ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

05 November, 2011

බ්ලොග් ගැන මගේ ‍රැඩිකල් idea

මේ ලිපිය ලියන්න උන්නේ නම් මිට ටික දවසකට කලින් බ්ලොග් ලිපි ගොඩක මේ ගැන කථාවක් ඇති වුනා.. බස් එකේත් එහෙම කථාවක් ගියා කියලා පොඩි ආරංචියකුත් ඇවිත් තිබුනා.... ඉතින් ඒ ගැන මට හිතෙන දේවල් ටිකක් ලියන්න ඕනා කියලා හිතුනා... ඔන්න මේක සංවාදයට  මම ඕපන් කරන්නම්... කුනුහරප කමෙන්ට් හැරුනහම අනිත් ඔක්කොම මම පබ්ලිස් කරනවා මට බැන්නත්.....

බ්ලොග් එකක් කියන්නේ මොකක්ද??

ගුගල් එකේ අයට එහෙමත් නැත්නම් වර්ඩ්ප්‍රෙස් අයගේ උදව් ඇතුව ඒ අයට ගානක් ගෙවන්නේ නැතුව පටන් ගන්න පුලුවන් ලොකු තැනක්... තමන්ගේ හිතේ හිරකගෙන උන්නු අදහස් එලියට දාන්න තමන්ට කැමති දෙයක් කියන්න පුලුවන්... මහන්සිය විඩාව තනිකම පාලුව දැනෙන කෙනෙක්ගේ ඒ දේවල් නැති කරන්න පුලුවන් බේතක්.. තව කෙනෙක්ට ඕනෙම නම් පහර ගහන්න තමන්ගේ මොලේ තරම එහෙමත් නැත්නම් හැකියාවන් චින්තනයක් පෙන්නන්න පුලුවන් අවකාෂයක් කියලා පොඩියට හදුන්වන එක වැරද්දක් නැ මම හිතන්නේ...

බ්ලොග් එකට මොනවද ඕනේ ඔන්න සමහර අය නම් මේවා එපා කියනවා මට හිතෙන දේවල් මොනවද කියලා එකින් එක බලමුකෝ....

ගැජට්...

ගොඩාක්ම දෙනෙක්ට මේවා දිරවන්නේම නැ.... ඒත් මම නම් හිතන්නේ මේ දේවලුත් ඕනා...
බ්ලොග් එක කියන්නේ අපේ සයිබර් අවකාශයේ  නවාතැන් පොල එහෙමත් නැත්නම් නිවහන... අපේ පොළවේ පය ගහලා ජොවත් වෙන ගෙදර අපි ලස්සන කරගන්න අපි එක එක දේවල් පාවිච්චි කරනවා නම් අපි ඇයි අපේ සයිබර් නවාතැනට ගැලපෙන්නේ නැ කියන්නේ...

ඔන්න ඉතින් ගැජට් ඕනේම නැ කියන අය ඉන්නවානම් ගෙදරට ලස්සන කරන මුකුත් (අඩුම තරමේ ෆොටෝ ඒකක්වත්) එහෙම පාවිච්චි කරනවා එහෙම නෙමේ....
ගෙදරට තින්තවත් ගානවා එහෙම නෙමේ හොදේ.. හිකිස් එහෙම කිවේ මම කිවේ ඉතින් ගැජට් ඕනැම නැ කියන එක ටිකක් සාධාරන මදි කියලායි.... ඔන්න ඒ වගේම මම හිතනවා බලන්න බැරි ගොඩාක් ඔය ගැජට් උනත් ගැලපෙන්නේ නැ බ්ලොග් එකකට වගේම ගෙදරකටවත්,,,

තමුන්ගේ මට්ටම් තමුන්ගේ තරමට...................

කමෙන්ට්...

මේ ගැන නම් ගොඩාක් කථා කලානේ බ්ලොග් එකකට.... ඔන්න මුලින්ම කියනවා මට නම් කමෙන්ට් තියනවානම් ගොඩාක් කැමතියි.. ඔය අකමැතියි කියන අය ඉන්නවානම් කමෙන්ට් ඩිසෙබල් කරලා දාන්නකෝ.. ඔයාලා අකමැති උනත් ඔයාලගේ බ්ලොග් වලට දාන්නේ කමෙන්ට් තියන නිසානේ දාන්න තැනක්..
බ්ලොග් එකක් ලියන කෙනෙක්ට කමෙන්ට් වටින්නේ නැ කමෙන්ට් බලාගෙන ලියන්නේ නැ කියනවානම් ඇත්තටම හිතට එකගව හිතලා බැලුවොත් හිතේවි තමුන් කිවේ බොරුවක් කියලා... ගෙදරක ජිවත් වෙන්න ගෙයක් විතරක් තිබුනට බඩු මුට්‍ටු විතරක් තිබුනට බැ ලස්සන හදවත් ටිකක් ඕනා... ඉතින් බ්ලොග් පොස්ට් එකක් කියවලා කමෙන්ට් එකක් නොදාන කෙනෙක් ඉන්නවනම් ඇත්තටම බ්ලොග් එක ලියන කෙනාගේ උත්සාහයට කරන මදි පුන්චිකමක් කියලා මම නම් හිතන්නේ.. පොස්ට් එක හොද තත්වේන් නැත්නම් ඒ ගැන කියන එකත් කියවන අයගේ යුතුකමක්....
ඒ කමෙන්ට් සමහරවිට පබ්ලිශ් නොකරාවි ඒත් ඒකෙන් පාඩමක් ඉගන ගන්නවා බ්ලොග් එක ලියන කෙනා....

ෆලෝ...

බ්ලොග් එකක් ලියන කෙනෙක්ගේ ලොකුම වත්කම... සමහර අය මේකටත් කැමතිම නැ සමහර අය අයින් කරලා... ඒත් සමහර අය ඒක එපා කිය කිය දාගෙන ඉන්නවානේ ඔන්න ඒකත් ගලවමුද??
හැම පොස්ට් එකකම ෆලෝ කරන්න කියලා කියන එක මම අනුමත කරන්නේත් නැ.. ඒත් මම දන්න ලංකාවේ වැඩිම ෆලෝ ඉන්න බ්ලොග් එකේ හැම පොස්ට් එකකම අනිවා ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරලා කියලා යන්න කියනවාමයි.... ඉතින් ඒක වැරදි කියන්න බැ.. බ්ලොග් එක එයාගේ.. මාත් මගේ බ්ලොග් එක ගොඩාක් අය ෆලෝ කරනවාට ගොඩාක් කැමතියි. මොකද කවුරුවත් බ්ලොග් එකක් ලියලා ඒකෙන් හම්බ කරන අය ඇත්තෙම නැ වගෙනේ ඒ අයගේ ලොකුම දනය තමයි ඔය ෆලෝ කියන්නේ..
මගේ බ්ලොග් එක ෆලෝ කරනවට කැමතිය් වගේම මමත් පුලුවන් හැම වෙලාවකම බ්ලොග් ෆලෝ කරනවා.. මම දන්න්වා ඒක ඒ අයට ගොඩාක් වටිනවා කියලා...
ගෙදරකට මිනිස්සු ඕනානේ..

තව ගොඩක් දේවල් මේ ගැන කියන්න තිබුනත් ඔයාලට කැමති දෙයක් කියන්න ඔන්න මම පොස්ට් එක ඉවර කරනවා...

සිංහල බ්ලොග් සදාකල් ‍රැකේවා

27 comments:

  1. ඔව් දේවා,, ඔබේ මතයට මමත් එකයි,,

    ReplyDelete
  2. මල්ලි කියන කතාව හරි මල්ලි. කවුරරු හරි අපේ ලිපියක් කියවලා කමෙන්ටුවක් දාන එක තරම් දිරිමත් කිරීමක් වෙන නැති තරම්. මාත් කාලයක් කිසිම කමෙන්ට් එකක් නැතුව බ්ලොග් ලිව්වා. දැන් කමෙන්ට් වැටෙන නිසා මාරම සතුටුයි.

    මල්ලිටත් වැඩි වැඩියෙන් කමෙන්ට් ෆලෝ ලබෙන්න කියලා පතනවා.

    ReplyDelete
  3. කමෙන්ට් ඩිසේබල් කරපු එකම බ්ලොග් එක "මරුවා " විතරයි , හැබැයි ඉතින් කමෙන්ට් බලාගෙන මොනව හරි ලියල දානව නම් , ඇති වැඩකුත් නැ . ෆලෝ කියන්නෙ නම් එච්චර තේරුමක් ඇති දෙයක් නෙවෙයි නේ , ෆලෝ කරන්නම අවශ්‍යතාවයක් නැහැනේ කියවන්න . තමන්ට කැමති ඕනිම දෙයක් ලියන කරන එක තමන්ගෙ අයිතිය , ඒ වගේම ඒ වායින් රටට ලෝකෙට මොකක් හෝ යහපතක් වෙනවා නම් වඩා හොඳයි කියලයි මම හිතන්නේ

    ReplyDelete
  4. ඇත්තටම මේ බ්ලොග් සීන් එක හොදම මාධ්‍යක් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න වගේම දැනුම විනෝදය ..එකී මෙකී නොකී දේවල් තමන්ගේ යාළු මිත්‍රයක් වගේම නන්නාදුනන අන්තර්ජාල සාමාජිකයන් අතර බෙදා ගන්න...මේක එක එක්කෙනාගේ අදහස් අනුව තම තමන්ගේ බ්ලොග් එකේ ඩිසයින් එක වෙනස් වෙනවා...ගැජට් ,ලින්ක්ස් ඔය හැම දෙයක්ම වෙනස් වෙනවා..ඉතින් කරන්න තියෙන හොදම දේ ඔය හැම එකක්ම බලාගෙන තමන්ගේ බ්ලොග් එක කියවන්න පහසු වෙන ගැජට් වලින් වැහිච්ච නැති, ස්ලෝ නැති බ්ලොග් එකක් විදියට පවත්වාගෙන යෑමයි...

    ReplyDelete
  5. දේවා තියන එක ඇත්ත.... දාන්න කැමති අය දාගනියි... ඕනේ නැතැ අය ගලවගනියි... මම දාන්නේ නැහැ ... ඒක නිසා මම පොරක්... මම කමෙන්ට් වලට කැමති නැහැ... ඒක නිසා මම පොරක්... මට ලියන්න වෙලාවක් නැහැ... වගේ පොරමානසිකත්වයෙන් ඉන්නේ නැතුව ඔනේ නැති ඒවා ගලවලා දාන එකනේ ඇත්තේ... මේ කට අපි නම් කියන්නේ කුහකකම කියලා....තමන්ට යමක් ලැබුනාම ඒක අනිත් උන්ටත් ලැබෙයි කියන කුහකකම...

    ReplyDelete
  6. ඔන්න ඉතින් ගැජට් ඕනේම නැ කියන අය ඉන්නවානම් ගෙදරට ලස්සන කරන මුකුත් (අඩුම තරමේ ෆොටෝ ඒකක්වත්) එහෙම පාවිච්චි කරනවා එහෙම නෙමේ....
    ගෙදරට තින්තවත් ගානවා එහෙම නෙමේ හොදේ.. හිකිස් එහෙම කිවේ මම කිවේ ඉතින් ගැජට් ඕනැම නැ කියන එක ටිකක් සාධාරන මදි කියලායි.... ඔන්න ඒ වගේම මම හිතනවා බලන්න බැරි ගොඩාක් ඔය ගැජට් උනත් ගැලපෙන්නේ නැ බ්ලොග් එකකට වගේම ගෙදරකටවත්,,,

    -ගෙවල් වල මොනවා ගානෙන හිටියත් අපිට කමක් නා ... මොකෝ අපි ගෙවනවය.... මේක එහෙම නෙවි වැඩිවෙන හැම byte එකකටම අපි ගෙවනවා...
    මම නම් ප්‍රතිපත්තියක් විදිහට සින්දු දාන බස් වල යන්නේ නෑ,, ඒ වගේම සින්දු දාන (play වෙන ) site වලට යන්නෙත් නෑ

    ReplyDelete
  7. මම කොමෙන්ට් මොඩරේට් කරනවාට විරුද්දයි!

    ReplyDelete
  8. හැමදේකම දෙපැත්තක් තියෙනවනේ.....

    ReplyDelete
  9. ඔබේ අවංක අදහස් ප්‍රකාශයට මම ගරු කරනවා ...

    ReplyDelete
  10. මේ ලිපියෙ මල්ලි දාල තියෙන කරුනු වලට මාත් එකඟයි.... මම මගේ බ්ලොග් එකට ගැජට් එක්ක දාන්නෙ කාගෙ හරි බ්ලොග් එකක ලස්සනට තියෙන එකක් දැක්කාම මට ඒකට ආස හිතුන නිසා....
    කමේන්ට්ස් වලට ගොඩාක්ම කැමතියි... පෝස්ටුවක් දාල බලාගෙන ඉන්නෙ කාගෙන් හරි ප්‍රතිචාරයක් ලැබෙනකම්.... හොඳ හෝ නරක හෝ... ඒක තව තව ලියන්න ලැබෙන උත්තේජකයක්.... (අනේ මට දැන් පෝස්ටුවක් දැම්මාම ගිහින් යාලුවන්ට කියන්න වෙලා... ඒක අනිත් අයගෙ සයිට්වල අප්ඩේට් වෙන්නෙ නැහැ... මොන හේතුවක් නිසාද මන්දා.... මම දැන් අලුත් පෝස්ටු දෙකක්ම දැම්මා.... ආපු අය ආවෙ අහම්බෙන්.... :(( )
    කස්ටිය ෆලෝ කරනවාටත් ගොඩාක්ම කැමතියි... මල්ලි කිව්ව වගේ අපි හම්බ කරගත්තු හරිය තමයි ඔය... :)

    ReplyDelete
  11. අවංකවම මමත් කැමතියි කමෙන්ට් වටෙනවාට වගේම ෆලෝවර්ස්ලා ගණනින් වැඩි වෙනවාට.

    නමුත් කමෙන්ට් කරන්න ෆලෝ කරන්න ඉල්ලන එක ඇවිල්ලා බොළඳ වැඩක්. පාඨකයා කැමති නම් කමෙන්ට් එකක් දාවි, ෆලෝ කරාවි. අරහෙම ඉල්ලුවොත් ලැබෙන්නෙ සිත සනසන්න ලැබෙන කමෙන්ට් හා ෆලෝවර්ස්ලා! (නමුත් තමන් කැමති නම් කමෙන්ට් ඉල්ලන එක බ්ලොග්කරුවාගේ අයිතියක්. මොකද බ්ලොග් එක එයාගෙනෙ)

    දැනට සිංඩිවල තියෙන බ්ලොග් සංඛ්‍යාව 2000-2500 විතරයි. ඒ බ්ලොග්කරුවන්ට අමතරව සෑහෙන්න නිහඬ පාඨකයො ඉන්නවා. කරුණාකරලා ඒ අයට අපහාස කරන්න එපා කමෙන්ට් දාන්නෙ නෑ ෆලෝ කරන්න නෑ කියලා.

    ReplyDelete
  12. තව ටිකක් දේවල් කිව්වත් පාඩු නෑ වගේ...

    ReplyDelete
  13. මමත් කමෙන්ට් වලට කැමතියි . කමෙන්ට් එකක් කියන්නේ කා එක්ක හරි කතා කළා වගේ . ගැජට් නම් ඉතින් මන් ඔව්ව ගැන දන්නේ නැති නිසා වැඩිය දාන්න අකමැතියි. ඒත් ඇනීම් අය දැම්මට කමක් නැහැ . ගොඩාක් ගැජට් තියෙන බ්ලොග් නම් ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා නේද . ෆලෝ කරනවට නම් ගොඩක් ආසයි . සාමාන්‍ය මනුස්සයෙක් නිසා ඔය වගේ දේවලින් සතුටු වෙන්න පුළුවන් . මේක නිදහස් මාධ්‍යක් . අනවශ්‍ය නීති වලින් හිර වෙන්න ඕන නැහැ . තමන්ට කැමති ඒවගේම අනුන්ට හානියක් නොවෙන තාක් එච්චරයි . මේ දවස් වල වැඩ ටිකක් වැඩියි . බ්ලොග් කියෙව්වට කමෙන්ට් කරන්න බැරි වුනා .

    ReplyDelete
  14. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. මමත් අවංකව ආසයි ෆලෝ කරනවට කම්න්ට්ස්ස් වැටෙනවට මගේ බ්ලොග් එකේ.හැබැයි මම ඉල්ලන්නෙ නෑ එහෙම, හුගාක් අය මට බුකියෙන් රික්වෙස්ට් දානව බ්ලොග් එක කියවලා මගේ. එයාල කමෙන්ට්ස් දාන්නෙ නෑ. හැබැයි නිහඬවම කියවනවා. මට අඩුපාඩු හොද නරක කියනවා. ඒක මට වටිනවා.

    මම මෙතනට ආවෙ හරිම හිමින්, හරි පුංචි ගමනක්.මේ බ්ලොග් ක්ෂේතර්යේ ඉන්න හුගාක් දක්ෂ, ප්‍රවීණ කට්ටියගේ කමෙන්ට් එකක් එහෙම බ්ලොග් එකේ වැටුනොත් මට හුගාක් සතුටුයි...

    දේවා අයියගෙ ලිපියෙ තියන හැම කරුණක්ම ඇත්ත. ජය වේවා..!!

    ReplyDelete
  15. බ්ලොග් ලියන්න බොහෝම අළුත් මටත් කවුරු හරි කමෙන්ට් එකක් දැම්මහම සතුටුයි. අපේ යාළුවො කොච්චර අපි එක්ක හිනා වෙලා තිබුනත් ඊළඟ මොහොතේ දුටුවම හිනා වෙනවා දකින්න කැමති වගෙයි ඒ සතුටත්..වෙලාව තියෙන තියෙන විදියට කියවලා කමෙන්ට් එකක් දමන්න මමත් අමතක කරන්නෙ නැහැ. අදටත් මගේ යාළුවො හම්බ උනහම කියනවා කියවල කමෙන්ට් එකක් දමාපල්ල කියල..ඒත් ඒක නම් සාර්ථක නැහැ..උන් එහෙම කරන්නෙ නැහැ.

    ReplyDelete
  16. බ්ලොග් එකේ බර අඩුකරන්න ඕනෑ. හැමෝම බයිට් ගානට ගෙවනවානේ.

    මං නං දාන පින්තුර 50kb වලට වඩා ලොකු දේවල් දාන්නේ නෑ. ගැජට් අඩුවෙන තරමට තමයි හොඳ?

    ReplyDelete
  17. අදහස් දක්වපු හැමටම ගොඩාක් ස්තුතියි... ගොඩාක් දෙනා මගේ මතය සමග එකග නිසා ඒවා සියල්ල මමද අනුමත කරමි.... ගැජට් දාන නොදාන එක බ්ලොග් ලියන සැමගේ අදහසක්.... (තමන් කැමතිනම් දාගන්න පුලුවන් නැත්නම් නොදා ඉන්න පුලුවනේ) ඒත් බර අඩු දේවල් දැම්මට වරදක් නැ මම නම් හිතන්නේ..

    ReplyDelete
  18. මෙතන හුගාක් කමෙන්ට් කරලා තියෙන්නේ බ්ලොග් ලියන අය.ඒත් මං කියවන්නේක් වීතරයි.අපේ පැත්තෙන් බැලුවොත් කමෙන්ට්වලට‍ ලොකු වටිනාකමක් තියෙනවා.වෙන මාධ්‍යයකින් අපි තොරතුරු ගද්දි ඒක අමුවේන්ම ගිලින්න ඕනෙ.එත් බ්ලොග්වල්දී එහෙම නැ.මොකද අපිට අපේ අදහස් කියන්න පුලුවන් නිසා.බ්ලොග් ලියනඅය කොමෙන්ට් බලාපොරොත්තු වෙන 1 සොබාවිකයි.මං නම් පුළුවන් හැම වෙලාවෙම සප්1 දෙනවා.ඒත් කෙනෙක් ලියන්නේ කමෙන්ට්ම බාලගෙන නම් ඔහු මොඩයෙක් කියලයි මං හිතන්නේ.

    ReplyDelete
  19. අපො මමත් කැමති බං ෆලොස්ලටයි..කොමෙන්ට් වලයි..නිකං හක්කේ දඩමස් තියන්..බුදුරැස් විහිදන්ට ඔන්නැනේ....

    ReplyDelete
  20. ගැජට් දාන එක සෙල්ලමක් නම් නෙවේ ..

    මම බ්ලොග් එක පටන් ගෙන මාස පහකට විතර පස්සේ දවසක ගැජට් වගයක් මගේ බ්ලොග් එකට දාලා බැලුවා . අනික් පහුවදා බලද්දී මගේ ෆීඩ් එක වැඩ නෑ .. ඔය නොදන්නා ගැජට් බැජට් බ්ලොගේට අලවා ගත්තාම එහෙම දෙයක් වෙන බව මම පස්සෙයි තේරුම් ගත්තේ .. අන්තිමේදී දවස් තුනක් නැහිලා තමයි මම බ්ලොගේ ගොඩ දාගත්තේ ..

    සමහර බ්ලොග් වලට ගියාම මගේ සීපීයූ යූසේජ් එක 100% වෙන අවස්ථා තියනවා ඒ සමහර බ්ලොග් වල ජාවා ස්ක්‍රිප්ට් එහෙම දාගෙන ඉන්න නිසා . ඉතින් මම විනාඩි දෙකකදී එතනින් පිට වුණේ නැත්තම් හීට් වෝනිං එකක් ඇවිදින් මගේ පරිගණකේ සට්ඩවුන් වෙනවා ඒ ඉතින් මට තියෙන්නේ බාල පරිගණකයක් නිසා තමයි ඒත්.. මම කියන්නේ බර බර ගැජට් හොඳම නෑ

    ReplyDelete
  21. මමත් කමෙන්ට්ස් ෆලෝවර්ස් ලට කැමතියි....
    බ්ලොග් එක ලස්සනට තියා ගන්නත් කැමතියි......
    ඒත් මම නම් බ්ලොග් ලියන්නෙක්ට වඩා කියවන්නෙක්....
    මම කැමතියි බ්ලොග් කියවලා දිග කමෙන්ට්ස් දාන්න..........!

    ReplyDelete
  22. මල්ලි කියලා තියෙන කතාව සහතික ඇත්ත.කමෙන්ට් මොඩෙරට් කරන්න මාත් කැමති වුනේ නෑ.ඒත් හිටි ගමන් නරක ඒවා ආවාම මොඩරේට් නොකර ඉන්න බෑ නෙ.

    පුලු පුලුවන් විදිහට කියවන බ්ලොග් වලට කමෙන්ට් කරන්නත් කැමතියි.මොකද මං කමෙන්ට් වලට කැමතියි වගේ ඒ අයත් කැමති බව දන්න නිසා.ඒත් දග කමෙන්ට් දාන්න බැරි වෙලා නැති නිසයි.:(

    ReplyDelete
  23. එකඟයි දේවා... ගැජට් ගැන කියනවා නම් මුල්කාලේ අහුවෙච්චි හැම එකම ට්‍රයි කලා. ආස හිතෙන ටික එල්ලගත්තා. ටිකක් කල් ගියාම වුවමනාව 2-3 ක තියලා අනෙක් ඒවා අයින් කලා. මමත් ජාලගත වෙන්නේ ඩොංගලෙන්. ඉතින් මගේ ඩේටා කැපෙනවට මම අකමැති වගේමනේ අනෙක් අයත්. ඒ ගැන හිතලා මගේ බ්ලොග් එක පුළුවන් තරම් light කලා. ඒත් ඉතින් පෝස්ට් එකකට පින්තූර වගේ දේවල් දාද්දි අකමැත්තෙන් වුනත් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරන්න වෙනවා.

    කමෙන්ට් / ෆලෝවර්ස් හිඟා කෑම නම් මම කවදාවත් කරලත් නෑ. අනුමත කරන්නෙත් නෑ. හැබැයි මමත් හිට්ස්, කමෙන්ට්ස්, ෆලෝස් ගැන උනන්දුයි. ඒත් එකෙක්වත් මගේ බ්ලොගේ නොබැලුවත් මම ලියනවා. ඒ මම ලියන්නේ අනෙක් අයට බලන්න වගේම මගේම හිතේ සතුටටත් නිසා...!

    ReplyDelete
  24. බොරැ කියන්නෙ මොකටැයි හිට්ස් කොමෙන්ටු නැතිවුනු දවසට මම නං බ්ලොග් ලිවිල්ල අතඇරල දානව. මොකද ලියනඒව කියවන්න කෙනෙක් නැත්තං ඒක මෙච්චර අමාරුවෙන් ටයිප් කරනවට වඩා හොදයි කැලේට ගිහිල්ල ගහකට කියනව.නැත්තං ගෙදර ඉන්න බල්ලට කියනව.
    හැබැයි ගොයියෝ ගැජට්නං අත්‍යවශ්‍යම ඒවා විතරක් දාගන්නඑක තමයි හොද. මොකද ඕවා ලෝඩ්වෙන්න ගතවෙන වෙලාව දන්නෙ අපිවගේ ස්ලෝ ඉන්ටනෙට්කාරයො.

    ReplyDelete
  25. oya hari hodaaaaaaaii

    ReplyDelete
  26. ඇත්තෙනම් මම දැක්කා මීට හාත් පසින්ම වෙනස් අදහස් තිබ්බ බ්ලොග් එකක්. ඒක දැකලා මමත් මේ වගෙ පෝස්ට් එකක් ලියන්න කරුණු ‍රැස් කර හිටියෙ. දැන් නම් ඕනැත් නෑ වගෙ. දෙවා මම කියන්න හිටි හුඟක් දේවල් කියලා. අනික එහෙම විවේචනාත්මක බ්ලොග් අඩවි වලත් ඒ ගැජට් එල්ලාගෙන තමයි තියෙන්නෙ. සරළව කිව්වොත් මමත් මගෙ පෝස්ට් කියවලා අනිත් අය දාන කොමෙන්ට් කියවන්න හරිම කැමතියි. ෆලෝවර්ස්ලා වැඩි වෙනවට කැමතියි. අලුත් මිතුරො ඇතිකරගන්න කැමතියි. මේ එකකින්වත් මට ආර්ථික වාසියක් ලැබෙන්නෙ නෑ. පාඩුවක් මිසක. අනිත් අයත් ඒවගෙම තමයි මම හිතන්නෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  27. මමත් කමෙන්ට් ලැබෙනවට ගොඩක් ආසයි. හොද අදහසක් දේවා. එල...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....