ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

18 May, 2012

ටයි කියන්නේ ලොකු බලයක් තියන දෙයක්ද?

සාමානයෙන් හොද රස්සාවක් කරන කෙනෙක් ටයි එකක් බදිනවානේ.. රස්සාවල් හොද කියලා වර්ග කරන්නේ කොහොමද ඉතින් ඒත් දැන්....

ඔව් ඉතින් අර ගෙයින් ගෙට ගිහින් බඩු විකුනන මල්ලිලා අයියලාත් ඔය ටයි දාගෙන යනවානේ... දේව් ත් මීට අවුරුදු ගානකට කලින් පත්තරේ තිබුන ‍රැකියා ඇබැර්තු තිරුවේ මසකට 40000කට වඩා උපයන්න පුලුවන් කියලා තිබුන තැනක ඉන්ටවිව් එහෙම ගියා..
එතන මවනවානේ ලස්සන ලෝකයක්.. තමන්ගේම ඔ‍ෆිසියක් ගැන එහෙම වාහන එහෙම ගැන....  හැබැයි ගිය ගමන් ඔරිජිනල් සහතික ටික ඔය එහෙම කරන අය තියාගන්නවා.. මගෙත් එහෙම තියගෙන හෙට ඉදන් වැඩට එන්න කියලා කිවා ටයි එහෙම දාගෙන..

මමත් ඉතින් සතුටින් එන්න එනකොටම බැග් එකක් උස්සගෙන දාඩිය පෙරාගෙන ටයි දාගත්තු මල්ලිලා අය්යලා කිප දෙනෙක් එනවා දැක්කහම මට හිතුනා මේක හරියන්නේ නැ කියලා.... ආපහු ගොඩාක් බොරු ගොඩාක් කියලා සහතික ටික (උප්පැන්න සහතිකෙයි වෙන සහතිකයකුයි විතරයි කියලා කියන්න නම් එන්න එපා)
ආයෙමත් අරගෙන එන්න ආවා....

අද කතාව ඉතින් ඕක නෙමේනේ....

කොහොම හරි මමත් ඉතින් ඔය ටයි දාගෙන ඉන්න ‍රැකියාවක් කරනවානේ.... ඒ ‍රැකියාවටත් මේ මාසේ 3 වෙනිදාට අවුරුදු 2ක් සම්පුර්ණ උනා.... සෝ ඉතින්  මම ඔය හැමදාම වගේ අදත් එහෙම ‍රැකියාවට ගියා... මේ දවස් වල දේශගුනය කියන්න තරම් කුල් නොවන හින්දා ඒසි තිබුනත් (අද පවර් කට් නිසා  ෆැන් විතරයි) දරාගන්න අමාරු රස්නයක් තිබුනා..

වෙනදා වගේ ඔය ටයි නොදා වැඩ කරලා සුපුරුදු විදිහට මගේ රෝද දෙකේ ගෙදර එන්න පිටත් උනා කියමුකෝ...

වෙනදාට කවදාවත් කොයි තරම් ට්‍රැ‍ෆික්ලා උනත් කවදාවත් මගේ රෝද දෙකේ වාහනේ නතර කරවලා නැ.. මම මගේ පාඩුවේ.... නතර කරපු දවස් නොතිබුනාම නෙමේ.. හැබයි කවදාවත් මගේ ලයිසන් ඉන්ශුවරන්ස් බලලා නැ...  හැමදාම වගේ අහන්නේ එක ප්‍රශ්නයයි... කොහෙද
මහත්තයා වැඩ කරන්නේ....... *************** මෙහේ තමයි වැඩ කියපුවහම හරි මහත්තයා කියලා යන කියනවා..

අද ඉතින් මහන්සියට මම ටයිත් නැ... ශර්ට් එකත් උඩින් ඇවිත් නිකන් කවුද වගේ වෙලා.... ඒ නිසාම මටත් ඔය අනිත් අයට වගේම ඒ පොලිස් මාමලාගේ ප්‍රශ්න කිරිම් වලට පරික්ශා කිරිම් වලට මුහුන දෙන්න උනා..

ඇත්තටම මට හිතුනේ ටයි එකට මොන තරම් බලයක් තියනවද කියලා..

නෝමලි නතර කරලා තිබුන හැම වාහනයක් වගේම සාමානය ජිවිතයක් ගෙනියන අයගේ... ලොකු ලොකු වාහන නතර කරලා තිබුනේම නැ....  මගේ ඉතින් ඔක්කෝම දේවල් තිබුන නිසා ප්‍රශ්නයක් උනේ නම් නැ... ඒත් ආයේ ටයි නැතුව නම් යන්නේ නැ කියලා හිතා ගත්තා...

ඔන්න ඔයාලත් හිතට ගන්න ටයි එක කියන්නේ ඉතින් බලගතු ආයුදයක්....

හැබැයි ඉතින් වැරදි කරන්න නම් නෙමේ.. වැරදි කරපු ලොකු ලොකු අයටත් දඩුවම් ලැබෙනවා.. හිකිස්

බලන්නකෝ මේ ඉන්නේ මමනේ.. අද ටයි නැතිව පොඩි ගමනක් ගිය වෙලාවේ වෙන වැඩකට ගත්තු එකක්





100 comments:

  1. ඇඳුමෙන් පැළඳුමෙන් මිනිස්සු මැනපු කාලය ඉවරයි කිව්වට ඉවරම නෑ නේද?
    මේ වගේ සිද්ධි මටත් ඕන තරම් වෙලා තියනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇදුමට යන වාහනේට තැන දෙන රටක් තමා තවමත් මේක..... ඒවා වෙනස් වෙන එකක් නැ කවදාවත්..

      Delete
  2. හානේ..මේ ඔයාද?..ටයි එක නැතුව හරී ලස්සනයි..!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ටයි දාලා උන්නු ෆොටෝ එකක් නැනේ අනේ.... බට් ඔන්න තැන්ක්ස් හොදේ...

      Delete
  3. ලංකාවේ ඉතීන් මිනිස්සු මනින් නැ එක මිම්ක්‌ විදියට මිනිස්සු අඩුම කියන එක යොදාගන්වනේ..මම නම් අනුමත කරන්නේ නැ..එත් මිනිස්සු හිතන විදිය වෙනස් කරන්නත් අපිට බැනේ.මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න මිනිසුන්ට හැකියාවක් තියනවා නම් ඉර අනිත් පැත්තෙන් පායන දවසකුත් එදාටම එනවා...:D

    ReplyDelete
    Replies
    1. ඇත්ත... අපිට බැ මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න නම් යාලු.. ඇදුම් පැලදුම් වලින් මිනිස්සු මනින එක නම් ඇත්තටම හරිම වැරදියි කියලා මමත් හිතනවා

      Delete
  4. මිනිස්සු ටයි දාගෙන වද විඳිනවා. ගෑණු හොඳ ජොලියේ උඩත් ඒසී යටත් ඒසී!

    මේ කතන්දරේ දැක්කද?

    http://kathandara.blogspot.com.au/2012/03/girl-at-office.html

    ?

    ReplyDelete
    Replies
    1. වෙලාවකට ඇත්තටම වදයක් කියලාත් හිතෙනවා තමයි අයියේ....
      කකා ගේ පොස්ට් එකක් නොබල ඉන්න විදිහක් නැනේ ...

      බලලා තිබේ....

      Delete
    2. මට ටයි දාන වෙලාවට කශුගේ මේ කතාව තමා මතක් වෙන්නේ..

      මාද බලලා තිබේ !

      Delete
    3. හිකිස්........ හ්ම් සැමා ද ටයි බැද තිබේ

      Delete
  5. මීට පස්සේ බයික් එකේ යද්දී ටයි ඒක දාන්න!

    ReplyDelete
    Replies
    1. අනිවා හැමදාම අයේ යන්නේ නම් ටයි දාගෙනම තමයි..

      Delete
  6. ටයි එක කියන්නේ නම් මහා අමුතුම දෙයක් තමයි. උඹට මේ ෆෑන් එකක් මේසයක් පුටුවක් දීලත් ටයි දාගන ඉන්න බැරි උනාලු. අපි ඉතින් පාරවල් වල කඩවල් වල ඔය කියන මොකුත් නැතුව ඕකත් පටලාගෙන කොහොම හිටියද කියල පොඩ්ඩක් හිතල බලපන්. උඹලට ඕක ගලවලා පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න හරි පුළුවන් ඇති. ඒත් රෙපෙකුට ඕක ගලවාගන ඉදලා මාට්ටු උනොත් දාහක දෙදාහක පැනල්ටියකුත් හම්බ වෙනවා. එපා වෙනවා නේ :(

    ReplyDelete
    Replies
    1. ඔහොම කතාවක් මමත් අහලා තියනවා.. ඒත් දැන් නම් අයියා එ ජොබ් එක කරන්නේ නැනේ... කතාන්දරේගේ බ්ලොග් පොස්ට් එකක තිබුනා එහෙම අය අදින්නේ අත් කොට කියලා එක සම්ප්‍රදායක්ද අයියා...

      ඇත්ත බන් සමහර දේවල් නම් ඕනාවටත් වඩා වැඩියෙන්

      Delete
    2. එහෙම සම්ප්‍රදායක් කියලා නෑ. අත් දිග ඒවා අදින්නේ නැත්තේ ඔය කඩවල් වල තියෙන කුණු දුවිලි අපි අත්වල තවරගන ඕඩර් ගන්න මුදලාලිලාව මුණ ගැහෙන්න ගියාම ඒක කොම්පැනියට අප්සට් හින්දා මිස අපිට තියෙන ආදරේට නෙවෙයි. අපේ කොම්පැනියේ නම් අත් දිග කොට අවුලක් තිබුනේම නෑ, මම නම් ගිය දවසේ ඉදලම ඇන්දේ අත් කොට ඒවා තමයි. ඒත් අපේ සුපවයිසර්ලා එහෙම අත් දිග ඒවා ඇදගන තමයි අපිත් එක්ක එන්නේ. උන් ලොක්කෝ කියල පෙන්නන්නත් ක්‍රමයක් තියෙන්න ඕන හින්දා. උන් ඒකත් ඇදගෙන කන පරිප්පුව මතක් වෙනකොටත් පවු කියල හිතෙනවා.:((

      Delete
    3. තැන්ක්ස් මචන් මම දැන ගෙන උන්නේ නැ.. ඇත්තටම ඒ කාලේ නම් ඔය ටයි දාගෙන කිට් ගහගෙන එනකොට කඩවල් වලට පොඩි ආසාවක් නම් තිබුනා.. ඒත් ගෙවල් ලග අය්යා කෙනෙක් එහෙම ජොබ් එකක් කරන හැටි දැකලා එපා උනා.. සෝ සෝ

      Delete
  7. සහතික ඇත්ත. ලංකවේ පෙනුමට ටයි එකට එහෙම පට්ට සැලකිලි ලැබෙන තවත් එක රටක්. මෙහෙ මිනිස්සු මනින්නේ පෙනුමෙන්.

    ReplyDelete
    Replies
    1. පෙනුම කියන්නේ බාහිර පෙනුමෙන්... හොද වාහනයක යන හොද ඇදුම් පැලදුම් අදින ගොඩාක් අයට ගොඩාක් හොදට සැලකිලි

      Delete
  8. අනී මන්ඩ අප්ප...... මෙව්වටනම් මොකුට් කියන්නා......:/

    ReplyDelete
  9. නැහැ දේව්. ටයි ගැනත් දන්නෝ නම් දනිති. රුපියල් 500 සාමාන්‍ය ටයි එකත් රුපියල් 2000 Hand Painted Silk Tie එකෙත් වෙනස දන්නෝ දනිති.

    ඒකත් හරියට ක්‍රෙඩිට් කාඩ් වගේ. එක එක මට්ටමින් තියෙනවා. වැය කිරීමේ හැකියාව අනුව ක්‍රෙඩිට් ලිමිට් එක තීරණය වන්නේ.

    නමුත් මගුල් ගෙදරකට යන්ට විතරක් ටයි එකක් අඳින කෙනාට වෙනස හොයා ගන්ට බැහැ. මිල අදික ඒවා අඳින කෙනා එහි ස්වභාවය දන්නවා.

    ReplyDelete
    Replies
    1. මගුල් ගෙදරක උනත් පොලිස් යුනිෆෝම් එකෙන් යනවා නම් මැන් ටයි දාන්නේ නැති වෙයි නේද නැන්දා....

      අනිත් එක මම කිවේ ටයි එකට බලයක් තියනවද කියන එක මිසක් ටයි වර්ග ගැන නම් නෙමේ.. ඔය හැම ටයි එකෙන්ම වෙන්නේ පෙනුම පොඩ්ඩක් වෙනස් වෙන එක විතරනේ...

      Delete
    2. එක එක්කෙනා තමතමාට හැකි අයුරින් ඕක කරනවා. suv vehicles තියෙන අය ටයි නැතුවම පොලිසියට, ඔය ඔයා කරන දේම කරනවා. සමහරු සුපිරි ඉංගිරිසි වලිං ඕකම කරනවා. අපේ සමාජය පුහු දේවල් වලට respect කරන තරම ඔයින්ම පෙනෙනවානෙ.
      නීතිය රකින අය ඔහොම අන්ධ විදියට කරපු වැඩ නිසා තමා මීට අවුරුදු ගනනකට ඉස්සර පුපුරන ද්‍රව්‍ය දකුණට ගෙනෙන්ට පුලුවන් උනෙත්.

      හැබැයි හරි දැනුමක් ඇති කෙනෙක් දැක්කනං ටයි එක අදින්නගෙ purchasing power/social class එක කියන්න පුලුවන් වෙනවා. නමුත් මිනිසාගෙ වටිනාකම කියන්න දන්නෙ නැහැ ඔය කියන කවුරුත්ම.

      Delete
    3. ඇත්ත ඊ-මේල් කවිකාරියේ.... එහෙම කියන්න නම් පුලුවන් තමා.. ඒත් ඉතින් ලංකාවේ ඔහොම දේවල් වෙනස් කරගන්න හරි අමාරුයි නේද අක්කෝ

      Delete
  10. ඇනෝ තියනවා.... එහේ විතරක් නෙමේ ගොඩාක් තැන් වල තියනවා.. ඇනෝ එන්නේ නැතුව ආවනම් මට ඒකත් කියන්න තිබුනා.... සෝ සෝ

    ReplyDelete
  11. ලංකාවේ ටයි එකට වගේමයි ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් කොටන්න පුලුවන් නම් ඒකටත් ලොකු තැනක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම..... ඒකත් අපේ රටේ ලොකු වැදගත් කමක් දෙනවානේ

      Delete
  12. ඇත්තට ම ටයි එක ට අද ලොකු බලයක් තියෙනවා තමයි අයියේ. ලංකාව වගේ අධික ග්‍රීෂ්ම දේශගුණයක් තියෙන රට ක ටයි පටිය ට මේ තරම් වන්දනාමාන කරන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ. නුවර එළිය වගේ පළාතක ඉන්න අය ට නම් ගාණක් නෑ. ඒත් අනෙක් නගරවල අය ටයි පටි හිරකරගෙන, දාඩිය පෙරාගෙන යන හැටි දැක්ක ම දුක හිතෙනවා. ලංකාව තාම යටත්විජිත ආරෙන් මිදිලා නෑ....

    අර කවුද කියනවා වගේ මෙව්වා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ..... :D :D :D

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් නංගා කියන කථාවෙත් ඇත්තක් තියනවා තමයි... සමහර අය මේ රස්නේ දරාගන්න බැරුව ඉන්නකොටත් ටයි එහෙම බැදගෙන බොහොම අමාරුවෙන් ඉන්නේ ඒ නිසා වෙන්න ඇති

      Delete
    2. ෆොටෝ එක ට කමෙන්ට් කරන්න බැරි වුණානේ.
      ලස්සනයි අයියේ.... ටිකක් විතර මහත් වෙලා ද මන්දා!
      හොඳයි හොඳයි..... :)))

      ~~~**දඟ මල්ල**~~~

      Delete
    3. තැන්ක්ස් නංගෝ.... මහත් වෙනවාට නම් මම ගොඩාක් ගොඩාක් කැමතියි... හ්ම්ම්ම්ම්ම්

      Delete
  13. වෙලාවට තාම අපෙ උන් යට ඇදුමට තැනක් දෙන්නෙ නැත්තේ... නැත්තම් මුන් එකත් පේන්න ඇදන් යයි සුපර් මැන් වගේ....

    ReplyDelete
    Replies
    1. හිකිස්... කියන්න බැ තමා ඒකත්

      Delete
  14. ඇඩොව් ටයි දාලා සෝට ගහලා වතුර බෝතලේ බෙල්ලේ දාගෙන තමා බං අපිත් මොන්ටිසෝරි ගියේ !!

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා... ඒ කියන්නේ සදරු මලයලා පොඩි කාලේ ඉදන් ටයි එක්ක වැඩ කරපු කොල්ලෝ නේද? අපි නම් මේ ටික කාලෙකට කලින් පුරුදු උනේ ටයි බදින්න...

      Delete
  15. ආ..... අර මංගල දැන්වීමට පොටෝ කෑල්ලක් එල්ලන්න බැරිවෙච්චි හින්දා නේද බොරුවට පෝස්ට් එකකට පස්සෙ දැම්මෙ... ආ...ආ.... :ඪ්

    ටයි ගැන නම් දන්නෙ නෑ.. ඒත් සමහර ඔෆිස් අයි.ඩී පෙන්නුවාම නම් ලයිසන් බලන්නෙ නෑ කියල දන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔන්න කිවා තාරාත් කතාවක්... එදා හිනා වෙලා ගිහින් දැන් ඉතින් කියන කථා...

      අනේ තාරා ඒ පොස්ට් එක මම දැම්මේ සිරියස් නම් නෙමේ... කට්ටියක් ඒක එහෙම අරගෙන තිබුනා සිරියස්...

      අයි.ඩි වලට වෙන වෙන තැන් වලට නම් ගිහින් තියනවා.. යන්න දෙන්නේම නැති හොස්පිට්ල් පැත්තේ එහෙම ටයිම් පහුවෙලා

      Delete
  16. අපිත් ටයි දැම්මා ඉස්කෝලේ යද්දි.. ඔයා විතරක් නෙමෙයි හොදේ.. :D

    ReplyDelete
    Replies
    1. කි දවසක් හිතුනද අක්කා.. මේ ටයි නොතිබුනා නම් හොදයි කියලා....

      Delete
    2. හානේ ඔව්නේ අපිත් ඉස්සර ටයි එකට බැන බැන උදේට ටයි දාපු කාලයක්,පැරක්කු උනාම ටයි එක සාක්කුවේ දාගෙන දුවන කාලෙකුත් තිබ්බ නේ..:D
      ආපහු ඒ කාලේ කවදා එනන්ද...:( :'(

      Delete
    3. හ්ම්ම් ඒ කාලේ මතකයක් විතරයි තමා මේ ජිවිත කාලෙටම ඉතුරු වෙන්නේ නම් යාලු.... පුලුවන් කමක් තිබුනානම් හැමදාම ඒ කාලේ නතර වෙන්න මමත් ආසයි... මොනතරම් සුන්දරද ඒ කාලේ...

      Delete
  17. ටයි ගැටේ දාගන්න එක තමා ලොකුම ප්‍රශ්නේ. ඇත්තම කියනවනං මට තාම ඒක බැහැ. බැහැ කියල අතාරින්නෙත් නැහැ. කෝමහරි පටලවන් යනවා ඕනෙ වුනාම.

    කෝම වුනත් අද රටේ බලු වැඩ කරන තරමක් කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඔය ටයිපොල් එල්ල ගත්ත වැදගත් ලොකු ලොකු මහත්තුරු කියාගන්න ඈයො තමා.
    (බොට කිවුවා නෙමේ :P)

    ReplyDelete
    Replies
    1. මටත් ඕක මුල් දවස් වල නම් ගොඩාක් ලොකු ප්‍රශ්නයක් උනා ඒ දවස් වල නම් ටයි ගැටේ ලෙහන්නේ නැතුවම තිබ්බා... දැන් නම් ඉතින් ඒ තරම් අවුලක් නැ ඉතින්..

      ඒ කතාව නම් ඇත්ත තමා... මම නම් ඉතින් එහෙම නැ...

      Delete
    2. අයියෝ කියන්න එපෑ ChAnDiKa.කවුද දන්නෙ? මෙන්න මේකපොඩ්ඩක් කියෙව්වා නම්...

      henryblogwalker the Dude

      Delete
    3. henry : මේ ලින්ක් එක කලින් ලැබුනානම් මම මේ තරම් ඕක පුරුදු වෙන්න කට්ට කන්නේ නැනේ.. පොඩි වෙනසකුත් තියනවා වගේ මගේ ක්‍රමේට වඩා.. ට්‍රයි කරලම බලන්න ඕනා.. ජය

      Delete
  18. ඇදුමෙන් මිනිස්සු මනින්න බෑ කියලා වැඩිහිටියෝ කිවුවට මොකද හොදට ඇදලා පැළදලා ඉද්දි මිනිස්සු සළකනවා.. මගුල් ගේකට ඇරෙන්න මම ටයි දාලා නෑනේ... :)

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සර එහෙම තමා අයියා.. දැන් නම් නිතරම පාවිච්චි කරනවා...

      Delete
  19. මම දවස් දෙකයි ටයි දල තියෙන්නේ. එකක් පාස්පෝට් එකටයි වෙඩින් එකකටයි. උඹේ ස්කින් එකට කළු ෂර්ට් එක හොඳට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. මට තව ඔය දෙකටම ටයි දාන්න බැරි උනානේ අය්යා... හ්ම්ම්ම් ඒ මොකද ඒ.

      Delete
  20. මම අවුරුදු 2ක් රස්සාව කළා ටයි නැතිව. අඩුගාෙන ඉන්ටවිව් එකටවත් ටයි දැම්මෙ නෑ. නමුත් එතන හිටපු හැමෝම ටයිපොල්ල දමාගෙන හිටියෙ. අන්තිමේදි රස්සාව බාරගන්න අත්සන්කරන දවසෙ මම ටයි එකක් දැම්මට පස්සෙ අලුත්තැනට යනකම් ටයි දැම්මෙ නෑ. දැන් ඒ වුනාට ටයිඑක අනිවාර්යයිනෙව.
    ඊමේල් කවිකාරි කියපු කතාව ඇත්ත. ටයිඑකේ පෙනුමෙන් වටිනාකම කියන්න පුලුවන් වගේම ඒ හරහා ඒ ටයිඑක පලඳින කෙනාගෙ සමාජතත්වය කියන්නත් පුලුවනි ටයි ගැන දන්න කෙනෙකුටනම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්..... ටයි එක දැන් නම් ගොඩාක් තැන් වල අනිවාර්යයි වාගේ වෙලා තමයි...

      ඇත්ත ඉතින් ටයි එක ගැන දන්නෝ දනිති....

      Delete
  21. මම අවුරුදු 2ක් රස්සාව කළා ටයි නැතිව. අඩුගාෙන ඉන්ටවිව් එකටවත් ටයි දැම්මෙ නෑ. නමුත් එතන හිටපු හැමෝම ටයිපොල්ල දමාගෙන හිටියෙ. අන්තිමේදි රස්සාව බාරගන්න අත්සන්කරන දවසෙ මම ටයි එකක් දැම්මට පස්සෙ අලුත්තැනට යනකම් ටයි දැම්මෙ නෑ. දැන් ඒ වුනාට ටයිඑක අනිවාර්යයිනෙව.
    ඊමේල් කවිකාරි කියපු කතාව ඇත්ත. ටයිඑකේ පෙනුමෙන් වටිනාකම කියන්න පුලුවන් වගේම ඒ හරහා ඒ ටයිඑක පලඳින කෙනාගෙ සමාජතත්වය කියන්නත් පුලුවනි ටයි ගැන දන්න කෙනෙකුටනම්..

    ReplyDelete
    Replies
    1. ආහ්හ්හ්... ඩබල් වැටිලානේ නේද කමෙන්ට් එක.... හ්ම්ම්ම් ඇත්ත ඇත්ත

      Delete
  22. මම මේ පෝස්ට් එක කියවල තේරුම් ගත්තේ මේ බ්ලොග් ලියන අය එදිනෙදා වෙන සිදුවිම්
    කොච්ච‍ර ලස්සනට නිර්මාණශිලිව ලියනවද කියලා .
    කොහොම උනත් අලුත් පින්තුරෙන් අපිට පේනවා දැන් ටිකක් ඉස්සරට වඩා මහත් වෙලා කියල :D

    ReplyDelete
    Replies
    1. මහත් වෙනවට නම් මම ගොඩාක් ගොඩාක් ආසයි.... ඒක කොහොමහරි කරගන්න ඕනානේ.... බ්ලොග් කියන්නේ ජිවිතේ නොවුනත් ජිවිතේ වෙන දේවල් ගොඩක් බ්ලොග් එකේ ලියවෙන්නේ.... තැන්ක්ස් අක්කෝ

      Delete
  23. ඇඳුමෙන් මිනිස්සු මනින එක කොච්චර වැරදි උනත්, ඒක තමයි ලෝකේ බහුතරයක් මිනිස්සුන්ගේ ස්වභාවේ... ඕක නිසා මම පාඩම් ඉගෙන ගෙන යම් තැන්වලට යනකොට ඒ විදියට ඇඳගෙන යනවා දැන් නම්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තැනට ගැලපෙන්න ඇදගෙන ගියේ නැත්නම් අපිට වෙන්නේ ඒ තැන ඉතින් අපි පැත්තකට වෙලා ඉන්න තමා

      කාලෙකින් දැක්කේ අක්කෝ..

      Delete
  24. මොකක් උඩ ඉඳගෙනද අයියා මේ පොටෝ කෑල්ල ගත්තේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒක නම් වෙහිකල් එකක් ඇතුලේ නංගෝ.. ඇයි අවුල් වගේද?

      Delete
  25. හානේ ඔයා ස්වීට්, ලව්‍ලි සුදු කොල්ලෙක්නෙ බබා.
    හැම පොස්ට් එකේම පොටෝ එකක් දාන්න හොදේ ඩාලිං, කෙල්ලෝ කොල්ලෝ පෝලිමේ එයි පැටියෝ.

    ReplyDelete
    Replies
    1. ශික් මේ ඇනෝ... ලස්සන දැකලා නෑ වගේ.....

      අනේ පොලිම් ගැහිලා එන්න වෙන වැඩ නැනේ........

      Delete
  26. ඔය එක කෑමකාල හොස්ස පිහිද ගන්නලුනේ ඉස්සර පාවිච්චි කොරල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හිකිස්......... සමහර විට ඒ කතාව ඇත්ත වෙන්න ඇති නේද රොබින් අයියා.. අර පොඩි කාලේ ලේන්සුවක් එල්ලගෙන උන්නා වගේ

      Delete
  27. මම හරියටම දන්න දේ. දේවා මල්ලි මම කියනවට රෝහලකට ගිහින් බලන්න ටයි එකක් දාලා. තමන් යන තැන දන්නව වගේ කන්ෆිඩන්ස් පිට යනකොට කවුරුවත් මොනවවත් අහන්නෙ නෑ. නමුත් ඊයෙ පෙරේදා මට හදිසියේම ළමා රෝහලේ හිටපු දරුවෙක් බලන්න යන්න වුනා විශ්වවිද්‍යාලෙ හිටපු විදියටම. ටී ෂර්ට් එකයි ඩෙනිමයි ඇදලා. මම මගේ රාජකාරි හැදුනුම්පත පෙන්නලත් ඇතුලට යන්න පොඩි සද්දයක් දාන්න වුනා. හැබැයි ඔයා ටයි එකක් දාලා ගියානම් කිසි ගැටළුවක් නැතුව ගිහින් එන්න තිබුනා හැදුනුම්පත් මොකවත් නැතුව. ඕක තමයි තත්වය...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා.. ගොඩාක් වෙලාවට මට පේශන් කෙනෙක් බලන්න යන්න තියන ටයිම් එකට නම් කවදාවත් යන්න වෙන්නේ නැ. යන්නේ ඔහොම තමයි... ඒ නිසා අවුලක් නැතුව යනවා...

      බට් ටික දවසකට කලින් මට හොස්පිටල් එකට ‍රැ 7.30 විතර ගෙදර ආවට පස්සේ ඇක්සිඩන්ට් උන යාලුවෙක් බලන්න ගිහින් ලොකු සද්දයක් දාන්න ඇවිත්..ඩොක්ටර් කෙනෙක්ට කොල් කරලා තමයි ඇතුලට ගියේ

      ඇදුමට මාර තැනක් තමා අයියා තියෙන්නේ

      Delete
  28. කවුරු මොනව කිව්වත් ඇදුමට ලොකු බලයක් තියනව අදටත්. මම එකසැරයක් ගියා රිමාන්ඩ් කල ඥාතියෙක් බලන්න. එතන ඉන්න ජේලර්ලා අමුතුම ජාතියෙ සෙට් එකක්. කවුරුහරි ආවොත් මොනවා හරි ගෙන්වාගන්නව. මම එදා ගියේ ටී ෂර්ට් එකයි ඩෙනිමයි දාගෙන සෙරෙප්පු දෙකක් දාගෙන. මට ඕ අයිසී මහත්තය කියනව ගෝල්ඩ්ලීෆ් පැකට් එකක් ගෙනත් දෙන්න කියල. මගේ ඥාතිය නිසා මම ගෙනත් දුන්න(එතන පොඩි වෙන අවුලකුත් තිබුන).

    මම දෙවනි දවසෙ ගියේ ඔපීසිය ඇරිල ෆුල් කිට් දාල. එදත් යාලුව ඉන්නව. මට කතා කරල විස්තර ඇහුව. ඊට පස්සෙ අරවගේ දේවල් ඉල්ලුවෙ නෑ.
    ඔන්න ඕකයි තත්වෙ.

    ReplyDelete
    Replies
    1. කොහෙත් ඇදුමට නම් තැන තියනවා නේද අයියා.. බලාගෙන යනකොට ඒක හොස්පිටල්. ජේල් විතරක් නෙමේ හැමතනකටම පැතිරිලා නේද? සෝ ඇත්තටම කවදාවත් ඒක වෙනස් වෙන එකක් නැ මේ සිරිලංකාවේ

      Delete
  29. ටයි එකක් දාගෙන බුලත්විටක් කෑවොත් ටයි එක අමුඩෙනුත් පහලට වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් අයියා.. වෙලාවට ඉතින් අපි නම් එහෙම නැ

      Delete
  30. මමත් ඉස්කෝලේ පොඩි කාලදී පන්ති නායකයා වෙලා ඉන්දෙද්දී ටය් පොල්ලක් දැම්ම මතකය් :ඩ
    මල විකාර මම එක ඉන්ටවල් එක ආව ගමන ගලෝල දන්නවා පට්ට රස්නෙය් නේ :ප්
    එහෙම කොරල මතකය් ශ්‍රේණිභාර මිස් කියුව ආයෙ ගලවල අහුඋනොත් ගලවන හැමපාරටම දඩ ගහනව කියල
    අනේ මෝඩ හැත්ත :ප් සුද්ද ටය් දැම්මේ සීතලට, අපේ මිනිස්සුන්ගේ මෝඩකම කියන්නේ උන් හිතන් ඉන්නේ ටය් දාන්නේ වැදගත් කම පෙන්නන්න කියල රටේ වැරැද්ද අය්යේ මොනවා කරන්නද??

    ReplyDelete
    Replies
    1. අම්මේ වෙලාවට ඒ කාලේ ඔහොම දන්න උනේ නැ මට නම්... මිස්ටත් පිස්සුද කොහෙද?

      ඇත්ත මල්ලි

      Delete
  31. ටයි එකක් ගිය උඩ නේද? :D

    ReplyDelete
  32. මගේ කමෙන්ට් එක නෑනෙ

    ReplyDelete
    Replies
    1. අනේ.. මම කමෙන්ට් ඩිලිට් කලේ නම් නැ හරි නැ අයියේ... තිබුනේ නම් නැනේ,....

      Delete
    2. spam වෙලාද බැලුවද? ආයෙ ගහන්න කම්මැලියි.

      කෙටියෙන් කිව්වොත් මම ෆුඩ් සිටි ගිය වෙලාවක සිකුරුට්ටෙක් කතා කළ හැටි

      හොඳ ඇඳුමකින්: "අයියෙ මෙතනින් -- බිල් ගෙව්වැකිද?" "ඉන්න සර් මම හොයලා කියන්නම්" "ආ. පුලුවන් එන්න සර් එන්න"

      කබල් ශොර්ටකින්, කබල් බයිසිකලයක, බාටා දෙකක් : "මේ ඕයි ඔය කබල ඔතන දාලා මොකෙක් හරි ගත්තොත් තමුසෙ මාව අල්ලයි"

      Delete
    3. ඔව් අයියා.. මම ස්පැම් වලත් බැලුවා.. තිබුනේ නැනේ... ඇත්ත මටත් ඉතින් උනේ එහෙමම වැඩක්නේ... බලනකොට සලකලා තියෙන්නේ ඇදුමටනේ.... අදුනන සර් කෙනෙක් ඉන්නවා... හොද ආයතනයක පිලිගත්තු තනතුරක් දරන කෙනෙක්.. කවදාවත් ඔහොම කිට් ගහලා යන්නේ නැ.. ඒ සර් කියනවා සර් ඉන්න තැනම සර්ගේ ආයතනයේ පියන් ට සර් කියලා සමහර තැන් වල කතා කරනවාලු... සර් ව එහෙම ගනන් ගන්නේ නැහැලු..
      බොරුවට සැලකිලි ඕනෙ නැ කියලා තමයි කියන්නේ ඉතින්

      Delete
  33. ඔය මොනවා කිව්වත් ටයි එකක් දැම්මම පොඩි ගතියක් තියෙනවා . D .

    අපේ ලොකු දු තාත්ත එක්ක තරහයි එයා ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහින් ගෙනා ටයි එක දාන්නේ නැහැ කියල . එයයි වැඩකළ සහ දැන් ඉන්න ආයතන දෙකේම ටයි දැමීමක් නැහැ . අපිට නම් ඉස්කෝලේ වත් ටයි එකක් තිබුනේ නැහැ .

    ඔයා මේ කියන්න හැදුව දේ සීරියස් හිතනවා නම් ඕක කොහෙත් තියෙනවා . ඇඳුමක් ගන්න කඩේකට ගියොත් හොඳින් ඇඳලා නම් විතරයි උනන්දුවෙන් බඩු විකුනන්නේ . සමාජ සම්මත වෙලා අටුවන් බැහැපු ආකල්ප .

    ReplyDelete
    Replies
    1. අනිවා අක්කේ ඇත්තටම මොනවා උනත් කවුරු ටයි දැම්මත් ලොකු වෙනසක් එනවා කියලා මටත් දැනිලා තියනවා...

      අක්කා ගියේ කර කපපු පාසලකට වෙන්න ඇති නේ...

      ඇත්ත කඩ කාරයෝ හිතන්නේ හොදට අදින අය තමා සල්ලි කාරයෝ කියලා.. අත්දැකිමෙන් දන්නවා ගොඩාක් සල්ලි තියන අය තමා ගොඩාක්ම නෝමල්..

      Delete
  34. ටයි කියන්නෙ මලම මල විකාරයක් ලංකාව වගේ රටකට... ජොබ කරන තැන අනුව ටයි එක දාන්න වෙනව තමයි ඒත් නැති වෙලාවට මමනං මොන ලෝකෙ ගියත් මගේ පහසුවටයි ඇඳුම් අදින්නෙ.. වැඩිපුරම ෂෝටයි ටීෂර්ට් එජයි රබර් කටු දෙකයි... අපේ තාත්තට වගේම ගොඩක් දෙනෙක්ට රස්තියාදු කාරයො තමයි එහෙම අදින්නෙ.. කොටින්ම වැඩිහරියක් කෙල්ලො හොදට අඳුනනව වෙලත් කතා කරන්න එන්නෙ නෑ ස්ටෑන්ඩ් එකේ දැක්කම ලිස්සල යනවා... සමහර ගොන් හොරා පොලිස් කාරයො
    උඹ බං බොලං කියල ටයි එකක දාපු ඕනෙ එකෙක් ද මහත්තයල... මනං පඩේකටවත් ගනං ගන්නෙ නෑ.. උන්ගෙ ඔලමොට්ටලකං උන්ට... අපිට ලේසි විදියට අපි හිටිදියාම ඉවරයි...

    ReplyDelete
    Replies
    1. කතාවේ ඇත්ත ඕක තමයි මචන්.. ඒත් අපිට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ ඔය කියන සමාජේත් එක්කනේ.. අපිට අපේ පාඩුවේ ඉන්න පුලුවන් තමයි.. ඒත් ඉතින් කැපෙන්නේ අපේ ලකුනු තමා.. ඔය ස්ටැන්ඩ් එකේ උනා වගේ,.. ඒකේ ආබාදයකුත් නම් නැ,. සරල බව හොදයි.. ඒත් තැනේ හැටියට ඇනේ ගහන්න ඕනනේ බන්

      Delete
  35. ඔන්න උබ බනින නිසා කියවන්න පටන් ගත්තේ උබේ එකෙන්..

    ටයි යනු සෑමා අකැමැතිම දෙයකි.. බෙල්ල හිරවෙනව බං !

    ජය !

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බොල සෑමෝ. අපි ටයි එක නොදා වැඩට ගියොත් කෙලින්ම spam වෙනවා බං. පන්තියකට කලිසම නැතුව ගියත් ටයි එක නොදා යන්න බෑ.
      ඔය දේවා මොනවා කිව්වත් උඩටම ස්ක්‍රෝල් කරලා බලාපං උගෙ බැනර් එකේ ඌ උන්න හැටි ටයි පොල්ලක් එල්ලාගෙන... :D

      henryblogwalker the Dude

      Delete
    2. සැමා : අඩේ ඔන්න බලහන්කෝ... කියපු කතාවක්.... බැන්නාද බන් ඒ.. උබලව කාලෙකින් දැක්කේ නැති නිසා හොයලා බැලුවේ... හිකිස්

      ටයි නොදා බැරිවෙයි නේද බන් ඉස්සරහට

      Delete
    3. හෙන්රි අය්යා : ඔන්න කිවා කතාවක්... ඔය තරම් සුදු නැ මම.... හිකිස්... මෙච්චර කල් අයියා අයියා කිවාට මටත් වඩා ලොකු ළමයි ඉන්න තාත්තා කෙනෙක් කියලා දන්නේ අදනේ...

      Delete
    4. @දේවා, අපි එහෙම තමයි. හැකි ඉක්මනින් කසාද බැන්දා. ලමයි හැදුවා. ඉතින් අර ඉස්සර තිබ්බ සබං ඇඩ් එක වගෙ තමයි පාරෙ යනකොට. අනික පරක්කු වෙලා බැන්දම හෙන වාතෙ. මොකද පොඩි එවුන් මොන්ටිසෝරි බාර දෙන්න ගියාම අහන්න පුලුවං, "මොකද බබා එක්ක සීයා ආවේ? තාත්තා එපෑ එන්න!" කියලා. අන්න ඒක නිසා නොපමාව කටයුතු කලා. හෙහ් හෙහ්.. :D
      (මගෙ යාලුවො ඉන්නවා දේවා තාම ඉස්කෝලෙ යන්නෙ නැති ලමයි ඉන්න, එක වසරෙ ලමයි ඉන්න... කිව්වට ඇහුවෙ නෑ. පස්මහ බැලුම් බල බලා හිටියා.):(
      henryblogwalker the Dude

      Delete
    5. ඔය පරක්කු වෙලා බැන්දහම වාතේ කියන කතාව අය්යා මගේ කසාද බදින්න හොද මොන වයසෙන්ද පොස්ට් එකෙත් කිවා... නිකමට අහන්නේ දැන් අයියාට වයස කියක් විතර වෙනවද?

      බල බලා ඉදලා බැරි වෙයි වගේ තමා... ඔය කතා අහන්නම වෙයි නැත්නම්

      Delete
  36. ටයි එක නැති උනාට දේවකගේ පින්තූරේ ලස්සනයි.:D
    ඔයාගේ කමෙන්ට්ස් බලන්ට පහලට ගිහින් load more එක උඩ click කරන්ට.:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... පොඩ්ඩි ඉතින් ඕක කියනවානේ.... සෝ ඔව් ඉතින් පොඩ්ඩිගේ කමෙන්ට් ටික කියවන්න ඉතින් නිවාඩුවක් දාන්න වෙනවානේ.. හිකිස්.. නැ පොඩ්ඩියේ මම බලුවා එහෙම තිබුනේ නැ වගේ දැක්කේ.. අයේ බලන්නම්කෝ

      Delete
  37. හප්පට සුර දෙව් අයිය හැන්ඩියානේ. ටයි පොල්ලකුත් ආවනම් කොහොමට තියේවිද.?

    ReplyDelete
    Replies
    1. ටයි පොල්ල නම් හැමදාම දානවා එදා නොදැම්මට..... හිකිස්... තැන්කු තැන්කු

      Delete
  38. ටයි එක ඇන්දට වරදක් නෑ..ගැලපෙන තැනට ගැලපෙන විදිහට පාවිච්චි කරනවානම් ඇත්තටම වටිනවා.....ඒත් ඉතින් ටයි එක දාගෙන අඩියෙක් විතර උඩින් යන අය දකිනකොටනම් හිනා යනවා...සමහරුන්ගේ පුහු බොලද මානසිකත්වයන් තුල, ටයි පටිය ඉංග්‍රිසි වචන ටික තමයි ලොකුම දේ කියලා හිතන තාක් කල් අපේ කම සරලත්වය කවදාවත් ඉදිරියට එන් නෑ.....එන්න එන්නම පිරිහීම විතරයි වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාලුවා.. එහෙම හිතන තාක් කල් මේ වෙනස හදාගන්න බැ.. ඒක වෙනස් වෙන එක කවදාවේවිද කියලා කියලා ඉතින් දන්නේ නැ යාලුවා...

      Delete
  39. මම නම් ඕක පාවිච්චි කරන්නෙ කාලා ඉවර උනාම කට පිහිදගන්න. ලේන්සුවක් තියාගන්න ඕනෙත් නෑ එතකොට. එලියට පේන්නෙ නැති පැත්ත තමයි කට පිහින්න ගන්නෙ. හෙම්බිරිස්සව දවස්වලට නාසය ක්‍රමවත්ව පවත්වාගන්නත් පාවිච්චි කරනවා. ඕනෙනම් කට්ටිය කරලා බැලුවට කමක් නෑ හැබැයි ඉතින් වැඩි ගනන් දීලා ටයි ගන්න කට්ටිය නම් ... ඒගොල්ලට ඉතින් වැඩිපුර සල්ලි තියනවනම් ලේන්සු දෙකක් තියාගන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. මමත් නම් ඉතින් ගනන් දිලා ටයි වත් ලේන්සුවත් ගන්නේත් නම් නැ.. සෝ ඉතින් ඔය දේ ඔය ටයි දාන ගොඩාක් දෙනා කරනවා මම හොදට දැකලා තියනවා..

      Delete
  40. අපොයි ඔය ඇදුමට තැන දෙන එකනම් කොහෙත් තියනවා.අපිට හිතට හරියන ඇදුමක් අදින්න නෑ වෙලාවකට.

    අපිනම් 1 වසරෙ ඉදලා 13 වසර වෙනකල් ටයි දැම්මා...:D

    ReplyDelete
    Replies
    1. ඇදුම් ගැන නම් ඇත්තටම වෙලාවකට කතා කරලා වැඩක් නැ. හැබැයි තව ඉතින් පිරිමි හොදායි...

      ආහ්හ් අක්කා එ කියන්නේ ඕ ලෙවල් පාස් ඒකනේ 13 වසරට ගිහින් තියෙන්නේ නේද?

      (මල්ලි මේ මොනවා කියනවද මන්දා මම මොර‍ටුත් ගියා නේද? (බලලා එන්න නෙමේ))

      Delete
  41. ටයි කියන්නේ මට එපාම කරපු දෙයක්.මම ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙච්චි කරුමෙට ඕක දාන්න උනා ඉස්කෝලේ මොන ෆෑන්ද ඉතිං මට එක දවසින්ම එපා වුනා.අනික් අය ටයි එක දාගෙන ඉද්දි මම මුලින්ම බොත්තමක් ගලෝගෙන ටයි එක බුරුල් කරන් හිටියා ඒකත් කරදරයි අන්තිමට ටයි එකේ ගැටේ ගලවන් නැතිව අරගෙන ලොකර් එකේ දාගෙන හිටියා මොන වදයක්ද මෙව්වා දාගෙන ඉන්න ගියාම.අන්තිමට ප්‍රිෆෙක්ට් බාර සර් මගේ ටයි එකයි බැජ් එකයි දෙකම ගත්තා සතියකට... ආයේ දුන්නම ආයේ නොදා හිටියා අන්තිමේ සර්ට එපා වුනා මට කියන එක....

    පොඩි කාලේ 7 වසරේ විතර වෙන්නැති මයෙ හිතේ වලියක් ගිහින් කෙල්ලෙක්ගේ ටයි එකෙන් ඇද්දා ඒක චූටි ගැටයක් වෙන්නම ඇඹරුනා.... ඒක ඇදලා පන්තියෙන් එලියට දුවද්දි අපේ ඉස්කෝලේ වසම සර් එනවා සිංහල උගන්නන්න.මම ආයේ පන්තියට යද්දි ඒ කෙල්ල කියනවා අද මම උඹව කියන එක කියනවා සර්ට කියලා... වැන්දෙ නැති ටික විතරයි.අන්තිමට ඒකි කියාපි ගලවලා ටයි එක දාපං කියලා මම ජීවිතේට ටයි දාලා නෑ ඒත් ඕන මගුලක් කියලා ඒකිගේ ටයි එක අමාරුවෙන් ගලෝලා කිව්වා මම ටයි දාන්න දන්නැ කියලා... ඒ කෙල්ලට හොඳම එකෙන් තද වෙලා ටයි එක උදුරලා සීඝ්‍රෙයන් ටයි එක දාන්න ගත්තා විනාඩියක් ගියෙත් නෑ සර් එතකොට පන්තියට ඇවිත් මේසේ ගාවට එන ගමන් මම කෙල්ලව කවර් කරන් වෙව්ල වෙව්ල හිටියේ... ටයි කියන්නේ මහ වදයක් අප්පා

    ReplyDelete
    Replies
    1. ටයි හින්දා මල්ලිට වෙලා තියන දෙයක්.. ඉතින් සර් ගියාට පස්සේ ඔය කියන ගැනු ලමයා මොකද කලේ.. මල්ලිට ආයේ ටයි අමතක නොවෙන්න පාඩමක් ඉගැන්නුවද?

      හ්ම්ම් මට වෙලාවට ඔය පට්ටම් ලැබුනට හැම වෙලාවෙම දාගෙන ඉන්න ඕනා කියන රුල් තිබුනේ නම් නැ.. ෆන්ශන් වලට විතරයි දාන්න උනේ

      ඒවාත් ඉතින් මේ දැන් වගේ නම් නෙමේනේ

      Delete
  42. good posting Dewa...............

    Don’t be make your opinion as a common opinion
    But use a common opinion to make the world success

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....