ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

02 June, 2012

Hand Watch පාවිච්චි කරන්නේ මොනවටද අපි..

හ්ම්ම් අලුත් මාසයකුත් ඇවිත්...

එක දිගට දවස් තුනක් තියන නිසා පොඩ්ඩක් විතර බ්ලොග් කියවන්න පොස්ට් එකක් දාන්න කියලා හිතුවත් අර එක පිම්මට ලියන එක නවත්වලා (ගොඩාක් දෙනෙක්ට නම් මම ලියන්නේ විකාරලු නේ) නිසා ලියන්න දෙයක් හිතට ආවෙත් නැ..

මතකයිනේ මිට කලින් මම ලියපු අර ටයි ගැන පොස්ට් එක.. මේකත් ටිකක් ඒ වගේ තමයි...

අද ඉතින් උදේ නැගිටිනකොට කුකුලා උදේ නැගිටලා එලාම් එකත් දිලා උදේට කැමත් කාලා දවල්ට කැමත් හොයන්න ගිහින්...

මොනවා කරන්නද ?

මමත් ඉතින් කොහොමහරි ඉක්මනට රෙඩි වෙලා ක්ලාස් බලා යන්න පිටත් උනා කියමුකෝ..

කොහොමත් මම පුරුද්දක් විදිහට ඔරලොසු (අර වොච් කියලා කියන්නේ) ඒවා පාවිච්චි කරන්නේ නම් නැහැ..

වෙලාවට වැඩක් නොකරන නිසාම නම් නෙමේ. මම ඉතින් ඔය වෙලාව බලගන්න ඕන වෙලාවට ෆොන් එකෙන් ඒක කරගන්න පුලුවන් නිසා මට කරදරයක් වගේ නිසා තමයි පාවිච්චි කරන්නේ නැත්තේ....

ටිකක් දවල් වෙලා වගේ නිසා මම ඉතින් වෙලාව බලනකොට පන්ති පටන් ගන්න තව 10 මින්ට් විතරක් වගේ තියෙන්නේ... මට ඉතින් ඒක ශුවර් නැති නිසා ටයිම් එක කන්ෆර්ම් කරගන්න කියලා ලග උන්නු 6 දෙනෙකුගෙන් වෙලාව ඒ අයට හොරෙන් බැලුවා..






ඒ එකම එක ඔරලොසුවක්වත් වැඩ කරන්නේ නැ... හැම එකක්ම නැවතිලා... මම ඉතින් ෆුල් අප්සෙට්.... තව ටිකක් එහාට ගිහින් ක්ලාස් යන බොයි කෙනෙක්ගෙන් අහලා වෙලාව බලාගත්තත්.. මේ අය මොකටද ඔරලොසුවක් පාවිච්චි කරන්නේ කියලා මට හිතුනා..

මට නම් ඉතින් ඔරලොසුවකින් එලාම් එකක් තියනවට අමතරම කරන ප්‍රධානම දේ තමයි වෙලාව බලන එක.. ඒත් වැඩ නොකරන ඔරලොසුවක් බැදගෙන ඉන්නකොට ඒක කරන්න පුලුවන්ද?

එහෙමත් නැත්නම් ඒකෙනුත් වැදගත් පෙනුමක් එනවද?


ඔයාලත් එහෙම වැඩ නොකරන ඔරලොසු බැදගෙනද ඉන්නේ

ප.ලි : මම බ්ලොග් ෆේස් බුක් වලින් ඇත් වෙලා ඉන්නවා කිවනේ.. මගේ යාලුවෙක්ගෙන් (ෆේස් බුක්) ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් තැගි ලැබුන නිසා ඔන්න මම හැමවෙලෙම වගේ ඔන්ලයින් ඉන්නවා පේනවා ඇති... ෆේස් බුක් ජි ටොක් ....... සෝ ඔයාලට ෆ්‍රි තියන වෙලාවක කතා කරන්නකෝ....

68 comments:

  1. ඕක විලාසිතාවක් න් මලය....

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කිසි තේරුමක් නැහැනේ අයියන්ඩි...

      Delete
  2. මමනම් ඔරලෝසුවක් පාවිච්චි කරපු කාලයක් මතක නෑ.. මලාට දාන්නෑ වැඩකරන්නැති ඔරලෝසුවක්. එහෙම කරල කාවද රවට්ටන්නෙ !

    ReplyDelete
    Replies
    1. ඔය වගේ වැඩ නොකරන එකක් බැදන් ඉන්න වෙලාවක කවුරු හරි වෙලාව ඇහුවොත් එහෙම.. පටි රොල් නේ

      Delete
  3. වැඩ නොකලත් ලොකු ගානක හොද එකක් බැදන් ඉන්නකොට පොස් වෙනවලුනේ...

    ReplyDelete
    Replies
    1. සමහර ලොකු ලොකු බ්‍රැන්ඩ් වල ඒවා තියනවා බන් ඒවගේ ගාන බොඩ් ගහලා එල්ලගෙන ඉන්න ඕනා... අර ඔරිෆේලෙම් එහෙම් බඩු.. නැත්නම් ඒවා ඒතරම් ගනන් කියලා වෙන කවුරුවත් දන්නේ නැ

      Delete
  4. මාත් ඔර්ලෝසු නම් පාවිච්චි කරන්නේ නැහැ සහෝ
    ඔයා මාර ලකීනේ යාලුවෙක්ගෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් හම්බුනා කියන්නේ.අපිට නම් එහෙම යාළුවො නැහැ අපි දුන්නොත් මිසක් :)

    ReplyDelete
    Replies
    1. මමත් නම් ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේම නැ ඉතින්,,,

      හ්ම්ම් ඒක නම් ඇත්ත ඉතින්....

      Delete
  5. මම නම් වෙලාව බලාගන්න ඉතින් ඔයින් එකක් පවිච්චි කරනවා.වෙලාව වැඩ නැති නම් ඉතින් ඕක අතේ බැදන් ඉන්නේ මොන මගුලටද

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කා.... මොන මගුලකට බැදගෙන ඉන්නවද කියලා තමයි මටත් ඒ වෙලාවේ හිතුනේ

      Delete
  6. ෆොන් එක තියනවනම් වොච් එක අනවශ්‍ය බරක්,,, මගේනම් පාවිච්චියක් නෑ... ෆොන් තහනම් නිසා විභාගවලට කාගෙන් හරි එකක් ඉල්ලගෙන යනවා

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් ඉන්නවා... කොහොමත් ඔරලොසු පාවිච්චි කරන්නේම නැ... විභාග වලදි හොල් එකේ ඉන්න (එක්සැම් ඩියුටි) මැඩම් කෙනෙකුගේ ඔරලෝසුවක් ගලවගෙන ඉල්ලගන්නවා ලගට..

      Delete
  7. මාත් ඉස්සර බැන්දා. ෆෝන් එක ගත්තම ඔරලෝසු අතෑරියා. ඒත් දැන් බදින්න කියල මල කරදරේ නිසා බදිනවා. එත් වෙලාව බලන්නේ පුරුද්දට පෝං එකෙන්..

    ජය !

    ReplyDelete
    Replies
    1. මට එක පාරම බැන්දා කිවහම නොට් උනේ වෙන බැදිල්ලක් ගැන, මොනවා උනත් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ අපට... මටත් වෙන්නේ එහෙමම තමයි...

      Delete
  8. මං කොහොමත් ඔය එක එක සුකුරුත්තන් දාන්නෙ නැති නිසා ඔරලෝසුව නැතුවනම් ගෙයින් එලියට බහින්නෙ නෑ.....

    ඒත් හරියටම වෙලාවට වැඩක් කෙලෙන්නෙට් නෑ....;)

    ReplyDelete
    Replies
    1. ඔය ඔරලෝසුත් තියනවා නේද එක එක සුකුරුත්තම් තාලෙට හදපුවා.....
      ඔරලොසුත් බැදගෙන වෙලාවට වැඩ කරන්නේ නැත්නම් ඉතින් වැඩක්ම නැ අෆ්ෆා..

      Delete
    2. ආහ් අර ටැපලෙන ඔයාගෙ ස්ටයිල් එක හරි ගිහින්ද මන්දා..... අයියො..........

      Delete
    3. නා නා....සුකුලුට්ටන් ඔල්ලොසු ඩාන්නෙ නෑ හලේ...කලුපාත බෙල්ට් එකක් ටියෙන එකක් ඉටලයි.....:(

      Delete
  9. මම ලියන්නේ වමතින් නිසා ඉස්සර ඉදලම ඔරලෝසු හරි යන්නෙ නෑ.බැන්දත් ලියද්දි කැඩෙනවා.
    අක්කත් එහෙන් ලස්සන ඔරලෝසුවක් එවලා තිබුණා.බදින්නෙත් නෑ.කාටවත් දෙන්නත් ලෝබයි.

    ReplyDelete
    Replies
    1. අහ්....ඒකත් එහෙමද බට්ටියේ... ඔයා වෙනසකටත් එක්ක දකුණු අතට වොච් එක බදින්නකෝ....

      හිත්වල ආසාව තමයි බට්ටියේ

      Delete
  10. මෙහේ නම් ඔරලෝසු බඳින කෙනෙක් හොයා ගන්නවත් නෑ ...හැබැයි වැඩනම් වෙලාවටම තමයි ,

    ReplyDelete
    Replies
    1. ඔරලොසු හදලා එවන ඔය පිටරටවල උදවිය ඒවා පාවිච්චි කරන්නේ නැද්ද අයියා,, එයාලත් වෙලාව බලාගන්නේ හැන්ඩ් ෆොන් වලින්ද?

      Delete
  11. මම නම් ආසම නැහැ වොච් පාවිච්චිය ..ෆොන් එකක් තියෙන නිසා එකෙන් තමා බලන්නේ.. කිව්වත් වගේ මොන මගුලටද වේලාවක් නැති එව්වා..ලැජ්ජයි නේ අප්පා කවුරුහරි වෙලාව ඇහුවම..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැ නිම්ශා.. මමත් අහන්න තමා උන්නේ... ඒත් වැඩ කරන්නේ නැ කියලා දැකපු නිසා අහන්නේ නැතුව උන්නා

      Delete
  12. ඕක ඉතින් විලාසිතාවනේ.. ඒකනේ එක එක මොස්තර වලින් ඕවා එන්නේ... :)

    ReplyDelete
    Replies
    1. විලාසිතා නම් ගොඩයි අයියා,, ඒත් ඉතින් වැඩ කරන්නේ නැත්නම් ඉතින් වැඩක්ම නැනේ නේද අයියා

      Delete
  13. ඇනෝ : උත්තර දෙන්න විදිහකුත් එක්ක ඇහුවනම් මට ඒකට උත්තර දෙන්න තිබුනා,, පුලුවන් නම් එහෙම අහන්න.... ටිකක් හරි...ගොඩාක් ඒවා වැරදි....

    ReplyDelete
  14. බූඩි නම් ඔරලෝසු භාවිතරයක් නැත, ජංගම දුරකතනය සෑහේ !

    ReplyDelete
  15. මම නම් අත් ඔරලෝසුවක් පාවිච්චි කරනවා. ඒක අතේ බැදගන්න අමතක වුණු දවසට ඉතින් සොරිම තමා. සැරින් සැරේ සාක්කුවට අත දම දම වෙලාව බලන්න එපැයි....

    ReplyDelete
    Replies
    1. මම නම් ගොඩාක් වෙලාවට ෆොන් එක සාක්කුවේම තියාගන්නේ නැ.. ටේබල් එක උඩ තමා.. ඒ නිසා ඒ ප්‍රශ්නේ නම් නැ වැඩිය

      Delete
  16. මමනම් වැඩ කරන ඔරලෝසුවක් පාවිච්චි කරනවා . එය මට අත්‍යාවශ්‍යයයි . මම ඉතින් වෙලාවට වැඩ කරන කෙනෙක්නේ .

    ReplyDelete
    Replies
    1. අහ්හ් කොහොම උනත් ගැහැනු ලමයි නම් ගොඩාක් වොච් පාවිච්චි කරනවා තමයි.. හ්ම්ම් අක්කා කොහොමත් වෙලාවට වැඩනේ.

      Delete
  17. මම නම් ගොඩක්ම ඔය දේ කරනවා දැකලා තියෙන්නෙ ගෑනු අය.. සමහර වෙලාවට කින්ඩියට වෙලාව ඇහුවම කියන උත්තරේ තමා අනේ වෙලාව තියන්න අමතක වෙලා කියන එක.. මම නම් දන්න කාලෙක ඉඳන් පාවිච්චි කරන්නේ Casio F-91w ඔරලෝසුව.. ඒක මට ඕනවටත් වඩා ඇති :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මම බලපු ඒ වැඩ නැති හැමෝම ගැහැනු තමයි... වෙලාවට වැඩ කරන්න ඉව ඇතිනේ...

      මම නම් පාවිච්චි කරන්නේම නම් නැ

      Delete
  18. මම නම් ඔර්ලෝසු පාවිච්චි කරලම නෑ අවුරුදු 10කට විතර එහායින්. වැඩිම උනොත් විභාගයකට ඔර්ලෝසුවක් දාන් ගිහින් ඇති.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් දැන් නම් ඉතින් ලොක්කෙක් නිසා පාවිච්චි කලා නම් හොදයි නේද අයියා

      Delete
  19. මම නම් වෙලාව බලන්ට පාවිච්චි කරන්නේම අත් ඔරලෝසුව. ඉන්නෙත් කොච්චරවත් අතේ බැඳ ගත්තු ගමන්. ෆෝන් එකේ වෙලාව බලන සිරිත මගේ නෑ. ඒක කොච්චරවත් ඕෆ් කරපු ගමන්. :D

    ReplyDelete
    Replies
    1. ඒ තරමටම කෝල් එනවා වෙන්ටෑ.... :ඩී

      Delete
    2. ඒ කියන්නේ පොඩ්ඩි ෆොන් එක පාවිච්චි කරන්නේ. මොකටද?
      පාවිච්චි කරන්නේ අර කුමාරිහමිලා පාවිච්චි කරන වගේ එවද?

      Delete
  20. මමත් ඉස්සරම ඔරලෝසුවක් බැන්දා... හැබැයි වෙලාව දුවන එකක්...! ෆෝන් එක්ක පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඔරලෝසු පාවිච්චිය අතහැරියා... දැන් අවුරුදු ගාණකින් ඔරලෝසු පාවිච්චියක් නෑ...

    ඔරලෝසුව කියන්නේ විලාසිතාවක් නේ මලයා... සමහර පෙර පරම්පරා වල උදවියට නම් ඒක අත්‍යාවශ්‍ය අංගයක්... ඇඟේ කෑල්ලක් වගේ !

    හැබැයි වේලාව නොදුවන ඔරලෝසු මොන හේතුවකට බැන්දත් මෝඩ වැඩක් !

    ReplyDelete
    Replies
    1. ගොඩාක් වෙලාවට වයසක අය නම් ඉතින් ඔරලොසුවක් නැතුව කොහෙවත් යන්නේ නැහැනේ.. :ඩි

      වෙලාව වැඩ නැති එකක් බැදලා කවුරු හරි අහපුවහම තමයි ඉතින් අවුල

      Delete
  21. හැබැයි මල්ලි Hand watch කියලනම් කියන්නේ නෑ Wrist watch කියල තමයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියපුවහම පොඩ්ඩක් අවුල් වගේ හිතුනා මට... ඒකයි අයියා එහෙම දැම්මේ කොහොම හරි මාස ගානකින් අයියා මේ පැත්තේ අව එක ගැන නම් හැපි

      Delete
  22. හැබැයි මල්ලි Hand watch කියලනම් කියන්නේ නෑ Wrist watch කියල තමයි කියන්නේ.

    ReplyDelete
  23. රිසල්ට්ස් ආවා නේද? කොහොමද තත්ත්වේ?

    ReplyDelete
    Replies
    1. කලින් පොස්ට් එක මිස් වෙලා වගේ

      Delete
  24. මමනං වෙලාව ගනන් ගන්නේ නෑ.......... ඔහේ ඉන්නවා............ ඔහේ කනවා............. ඔහේ නිදියනවා ........... නිකමෙක් වගේ මැරිලා යනවා

    ReplyDelete
    Replies
    1. දැන්වත් ඒක වෙනස් කරගන්න හිතුවොත් නරකද?

      Delete
  25. අත් ඔරලෝසු ගැන ලිපියක් ලියන්න හිතාගෙන ඉන්න විටදීයි මේ ලිපිය දැක්කේ. නමුත් මම ලියන්න හිතාගෙන හිටිය කරුණු නෙවෙයි මෙහි තිබෙන්නේ. ඒ නිසා ටිකක් පසුවී මගේ ලිපිය ලියන්නම්. හෑන්ඩ් වොච් කියන යෙදුමට වඩා නිවැරදි සහ සුදුසු වචනය වන්නේ රිස්ට් වොච් Wrist Watch කියන ඉංග්‍රීසි යෙදීම බවයි මගේ හැඟීම. මොකද ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂාවේ නැති හෑන්ඩ් ෆෝන් කියලා යෙදුමකුත් අපි පාවිච්චි කරනවානේ.

    අත් ඔරලෝසුවකින් වෙලාව බලනවා වඩා මොබයිල් ෆෝන් එකෙන් වෙලාව බැලීමට වැඩි වෙහෙසක් දරන්න වෙනවා. ඔබ වාහනයක යනවානම් ෆෝන් එක එලියට (සාක්කුවෙන්, හෑන්ඩ් බෑග් එකෙන්,) ගත යුතුයි. එය ෆෝල්ඩබල් ෆෝන් එකක් නම් එය දිග හැරිය යුතුයි. තිරය ආලෝකවත්වී නැතිවිට වෙලාව පෙන්වන්නේ කුඩාවට නම්, තිරය ආලෝකවත් කලයුතුයි. (තත්පරයක් හෝ බැටරිය වැය කලයුතුයි. සමහර ෆෝන්වල තිරය ආලෝකවත් කලවිට තත්පර 15 ක් පමණ තිබෙනවා) ඔබ බස් රථයක හෝ දුම්රියක හිටගෙන යනවනම් මෙය තවත් අපහසුයි.

    ඔරලෝසු එපාවී තිබෙන්නේ, මතුපිටින් ලස්සන, එහෙත් මාස තුනක්වත් හරියට වැඩ නොකරන, ඔරලෝසු නිසයි. සාමාන්‍යයෙන් හොඳ දේවල් කොයි එකත් මිල අධිකයි කියා කිව්වත්, හොඳ ඔරලෝසු එසේ මිල අධික නැහැ. එවැනි ඔරලෝසුවල මෝස්‌තර,, කිසිදු හේතුවක් නිසාවත්, සීනිබෝල පෙනුමෙන් යුක්තව නිපදවන්නේ නැහැ. ඒ නිසා සමහරු පෙනුමට පමණක් ඔරලෝසු මිලදීගෙන අමාරුවේ වැටෙනවා. මම 1998 දී මිලදීගත් ඔරලෝසුව අදටත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන අතර තවම බැටරි මාරු කලේ එක වරයි.
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මමත් මේ කතාවට එකඟයි..
      බොහෝ වලාවට අත් ඔරලෝසු ටයි වගේම සාමාජයේ පිළිගැනීමට ලක්වෙන සංකේතයක්..

      Delete
    2. එකගයි කතාවට මමත්.... මොනවා උනත් පොස්ට් එක ලියන්නකෝ ඉක්මනටම

      Delete
  26. මම නම් ඔරලෝසු බඳින්නේ හිතුණොත් විතරයි. නැත්තම් ෆෝන් එකෙන් තමයි වෙලාව බලන්නේ. වැඩ කරන්නේ නැති ඔරලෝසු බැඳගෙන යන එක නම් මමත් දකින්නේ තේරුමක් නැති දෙයක් විදිහ ට. වෙලාව බලන්න තියෙන උපකරණය විලාසිතාවක් විදිහට තෙරුමක් නැතුව පාවිච්චි කරන්නේ, නියමිත දෙයින් නියමිත ප්‍රයෝජනය ගන්න මිනිස්සු හුරු වෙලා නැති නිසා කියලයි මට නම් හිතෙන්නේ අයියේ......

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත නංගෝ.... ගොඩාක් දෙනා දන්නෙ නැ නියමිත දෙයින් නියමිත දේ කරන්න....

      Delete
  27. මමනම් ඔරලෝසු පවිච්චි කරනවා.හැබැයි වැඩ කරණ ඒවා.එක දවසක් මම දැක්කා මගේ කෙල්ල ඔහොම වැඩ නොකරන එකක් බැඳන් ඉන්නවා.මම ඇහුවම කිව්වා ඔයා අරන් දුන්න නිසා මේකට ආසයි ඒකයි පවිච්චි කරන්නෙ කියලා.අනේ මන්දා ඔය එක එකාට හේතු වෙනස් ඇති බන්.

    ReplyDelete
    Replies
    1. එහෙම හේතු තියන්නත් පුලුවන්.. ඒත් ඉතින් එහෙම කියලා වැඩ නොකරන එකක් පාවිච්චි කරන එක හරි නැ නේද? ශුවර් එකටම කොල්ලා එදාම අලුත් එකක් අරගෙන දෙන්න ඇති නේද?

      Delete
  28. මමනම් ඔරලෝසු පවිච්චි කරනවා.හැබැයි වැඩ කරණ ඒවා.එක දවසක් මම දැක්කා මගේ කෙල්ල ඔහොම වැඩ නොකරන එකක් බැඳන් ඉන්නවා.මම ඇහුවම කිව්වා ඔයා අරන් දුන්න නිසා මේකට ආසයි ඒකයි පවිච්චි කරන්නෙ කියලා.අනේ මන්දා ඔය එක එකාට හේතු වෙනස් ඇති බන්.

    ReplyDelete
  29. ඔක්කොටමත් වඩා කවුද බං අර යාලුවා?? අනික ඇන්ඩ්‍රොයිඩ් එකක් තෑගි දෙන්න...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බන් අපි ආස්‍රය කරන අයියලා අක්කලා... ගොඩාක් කල් ඉදන් මාත් එක්ක ‍ෆිට් එකේ උන්නු පිට රට ඉන්න ලංකාවේ කපල් එකක්.. බන්

      Delete
  30. මමත් අන්තිමටම ඔරලෝසුවක් බැන්ද කාලයක් මතක නෑ අප්පා. ඕවා ගැට ගහගන හිටියා කියලා වෙලාවට වැඩකුත් නෑ නේ. විලාසිතාව විතරයි.. ඔරලෝසු නැති නිසානේ අපි දහයට පටන් ගන්න අවුරුදු උත්සව වලටත් හයහමාර වෙනකොට එන්නේ.:P

    ReplyDelete
  31. Yako kohomada eka wada karannaha kiyanne e watch wala hariyatama welawa pennanne dawasata deparai. eka tamai aluthma trend eka .

    eg:- 6.15AM & 6.15PM

    ReplyDelete
  32. අත් ඔරලෝසුව එක විදිහක ආභරණයක්.මා සතුව තියෙන්නේ 1990 වසරේදී මගේ පියා විසින් තෑගී කල ROAMER වර්ගයේ අත් ඔරලෝසුවක් එය තවමත් හොදින් ක්‍රියාකාරී වෙනවා.චාම් සුන්දර වස්තුවක් වගේම.මියගොස් වසර 20 පමණ වන මගේ පියා සිහිපත් කරන සිහිවටනයක්.

    ReplyDelete
  33. මම නම් ඔරලෝසු බඳින්නේ නෑ අප්පා. එක හෙන වදයක්...ෆෝන් එකෙන් කරගන්න පුළුවන් වෙච්චි එකේ මොකටද දුක් විඳින්නේ. ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් එක ආයිෂ් අම්මා.......///

    ReplyDelete
  34. මම නං වෙලාවට වැඩ. නිදාගන්න වෙලාවට හැර අනෙක් වෙලාවල් වල ඔරලෝසුව අතේ තියනව. නිවැරදිම වෙලාවත් තියනව.

    ReplyDelete
  35. මාත් ඔරලෝසු බඳින්නේ නෑ දුක හොඳය් නේ ඊට වඩා :)

    ReplyDelete
  36. අත් ඔරලෝසුවක් අතට බරක්.... ගැලෙව්වම අත හරි නිදහස්.... මම කැමතිත් නෑ...

    ReplyDelete
  37. මම 24/7 ඔරලෝසුව ඇඳගෙන ඉන්න බුවෙක්.

    henryblogwalker the Dude

    ReplyDelete
  38. මටනම් පුරුද්දට වගේ වැඩ නොකලත් එකක් තියෙන්න ඕනි...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....