ජිවිතේ හරිම පුදුමාකාරයි..... ඇත්තටම පුදුමාකාරයි... ඊයේ රාත්‍රිය ගෙවිලා ගියේ හිතේ දරාගන්න බැරි තරම් දුකකින් පුරව පුරවා... ඒත් අද ඒ දුක හිතේ නම් නැ.... මම දන්නවා සමහර දේවල් මගේ හදාගන්න තියන්වා කියලා.... ඇත්ත ජිවත් වෙනවා කියන්නේ ඒකටම වෙන්න ඇති...
කාලෙකට කලින් ඕලෙවල් ඒලෙවල් කරන කාලේ යාලුවෝ පිරිවරන් උන්න කාලයක් මට වගේම ඔයාලා හැමෝටම තියෙන්න ඇති... හිතලා බැලුවොත් අද ඒ යාලුවෝ කියෙන් කි දෙනාද ලග ඉන්නේ...
අපි හැමෝටම තනිව ජිවත් වෙන්න බැ කියලා ඔයාලා පිලිගන්නවානේ... ඒත් අපේ ජිවිතේට හම්බ වෙන ටික දවසක් ලග ඉන්න හැමෝම අපෙ යාලුවෙක් වෙනවද???
අපේ දුකකදි ඒ අය අපි ලග ඉන්නවද???
සබැ මිතුරෙක් කියන්නේ කාටද???
ගොඩාක් යාලුවෝ අපි ලග ඉන්නවා හැබැයි දුකේදි නම් නෙමේ අපේ සතුටෙදි වාසියකදි.... එහෙම කෙනෙක් කියලා දැන ගත්තහම අපිට පුලුවන්ද එහෙම අයත් එක්ක සම්බන්දයක් පවත්වන්න....
ඇත්තටම මට නම් බැරිවෙයි.. සමහර තැන් වලදි මට යාලුවෝ අඩුවෙන්නේ ඒ නිසාම වෙන්න ඇති....
ඒත් මම විශ්වාස කරන දෙයක් තියනවා ඒ වගේ යාලුවෝ දාහක් එක්ක ඉන්නවට වඩා සැපයි සැබැ මිතුරෙක් එක්ක විතරක් ඉන්න එක...
යාලුවෙක්.... ජිවිත කාලේ පුරාවටම ගොඩාක් දෙනෙක් එක්ක බෙදාගන්න බැරි හැගිම් කාටවත් තේරුම් ගන්න බැරි හැගිම් තෙරුම් ගන්න පුලුවන් කෙනෙක්... ජිවිතේ මිතුරුදම වෙනුවෙන් පන උනත් දෙන අය මම දැකලා තියනවා... එහෙම සුන්දර මිනිස්සු ඉන්නවා අර වගේ තමුන් ගැන විතරක් හිතන සමාජයේ... එහෙම කෙනෙක්ව අපේ හොදම මිතුරා කරගන්න පුලුවන්නම් ඔන්න ඔයාලා ජිවිතේ දිනුම්....
සමහර අයගේ හොදම මිතුරා කරගන්නවා තමන්ගේ අම්මාව (ගොඩාක් ගැහැනු ලමයි) පිරිමි ලමයිනුත් එහෙම අම්මාව මිතුරිය කරගන්න අවස්ථා නැතුවමත් නෙමේ...
තවත් සමහරු තමන්ගේ පෙම්වතිය තමන්ගේ හොදම යහලුවා කරගන්නවා.. පෙම්වතාවත් එහෙම තමා.. ඒකත් හොද දෙයක්... මම දකින විදිහට... ඕන දෙයක් කියන්න ප්‍රශ්නයකට විසදුමක් වෙන්න ශක්තියක් වෙලා හිත හදන්න එහෙම කෙනෙක්ට පුලුවන්...
පුන්චි දෙයක් තියනවා කවදාවත් හොදම යාලුවාගේ හිත රිද්දන්න නම් එපා...
අපේ ජිවිතේට ඒ මිතුරු දම් ගොඩාක් වැදගත්....
පුලුවන් තරම් හොද මිතුරන් ජිවිතේට එකතු කරගන්න...කවදාවත් ප්‍රශ්නයකදි ඔයාලා තනිවෙන්නේ නැ...
බ්ලොග් ලෝකය කියන්නේ මට ගොඩාක් වටින තැනක්....එහෙම කියන්නේ එතන ගොඩාක් සුන්දර මිනිස්සු ජිවත් වෙනවා කියලා මම දන්න නිසා....
ඇත්තටම ගොඩාක් හොද යාලුවෝ ගොඩාක් මෙතන මට ඉන්නවා කියලා දැනෙනකොට ඇත්තටම ගොඩාක් සතුටුයි....
ඊයේ දවසේ මම ඇත්තටම අන්තර්ජාලේ භාවිතාකලේ ගොඩාක් අඩුවෙන්... ඒත් ඒ ගෙවපු පැය දෙක තුනට මම දුකෙන් ඉන්න මොහොතක මගේ හිත හදන්න මගේ යාලුවෝ ගොඩාක් මහන්සි උනා... මම මහා ලොකු බ්ලොග් කාරයෙක් නෙමේ.. පොස්ට් එකකට කමෙන්ට් 30,40 වැටෙන ගොඩාක් දෙනා දන්න බ්ලොග් කාරයෙකුත් නෙමේ... මගේ ඒ පුන්චි කවි පද පේලි හතරට හිතේ දුකට දුක වෙනුවෙන් මගේ හිත හදන්න මොකක්ද මේ අවුල කියලා බලල මට සහනයක් වෙන්න කමෙන්ට් කරපු ඒ කමෙන්ට් 10-15 මට ගොඩාක් වටිනවා.. බ්ලොග් ලියන ඒත් මගේ බ්ලොගයට එනවා අඩු කීප දෙනෙක්ම කතාකරලා මේ ගැන අහනකොට ඇත්තටම මට හිතාගන්න බැරි උනා... චැට් කරලා මගේ හිත හදන්න ගොඩාක් උත්සහ කරපු මට සහනයක් උනු මට ශක්තියක් උනු චතුරංග අය්යා, ගිම්හානු අක්කා, නචියා අය්යා වගේම ෆේස් බුක් එක හරහා මගෙන් මේ ගැන අහපු ඒ යාලුවෝ ඒ වගේම ඒ හැම ක්‍රමයකින්ම මාව සම්බන්ද නොවුන මගේ දුරකථනය හරහා මම ගැන හොයලා බලපු ඒ හැමෝටම ගොඩාක් පින් කියලා කියනවා.. ඒක තමා සැබැ මිතු දම.. මාත් ගොඩාක් වෙලාවට උත්සහ කරනවා හැමෝටම එහෙම වෙන්න.. මම දන්නේ නැ මගෙන් ඒක වෙනවද කියලා නම්....
මනුස්සකම් ඉතිරි කරමු.. දවසක අපිට ඒක විතරයි ඉතිරි වෙන්නේ.. බ්ලොග් ලොකයේ සැබැ මිනිසුන් වෙනුවෙන් මගේ උපහාරය...
ප.ලි: අතිතයෙන් මතකයන් අහුලන දිල් අක්කාගේ බ්ලොග් එකේ දැකපු ලස්සන දෙයක් මමත් මගේ බ්ලොගයට එකතු කලා... අලුතින් හමුවන බ්ලොග් අඩවි... ඔය වම් අත පැත්තේ තියෙන්නේ.. තව ලිස්ට් එකක් තියනවා එකතු කරන්න... නිවාඩු පාඩුව වෙලාවක් තියන්වා නම් ඔයාලත් ගිහින් එන්නකෝ ඒ පැත්තේ
මොකක්හරි ලොකු සීන් එකක් හිතේ තියාගෙන මේක ලියලා තියෙන්නේ..කොහොම නමුත් අපේ මනුස්ස කම තමයි වටින්නේ වෙන මොනදේටත් වඩා.....
ReplyDeleteඑකෙක් දෙන්නෙක් ඔහොම කළා කියල සැලෙන්න එපා දේවෝ.....අයෝ මොකෝ උන් කල බලලා ආශ්‍රය කරන්නය....(ගිවිත අද්දැකීම් ඕව)
ReplyDelete'මගේ ඒ පුන්චි කවි පද පේලි හතරට'
ReplyDeleteකොතනද ඒ කවි පේලි හතර පල වුනේ?
මේ සීන් කෝන් එකේ අග මුල නොදන්න නිසා ඇහුවෙ?
ඔබ්සවර් : මගේ කලින් පොස්ට් එකේ ඔබා මාමේ..... දරා ගන්න බැරි දුකකි මගේ සිතේ
ReplyDeleteප.ලි : දන්න කෙනෙක් පහලින් දානවද කමෙන්ට් එකක ලින්ක් එකක් දාන්න පුලුවන් කොඩ් එක මගේ ලග තිබුන එක අතුරුදහන්
ලොක්කා ජිවිතේ කියන්නේ ප්‍රශ්න ගොඩක් බං..ජීවත්වෙනව කියන්නේ ඒවට උත්තර හොයන එක...මේ ජිවිතේ ගලන්නේ ඔය දුක සතුට අතරේ...හරියට ගඟක් කඳු පල්ලම් බැහැල අන්තිමට ශාන්තව මුහුදට වැටෙනව වගේ...පුලුවන් දෙකට අපිත් ඉන්නව..ජිවිතේ දිනපං බං එච්චරයි..
ReplyDeleteඅනේ අනේ කොල්ලෝ.... කෝ දැන් අර කණ්නාඩිය? පිස්සා..
ReplyDeleteකොයිදේත් වෙන්නෙ වියයුතු ලෙසටයි.. අපේම හොඳටයි...
දේවා, මමත් ඔබේ බ්ලොග් එකට නිතර එන්න පුරුදුවුණු කෙනෙක්. ඒ වගේම තමයි මාත් බ්ලොග් අවකාශයට බැඳුණෙ මේ බ්ලොග් අවකාශයේදි හමුවෙන සුන්දර මිනිස්සු නිසා.
ReplyDeleteඔයා මොකක්දෝ ලොකු දෙයක් හිතේ තියාගෙන මේක ලියල තියෙන වග නම් හිතෙනවා. කොහොම වුනත් දේවා, සමහර වෙලාවට අපි අපේ යාළුකම අපේක්ෂා කරන අයව නොතකා හරිනවා.අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව රිද්දන්නෙත් ඒ අයටමයි.වැරදි වැටහීම් ඇතිකරගන්නෙත් ඒ අය ගැනමයි.
සමහර වෙලාවට කෙනෙක්ගෙ ජීවිතේ හුඟක් පවුරු පදනම් තියෙන්න පුළුවන්.ඒ කොහොම වුනත් තමන්ගේ මිත්‍රත්වය අපේක්ෂා කරන කෙනෙක් ගැන සැහැල්ලුවට හිතන්න එපා.සමහර වෙලාවට ඒ වැරැද්ද ජීවිතේටම හදාගන්න බැරි වෙන්න පුළුවනි.
ඒක මගේ ජීවිත අත්දැකීමෙන් මට කියන්න තියෙන කතාව.
දේවා මල්ලී ඔබ ඉතාමත් සංවේදී කෙනෙක් වෙන්න ඕන . මොකක්දෝ ප්‍රශ්නයකින් පෙලෙන බවක් පේනවා . ඔබගේ හොඳම මිතුරෙක් සමග මේ ගැන නිදහසේ කතාකරන්න ..
ReplyDeleteඔබට පිහිට වෙයි ...
දේවා මලේ... යාළුවෝ කියන්නේ වෙනස්ම ජාතියක්... ඒක වෙනමම බැඳීමක්... මට නම් මගේ ජීවිතේ භාගයක් බෙදාගන්න හවුල්කාරි තමා නෝනි... බොක්කේ තියෙන හැම දෙයක්ම කියන්න පුළුවන් තරම් කිට්ටු යාළවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා... ඒ අතරිනුත් මේ දවස්වල නම් සහෝදරයෙක් වගේ ළඟින් ඉන්නේ එකම එකයි. සහෝදරකම වෙනම බැඳීමක්...
ReplyDeleteනෝනිට / ආදරවන්තියට කියන්න බැරි දේවල් නෑ තමා. ඒත් සමහර ප්‍රශ්ණ වලදී ඒ දේ ඊට වඩා හොඳට යාළුවන්ට තේරුම් කරලා දෙන්න පුළුවන්... අම්මලට, සහෝදරයන්ට කියන්න බැරි, කිව්වත් නොතේරෙන දේවල් යාළුවෙක්ට කියන්න පුළුවන්...
යාළුවා කියන්නේ නීතිමය වත්, ජීව විද්‍යාත්මකව වත් කිසිම බැඳීමක් නැති පිටස්තරයෙක්. ඒත් අර කියපු ජාති දෙකේ අය තරමටම ඒ පිටස්තරයා අපේ ජීවිතවලට ලංවෙනවා... හිතලා බලන්න, ඒක කොච්චර ප්‍රබල බැඳීමක් ද ? තමන්ගේ කියලා නොවෙන කෙනෙක්ම තමන් විහින්ම තමන්ගේ කෙනෙක් කරගන්න කෙනෙක් තමා හොඳ යාළුවෙක් වෙන්නේ...
බර වැඩිද මන්දා ? උඹ හිතන්න එපා මලේ... ප්‍රශ්ණේ හිමිහිට විසඳේවි. පස්සේ ඔයාටම වැඩේට හිනා යයි...! හිතේ දුකක් තියාගෙන කියවද්දී කොන්දේසි විරහිතව අහන් ඉන්න පුළුවන් යාළුවෝ සෙට් එකක්ම ඔයාට ඉන්නවා කියලා සතුටු වෙන්න.
" LINK WORDS "
ඕකේ කනේ මයිල් අයින් කරලා දාන්න... හිතේ සතුට ආයෙත් ලැබේවා...! ජය !!!
එහෙම තමා මල්ලි යාලුවො වුනාම නැත්නම් වැඩක් නෑ නෙ.
ReplyDeleteවචනයකින් හිත සැනසෙන එකත් මදැයි . හැමදේම හරියයි .
ReplyDeleteඔබ නොදුටු ලොවක් : මානුස්සකම් ගොඩාක් වටිනවා තමයි... බ්ලොග් අවකාශයේ ගොඩාක් මනුස්සකම් පිරුනු අය ඉන්නවා.. මම දන්න විදිහට
ReplyDeleteරතු මුහුද: ඒකනම් ඇත්ත තමයි....
ReplyDeleteරාජ් : ගොඩාක් වටිනවා මට ඔය වචන ටිකත් යාලුවා..
ReplyDeleteතනෝජා : ගොඩාක් ස්තුතියි අක්කේ ඔයාටත්... ඔයාත් මට මාර ශක්තියක් උනා..
ReplyDeleteලකි වික්‍රමසිංහ : ඔබේ කථාව සමග 100% එකග වෙමි.. ජිවිත අත්දැකිම් වටිනවා මට ගොඩාක්..
ReplyDeleteගිම්හානි : ඔයා ටිකක් විතර මම කොහොම කෙනෙක්ද කියලා දන්නවා අක්කෝ... කොහොම උනත් ගොඩක් ඉක්මනට හැමදේම හරියයි...
ReplyDeleteචතුරංග පෙරේරා : මගේ බ්ලොග් එකේ වැටුන දිගම කමෙන්ට් එක අය්යාගේ මේ කමෙන්ට් එක කියලා මම හිතනවා... අය්යා කියලා තියන හැමදෙයක්ම ගොඩාක් ලොකු පාඩම් මගේ ජිවිතේට.. ගොඩාක් ස්තුතියි අය්යේ... ගොඩාක් ස්තුතියි...
ReplyDeleteනිසුපා : ඒක නම් ඇත්ත අක්කේ....
ReplyDeleteබින්දි : අනිවාර්යෙන්ම අක්කේ
ReplyDeleteදැන් මල්ලිගේ හිත හරි ගිය එකත් ලොකු දෙයක්.
ReplyDeleteදේවා අයියා දැක්කද දන්නෙ නෑ මමත් පහු ගිය ටිකේ හිටියෙම ඔහොම හිතේ අමාරුවකින්..:( යාළුවො කීපදෙනෙක් එක්ක ඇති වුනු හිතේ අමාරුවකින්.:( ඉතින් මටත් හිතා ගන්න පුළුවන් අයියගෙ හිතේ අමාරුව ගැන...මොනා කියන්නද හිතා ගන්න බෑ..ඒත් අපි වරදක් කරලා නැත්තම්, අවංකනම් දුක් නොවී හිත හදාගමු අයියේ.. මොකද හොද මිනිස්සුන්ට කරදර වැඩි වුනත්, දවසක් එනවලූ අපිටත් හඳ පායන.. බලන් ඉමු එතකම්...
ReplyDeleteමධු : අය්යා මේ දවස් වල වැඩට යන නිසා පොඩ්ඩක් ඇත් උනත් මම දන්නවා අය්යත් මට ගොඩාක් ලොකු ශක්තියක් කියලා..
ReplyDeleteහිතුවක්කාරි : හිතු කියපු මෙන්න මේ දේ එක්ක නම් මම 100ට දාහක් එකගයි.. දැන් නංගාගේ හිත ප්‍රශ්න වලින් මිදිලද නංගෝ
ReplyDeleteමොකද හොද මිනිස්සුන්ට කරදර වැඩි වුනත්, දවසක් එනවලූ අපිටත් හඳ පායන.. බලන් ඉමු එතකම්...
මම මල්ලිගෙ කවි පේලි ටික නම් දැක්කෙ නෑ.... වැඩ වැඩිකමට පහුගිය දොහේ මේ පැත්තෙ නිකමටවත් එන්න බැරි උනා... මල්ලිට නියම යාලුවො ටිකක් මුන ගැහිලා තියෙන එක ගැන සංතෝසයි...දැන් ප්‍රශ්නය විසඳිලා ඇතියි කියල හිතනවා... මට නම් ලඟින් ආශ්‍රය කළ සමහර යාලුවො කියලා මං හිතාගෙන උන්න අය නිසා උනේ අවැඩක්මයි... මට හොඳ යාලුවො ටිකක් මුනගැහුනෙ කැම්පස් එකේදි... ඒ මිතුරුදම් අදටත් තියෙනවා... ඒත් පෞද්ගලික දෙයක් කියන්න තරම් මං විශ්වාස කරන්නෙ මගේ මහත්තයාව විතරමයි... රහසත් රැකෙනවා... කවදාවත් මට අවැඩක් වෙන්නෙත් නෑ... ඒ මං ඉගෙන ගත්තු පාඩම් නිසා අද නතරවෙලා ඉන්න තැන...
ReplyDeleteඔයා මගේ බ්ලොග් එක ගැන දාපු ඇඩ් එකට ගොඩක්ම ස්තුතියි... මොන හේතුවක් නිසාද මන්දා මං අලුතෙන් දාපු බ්ලොග් පෝස්ට් දෙකක්ම අනිත් අයගෙ බ්ලොග්ස්වල අප්ඩේට් උනේ නෑ... ලියන්න හිතෙන්නෙත් නෑ මල්ලි... නොයෙක් දේවල් කලා, ලොකු පුතාටත් මට වෙච්චි දේම වෙලා එයා නම් හදාගත්තා... මට ඒ ක්‍රමය හරි ගියේ නෑ... දිල්නුත් උදව් කලා... එත් ප්‍රශ්නය එහෙමමයි... :'(
මොකක්ද හිතේ පොරකන ලොකු ප්‍රශ්නේ?
ReplyDeleteඒ බව මට මේ ලිපි වලින් තේරෙනවා....
මොනවා උණත් අයියා අපේ හොඳ යාලුවෝ වෙන්නේ ඇත්තටම මතුපිටින් එහෙම පේන කෙනා නෙවෙයි.....
මට මේක කියන්න තේරෙන්නේ නෑ...ඒත් ඔයාගේ හිත අහගන ඉන්න පුළුවන් යාලුවෙක්ට මේ දුක කියන්න!