ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

12 May, 2012

තවත් එක මංගල දැන්විමක් පමනක්ම නොවේ

ටික දවසක් නම් ගෙවුනා.. බ්ලොග් එකේ මුකුත් ලියන්නත් බැරි උනා... ඔන්න ආයේ හිරු බ්ලොග් ලියන්න එන කතාවක් කියලා තිබුනා...

පුන්චි පොස්ට් එකක් දාලා ආයේ මේ නිහඩ බව බිදින්න හිතුනා..

බ්ලොග් ලොකේ කෙල්ලෝ ගොඩාක් ,කොල්ලෝ හොයා ගන්න කියලා හිතලා මංගල දැන්විම් දාලා තිබුනනේ...

මට මතක විදිහට රංග අයියාත් දාලා තිබුනා.. රංග අයියා ගොඩ ගියේ ඒ පොස්ට් එක හින්දද දන්නෙත් නැනේ.. ලියන්න තරම් දෙයක් මේ බිසි දවස් වල ඔලුවට ආවෙත් නැ... ඉතින් මේක ලියන්න හිතුවා...

ඔන්න ඉතින් මට එක එක කතා එහෙම කියනවා නෙමේ ....

මෙන්න මේ දේවල් තියනවද බලන්න ඔයාලටත්

මාගේ කලවයස හරි යැයි මටම සිතීම නිසා මමද තීරණයක් ගත්තෙමි.එනම් මනාලියක පිළිබදය.මා මේ සොයන සුදුසුකම් ඇති තරුණියක් සොයා ගැනීම ඉතා අසීරු කරුණක් හෙයින් මම මේ දැන්වීම මාගේ බොලොක්කයේ පළ කරන ලද්දෙමි.

අවුරුදු 23ට අඩු
ගොඩක්ම සුදු  ලස්සන
උස අඩි 5 යි අඟල් 5කට නොවැඩි
කොණ්ඩෙ කොටටම කපපු නැති ( වැඩිය දිග කොණ්ඩයක් නොවුනට කමක් නෑ )
කොටට ඇඳුම් නො අඳින
උසස් පෙළ සමත් ( ඩිග්‍රියක් තිබ්බත් ඉතින් කමක් නෑ )
මමත් මගේ පවුලේ අයවත් තේරුම් ගැනීමට හැකි කරුණාබර හදවතක් ඇති
හුඟක්ම අහින්සක නැති ඒත් නපුරුමත් නැති
දඟ එහෙත් අවශ්‍ය වෙලාවට සීරියස් හිතන
මාවත් තේරුම් ගත්ත
බිරිදකගේ මවකගේ වගකීම් තේරුම් ගන්න පුලුවන් ඒවා ඉටු කරන්න පුලුවන්
වැඩි කෝලම් ෆැෂන් නැති
පුන්චි පවුල රත්තරන් කියලා නොහිතන
රැකියාවක්  කරන / කරන්නට කැමති
ආදරේට බොරු වංචා නොකරන
ගුණ යහපත් අවන්ක ගෑණු ලමයෙකු සොයමි.

මොනා කරත් ඉතින් හම්බ වුන ගමන් බඳින්න බෑ නේ.තව අවුරුදු 2ක් විතර ඉතින් බලන්න ඕන.එයාටත් ඉතින් එතකම් ඉවසන්න වෙනවා.


ඔන්න ඉතින් කමති අය මෙතන ප්‍රසිද්දියේ කියලා යන්න පුලුවන් වගේම  ප්‍රසිද්දියේ කියන්න අකැමති අය ඉතින් මෙන්න මේ මගේ ෆේස් බුක් එකට මැසේජ් එකක් එවන්න්කෝ

(බ්ලොග් එකේ කමෙන්ට් නැතිම පොස්ට් එක වේවිද මන්දා)

*** - විනෝදයට පමනයි - ***

ප.ලි / (වි.කෝ.ලි) : කවුරු උනත් මේක සිරියස් ගන්නවට ඔන්න මම නම් කැමති නැ... අය්යෝ බ්ලොග් පොස්ට් වලින් කෙල්ලෙක් හොයා ගන්නේ මොකටද මම... මගේ හිතේ ඉන්න  මගේ ආදරේ ගැන කියනකොට කොහේවත් ඉන්න අය කලබල නොවි ඉන්න එක තමයි වැදගත්....

117 comments:

  1. දන්න තරමින් ඔය ඔක්කොම තියෙන එක එක්කෙනෙක්ම හොයා ගන්න තමා අමාරු......

    ReplyDelete
    Replies
    1. උත්සහ කලොත් බැරි වෙන එකකුත් නැ නේද අයියා.. බලමුකෝ....

      Delete
  2. අපිට චැට් එකෙන් එනකොටනම් තිබුනේ බඳින්නේ අවුරුදු තුනකට විතර පස්සේ කියලා.. ප්‍රායෝගික අපහසුතා නිසා කාලය අඩු වෙනවද කොහෙද :P.. ඔය ඔක්කොම එකට තියන අයනම්... අනේ මන්දා :D :D

    ReplyDelete
    Replies
    1. මොනවද බන් ප්‍රායෝගික අපහසුතා කියන්නේ.... එහෙම එකක් ස්කොලේ යන කාලේවත් තිබුනේ නැනේ

      Delete
    2. ඒ කියන්නේ දරුවා.. උඹත් එක්ක අවුරුදු තුනක් ඉන්නෑ මොකෙක්වත්.. අනිවා දාලා දුවනවා.. පණ එපා කියලා.. ඉතින් ඒක ඉතාමත් බරපතල ප්‍රායෝගික අපහසුතාවයක්.. අවුරුදු තුනක් වගේ කාලයක් ඉන්න... :D

      Delete
    3. අනේ මල්ලි අවුරුදු 2කට නෙමේ හොයනවා කිවේ ජිවිත කාලෙටමනේ..

      Delete
  3. Replies
    1. මොකද වර්ණෝ ඔය කැත හිනාවක් දාගෙන.... ආහ් මනමාලයෙක් ඇවිත් දැන් වෙන් කරලා ඉන්න කතාවක් කිවානේ නේද?

      Delete
  4. හම්මූ හොඩ වෙලාවට විනෝඩයට පමණයිනේ......හලි හලි....හික් හික්.....:P

    ReplyDelete
    Replies
    1. එහෙම විනෝදයට පමණයි කියලා දැම්ම විනෝදෙට මිසක් පොස්‍ටුව විනෝදෙට නම් නෙමේ හොදේ

      Delete
    2. හෑ...............ඩෙත් වෙඩිමයි.....
      හපුයි හපුයි.....

      Delete
    3. ඔව් ඉතින් බදිනවා කියන්නේ ඩෙත් වෙඩිමක් නම් වෙන්න ඇති නේ...

      Delete
  5. Replies
    1. ඔය ඉතින් තාර ත් මෙතන හිනා වෙනවානේ...... :'(

      Delete
    2. හිනා උනේ නෑ හෆ්ෆා... හිනව පාලනේ කරගන්න බැරිඋනා... හි හි..

      Delete
    3. අනේ තාරා ඔහොම හිනාවෙනකොට ඇත්තටම දුකයි මට,... හිකිස්

      Delete
  6. මෙතන දේවල් ගැන චැට් එකෙන් අහපු දෙයකට උත්තර දෙන්නම්කෝ.. කොහොමද 94 කෙනෙක් උසස් පෙල කරන්නේ තවම 93 මමවත් කරලා නැනේ. එතකොට මට ඇප්ලයි කරන්න බැරිද : - පුලුවන් මොකද අවුරුදු 2ක් ඉන්න වෙනවා වෙනවානේ එතකොට එක කරගන්න පුලුවන්නේ..

    ඔය හැමදේම මගේ ලග නැනේ,ඉතින් අපිට බැරිද? - පුලුවන් පුලුවන් අඩු පාඩු ගැන සලකලා බලමුකෝ

    ReplyDelete
  7. මේක හරි යන්නේ නෑ.. මාත් එකක් දාන්න ඕන.. නැත්නම් මටත් නාකි වෙලා තමයි ගොඩ යන්න වෙන්නේ!!
    හෙක් හෙක්..

    ReplyDelete
    Replies
    1. මේ. මේ... මල්ලිලා පස්සේ.. ඉස්සරවෙලා අයියාලා....

      Delete
  8. පමා වැඩී ඔබ පමා වැ‍ඩී
    නුඹ මෙය දැම්මේ පමාද වී
    පෙර මෙය දැම්මේ නම්
    ඔහුට නොදී මම ඔබටම සිත පුදමී.... :D :D

    ReplyDelete
    Replies
    1. පරාජයේ දුක මට පුරුදුයි.
      සැනසුම නුබ වාගේම ඈතයි.
      තහනම් සෙවනේ ඉන්න
      තව මොහොතක් ඉඩ දෙන්න

      විහිලු හොදේ- එහෙම තහනම් සෙවනක් මට එපා

      Delete
  9. ඉවසපන් මචන්..........හමුවෙයි :-))

    ReplyDelete
  10. මේ ඔක්කොම තියෙන්න ඕනද...
    :D

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ඕනේ නැ කියලා මම කලින්ම කිවානේ නංගෝ... එහෙම හොයන්න ගියොත් ඉතින් මට හැමදාම තනියෙන් තමා ඉන්න වෙන්නේ.. පව් මම

      Delete
  11. හ්ම්ම්... අපි ලව් කරපු කාලෙ බ්ලොග් තියා ෆෝන් වත් තිබුනෙ නෑ... බොලා හිතන්න එපා මම හද්ද නාකියෙක් කියල.. මම කියන්නෙ 2000 - 2004 කාලය...

    ReplyDelete
    Replies
    1. ඒ අයියේ, මොබයිල් පොන් හොයා ගත්තේ 2000ට පස්සේද? මට මතකයි මම පොඩි කාලෙත් සෙල්ලං ෆෝන් එකකින් කොල් ගත්තා.... ඇත්තටම අයියා නාකිද මන්දා... හිකිස්

      Delete
  12. සමහර වෙලාවට එකක් දෙකක් නැති උනත් ඒවා හදා ගන්න පුලුවන් වෙයි නේද? :D
    මචෝ බූඩිටත් එකක් ලියලා දීපන්කෝ බන් බූඩිත් ගෙදරටම නාකි වෙලා තියෙන්නෙ දැන් :(

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි හොයාගෙන ඉන්න කියලා හදනකොටම අයියලාත් උදැල්ල දානවානේ.. පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නකෝ..... හ්ම්ම්

      Delete
  13. සයිබරයේ මංගල කිංකිණි .... හිහි....ඒකත් නරකම නෑ මල්ලි....

    ReplyDelete
    Replies
    1. කොහොමද ඉතින් මේක හරි ගියොත් ඒක සයිබරයටම හොද මංගලයක් වේවිනේ..... නේද අක්කා

      Delete
  14. ඔයාට තාම බදින්න මොන වයසක්ද දේවා...

    ReplyDelete
    Replies
    1. අනේ ඔහොම කියන්නෙපා උමා....
      මට දැන් ඉතින් 24 වෙනවානේ... ඒකත් ඉතින් හරි වයසක්නේ.. නේද?

      Delete
  15. මටත් හිතෙනවා දැන්නම් මංගල දැන්වීමක් දාන්න බ්ලොග් එකේ. :D

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එක පාර දාන එකෙත් වැරද්දක් නැ නේද? ඔන්න ඔහේ දාමු නිශා

      Delete
  16. කරත්තෙට ගැට ගහපු ගොනා පස්සෙ එන කරත්ත රෝදෙ වගේ කරුමෙ මිනිස්සු පස්සෙන් එනව කියල තියෙන්නෙ නිකංද ඉතිං... ;)

    ලස්සන වෙන්න ඕන කියල ඇත්තම කියල තියෙනව..
    /*පුන්චි පවුල රත්තරන් කියලා නොහිතන*/ එලම එල

    ලේසිම ක්‍රමේ තමා මලය වෙන වෙනම කෑලි අරන් ෆිට් කරන එක... ඔය ඉල්ලන ඔක්කොම එකකට දාල කම්පැණි වලින් බඩු හදන්නෙ නෑ... :)

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ඕන දෙයක් කෙලින් කියනවානේ අයියා, හිතේ එකක් කියන්නේ තව එකක් වගේ නෙමේනේ..

      හ්ම්ම් ඉතින් ඒක නම් හරි යන වැඩක් නෙමේ ලගින් යන උනත් කමක් නැ... 100%ක් ම ‍ෆිට් වෙන්න ඕනේ නැ ඉතින්

      Delete
  17. අය්යේ මේ බ්ලොග් අවකාසය කක්කා ගොඩක් කිරීමට අය්යා දෙන දායකත්වය බෙහෙවින් අගය කළ යුතුය. කෙල්ලෙක් නැතිව තදියම ඉවසන්නම බැරිනම් නෝටි ඇමරිකා බලා අත බාවිතයද නොසෑහේනම් රුපියල් 1000ක් පමන වියදම් කොට කෙල්ලෙක් සමඟ කාමරගත වීම මෙවැනි කක්කා පෝස්ට් දැමීමට වඩා අගනේය. අය්යා ගැන වර්නානා කරන කොමොන්ට් පමණක් පලකරන බවද මා දන්නේය.

    ReplyDelete
    Replies
    1. :තැන්ක්ස් මල්ලි , මෙතන නමකින් පෙනි හිටින්නවත් බැරි.. ඇ බන් මටත් වඩා බාල කෙනෙක්ද ? ශික් කොහොමත් ඉතින් මම හිතන්නේ කාට හරි වැරදිමකින් ජාතක උන ආත්මයක් වෙන්න ඇති...

      මම ඇනෝ කමෙන්ට් පබ්ලිශ් නොකර ඉන්නාවානම් කලින් පොස්ට් එක බලන්නකෝ...
      අනිත් එක යාලුවා ඔය කියන වැඩ ගැන මට එහෙම උවමනාවක් තියනවා නම් මම ඕක ඔයා කියන කන් බලාගෙන ඉන්නේ නැ...

      අනිත් එක හරියට ආදරේවත් ඔය මල්ලි බබා තේරුම් අරගෙන නැනේ.. ඔය කාමර වලට යන එකටද මල්ලි ආදරේ කියන්නේ...

      ජය හා සතුට

      Delete
    2. ඔන්න නමක්May 12, 2012 at 10:34 PM

      අනේ අය්යේ එතකොට ඔය ලිස්ට් හදලා ඒ ගතිගුන තියෙන ගෑනු තෝරගන්න එකටද ආදරේ කියන්නේ? අපේ ගමේ කරලිනා නැන්දානම් කියන්නේ තමන්ට ඕනේ දේවල් විතරක් තියෙන ගෑනු හොයන්නේ ආදරේට නෙමෙයි කෑදරේට කියල

      Delete
    3. මෙහෙමයි, ඔන්න නමක් : ඔය ලිස්ට් එකේ තියන හැමදේම ඕනා කියලා කතාවක් නැනේ... කැමති දේවල් ටිකක් විතරක් ලියලා තියෙන්නේ.. සෝ මම හිතන්නේ ඔයාලගේ ගමේ කවුද අහන්නේ ඒ කෙනාට හා කියලා බන්දලා දෙනවා ඇහි. ශුවර් ඔය නැන්දා තාම තනිකඩ නේද?
      හිකිස්

      Delete
    4. මචෝ ඔන්න නමක්, පත්තරේ මංගල දැන්වීම් වල තියන නම්බර් වලටත් ඔය ගමන්ම කතා කරල බැනපං ඔය අමාරුව හොඳ වෙන්නත් එක්ක... ඇඩ්‍රස් එකෙන් ගෙදරට හොයාගෙන ගිහිං බනින්න උඹට කොන්දක් නැති නිසා එහෙම තමා කරන්න වෙන්නෙ..

      Delete
    5. බට්ටා +++++ ඔබා මාමාගේ මරණේ අහපු වෙලේ ඉඳල තෝන්තුවෙන් හිටියත් මේ කතාව ඇහුවාම ඒ ගතිය ටිකක් අඩු වුනා.

      Delete
  18. මචන්, කෙල්ලෙක් හොයාගන්නවා කියන එක හැකියාව මත වෙන දෙයක්.. මෙතන ඉන්න උන් ඉන්නව කෙල්ලො 10ක් එක්ක විතර යාළුවෙලා 14වෙනි එක කසාද බැදපු... කසාද බැදලත් තව යාළු වුන වුනුත් ඉන්නවා... කසාද බැඳලා අපි වගේ පාඩුවේ ඉන්න වුනුත් ඉන්නවා.... ඒක නිසා ඒ වගේ එකෙක් හොයාගෙන ටියුශන් පන්තියකට පලයන්...

    නිර්දේශිත ගුරුවරු :
    1. ඕනයා
    2. රංග
    3. මාරයා
    4. රාජ්
    ටක් ගාල යාළුවෙලා බඳින්න ඕන නම රංගයාගෙන් හරි රාජ්ගෙන් හරි අහපන්...

    වෙනියා ලඟත් තියෙනවා වෙනස්ම සබ්ජෙක්ට් එකක්.... :D

    ReplyDelete
    Replies
    1. ඔන්ලයින් ටියුශන් තමා නේද අයියා කරන්න වෙන්නේ....

      බැදලා අත් දැකිම් තියන කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නේ.... මේක බලාගෙන යනකොට ගොඩාක් බරපතල කේස් එකක්.. කොහොම උනත් ඉතින් මේක කරගන්නත් ඕනනේ....

      බලමු අයියා මේ කාවවත් කන්ටැක්ට් කරගන්න පුලුවන් වෙයිද කියලා

      මොකක්ද මේ වෙනියාගේ සබ්ජෙක්ට් එක..

      Delete
    2. අබීතයියා ඔය ලිස්ට් එකේ ඉන්න එපැයි.. :O

      Delete
    3. //කසාද බැඳලා අපි වගේ පාඩුවේ ඉන්න වුනුත් ඉන්නවා....//
      …ඔය නොකිය කියන්නේ අභීත අයියත් ලිස්ට් එකේ ඉන්නව කියල තමා.. ;)

      Delete
    4. ඔව් නේද යසන්ත මල්ලියේ.. අපි වගේ පොඩි මිනිස්සුන්ට අභිත අයියලා ක්ලාස් කරන්නේ නැතිවද දන්නේ නැ..

      Delete
  19. ඔන්න දේවා මල්ලිටත් හරියන්නයි එන්නේ... ජයවේවා.... ඔය ඔක්කොම තියෙන කෙනෙක් ලැබුනොත් මටත් කියපං හොදේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් තවම නම් වැඩේ හරි ගියේ නම් නැ අයියාලට නොකියා මම ගන්නවද අයියේ වෙඩින්.. කොහේ උන්නත් ඔය හැමෝම එන්න ඔනා මගේ වෙඩිමට නම්

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. 5වෙනි එක නම් ඉතින් ඒ තරම් අවුලක් නැ... මොකද ඉතින් ඒක කොස් කටින්ග් නේ... දහතුන උපරිම 2,3 තමා.. ඒක ඉතින් අවුලක් නැහැනේ...

      ඔන්න ඔයාගේ ලිස්ට් එකත් බැලුවා නුවර කියන්නේ ඒ තරම් දුරකුත් නෙමේ.. මොකද ඔයා නොවුනත් ඒ කෙනා මම බැදලා ඉන්නේ නුවරම තමා.. කොහොමත් නෙක්ස්ට් ඉයර් ඒ පැත්තට මාරුවක් ගන්න නිසා ඒක ඕකේ.. අනිත් ඒවාත් අවුලක් නම් නැ.

      අනිවා ඔයාට බැදලා මේ මනුස්සයට කන්න උයලා දෙන්න හිතෙනවා කියලා මම දන්න නිසා ඒක ගැනත් අවුලක් නැ.. එහෙම නොවුනත් ඉතින් මොනවා හරි කරගන්න පුලුවන්නේ...

      සෝ ඉතින් නෝ ප්‍රොබ්ලම්.. මොකද හිතන්නේ ඉතින්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මල්යා ඉතින් ලැජ්ජා වෙන්නේ මොකටද? අවුලක් නැනේ.. ගැලපෙන දේවල් තියනවානම් ඉතින්..

      සෝ මොකද ඉතින් කියන්නේ..

      Delete
  21. මෙහෙම පෝස්ට් එකක් දැමීම ලැජ්ජාවට කාරණයක් නෙමේ බොල. උඹට ජය මලේ. ගැලපෙන කෙනා හම්බවෙයි. ඒකට කාලයක් වෙලාවක් තියෙනයවා!! දුක් නොවී ඉඳින්!!!

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඔය ලහිපිට වගේ ඒවගේ සල්ලි ගෙවලා ඇඩ් දාන අයත් එහෙම වෙන්න ඕනනේ නේද අයියා,, තවම කාලේ ඇවිත් නැද්ද මන්දා... බලමුකෝ

      Delete
  22. වාසනාවන්..වාසනාවන්
    ඔබේ දිවි මග වා‍සනාවේ
    සුවහසක් මල් පිපේවා...

    වැඩේ කිරිගහට ඇන්නා වගේ හරියයි..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අයියා.. බලමුකෝ.. මේක හරි යාවිද කියලා

      Delete
  23. යකෝ.. මාත් දානව මගුල් දැන්වීමක්....

    ReplyDelete
    Replies
    1. එතකොට අර අවුරුදු උස්සවේට ආපු සීදේවි කෙල්ලට මොකද කරන්නෙ?

      Delete
    2. අනේ බන් ක්සැන්ඩ්‍රා කෙල්ලට පව් නේද බන් එතකොට.. අනික ඉතින් බ්ලොග් ලොකේට විතරයිනේ මේ පොස්ට් පෙන්නේ.. ඒ හැමෝම උබ පවුල් වෙලා කියලා දන්නවානේ....

      දැන් නම් අපරාදේ එක්කගෙන අවේ කියලා හිතෙනවද මන්දා.. හිකිස්

      Delete
    3. එහෙනම් ඔය කවිකාරි අක්කා කියන සීදේවි කෙල්ලගෙ ගතිගුණ වලට කැපෙන්න දැන්වීම දාන්න පොඩි මෑන් අයියේ.. ;)

      Delete
    4. බට්ටා මල්ලි වැරදිලාවත් අයේ ගේට් එකකට එනකොට හැන්ගෙන්න මොනවා හරි අරගෙන එන්න.. ඔය නංගි හරි අහින්සක පාටට උන්නට හරි වසයිලු.. පොඩ්ඩා තමා කිවේ

      Delete
  24. අපේ මාතලන් ගොයියගෙ මංගල සේවෙ දාපන්...

    ReplyDelete
    Replies
    1. අනේ අයියා.. මම දැනගෙන උන්නේ නැහැනේ එහෙම වැඩක් යනවා කියලා.. බලන්නම්කෝ හොයලා

      Delete
    2. හොයල බැලුවට වැඩක් නෑ මචං. මාතලන් අයියා ඒක නවත්තලා දාල :(((((

      Delete
    3. ඒක හරියන්නේ නෑ මචං. මාතලන් අයියා ඒ වැඩේ නවත්තලා ...:(((

      Delete
  25. හික්ෂ්,,,,පුන්චි පවුල රත්තරන් කියල නොහිතන.පෙනේද මේකගේ කතාව.එක පෝස්ට් එකින්ම ගොඩ යත්වා.සියලු සුදුසුකම් සපිරූ මනාලියක් ලැබේවා

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු අක්කා.. ඔය පැත්තේත් ටිකක් හොයලා බලන්නකෝ.. හිමිකාරි ඔය පලාතේද දන්නේත් නැහැනේ.. හමු උනොත් කියන්නකෝ...

      Delete
  26. දේවා අයියත් වැඩ අල්ලලා වගේ.. නරකද කේන්දරේ බලවගත්තානම් සිකුරු හතේද කියලා.. ජය..
    ඉක්මනටම ගැලපෙනම කෙනා ලැබෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා.. වේඩිම අපිටත් කියන්ට හොඳේ.. :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න මල්ලිත් කිවා කතාවක්.. මම නම් ඉතින් ඕවා ඒ තරම් විශ්වාස කරන්නේ නැ.. පොරොන්දම් බලලා එක එක දේවල් කරලා ලස්සනට ජිවත් වෙන්න පුලුවන් ගැලපුනු පවුල් කැඩිලා යනවා මම දැකලා තියනවානේ

      අනිවා මල්ලිලාට නොකියා කොහොමද? කොහේ උන්නත් එන්න ලැස්ති වෙලා ඉන්න

      Delete
  27. හිදීවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුබේ නමින්
    වඩීවි කෙදිනකහෝ ඒ එනතුරා හිත හදාගෙන ඉදින්..
    මම කීවට බේකරියකට ගිහින් අවශ්යතාවය කියලා බලපන් මචෝ. සමහර විට වැඩේ කෙරෙයි. ජය..!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් අයියාත් විහිලු කරනවා.. පිටි බබාලා නෙමේ ඕනේ ඉතින්.... ඇත්ත කෙනෙක්නේ....

      Delete
  28. //පුන්චි පවුල රත්තරන් කියලා නොහිතන//

    නෝනට, නෝනා වාට්ටුවට තිස්ස දෙවේලේ එන්න යන්න වෙයි වගේ...

    ඒකත් ජයසිරි මංගලම්....:D

    ReplyDelete
    Replies
    1. ඔය ඔය ඉතින් ... ඔය තරම් ලක්ශන ලියලා තියනකොට අයියාලාට පේන ඒවා තමයි නේද?
      අවුලක් නැ ඉතින් මොනවා හරි කරමුකෝ නේද ඒකට එතකොට

      Delete
  29. එතකොට දෑවැද්දක් බලාපොරොත්තු වෙනවද?..දුන්නොත් ගන්නවද එපා කියනවද?ඔය දේවල් තියන කෙල්ලෙක් දුප්පත් පවුලකින් හමු උනොත්? ඔය ඔක්කොම තියනව ඒත් කෙල්ලගෙ කකුලක් නොන්ඩියි නම්..?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි කිරිල්ලියේ... දැවැද්ද නම් මට ඕනේම නැ.දැවදි නම් ඕනෙම නැ.. දුන්නොත් ගන්නවාද කියන්නේ,.දෙන්න කලින් එපා කියනවානේ.. එහෙම ඕනේ නම් ඉතින් මම මෙතන දානවනේ.... දැවද්ද වගේ දෙයක් තමා ඉල්ලලා තියෙන්නේ පොඩි හරි උගත් කමක් තියනවා නම් ඒක වැදගත් නේ. අපිත් ඉතින් මහලොකු සල්ලිකාර අය වගේ නෙමේනේ....
      දුප්පත් කම කියන්නේ සාපේක්ෂ දෙයක්නේ...

      ආහ් ඒකත් සලකලා බලන්න පුලුවන්... දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ... මේ ලියන මම හෙට බයික් එක ඇක්සිඩන්ට් වෙලා කකුලක් කැඩෙන්න බැරිකමකුත් නැහැනේ..

      හ්ම්ම්ම්

      Delete
    2. දෑවැද්ද එපා කියන කොල්ලෙක්ට මම නම් කැමතිම නැහැ...හේතුව එයා තරම් බොරුකාරයෙක් මේ ලෝකෙ තවත් නෑ.....!!!!
      බයික් එක හප්ප ගන්න එපා..බුදු සරනින් පරිස්සමින් ගිහින් එන්න....!! :D:D:D:D

      Delete
    3. කිරිල්ලියේ හැම කොල්ලාම එක වගේ නම් නැ... දැවැද්ද එපා කියන කොල්ලා බොරු කාරයෙක් වෙන්නේ කොහොමද? මොන හේතුවකටද කෙල්ලත් දිලා තව ඔහොම දෙන්නේ.. මම අහලා තිය විදිහට දැවැද්ද දෙන්නේ කෙල්ලගේ මොනවා හරි අඩුපාඩු තියන කොට තමා..

      මම බොරු කාරයෙක් නම් නෙමේ. මට දැවැදි වැඩකුත් නැ

      Delete
    4. ඉස්සෙල්ලම ජය පතනවා.
      මම නම් කසාද ප්‍රේම සම්බන්ධයකින්. මගේ දෙමව්පියොත් එහෙමයි ඇගේ දෙමව්පියොත් එහෙමයි. මගෙත් ඇගෙත් පවුල්වල සහෝදර සහෝදරියනුත් එහෙමයි. ඒක නිසා මෙ වගෙ යෝජනා ගැන මට කිසිම අදහසක් නෑ.

      ඒත් දෑවැද්ද නොගන්න කොල්ලො බොරු කාරයොද? මමවත් මගේ බිරිඳවත් අපේ ගෙවල් වලින් කිසිම දෙයක් අරන් නෑ. මම සත පහක දෑවැද්දක් ඉල්ලුවෙත් නෑ. ඒ අය දෙන්න හැදුවෙත් නෑ, මම බලාපොරොත්තු උනෙත් නෑ. ඉතින් වින්චැට් කිරිල්ලි හැමෝම එක වගෙ නෙවෙයි.මමයි බිරිඳයි දෙන්නම උග්‍ර දෑවැදි විරෝධියෝ අදටත්.


      henryblogwalker the Dude

      Delete
    5. Dude : කොහොමත් දැවැදි සම්බන්ධයෙන් ඇත්තටම මමත් කියන්නේ ඕනෙම නැ කියලා.

      ප්‍රේම විවාහයක් වගේ තමා මෙතනත්.. මොකද මම කොහොමත් අවුරුද්දක් දෙකක් ආදරය නොකර තෙරුම් නොගෙන කසාද බදින්නේ නම් නැ අය්යේ.. ඒවා සාර්ථක වෙයි කියලා මම හිතන්නෙ නැ 100%ක්ම

      Delete
    6. කොච්චර පහු උනත් මෙතනට මැදින් පනින්නම හිතුනා. කොල්ලනේ බොලා සීයට බර ගානක්ම හරි. ඒත් කීවට අමනාප වෙන්නෙපා කිරිල්ලියේ ඔයාට චුට්ටක් විතර වැරදිලා.කොල්ලෝ හැමෝම ජීවිතේ සල්ලිම කියලා හිතන්නේ නෑ දරුවෝ. ඔයාට ඕන උනොත් කියන්න උදාහරන සිය ගානක් උනත් දෙන්නම්.අමනාප නොවන්න. ජය...!

      Delete
  30. අනේ වාසනාවන්! ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. බලමුකෝ අයියා ගොඩ ගියදා ට, අපිටත් කේක් බැරියෑ.....
    සියළු පැතුම් ඉ‍ටු වේවා අයියේ......!!!!


    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. කේක් එකක් නම් ඉතින් දැන් උනත් අරගෙන දෙන්න පුලුවන්නේ නංගෝ.. බලමුකෝ මොනවද වෙන්නේ කියලා.. තැන්ක්ස් හොදේ

      Delete
  31. මචං ඔය ගති ගුන තියන දෙන්නෙක් ඉන්නවා මං දන්න

    එක්කෙනෙක් තාම ඉපදිලා නෑ
    අනිත් එක්කෙනා මැරිලා...

    :( :(

    ReplyDelete
    Replies
    1. ++++++++++++

      ~~~**Daga Malla**~~~

      Delete
    2. මේවට ලගින් යන කෙනෙකුත් අනිවා ජිවත් වෙන්නම ඕනා යාලුවා.... එහෙම නේද?

      Delete
  32. මාරයි ..... මෙහෙමවත් ගොඩ යන්න.......

    ReplyDelete
    Replies
    1. මාර නැ මාර නැ.... අවුලක් නැනේ..

      Delete
  33. ඔය 88 - 89 කාලේ ඒවා ටිකක් මටත් එවපන් මල්ලියේ... :)

    ReplyDelete
    Replies
    1. අනිවා මචන්.. වැඩේ හරි ගියොත් තව උන්නොත් එවන්නම්කෝ..

      Delete
    2. එකපාරම මට බය හිතුන දිනේෂ් මල්ලි 88-89 එව්වා ඉල්ලනකොට. පස්සෙනේ තේරුනේ.. නියමයි. එක අත්තේ කුරුල්ලෝ දෙන්නා.

      Delete
    3. අම්මපා ඒකත් ඇත්ත නේන්නම්.. මමත් ඒ කතාව කිවුවට මොකෝ ක්සැන්ඩර් අයියා කියද්දිනේ වැඩේ මීටර් උනේ.. :)

      දේවා භාගයක් මටත් එවපන් මචන් මතක ඇතුව... :)

      Delete
  34. Replies
    1. ඔබා මාමේ.. මම කොහොමද හිතන්නේ මේ මගේ ඔබතුමාගෙන් වැටෙන අන්තිම කමෙන්ට් එක කියලා... අදහගන්න බැ මට- දුකයි..

      ඔබා මාමාට නිවන් සුව..

      Delete
  35. හික්ස් මට හිනා 13 වන එකට. ළමයි 7-8 දෙනෙකුට කන්න බොන්න දෙන්න පුලුවන්නම් අව්ලක් වෙන එකක් නැ. ඔහොම ගෑල්ලමයි නැත්තෙමත් නැ. :D

    ReplyDelete
    Replies
    1. අවුලක් වෙන එකක් නැ අක්කෝ එකත්.. ඒත් ඉතින් මම ඔය තරම් ගානක් නම් හිතුවේම නෑ.... අක්කා දන්න කියන නංගි කෙනෙක් එහෙම උන්නොත් කියන්න්කෝ

      Delete
  36. උඹට කෙල්ලෙක් ඔනැමනම්
    හොයලා දෙන්නම්කො...!!

    ReplyDelete
    Replies
    1. මේකට රිප්ලයි එකක් පොඩි මෑන්ගෙන් හම්බවෙයි....:D

      Delete
    2. බනි : ඒ බන් සිරා ද?

      සුමිත් : අනිවා ඌට වෙලාවක් තිබුනොත් අනිවා දේවි

      Delete
  37. ඔය හිතුවටත් වඩා කමෙන්ට්ස් ඇවිත් තියෙන්නේ...:D:D:D

    ReplyDelete
    Replies
    1. ඒත් වැඩක් නැනේ පොඩ්ඩියේ.. තවම මම තනියෙන්නේ

      Delete
  38. //පුන්චි පවුල රත්තරන් කියලා නොහිතන// මේක ටිකක් අවුල් වගේ නේද බං. උඹ ක්‍රිකට් ටීම් එකක් බස්සන්නද යන්නේ....????

    ReplyDelete
    Replies
    1. අපෝ බන් ඒ තරම් නම් නෙමේ බන් 2,3ක් විතර අවුලක් නම් නැ නේද?

      Delete
  39. අපේ එල වැස්සි ගැන ඔහේගේ අදහස කොහොමෙයි.ඒකිටත් සෑහෙන සුදුසුකම් තියෙනවා.ඒකිගේ අක්කාගේ වගකීම මට තියෙන නිසා බාල එකී ඔහේට දෙන්නම්

    ReplyDelete
    Replies
    1. අන්න හරි,:P ඔයා වගේමයි කියල හිතුවද දේව්?

      Delete
    2. ඇනෝ : මචන් කමක් නැ මම තරහ වෙන්නේ නැ. උබ නංගිව වත් තියාගන්න... කොහොමත් ඔය වගේ එකෙක්ට එහෙම දෙන්නෙක් උන්නා කියලා වැඩි නැනේ...

      ක්සැන්ඩර් : අපි ඉතින් ඔය ඇනෝ වගේ නෙමේනේ

      Delete
  40. මම අලුත් බිස්නස් එකක් පටන් ගත්තා. කෘමි නාශක අඩු මිලට සපයනු ලැබේ, දේවා මලයට හරි බඳින්න සෙට් වෙන කෙල්ලට හරි අවුලක් උනොත් මාව හොයාගෙන එන්න අඩුවට දෙනවා, ගහපු ගමන් සෙට්ට පෝච්චි ...

    ප/ලි,
    (විහිලුවක් හොඳේ)

    ReplyDelete
    Replies
    1. අනිවා අය්යේ..... ඕන උන ගමන් මම කෝල් එකක් දෙන්නම් කුරියර් කරලා එවන්න.. පස්සේ ගනන් බේරගන්න බැරියැ නේද?

      Delete
  41. අනේ අනේ.....අයියටත් හිතිලා තියන දේවල්.......හිතේ පැතුම් ඉටුවේවායි ප්‍රර්ථනා කරනවා ඕන් මමත්.....

    ReplyDelete
    Replies
    1. මෙව්වා ඉතින් සිරියස් නෙමේනේ., කට්ටිය ඉතින් ඕක සිරියස් ගත්තට නංගෝ....

      Delete
  42. මෙන්න වෙඩිමක්....:) අනේ කවුරු හරි නංගියෙක් හරි අක්කෙක් මෙයාට සෙට් වෙන්නකෝ..අපිට කන්න පුළුවන්නේ...;)
    ඔන්න මගෙනුත් සුබ පැතුම් යාලු....ජය මංගලම්......!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හිකිස්.. අය්යෝ කට්ටිය මේක සිරියස් අරගෙනනේ.... වෙඩිමක් වෙන දාට අනිවා ඔක්කොටම කියනවා.... මේක විහිලුවට දෑම්මේ..

      Delete
  43. හයියෝ මෙහෙම සාගතයක්. මෙහෙම වේලෙන මැට්ටෙක්!
    සාටර් හොඳම එක! මීට හොඳයි යකෝ වහ ටිකක් කෑව නම්!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් බල බලා ඉන්නේ කන්නකෝ.... මම නම් වෙලෙන්නේ නැ.... දන්නෝ දනිති..... බ්ලොග් පොස්ට් ඔක්කොම සිරියස් ගන්න එපා යාලු..

      Delete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....