delete
  16. පුංචි පුංචි දේවල් හැමොටම ගොඩක් වැදගත් නොව්නට ඒ දේවල් නැතුව ජීවිතේ නියම රස විඳගන්න බෑ කියලයි මට හිතෙන්නෙ.

    නිල් අහස වගේ තව කොයිතරම් දේවල් තියනවද විඳින්න,බලන්න.හැබැයි දුවන හිත් වලට ඔය මොකුත් බලන්න හිතෙන්නෑ.දුවන හිත ටිකකට නවත්තගෙන මේ දේවල් ගැන හිතන්න පුළුවන්නම් ජීවිතේ හිතෙනවට වඩා ලස්සන වෙනවාමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත එකගයි 10000000%ක්ම... සමහර දේවල් වලට කාලය ගොඩාක් හරස් වෙනවා කියලා මටත් හිතෙනවා

      Delete
  17. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... හ්ම්ම්ම්ම්

      Delete
  18. හම්.....මොනා කියන්නද.....හැමදේම පසුතැවිල්ලක් විතරමයි.....

    ReplyDelete
    Replies
    1. මම හිතන විදිහට එහෙමම කියන්න අමාරුයි නේද සිනි...

      Delete
  19. ප.ප. ලි....:D

    මම නම් මොකුත්ම නොකියමි....

    ReplyDelete
    Replies
    1. තේරුනේ නැ ඒ මොන හේතුවක් නිසාද කියලා නම් කුමාරිහාමි අක්කේ

      Delete
  20. අහ්හ්හ්..... අයියා රොමෑන්ටික් වෙලා..... :D :D

    ලස්සන අදහසක් අයියේ, කියලා තියෙන ඔක්කොම ඇත්ත.........

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගෝ.... ඇත්තටම රොමැන්ටික් වෙලාවත්ද?... හ්ම්ම්ම් ඒ මොකද කියලා මට තේරෙන්නේ නැනේ....

      Delete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....