ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

11 November, 2011

රෝද 2කේ ගමන එක්ක හිතට දැනේන ඒවා

මේක හැමදාම මට හිතට දැනෙන දෙයක්.....  හැමෝම දන්නවානේ තාම දේවා ට රෝද 4ක සුව පහසු ගමන් අසිරියක් නම් නැ කියලා... තාම ඉතින් මෙන්න මේ වගේ රෝද 2ක තමා ගමන...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSkMotoNT2kW7gabfNJkZSl9IOQkrlJWBV3yJ2uyk5k20M1Xznfr0qJXM23EDJTeWKS2JPr5RlOaV1aaXl2JudP3c_bvWyvQqfzEMgIjrvGjYFWXWp210-5ddZbbBA9bQFLPo8_T8lfhop/s320/bajaj_platina.jpg


බ්ලොග් ලියන කියවන ගොඩාක් දෙනෙක් නම් ඉතින් දැන් ඔය රෝද 2කේ ගමනට වඩා දියුනුයිනේ තමන්ගේම කියලා එහෙමත් නැත්නම් තමන්ගේ මහත්තයාගේම කියලා.. එහෙමත් නැත්නම් නෝනා ගෙන් දැවද්දට ලැබුනා කියලා (හිකිස් මම නම් ඔය දැවද්ද කියන දේට තදින්ම විරුද්දයි.... කෙල්ල වත් කොල්ලාවත් එහෙම දෙයක් නම් කරන්න ඕනෙම නැ... අවුරුදු ගානක් හදලා වඩලා හැමදාමත් ඕනා කරන දේවල් වලින් පුරවලා හොද කෙල්ලෙක් කොල්ලෙක් ලැබෙනවානම් අයේ මොකටද දැවැදි.. ඒකම මිල කරන්න බැරි දැවැද්දක්නේ...) ඔය කොහොමහරි හම්බ උන ගත්තු රෝද 4කනේ යන්නේ නේද? දේවා ටනම් ඉතින් ඒකට ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා...

ගොඩාක් මම මේ කියන දේ වෙන්නේ නම් ඔය රෝද 4 යනකොට නෙමේ අපි වගේ රෝද 2ක යනකොට තමයි....

හෙල්මට්...

හිතලා බලන්නකෝ මොකටද අපි හෙල්මට් පාවිච්චි කරන්නේ.. සරල ලේසි ඇත්තම පිලිතුර මොකක්ද?? අපි හෙල්මට් දාගෙන ගියේ නැත්නම් අනිවාර්යෙන්ම අපිට අහුවුන තැනකදි පොලොසි මාමලාගෙන් දඩ කන්න වෙනවා... හිතලා බලන්නකෝ අනිවා මේ හරියේ පොලිසි මහත්වරු නැ කියලා අපි දන්නවානම්  අපි ගොඩාක් වෙලාවට යන්නේ හෙල්මට් නැතුව නේද??
ඒත් ඇත්තටම ඒකද වෙන්න ඕනේ.. හෙල්මට් එක තියෙන්නේ අපේ ආරක්ෂාවට.... නිකන් යනකන් ඒක තේරෙන්නේ නැ.. හෙල්මට් එකේ වටිනාකම මම නම් හොදටම දන්නවා එක නොතිබුනා නම් සමහර විට දේවා ගේ අඩවියක් බ්ලොග් අවකාශේ නොලියවෙන්නත් ඉඩ තිබුනා (අනේ එහෙම උනානම් කොච්චර හොදද නේද????) මොකද මට උන ඇක්සිඩන්ට් එකේ හැටියට මම අද හෙල්මට් එක නොතිබුනානම් ජිවතුන් අතරත් නැ.... පොලිසියෙන් බේරෙන්න නෙමේ අනිවා තමන්ගේ ආරක්ෂාවට හෙල්මට් පාවිච්චි කරන්න....
මේවා නම් ගොඩාක් වෙන්නේ නගර බද නෙමේ ඉතින් ගොඩාක්ම නාගරිකත් නොවුන ග්‍රාමියත් නොවුන පරිසර වල තමා ගොඩාක් දකින්න ලැබෙන්නේ...

දුරකතන

මේකත් ඉතින් මොන වාහනයක ගියත් නිතිය රකින අපේ වැරදි වලට දඩුවම් දෙන පොලිස් මාමලා නැත්නම් අනිවා ධාවනය කරන අතරම වෙනවානේ...
හිතනවද එතකොට අවධානයක් තියනවා කියලා වට පිටාව එක්ක.... හැප්පෙන කම් දන්නේ නැ ඉතින්....
ගොඩාක් හෙල්මට් එක අස්සේ දාගෙන කතා කරන එක නිසා තමයි මෙහෙම අවධානය බිදෙන්න්නේ... (එහෙම ගියපු කෙනෙක් තව ටිකෙන් දේවා ව අරිනවා පරලොව.... වාහනේ යනගමන් යන පාරේ නවත්වන්න අවසරත් තියනවානම් ඇමතුමක් ආව වෙලාවට නවත්වලා වාහනය ඇමතුම ගන්න එක හැමෝටම අනතුරක් නොවි සිද්ද වෙන්න හේතු වෙනවානේ....

ගොඩාක් අය හිතන්නේ නම් පාර ඒ අයට ලියලා දිලා කියලා... කොයිතරම් අමරු ලෙඩෙක් උනත් හොස්පිටල් එකකට අරන් යන්න ඉස්සරහින් යන වාහන කියක් එයාලගේ හිතේ හැටියට යන ගමන් ගිහින් ඉවරවෙනකන් බලාගෙන ඉන්න වෙනවද???

සමහර ඔය ලොකු වාහන වල යන අය තමා පොඩි වාහන ගැන හිතන්නේ නැත්තේ...... අපිත් එහෙම ලොකු වාහනයක යනකොට එහෙම වෙයිද????

ප.ලි : දේවාත් රෝද 4කට මාරු වෙන්න හිතාන ඉන්නේ.. ටික දවසක්  නම් යවි.... එතකොට දේවාත් එහෙම වෙයිද???

 නැ නැ එහෙම වෙන්න බෑනේ මම කිරිත් එක්ක සමහන් බොනවානේ

ප.ප.ලි : මගේ ජි ටොක්ස් වලට ලොග් වෙන්න්න බැ පාස් වර්ඩ් වැරදි කියනවා.. ඒත් මගේ පාස් වර්ඩ් එකෙන් මේල් එකට ලොග් වෙන්න පුලුවන් මොකද එහෙම වෙන්නේ හදා ගන්න දන්න කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න

44 comments:

  1. රෝද දෙකේ වාහනේ ගැන මෙහෙම සටහනක් දකින්න ලැබුණ එකත් සතුටක් , මොකද ඕක ඉතින් අපේ ජීවිතේ වගේනේ ...

    ReplyDelete
  2. රෝද දෙක තමයි ඉතින් මගෙත් හොදම මිතුරා..
    ඒක නෙමෙයි අර උඩින් අළුත් කට්ටියගේ බ්ලොග් එකේ නම දාන වැඩේ නම් නියමයි.. ඒක හොද වැඩක් යාළුවා..

    ReplyDelete
  3. රෝද දෙකෙන් අපිත් ගියා.. ඒ උනාට පාර මැද්දේ නෙමෙයි. අයිනේ.. අයින කාගෙන..

    ReplyDelete
  4. ෆොටෝ එකේ හැටියට දෙවා සැහෙන්න කෙට්ටු ඩයල් එකක් , ෆ්ලැටිනාවට එහෙම පොරක් නැග්ගාම හුලගේ යනව වගේ ඇති ...හො හො හො

    ReplyDelete
  5. අඩේ මාත් ඔහොම රෝද හතරක් ගන්න ඕනා. ආසාවක් හිතුනා. ට්‍රයියක් දාලා බලමු.

    අර දෑවැදි කතාවට පොඩි දෙයක් එකතු කලෝත්, ඔය දෑවැදි දෙන්නේ බැරි වෙලාවක වත් තමුන්ගේ මිනිහා කේන්ති ගිය වෙලාවක "තෝ අත වන වනා ආවා මිසක්කා කිසි දෙයක් ගෙනාවේ නෑ !!!" කියලා බැන්නොත් ඒවයින් බේරෙන්න තමා ඔය දෑවැද්ද දෙන්නේ.

    ReplyDelete
  6. ඇත්ත ඔය රොද දෙකේ උන්දැ හින්දා මාත් බෙල්ල නොකැඩි..බෙරිච්ච එකේක්...ඒවයින් කමක් නැ..උඹ රොද හතරට මාරුවෙනවනම්..මටත් සතුටුයි..එතකං...යන තැනක පරිසමින් පලයං.

    ReplyDelete
  7. දේවා, නියම පෝස්ට් එක. ඒ වගෙම හෙල්මට් ගැන කියලා තියෙන කතාවත් සහතික ඇත්ත. මම සීට් බෙල්ට් ගැන ලියලා තියෙනවා පොස්ට් එකක් ඔය වගෙම. Buckle Up Dudes කියලා.

    අනික දෑවැද්ද ගැනත් මම මුලු හදින්ම එකඟයි.
    එතකොට දෙය්යනේ කියලා මට රෝද හතරකුයි දෙකකුයි දෙකම තියෙනවා. නමුත් දන්නවද රෝද දෙකේ යන්න මම හැමදාමත් මාර ආසයි. ඒකෙ තියෙන්නෙ වෙනම ත්‍රිල් එකක්.
    henryblogwalker the Dude

    ReplyDelete
  8. කසාද බැඳපු අලුත අපිට තිබුනෙත් රෝද දෙකක්... ඒකෙන් නොගිය තැනක් නෑ... හැබැයි කවමදාකවත් පොලෝසියෙන් නැවැත්තුවෙත් නෑ, වෙන අනතුරක් උනෙත් නෑ... වෙච්චි අනතුර උනේ රෝද හතරකින් යද්දි.... යාන්තම් පණ බේරුනා...ඒ නිසා රෝද ගාණ වැඩිඋනා කියල වෙනසක් නෑ මල්ලි... හැමතිස්සෙම වාහනය මොක උනත් තමන් පරෙස්සම් උනාම හරි....

    ReplyDelete
  9. මට රෝද හතරක් නෙවේ විසි හතරක් ගන්න පුළුවන් උනත් මම යන්නේ රෝද දෙක උඩම තමා. ඒ ගතිය මොකෙන් වත් ලැබෙන්නේ නැ

    ReplyDelete
  10. අයියට ඉක්මනටම රෝද හතරකට (හොද රෝද හතරකට) යන්න ඉක්මනටම ලැබේවා කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා... ඔය රෝද 2 ගමන් නම් එච්චර හොද නෑ හොදේ.... :)

    ReplyDelete
  11. මහේෂ් : වැඩ රාජකාරි බොහොමයක් අස්සේ මෙහේ ආව එක ගැන ගොඩාක් ස්තුතියි... අය්යා ඔහේ ගමනත් රෝද 2කේමද අය්යේ

    ReplyDelete
  12. දිනේෂ් : තාමත් මගේ... ආහ් ඒවත් ගිහින් බලන්නකෝ.... මම හිතන්නේ ගොඩාක් හොදයි

    ReplyDelete
  13. මාතලන් : ඒ මොකද අය්යේ ඒ.... දැන් නම් ඔන්න 137 ද කොහෙද?

    ReplyDelete
  14. බුවාගේ සිතිවිලි : මම නම් කෙට්‍ටුයි තමා බන් මේ දවස්වල ෆුල් ට්‍රයි එක මහත් වෙන්න

    මදුරංග : අය්යට ගන්න බැරිවෙන්නේ නැ අය්යේ... දැන් නම් එහෙම එකක් ගන්න හිතන එක හොදා තමා...

    රාජ් : අනිවා මොකේ ගියත් පරිස්සම් නොවුනොත් සොරිම තමා... ස්තුතියි යාලු..

    ReplyDelete
  15. ඩුඩේ : යාලු මොකක්ද ඔයගේ බ්ලොග් එක.. හැමතැනකම මම ඔයව දකිනවා

    මියුරු : අම්මේ අක්කේ මට නම් කලෙකට කලින් හොද පාඩමක් ඉගන ගන්න උන ඔය රොද 2ක නිසා.. පරිස්සම ගොඩක් වැදගත් නම් තමා,

    ReplyDelete
  16. මමත් තාම රෝද දෙකෙන් තමා ගමන
    ඒකත් අපේ අයියාගේ රෝද දෙක
    මට කොහෙන්ද ඕවා ගන්න සල්ලි
    හික් හික්
    මම නම් කොහේ ගියත් හෙල්මට් දාගෙන යනවා. යන්නෙත් ස්පීඩ් එක ගානට තියාගෙන.
    මට පේන්න බැරි පාරෙ ඉන්න බල්ලො තමයි, එක පාරක් බල්ලෙක් අඩ තියල සති දෙකක් විතර කොර ගැහුවා
    හික් හික්

    ReplyDelete
  17. මාත් ආසම වාහනේ රෝද දෙකේ වාහනේ තමා..
    අවුලකට තියෙන්නේ ඉතින් වැස්ස දවසට තමා...!!!
    ඒත් මං නං තාම පයින් තමා..හී

    ReplyDelete
  18. අපෝ අපිනම් රෝද 2ක ගෙදර තියල දැන් රෝද 4 න් තමා යන්නේ....ලගදීම රෝද 2ට බහින්න තමා කල්පනාව.....

    ReplyDelete
  19. පොඩි සීන් එකක් නිසා මම රෝද දෙකේ යන එක නැවැත්තුවා..ඒත් එළ ඒකාලේ ට්‍රිප් ගියපුවා..එකපාරක් මතුගම පැලවත්ත නෙළුව හරහා මාතර ගියා සී90 යකින්..එනකොට ආවේ ඇබ්ලිපිටිය පැත්තෙන් ...

    ReplyDelete
  20. මටත් හිතිලා තියෙන්නේ මගේම කියලා රෝද දෙකක් වත් ගන්න. තාම අධ්‍යයන කටයුතු කරන ගමන් නිසා ලොකු ආදායමක් නොලැබුණත් කීය කීය හරි එකතු කර ගත්තනම් රෝද දෙකකට බහින්න තිබුණා.

    ReplyDelete
  21. අපි යන්නෙත් රෝද දෙකෙන් තමා. කොහේ ගියත් යන්නේ ඒකට වැද වැද තමා. නැත්නම් ඉතිං බස් එකක ගාටන්න එපායෑ. හැබැයි මලේ බොට එක දෙයක් අමතක වෙලා. ඔය හෙල්මට් නොදා යන්නේ ඔළුවක් නැති උදවියනේ. යකඩෝ ඔළුවක් නැති කොට කොහේට දාන්නදෑ හෙල්මට්..!!!

    ReplyDelete
  22. ආහ්. අහපු නිසයි කියන්නෙ;
    නත්නම් මම ඇඩ් එකක් දැම්මා වගේ නිසා.
    කියවලා කොමෙන්ට් එක ඩිලීට් කරන්නකො.
    ඉංගිරිස් එක මෙන්න
    http://dude-heydude.blogspot.com/
    සිංහල එක මෙන්න
    http://matahithenahatty.wordpress.com/

    තව එකක් බීල ගියොත් තනි රෝදෙත් (වීල් බැරෝ එකත්) භයානකයි!!
    henryblogwalker the Dude

    ReplyDelete
  23. රෝද හතරක් ගන්න වත්කම නැහැ,රෝද දෙක ගැන විශ්වාසයක් නැහැ ඒනිසා ගිය සතියේ රෝද තුනක් ගත්තා

    ReplyDelete
  24. උබට ඕක හරි තියෙනවා මට පුටාර් එකක් විතරයි නේ තියෙන්නේ...

    ජය...

    ReplyDelete
  25. රෝද 2 වාහනේට මමත් බොහොම මනාපයි!

    ReplyDelete
  26. රෝද දෙක තමයි මගෙත් ජීවිතේ.

    ReplyDelete
  27. අයිටි නිශාන්ත : රෝද 24 වාහනේ මොකක්ද අය්යා.... ඇත්ත රෝද 2 ගමනත් ගොඩාක් හිතට දැනේනවා තමයි නේද??

    ReplyDelete
  28. සුපර් මාරියෝ : අනිවා මල්ලියෝ.... කොහොමහරි ඒකට ට්‍රයි කරන්න ඕනා ඉතින්..

    ReplyDelete
  29. අංසක උදාර : ඉක්මනට ගන්න ලැබෙන්න කියලා පතනවා.. බල්ලෝ එලවන එක තමා මටත් තියන ප්‍රශ්නේ....

    ReplyDelete
  30. චතු : වැස්ස දාට ඉතින් කොහෙහරි නොතෙමන තැනකට වෙලා පායන කන් ඉන්න වෙනවා.. ගමුකෝ ඉක්මනටම

    ReplyDelete
  31. රතු මුහුද : ඒ මොකද බන් ඒ...... 4න් 8අකට යනවා මිසක් 2කට බහින්නේ ඇයි..

    ReplyDelete
  32. ඔබ නොදු‍ටු ලොවක් : මොකක්ද බන් ඒ පොඩි සින් එක

    ReplyDelete
  33. ජනරග විහදු : ඇත්ත තමා දාමුද පොඩි ලෝන් පාරක්වත්...

    ReplyDelete
  34. මල්මි : යා... අක්කට හිතුන දේ මට හිතුනේ නැ නොවැ.. මම මේල් එකක් දැම්මා හම්බ උනේ නැතුවා....ද??

    ReplyDelete
  35. ඩුඩේ : ඔන්න බ්ලොග් එකේම ලිවා මන්

    ReplyDelete
  36. ඇනෝ : ඒකත් හොදා පවුලේ වාහනේනේ....

    ReplyDelete
  37. ගයාන් රුපසිංහ : ඔන්න බොරු කියනවා.. රෝද 4ක්ම තියගෙන

    ReplyDelete
  38. විසිතුරු :මොකක්ද ඉතින් මොඩ්ල් එක

    ReplyDelete
  39. @itnishantha
    අන්න එල කොල්ලෙක්
    මමත් ඔහොමම තමා බයික් එකේතියන අතල් එක වෙන මොහොකවත් නැ බං

    ReplyDelete
  40. @itnishantha
    අන්න එල කොල්ලෙක්
    මමත් ඔහොමම තමා බයික් එකේතියන අතල් එක වෙන මොහොකවත් නැ බං

    ReplyDelete
  41. මහිම මදුරංග & itnishantha : බයික් එකේ ආතල් එක දනිමි මම දවස් ගනන් ඇදක උන්නේමි ඔය බයික් එකේම ගිහින්.. ඒත් ඇත්තටම මම බයික් එකට ගොඩාක් ආදරෙයි ගොඩක් වැඩ මට වෙලාවටම කරගන්න උදව් කරන නිසාම

    ReplyDelete
  42. අපි නම් යන්නේ රෝද හයක....
    බස් එකේ...
    අපේම ඒවා නම් අපිට තව නෑ..පස්සේ බලමු!

    ReplyDelete
  43. ඔන්න අපි OK,

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....