ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

01 November, 2011

කොළබ කාක්කෝ... Colombo Colombo

මේක බ්ලොග් පොස්ට් එකකට හොදද මන්දා එත් මගේ බ්ලොග් එකේ තිම් එක අහන දකින නෙත් මානයේ හැමදෙයක්ම නිසා අද මට විදින්න උන දෙයක් ලියන්න ඕනාමයි කියලා හිතුනා...

සදරු මල්ලිත් ලගකදි කොළබ ගැනත් ලියලා තිබුනානේ...

කොහොමත් කුරුනැගල ඉන්න මටත් ඔය කොළබ කියන්නේ ගොඩාක් දුර තැනක් නොවුනත් ඉතින් ඇත්තටම යන එන ප්‍රමාණ ගොඩාක් අඩුයිනේ...

ඔන්න අද ඉතින් මට මගේ වැඩකට වගේම අපේ බ්‍රාන්ච් එකේ වැඩකට මට අපේ හෙඩ් ඔ‍ෆිස් යන්න උනා... දන්නවනේ ඉතින් ඒ කොහෙටද කියලා ආහ්....මේ තියෙන්නේ...

http://www.boc.lk/bochome/images/contact/bocimg.jpg

මගේ වැඩේ කරගත්තට පස්සේ මම ඉතින් යන නිසාම මට උනා පොඩි උපකරනයක් අරගෙන එන්නත්...

ඕක ඉතින් උස්සගෙන යන්න අමාරු නිසා අද වැස්සත් නිසා ත්‍රිවිල් එකක් අරගෙන (සල්ලි වලට නෙමේ හලෝ හයර් එකට) ආවා.. දන්නවානේ ඉතින් තියන දුර අලුත් බස් ස්ටැන්ඩ් එකට (අලුත් කිවට ඉතින් දැන් නම් මොන අලුත්ද අෆ්ෆා) කොහොමත් ඉතින් ඔතන ඉදන් ඔනම නම් ඇති කිලෝ මිටර් 2,3ක්

පයින් එන්නත් බැනේ ඉතින් කොහොමහරි කොහොමහරි මමත් ඔය රෝද තුනක ආවා බස් එක ලගට ආපු ගමන් මේ මාමා ඉල්ලපි මගෙන් 650ක් .... මම දුන්නා කියලාද හිතන්නේ අනේ මේවට බැන්ක් එකෙන් ගෙව්වත් මම මොකටද එහෙම ගෙවන්නේ... මොකෝ මම ආවේ කොච්චියක් හයර් කරගෙන නෙමේනේ..
අය්යාව ශේප් කරගෙන කොහොමහරි අඩු කර ගත්තා ඒක 250 කට (ඒකත් වැඩිද මන්දා... ඒත් ඉතින් වැස්සේ එනවට වඩා එහෙම හොදයිනේ)..

ඔය අවුල් වෙලා එන අතරේ දැන් වැස්සේ මට ඉතින් ඔය උපකරනෙත් උස්සන් එන්න බැනේ කථා කලා මල්ලි කෙනෙක්ට (නැ නෑ අන්කල් කෙනෙක්ට) ඔතන ඉදන් ඕනේ නම් මගේ බස් නැවතුමට ඇති මිටර් 250ක් ඉතින් ඒ දුර ඒ අය්යා එක්ක ආවා කියමුකෝ.. කොහොමහරි බස් එකේ මාමා එක්ක ශෙප් වෙලා ඕක බස් එකටත් දගත්තා කියමුකෝ... ආයෙත් මට විකාර වෙන දෙයක්මයි උනේ... අයි අෆ්ෆා මිටර් 250 ට මිනිහා මගෙන් ඉල්ලුවේ නැතැ 500ක්.. (මම දන්නේ නැ කොළබ ගනන් එහෙමද කියලා) අනේ ඒත් ඔහොම වියදම් කරන්න මට උවමනාවක් වත් ආසාවක් වත් නැ.. මෙතන නම් ඉතින් පොඩ්ඩක් අන්කල් මමාට මට පාට් එකකුත් දාන්න උනා.. කොහොමහරි ඔය 500 ට මම රු 100ක් දිලා ආවා එන්න.. 

ඇත්තටම කොළබ කියන්නේ ලංකාවේ අපි ජිවත් වෙන ප්‍රදේශ වලින් වෙන් උන තැනක්ද??

මෙහෙම පිට පළාත් වලින් එන කි දාහකින් ඔහොම ගන්න ට්‍රයි කරනවා ඇතිද?? කි දෙනෙක් එහෙම ගෙවලා යනවා ඇතිද??

ජිවිතේ ගෙවලා තියෙන්නේ පොඩි කාළයක් උනත් ඒ දවස් වල ඉදන් කසන සල්ලිත් මම ලග තිබිලා නැති නිසා ඔහොම කියන කියන විදිහට මට නම් ගෙවන්න පුරුද්දක් නැ..

බ්ලොග් ලියන කියවන ගොඩාක් දෙනෙක් ඉන්නේ කොළබ ලග පාත නිසා එහෙම අයට මේක දැනෙනේ නැතිවෙයි.. ඒත් ඇත් ඉදන් (කියන්න ඔයාලා කැමතිනම් ඔව් අපි ඉන්නේ වන්නියක කියලා) ඒත් අපේ මිනිස්සු ලග මනුස්සකම තියනවා.. සල්ලි වලට වැඩක් කලත් මිනිස්සු හුරගෙන කන්නේ නැ.. පොඩ්ඩක් හිතලා මේ ගාන හදලා බලමුකෝ..

ඔය විනාඩි 5 වැඩේට මම වගේ ගෙවන්නේ නැතුව ඉන්නේ නැතුව කවුරු හරි 500 ගෙවනවා කියලා..
පැයකට විනාඩි 5 එවා 12 තියනවානේ ඕකෙන් 3ක විතරක් ඔහොම හම්බවෙනවා කියලා එතකොට පැයකට 500 * 3 = 1500
උදේ 5 ඉදන් හැන්දැවේ 8 වෙනකන් පැය 15ක් තියනවා ඔය පැය 15න් පැය 8ක ඔහොම හම්බ වෙනවා කියලා එතකොට දවසකට 1500 * 8 = 12000 යි කොහොමද  දවසක ආදායම ඔහොම මාසෙකට තියන දවස් 30න් 10ක් වැඩ කලොත් 12000 * 10 = 120000 පිස්සු හැදෙයි නේද??

මොකටද අපි ඉගන ගන්නේ... කියලා මට හිතුනා... ටයි දාගෙන ඒසි එකේ ඉදගෙන අපි වැඩ කරලා හොයනවා වගේ කි ගුනයක් හොයනවද?? මේ අඩුම ගනන් දාලා.. මේක හරියට වෙනවානම් ඉතින් අම්මේ මේ වගේ දෙතුන් ගුනයක් හොයන්න පුලුවන්...

මේක වෙන්න බැයිද ඉතින්.... ඒත් ඉතින් ඇයි එහෙම කරන්නේ.. හැමෝම මිනිස්සු නේද?? මොකටද කොළබ කාක්කෝ මිනිස්සුන්ව හුරගෙන කන්නේ...

ප.ලි : මට විදින්න උන දෙයක් ලිවේ.. මේකට වගකියන්න ඕනේ රටේ රජයවත් කොළබ පාලනය කරන විපක්ශයවත් නෙමේ මම හිතන්නේ... මේක  අපේ රටේ මිනිස්සුන්ගේ හිත් වල වැරදි නේද??

කවුද මේවට වග කියන්නේ

ප.ප.ලි : බලාපොරොත්තුවෙන් තවත් ඇගලුම් කම්හලේ ප්‍රේම පලහිලව්වක්..

41 comments:

  1. ඕකට හොඳම උත්තරේ මීටර් ටැක්සි, ගානත් අඩුයි ගමනත් ෂුවර්, එක කෝල් එකයි ...

    මෙන්න නොම්මරයක් 0777743777 කොළඹ ඒරියා එකේ වැඩ, පිටත් වැඩද දන්නෙ නැහැ, මම නම් හුඟක් වෙලාවට යන්නෙ ඔය නොම්මරේට කතා කරලා .......

    ගාන මීටරේට හෙන අඩුයි ගනං .....

    ReplyDelete
  2. හැබැයි ඉතිං ත්‍රීවීල් විතරයි ගෙන්න ගන්න පුලුවන් ......

    ReplyDelete
  3. ඔයින් ගිය මදා....මොකුත් නැති උනේ නැනේ?

    ReplyDelete
  4. ඔයින් ගියා මැදැයි. කවදාවත් ඔය මිනිස්සු කියන විදියට සල්ලි දෙන්න නරකයි.අසාදාරනේට විරුද්ධයි නම් නෝටිගේ වෝට් එකත් ෂුවර් ෂොට්

    අර පන්සල් හන්දිය කිව්වත් වගේ හොදම දේ තමයි මීටර් ටැක්සිය...
    තව නැනෝ කැබ්ස් සර්විස් එකත් හොදයි.මුල කිලෝ මීටරයට රුපියල් 50. ඒකෙන් පස්සේ කිලෝමිටරයට 45යි. වේටින් චාජ් එකකුත් සෙට් වෙනවා ඒකෙ නම් යන අතර මග නවතිනවා නම් විනාඩියට රුපියල් 03. ගාන ටිකක් වැඩි වගේද මංදා.ඒත් ගමන් ඉක්මන් හා පහසුයි

    ReplyDelete
  5. මම නම් ත්‍රිවිලර් එකකට නගින්නේ නැහැ කලින් ගාන අහන්නේ නැතුව...ආ තනියම යන්නෙත් ඉතින් නොගිහින්ම බැරිනම් තමයි...

    ReplyDelete
  6. කොළඹ ඉන්නේ කාක්කෝ කියල පොඩිකාලේ බයට කියපු කථාව ඇත්ත...ඒ මිනිස්සු සල්ලි එක්ක හැප්පිලා ඇට්ටර වෙලා ඉන්නේ..කොහොමහරි සල්ලි හොයන එක විතරයි පරමාර්තේ.....මනුස්සකම බල්ලට ගිහිල්ලා.....

    ReplyDelete
  7. මට මතකයි කොලඹ ස්ටේඩියම් එකේ ඉදලා බෙනඩික් විද්‍යාලයට ත්‍රීවීල් එකේ ගියා. ත්‍රීවිල් කාරයා හෙන වටයක්ම දාලා රුපියට් එකසිය පනහක් ඉල්ලුවා. දුර අනුව මේ ගාන සාධාරණයි !! ඒත් මේකට වඩා හෙනම කෙටි පාරක් තිබා නේ.

    ReplyDelete
  8. කොළඹ ත්‍රීවීල් කාරයො ඔහොම තමයි.. උන් දන්නවා ඉවෙන් වගේ එන මනුස්සය කොළඹට කොච්චර හුරුද නැද්ද කියලා.. ඒ අනුව තමයි දෙන්නෙ වැඩේ !

    ReplyDelete
  9. https://www.facebook.com/media/set/?set=a.10150199334928301.307605.302440998300

    Sri Lankan NanoCab - (011)267-6767 The fare starts from 50 rupees a kilometre for the first five kilometres and falls. After 10 kilometres the price falls to a little over 30 rupees,The firm runs air conditioned cars fitted with taxi meters, a GPS tracking system and credit card readers

    ReplyDelete
  10. ඒකනේ මේකට කොළඹ කියන්නේ.. ගාන කතාකරලා නැගපන් ඇමරිකාවේ ගියත්.. ටැක්සි කාරයෝ කොයි ලෝකෙත් එකයි..

    ReplyDelete
  11. අනිවා මචො පිටකොටුව පැත්තේ ඔහොම්ම මයි...දවසක් පානදුර බස්ටැන්ඩ් එක පැත්තේ ඉඳලා ගුනසිංහ පුරෙට යන්ඩ මගෙන් ඉල්ලුව 250 ක්..මීට අවුරුදු කීපයකට කලින්..මේ පෙන දුරට...මම උට බැනල ආව උන්ගේ හිතේ අපි සුද්දො කියලා....මචො ඔය පිට කොටුවේ විතරක් නෙමෙයි..කොල්ලු පිටියේ..බම්බල පිටියේ ...වගේ තැන්වල තත්වෙ ඔකයි...
    ලොක්කා උඹ කුරුනැගල BOC ද මම NSB බං හැබැ කොල්ලුපිටියේ එකේ...

    ReplyDelete
  12. 650 ක් ඉල්ලුවා... අම්ම ගහවි.... අඩෝ උබ ඒක 250 ට බැස්සුව හැටි ලියපන්කො මම නම් කලින්ම ගාන අහල තමයි නගින්නේ.. එතකොට ශේප්...

    ඒ මිනිස්සුත් අව්වට දූවිල්ලට ඇට්ටර වෙලා බන්.. ජීවත් වෙන්න න්නෙ කොහොම හරි... අනික උබ හිතනවද ඔය සල්ලි වලින් 100% ඒ මිනිස්සුන්ට කියල... කොටසක් කොළබ පාතලේට යනවා... නැතුව රස්ස කොරල හමාරයි පාරෙ

    ReplyDelete
  13. අසාධාරණයට විරුද්ධ නොවී සිටින තාක් මේව නවත්තන්න බෑ.

    ReplyDelete
  14. අපි නං ඉතිං යයි ත්‍රී වීලර් වල...මොන දේ තිබ්බත් අපි ඉතිං අපේ කකුල් දෙකේ පිහිට තමා..කොළඹ උං හෙන ඇට්ටරයි බන්...උන්ට සල්ලි ඇරෙන්න දෙයක් ඔනි නෑ...මනුස්සකම අනේ මන්දා...එහෙම එකක් උං දන්නවද කියලා...
    අපිට ඔය අව්ව වැස්ස බර එහෙම ගානක් නෑ..අපි වන්නියෙනේ.....
    හි හී
    ඇරත් අපි ඉතිං වැඩිය කොළඹට එන්නෙත් නෑ...
    ප/ප/ලි/ කතාව බලාපොරොත්තුවෙං..

    ReplyDelete
  15. ඔබ නොදුටු ලොවක් කියපු කතාවත් එක්ක මාත් එකඟයි.... මේ වගේ එක්කෙකෙනාට වෙච්චි සිදුවීම් ටිකක් මාත් දන්නව.... ඒවට ඒ වෙලාවට හිනා උනාට, ඒ මිනිස්සු ඒ තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ ඇයි කියලා හෙව්වොත්, සමහරවිට ඒ ඇතුලෙ තවත් අනුවේදනීය කතා ඕනතරම් ඇති කියලයි මට හිතෙන්නෙ... ඒ උනාට ඔවුන්ගෙ ගැටවලට අහු උනාමයි, එක එක ඩිමාන්ඩ් කිරිලි වලට මූන දෙන්න උනාමයි නම් ඉතින්...හ්ම්ම්ම් ......%$@&*..!!

    ReplyDelete
  16. එක දවසක් මට කොටුව අවට තියන BoC ATM එකක් හොයාගන්න ඕනේ වුණා..කොටුව අවට ATM එකක් හරි බැංකුවක් හරි දැකලා තියනවා කියල මතකයි...හැබැයි කොහෙද කියලා මතක නැහැ..හදිස්සියක් නිසා ඇවිද ඇවිද හොයන්නත් බැහැ...ඒ පාර ඉතිං ත්‍රී වීල් එකකට නැගලා කිව්වා යමු කියලා BoC ATM එකක් තියන තැනකට...මෙයා දැන් හැටට හැටේ පාගලා යනවා...ලේක් හවුස් එකේ තියන BoC තත්පර දෙකෙන් විතර පාස් වුණා....අන්න අතන තියනවා නේද ATM එකක් කිව්වම මෙයා කියනවා, ආහ් එක ගැනද කිව්වේ...දැන් නම් මෙතනින් හරවන්න බෑ කියලා, තව දුරක් ගිහින් ඊළඟ හන්දියෙන් හරවාගෙන ඔන්න ආවා බැංකුවට....රුපියල් සීයට වඩා ඉල්ලුවා මේ මනුස්සයා...ඒ කොටුවේ ස්ටේෂන් ඉඳලා ලේක් හවුස් ලඟට...කොහොම හරි සීයක් දීලා මාරු වුණා..නැත්තම් එදා ඒ මනුස්සයා මාව kidnap කරයි. කොළඹ කාක්කෝ මහ ජරා ජාතියක්...දැන් නම් මම කොළඹ ඇවිදිනවා නම් පාවිච්චි කරන්නේ Google Maps. ගොඩක් දේවල් ඒකෙන් බලාගන්න පුළුවන්

    ReplyDelete
  17. දේවා, ත්‍රී වීල් හයර් නෙමේ ඕනෙම වැඩක් කරව ගන්න ඉස්සෙල්ල කීයක් ඕනෙද කියල අහල ඉන්න. වැඩේ කලාට පස්සෙ ගණන් අහන්න ගියාම ඉහ මොළ හුරං කන්න තමා ට්‍රයි එක.

    ReplyDelete
  18. ත්‍රී වීලර් එකකට නගින්න කලින් අනිවාර්යෙන් ගාන කතා කරගන්න ඕන . අප්පේ කොලඹ් ගැන කියල වැඩක් නෑ. කඩේකට බඩු ගන්න ගියත් එහෙමයි .. අපිටනම් දැන් පුරුදුයි . පිටින් එන අයනම් අමාරුවෙ වැටෙනව ඇති ....

    ReplyDelete
  19. කථාව ඇත්ත අයියේ, කොළඹ බස් කොන්දාගේ ඉඳන්ම බලන්නේ රුපියලටත් ගහන්න,.

    ReplyDelete
  20. මදුරංග මල්ලි කියලා තියෙන කතාවත් ඇත්ත. අපි ඒ පැත්තෙ නෙවෙයි කිල්ලා හිතුන ගමන් ගිනි ගනන් ඉල්ලනවවා.
    ඊයෙ තාත්තයි මායි පාදුක්කෙ ඉදලා මීපෙට එන්න කීයද ඇහුවාම රුපියල් 170ක් ඉල්ලුවා.ගිය සතියෙත් ගියේ 100ට. එයාට නා ගන්න කියලා පිප් පස්සෙ තිබුන එකක අපි 100ට ගියා.

    ReplyDelete
  21. පන්සල් හන්දිය : මේ තොරතුරනම් ගොඩාක් වටිනවා අය්යේ... ආයේ දෙයක් ඕනා උනහම මම කොල් එකක් දෙන්නම්කෝ.....

    ReplyDelete
  22. රතු මුහුද : එහෙම දෙයක් නම් උනේ නැ වෙලාවට...

    ReplyDelete
  23. නොටියා : ඔන්න ඔයත් මට වැදගත් ඔත්තුවක් දුන්නා ඔය ඔක්කෝම ඒ උනට කොලබට කිරි ගමට කැකිරි නේද යාලු..

    ReplyDelete
  24. සයුරි : කලින් දන්නේ නැනේ ඉතින් අපි ඕවා.. එහෙම තමා හැදුන් ලමයි..

    ReplyDelete
  25. ඔබ නොදු‍ටු ලොවක් : ඇත්තටම ඒක තමයි වෙලා ඇත්තේ...

    ReplyDelete
  26. මධුරංග : අවුරුදු ගනන් කොළබම ඉන්න අය්යලාටත් ඔහොම වෙනකොට අපි ගැන කවර කථාද අෆ්ෆා...

    ReplyDelete
  27. වෙනි : ඒක නම් ඇත්ත... ටිකක් කොලබ පැටන් ගියොත් ටිකක් හරි ගොඩ....

    ReplyDelete
  28. කවිකාරි : ස්තුතියි පාර පෙන්නුවට.....

    ReplyDelete
  29. මාතලන් : හැමතැනම ඇවිදින අය්යලා දන්නවානේ ඉතින් හරිම විස්තරේ...

    ReplyDelete
  30. රාජ් : ඒකනම් එහෙම තමා යාලු... මේලක් දාපන්කෝ මට gtalk

    ReplyDelete
  31. පිස්සා පලාමල්ල : කටින් තමා බන්... අපි නැමිලත් හරියන්නේ නැ කොහොමවත් ඔය වගේ තැන්වලදි.. හැබැයි තමන්ගේ සේෆ්ටි එක තමන්ගේ අතේ...

    ReplyDelete
  32. රාජ් : තනි තනිව නොවි කට්ටියම එකතු වෙලා...

    ReplyDelete
  33. ගලයා : අපිත් එහෙම තමා බන්... එත් මේක මට අරගෙන එන්න බැ කියලා හිතුනා බන්

    ReplyDelete
  34. මියුරු : ඒකනම් එහෙම තමා සහොදරි... අපිටම මොනවා හරි වෙන්න ඕනා ඕවා තේරුම් ගන්න නම්...

    ReplyDelete
  35. දිපිකා ප්‍රියදර්ශනි : ඔය වගේ ගමන් එහෙමනම් පරිස්සමින්.... සතු‍ටුයි බි ඕ සි එක්ක ඉන්න එක ගැන නම් ගොඩාක්.. ඕනම ඒටි එම් එකකින් ගන්න පුලුවන්නේ ඉතින්...

    ReplyDelete
  36. ඔබ්සවර් : ඒකනම් එහෙම වෙන්නම ඕනා අය්යේ.. කැමක් ගන්න ගිහත් අපිට වෙනවා නේද ගනන් අහලා කන්න....

    ReplyDelete
  37. ගිම්හානි : කෝ ඉතින් පුරුදු අය අපිට හෙල්ප් එකක්වත් දෙන්නේ නැනේ.,... මම කලින් දා ඔයාට කිවානේ නේද??

    ReplyDelete
  38. ප්‍රාර්ථනා : ඒකනම් මෙහෙත් වෙනවා බස් වල මම නොගියට කවදාවත් ඉතිරි රුපියල දෙක නම් නැහැමලු...

    ReplyDelete
  39. නිසුපා : ඒකනේ අක්කෝ මේ අයනම් කාක්කෝම තමා....

    ReplyDelete
  40. මට නම් මිනිස්සු එක්ක හෙට්ටු කරලා පුරුද්දක් නෑ මලයා. අසාධාරණේ වුනත් ඉස්සර නම් ඉල්ලන ගාන දීලා එනවා. දැන් නම් කලින් ගාණ අහලමයි කොළඹින් වැඩ කරගන්නේ. මගේ ගාණට නැත්නම් කොච්චර කොලිටි බඩුවත් වුනත් මම දාලා එනවා.

    අපිත් කොළඹ තමා මලේ. හැබැයි මට නම් ඔහොම දරුණු සීන් වෙලා නෑ. මම හිතන්නේ කොළඹ කාක්කන්ට ඉව ඇති පිට පලාත්වල අය කවුද කියලා !!!

    ReplyDelete
  41. අහල පහල උනාට අද තමා අඳුරගත්තෙ. මං බැංකුවට ආව වෙලාවක ඔබ තුමාව මුනගැහෙන්නම් කො... :)
    මීටරේ පාවිච්චි කලොත් කොළඹ කාක්කන්ගෙ කටේ තියන කේජු කෑලිත් වට්ටගන්න පුළුවන්... ;)

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....