ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

15 November, 2011

මගේ ක්‍රිකට් & මගේ ඇසින් අද ක්‍රිකට්

http://www.studentsoftheworld.info/sites/people/img/39159_sri-lanka-cricket-team-119.jpg

ශ්‍රි ලංකා පකිස්ථාන දෙවන එක්දින (මේ දිනවල පැවත්වෙන තරග මාලාවේ) තරගය ලංකාව දිනපු නිසාත් කාලයක් තිස්සේ ආසාවක් තිබුන මේ දේ ගැන ලියන්න ඕන කියලා හිතුන නිසා ලියන්න පටන් ගත්තේ...

ක්‍රිකට් කියන්නේ මම පොඩි කාලේ ඉදන් ආස කරපු එකම ක්‍රිඩාව මොන විදිහට කිවත් මම වොලිබොල් රගර් වලට එහෙම පොඩ්ඩක්වත් කැමති නැ (කලින් පොස්ට් එකේ බුවා කිවා වගේ පොඩි ඩයක් එකක් හින්දා වෙන්න ඇති)

ජිවිතේ ක්‍රිකට් උන කාලයක් මගෙත් තිබුනා... මට මතක විදිහට මම පුන්චි කාලේ ඒ කිවේ අර 5 වසරේ ශිෂ්්‍යත්වය කියලා එකකට ලියන කාලේ.. අමතර පන්තියකට කියලා ගිය මුල්ම දවසේ මම ගියේ ටෙනිස් බෝලයක් අරගෙන... ආහ් ඔය ඇවිත් තියෙන්නේ බෝලයකුත් අරගෙනම.. ශෝක්.. මිස් කිවේ එහෙමයි..

ඉගන ගත්තු වැඩත් ටිකක් හරි හොදට කරපු නිසා ගුරුවරු ටික නම් ස්කොලේ මට ගොඩාක් ආදරේ කලා.. ඒ නිසා හැමදාම පිරියඩ් එකක් විතර කොහොමහරි පිට්ටනියට පනින එකත් අපේ පුරුද්දක්,, වෙන මොනවටවත් නෙමේ ක්‍රිකට් ගහන්න...

දැන් නම් අවුරුදු 2,3කි විතර බැට් එකක් බෝලයක් අතින් අල්ලලා නැ.. ඒත් ඒ කලේ රයිට් හැන්ඩ් ලෙෆ්ට් හැන්ඩ් කියන හැම හැන්ඩ් එකකටම බැට් කරන්න දේවට පුලුවන්.... ඒ කලේ මග හැරපු එක මැච් එකක්වත් නැති තරමට ක්‍රිකට් උනක් තිබුනා... ස්කොලේ යන්න නැතිව ඉන්න බැරි දවස් වලට පොකට් රේඩියෝ එකක් ගෙනිහින් මැච් එක අහපු දවස් ඕන තරම්....

ඔය කිවේ මගේ ක්‍රිකට් පිස්සුව ගැනනේ....

දැන් කියන්න යන්නේ අද ක්‍රිකට් ගැන....

අද ශ්‍රි ලංකා ටිම් එක ගැන මට 100% සතු‍ටු වෙනවා කියන්නත් බැ.. ඒත් සතු‍ටු වෙන්න පුලුවන් විදිහේ කණ්ඩායමක් නැ කියන්නත් බැ..

තිලකරත්න දිල්ෂාන් නායකත්වට සුදුසු උනත් මම හිතන්නේ ඒක දිල්ශාන්ගේ සුපුරුදු රටාවට බාධාවක්... සැහැල්ලුවෙන් සෙල්ලම් කරන්න තිබුන නිදහස නැතිවෙලා කියලා මම හිතනවා...
උප නායකත්වයට මම නම් හිතන්නේ කොහොම උනත් ගැලපෙන්නෙම මහේල තමයි (නායකත්වයටත් උඩින්ම ගැලපෙනවා)

සංගා මහේල තනතුරු වලින් ඉවත් උනත් තාමත් මම නම් කැමතියි ඒ දෙන්නගේ නායකත්වට..

කඩුලු රකින්නෙක් තව කෙනෙක් පුරුදු කරන්න ඕන තමයි.. ඒත් මම හිතන්නේ නම් සංගා තමයි ඒකට ගැලපෙනම කෙනා...

අලුත් අය ඒ කියන්නේ ප්‍රසන්න. චන්දිමාල්, තිසර වගේ අයට ඇත්තටම ලොකු අනාගතයක් තියනවා කියලා මම නම් හිතනවා..

නෝබොල් මේනියාවෙන් දිල්හාර ඇත් වෙලා තියන එක දිල්හාරට වගේම ලංකාවටත් ගොඩක් වටින දෙයක් වෙයි මම හිතන විදිහට....

අජන්ත, රංගන වගේම මම ගොඩාක් කැමති පන්දු යවන්නෙක් තමා කුලසේකර කියන්නෙත්...

ආරම්භක පිතිකරු යුගලය ගැන වෙඩිය කථා කරන්න ඕන කමක් නැ.. ටිම් එකේ ඉන්න අයගෙන් හොදටම ගැලපෙන්නේ ඒ දෙන්න තමයි..

අද මැච් එක දිහා බලනකොටත් තව ටිකෙන් කන්න වෙනවා අෆ්‍රිඩි දුවද්දි දැවි නොගියානම්... මැතිව්ස් වගේ අය ඉන්නවා උනත් ඒ අෆ්‍රිඩි සෙල්ලම් කලා වගේ ශක්තිමත් පිතිකරුවෙක් පසුපෙලට ඉන්නවානම් තවත් ටිකක් හොදවෙයි..

ලබන ලෝක කුසලානයවත් මව් බිමට ගේන්න දැන් ඉදන්ම හොද කණ්ඩායමක් හැදෙනවා නම් ඒ වෙනුවෙන් මහන්සි වෙනවානම් ප්‍රේක්ෂකයෝ විදිහට අපිටත් ගොඩාක් සතු‍ටු හිතෙනවනේ...

සිංහ පැටව් ටිකට ජය වේවා...

ප.ලි : අපේ අම්මා වෙලවකට ඔය ඩ්‍රාම එකක් එහෙම බලන්න නොදි පැය ගානක් මැච් එක බලනකොට අහනවා ඒ අය ගහලා ඒ අයගේ ජොබ් එකත් කරගන්වා.. මෙතනට වෙලා මැච් එක බල බලා වෙලාව කනවා කියලා...
අම්මා ඩ්‍රමා බලනවා වගේ තමා මට මේක කියලා ඒ කාලේ මම ශේප් උනා...

ක්‍රිකට් උන තියන කෙනෙක්ට තමා එහෙම බලන එකේ අගය තේරෙන්නේ... එහෙම අය බ්ලොග් ලියනවද බලනවද නම් මම දන්නේ නැ ඔන්න
ප.ප.ලි : තාමත් මගේ ප්‍රියතම ක්‍රිඩකයෝ වෙන්නේ ලංකාවේ සනත් ජයසුරිය,  වගේම අබ්දුල් රසාක් , සහිර් කාන් , සංගා තමයි

38 comments:

  1. සංගා මගෙත් ප්‍රියතම ක්‍රීඩකයෙක්...නියම නායකයෙක්...මමනම් ඉතින් හැම මැච් එකක්ම බලන්නේ නැහැ...

    ReplyDelete
  2. ක්‍රිකට් වලට ගහන්න ක්‍රීඩාවක් මටත් නැහැ. 'ක්‍රිකටර්' නමින් කෙනෙක් ලියු වෙබ් සයිට් එක දැන් නවත්තල, එයා ඒක නැවත පටන් ගන්නව නං හොඳයි කියල හිතෙනව.

    ReplyDelete
  3. සනා තමයි මගෙත් කැමතිම . ඊලඟට මාලිංග, දෝනි,සචින් , මහේල ....වගේ අය .සචින්, මහේල ඇර අනික් කැමති ඔක්කොම බැටලා හොඳට නෙලන්න පුලුවන් උන් තමයි

    ReplyDelete
  4. ක්‍රිකට් ගහපු කාලෙ නම් ක්‍රිකට් වලට කැමති..දැන් නම් එච්චරම කැමැත්තක් නැහැ .. ඉඳල හිටලා වන් ඩේ වල අන්තිම ටික බලනවා !

    ReplyDelete
  5. ක්‍රිකට් කියන්නේ මගෙත් ජීවිතේ එක් පැත්තක් මචො....මම අදටත් බැංකුවට ක්‍රිකට් සෙල්ලම් කරනව...උඹට වගෙම අපේ අම්මත් වෙලාවකට බරබරේ දානව ඔය නාට්ටි බලන්ඩ නොදී ක්‍රිකට් බලද්දී..හික්..හි..D

    ReplyDelete
  6. මමනම් වර්ල්ඩ් කප් එක විතරමයි බලන්නේ . වෙන කිසිම මැච් එකක් බලන්නේ නෑ .
    …කැමතිම සංගට තමයි ...

    ReplyDelete
  7. සයුරි : මමත් දැන් නම් ඔක්කොම මැච් වලට සෙට් වෙන්නේ නැ.. සමහර එවා තිබුනද කියලවත් මම දන්නේ නැනේ... ඒත් ක්‍රිකට් වලට මම ආදරෙයි

    ReplyDelete
  8. ඔබ්සවර්: මටත් පොඩි මතකයක් ආවා ඔබා අන්කල් කියනකොට.. ඇත්තටම එක හරි හොදටම ඒ ගැන දන්න කෙනෙක් හරි පටන් ගන්නවානම් වටිනවා

    ReplyDelete
  9. බුවා ගේ සිතිවිලි : මට මතකයි බුවාත් ටිම් එක ගැන පොස්ට් එකක් ලියලා තිබුනා කාලෙකට කලින්... බැටාලාට හොදට වදිනකොටනේ බලන්න හිතෙනේ එක දිගට

    ReplyDelete
  10. වෙනි : ඒ කාලේ තරමටම නම් මට බැලෙන්නෙත් නම් නැ තමා ඒත් ඉතින් අහුවුනොත් දිගටම බලනවා.. ක්‍රිකට් කියන්නේ අවින්ච්ශිත ක්‍රිඩාවක්නේ

    ReplyDelete
  11. Raj : මචන් මට පොඩි අවුලක් තියනවා බන්.. මාත් බැංකුවේනේ,. නෙට් පාවිච්චි කරන්නත් පුලුවන්... ඒත් බන් මට වෙලාවක් නැනේ... එත් හැමදාම උබ කමෙන්ට් කරන්නේ ඔ‍ෆිස් ටයිම් තමයි ගොඩාක්.. මොකක්ද ඒකේ රහස..
    (ඔන්න අද නම් මම නිවාඩු)

    ReplyDelete
  12. ගිම්හානි : අතරින් පතර හොද මැච් යනවා.. සමහර වර්ල්ඩ් කප් මැච් පටන් ගන්නකොටම ඉවරවෙනවානේ...

    ReplyDelete
  13. එක්තරා කාලයක් මාත් ක්‍රිකට් පිස්සෙක්. ඒකාලෙ (රේඩියෝ විතරක් අහන කාලෙ) මම හැම මැච් එකකම ලකුණු ලියාගන්නවා. ඒත් දැං පිස්සුව තියෙන්නෙ රග්බි වලට විතරයි.

    ReplyDelete
  14. රාජ් : ඔහොම කියනකොටනේ මතක් උනේ තාමත් මගේ ලග ඒ පොත තියනවා.. මම සෙල්ලම් කරපු හැම මැච් එකකම ලකුනු ,බොල් කරපු ඕවර් ගාන විකට් ගාන දුන්නු ලකුනු ගැන ලියපු.... ඇත්තටම ඒකට අනුව නම් මම හොද ක්‍රිකටර් කෙනෙක් වැඩිම ලකුනු නොදැවි 308ක් ඇවරේජ් එක තියනවා 48කට එහා.. බොලින් එමම තමා.... ඒ කලේ කරපු පිස්සු වැඩ එක්ක බලනකොට හිනාත් යනවා

    ReplyDelete
  15. මමත් ගියේ කොළඹ සුලෝහිත් ඉස්කෝල දෙනෙක් එකකට. නමුත් මට ක්‍රිකට් උණ නම් කවදාවත් තිබ්බෙ නෑ. දැනුත් අර වෙනියයි ගිම්හානියි කිව්වා වගෙ වන්ඩේ එතකොට වර්ල්ඩ් කප් හැට ටෙස්ට් නම් ජීවිතේට බලන්නෙ නෑ. ඒ කියලා ක්‍රිකට් පිස්සන් එක්ක කිසිම තරහක් නෑ.
    අනික මුලු රටම ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙද්දි, ලංකාවෙ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් වෙද්දි, ජාතික ක්‍රීඩාවට අර අහව්ල් ක්‍රීඩාව නම් කලේ මොන එකකටද කියලා මට කවදාවත් තේරුනේ නෑ.
    ඒ වගෙම අපි නොසලකා හිටියට, අර එල්ලේ කියන ක්‍රීඩාවත් නග්ගලා ගත්ත නම් එල ක්‍රීඩාවක්.

    henryblogwalker the Dude

    ReplyDelete
  16. මම නම් ක්‍රිකට් බලන්නේම නැති තරම්. ඔන්න වර්ල්ඩ් කප් එකේ අන්තිම වගේනම් බලනවා.

    ReplyDelete
  17. මැච් එක ගැන නම් ලොකු උනන්දුවක් නෑ.. ඒ උනාට මගේ යාලුවො ටිකක් නිසා වල්ඩ් කප් යත්දි නම් බැලුවා.. දැනුත් ඉතින් මැච් බලන්න වෙනවා සමහර වෙලාවට. බලත්දි නම් ආසා හිතෙනවා. ඒත් ටික දවසක් ගියාම පරණ පුරුද්දටම කම්මැලි හිතෙනවා.

    ReplyDelete
  18. දේවා මාත් ඔයා වගේ ක්‍රිකට් පිස්සෙක්.මාත් ඉස්සර ඉස්කෝලේ යනකොට පොකට් රේඩියෝ එකක් අරන් ගියා.මැච් අහන්න.මම හැමදාමත්(දැනට අවුරුදු 3ක විතර ඉදන්)උදේ නැගිටල කොම්පීතරේ ඔන් කරාම යන පලවෙනි සයිට් එක තමා cricinfo කියන්නේ.ඒ ක්‍රිකට් විස්තර බලන්න.

    මාත් සංගට ගොඩාක් කැමතියි.ඒ වගේම මහේල,මාලිංග,මැතිව්ස්,උපුල් තරංග,චන්දිමාල්.දැන් ඉන්න ටීම් එක තමා හොදම ටීම් එක.පොඩි පොඩි අඩු පාඩු තියෙනවා.එත් ඒවා හදා ගන්න පුලුවන්.මම කැමතියි ඊලග අවුරුද්දේ ඉදන් මැතිව්ස් ටීම් එකේ කැප්ටන් වෙනවට.මොකද දිල්ශාන්ට එතකොට එයාගේ ස්ටයිල් එකට යන්න පුලුවන් නිසා.නිකන් හිර වෙලා වෙල්ලම් කරන්නේ නැතුව.එතකොට අපිට 2015 ලෝක කුසලානයට අවුරුදු 3ක පලපුරුද්ද තියෙන කැප්ටන් කෙනෙක් ඉන්නවා.

    ඒ.බී.ඩිවිලියස්,ක්‍රිස් ගේල්,ජැක් කලිස්,මයිකල් බෙවන්,ග්ලේන් මැග්‍රාත්,සහිඩ් අන්වර් තමා මාගේ ලංකාවෙන් බැහැර ආසම ක්‍රිකටස්ලා...

    මේක දිග වැඩි උනාද මන්දා...

    ReplyDelete
  19. දැන් නම් ක්‍රිකට් ගැන උණ අඩුවෙලා දේවා... ටීම් එකේ වැඩ වගේම අපේ පරිපාලනේ වැඩත් බිංදුවට බැහැලා... ඒත ඉතින් ඊයේ වගේ දිනන මැච් වලදී ඇයෙත් අර උණ නගිනවා... මොනවා වුනත් ඩිල්ෂාන් නායකත්වයට සුදුසු නෑ... ඊයේ දැක්කනේ දිලාට කෑගැහුව හැටි... නායකත්වයට සුදුසුම කෙනා මහේල... හරිම කූල්... ඒ වගේම ආචාරශීලියි... සෝබන නෑ.. නිහතමානිම ක්‍රීඩකයෙක්... සංගාත් හොඳ නායකයෙක්... හැබැයි ආක්‍රමණශීලියි...!

    මම ආසම ක්‍රීඩකයා මහේල... කැච් එකක් ගියත් අම්පයර්ගේ ඇඟිල්ල බලන්නැතුව යන එක, හතරක් හයක් ගැහුවත් අනෙක් පැත්තේ ක්‍රීස් එක ක්‍රොස් කරන එක වගේ පොඩි වුනත් වටිනා දේවල් ගොඩක් තියෙන ක්‍රීඩකයෙක්... අනෙක මහේල පුදුම තරම් නියතමානීයි... මැච් එක අස්සේ විකට් එක පස්සේ ඉඳන් කියන ඒවා ඇහෙන කොටම ඒක තේරෙනවා...!!!

    සංගා, මාලි, උපුලා, කුලේ ලංකාවේ ආස අය. පකිස්ථානේ මිස්බා, ඉන්දියාවේ දෝනි හා සචින් වගේ අයටත් කැමතියි...


    ක්‍රිකට් ගැන නම් මෙහෙම කියන්න බෑ මලේ... දැක්කම නොකියත් බෑතියෙන උණට !!! බැන බැන හරි කාලේ කාගෙන තාමත් මැච් බලන්නේ ඒකයි... ජය ලංකා !!!

    ReplyDelete
  20. හ්ම්.. මාත් ක්‍රිකට් පිස්සෙක්. 2012 ටි20 වර්ල්ඩ් කප් 1 එනකම් ඇගිලි ගනිනවා.එකවත් දිනන්න පුළුවන් උනොත්......

    ReplyDelete
  21. ලංකාවේ මිනිස්සු ආසාවෙන් ක්‍රිකට් බලපු කාලයක් තිබුනා. විශේෂයෙන් ලංකා පකිස්තාන් තරඟයක් තියෙන කොට පිටරටක් උනත් කොළඹ පාරවල් පාලු උන කාළයක් තිබ්බා. දන්දෙනියලා, ඩී ඇස් ලා ලංකාවේ ක්‍රිකට නැතිකලා උන් පත් කරපු ළොක්කත් මේකට වග කියන්න ඕන. සනත් හොඳ ක්‍රිකටර් කෙනෙක් නමුත් ජරා මිනිහෙක්. සංගා කියන්නේ මහත්මයෙක්. ඩිල්ෂාන් නායකත්වයට කිසිසේත්ම සුදුසු නෑ. නායකයෙක් කියන්නේ හොඳ කළමණාකරුවෙක් වෙන්නත් ඕන. සංගා ආයෙත් කැප්ටන් කරන්න ඕන නෑ. ක්‍රීඩා කරණ අයගෙන් නියම සුදුස්සා මැතිව්ස්. තිලාන් ප්ලේ කරන්නේ නෑනේ. දිල්හාර පිනට ගහන කෙනෙක්. ටැලන්ට් තියෙන ඒවුන් වතුර අදිනවා. කනෙක්ශන් තියෙන ඒවුන් මැච් ගහනවා. කොහොම හරි ලංකාවේ මිනිස්සුන්ට සතුටු වෙන්න තිබුනු තවත් දෙයක් ගොන් ඇමතිවරුයි, නිළධාරිනුයි, පාළකයොයි එකහු වෙලා නැතිකලා. මුදල් කාබසීනීයා කල එකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන නිෂාන්ත.

    ReplyDelete
  22. ක්‍රිකට් බැලුවේ නැ ලගදි. එත් ටීම් එකට මොනාදො වෙලා. චා වෙලා. අපරාදේ.

    ReplyDelete
  23. ක්‍රිකට් මැච් බලනවට වඩා ක්‍රිකට් සෙල්ලම් කරන්න තියෙනවනම් නියමයි. මම් ගොඩක් ආසයි ක්‍රිකට් ගහන්න. අම්මෝ මාර ගේමල් දීලා කෝම හරි ලංකාව ඊයේ මැච් එක ගහ ගත්තා.

    ReplyDelete
  24. @මධුරංග - සිංහල බ්ලොග් කරුවන්ගෙ මහා ක්‍රිකට් ගැටුම කියල එකක් ඔගනයිස් කරා නම් මොකෝ ?

    ReplyDelete
  25. Dude : ඇත්තටම මම දන්නේත් නැ ඇයි එහෙම උනේ කියලා නම්.. ඒක වෙන රටක ජාතික ක්‍රිඩාව වෙලා අති හින්දා වෙන්න ඇති... ටෙස්ට් නම් බලන්නේ මමත් පොඩ්ඩක් විතර අඩුවෙන්... එකේත් අන්තිම දවස පොඩ්ඩක් විතර හොදයි මම හිතන්නේ..
    එල්ලේ කියන්නෙත් ටිකක් ගුටි කන්න තරහ කාරයෙකුට හොදට නෙලන්න පුලුවන් වගේම සෙල්ලමක් විදිහට කරන්න පුලුවන් හොදම සෙල්ලමක්

    ReplyDelete
  26. නිසුපා : ඕක බලන එකේ අගේ තේරෙයි එහෙම මහත්තයෙක් හම්බ උනොත් එහෙම.. (මැච් පිස්සුවක් හොදටම තියන)

    ReplyDelete
  27. හංසි : ක්‍රිකට් බලනකොට කම්මැලි හිතෙනවා... එහෙම කථාවක් මම ඇහුවමයි හිකිස් ටෙස්ට් මැච් එකක්ද නංගෝ...

    ReplyDelete
  28. පිස්සු පුසා : මම වගේ හිතන ක්‍රිකට් පිස්සුවක් තියන කෙනෙක් ගැන දෑන ගන්න ලැබිමත් සතු‍ටුයි.... ඇත්තටම එහෙම වෙනවානම් ලංකාවේ ක්‍රිකට් වලට හොද කලක් යාවි..

    ReplyDelete
  29. චතුරංග පෙරේරා : අය්යා කියපු මහේලගේ ඔය ගති ගුන ටික නම් හැමදාම මම ගොඩාක් ආස කරන එවා තමයි අය්යේ සචින් උනත් එහෙමයි මම හිතන විදිහට.. මහේල නායකයා වෙන එක හොදයි... ඒත් ඒක මහේලටත් බරක් වගේ දැනුනොත් ඒකේ පාඩුවත් රටටමයි...

    ReplyDelete
  30. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! :
    එහෙම එකක් මේ දෙසම්බර් මාසේ තියෙනවා කියලා වටින් ගොඩින් ආරංචි අවා. මොකද වෙන්නේ කියලා බලමු !!!

    ReplyDelete
  31. KC : කප් එකක් විතරක් නෙමේ මට නම් දිනන එක මැච් එක උනත් හොදටම වටිනවා

    ReplyDelete
  32. මාතලන් : ඇත්තටම මම ඔවා ගැන නම් වැඩිය දන්නේ නැ අය්යේ.. ඒත් ඉතින් මොනවා හරි පාලනයෙත් අවුලක් තියනවා කියලා මටත් දැනිලා තියනවා... සනත් කියන කෙනාගේ හොද ක්‍රිකටර් කියන එකටයි මම කැමති..අනිත් එවා ගැන මට අත්දැකිම් නම් නැ අය්යේ...

    ReplyDelete
  33. පිස්සු පුසා: ඔන්න ඊලග මැච් එක තියනවා සිකුරාදා එක බලන්නවත් සෙට්වෙන්නකෝ...

    ReplyDelete
  34. මධුරංග : ඉතින් ගහමුකෝ අය්යේ මත් බැට් එකක ඇල්ලුවේ නැ කාලෙකින්..

    ReplyDelete
  35. බුවාගේ සිතිවිලි : එහෙම එකක් තියන කථවක් නම් ලවට ඇහිල තිබුනා ඒත් හරියටම දන්නේ නැ... ඔය මධු අය්යාත් කියලා තියෙන්නේ

    ReplyDelete
  36. හැමදේම දේශපාලනීකරනය වෙලා.......ඒවා නැවතුනොත් හැමදෙයක්ම හොඳ වෙයි මම හිතන්නේ ....

    ReplyDelete
  37. ආයි මොනාද ඉතින් සනා තමයි තාමත් ආසම ප්ලේයර්

    ReplyDelete
  38. ඒත් සංඝා තමා නියම නායකයා!
    මම නම් සංඝාගේ නායකත්වයට තමා කැමති..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....